Archive for May 2013

ගව ඝාතන වගේම අනිත් ඝාතන ගැනත් හිතමු


පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තියාගෙන අපවත් වුණාට පස්සෙ මෙච්චර කල් ගව
ඝාතනය ගැන කතා නොකරපු හුගක් අය ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. මුළු රටේම මේ ගැන
උනන්දුවක් ඇති වුණා කිව්වොත් හරි. ඒ වුණත් මේ රටේ සිද්ද වෙන්නෙ ගව ඝාතන විතරමද? අන්න ඒ ගැනත් අපි කතා කරන්න ඕනි.

අපේ ඇගේ වහල ලේ බොන මදුරුවෙක්ව දැක්කත් අපි මොකද කරන්නෙ. සමහරු උන්ව තලල දාන්නෙ
මේත් මං වගේම සත්වයෙක් නේද කියල පොඩ්ඩක්වත් දැනීමක් නැතිව. ඒ සතා මීට කලින් ආත්ම සිය
දහස් ගාණක අපේ අම්ම තාත්ත වෙලා ඉදල ඇති කියල අපිට මොහොතකටවත් හිතෙනවද?
දවසකට ලංකාවෙ ගවයන් 5000ක් ඝාතනය කරනව. ඒත් දවසකට ලංකාවෙ ධීවරයො මාළු කීයක්
අල්ලනව කියලද හිතන්නෙ. මිලියන ගාණකටත් වැඩියි. ධීවර කර්මාන්තය නගා සිටුවීම කියල මේවට තව
තව ආධාරත් ලැබෙනව. ගවයෙක් මරන්නෙ බෙල්ල කපල. ඒ වුනාට මාළුවෙක් මැරෙන්නෙ හුස්ම ගන්න
බැරුව හුගක් වෙලා වේදනා විදල. මාළු අල්ලන අය ඒක කරන්නෙ රස්සාවක් විදිහට බව ඇත්ත. ඒ වුණාට
ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නොකල යුතු වෙලදාම් පහෙන් එකක්. ඒ වගේ දෙයක් කරල
කවදාවත් දියුණුවක් ලබන්න බෑ.

ගවයෙක් මැරීමේ පවයි මාළුවෙක් මැරීමේ පවයි අතර  වෙනසක් තියෙනවා. ඒ වුණාට අපි කූඹියෙක්
මැරුවත් ඒක අයත් වෙන්නෙ ප්‍රාණගාත අකුසල කර්මයටමයි. අකාලයේ මැරෙන හැම සතෙක්ම
මැරෙන්නෙ තමන් කරපු මොකක් හරි අකුසල කර්මයක් නිසා බව ඇත්ත. අපි කවුරුත් කොයි
මොහොතක හරි මැරෙන්න ඕනි. එහෙම වුණා කියල අපිට අයිතියක් තියෙනවද සත්තු මරන්න. මත්ස්‍ය ඝාතන, මදුරු ඝාතන, කුකුල් ඝාතන ගැනත් අපි හිතන්න ඕනි නේද?

හරක් මරන කෙනෙක්, ධීවරයෙක්, කුකුලන් මරන කෙනෙක් බොහෝ දුරට ඊළග ආත්මයෙ උපදින්නෙ
හරකෙක්, මාළුවෙක් හෝ බ්‍රොයිලර් කුකුලෙක් වෙලා. එහෙමයි ප්‍රාණගාත අකුසලය විපාක දෙන්නෙ.
කුකුල්ලු මරන කෙනෙක් දවසකට කුකුල්ලු 500ක් මරනව කියල හිතන්න. එයා මුළු ජීවිත කාලෙටම
කුකුල්ලු කීයක් මරනව ඇතිද? ඒ අකුසලයට හරියන්න එයාට සිද්ද වෙනව කුකුලෙක් වෙලා තවත් ආත්ම
ගානක වෙන අයගෙ අතින් මැරුම් කන්න.

දැන් දැන් තාක්ෂණ දියුනුවත් එක්ක බ්‍රොයිලර් කුකුලෙක් මරන්න කලින් ජීවත් වෙන කාලය ටික ටික අඩු
වෙනව. ඒ කියන්නෙ වැඩි වාර ගණනක් ඌට මැරෙන්න වෙනව සහ වැඩි වාර ගණනක් මිනිස්සු
ප්‍රාණගාත අකුසලය සිද්ද කරගන්නව කියන එක. ඒ අතින් බලපුවහම ඒක දියුණුවක් නෙවෙයි පිරිහීමක්.
මේකෙන් වෙන්නෙ කර්ම විපාක දීමේ වේගය වැඩි වෙන එක.

මේ ලෝකෙ කවදාවත් අදට වඩා හෙට හොද වෙන්නෙ නෑ. ලෝකය දිගින් දිගටම යන්නෙ පිරිහීමට.
ඉතින් ඔබත් යන්නෙ පිරිහීම පැත්තටද? මේ වෙසක් සමයේ අන්න ඒ ගැනත් හිතන්න.

Friday, May 31, 2013
Posted by Pabasara Mahindapala

අලුතෙන්ම release වුණු Fast and the Furious 6



මැයි 24 වෙසක් පෝය දවසෙ release වුණු Fast and The furious 6 කලින් ෆිල්ම් පහටම වඩා වෙනස් එකක් කියල කියන්න පුළුවන්. Justin Lin අධ්‍යක්ෂණය කරපු මේකෙ තිර රචනය Chris Morganගෙ. Vin Diesel, Michelle Rodriguez, Paul Walker වගේ පරණ නළුවන්ට අමතරව අලුතෙන් එකතු වුණු නළුවෙක් තමා wrestling ක්‍රීඩක Dwayne Johnson ( The Rock ). කලින් ෆිල්ම් පහේම තේමාව වුණේ නීතියට එරෙහිව යමින් මහ පාරෙ කාර් රේස් පදින පාතාල කල්ලියක්. ඒ වුණාට මේ ෆිල්ම් එකේ තේමාව වෙන්නෙ ආරක්ෂක අංශයන්ට උදව් කරමින් අපරාධකරුවන් අල්ලන කණ්ඩායමක් ගැන.
ඩොමිනික්ගේ කල්ලිය මේ වන විට ඇමරිකාවෙන් පිට ලෝකය වටේම විසිරිලයි ඉන්නෙ. ඔවුන් කරපු අපරාධ නිසා ඇමරිකාවට එන්න බැරි තත්වයක් තියෙද්දි තමා ආරක්ෂක සේවා නියෝජිත ලුක් හොබ්ස් (Dwayne Johnson) ඩොමිනික්ට හම්බවෙන්නෙ. ඔවෙන් ශෝ කියන පාතාල සංවිධාන නායකයාව අල්ලන්න තමන්ට උදව් කලොත් ඩොමිනික්ගෙ කල්ලියේ සියලු දෙනාගේම අපරාධ වලට සමාව දෙන බව ඔහු කියනව. එතනදි තමා ඩොමිනික් දැනගන්නෙ මෙච්චර කල් මැරිල කියල හිතන් හිටපු ඔහුගෙ girlfriend Letty තාම ජීවත් වෙන බව. Letty දැන් වැඩකරන්නෙ ඔවෙන් ශෝගෙ පාතාල සංවිධානයෙ. ඇය amnesia, ඒ කියන්නෙ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙලෙනවාලු.
මේකෙ trailer වීඩියෝ එක හා මේක ගැන TV එකේ ගිය වැඩසටහන බැලුවහම නම් හිතෙනව කලින් ෆිල්ම් ටිකට වඩා වෙනස් හා හොද ෆිල්ම් එකක් කියල. ඒක ඉතින් බලලම තමා තීරණය කරන්න ඕනි. මේකෙ original DVD එක නම් තාම ඇවිල්ල නැතුව ඇති. Hall Copy නම් හොයාගන්න පුළුවන් වෙයි. මීළග Fast and the furious ෆිල්ම් එක මේ වසරේ අගෝස්තු වල සිට හදන්න පටන් ගන්නවලු.

11wada.blogspot වෙනුවෙන් Pabasara Mahindapala
Saturday, May 25, 2013
Posted by Pabasara Mahindapala
Tag :

ඔබත් බෞද්ධාගමිකයෙක්ද? එහෙනම් මේකත් කියවන්න




වෙසක් කියන්නේ මොකක්ද? ගොඩක් අය ඒක හරියට දන්නෙ නෑ. සමහරු හිතන් ඉන්නව ඒක ගැන තමන් දන්නව කියල ඒත් ඒ කවෘත් කොටින්ම කීවොත් ලියන මම පවා ඒකෙ හරි අරුත වටහාගෙන නෑ කියලයි මම නම් හිතන්නෙ.

යාලුවනේ මම මේ කියන දේ ඔයාල කියවන්න බුදු දහම අදහන, අගය කරන් කෙනෙක්නම් විතරක්. වෙසක් කියන්නෙ අපි කාට කාටත් නිවාඩුවක්. අලුත් අවුරුද්දෙ ආතල් ගත්තෙ නැති අය තැන් තැන් වල සෙට් වෙලා ආතල් ගන්නව. ඒකද යාලුවනේ වෙසක් කියන්නෙ. නෑ. කවදාවත් නෑ. බුදු හාමුදුරුවො, අපේ ශාස්තෘන් වහන්සේ සත්ය හොයන් රාජ සම්පත් අතහැරියෙ මොකටද, ඒ මුලු ලෝකෙම යහපත් තැනකට ගේන උතුම් බලාපොරොත්තුව ඇතිව. උන්වහන්සෙගෙ ජයග්‍රහනයට, කැපවීමට පිටිපස්සෙ ඉදන් එතුමව ඉස්සරහට යැව්වෙ අන්න ඒ උතුම් බලපොරොත්තුව හන්ද එතුමා වටේ එකතු උන විශ්ව ශක්තිය. මම විශ්වාස කරන්නෙ එහෙමයි.

අද කාලෙ ගොඩාක් අය වෙසක් සමරන්නෙ අලුත් විදියකට. සමහරුන්ට ඒක නිවාඩු දවසක් විතරයි. සමහරු අරක්කු කාලක් අරන්, දුමක් කාරිය ඇදල අප්ඩි ත්‍රිල් එකක් ගන්නව. සමහරු මහා ලොකුවට බෝඩ් එල්ලන් මහ පාරෙ අපේ උතුම් බොදු සංකේත වන වන දන්සැල් දෙනව. තවත් අය තොරන්, වෙසක් කූඩු හදල අපි තමයි ලොකුම එක හැදුවෙ කියල සතුටු වෙනව. හොදම කූඩුව, තොරණ තෝරන්න තරඟ පවා තියෙනව........

වෙසක් කියන්නෙ මේකද? නෑ නේද? වෙසක් කියන්නෙ දවසක් විතරයි. ඒත් අනිත් දවස් වලට වඩා ගොඩාක් වෙනස් පින්බර දවසක්. අපේ බුදු හාමුදුරුවො මේ ලෝකෙට බිහි වෙලා, උතුම් සම්මා සම්බුද්දත්වයට පත් වෙලා, ජීවිතේ අවසන අනිත්ය බව පෙන්නල පිරිණිවන් පෑවෙත් මේ වෙසක් දවසෙ. ඒ කියන්නෙ එතුමාට කරන ඉහළම උපහාරය වෙසක් දවසෙ කරන්න ඕන කියන එක නෙවේ. අපි හැමදාම පුද පූජා කලත් එතුමා කරපු සේවයට සමාන කරන්න බෑ. වෙසක් සමරන්න ඕන ප්‍රතිපත්තියෙන්. ඒ කියන්නෙ පන්සිල්, අට සිල් සමාදන් වෙලා ජීවිතේ යහමගට ගැනීමෙන්. බුදුරජුන්ට කරන්න පුලුවන් ඉහළම පූජාව අන්න ඒකයි.

මම කියපු දේවල් වලට සමහරු මට බණීවි. මොකද මමත් වෙසක් කූඩුවක් හදල, දන්සැලක් එහෙම වදින්න නොයන කෙනෙක් නෙවේ. යාලුවනේ මම සර්ව සම්පූර්ණ නෑ. මම ත් ඔයාල වගේම තමා. සිනහවට, ජොලියට මාත් කැමතී. ඒත් මම කියන්නෙ එක දවසක්වත් පන්සිල් සුරකින්න අපිට පුලුවන්නම්. එක දවසක් හරි සුරාමේරෙන් වළකින්න පුලුවන්නම්. ඒවට ඇබ්බැහි උන කෙනෙක් මුදවන්න පුලුවන් නම් අන්න ඒකයි අපි මුළු කෝකෙම කරගන්න ඉහළම පින.


එහෙනම් හැමෝටම පින්බර වෙසක් දවසක් වේවා. ඔය හැම දෙනාම සසර අවසන උතුම් නිවන් සැප ලබා ගන්න වාසනාවන්තයෝ වේවා
Friday, May 24, 2013
Posted by Tharuka Gunaratne

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව ( දහ වැනි කොටස )




මාලිකා වැඩි සද්දයක් නැතිව තමන් ගැන විස්තරයක් කියල සර් දිහා බැලුව. අසංක සර් පොඩ්ඩක් විතර හිනා වෙලා මෙහෙම කිව්ව

"දැන් ඉතින් ඔය ළමය අන්න අතනින ගිහින් වාඩි වෙන්න. හොදින් පන්තියෙ වැඩ කරන් යන්න ඕන"

මාලිකා සර් පෙන්නපු හිස් ඩෙස් එක ගාවට ගියා. දෙවැනි පේලියෙ මෙහා කොනේම වාඩි උනා. එයාට එහා පැත්තෙ හිටියෙ ශානිකා. නාලක ආඅයෙත් මලිත් එක්ක පොත දිහා බලන් වැඩ පටන් ගත්තා.


අසංක සර්ගෙ පීරියඩ් එක ඉවර උනාම තිබුනෙ ඉන්ග්‍රීසි පීරියඩ් එක. ඉන්ග්‍රීසි ඉගැන්නුවෙ ටිකක් මැදි වයසෙ, චුට්ටක් තරහ යන ප්‍රදීපා මිස්. පන්තියෙ කවුරු කවුරුත් කෑ ගගහ ඉන්න වෙලාවෙ හදිස්සියෙම කඩා වැදුන මිස් දිගට හරහට බැනගෙන ගියා.......

" චතුරන්ග තමුසෙගෙ කට වැඩී යනව පන්තියෙ ඉස්සරහට..... ඔතනට නෙවේයි බෝඩ් එකෙන් එහාට."

චතුරන්ග මොකක්දෝ කියන්න කට ඇරියා. ඒත් මිස්ට ඒක ඇහුනෙ නෑ. මිස් ඊලගට බැලුවෙ නාලක දිහා.

"තමුන් මෙතැන එන්නෙ කතා කර කර ඉන්නද? යනව ඉස්සරහට"

නාලක දිහා බලල මිස් ගෙරෙව්වා. නාලක නැගිටල ඉස්සරහට ගියා. ඒත් එක්කම සාරංග දිහා බලපු මිස්

"තමුසෙ යනව එළියට" කියල අනිත් අයට පන්තියෙ වැඩ පටන් ගත්ත.


 නාලකට නම් මේක ඒ හැටි අමුත්තක් නෙවේ, වෙනදටත් මේ වගේ දේවල් වෙනව. තමන් වැරැද්දක් නොකලත් සමහර වෙලාවට දඩුවම් විදින්න වෙනව. නාලක නම් ඕව එච්චර ගණන් ගත්තෙ නෑ. ඒත් මාලික දිහා බැලුවම නම් එයාගෙ මූනෙ තිව්න බය නාලකට හොදට පෙණුනා. එයා එහා පැත්තෙ ඉදපු ශානිකා එක්ක නම් යාලු වෙලා වගේ. ලගදිම පන්තියට මුල් අල්ලලා යයි, නාලක එහෙම හිතුවා.

ප්‍රදීප මිස් ඊලගට කලේ පන්තියෙ ඉස්සරහට ගත්තු එවුන්ව ආපහු හිටපු තැන් වලටම යවපු එක. ඊට පස්සෙ ගෑනු ලමයින්ගෙ පේළි වල මුල ඉදන් ඊයෙ දුන්න ගෙදර වැඩ කරලද කියල බලන්න පටන් ගත්ත. හැමෝම වගේ ඒක කරල තිබුනත් මාලිකා ළග නැවතිච්ච මිස් එක පාරටම කෑ ගැහුව.

"අනිත් හැමෝම කරල තියෙද්දිත් ඔය ළමයට ගෙදර වැඩ කරන් එන්න බැරි මොකද?"

"එයා අදනෙ මිස් ආවෙ" මාලිකා ලග ඉදපු ශානිකා මිස්ට කියල යන්තම් මාලිකාව බේර ගත්තා.


ඉන්ටවල් එක ආවම තමා මාලිකා එක්ක කතා කරන්නවත් නාලකට වෙලාවක් ආවෙ. අද රිලීෆ් පීරියඩ් වත් නොතිබුන හන්ද නිවාඩුවක් තිබුනෙම නෑ.

"කොහොමද දවස? "

නාලක ඇහුව. මාලිකා නෙවේ උත්තර දුන්නෙ. එයාගෙ අලුත් යාලුවන්ගෙන් කෙනෙක්, ශානිකා.

"එයාව අදුරන්නෙ කෝමද නාලක?"

මාලිකා ශානිකා දිහාට හැරිල විස්තරේ කීව. ඊට පස්සෙ නාලක දිහා බලල

"නරකම නෑ, හපෝ මම ඉදපු ඉස්කෝලෙ මීට වඩා ගොඩක් හොදයිනෙ" කියල කිව්ව.

නාලක වගේම ශානිකත් සමච්චලේට වගේ හිනා උනා.

"ඇයි?"

"මෙයා තාම අපේ ඉස්කෝලෙ ගැන දන්නෙ නෑ, ළගදිම තේරුම් ගනීවි" නාලක කිව්වෙ ශානිකා දිහාවෙත් බලල. ඒත් එක්කම එතැනට ආපු සාරංග නාලකවත් ඇදන් ගියේ "වරෙන් කැන්ටිමට යන්න" කියාගෙන.


ඊට පස්සෙ තිව්න පීරියඩ් නම් තුනක්ම රිලීෆ්, සිද්යාව උගන්නන මිස් ඇවිත් ඉදියෙ නෑ. ඒක හන්ද අසංක සර් පීරියඩ් තුනම ළමයි ලව්ව ගණන් හැද්දෙව්වා. කෝම හරි ඉස්කෝලෙත් ඉවර උනා කියමුකෝ.

නාලක ගේට්ටුවෙන් එළියට යනකොටම වගේ දැක්ක මාලිකත් ටිකක් ඈතින් ඇවිදන් යනව. නාලකගෙ යාලුවන්ගෙන් තමන්ගෙ ගෙවල් පැත්තට වෙන්න කවුරුත් ඉදියෙ නෑ. එයාල හැමෝම වගේ එක එක පැතිවල අය. ඉතින් නාලක ටිකක් හයියෙන් ඇවිදන් ගිහින් මාලිකා ළගටම ආව


"මොකෝ තනියම යන්නෙ?" නාලක ඇහුවෙ නෝන්ඩියට වගේ. ඒත් මාලිකාට නම් එහෙම දෙයක් තේරුන් නෑ. එයා ටිකක් හිනා වෙලා බිම බලා ගත්ත.

"ඔයාලගෙ ගුරුවරු හරි සැරයිනෙ නාලක"

"කව්ද සැර?" නාලක ඇහුව.

"අර ඉන්ග්‍රීසි උගන්නන එක්කෙනා....."

නාලක හිනා උනා.

"එයා සැර නෑ හලෝ, ඔය චුට්ටක් බය කරගන්න කරන වැඩ. අනිත් වෙලාවට එයාත් නරක නෑ"

"එහෙමද?" මාලිකා ඇහුවෙ ඇස් දෙක ලොකු කරල. "අද ඔයාව ඉස්සරහටත් ගත්තෙ?"

"ශ්....... ශ්..... අනේ මේ ඕව නැන්දට එහෙම කියනව නෙවෙයි" නාලක කලබල උන බව මාලිකාට පෙණුන.

"ඒ මොකෝ?" මාලිකා ඇහුවෙ ඔලුව නාලක දිහාට යන්තමින් හරවල පොඩ්ඩක් හිනා වෙන ගමන්.

------------------------------------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........



Thursday, May 23, 2013
Posted by Tharuka Gunaratne

අතිශයින්ම metro screen වලට අකමැති අයටයි.



ඔන්න අද මේ කම්මැලි දවසේ (වහින හින්දා හොදේ.)සිතුනි දෙන්නට යමක් ,කාටද අතිශයින්ම metro screen වලට අකමැති අයට.එක නිසා ඔයත් ජනෙල් 8 මෙට්‍රෝ ස්ක්‍රීන් එකට අකමැති නම් විතරක් මෙතනින් එහාට කියවන්න.
    සමහරු ඉන්නවනේ මේ මෙට්‍රෝ එකට අකමැති ඔන්න ඉතින් එයාලට තමා මේක.මේක පොඩි සොෆ්ට් එකක්.එකෙන් තියනවා ඕනි විදිහට සෙටින්ග් එක වෙනස් කරලා හදාගන්න.ලේසි වැඩක්.කාටත් පුළුවන්
එහෙනම් මෙතනින් බාගන්න.

Download

දැන් අවුලක් ඇතිනේ program හොයා ගන්නේ කොහොමද කියලා.
එකට ඉතින් ජනෙල් 7 start menu එක දාගන්න.එක දාගන්න හැටි මෙතනින්.http://11wada.blogspot.com/2013/02/windows-8-start-menu.html

ප.ලි
මේ පොඩි video ටිකක් හම්බ උනා බල බල ඉන්න එකයි පොඩ්ඩක් ලියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් ඕනි ටික තියනවනේ.අවුලක් අවොත් comment එකක් දාන්නන.
ඔන්න ඔයාලටත් ඕනි නම් video ටික බල්ලන්න මෙතනින්.අනාගත ලෝකය ගැන තමයි මේ vidoe වල තියෙන්නේ.එහෙනම් අපි කැපුනා.
Monday, May 20, 2013
Posted by Chamika Ravinda

ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.)



ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස්  දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ.
මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ඒවා එච්චර සාර්ථක ක්‍රම නෙවයි.මේ දැන් මම කියලා දෙන්න හදන්නේ කෙල්ලිම්ම android දාන හැටි.ඒ කියන්නේ නිකම් xp,7,දානවා වගේ.
එතකොට තියන os එකට වෙන්නේ මොකද ඔයි.?
හරි ඉතින් ඉන්නවකෝ කියනකම්.තියන os එක බේරාගෙන තමා අපි මේ android දැම්මිල්ල කරන්නේ.(එහෙනම් කමක් නෑ නේ.:D)ඒ කට අපි කරන්නේ අපි ගාව තියන pen එකට android දාන එක.එක බොහොම සාර්ථක ක්‍රමයක්.
දැන් තියන ගැටලුව තමා මේක දාලා ඇති වැඩක් තියනවද?.ඔවු තියනවා

දැන් අපි මෙහෙම හිතමු ඔයාලාටක් ගාලා නුමු පොතට රිංගලා එන්න computer එක on කරනවා.ඔයාගේ එක අලුතෙන් ගෙනාපු හොද pc එකක් නම් කමක් නෑ.ටක් ගාලා on වෙනවා.ටක් ගාලා වැඩේ කරගත්ත ගියා.ඒ උනාට ඔයාගේ pc එකට ටිකක් පරණ පොඩ්ඩක් slow එකක් නම් මොකෝ වෙන්නේ ඔයාගේ වැඩේ කරගන්න ගොඩක් වෙලා යනවා.virus එකක් ඇවිත් තියනවා කියලා හිතමු ඔයා on කරන වෙලේ එක අයින් කරන්න තව වෙලා යනවා.තව ජර මර ගොඩයි.පැරණ pc එක පාවිච්චි කරන සමහර අයට නම් මේ අත්දැකීම් ඇති නේ.මම අමුතුවෙන් කියන්න ඕනි නෑ කියලා හිතනවා.
ඒ වගේ  වෙලාවට හරි පහසුයි මේ පෙන් එක ගැහුවා.android වලින් on කරා. ටක් ගාලා වැඩේ කරගත්ත.pc එක off  කරා.මාරු නේ.
තව වාසි තියනවා ටැබ්. වල දුවන ඕනි android app එකක් මේ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
තව දෙයක් තමයි මේ android os එක ඔයාලට දන්නා යන්නේ විනාඩි 10 වගේ කාලයක්.

දැන් ඉතින් දිග විස්තරයක අවසානය.ඒ කියන්නේ අපි වැඩේ කරන හැටි බලමු.

ඉස්සෙලම කොහේ හරි දාලා තියන පෙන් එක ගේ පෙරලලා හොයාගන්න නැත්තම් අල්ලපු ගෙදර එකාට දීලා නම් ඉල්ලගෙන එන්න :D

දැන් ඔයාලගේ අතේ තියනවා පෙන් එක.දැන් එකට android දාන්න ඕනි.කෝ දැන් android පෙන් එකට දාන්න.(ඉතින් දීපන් )එහෙම කිවුවට කොහෙද ඒක මාගාව නෑ.මෙන්න මේ site එකෙන් කැමති android
version එක බාගන්න ටක් ගාලා.හරි දැන් ඔයාලා ගාව android version එකත් තියනවා.ඇද යට තිබිලා හොයාගත්ත පෙන් එකත් තියනවා.
දැන් තියන android version එක පෙන් එකට දාන්න ඕනි.කොහොමද එක කරන්නේ.එක තමා ඊලග ප්‍රශ්නේ.
එක කරන්නේ මෙහෙමයි.
සොරි වෙන්න ඕනි කියන්න අමතක උනා එක කරන්න මේ සොෆ්ට් එක බාගන්න ඕනි.එක මෙතනින් බාගන්න.
දැන් ඕක run කරහම එනවා window එක මේ වගේ.

එකේ නිල් පාටින් රවුම් කරලා තියන තැනට ඔයාලගේ android file එක බාපු තැන දෙන්න.
රතු පාටින් රවුම් කරලා තියන තැනට පෙන් එක තෝරලා දෙන්න.
දැන් ok කරහම පෙන් එකට android වැටෙනවා.දැන් කරන්න තියෙන්නේ.පෙන් එකෙන් machine එක බූට් කරන්න.එතකොට එන option වලින් තෝරන්න boot from live cd කියන එක.කවුරුහරි කැමැති නම් හාර්ඩ් එකට android දාන්න install කියන එක තෝරන්න.install කරන්න කලින් කෝකටත් පෙන් එකෙන් බූට් කරලා බලන්න හොදද කියලා.
දැන් ඉතින් ඔයාලා android ටැබ් එකක අයිති කාරයෝ වගේ.කරලා බලලා කොහොමද කියලා comment එකක් හෙම දාලා යන්න.එතකොට අනික් අයත් බය නැතුව දාගන්නවා.එහෙනම් අපි කැපුනා.මතක ඇතුව අපේ මුණු පොතේ පිටුවටත් like එකක් දාලා යන්න.හොදේ

පසුව ලියමි.

මේ වැඩේ හරියටමඕනි නම් ඉතින් install කරන එක තමා හොද මොකද නැත්තම් ඔයාලා install කරන app හෙම දෙවැනි පාර on කරද්දී නෑ.එක නිසා පුළුවන් නම් යාළුවගේ පෙන් එකක් හරි ඉල්ලගෙන එක පෙන් එකකට කලින් කිවුව විදිහට iso image එක දාලා අනික් පෙන් එකට බූට් කරන තනිදී install කියන එකෙන් insatall කරන්න පෙන් එකට.එතකොට වැඩේ හරි.ලොකු හාර්ඩ් එකක් තියනවනම් අලුත් කොටසක් හදාගෙන 16gb විතර එකට දාන්න.
Friday, May 17, 2013
Posted by Chamika Ravinda

Adobe-UNICEF ච්ත්‍රපට උළලේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පලවන ශ්‍රී ලාංකීය චිත්‍රපටයට ඔබේ සහය ලබා දෙන්න.


බ්ලොග් එකට

ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕනි මේ තමා බ්ලොග් එකේ දාන්න 100 පොස්ට් එක.මෙච්චර කාලයක් අපිත් එක්ක රැදිලා හිටය ඔයාලාට ගොඩක් ස්තුති.අපි හිතනවා ඔයාලා දිගටම අපිත් එක්ක ඉදී කියලා.
හරි එහෙනම් අද වෙනස් දෙයක් තමා කතා කරන්න ලැහැස්ති වෙන්නේ.සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්නවත් ඇති.කොහොම නමුත් සම්පුර්ණ විස්තර දන්නා අය ගොඩක් අඩු ඇති.හරි එහෙනම් මේකයි සිද්දිය.
පලවෙනි පාරට අපේ ලංකාවේ කොල්ලෝ හදපු කෙටි චිත්‍රපටියක් වන Child Soldiers චිත්‍රපටය Adobe-UNICEF ච්ත්‍රපට උළලේ අවසන් වටයට  සුදුසුකම් ලබලා.(මාරයි නේ.:D).අවසන් වටේ තියෙන්නේ මේ චිත්‍රපටිය විතරක් නෙවයි නේ.තව කිහිපයක්ම තියනවා.ඔය චිත්‍රපට අතරින් හොදම එක තෝරන්නේ ඒ චිත්‍රපටිය ලබාගන්න facebook like,shares.වගේ දේවල් වලින්.තව මේ චිත්‍රපටිය නරබන ප්‍රරමානයත් ගණන් ගන්නවා.එතකොට ඔය තියන ඔක්කොම like,shares,tweets එකතු කරහම වැඩිම ගණනක් තියන චිත්‍රපටේ තමා හොදම එක විදිහට සම්මාන ලබන්නේ.
දැන් ඉතින් කියන එක තේරෙනවා ඇති කියලා හිතනවා.ඒ කියන්නේ එක like එකක් එක tweet එකක් එක share එකක් එක චන්දයක් විදිහට තමා සැලකෙන්නේ.එක නිසා ඔයාලත් මෙන්න මේ බ්ලොග් එකට ගිහින් ඔය film එක බලලා.මුණු පොතේ share පාරක් හෙම දාලා මේක හදපු සෙට් එකට උදවුවක් කරලා එන්න.ඔයාලා filme එක බැලුවොත් අනිවා like කරනවා කියන එක නම් සුවර්.නැද්ද එහෙනම් අපි කැපුන.

අනිවා කරන්න ඈ.අමතක කරන්න එපා.
Thursday, May 16, 2013
Posted by Chamika Ravinda

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [නව වැනි කොටස]





කස්ටියම වල්පල් කතා කර කර ඉන්න ගමන් බෙල් එකත් ගැහුව කියමුකෝ. ඒක හන්ද තවත් වැඩි වෙලාවක් එතන ඉන්න වෙන් නැත් බව නාලකට තේරුනා.

" හප්පා ගාතා කියන්න බෑ බං" සාරංග කිව්වෙ කැන්ටිමේ බිත්තියට හේත්තු වෙන ගමන්. "අද කොහේ හරි පන්තියකටවත් රින්ග ගමු"

"ඕන එකක්" මලිත් කිව්ව. "නාලක මොකෝ කියන්නෙ?"

වෙනදා නම් නාලකත් බෑ කියන්නෙ නෑ. ඒත් අද නම් නාලකගෙ මූනෙ අමුත්තක් තිව්න.

"අද නම් බෑ මචන්. මම නැවතිලා ඉන්න ගෙදර නැන්ද අද ඉස්කෝලෙ එනව." නාලක කිව්ව.

"ඒ මොකෝ?" සාරංග ආයෙ ඇහුව "මොකවත් සීන් එකක් ගිහින්ද?"

"නෑ බන්" නාලක උත්තර බැන්ද. "අපේ ගෙදෙට්ට ආව තව ලමයෙක් නවතින්න, එයාව ඉස්කෝලෙට බාරදෙන්න එනව"

"අම්මට උඩු, කව්ද බන් ඒ" මලිත් ඇහුව. "අපේ සෙට් එකෙට තවත් එකෙක් වගේ"

"නෑ නෑ බන්" පැහැදිලි කිරීම නාලකගෙ. "කෙල්ලෙක්"

"කෙල්ලෙක්?"

සාරංග වගේම මලිතුත් හිනා උනා. උන් දෙන්නග මූනු වලින් නම් මොකක් වත් තේරුනේ නැති බවකුයි පෙණුනේ. හිතුව වගේම සාරංග මෙහෙම ඇහුව.

"මට නම් තේරුනේ නෑ බන්?"

නාලක සියලුම විස්තරේ උන් දෙන්නට කිව්ව.

ඒත් නාලක බලාපොරොත්තු වෙච්ච පුදුමය නම් උන්ගෙ මූනු වල තිබුනෙ නෑ.

"අද ඒකි එනවද අපේ ඉස්කෝලෙටෙ?" මලිත් ඇහුව. "අපේ පන්තියටම ඒවිද?"

ඒක නම් මාත් දැනන් ඉදියෙ නෑ. ඒත් නාලක දුන්නෙ මෙහෙම උත්තරයක්.

"ඒක නම් සුවර් නෑ බන්, අපේ පන්තියෙ ළමයි අඩු උනාට අලුතෙන් එන අයව මේකට දාන්නෙ නෑ."

"ඒ මොකෝබන්?" ඒ සාරංගගෙ කට හඩ.

"ඇයි යකෝ ඔය මිස්ල, සර්ල හැම වෙලාවෙම කියන්නෙ එයාල වසර ** ගුරු ජීවිතේ දැකපු නරකම පන්තිය අපේ එක කියල."

(ඒ කතාවට නම් මටත් අතීතෙ මතක් උනා.) ඒ එක්කම පන්ති බාර අසංක සර් කැන්ටිමෙන් එළියට ආව.

"ආ මේ ලමයි මොකෝ මෙතැන?" එයා ඇහුවෙ අතේ තිබුන පොත් ටික හරිගස්සන ගමන්. "යනවලා ගාත කියන තැනට"

"හරි හරි සර් මේ යනව" සාරංග එහෙම කියල නාලකවයි, මලිත්වයි ඇදගෙන එතැනින් මාරු උනා

------------------------------------------------------------------------------------------------------------


පළවෙනි පීරියඩ් එක නම් තිබ්බෙ ඉතිහාසෙ. මොකද පන්ති බාර අසංක සර් ඉගැන්නුවෙ ඉතිහාසෙ හන්ද.

කවදාවත් පාඩම කරන්න තියෙන කාලෙ තත්පරයක්වත් මග අරින්න කැමති නැති ගුරුවරයෙක් හැටියට නම් තියපු අසංක සර් වෙනද වාගෙම  පන්තියට එන්නත් කලින් පාඩම පටන් ගත්තා.

ඒත් වැඩි වෙලාවක් පාඩම කරන්න නම් හම්බ උනේ නෑ මොකද වයිස් ප්‍රින්සිපල් මැඩම් පන්තියෙ දොර ගාවට ප්‍රාදූර්භූත උන හන්ද. එයාට පිටිපස්සෙන් පුංචි ගෑනු ළමයෙකුගෙ රූපෙකුත් මතු උනේ හෙමීට්.

"අසංක සර්" මැඩම් ටිකක් ගාම්භීර කටහඩින් කතා කලා. පන්තියෙ ළමයි නැගිටල ආයුබෝවන් කිව්ව. නැත්නම් ඒ ගැන වෙනම පාඩමක් උනත් කියල දෙන්න මැඩම් සූදානම් බව දන්න හන්ද. ඒ වගේම් පන්තියෙ ඉදියෙ පිස්සො ටිකක් උනාට උන් කාට කාටත් සිරිත් විරිත් වලට ගරු කරන ගතියක් පිහිටල තිව්න හන්ද. හොදට ඉගෙන ගන්න ව කියල නම් දරාපු උන් එහෙම නැති බව මමත් අත්දැකීමෙන් දන්නව.


සර් පඩම නවත්තල දොර දිහාවෙ බැලුව.

"අසංක සර්ගෙ පන්තියට අලුත් ළමයෙක්" මැඩම් කීව. ඊට පස්සෙ පිටිපස්ස හැරිල අර කෙල්ල දිහා බැලුව. "මේකයි ඔයාගෙ පන්තිය, හොදට වැඩ කර්න් යන්ට ඕන. මොකක්ද නම කිව්වෙ?"

"මාලිකා, මැඩම්" අර කෙල්ල චූටි සද්දෙකින් මැඩම්ට කෙදිරුව.

"එහෙනං යන්ඩකො පන්තියට"

මැඩම් එතැනින් පියත් උනා. ඊට ටිකකට පස්සෙ එහා පන්තියෙ අතුගාල නෑ කියල බණිනවත් යාන්තමට වාගෙ ඇහුන.



"ආ එන්න දුව ඇතුලට" අසංක සර් දොර දිහාවට අත දික් කරල මාලිකාට කතා කලා.

"ඔන්න ලමයිනේ අලුත් යාලුවෙක් පන්තියට ආව. " පන්තිය දිහා බලල එහෙම කීව සර් මාලිකා දිහා බලල මෙහෙම කිව්ව.

"හොදයි ඔයා ගැන විස්තර ටිකක් කියන්නකො පන්තියෙ අනිත් අයට"

සර් මාලිකාව පන්තිය ඉස්සරහට ගෙන්නුව.

මාලිකා අහිංසක විදියට සර් දිහා බැලුව. එයාගෙ ලස්සන මූන ටිකෙන් ටික රෝස පාට උනා. ලැජ්ජාවෙ බෑ. මාලිකාට එහෙම හිතෙන්න ඇති. හෙමීට බිම බලන් තිව්න ඇස් දෙක උස්සල පන්තිය දිහාට යොමු කරපු මාලිකාට මුලුන්ම පෙණුනෙ කට කොණකට පොඩි හිනාවක් දාන් ඉන්න නාලකව.

රෝස පාට වෙලා ඉදපු මාලිකාගෙ මූන රතු පාටට හැරුනා.

------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට ..................

කලින් කොටස් මෙතැනින් බලන්න
Posted by Tharuka Gunaratne

UEFA Europa League final highlights



කාලෙකින්ද මන්ද බ්ලොග් එක පැත්තේ අවේ.පේනවා ඇති නේ අද අරගෙන ඇවිල්ලා තියෙන්නේඊයේ තිබිච්ච UEFA Europa League final එකේ  highlights.ගිය පාර champions league එක දිනන chelsea මේපාර එකේ පලවෙනි වටෙන්ම එලියට විසි උනා.එක නිසා සෙට් වෙච්ච UEFA Europa Leagueඒ එකේ කොහොමින් හරි අන්තිම මැච් එකට ඇවිල්ලා Benfica පරද්දලා  කප් එක  එයාලා දිනා ගත්තා.මේක නිකම් ඉතින් ජාමේ බේරගන්න ලැබිච්ච අවස්ථාවක්.වගේ.මොකෝකියන්නේ ඉතින් ගියපාර කප් ගහපු උන් මේපාර පලවෙනි වටෙම්ම කැපුනා කිවුවාහම නිකම් ලැජ්ජයි වගේ නේ.කොහොමින් හරි මේ කප් එක දිනා ගත්ත නිසා දැන් යන්තම් ඒ ලජ්ජාවෙන් ගැලවිලා ඉන්ට පුළුවන්.
ඔන්න ඉතින් මෙහෙමයි මැච් එක ගියේ.
ඉස්සෙලම ගොලේ ගැහුවේ Torres 60 මිනිත්තුවේ.ඊළගට Benfica එකේ Óscar Cardozo පැනල්ටියකින් 68 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරා.Chelsea කණ්ඩයම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරේ Ivanović.ඒ 90+3 මිනිත්තුවේදී .
ඔන්න ඔහොමයි ඉතින් සිද්ද උනේ මෙන්න ඉතින දැන් highlights

highlights.

Posted by Chamika Ravinda

ගෝ ගෝ ගෝන් බලමුද? (Go Go Gone - 2013)




ගෝ ගෝ ගෝන් කියන්නෙ සර්තකම චිත්‍රපටයක් කියල කියන්නත් බෑ. ඒත් ඒකෙන් ඉන්දීය සිනමාවට අලුත්ම පණිවිඩයක් දෙන්න පුලුවන් උනා කියල නම් මට හිතෙනවා. සාම්ප්‍රදායික ඉන්දියන් බොලිවූඩ් සිනමාවෙ බය හිතෙන කතා අල්පයි, බොහොම අඩුයි. රාස් වගේ චිත්‍රපටි කීපයක් හැරුනම වෙන නැති තරම්. පහුගියදා තිරගත වීම ආරම්බ උන මෙමෙ චිත්‍රපටය සදහා සයිෆ් අලි කාන් වගේ සිනමා දැවැන්තයොත් එක් වෙලා තියනවා. අවතාර සමග සටන් කරන ක්‍රියාදාම ආදර කතාවක් අස්සෙ හැංගිච්ච විනෝදාත්මක තේමාව පාදක කරගෙනෙ නිර්මානය වෙච්ච මේ ෆිල්ම් එක මගේ දැනුම අනුවනම් හොදයි.

සර්තක වෙයි කිය්ල කියන්න අමාරු උනත් දැනටමත් බොහොමයක් දෙනා මේක බලල තියනව කියල මට ආරන්චී. ඔයාලත් බලන්නකෝ ඉතින් පුලුවන්නම්.

Download (700MB Appx_)

පසුව ලියමි - මම මේ දීල තියෙන්නෙ නම් හෝල් කොපියද දන්නෙ නෑ. හරියට හොයල බලන්න. ඒ වගෙම මට උදව්වකුත් ඕනෑ. පුලුවන් කවුරු හරි ඉන්නවනම් Scary Movie 5 ටොරන්ට් එක බාගන්න තැනක් කියන්න. ඔරිජිනල් එක
Sunday, May 12, 2013
Posted by Tharuka Gunaratne
Tag :

Facebook එකේ මුණුබුරා වික්ක සීයා



Facebook හරහා සිද්ද වෙච්ච අපරාධ හා Facebook පාවිච්චි කරහම ඇතිවෙන ප්‍රශ්න ගැන පත්තර වල එහෙම තියෙන ඒවා අපි ගණන් ගන්නෙ නැති වුනාට දැන් සිද්ද වෙන ඒවත් එක්ක බැලුවහම ඒ කතාවලත් ඇත්තක් නෑ කියන්නත් බෑ.

ඉන්දියාවෙ අවුරුදු 47ක සීයෙක් එයාගෙ පවුලට අලුතෙන් එකතු වෙච්ච මුණුබුරාව ඉන්දියානු රුපියල් 45000කට ව්‍යාපාරිකයෙක්ට විකුණන්න හදල තියෙනවා. මේ දෙන්න ගනුදෙනුව කතා කරගෙන තියෙන්නෙ Facebook එකෙන්ලු.


කොහොම හරි ඉතින් ළමයව විකුණන්න කලින් ඉන්දියාවෙ පොලීසිය අර සීයවයි එයාට උදව් කරපු ඉස්පිරිතාලෙ වැඩකරන දෙන්නෙක්වයි අත්අඩංගුවට අරගෙන තියෙනව. ඒ වුණාට ළමයව ගන්න හදපු ධනවත් ව්‍යාපාරිකය ගැන පරීක්ෂන විතරයිලු ( අපේ රටේ වගේමයි :-D ).

ඇමරිකාවෙ මහාචාර්ය Dr. ලැරී රෝසන් Facebook භාවිතයේ ඇති හොද හා නරක ගැන පර්යේෂනයක් කරල තියෙනව. මේ තියෙන්නෙ ඒකට අනුව Facebook භාවිතයේ ඇති වාසි


  •     Facebook ඉන්න අය යාළුවන්ට සංවේදීව සලකනවා.
  •     හුදකලා නොවී සමාජශීලී වෙන්න උදව් වෙනවා.
  •     අධ්‍යාපනයට උදව්වක් කරගන්න පුළුවන්.
Facebook භාවිතයේ වාසි වගේම අවාසිත් තියෙනවාලු.
  • Facebook භාවිතා කරන තරුණ පරම්පරාව ස්වරූපරාගය, උන්මාදය වැනි මානසික රෝග වලට ගොදුරු වෙලා තියෙනවා.
  • හැමදාම වැඩියෙන් Facebook භාවිතා කරන හැමදෙනාටම විශාදය වැනි රෝග හැදෙන්න පුළුවන්.
  • ඉගෙනගනිද්දී Facebook එක check කරපු ශිෂ්‍යයින් අඩු ලකුණු ගන්නව කියල හොයාගෙන තියෙනවා.
Facebook overuse, ඒ කියන්නෙ වැඩියෙන් Facebook භාවිතා කිරීම මානසික විකෘතිතා වලට හේතුවක් කියල තව සමීක්ෂනයකින් හොයාගෙන තියෙනවා. මේක කරල තියෙන්නෙ ඊශ්‍රායලයෙ විශ්ව විද්යාලයක Dr. යූරි නිට්සාර් කියල කෙනෙක්. මේකත් පිස්සු කතාවක් වගේ තමා. ඒ වුනාට මේ සමීක්ෂනයට ගත්තු රෝගීන් හැමකෙනාම Internet සහ Facebook වගේ Social networking භාවිතා කරපු අය. ඒ වගේම තව දෙයක් තමා මේ කට්ටියගෙ Internet භාවිතයේ අත්දැකීම් අඩුයිලු.

ලංකාවෙ කවුරුවත් මෙහෙම සමීක්ෂණ කරල නැති වුනාට මෙහෙ තත්වෙත් වැඩි වෙනසක් නෑ. ඕගොල්ලන්ටත් ඇත්දැකීම් ඇතිනෙ. මේ ලගදි දවසක මගේ ෆේක් අකවුන්ට් එකක් එක්ක chat කරන්න ඕස්ට්‍රේලියාවෙ අවුරුදු 40ක විතර ගෑනු කෙනෙක් ආව. එයා මට කියන්න පටන් ගත්ත එයාගෙ boyfriend ගෙයි ළමයින්ගෙයි තියෙන ප්‍රශ්න ටික ඔක්කොම. කවදාවත් දැනගෙන ඉදල නැති කෙනෙකුට ඒ වගේ දේවල් කියන්නෙ මොකක් හරි මානසික අව්ලක් තියෙන හින්ද වෙන්න ඇති. :-D



Posted by Pabasara Mahindapala

මෙන්න වැඩක් ජනෙල් 8 start Scren එකට අපිට ඕනි පින්තුරයක් දාගමු.


ඔන්න කාලෙකට පස්සේ අලුත්ම අලුත් දෙයක් දෙන්නයි හදන්නේ.මේ දවස් ටිකේ අලුත් දෙයක් දෙන්න බැරි වුනේ ඉතින් අපේ එක එක වැඩ බ්ලොග් සින්ඩිය හදන්න මහන්සි වෙච්ච නිසා.දැන් කිහිප දෙනෙක්ම සින්ඩියේ සාමාජික වෙලා තියෙන්නේ.ඔයත් බ්ලොග් එකක් කරනවානම් ඔයාටත් පුළුවන් සින්ඩියට ඔයාගේ බ්ලොග් එක ඇතුලත් කරන්න.ඒ ගැන විස්තර කලින් පොස්ට් එකේ දාලා තියනවා.එහෙනම් ඔන්න අද මාතෘකාව.
              ඔයාලා හැමෝම දන්නවා කියලා හිතනවා ජනෙල් 8 අපිට ඕනි ඕනි  රූප start screen එකේ දාන්න බෑ කියලා.එකේ තියන රූප විතරයි දාන්න පුළුවන්.ඒවගේ කිසි ලස්සනක් නෑ නේ.අපිට ඕනි එකක් දාන්න තිබුන නම් මාරයි නේ.ඔන්න එහෙනම් අපිට ඕනි රූපයක් එතනට දාලා මාර වැඩක් කරන්න තමයි මේ හදන්නේ.ඕනා එහෙනම් මම පියවරෙන් පියවර දානවා.


ඉස්සෙලම ඔයාලට ඕනි decor8 කියන සොෆ්ට් එක එක මෙතනින් බාගන්න.

Download


ඊළගට එක සාමාන්‍ය විදිහට install කරන්න.

දැන් ඔයාලා ප්‍රෝග්‍රෑම් එක open කරලා  background තෝරන්න.

දැන් එකේ තියනවා තව පින්තුර ටිකකුත් ඒවගේ කැමති එකක් තියනවනම් ඒවා දාන්නත් පුළුවන් නැත්තම් ඔයාලා කැමති වෙන එකක් දානවනම් add folders කියලා තියනවා.එතනින් folder එක දැම්මට පස්සේ එකේ තියන image ටික පෙන්නනවා.දැන් ඉතින් ඔයාලගේ මාරම image එක තෝරලා ok කරන්න .වැඩේ ගොඩ.

ඔයාලටත් අර උඩ දාලා තියනවා වගේ ලස්සන start screen එකල ලැබිලා ඇති.

එහෙනම් අදට ඇති.ඕක කරනකොට මොකක් හරි අවුලක් අවොත් බයවන්නේ එපා දාන්න comment එකක්.මතක ඇතුව අලුතෙන් එන අය please" join the site "
Friday, May 10, 2013
Posted by Chamika Ravinda
Tag :

එක එක වැඩ The Blog Syndicator ඔයාලත් සෙට් වෙන්න.

                         

                     ඔන්න  අපේ එක එක වැඩ බ්ලොග් එක කරන්න අපි සෙට් එකටපහල උණු අදහසේ අග්‍ර පලයවන එක එක වැඩ බ්ලොග් සින්ඩිය අද ආරම්භ කරා.මේක හදාගන්න අපි දවස් දෙකක් විතර මහන්සි උනා.කොහොමින් හරි හදලා ඉවර වෙලා මේ සින්ඩියේ පලවෙනි සාමාජිකත්වය ලබාගන්න ආරාධනා කරේ තහනම් අඩවියේ මහා රජ තුමාට.එතුමා මේකේ ගෞරවනීය පළමු සාමාජිකත්වය ලබාගත්තට පස්සේ තමා අනික් යට සින්ඩියේ දොරගුළු හැරුනේ.
ඊළගට සින්ඩියට සෙට් වුනේ මගේ අතිජාත මිත්‍රය වලස් පැංචා එයාගේ උකුස්සා බ්ලොග් එක එකතු කරන්න ගමන්.තව ඕනෑවට එපාවට වගේ සිත්තරි මං නුත් දැන් සින්ඩියට සෙට් වෙලා ඉන්නවා.
  මේ පණිවිඩේ අපේ අනික් බ්ලොග් ලියන යාළුවන්ට තමයි.ඔයාලටත් මේ සින්ඩියේ දොරගුළු ඇරලයි තියෙන්නේ.එහෙනම් බල බල ඉන්නේ නැතුව මේ අදම සෙට් වෙන්න කොටන්න මෙතෙන්ට.එහෙනම් අපි කැපුනා.

එහෙනම් keybord එක හසුරුවන ඔය දෑතට බුදු සරණයි දෙවි පිහිටයි.

keyboard එක හසුරුවන්න comment  box එක පහල තියේ.
Thursday, May 9, 2013
Posted by Chamika Ravinda

මත් මල් -කොටස් වශයෙන් පළවන නවකතාව [අට වැනි කොටස]




                      ඔන්න දවසක් ගෙවිල තවත් අලුත් දවසකට ඉර උදා උනා. පෞ වෙච්ච දවස් දෙකේම ඉතින් මාලිකා කලේ අවට තිබුන හැම දේම නැන්දගෙන් අහගෙන් ඒ විදියට හැඩ ගැහිච්ච එකයි. ඒ හන්දම එයාට ගමේදි ලැබුනෙ නැති නිදහසක් දැනුන කිව්වොත් ඒකත් අමුත්තක් නෙවෙයි. අද නම් ඉතින් එයාගෙ පළවෙනි දවස අලුත් ඉස්කෝලෙට යන. උදේම නැගිටල ලක ලෑස්ති උනාට මාලිකාගෙ හිතේ පුංචි බය ගතියකුත් මෝදු උනා. එයා ඊයෙ රෑ මැදල ලෑස්ති කරල එහෙම තිබුන සුදු ගවුම ඇදන් ඔරලෝසුව දිහා බැලුව.

තාම නම් වැඩිය පරක්කු නෑ. හතට කාලයි. ඉස්කෝලෙ තියෙන්නෙ ඇවිදන් යන දුරේ හන්ද ඒ තරම් තදියමක් මාලිකාට තිබුනෙ නෑ. එයා හෙමීට කාමරෙන් එලියට ඇවිත් නැන්ද ඉදපු කුස්සිය පැත්තට ආව.


" ආ දුවේ ඔයා ලෑස්තිත් වෙලානෙ" නැන්ද පුදුම උනේ නෑ. මොකද නාලක දැනටමත් ඉස්කෝලෙ යන්නෙ ගෙදරින් පිටවෙලා තිබුන හන්ද. නැන්දගෙ මුනට හිනාවක් ආව.

"අද මම ඔයාව එක්කන් යන්නම් ඉස්කෝලෙට, අද පලවෙනි දවසනේ. ඔයාගෙ අම්ම මෙහෙ ආපු දවසෙම ඕනැ කරන දේවල් ඉස්කෝලෙට ගිහින් කරල තිව්න. ඒක හන්ද මම ඔයාව ඇරලන්නම්"

නැන්දගෙ කීමට මාලිකා හිනා උනා.

"අනේ ලොකු දෙයක් නැන්දේ" එයා කීව. "මම කොහොමත් අලුතෙන් යන හන්ද, චුට්ටක් බයයි"

නැන්ද මාලිකාගෙ පිගානට බත් බෙදල මේසෙ එයා ඉදගෙන ඉදපු තැනින් තිබ්බා.

" හොදට කාල යන්න දුවේ" නැන්ද කීවෙ ආපහු හැරෙන ගමන්. "නැත්නම් ඔයාට ඉගෙනගන්නත් අමාරු වේවි"

"හොදයි" කියපු මාලිකා කෑම එක දිහා බැලුව. බත් කන්දක් එක්ක මාලුව ගොඩකුත් ඒකෙ තියෙනව. කවදාවත් උදේට මෙච්චර කාල පුරුදු නැති උනත් මාලිකා පිගාන දිහාට මූන හරවන් හෙමීට කන්න පටන් ගත්ත. එතකොටයි එයාට නාලකව මතක් උනේ,

"කෝ නැන්දෙ නාලක?" මලිකා ඇහුවෙ නැන්ද දිහා බලල ඔච්චම් හිනාවක් දාන ගමන්. එයා හිතුවෙ නාලක තාමත් නිදි ඇති කියල. මොකද එයාගෙ අයිය ගැන එහෙම අත්දැකීම් ගොඩක් තිබුන හන්ද,

"තාම නිදිද?"

"එය නැගිට්ටෙ පහමාරට" නැන්ද කිව්වෙ පිගන් වගයක් රාක්කෙක අහුරන ගමන්. " ඔය ළමය කුස්සියට එන්න ටික වෙලාවකට කලිනුයි ඉස්කෝලෙ පිටත් උනේ"

මාලිකාගෙ මූනට අමුතු බැලමක් ආව. ඒත් එයා ඒක හංගගෙන කෑම එක කන්න පටන් ගත්ත. කාල ඉවර වෙනකම් ආයෙ මාලිකා නෙවෙයි ඔලුව ඉස්සුවෙ.

"දුවේ ඉක්මනට යමු" නැන්ද ලෑස්ති වෙලා ඉවරයි වගේ. "හතයි ව්සිපහයි."

"දෙයියනේ" මාලිකාට හිතුන. පරක්කුවෙයිද?

"එන්න ළම්යෝ" නැන්ද කිව්ව. මාලිකා ගෙයින් එළියට ආව. ඊට පස්සෙ නැන්දත් එක්ක පාරට ඇවිත් ඇවිදන් යන්න ගත්තා.

--------------------------------------------------------------------------------------------------------------

නාලක නම් ගෙදරින් පිට උනේ වෙනද යන වෙලාවටමයි. එයාට ඒ හැටි අමුත්තක් නෑ. මාලිකා තාම නැගිටලවත් නැති බව එයා කෑම කද්දි නැන්ද කිව්ව හන්ද නාලක එහෙමම ඉස්කෝලෙ ආවෙ , නැත්නම් එයාටත් පරක්කු වෙන බව දන්න හන්දයි.

සුපුරුදු විදියටම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම එයාගෙ ක්ලාස් එකේ සාරංගව හම්බ උනා. හැමදාම වගේ කාව හරි හම්බ වෙනවා. උන් දෙන්නත් වෙනද වගේ කයියක් දාගෙන පන්තියට ඇතුල් උනා.

තාම බෙල් එක ගහල නැති හන්ද පන්ති කාමරේ ගොඩක් කලබලයි. කස්ටියක් තැනක පාඩම් කරනව. එතැන වැඩිපුර ඉන්නෙ කෙල්ලො. ඒත් අතරින් පතර පන්තියෙ පැණියො දෙතුන් දෙනෙකුත් ඉන්නව නාලකට පෙනුන.

උන් කියල පිට එවුන්යැ. ගුඩ් මෝනින් පාර දාගෙන නාලකයි සාරංගයි පන්තියට ඇතුල් උනා.

නාලක ඉන්නෙ අන්තිම පේලියට ඉස්සරහ පේලියෙ. මුල ඉදල බැලුවොත් තුන් වැනි පේලියෙ. පන්තියේ පේලි මාරු වෙනව කිව්වට කවහාවත් ඒක නියමාකාරයෙන් ක්‍රියාත්මක උනේ නම් නෑ.

ඒක අකුරටම වැඩ කලේ කෙල්ලො ඉන්න පේලි හතරෙ විතරයි. පන්තියෙ පලවෙනිය වෙන ලසන්ති එහෙම ඉන්න පේලියෙ කෙල්ලො කවදාවත් දවසකට වඩා පස්සෙ පේලියෙ ඉදියෙ නැති එක ඒකට ප්‍රදාන හේතුවක්

නාලකත්, සාරංගත් තමන්ගෙ බෑග දෙක ඉන්න තැන් වලින් තියල උදේ පාන්දරම කුකුලත් අතින් අරන් ගියේ කැන්ටිමට. බෙල් එක ගහන්න වෙලා තියෙන හන්ද, නාලකලගෙ අනිත් උනට රැස්වීම පොලක් උනේ කැන්ටිම තමයි. ඒක ඉන්ටවල් එකටත් පොදු දෙයක්. ඔහේ මොනා හරි හප හපා පැත්තකට වෙලා මයිලයක් අදින්න, නයෙක් කාරිය අරින්න කැන්ටිම කියාපු තැන.

--------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට
කලින් කොටස් කියවන්න මෙතැනින්

මම Tharuka

Photo - Tereasa Palmer - [ Iam Number Four (2011) ]
Posted by Tharuka Gunaratne

අපි හැමදාම ඔයාලත් එක්කයි! ඔයාල අපිට ලොකු ශක්තියක්


දැන් ගොඩාක් අය බ්ලොග් කර්මන්තෙට බැහැල තියෙන බව අද දවසෙ වුන සිදුවීම් එක්ක පෙනුනා. අපි තාමත් එක තැනමද? ඔන්න ඕක මට හිතුන වාර අනන්තයි. ඉස්සර මටත් බ්ලොග් කරන්න ලොකූ පිස්සුවක් තිබුනා. ඒත් දැන් නම් ඒක පිස්සුවක් විතරක්ම නෑව්යි. අනුන තමන් දන්න දේ කියල දෙන අපේ බ්ලොග් එක ගැන ටවුමෙ ගොඩක් දෙනා කතාවෙනව. බොරුවක් නෙවේ තාමත් අපි බ්ලොග් කර්මාන්තෙට හරියට එන්ටර් උනේ නෑ කියලයි මට හිතෙන්නෙ.

කොහොමින් කොහොම හරි මමයි චාමික රවින්ද සහෝදරයයි බ්ලොග් එකක් කරමු කියල මේ වැඩේට අත ගැහුවෙ මේ අවුරුද්ද පටන් ගත්ත අලුතමයි. අපි ඕ ලෙවල් එහෙම ලියල එහෙම පටන් ගත්තු මේ වැඩේට තාම මාස පහ හයක වගේ පුංචිම පුන්චි ඉතිහාසයක් තමයි තියෙන්නෙ. අපි අන්තර්ජාලෙට අමුත්තො උනේ නැති උනාට බ්ලොග් කරන එකට තාමත් අපි අලුත්.

හදිස්සියෙමෙ මේව කියවන්නෙ මොකද කියල සමහරු බලාවි. ඒත් මේක මම ලියන්නෙ ගොඩාක් දෙනෙක්ට කරන ස්තුතියක් හැටිය්ට. විසිදහසක් දෙනා කියවපු බ්ලොග් එකක් කියන්නෙ දුලබ දෙයක් නෙවේ. ඒත් අපි තවත් ඉදිරියට යනවා. තව තවත්................ ඒ හන්ද මේක කියවන හැමෝම එක එක වැඩ බ්ලොග් එකට ලොකු ශක්තියක්

එදා අපි දෙන්න පටන් ගත්ත මේ බ්ලොග් එක අද බ්ලොග් ඕතර්ල තුන් දෙනෙකුත් එකතු උන පුංචි පහේ ටීම් එකක් බවට පත් වෙලා. දැනට ල/න්කාවෙ මිනිස්සු බලන බ්ලොග් අතර එක එක වැඩ නමත් ගෑවිලා තියෙන බව කියන්නත් සතුටුයි.

අද මම රීකරෙක්ශන් දාන්න ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ ගොඩාක් දෙනා අපේ බ්ලොග් එක කියවන රසිකයො බව මම හොදටම දැනගත්තෙ අද තමයි. අපේ හිටපු පන්ති බාර ගුරුතුමාවත් මම විශේසයෙන් මතක් කරන්ට ඕනෑ. (සර් මේ පෝස්ට් එක කියවනවනම් මම ආයෙත් කියන්නෙ නවකතාවෙ මම ලියන්නෙ මගෙ ජීවිත කතව නෙවයි, ඒක හන්ද නවකතාවෙ ඉන්න කෙල්ල මගෙ ජීවිතෙත් එක්ක සම්බන්ද උන කෙනෙක් නෙවෙයි)

ඉතින් ඔයාලගෙ කාලෙ නාස්ති කලා නම් සමා වෙන්ට. මට ඕනෙ උනේ දැනට ලංකාවෙ මිනිස්සු බලන සයිට් වලින් 2072 වන ස්තානෙට අපේ බ්ලොග් එක පත් කලාට ඔය හැමෝටම ස්තුති කරන්ඩයි!!!!!!!!!!!!

මම Tharuka Gunaratne
Tuesday, May 7, 2013
Posted by Tharuka Gunaratne

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.





                    ඔන්න යාළුවනේ මම අද ලියන්න  හදන්නේ  පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.
                     මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා  ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ  අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි.
ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ  වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්  එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.
                        ඔන්න ඉතින් ඉස්සෙලම ගිය කඩේ ගැන කියන්නම්.එක ටිකක් ප්‍රරසිද්ධ  කඩයක්.ලංකාවේ හැම තැනම තියනවා.අර මේදවස් වල රුප පෙට්ටියේ දැන්වීමක් හෙම දාන්නේ එගොලන්ගෙයි අනික් අයගෙයි මිල ගණන් සසදන්න කියලා.ඕක බලාලා මාත් ගියා ඉතින් සසදන්න කියලා ඈ.ගියාටත් පාඩුයි එහෙන්ට මොකෝ කියන්නේ මම හොයපු i3 ලැප් එතන නෑ.ගෙනලා දේනම් කිවුවා.කෝකටත් කියලා තියන ඒවයගේ  ගණන් ඇහුවා.මෙන්න වැඩක් Pentium D ලැප් එකක් 69,000 කිවුවා.අනික් ඒවගේ ගන්න හිතාගන්න පුළුවන්නේ.ඒ මදිවට තව os එකක් දානන්ත් ඕනි 3,000 දීලා.එතනින් ගන්න ලැප් නැති නිසා ගියා තවත් හොද කඩේකට
එකත් මේ බොහොම වැදගත් කඩයක්.ලංකාවේ වැඩිම ශාකා ගණනක් තියන කඩයක්.එකේ හිටියේ අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි.මේකේ තමා හිනා යන වැඩ උනේ.එතනට ගිහින් ඇහුවා ලැප් තියනවද කියලා.”එන්න මල්ලි”කියලා කියලා එයා කඩේ අස්සට එක්කගෙන ගියා.මාත් ගියා උගේ පස්සෙන්.(මේ ටික ටිකක් අමුතුයි වගේ නේද.ගනන්ගන්න එපා :D)
“මල්ලි මොනවාගේ එකක්ද බලන්නේ “
“i3 එකක් “මාත් ඉතින් මුකුත් දන්නේ නෑ වගේ උත්තර දුන්න මෙයාගේ කතාව කොහොමද බලන්න .
දැන් මේ අයියා මම මුකුත් දන්නේ නැති කෙනෙක් ගානට දාලා  මට  i3 ලැපක් ගැන හොද දේශනයක් කරනවා.මාත් ඉතින් අහගෙන ඉදාලා ඇහුවා “අයියේ මේකේ os එක මොකක්ද ?”මිනිහා කෝර ඒ අහපු එකට
එයාට මම අහපු දේ තේරුනේ නෑ.මිනිහා එක ඇහුනේ නෑ වගේ on කරා ලැප් එක.ඒ උනාට මම දැක්කා ඉතින් උත්තරේ. ලැප් එකේ ගහලා තියනවා උබුන්ටු ඉස්ටිකර් එකක්.මට ඉතින් එක නිසා මේ ලැප් එක ගැන තිබුන පැහැදීම නැති උනා කිවුවොත් හරි.(හේතුව දන්නෝ දනිති.:D) .කොහොම උනත් ඉතින් දමලා ගහාලා එන්න බෑ නේ.නිකම් හරි නෑ වගේ  නේ.ඒ උනාට ඊලග මොහොතේ සිදු උනේ දමලා ගහලා එන්න ඕනි වැඩක්.මෙන්න උබුන්ටු ඉස්ටිකර් එක තියන ලැප් එකේ ජනෙල් 7 වැඩ කරනවා.මට මාර පුදුමයි.තවත් පුදුමයි කියන්නේ එක on කරට පස්සේ වැටෙනවා “please active the windows”කියලා.:D ආයි ඉතින් මොන කතාද එහෙම්මම හැරිලා අපි අවා එන්න.
ඒ කඩේ මට   කිවුවේ  i3 ලැප්  75000 කියලා.ඊට එහාපැත්තෙ තිබුන ලැප් එක dule core.ඒ උනාට ඒ ලැප් එක 110,000 .i3 75,000 යි Dule core 110,000.මාරයි නේ.එහෙම කඩයක් දැක්කමයි.
නිකන් පිස්සු මනසකින් ඒ කඩෙන් එලියට බැහැපු අපි ගියා තව  කඩේකට.( Dule Core ලැප් එකක් 110,000 කියලා ඇහුවහම,උබුන්ටු ඉස්ටිකරේ තියන ලැප් එකක ජනෙල් 7 වැඩ කරහම ලැප් ගැන දන්නා එකෙක්ට පිස්සු නොහැදී තිබුනොත් ඇති නේ.:D) ඒ කඩේ තියෙන්නේ රත්නපුරේ විතරයි.ශාක කොහෙවත් නෑ.හැබැයි නියම කඩේ.කඩේ ගාවට ගියහම එක වහලා.මොකෝ කරන්නේ ඉරිදට වහලද දන්නේ නෑ කියලා හිතන කොට මගේ ටිකිරි මොලේට පහල වුනා නියම idea එකක්.ගත්තා සාක්කුවේ තිබුන android කට්ට.opera on කරලා ගැහුවා සුටුස් ගාලා කඩ්ඩේ නිල වෙබ් ලිපිනය.එකෙන් හොයාගත්ත number එකට කතා කරලා ඇහුවහම තව විනාඩි 10 එනවා කියලා කිවුවා.
ඔන්න ඉතින් ඒ කඩේට ගිහින් ලැප් වල ගණන්ඇහුවට පස්සේ තමා පොඩ්ඩක් ඇගට ලේ ටිකක් ඉනුවේ මොකද ඒ වෙනකොටත් අර කඩවල ගණන් අහලා මම ලැප් එකේ සිහිනය ඇතඇරලා තිබුනේ.මේකේ තිබුනා බොහොම අඩු ගානට ලැප්.i3 එකක් දාලා තිබුනා 67,000 කියලා.එක ගැන ඇහුවහම එයා කියපි 65000 දාලා දෙන්නම් අරගෙන යන්න කියාලා.මට පුදුමත් හිතුනා අනික් කඩවල සතයක් වත් අඩු නොකෙරුවාට මෙයා එක පාර 2000 ක්ම අඩු කරා.(මෙය සිංහල කඩයක් බව කරුණාවෙන් සලකන්න)
කලින් කඩේ අත්දැකීම ප්‍රයෝජනෙට අරගෙන මෙයගෙනුත් ඇහුවා “uncle මේකේ os එක මොකක්ද”(මෙයාට අයියේ කියන්න බෑ හොදේ වයස වැඩි.මොක උනත් රත්තරන් uncle)
“මේකේ පුතා dos එන්නේ”.
කමක් නෑ ඉතින් මේකටත් හොර os එකක් දානවා කියලා හිතාගෙන ගන්න හදලා ඇහුවා “uncle මොකක් හරි කරලා මේකට හොර os එකක් හරි දාලා දෙනවද”(මට බෑ අනේ ගෙදර ඇවිත් ඕවා දන්නා.වස කම්මැලි.:d)
ඔන්න ඉතින් ඒ පාර එයා මට දුන්න දේශනයක් හොර os දැම්මේ අද්දිනව ගැන.සහ ඒවගෙන් එයාලට කන්න වෙන කට්ට ගැන.එයා මෙහෙම තමා කිවුවේ.”අපි බලමුකෝ.ඔය කොළබ කඩ ඔක්කොම අහුවෙලා තියෙන්නේ හොර os දාලා.ඕවා අල්ලන්න එන්නේ lawyer කෙනයි Microsoft එකේ එකෙනයි පොලිස්සියයි.කෙලිම්ම ආයි උසාවි තමා.උසාවියෙන් ගහනවා දඩේ us ඩොලර් 5000.එකත් කඩේ අයිති කාරයට නෙවෙයි os එක දාපු මිනිහට.තව පේපර් ඇඩ්වර්ටිස්මන්ට් එකකුත් දන්නා ඕනි අපි මේ වැරැද්ද කරා කියලා.එක හින්ද කවුරුහරි ඔහොම කිවුවොත් කරන්නේ දවස් 30 tril  එකක් දාලා දෙන එක.ආපහු ගෙනාවහම ඉතින් මොකක් හරි කරලා දෙනවා .කමක් නෑ අපි  අයියා අවහම දාලා දෙන්නම් කෝ windows 8.
අයිය කියන්නේ මේ uncle ගේම පුතා.එයා  දුන්න call එකකට පස්සේ  ටික වෙලාවකින්  අයියා ආවා.එයා ඔන්න ඉතින් වැඩ පටන්ගත්තා.එයා දැන් ලැප් එකට ජනෙල් 8 දානවා.ඒ වෙලේ මම ටිකක් එයා එක්ක කතා කරා.ඒ වෙලේ ඉතින් මේ it වල ගොඩක් දේවල් එයා කිවුවා.කොටින්ම කියනවනම් මේ ලැප් එක විකුණලා එයාලට තියන ලාබෙත්  කිවුවා.එයාලට එක ලැප් එකකින් ලාබ තියෙන්නේ 4,000 ලු ඇත්ත වෙන්න ඇති ඒ කතාවනම් මොකද එයාලගේ ලැප් අනික් කඩවල  ලැප් වල ගණන් වලට වඩා ගොඩක් අඩුයි.
එයා තව මාරම මාර කතාවක් කිවුවා.ඕගොල්ලෝ දානවා ඇතිනේ ඔය රජයෙන් ඉස්කෝලවලට හෙම දෙන පරිගණක වල දාලා දෙන්නේ original software කියා.ඔන්න ඉතින් ඒ විදිහට original software දාපු පරිගණක 100 පළාත් සභාවෙන් පාසල් වලට දීලා.එවයි original software දාලා තියෙන්නේ කියලා ඉස්ටිකරේ පවා ගහලා තියනවලු.ඒ උනාට දාලා තියෙන්නේ හොර සොෆ්ට් ලු.දැන් ඉතින් මේකට Microsoft එකෙන් හෙම නේ පරිෂණයක් තියනවලු.ඒ උනාට එයාලාට  නීතිමය ක්‍රියාමාර්ග ගන්න විදිහක් නැත්තේ අර ඉස්ටිකර් ගහාලා තියන නිසා ලු.
දැන් තියන කාලින මාතෘකාවක් නේ විදුලි බිලේ වැඩිවීම.මම ඒ අයියගෙන් ඇහුවා ඒගොල්ලන්ගේ කඩේට එන විදුලි බිලා ගැන.එයාලට එනවලු බිල 15,000.ඒ උනාට මේ ලගදි වැඩි වෙච්ච නිසා මේ මාසේ 30,000 විතර එයි කියලා කිවුවා.දැන් එකත් හෙන අවුලක් නේ.තව නිකමට වගේ ඇහුවා වැඩිපුර විකිනෙන්නේ මොනවද කියලා.55 % ලැප් තමා විකිනේනෙන් කියලා කිවුවා.ඒ කියන්නේ දැන් රත්නපුරේ උන් ලැප් වලට බැහැලා නේ.
කොහොමින් හරි ඉතින් ලැප් එකට ජනෙල් 8 දාලා ඉවර උනා.මම ඉතින් එක නිසා ලැපත් අරං ගෙදර අවා.
එහෙනම් keybord එක හසුරුවන් ඔය දෑතට බුදුසරණයි දෙවි පිහිටයි.
ප.ලි.
මේ ලැප් ගන්න ගිහින් වෙච්ච සිද්දි ටිකක් තමා ලිවුවේ.ඊයේ රැ මේක ලියන්න පටන්ගත්තේ නිදිමතේ තමා එවෙලේ හිටියේ.මොනවහරි අවුලක් තියේනම් ගණන් ගන්න එපා.තව කියන්න තියෙන්නේ ඔබේ අදහස්වලටත් අපේ බ්ලොග් එකේ ඉඩක් තියේ.එක නිසා ලියලා යන්න ඔබේ අදහස්.එය අපිට හයියකි.
Posted by Chamika Ravinda

Android Phone එකට metro theam එක දාමු



ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ අවේ.අද දෙන්න හදන්නේ android බාවිත කරන යාළුවන්ට රටක් වටින් app එකක්.ඔයාලා දන්නවා ඇතිනේ ජනෙල් 8 එන metro theam එක.අන්න ඒක android වලට දාගන්න හැටි කියලා දෙන්න තමයි මේ හදන්නේ.ඔන්න ඉස්සෙලම මේ app එක  දාගන්න හැටි කියන්නම්. ඊළගට විස්තර මොකෝ ඉතින් කටත් ඉස්සෙලා ඕනි app එක නේ :D.ඔන්න එහෙනම් play store එකෙන් එක බාගන්නකො

        App Hear!

දන්න ඉතින් පණ්ඩිත කමට දාගත්ත්නේ මුකුත් කියවන්නේ නැතුව. අවුලක් නෑ ඉතින් මේක දාගත්ත කියලා කිසිම අවුලක් නෑ මොකද මේක දැම්මම අනික් theam දැම්මම වගේ slow වෙන්නේ නෑ.එක බය නැතුව කියන්න පුළුවන් මොකද  මගේ phone එක දාන ඕනි thema එකකට slow වෙනවා ඒ උනාට මේ theam එක දැම්මහම එහෙම උනේ නෑ.කිසි අවුලක් නැතුව වැඩ.තව මේ theam එක කලින් දැකල නැති ඕනි කෙනෙකුට හිතෙන්නේ මේකේ තියෙන්නේ windows mobile කියලයි
  මේ app එකේ තව වාසියක් තමා අපිට ඕනි විදිහට ජනෙල් 8 start screen එක වගේ වෙනස් කරන්න පුළුවන්.metro theam කියලා ගොඩක් theam ආවට හොද එකක් හොයාගන්න අමාරුයි.මේක හොයාගත්තේත් පිදුරු ගොඩේ ඉදිකටුවක් හොයනවා වගේ.:D.එහෙනම් ඔන්න දැම්ම පොඩි screen shot ටිකකුත්.

වැඩ ඉවරයි අපි කැපුනා.අපිට කරන්නඋදවුවක් විදිහටකරදරයක් නැත්තම්  join the site කියන එක කොරල යන්න please.එහෙනම් keybord එක හසුරුවන ඔය දෑතට බුදුසරණයි දෙවි පිහිටයි.

ප.ලි
මේක ලියන්න පටන්ගත්තේ උදේ 7.30 ඉවරවුනේ 11.56 මොකද ඉතින් බුකියේ යාලුවෝ එක්ක චැට් වලට සෙට් වුන නිසා තම ඒ වැඩේ උනේ.මොනවහරි අවුලක් අවොත් බල බල ඉන්න එපා comment box එක පහල තියේ. පාවිච්චි කිරීම ඔබගේ වැඩකි.
Monday, May 6, 2013
Posted by Chamika Ravinda

Blogger වල අලුත් HTML Editor එක බාවිත කරන හැටි.

 

කලින් ලිවුව tech පොස්ට් එකත් ලිවුවේ බ්ලොග් ලියන අයට කමක් නෑ ඉතින් මේකත් එයාලටම ලියන්නම්.අනික් අයටත් වැදගත් වෙන එකක් ඊළගට ලියන්නම් හොදේ.
ඔයාලා කැමති මොනවහරි තියනවනම් මෙතන commment කරලා යන්න ඒ ගැන ලියන්නම්.එහෙනම් දැන් ඉතින් අද මාතෘකාව.මට දකින ආකාරයට  මේ අලුත් HTML Editor එක ගොඩක් බ්ලොග් ලියන අපේ සහෝදරයෝ අනාත කරා. එක නිසා  මම කරපු විරෝදයේ  ප්‍රතිපලයක් විදිහට ලබාගත්තු ප්‍රගතිය මේ බ්ලොග් පොස්ට් එකෙන් එලි දක්ක්වනවා.(ආ අමතක වුනා අද මැයි දෙවෙනිදා නේ අවුලක් නෑ පළවෙනිදා කියලා හිතහන්කෝ :D )

ඔය HTML Editor එක ගැන ඔයාලට තියන ප්‍රදාන ගැටලුව code හොයාගන්න බැරි එකනේ.එකට කරන්න තියෙන්නේ HTML Editor එක උඩ click කරලා ctrl + f  ගහන්න එතකොට මෙන්න මෙහෙම එකක් එනවා

 එකේ හොයන්න ඕනි එක ගැහුවහම හරි.එහෙනම් පරශ්න විසදුනා කියලා හිතනවා.මොනවහරි අවුල් තියනවනම් දාන්න comment එකක් .අපි කැපුනා.මතක ඇතුව Join the site 


Thursday, May 2, 2013
Posted by Chamika Ravinda

මේ බල අධිකාරියේ අවසානයද? BarcelonaFC 0-3 FC Bayern München

            


         ඊයේ රාත්‍රිය Barcelona කණ්ඩායමේ රසිකයන්ට වගේම ක්‍රීඩකයන්ටත් ඉතාමත් කටුක අත්දැකීමක් එක්කරන්නට Bayern München කණ්ඩායම සමත් වුනා.ඒ ඔවුන් පළමුතරගයේ ලබාගන තිබු ගෝල 4 ඉදිරිය  තවත් ගෝල 3 ලබාගනිමින් ගෝල 0-7 ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබමින්.ඔව්න්ට අවසන් තරගයේදී හමුවෙන්නේ පෙරේදා Real Madrid කණ්ඩායම පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබූ  Dortmund කණ්ඩායමයි.

මෙම තරගයේදී  ගෝල වාර්තා කල ක්‍රීඩකයන්වන්නේ   Arjen Robben ,Thomas Müller සහ Gerard Piqué ගේ own goal එක  Bayern München හි ජයග්‍රහණය තවත් පහසු කළා.මොනවා කරන්නද දැන් බලන්න වෙලා තියෙන්නේ ජෙර්මන් final එකක්.කස්ටිය ඉතින් හිත හදාගෙන 25 වෙනිදට එක බලන්න ලැහැස්ති වෙන්න.එහෙනම් මැච් එක නොබලපු අය මෙතිනින් highlight බලන්න .

highlight



Posted by Chamika Ravinda

Real Madrid වල final සිහිනය බොද කල Dortmund



                Real Madrid රසික හදවත් වලට කදුලක් එක් කල රැයක් සනිටුහන් කිරීමට  Dortmund ඊයේ සමත් උනා.ඊයේ පැවති තරගය Real Madrid 2-0 විදිහට ජය ගත්තත් Dortmund කණ්ඩායම් ලබාගන තිබුන ගෝල 3 ඉදරිය නිසා මෙම තරගයේ ජග්‍රහණය සදහා Real Madrid කණ්ඩායම ලබාගත් ගෝල දෙක ඔවුන්ට ප්‍රමාණවත්උනේ නෑ.ඒ ගෝල දෙක ලබාගත්තේ Benzema සහ Ramos නුයි.මෙම තරගයේ ජයග්‍රහණය
Dortmund  වෙත ලැබීමෙන් ඔවුන් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා වගේම මේ තරයේ ප්‍රතිපල ක්‍රීඩා ලෝකයේ වෙනස්කම් රැසකට මුල පුරයි කියලා අපිට හිතන්න පුළුවන්.

අදත් තියනවා තීරණාත්මක තරගයක් ඒ Barcelona සහ Bayern අතර ඒ තරගයේ විතරත් අනිවරෙන් ඕගොල්ලන්ට හෙට ගේනවා.මැච් එක නොබලපු කස්ටිය මෙතනින් highlight බලන්න.

  highlight



br />
Wednesday, May 1, 2013
Posted by Chamika Ravinda

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -