Posted by : Pabasara Mahindapala Saturday, May 25, 2013



මැයි 24 වෙසක් පෝය දවසෙ release වුණු Fast and The furious 6 කලින් ෆිල්ම් පහටම වඩා වෙනස් එකක් කියල කියන්න පුළුවන්. Justin Lin අධ්‍යක්ෂණය කරපු මේකෙ තිර රචනය Chris Morganගෙ. Vin Diesel, Michelle Rodriguez, Paul Walker වගේ පරණ නළුවන්ට අමතරව අලුතෙන් එකතු වුණු නළුවෙක් තමා wrestling ක්‍රීඩක Dwayne Johnson ( The Rock ). කලින් ෆිල්ම් පහේම තේමාව වුණේ නීතියට එරෙහිව යමින් මහ පාරෙ කාර් රේස් පදින පාතාල කල්ලියක්. ඒ වුණාට මේ ෆිල්ම් එකේ තේමාව වෙන්නෙ ආරක්ෂක අංශයන්ට උදව් කරමින් අපරාධකරුවන් අල්ලන කණ්ඩායමක් ගැන.
ඩොමිනික්ගේ කල්ලිය මේ වන විට ඇමරිකාවෙන් පිට ලෝකය වටේම විසිරිලයි ඉන්නෙ. ඔවුන් කරපු අපරාධ නිසා ඇමරිකාවට එන්න බැරි තත්වයක් තියෙද්දි තමා ආරක්ෂක සේවා නියෝජිත ලුක් හොබ්ස් (Dwayne Johnson) ඩොමිනික්ට හම්බවෙන්නෙ. ඔවෙන් ශෝ කියන පාතාල සංවිධාන නායකයාව අල්ලන්න තමන්ට උදව් කලොත් ඩොමිනික්ගෙ කල්ලියේ සියලු දෙනාගේම අපරාධ වලට සමාව දෙන බව ඔහු කියනව. එතනදි තමා ඩොමිනික් දැනගන්නෙ මෙච්චර කල් මැරිල කියල හිතන් හිටපු ඔහුගෙ girlfriend Letty තාම ජීවත් වෙන බව. Letty දැන් වැඩකරන්නෙ ඔවෙන් ශෝගෙ පාතාල සංවිධානයෙ. ඇය amnesia, ඒ කියන්නෙ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙලෙනවාලු.
මේකෙ trailer වීඩියෝ එක හා මේක ගැන TV එකේ ගිය වැඩසටහන බැලුවහම නම් හිතෙනව කලින් ෆිල්ම් ටිකට වඩා වෙනස් හා හොද ෆිල්ම් එකක් කියල. ඒක ඉතින් බලලම තමා තීරණය කරන්න ඕනි. මේකෙ original DVD එක නම් තාම ඇවිල්ල නැතුව ඇති. Hall Copy නම් හොයාගන්න පුළුවන් වෙයි. මීළග Fast and the furious ෆිල්ම් එක මේ වසරේ අගෝස්තු වල සිට හදන්න පටන් ගන්නවලු.

11wada.blogspot වෙනුවෙන් Pabasara Mahindapala

{ 2 comments... read them below or Comment }

  1. Rock! Rock! Rock! Rock! Rock! Rock! Rock! Rock! Rock! Rock! Rock! Rock!

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -