Posted by : Tharuka Gunaratne Thursday, May 9, 2013




                      ඔන්න දවසක් ගෙවිල තවත් අලුත් දවසකට ඉර උදා උනා. පෞ වෙච්ච දවස් දෙකේම ඉතින් මාලිකා කලේ අවට තිබුන හැම දේම නැන්දගෙන් අහගෙන් ඒ විදියට හැඩ ගැහිච්ච එකයි. ඒ හන්දම එයාට ගමේදි ලැබුනෙ නැති නිදහසක් දැනුන කිව්වොත් ඒකත් අමුත්තක් නෙවෙයි. අද නම් ඉතින් එයාගෙ පළවෙනි දවස අලුත් ඉස්කෝලෙට යන. උදේම නැගිටල ලක ලෑස්ති උනාට මාලිකාගෙ හිතේ පුංචි බය ගතියකුත් මෝදු උනා. එයා ඊයෙ රෑ මැදල ලෑස්ති කරල එහෙම තිබුන සුදු ගවුම ඇදන් ඔරලෝසුව දිහා බැලුව.

තාම නම් වැඩිය පරක්කු නෑ. හතට කාලයි. ඉස්කෝලෙ තියෙන්නෙ ඇවිදන් යන දුරේ හන්ද ඒ තරම් තදියමක් මාලිකාට තිබුනෙ නෑ. එයා හෙමීට කාමරෙන් එලියට ඇවිත් නැන්ද ඉදපු කුස්සිය පැත්තට ආව.


" ආ දුවේ ඔයා ලෑස්තිත් වෙලානෙ" නැන්ද පුදුම උනේ නෑ. මොකද නාලක දැනටමත් ඉස්කෝලෙ යන්නෙ ගෙදරින් පිටවෙලා තිබුන හන්ද. නැන්දගෙ මුනට හිනාවක් ආව.

"අද මම ඔයාව එක්කන් යන්නම් ඉස්කෝලෙට, අද පලවෙනි දවසනේ. ඔයාගෙ අම්ම මෙහෙ ආපු දවසෙම ඕනැ කරන දේවල් ඉස්කෝලෙට ගිහින් කරල තිව්න. ඒක හන්ද මම ඔයාව ඇරලන්නම්"

නැන්දගෙ කීමට මාලිකා හිනා උනා.

"අනේ ලොකු දෙයක් නැන්දේ" එයා කීව. "මම කොහොමත් අලුතෙන් යන හන්ද, චුට්ටක් බයයි"

නැන්ද මාලිකාගෙ පිගානට බත් බෙදල මේසෙ එයා ඉදගෙන ඉදපු තැනින් තිබ්බා.

" හොදට කාල යන්න දුවේ" නැන්ද කීවෙ ආපහු හැරෙන ගමන්. "නැත්නම් ඔයාට ඉගෙනගන්නත් අමාරු වේවි"

"හොදයි" කියපු මාලිකා කෑම එක දිහා බැලුව. බත් කන්දක් එක්ක මාලුව ගොඩකුත් ඒකෙ තියෙනව. කවදාවත් උදේට මෙච්චර කාල පුරුදු නැති උනත් මාලිකා පිගාන දිහාට මූන හරවන් හෙමීට කන්න පටන් ගත්ත. එතකොටයි එයාට නාලකව මතක් උනේ,

"කෝ නැන්දෙ නාලක?" මලිකා ඇහුවෙ නැන්ද දිහා බලල ඔච්චම් හිනාවක් දාන ගමන්. එයා හිතුවෙ නාලක තාමත් නිදි ඇති කියල. මොකද එයාගෙ අයිය ගැන එහෙම අත්දැකීම් ගොඩක් තිබුන හන්ද,

"තාම නිදිද?"

"එය නැගිට්ටෙ පහමාරට" නැන්ද කිව්වෙ පිගන් වගයක් රාක්කෙක අහුරන ගමන්. " ඔය ළමය කුස්සියට එන්න ටික වෙලාවකට කලිනුයි ඉස්කෝලෙ පිටත් උනේ"

මාලිකාගෙ මූනට අමුතු බැලමක් ආව. ඒත් එයා ඒක හංගගෙන කෑම එක කන්න පටන් ගත්ත. කාල ඉවර වෙනකම් ආයෙ මාලිකා නෙවෙයි ඔලුව ඉස්සුවෙ.

"දුවේ ඉක්මනට යමු" නැන්ද ලෑස්ති වෙලා ඉවරයි වගේ. "හතයි ව්සිපහයි."

"දෙයියනේ" මාලිකාට හිතුන. පරක්කුවෙයිද?

"එන්න ළම්යෝ" නැන්ද කිව්ව. මාලිකා ගෙයින් එළියට ආව. ඊට පස්සෙ නැන්දත් එක්ක පාරට ඇවිත් ඇවිදන් යන්න ගත්තා.

--------------------------------------------------------------------------------------------------------------

නාලක නම් ගෙදරින් පිට උනේ වෙනද යන වෙලාවටමයි. එයාට ඒ හැටි අමුත්තක් නෑ. මාලිකා තාම නැගිටලවත් නැති බව එයා කෑම කද්දි නැන්ද කිව්ව හන්ද නාලක එහෙමම ඉස්කෝලෙ ආවෙ , නැත්නම් එයාටත් පරක්කු වෙන බව දන්න හන්දයි.

සුපුරුදු විදියටම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම එයාගෙ ක්ලාස් එකේ සාරංගව හම්බ උනා. හැමදාම වගේ කාව හරි හම්බ වෙනවා. උන් දෙන්නත් වෙනද වගේ කයියක් දාගෙන පන්තියට ඇතුල් උනා.

තාම බෙල් එක ගහල නැති හන්ද පන්ති කාමරේ ගොඩක් කලබලයි. කස්ටියක් තැනක පාඩම් කරනව. එතැන වැඩිපුර ඉන්නෙ කෙල්ලො. ඒත් අතරින් පතර පන්තියෙ පැණියො දෙතුන් දෙනෙකුත් ඉන්නව නාලකට පෙනුන.

උන් කියල පිට එවුන්යැ. ගුඩ් මෝනින් පාර දාගෙන නාලකයි සාරංගයි පන්තියට ඇතුල් උනා.

නාලක ඉන්නෙ අන්තිම පේලියට ඉස්සරහ පේලියෙ. මුල ඉදල බැලුවොත් තුන් වැනි පේලියෙ. පන්තියේ පේලි මාරු වෙනව කිව්වට කවහාවත් ඒක නියමාකාරයෙන් ක්‍රියාත්මක උනේ නම් නෑ.

ඒක අකුරටම වැඩ කලේ කෙල්ලො ඉන්න පේලි හතරෙ විතරයි. පන්තියෙ පලවෙනිය වෙන ලසන්ති එහෙම ඉන්න පේලියෙ කෙල්ලො කවදාවත් දවසකට වඩා පස්සෙ පේලියෙ ඉදියෙ නැති එක ඒකට ප්‍රදාන හේතුවක්

නාලකත්, සාරංගත් තමන්ගෙ බෑග දෙක ඉන්න තැන් වලින් තියල උදේ පාන්දරම කුකුලත් අතින් අරන් ගියේ කැන්ටිමට. බෙල් එක ගහන්න වෙලා තියෙන හන්ද, නාලකලගෙ අනිත් උනට රැස්වීම පොලක් උනේ කැන්ටිම තමයි. ඒක ඉන්ටවල් එකටත් පොදු දෙයක්. ඔහේ මොනා හරි හප හපා පැත්තකට වෙලා මයිලයක් අදින්න, නයෙක් කාරිය අරින්න කැන්ටිම කියාපු තැන.

--------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට
කලින් කොටස් කියවන්න මෙතැනින්

මම Tharuka

Photo - Tereasa Palmer - [ Iam Number Four (2011) ]

{ 8 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -