Posted by : Tharuka Gunaratne Wednesday, April 17, 2013


මාලිකා ඉන්නව දැක්ක හන්දම එයා ආයෙත් දොර වහ ගත්ත. අනේ මන්ද? මාලික එයාගෙ උරිස්ස නටවල අනිත් පැත්ත හැරුන.ආව වැඩේ කරන්න ඕන හන්ද උඩ තට්ටුවේ කොනක ඉදන් හෙමීට අතුගාන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි නම් උඩ තට්ටුවේ කාමර දෙකක් අතුගාල ඉවර කරපු මාලිකා ඉතුරු වෙලා තියෙන කාමරේ දොරට තට්ටු කලා. නාලකගෙ කාමරෙ බව හිතාගන්න පුලුවන්නේ.


"කව්ද?" පොඩි ගොතේකුත් තියෙන කටහඩක් බයෙන් වගේ ඇහුව.

"මේ පිස්සෝ දොර අරිනවා" මාලිකා කිව්වේ හෙමීට. නැන්දට එහෙම ඇහ්නොත් කියල වෙන්න ඇති. "ඔය කාමරේ අතුගාන්න ඕන"

"වෙනදට නැන්දනෙ අතුගාන්නෙ" නාලකගෙ කටහඩ. "අද මොකද වෙන කෙනෙක්?"


"පිස්සු නැතුව දොර අරිනවකො" මාලිකා ආයෙත් දොරට තට්ටු කලා.

"හෝව් හෝව්. ඉන්නවා ඉන්නවා දොර කඩන් නැතුව"

නාලක අන්තිමට දොර ඇරියා. කොස්සත් අතේ තියන් දුවිලි වලින් නෑවිලා ඉන්න මාලිකා දැකපු එයාට පුංච් ඉහිනාවකුත් ආවා. ඒත් මොකද මන්ද මාලිකාට නම් සතුටු නෑ වගේ. ඒත් කාමරේ ඇතුලට ආපු මාලිකාගෙ මුන පුදුමෙන් මහත් උනා. එයාකෙ විකාර පෙනුමක් තියෙන ලොකු ඇස් දෙක හැමතැනම ගියේ හොල්මනක් දැකල වාගෙ. පුදුමයි! මාලිකාට හිතුනා. එයාගෙ අයියගෙ කාමරේ එහෙම අස් පස් කරල් ඉවරයක් නැති නිසාම හැම කොල්ල ගැනම මාලිකා හිතුවෙ එහෙමයි. ඒත් නාලකගෙ කමරේ නම් අස් කරන්න් දෙයක් නෑ වගේ. පොත් රාක්කෙ ගාවින් පටන් ගත්තු මාලිකා කාමරේ අතුගාන්න පටන් ගත්ත.


නාලක මාලිකා අතුගාන දිහාවෙ බලන් හිටියා. මොනා හිතුනද කියල නම් මාත් දන්නෙ නෑ. ලස්සන කෙල්ලෙක් දැක්කම ඕන කෙනෙක් ගොලු වෙනවනේ.

"ඔයාලග ගම කොහෙද?" නාලක ඇහුව.

"මම .....| " මාලිකා කිව්වෙ අතුගෑම නවත්තල. "ඔයා?"

නාලක එයාගෙ ගමේ නම් කිව්ව. "ඇයි මෙහෙට ආවෙ, ඉස්කෝලෙ යන්න ?"

"අනේ මන් දන්නෙ නෑ" මාලිකාගෙ ලස්සන ඇස් දෙක බිම බලාගත්ත බව නාලක් දැක්ක.

"අපේ අම්මට මාව යවන්න ඕන උනේ අපේ අයියට යන්න බෑ කියපු හන්දම නෙවෙයි. එයාට මම කලින් ගිය ඉස්කෝලෙ එච්චර ඇල්ලුවෙ නෑ" මාලිකා ආයෙත් අතුගාන්න පටන් ගත්ත.


"ඒ මොකද?" නාලක් ඇහුව නෙවේ, කියවුනා.

"මම ඒ ඉස්කෝලෙ හිටියොත් ඉගෙන ගන්න එකක් නෑ කියලයි එයා හිතුවෙ." මාලිකා කිව්වෙ ඇස් රතු කරගෙන. "බාලිකා පාසලක් උනාට ඒකෙ හිටියෙ කෙල්ලො සෙල්ලක්කාරයි කියලයි අම්ම නම් කිව්වෙ."

නාලකට කියපු කිසි දෙයක් තේරුනේ නෑ වගේ. ඒක හන්දම එයා මාලිකාගෙ හිත සැනසෙන්නත් එක්ක මෙහෙම කිව්වා.

"ඒ ගැන දුක් වෙන්න එපා. ඔයා යන්න ඉන්නෙ ප්‍රස්න මුකුත් නැති හොද ඉස්කෝලෙකට."

මාලිකාගෙ මුනෙ මෝඩ හිනාවක් ඇදුනා.

"ඇත්තද?: මාව අදුන්නල දෙන්න ඕන ඔය හොදේ"

"අපෝ සුලු දෙයක් නේ" නාලක් කිව්වා.

"නාලක පුතා, නාලක පුතා" කව් දෝ කෑ ගහනව් ඇහුනා. "මාලිකා නෑ නේ. අනේ පුතේ පොඩ්ඩක් බලමුද?"

ඒ නැන්දා බව නාලකටත් මාලිකාටත් තේරුනා. දෙන්නටම ටිකක් හිනා ගියා.

සතුට පිරුන මොහොතක් දැනට තිබුනට ඉස්සරහදී මොනා වේවිද කියල මාත් බලන් ඉන්නව.






------------------------------------------------------------------------------------------------------------
නවකතාව ගැන ගොඩාක් ප්‍රතිචාර ලැබුනා. මාව පුද්ගලිකව දන්න ගොඩාක් අය කෝල් කරල අගය කලා. ඉදිරියටත් මම කතාව ලියනවා. නවත්තන්නෙ නෑ. හැමෝටම ජයවේවා. ඒ වාගෙම ඔයාලගෙ ප්‍රතිචාර වලට බෝම ස්තුතියි

එක එක වැඩ බ්ලොග් අඩවිය වෙනුවෙන් - Tharuka http://www.creatorwebs.tk
------------------------------------------------------------------------------------------------------------





{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -