Posted by : Chamika Ravinda Friday, April 12, 2013



මේක ලියනවද නොලියන්වද කියල හිතලා අන්තිමට ලියන්න හිතුවා.බොරු කියන්න ඕනි නෑ නේ.මේක මම ඉස්සෙල්ලම දැක්කේ මුණු පොතේ මේක පිස්සු ලෝකයක් page එක හරහා.මේ ලිපිය මම ලියනේ මගේ බ්ලොග් එක හරහාත් ඒ වැඩේට පොඩි උදවුවක් කරන්න.
 දැන් ඉතින් කස්ටියම කියවගන්න සිද්දිය.(අහගන්න බෑනේ නේද ).මේ මාලි කියනේ ඇතින්නක්.එයා ඉන්නේ පිලිපීනේ එයාට හැරෙනවත් ඉඩ මදි කුඩුවක.එයා මේ පහුගිය අවුරුදු 35 ම ඉදලා තියෙනේ මේ කුඩුවේ තමා.විශේෂ සිද්දිය කියනේ මේ ඇතින්න ඉතා කුඩා කළෙම අපේ ලංකාවෙන් පිලිපීනෙට දීලා තියනවා.ඒ 1977 දී .එදා ඉදලා මේ ඇතින්න ඉන්නේ මේ කුඩුවේ.එයාව නිදහස් කරගන්න හදනේ PETA කියලා සංවිධානයක්.එයාලා මේ සතා නිදහස් කරගන්න සියලු මුදල් දෙන්න එකග වුනත් මේ රටේ (පිලිපීනේ) බලධාරීන් කියන අය එකට අකුල් හෙළනවා.එක නිසා මේ සංවිධානේ අය එකට සයිබරේ හරහා පෙත්සමක් අත්සන් කරනවා.ඔයාලටත් හිතෙනවනම් මේ සතා පවු කියලා මේ ලින්කුව කොටලා ගිහින් අත්සන් කරන.
https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant#introඔන්න මම නම් අත්සන් කරා මොකෝ අතින් සල්ලි යනවද නෑනේ. 

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -