Posted by : Pabasara Mahindapala Friday, May 31, 2013


පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තියාගෙන අපවත් වුණාට පස්සෙ මෙච්චර කල් ගව
ඝාතනය ගැන කතා නොකරපු හුගක් අය ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. මුළු රටේම මේ ගැන
උනන්දුවක් ඇති වුණා කිව්වොත් හරි. ඒ වුණත් මේ රටේ සිද්ද වෙන්නෙ ගව ඝාතන විතරමද? අන්න ඒ ගැනත් අපි කතා කරන්න ඕනි.

අපේ ඇගේ වහල ලේ බොන මදුරුවෙක්ව දැක්කත් අපි මොකද කරන්නෙ. සමහරු උන්ව තලල දාන්නෙ
මේත් මං වගේම සත්වයෙක් නේද කියල පොඩ්ඩක්වත් දැනීමක් නැතිව. ඒ සතා මීට කලින් ආත්ම සිය
දහස් ගාණක අපේ අම්ම තාත්ත වෙලා ඉදල ඇති කියල අපිට මොහොතකටවත් හිතෙනවද?
දවසකට ලංකාවෙ ගවයන් 5000ක් ඝාතනය කරනව. ඒත් දවසකට ලංකාවෙ ධීවරයො මාළු කීයක්
අල්ලනව කියලද හිතන්නෙ. මිලියන ගාණකටත් වැඩියි. ධීවර කර්මාන්තය නගා සිටුවීම කියල මේවට තව
තව ආධාරත් ලැබෙනව. ගවයෙක් මරන්නෙ බෙල්ල කපල. ඒ වුනාට මාළුවෙක් මැරෙන්නෙ හුස්ම ගන්න
බැරුව හුගක් වෙලා වේදනා විදල. මාළු අල්ලන අය ඒක කරන්නෙ රස්සාවක් විදිහට බව ඇත්ත. ඒ වුණාට
ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නොකල යුතු වෙලදාම් පහෙන් එකක්. ඒ වගේ දෙයක් කරල
කවදාවත් දියුණුවක් ලබන්න බෑ.

ගවයෙක් මැරීමේ පවයි මාළුවෙක් මැරීමේ පවයි අතර  වෙනසක් තියෙනවා. ඒ වුණාට අපි කූඹියෙක්
මැරුවත් ඒක අයත් වෙන්නෙ ප්‍රාණගාත අකුසල කර්මයටමයි. අකාලයේ මැරෙන හැම සතෙක්ම
මැරෙන්නෙ තමන් කරපු මොකක් හරි අකුසල කර්මයක් නිසා බව ඇත්ත. අපි කවුරුත් කොයි
මොහොතක හරි මැරෙන්න ඕනි. එහෙම වුණා කියල අපිට අයිතියක් තියෙනවද සත්තු මරන්න. මත්ස්‍ය ඝාතන, මදුරු ඝාතන, කුකුල් ඝාතන ගැනත් අපි හිතන්න ඕනි නේද?

හරක් මරන කෙනෙක්, ධීවරයෙක්, කුකුලන් මරන කෙනෙක් බොහෝ දුරට ඊළග ආත්මයෙ උපදින්නෙ
හරකෙක්, මාළුවෙක් හෝ බ්‍රොයිලර් කුකුලෙක් වෙලා. එහෙමයි ප්‍රාණගාත අකුසලය විපාක දෙන්නෙ.
කුකුල්ලු මරන කෙනෙක් දවසකට කුකුල්ලු 500ක් මරනව කියල හිතන්න. එයා මුළු ජීවිත කාලෙටම
කුකුල්ලු කීයක් මරනව ඇතිද? ඒ අකුසලයට හරියන්න එයාට සිද්ද වෙනව කුකුලෙක් වෙලා තවත් ආත්ම
ගානක වෙන අයගෙ අතින් මැරුම් කන්න.

දැන් දැන් තාක්ෂණ දියුනුවත් එක්ක බ්‍රොයිලර් කුකුලෙක් මරන්න කලින් ජීවත් වෙන කාලය ටික ටික අඩු
වෙනව. ඒ කියන්නෙ වැඩි වාර ගණනක් ඌට මැරෙන්න වෙනව සහ වැඩි වාර ගණනක් මිනිස්සු
ප්‍රාණගාත අකුසලය සිද්ද කරගන්නව කියන එක. ඒ අතින් බලපුවහම ඒක දියුණුවක් නෙවෙයි පිරිහීමක්.
මේකෙන් වෙන්නෙ කර්ම විපාක දීමේ වේගය වැඩි වෙන එක.

මේ ලෝකෙ කවදාවත් අදට වඩා හෙට හොද වෙන්නෙ නෑ. ලෝකය දිගින් දිගටම යන්නෙ පිරිහීමට.
ඉතින් ඔබත් යන්නෙ පිරිහීම පැත්තටද? මේ වෙසක් සමයේ අන්න ඒ ගැනත් හිතන්න.

{ 6 comments... read them below or Comment }

  1. පරිසරයට හානි වෙන ගස් කොලන් කන එකත් නවත්තලා. දත් මිටි කාලා, හුලං බොන ක්‍රමයක් හොයාගත්තොත් නරකද?

    ReplyDelete
  2. ගව ඝාතන වගේ මිනිස් ඝාතන ගැනත් හිතමු. ලංකාවෙ කීයක් දෙනා මරණවද, මිනී මරුවො ඇප පිට නිදහස් වෙනවද, ස්ත්‍රී දූෂණ කොච්චරද, සිය වෙනි දූෂණය සමරන මන්ත්‍රීලා කොච්චරද, අතුරුදහන් කිරීම් කොච්චරද, ආදී වශයෙන්...

    ReplyDelete
  3. ගහ කොළ මෙන්ම සතා සීපාවාද විනාශ කිරීමට මා පෞද්ගලිකව විරුද්ධය.

    ReplyDelete
  4. අන්න හරි. මමත් කියන්නෙ මරන්නෙ හරක් විතරද? දවසකට කුකුලන්ම කී දෙනෙක් මරනවද? මම කුකුල් මස් කන 1 වෙනම දෙයක්. කඩේ නැත්නම්, අම්ම ගෙදරට ගේන්නෙ නැත්නම් අපි කුකුලො මරන් කනවයැ :P O:) හරක් මස්නම් කොහොමත් කන්නෙ නෑ. මම සත්ව ඝාතනය තරයේ හෙළා දකිමි.

    ReplyDelete
  5. "හරක් මරන කෙනෙක්, ධීවරයෙක්, කුකුලන් මරන කෙනෙක් බොහෝ දුරට ඊළග ආත්මයෙ උපදින්නෙ
    හරකෙක්, මාළුවෙක් හෝ බ්‍රොයිලර් කුකුලෙක් වෙලා. එහෙමයි ප්‍රාණගාත අකුසලය විපාක දෙන්නෙ.
    කුකුල්ලු මරන කෙනෙක් දවසකට කුකුල්ලු 500ක් මරනව කියල හිතන්න. එයා මුළු ජීවිත කාලෙටම
    කුකුල්ලු කීයක් මරනව ඇතිද? ඒ අකුසලයට හරියන්න එයාට සිද්ද වෙනව කුකුලෙක් වෙලා තවත් ආත්ම
    ගානක වෙන අයගෙ අතින් මැරුම් කන්න"

    මොන ආගමේ මොන දර්ශණයෙද, මේ වගේ දෙයක් කියලා තියෙන්නේ. නැත්නම් මේක තනිකරම ඔබතුමාගේ සොයාගැනීමක්ද?

    ReplyDelete
    Replies
    1. මේක බෞද්ධ දර්ශනයේ තියෙන දෙයක්. හැමෝටම එහෙම වෙනව කියල කියන්න බෑ. ඒ වුණාට බොහෝ දුරට එහෙම තමා වෙන්නෙ. මැරෙනකොට ඇතිවෙන චුති සිතේ උපාදානය කරගන්න දේ අනුව තමා ඊලග ආත්මය තීරණය වෙන්නෙ. මුළු ජීවිතේම සත්තු මරපු කෙනෙකුට මැරෙනකොට තමන් කරපු අකුසල කර්ම උපාදානය නොවී තියෙන්නෙ කලාතුරකින්.

      Delete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -