Posted by : Tharuka Gunaratne Friday, April 26, 2013




හරියටම සතියකින් කතාව දාන්න බැරි උනා. ඒක ගැන ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. අපිටත් ඉතින් ජීවිතයක් තියෙනවනේ. ඒක හන්ද කතාව වෙනුවෙන්ම නැහෙන්නත් බෑ. ඒත් ඉතින් ලැබෙන ප්‍රතිචාර එක්ක නොලියත් බෑ. මම යන යන තැන හැමෝම අහන්නෙ මීලග කොටස දාන්නෙ කවද්ද කියල. ඔන්න එහෙනම් කියවන්නකෝ. මේකයි ඊලගට සිද්ද උනේ....

---------------------------------------------------------------------------------------------------------------

මාලිකා එක්ක නාලකත් නැන්දගෙ කෑගැහිල්ල ඇහිල හිනා උනත් අන්තිමේ දෙන්නගෙම හිතට පොඩි දුකක් දැනුනා. මාලිකාට වැඩියෙන් නාලකට එහෙම හිතුන හන්දමද කොහෙද නාලක ටිකක් හයියෙන් නැන්දට එයා මෙතන ඉන්න බව කිව්ව. එහෙම කියල එයා කම්මැලියෙක් වගේ එහාට මෙහාට ඔලුව හොලව හොලව උන්න මාලිකා දිහා බැලුව.

"යමු"නාලක කිව්වෙ කාමරේ දොර වහන ත දික් කරන ගමන්. "පව්... නැන්ද ඔය තරම් බය වෙලා ඉන්නව මම කවදාවත් දැකල නෑ."

"එහෙමද?" මාලිකා ඇහුවෙ එයා උඩ තට්ටුවට එද්දි අරන් ආපු එකම දේ උන කොස්ස ආයෙත් අතට අරන්. "මට ගොඩක් දේවල් මෙහෙ ඉගෙනගන්න තියෙනව වගේ. අපේ ගෙදර නම් අම්ම කවදාවත් මම කොහෙද කියල හොයන්නෙ නෑ"

එයා එහෙම කිව්වෙ හිනා වෙවී උනත් මගේ උපන් හපන්කමටම ද කොහෙදෝ එයාගෙ ඇස් වල තිබුන පරාජිත බැල්ම මට දැකගන්න පුලුවන් උනා. නාලකට නම් ඒකෙ ඒ හැටි අමුත්තක් පෙනිල නෑ වගේ.

"ඒ මොකෝ?" නාලක නෙවෙයි එහෙම ඇහුවෙ. එයාගෙ හිත. ඒ ප්‍රශ්නෙ නාලකගෙ කටින් නම් පිට උනේ නෑ. ඒ මාලිකා ඊට කලින් ආයෙත් පරන පුරුදු විකාර හිනාව දාල මලක් පිපෙනව වාගෙ මුන හදාගත්ත හන්ද.

"යමු යමු" මාලිකා ඉස්සර උනා. හෙමින් අඩි තිය තියා එයා පඩිපෙල බහින්න හදනකොටත් නාලක දොර වහන්න දගලමිනුයි ඉදියේ. පඩිපෙල ලගට ගිය මාලිකා නාලක එනකම් අත්වැටට හේත්තු වෙලා එයාගෙ ලොකු ඇස් දෙක පහල තට්ටුව දිහා යොමු කරන් බලන් උන්නා.

"අනේ අනේ" නැන්ද කිව්වෙ ටිකක් විතර හිනාවෙලා උනාට තවමත් එයාගේ ඇස්වල බියමුසු ගතිය රැදිල තිබුන. "මම මෙහෙ ගිනි පත්ටු වෙලා දු ව හොයනව. කියන්න තිබුනනෙ"

"මම වෙන කොහේ කියල යන්නද නැන්දෙ?" මාලිකා ඇහුව. "මම ඉදියෙ උඩහ තට්ටුවෙ."

"මම බය උන තරමක්" නැන්ද මාලිකා දිහා බැලුවෙ රවල නෙවෙයි ඔරවල. ඒත් ඒ මුනෙන් වැඩි තරහක් පෙනුනෙ නම් නෑ. "මෙහෙ ඇවිත් කෑම කන්න දෙන්නම."

නාලක මේසෙට වාඩි උනා. කවදත් වාගෙ බෙදාගත්තු ඔක්කොම ඉවර කරල එයා නැගිට්ටෙ නැන්ද දිහාවෙත් මාලිකා දිහාවෙත් යන්තමට බලාගෙන.

"නිදිමතයි" නාලක කිව්වෙ නැන්දට. "මම යනව නිදාගන්න"

"අනේ කොල්ලො" නැන්දා අවවාද කරන කටහඩක් මවාගෙන කිව්ව. "මම හැමදාම කියනවනෙ කාපු ගමන් නිදාගන්න යන්න එපා කියල. එතකොට වැඩිපුර මහත් වෙනව."

මාලිකාට ටිකක් හයියෙන් හිනා ගියා. ඒ පාර නැන්ද එයා දිහාවෙත් පොඩි බැල්මක් දැම්මා. "කෙල්ලො ඔහොම හිනාවෙන්න හොද නෑ දුවේ"

"ඒ මොකෝ නැන්දෙ?" මාලිකා නෙවෙයි ඇහුවෙ නාලක. කට කොණකට හිනාවක් එහෙමත් දාගෙන.

" කෙල්ලො සෙල්ලක්කාර වෙන්න හොද නෑ හයියෙන් හිනාවෙන්න, දුවන්න. ඔය වාගෙ දේවක් කෙල්ලන්ට ගැලපෙන් නෑ"

"අපෝ නැන්දෙ ඕන තරම් කෙල්ලො ඕව කරනවනෙ." මාලිකා කිව්වෙ නිකටට අත තියන් නැන්ද දිහාවෙ බලන් ඉන්න ගමන්. "ස්පෝට් මීට් එකෙ එහෙම ගෑනු ළමයි ඕනෙ තරම් දුවන්නෙ."

"එහෙම නෙවෙයි දුවේ. ක්‍රීඩාව එකක් හැදියාව තව එකක්." නැන්ද කීවෙ ටීචර් කෙනෙක් වාගෙ. "කෙල්ලොත් කොල්ලො වගේ උනාම කෙල්ලන්ය කියන්නෙ කාටද?"

ඒ කතාවට නම් නාලක්ටත් පොඩි හිනාවක් ආව. ඒත් එයා නම් මේ දේවල් ගැන වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ.

මාලිකා නම් නැන්දගෙන මේ දේවල් අහන් ඉදියෙ ආසාවෙන් බව නාලකට පෙනුන. ඒ හන්දමද කොහෙදෝ නාලකගෙ නිදිමත් තවත් වැඩි උනා.

"නැන්දෙ මම යනව පොඩ්ඩක් පාඩම් කරන්න" නාලක එහෙම කිව්වෙ නිදාගන්න යනව කිව්වොත් එයාට එතනින් යන්න වෙන්නෙ නැති හන්ද.

"හොදයි පුතේ බුදුසරණයි" කියපු නැන්ද මාලිකා එක්ක ආයෙත් කතාවට වැටුන.

{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -