Posted by : Pabasara Mahindapala Wednesday, April 24, 2013



        මේ බ්ලොග් එකේ පෝස්ට් උස්සල කියල ලගදි දවසක ලොකු කතාවක් ගියානෙ. ඒක දැකල තමා මට මේක ලියන්න හිතුනේ. 

        කව්රු හරි තමන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට බුද්ධිමය දේපලක් කියල කියනවා. එහෙම බැලුවහම බ්ලොග් පෝස්ට් එකක් කියන්නෙත් බුද්ධිමය දේපලක්. කාගෙ හරි බුද්ධිය හොරකම් කරන එකෙන් වලක්වන්න නීති ලංකාවෙ තියෙනවා. බුද්ධිමය දේපල ආරක්ෂා කරන්නෙ Copyright law එකෙන්. ඒකෙන් කර්තෘගෙ ආර්ථික හා සදාචාරාත්මක අයිතීන් ආරක්ෂා කරනවා. හැබැයි ඒ අනුව ආරක්ෂා කරන්න පුළුවන් ලියල තියෙන විදිහ ( Format එක ) විතරයි. ඒ නිර්මාණයේ යටින් තියෙන අදහස නෙවෙයි.

        ශ්‍රී ලංකා නීතියට අනුව කර්තෘගේ අයිතීන් උල්ලංගනය වන පරිදි Computer software එකක් අයිති කරගැනීම හා ඒ මගින් ආර්ථික වාසි ලබාගැනීම වරදක්. ඒකට දඩුවම විදිහට මහේස්ත්‍රාත් කෙනෙකුට පුළුවන්  රු. 500 000 කට අඩු දඩයක් හෝ මාස 6 ක සිර දඩුවමක් හෝ ඒ දෙකටම යටත් කරන්න. හැබැයි මේක කරන්නෙ ඒ මගින් ආර්ථික වාසි ලබගන්නවනම් පමනයි. 

        මම මේ කිව්වෙ නීතියේ තියෙන දේ. මගේ අදහසක් නෙවෙයි. පහල තියෙන්නෙ මට හිතෙන විදිහ.

        බ්ලොග් පෝස්ට් copy කිරීම හරි කියල හිතන අය කියන කතාවක් තමා "ලියන එක කාටත් කරන්න පුළුවන්" කියන එක. ඕනි එකෙක්ට පුළුවන් මොනා හරි දෙයක් ලියන්න. ඒ වුනාට කියවන්න වටින දෙයක් ලියන්න හැමෝටම බෑ.

        පොඩ්ඩක් හිතන්න මේක කියවන ඔබ මොකක් හරි නිර්මාණයක් කරල බ්ලොග් එකකට දානව කියල. ඒ බ්ලොග් පෝස්ට් එක කව්රු හරි copy කරල එයාගෙ බ්ලොග් එකේ දාගත්ත කියල හිතන්න. ඊටපස්සෙ ඒ බ්ලොග් එක කියවපු කෙනෙක් ඔයාගෙ නිර්මාණය දැකල හොදයි කියල හිතල ඒ බ්ලොග් එකේ comment එකක් දාල ගියොත් මොකක්ද ඒ නිර්මාණයේ තියෙන වටිනාකම? අන්න ඒක තමා මම දකින විදිහට බ්ලොග් පෝස්ට් copy කිරීමේ තියෙන ලොකුම වැරද්ද.

        මම කියන්නේ නෑ මම ලියන ඒව quality කියල. ඒක අන්ත චාටර් වෙන්න පුළුවන්. ඒ වුනාට මම ලියපු එකකට බැනල හරි comment එකක් දානවනම් ඒක ලිව්වෙ කව්ද කියල දැනගෙන ඒක ලියපු කෙනාගෙ නමට යටින් comment කරන්න ඕනි. අන්න එහෙම comment දාන එක තමා ලියන කෙනාගෙ සතුට. බැනල දාපු comment එකක් වුනත් ඒක ලියපු කෙනාට සතුටක්.

        බ්ලොග් පෝස්ට් copy කරන අය කියන තවත් කතාවක් තියෙයි. ඒ අය කියනවා බ්ලොග් ලිවීමේ පරමාර්ථය දැනුම බෙදාගැනීම, ඒ හින්ද copy කලාට කමක් නෑ  කියල. ඒක ඇත්ත කියල මාත් පිලිගන්නවා. ඒ වුනාට තව කෙනෙක්ගෙන් නොදුන් දෙයක් ගැනීම හොරකමක්. 

        මම බෞද්ධ හින්ද බෞද්ධ දර්ශනයට අනුව කියන්නම්. බෞද්ධ දර්ශනයට අනුව පහත කරුනු 5 ම සම්පූර්ණ වුනොත් අදත්තාදාන කර්මය, නැත්තම් හොරකම වෙනව.
  1. අන්සතු වස්තුවක් වීම
  2. අන්සතු වස්තුවක් බව දැනගැනීම
  3. පැහැරගනු කැමති සිත
  4. පැහැරගැනීමට උපක්‍රම කිරීම
  5. වස්තුව ගැනීම
        ඒ අනුව බලපුවහම බ්ලොග් පෝස්ට් හොරකම් කරන බෞද්ධයාගෙ පන්සිල් බිදිල. ඒත් ඉතින් අද රටේ පන්සිල් බිදින හැටියට අනුව මේක එච්චර දෙයක් නෙවෙයි.

        මෙන්න මේකත් දැනගන්න. මම මේක ලිව්වෙ කාටවත් එරෙහිව නෙවෙයි. මේක ලිව්වෙ මගේ හිතට ආපු අදහසක් අනුව. කොහොමත් ඉතින් බ්ලොග් ලිවීමේ අරමුණ අදහස් හුවමාරු කරගැනීමනෙ. මේක කියෙව්වහම හිතෙන දේ පහලින් comment කරල යන්න. 

        අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙන්න මේක තමා.


                by Pabasara Mahindapala @ 11wada.blogspot.com



ඔබේ comment මගේ සතුටයි. comment box එක පහල තියෙයි.


{ 6 comments... read them below or Comment }

  1. උබ ලියපු එලම පොස්ට් එක මේක තමා පබසර.සුපිරි.සිරා කතාව

    ReplyDelete
  2. මට නම් මගේ පොස්ට් උස්සල තියෙඅන්ව අනන්තවත් දැකලත් තියෙඅන්ව , මම මොකුත් කියන්න යන්නෙත් නැහැ , මොකද කාට හරි දවසක වැදගත් වේවිනෙ හැම තැනම තිබ්බොත් , මොකද අපි ලියන්නේ සමාජයට දෙයක් දෙන්න මිසය යමක් ආපිට බලාපොරොත්තුවෙන් නෙමෙයිනේ

    ReplyDelete
    Replies
    1. ඔව් මචං උඹ කියන එකෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. ඒ වුනාට මම ලිව්වෙ මට ආපු අදහසයි මම හොයාගත්ත පොඩි පොඩි කරුණු ටිකකුයි. මට ඕනි වුනේ "බ්ලොග් පෝස්ට් හොරකම වැරදි නෑ" කියන එක වැරදි කියල පෙන්වන්න.
      anyway thanks 4 commenting! :-)

      Delete
  3. අපි තාම මේකට අලුත්. අනික උඹ වගේ වටිනා දෙයක් ලියන්න පුළුවන් වෙලත් නෑ. ඒත් උඹ කියන දේ ඇත්තම තමා. ඒ වේදනව අත් විදලා නැතත් හිතාගන්න පුළුවන් බං

    ReplyDelete
  4. එක හරි මචෝ අපි අලුත් තමා එත් අපි උත්සාහ කලොත් අනුන්ගේ ඒවා හොරා ගන්නේ නැතිව අපිට හොද දෙයක් කරන්න පුළුවන් දැන් බලපන් අපේ ලංකාවේ හොද පැරණි නළුවෝ නැද්ද ජීවන් කුමාර තුංග සනත් ගුණතිලක ඇයි බං ජක්ෂන් ඇන්තනි කොච්චර හොද නළුවෝද එත් මෑතක ආපු ජගත් චමිල ආසියාවේ හොදම නළුවා උනේ ඒ වගේ අපිත් සුත්සාහා කරමු.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -