Skip to main content

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව ( දහ වැනි කොටස )




මාලිකා වැඩි සද්දයක් නැතිව තමන් ගැන විස්තරයක් කියල සර් දිහා බැලුව. අසංක සර් පොඩ්ඩක් විතර හිනා වෙලා මෙහෙම කිව්ව

"දැන් ඉතින් ඔය ළමය අන්න අතනින ගිහින් වාඩි වෙන්න. හොදින් පන්තියෙ වැඩ කරන් යන්න ඕන"

මාලිකා සර් පෙන්නපු හිස් ඩෙස් එක ගාවට ගියා. දෙවැනි පේලියෙ මෙහා කොනේම වාඩි උනා. එයාට එහා පැත්තෙ හිටියෙ ශානිකා. නාලක ආඅයෙත් මලිත් එක්ක පොත දිහා බලන් වැඩ පටන් ගත්තා.


අසංක සර්ගෙ පීරියඩ් එක ඉවර උනාම තිබුනෙ ඉන්ග්‍රීසි පීරියඩ් එක. ඉන්ග්‍රීසි ඉගැන්නුවෙ ටිකක් මැදි වයසෙ, චුට්ටක් තරහ යන ප්‍රදීපා මිස්. පන්තියෙ කවුරු කවුරුත් කෑ ගගහ ඉන්න වෙලාවෙ හදිස්සියෙම කඩා වැදුන මිස් දිගට හරහට බැනගෙන ගියා.......

" චතුරන්ග තමුසෙගෙ කට වැඩී යනව පන්තියෙ ඉස්සරහට..... ඔතනට නෙවේයි බෝඩ් එකෙන් එහාට."

චතුරන්ග මොකක්දෝ කියන්න කට ඇරියා. ඒත් මිස්ට ඒක ඇහුනෙ නෑ. මිස් ඊලගට බැලුවෙ නාලක දිහා.

"තමුන් මෙතැන එන්නෙ කතා කර කර ඉන්නද? යනව ඉස්සරහට"

නාලක දිහා බලල මිස් ගෙරෙව්වා. නාලක නැගිටල ඉස්සරහට ගියා. ඒත් එක්කම සාරංග දිහා බලපු මිස්

"තමුසෙ යනව එළියට" කියල අනිත් අයට පන්තියෙ වැඩ පටන් ගත්ත.


 නාලකට නම් මේක ඒ හැටි අමුත්තක් නෙවේ, වෙනදටත් මේ වගේ දේවල් වෙනව. තමන් වැරැද්දක් නොකලත් සමහර වෙලාවට දඩුවම් විදින්න වෙනව. නාලක නම් ඕව එච්චර ගණන් ගත්තෙ නෑ. ඒත් මාලික දිහා බැලුවම නම් එයාගෙ මූනෙ තිව්න බය නාලකට හොදට පෙණුනා. එයා එහා පැත්තෙ ඉදපු ශානිකා එක්ක නම් යාලු වෙලා වගේ. ලගදිම පන්තියට මුල් අල්ලලා යයි, නාලක එහෙම හිතුවා.

ප්‍රදීප මිස් ඊලගට කලේ පන්තියෙ ඉස්සරහට ගත්තු එවුන්ව ආපහු හිටපු තැන් වලටම යවපු එක. ඊට පස්සෙ ගෑනු ලමයින්ගෙ පේළි වල මුල ඉදන් ඊයෙ දුන්න ගෙදර වැඩ කරලද කියල බලන්න පටන් ගත්ත. හැමෝම වගේ ඒක කරල තිබුනත් මාලිකා ළග නැවතිච්ච මිස් එක පාරටම කෑ ගැහුව.

"අනිත් හැමෝම කරල තියෙද්දිත් ඔය ළමයට ගෙදර වැඩ කරන් එන්න බැරි මොකද?"

"එයා අදනෙ මිස් ආවෙ" මාලිකා ලග ඉදපු ශානිකා මිස්ට කියල යන්තම් මාලිකාව බේර ගත්තා.


ඉන්ටවල් එක ආවම තමා මාලිකා එක්ක කතා කරන්නවත් නාලකට වෙලාවක් ආවෙ. අද රිලීෆ් පීරියඩ් වත් නොතිබුන හන්ද නිවාඩුවක් තිබුනෙම නෑ.

"කොහොමද දවස? "

නාලක ඇහුව. මාලිකා නෙවේ උත්තර දුන්නෙ. එයාගෙ අලුත් යාලුවන්ගෙන් කෙනෙක්, ශානිකා.

"එයාව අදුරන්නෙ කෝමද නාලක?"

මාලිකා ශානිකා දිහාට හැරිල විස්තරේ කීව. ඊට පස්සෙ නාලක දිහා බලල

"නරකම නෑ, හපෝ මම ඉදපු ඉස්කෝලෙ මීට වඩා ගොඩක් හොදයිනෙ" කියල කිව්ව.

නාලක වගේම ශානිකත් සමච්චලේට වගේ හිනා උනා.

"ඇයි?"

"මෙයා තාම අපේ ඉස්කෝලෙ ගැන දන්නෙ නෑ, ළගදිම තේරුම් ගනීවි" නාලක කිව්වෙ ශානිකා දිහාවෙත් බලල. ඒත් එක්කම එතැනට ආපු සාරංග නාලකවත් ඇදන් ගියේ "වරෙන් කැන්ටිමට යන්න" කියාගෙන.


ඊට පස්සෙ තිව්න පීරියඩ් නම් තුනක්ම රිලීෆ්, සිද්යාව උගන්නන මිස් ඇවිත් ඉදියෙ නෑ. ඒක හන්ද අසංක සර් පීරියඩ් තුනම ළමයි ලව්ව ගණන් හැද්දෙව්වා. කෝම හරි ඉස්කෝලෙත් ඉවර උනා කියමුකෝ.

නාලක ගේට්ටුවෙන් එළියට යනකොටම වගේ දැක්ක මාලිකත් ටිකක් ඈතින් ඇවිදන් යනව. නාලකගෙ යාලුවන්ගෙන් තමන්ගෙ ගෙවල් පැත්තට වෙන්න කවුරුත් ඉදියෙ නෑ. එයාල හැමෝම වගේ එක එක පැතිවල අය. ඉතින් නාලක ටිකක් හයියෙන් ඇවිදන් ගිහින් මාලිකා ළගටම ආව


"මොකෝ තනියම යන්නෙ?" නාලක ඇහුවෙ නෝන්ඩියට වගේ. ඒත් මාලිකාට නම් එහෙම දෙයක් තේරුන් නෑ. එයා ටිකක් හිනා වෙලා බිම බලා ගත්ත.

"ඔයාලගෙ ගුරුවරු හරි සැරයිනෙ නාලක"

"කව්ද සැර?" නාලක ඇහුව.

"අර ඉන්ග්‍රීසි උගන්නන එක්කෙනා....."

නාලක හිනා උනා.

"එයා සැර නෑ හලෝ, ඔය චුට්ටක් බය කරගන්න කරන වැඩ. අනිත් වෙලාවට එයාත් නරක නෑ"

"එහෙමද?" මාලිකා ඇහුවෙ ඇස් දෙක ලොකු කරල. "අද ඔයාව ඉස්සරහටත් ගත්තෙ?"

"ශ්....... ශ්..... අනේ මේ ඕව නැන්දට එහෙම කියනව නෙවෙයි" නාලක කලබල උන බව මාලිකාට පෙණුන.

"ඒ මොකෝ?" මාලිකා ඇහුවෙ ඔලුව නාලක දිහාට යන්තමින් හරවල පොඩ්ඩක් හිනා වෙන ගමන්.

------------------------------------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........



Comments

  1. ඇයි බං අසංක සර් ගණන් හදවන්නෙ?

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ මොනවහරි හිතෙන්න ඇති

      Delete
  2. පාසල් කාලය සිහි වෙනවා මේ කොටසත් එක්ක.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම