Skip to main content

ඔබත් බෞද්ධාගමිකයෙක්ද? එහෙනම් මේකත් කියවන්න




වෙසක් කියන්නේ මොකක්ද? ගොඩක් අය ඒක හරියට දන්නෙ නෑ. සමහරු හිතන් ඉන්නව ඒක ගැන තමන් දන්නව කියල ඒත් ඒ කවෘත් කොටින්ම කීවොත් ලියන මම පවා ඒකෙ හරි අරුත වටහාගෙන නෑ කියලයි මම නම් හිතන්නෙ.

යාලුවනේ මම මේ කියන දේ ඔයාල කියවන්න බුදු දහම අදහන, අගය කරන් කෙනෙක්නම් විතරක්. වෙසක් කියන්නෙ අපි කාට කාටත් නිවාඩුවක්. අලුත් අවුරුද්දෙ ආතල් ගත්තෙ නැති අය තැන් තැන් වල සෙට් වෙලා ආතල් ගන්නව. ඒකද යාලුවනේ වෙසක් කියන්නෙ. නෑ. කවදාවත් නෑ. බුදු හාමුදුරුවො, අපේ ශාස්තෘන් වහන්සේ සත්ය හොයන් රාජ සම්පත් අතහැරියෙ මොකටද, ඒ මුලු ලෝකෙම යහපත් තැනකට ගේන උතුම් බලාපොරොත්තුව ඇතිව. උන්වහන්සෙගෙ ජයග්‍රහනයට, කැපවීමට පිටිපස්සෙ ඉදන් එතුමව ඉස්සරහට යැව්වෙ අන්න ඒ උතුම් බලපොරොත්තුව හන්ද එතුමා වටේ එකතු උන විශ්ව ශක්තිය. මම විශ්වාස කරන්නෙ එහෙමයි.

අද කාලෙ ගොඩාක් අය වෙසක් සමරන්නෙ අලුත් විදියකට. සමහරුන්ට ඒක නිවාඩු දවසක් විතරයි. සමහරු අරක්කු කාලක් අරන්, දුමක් කාරිය ඇදල අප්ඩි ත්‍රිල් එකක් ගන්නව. සමහරු මහා ලොකුවට බෝඩ් එල්ලන් මහ පාරෙ අපේ උතුම් බොදු සංකේත වන වන දන්සැල් දෙනව. තවත් අය තොරන්, වෙසක් කූඩු හදල අපි තමයි ලොකුම එක හැදුවෙ කියල සතුටු වෙනව. හොදම කූඩුව, තොරණ තෝරන්න තරඟ පවා තියෙනව........

වෙසක් කියන්නෙ මේකද? නෑ නේද? වෙසක් කියන්නෙ දවසක් විතරයි. ඒත් අනිත් දවස් වලට වඩා ගොඩාක් වෙනස් පින්බර දවසක්. අපේ බුදු හාමුදුරුවො මේ ලෝකෙට බිහි වෙලා, උතුම් සම්මා සම්බුද්දත්වයට පත් වෙලා, ජීවිතේ අවසන අනිත්ය බව පෙන්නල පිරිණිවන් පෑවෙත් මේ වෙසක් දවසෙ. ඒ කියන්නෙ එතුමාට කරන ඉහළම උපහාරය වෙසක් දවසෙ කරන්න ඕන කියන එක නෙවේ. අපි හැමදාම පුද පූජා කලත් එතුමා කරපු සේවයට සමාන කරන්න බෑ. වෙසක් සමරන්න ඕන ප්‍රතිපත්තියෙන්. ඒ කියන්නෙ පන්සිල්, අට සිල් සමාදන් වෙලා ජීවිතේ යහමගට ගැනීමෙන්. බුදුරජුන්ට කරන්න පුලුවන් ඉහළම පූජාව අන්න ඒකයි.

මම කියපු දේවල් වලට සමහරු මට බණීවි. මොකද මමත් වෙසක් කූඩුවක් හදල, දන්සැලක් එහෙම වදින්න නොයන කෙනෙක් නෙවේ. යාලුවනේ මම සර්ව සම්පූර්ණ නෑ. මම ත් ඔයාල වගේම තමා. සිනහවට, ජොලියට මාත් කැමතී. ඒත් මම කියන්නෙ එක දවසක්වත් පන්සිල් සුරකින්න අපිට පුලුවන්නම්. එක දවසක් හරි සුරාමේරෙන් වළකින්න පුලුවන්නම්. ඒවට ඇබ්බැහි උන කෙනෙක් මුදවන්න පුලුවන් නම් අන්න ඒකයි අපි මුළු කෝකෙම කරගන්න ඉහළම පින.


එහෙනම් හැමෝටම පින්බර වෙසක් දවසක් වේවා. ඔය හැම දෙනාම සසර අවසන උතුම් නිවන් සැප ලබා ගන්න වාසනාවන්තයෝ වේවා

Comments

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්