Posted by : Nipuna Madhushan Tuesday, April 16, 2013



අපට Hard Disk එක Partition කිරීමට බොහොමයක් හේතු ඇත. ඒවා කිහිපයක් පිලිබඳ අප මෙම ලිපියෙන් විස්තර කරන්නෙමු.




1.දත්ත නැතිවීම හෝ නැති කිරීම අවම කිරීම.

අප Windows අලුතින් දැමීමේදී Hard Disk එක Format කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් Hard Disk එක Partition නොකර තනි කොටසක් ලෙස තිබුණහොත් Format කිරීමේදී සියලුම දත්ත මැකී යයි. නමුත් ඔබ Partition කර නොතිබුනේ නම් ඒවාට ඔබගේ දත්ත යොදා තබා ගත හැක. එම නිසා Windows යොදන Partition එක පමණක් Format කිරීම මගින් අනිත් දත්තයන්ට කිසිදු හානියක් සිදු නොවේ. එහිදී Partition Format වීමද වේගවත් වේ.

2.ආරක්ෂාව වැඩි වීම.

පෙර සඳහන් කළ පරිදි දත්ත ආරක්ෂා වීමට අමතරව හොඳින් දත්ත ආරක්ෂා කිරීම සඳහා Encrypt කරණු ලබයි. නමුත් තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී මෙම ක්‍රියාවේදී පරිගණකය මන්දගාමී වේ. මෙම ගැටලුව නිරාකරනයටද Partition තිබීම ඉතා වැදගත්ය.

3.පරිගණකය වේගවත් වීමට.

පරිගණකය සැමවිටම දත්ත සමග වැඩ කරයි. එහිදී තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී දත්ත සෙවීම හා දත්ත ලිවිම සඳහා ඉඩ සෙවීමටද විශාල කාලයක් ගතවේ. නමුත් Partition තිබීම නිසා දත්ත සෙවීම හා දත්ත ලිවිම සඳහා එම කොටසෙන් පමණක් ඉඩ සෙවීම නිසා ගතවන කාලය බොහෝ ලෙස අඩුවේ. එනම් වේගය වැඩිවේ.

අප Partition කොපමණ තම ගත යුතුද?

සාමාන්‍යයෙන් අප අවම වශයෙන් 2ක් වත් තබාගත යුතුය. එක Partition එකක් Windows හා ස්ථාපනය කරන මෘදුකාංග සඳහා ද  අනෙක ඔබගේ දත්ත සඳහා ද යොදාගත හැක.

සටහන - නිපුන මධුෂාන්(FB)

{ 3 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -