Skip to main content

ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.)



ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස්  දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ.
මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ඒවා එච්චර සාර්ථක ක්‍රම නෙවයි.මේ දැන් මම කියලා දෙන්න හදන්නේ කෙල්ලිම්ම android දාන හැටි.ඒ කියන්නේ නිකම් xp,7,දානවා වගේ.
එතකොට තියන os එකට වෙන්නේ මොකද ඔයි.?
හරි ඉතින් ඉන්නවකෝ කියනකම්.තියන os එක බේරාගෙන තමා අපි මේ android දැම්මිල්ල කරන්නේ.(එහෙනම් කමක් නෑ නේ.:D)ඒ කට අපි කරන්නේ අපි ගාව තියන pen එකට android දාන එක.එක බොහොම සාර්ථක ක්‍රමයක්.
දැන් තියන ගැටලුව තමා මේක දාලා ඇති වැඩක් තියනවද?.ඔවු තියනවා

දැන් අපි මෙහෙම හිතමු ඔයාලාටක් ගාලා නුමු පොතට රිංගලා එන්න computer එක on කරනවා.ඔයාගේ එක අලුතෙන් ගෙනාපු හොද pc එකක් නම් කමක් නෑ.ටක් ගාලා on වෙනවා.ටක් ගාලා වැඩේ කරගත්ත ගියා.ඒ උනාට ඔයාගේ pc එකට ටිකක් පරණ පොඩ්ඩක් slow එකක් නම් මොකෝ වෙන්නේ ඔයාගේ වැඩේ කරගන්න ගොඩක් වෙලා යනවා.virus එකක් ඇවිත් තියනවා කියලා හිතමු ඔයා on කරන වෙලේ එක අයින් කරන්න තව වෙලා යනවා.තව ජර මර ගොඩයි.පැරණ pc එක පාවිච්චි කරන සමහර අයට නම් මේ අත්දැකීම් ඇති නේ.මම අමුතුවෙන් කියන්න ඕනි නෑ කියලා හිතනවා.
ඒ වගේ  වෙලාවට හරි පහසුයි මේ පෙන් එක ගැහුවා.android වලින් on කරා. ටක් ගාලා වැඩේ කරගත්ත.pc එක off  කරා.මාරු නේ.
තව වාසි තියනවා ටැබ්. වල දුවන ඕනි android app එකක් මේ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
තව දෙයක් තමයි මේ android os එක ඔයාලට දන්නා යන්නේ විනාඩි 10 වගේ කාලයක්.

දැන් ඉතින් දිග විස්තරයක අවසානය.ඒ කියන්නේ අපි වැඩේ කරන හැටි බලමු.

ඉස්සෙලම කොහේ හරි දාලා තියන පෙන් එක ගේ පෙරලලා හොයාගන්න නැත්තම් අල්ලපු ගෙදර එකාට දීලා නම් ඉල්ලගෙන එන්න :D

දැන් ඔයාලගේ අතේ තියනවා පෙන් එක.දැන් එකට android දාන්න ඕනි.කෝ දැන් android පෙන් එකට දාන්න.(ඉතින් දීපන් )එහෙම කිවුවට කොහෙද ඒක මාගාව නෑ.මෙන්න මේ site එකෙන් කැමති android
version එක බාගන්න ටක් ගාලා.හරි දැන් ඔයාලා ගාව android version එකත් තියනවා.ඇද යට තිබිලා හොයාගත්ත පෙන් එකත් තියනවා.
දැන් තියන android version එක පෙන් එකට දාන්න ඕනි.කොහොමද එක කරන්නේ.එක තමා ඊලග ප්‍රශ්නේ.
එක කරන්නේ මෙහෙමයි.
සොරි වෙන්න ඕනි කියන්න අමතක උනා එක කරන්න මේ සොෆ්ට් එක බාගන්න ඕනි.එක මෙතනින් බාගන්න.
දැන් ඕක run කරහම එනවා window එක මේ වගේ.

එකේ නිල් පාටින් රවුම් කරලා තියන තැනට ඔයාලගේ android file එක බාපු තැන දෙන්න.
රතු පාටින් රවුම් කරලා තියන තැනට පෙන් එක තෝරලා දෙන්න.
දැන් ok කරහම පෙන් එකට android වැටෙනවා.දැන් කරන්න තියෙන්නේ.පෙන් එකෙන් machine එක බූට් කරන්න.එතකොට එන option වලින් තෝරන්න boot from live cd කියන එක.කවුරුහරි කැමැති නම් හාර්ඩ් එකට android දාන්න install කියන එක තෝරන්න.install කරන්න කලින් කෝකටත් පෙන් එකෙන් බූට් කරලා බලන්න හොදද කියලා.
දැන් ඉතින් ඔයාලා android ටැබ් එකක අයිති කාරයෝ වගේ.කරලා බලලා කොහොමද කියලා comment එකක් හෙම දාලා යන්න.එතකොට අනික් අයත් බය නැතුව දාගන්නවා.එහෙනම් අපි කැපුනා.මතක ඇතුව අපේ මුණු පොතේ පිටුවටත් like එකක් දාලා යන්න.හොදේ

පසුව ලියමි.

මේ වැඩේ හරියටමඕනි නම් ඉතින් install කරන එක තමා හොද මොකද නැත්තම් ඔයාලා install කරන app හෙම දෙවැනි පාර on කරද්දී නෑ.එක නිසා පුළුවන් නම් යාළුවගේ පෙන් එකක් හරි ඉල්ලගෙන එක පෙන් එකකට කලින් කිවුව විදිහට iso image එක දාලා අනික් පෙන් එකට බූට් කරන තනිදී install කියන එකෙන් insatall කරන්න පෙන් එකට.එතකොට වැඩේ හරි.ලොකු හාර්ඩ් එකක් තියනවනම් අලුත් කොටසක් හදාගෙන 16gb විතර එකට දාන්න.

Comments

  1. කිව්ව විදිහටම කලා. මගේ පෙන් එකෙනම් එහෙම වුනේ නෑ.. ලෝඩ් වෙන්න නැහැ. ‍re-boot වෙලා ස්ටක් වෙනව.

    ගොඩක් හොද පෝස්ට් එකක්.. ස්තූතියි බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ මගේ නම් එලට වැඩ

      Delete
  2. වැඩේ එළකිරි වගේ හරි යනවා. බය නැතුව කරන්න පුළුවන් කියල කට්ටියටම කියන්න කැමති. හොඳ පොස්ටුවක් අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ හරියන කස්ටිය

      Delete
  3. machan onama android os ekak thoragaththata kamak nadda?
    eka pc eke requirements walata awulak wenne nahane?

    ReplyDelete
  4. meka hariyanne nahane ban.. Mage pc ekata damma.. Ara 1 comment eka damma kena wage mageth stuck wenawa.. Yanne naha.. Eka wenne thoraganna android os eka nisa wenna athi.. Ethana android os godak thiyanawa.. Mokak thoragannada kiyala hithaganna baha.. Mama thoragaththe ICS 4.0 RC2 amd

    ReplyDelete
    Replies
    1. මොක උනත් අවුලක් නෑ.4.2 ගත්තානම් වැඩිය හොදයි.දාපු විදිහේ වැරද්දක් ඇති

      Delete
  5. meka vedadha chamiyoo???????????

    ReplyDelete
  6. ඔන්න මමත් 4.2 බානව දාල බලමු. මෙක්ට ඩොන්ගලෙන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරගන්නෙ කොහොමද? ඔටෝ සෙට් වෙයිද?

    ReplyDelete
  7. ubala thoragaththa version eka kiyanawada????

    ReplyDelete
  8. windows xp srvce pck 2 ekata wada karana ekak nadda????mama mage dongle ekata memory crd eka gahala thamamai karala baluwe bt hari giye na neh


    ReplyDelete
  9. මචන් ගොඩක් හොඳ ලිපියක් මගෙත් වැඩ කරා එත් මේකෙන් නෙට් යන්න බැහැනේ .ඒක හදාගන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. wifi නම් පුළුවන් බන්

      Delete
  10. මගෙ මැශින් එකට pen ගහල boot කරන්න බෑනේ .එකට මොකද කරන්නේ

    ReplyDelete
  11. මගෙ මැශින් එකට pen ගහල boot කරන්න බෑනේ .එකට මොකද කරන්නේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්