Posted by : Tharuka Gunaratne Wednesday, April 10, 2013

පහුගිය කොටසින් උන දේවල් ගැන කාටත් මතක ඇතිනේ. ඒක නිසා ආයෙත් පසු පිරික්සුමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. පහුගිය කොටස් බලන්න මෙතනින් යන්න පුලුවන්.

--------------------------------------------------------------------------------------------------------------


මාලිකා ටිකක් විතර බය වෙලා නැන්දා දිහාවෙ බලන් ඉදපු විදියට මට නම් හිතුනෙ මොකක් හරි වැදගත් දෙයක් වේවිය කියල. ඒත් එහෙම උනේ නෑ.
"එන්න දුවේ කෑම කන්න"

නැන්දා කිව්වෙ මේසෙ සුදානම් කරන අතරෙ.

"ඔයාට බඩගිනිත් ඇතිනෙ. ගොඩක් දුර ගෙවාගෙනනෙ ආවෙ."

"අනේ මට බඩගිනි නෑ නැන්දේ"

මලිකා කිව්වෙ පහල තට්ටුවෙ එයාගෙය කියල නැන්දා පෙන්නපු කාමරේට යන්න හැරිලයි.

"මම පස්සෙ කන්නම්, ඔයාල කන වෙලාවටම. තාම හත පහුවුනෙත් නෑ නෙ"

"දුවගෙ කැමැත්තක්" කිව්ව නැන්දා ආයෙත් තමන්ගෙ කුස්සියෙ වැඩ වලට හැරුනා.

මාලිකා, නාලක අමතක වෙලා ගිය පොතත් තුරුලු කරන් එයාගෙ කාමරේට ගියා. හෙමීට අගුල ඇරපු මාලිකා තමන්ගෙ පරණ පාසලේ පොත් ටික ගොඩගහල තිබුන පොත් මේසෙ දිහා බැලුවා. හැමතැනම දාල තිබුන එයාගෙ පොත් පත් එකින් එක අරන් මේසෙ ලස්සනට හැදුව එයාට අන්තිමට ටිකක් විතර මහන්සි දැනුනා. නාලකගෙ පොතත් අරන් පුටුවෙ වාඩි උනේ ඒක කියවන්න හිතන් වෙන්න ඇති. පහුවෙනිදා සෙනසුරාදාවක් වෙච්ච නිසා ඒගැන අවදානය යොමු කලාට පාඩුවක් නැතිය කියල මාලිකාට හිතෙන්න ඇති.

මාලිකා බලාපොරොත්තු උනේ පොඩි විවේකයක් උනාට පොත දිහා බලපු ගමන් එයාගෙ මුනෙ අමුතු හිනාවක් ඇදිල ගියා. පොතේ පිටු කීපයක් පෙරලපු මාලිකාට ඒකෙ තිබුන කිසිම දෙයක් තේරුනේ නෑ. තමන්ටම හිනාවෙන්න එයාගෙ ලස්සන හිනාවෙන් ටිකක් නාස්ති කරපු මාලිකා, අන්තිමට පොතේ නම දිහා බැලුවා. ඒක ඔයාලට කියන එක නම් මම හිතන්නෙ හොද නෑ. නලක ගැන වැරදියට හිතාවි. මාලිකා උනත් කලේ ඒ ටිකමනේ.

කොහොම උනත් මාලිකාගෙ හිතේ නාලක ගැන පුංචි දුකක් ඇති උනා. ඒ මොකද කියන්න නම් බෑ. මාත් ඒක දන්නෙ නෑ. මාලිකා පොත වහල එයාගෙ පොත් රාක්කෙන් තිබ්බ. එළියට ගිහින් නැන්දා එපා කියද්දි කොස්සක් හොයන් ගේ අතුගාන්න පටන් ගත්තා.. වෙන මොනා කරන්නද?


මේ හැම දේම සිද්ද වෙන අතරෙ නාලක නම් පාඩුවේ එයාගෙ ගණන් සර් දුන්න ගෙදර වැඩ ටිකක් කරමිනුඉ හිටියේ. අනිත් අයත් එක්ක කොයි තරම් විනෝදෙට බර උනත් නාලක කවදාවත් ඉස්කෝලෙ වැඩ අතපසු කලේ නෑ. ඒත් නාලකට අද නම් හිත එකග කරන් වැඩක් කරන්න බැරි උනා. අනේ මන්දා අර කෙල්ල දැකපු වෙලාවෙ ඉදලා තමන්ට කවදාවත් දැනිල නැති අමුතු ගතියක් එයාට දැනෙන්න පටන් අරන්.

තමන්ගෙ ඇදේ දිගා වෙච්ච නාලක මේ ගැන ගොඩාක් කල්පනා කලා. අනේ මන්දා මේ වාගෙ දෙයක්?

"හිත කැලේ යනව"

අන්තිමට නාලකට වැඩේ තේරුනා.

"මට පිස්සු හැදිලා....."

එයා තමන්ටම කියා ගත්තා. කියා ගත්තා කිව්වොත් වැරදී. හෙමීට මුමුණා ගත්තා.

"හිත කැලේ යන්න හේතුව මොකක්ද?"

ඒ පාර නම් නාලක එයාටම කියාගත්තා.

"කාගෙන් කියල අහන්නද?"

ඇත්තටම මේ දේවල් නොදන්නා කෙනෙකුට නම් හිතෙන්නේ නලක්ගේ සිහිය විකල් වෙලා කියලයි. ඒත් නාලක ගැන එහෙම හිතන් උන්න කෙනෙක් මේ ගෙදරම ඉන්න බව නාලක දැනගෙන ඉදියෙ නෑ. ඔව් ඔව් ඔයා හිතන එක හරි.... නාලක කියවපු පොත දැක්ක මාලිකා. නේ තරුණ කාලෙ බණ පොත් කියවන්නෙ එක්කො පිස්සෙක් නැත්නම් සසර කළකිරුන එකෙක්. මාලිකා නම් හිතුවෙ එහෙමයි.

නාලක විකාරෙන් වගේ කියපු දේවල් මාලිකාට යාන්තමට වගේ ඇහුනා. පහල තට්ටුව අතුගාල ඉවර වෙච්ච නිසා එයා උඩට ආවෙ උඩ තට්ටුවත් අතුගාල ඉවර කරන්න. ඒත් තමන්ට ආපු හිනාව නවත්තගන්න නාලිකාට බැරි උනා. ටිකක් විතර සද්දෙට එයා හිනා උනේ ඒක නිසයි.

නාලකට ආයෙත් සිහිය ආවා. දොර පැත්තේන් ආපු විකාර හිනාව අහාමත් එයා අදුරන්නේ නෑ. ඒක නිසා නාලක ඉක්මනට එතෙන්ට ගිහින් දොර අගුල පැන්නුව. ඊට පස්සෙ හෙමීට දොරෙන් එළියට මුන දැම්ම.

{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -