Archive for June 2013

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [13වැනි කොටස]



මාලිකා කහොම හරි අමුතු බැලමක් මූනට අරන් නාලක දිහාවෙ බැලුව. නාලක චුට්ටක් හිනා උනා.

"මොකෝ?" ඇහුවෙ නාලක.

"මම හිතුවෙ පොඩි විහිලුවක් කරල ඔයාව පොඩ්ඩක් පල් කරන්න" මාලිකා කිවෙ බිම බලන්. "තරහ නෑ නේද?"

"හි හි හි " නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. ඊට පස්සෙ මාලිකා දිහා බැලුව. මාලිකත් පසුතැවිලි උන මූන එක වෙනස් කරන් නැතුව ඔහේ බලන් උන්න.

"අපෝ නෑ. ඕක හරි සුලු වැඩක් නේ. ඔයිට වඩා දේවල් මට වෙලා තියෙනවා."

"හෑ???" මලිකා ඇහුවෙ නලකගෙන් බැනුම් නාහපු සතුටත් හිතේ තියන්.

"ඒ මොනවද?"

"නාලක ආයිත් පොඩ්ඩක් හිනා උනා. "දන්නවද අර පන්තියෙ ඉස්සරහ පේලියෙ කොනේම ඉදිය කෙල්ල.?"

"ඔව්" මාලිකා කිව්ව. "අර කොණ්ඩෙ දිග මූසල පෙනුමක් තියෙන එක්කෙන නෙහ්?"

මාලිකා ඒක කියාපු විදියට නාලකටත් හිනා ගියා.

"ඒකි එක දවසක් මාව ඉස්කෝලෙ ලැබ් එක අස්සට දාල දොර වැහුව නේ. කරුමෙටම යතුර තිබුනෙත් එහා පැත්තෙ. ඒකි දොර ලොක් කරල යතුර මිස්ට දීල  යන්න ගිහින්"

"බොරු" මාලිකා හිනාව නවත්තගෙන කිව්ව. "එයා නපුරු පාට කෙනෙක් නෙවෙයිනෙ. ඔයත් මොනව හරි කරන්න ඇති එයාට"

"ඇත්තම කිව්වොත් මම තමයි මුලින්ම එයාට වැරැද්ද කලේ." නාලක කිව්වෙ හිනා වෙවී

"පොඩි විහිලුවක් කරා අපේ ක්ලාස් එකේ කොල්ලෙක් මතක් කරලා"


"ඔය බලන්න" මාලිකා කිව්වෙ ඇස් ලොකු කරල. 

"මම කිව්වෙ නැද්ද උයාගෙ තරම"

"ඒකෙන් වැඩක් නෑ මොකෝ මේ පැත්තෙ ආවෙ?" නාලක ඇහුවෙ කාමරේ කොණට යන්න හැරිල.

"ඔය පොඩි දේටත් සමාවෙන්ට කියන්නද?"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්" මාලිකා කිව්වෙ නාලකගෙ පොත් රාක්ක දිහා බලල. "මම ආවෙ ඔයාගෙ විචාර පොත ඉල්ලන් යන්නත් එක්ක."

"හෑ ඒ මොකෝ?"

"පොඩ්ඩක් බලන්න" මාලිකා කිව්වෙ ලස්සන හිනාවක් අරන්.

"මට අර ශානිකා කිව්ව ඔයා ලියන විචාර හරි ලස්සනයි. ඒව ඉක්මන්ට කියවල තේරුම් ගන්න පුලුවන් කියල"

"ඈ........" නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. 

"එයාද කිව්වෙ? හපොයි එයා ඔය ලස්සනයි කියන්න ඇත්තෙ විචාරෙ නෙවෙයි. ඒක ඉක්මනට කොපි කර ගන්න ලේසි හන්ද."

"බොරු" මාලිකා කිව්ව. "එයා විචාර ලියන්නෙ ඔයාගෙන් කොපි කරන්ද?"

"නැතුව"

"මහ කපටි කෙල්ලෙක් නේ" මාලිකත් හිනා උනා. 

"එයා එක්කල ඉදියොත් ඔයත් ලගදිම එයාටත් වඩා කපටි වේවි" නාලක කිවෙ හිනාවෙවී එයාගෙ විචාර පොත අතට අරන්.

"ඔන්න පොත්. කොපි කරනව එහෙම නෙවෙයි. තනියම ඔයාගෙ විචාරෙ ලියන්න"

"හ්ම්ම්ම්ම්" මාලිකා කිව්වෙ පොත අතට අරන් පිටු කීපෙකුත් පෙරලල. "එහෙම කරන්නම්කො සර්..... එහෙනම් ඔන්න මම යනවා"


එහෙම කියපු මාලිකා නාලකට මොකුත් හිතාගන්නවත් කාලයක් නොදී කාමරෙන් අතුරුදහන් උනා.

නාලකට එදා කරන්න මහ ලොකු වැඩ ගොඩක් තිව්නෙ නෑ. එයා වේලාසනින් අමාරු කියන වැඩ කොටස ඉවර කරල ඉස්කෝලෙ වැඩ කටයුතු ටිකත් පාඩම් එහෙම කරල ඉවර කරලයි තිබුනෙ. තමන්ගෙ පොත් රාක්කෙන් කියවල ඉවර නොකරපු පොතක් ඇරන් නාලක ඇදේ වාඩි උනා.
පොත කියවන්නමත් නෙවෙයි. කල්පනා කරන්නත් එක්ක

------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට





කියවන්ඩ අපහසුයි කියල ගොඩක් අය අකුරු ලොකු කරන්න ඉල්ලුව මගෙන්. ඔන්න එහෙනම්
Friday, June 28, 2013
Posted by Tharuka Gunaratne

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [12 වැනි කොටස]


නාලකට මොනා හිතුන ද කියන්න නම් මම දන්නෙත් නෑ. ඒත් එයා ගොඩාක් පුදුම උන බවක් නම් පෙනුනා. ඒක් හන්දමද කොහෙදෝ එයා කටත් ඇරන් නැන්ද දිහාවෙයි මාලිකා දිහාවෙයි විඩෙන් විඩේ බැලුව.

පුදුමෙකටත් වඩා ටිකක් වැඩි හැගීමක් තියන් එහෙම බැලුවත් නැන්දට නම් නාලකගෙ ඒ හැටි වෙනසක් පෙනුනෙ නෑ. ඒ හන්ද එයා නම් තාමත් සතුටු වෙනව. මාලිකා වචනයක්වත් නොකිය කෑම පිගාන දිහා බලන් නැන්දට නොපෙනෙන්න තනියෙම හිනා වෙනව. නාලක තාමත් වෙච්ච දේ හිතා ගන්න බැරුව ලත වෙනව. කෑම එක අල්ලලවත් නෑ

නැන්දට තාමත් මේ වෙනස පෙනුනෙ නෑ. ඒක හන්ද එයා මෙහෙමත් ඇහුව.

"ඉතින් නාලක පුතේ මොකක්ද් ඔයා ඔච්චර හොදට ලියපු රචනාවෙ මාතෘකාව?"

නාලක ඔලුව උස්සල බැලුව. මාලිකා දෝරෙ ගලන හිනාව නතර කර ගන්න බැරුව උඩ බිම බලනවා. එයාගෙ ඇස් දෙකත් ටිකක් ලොකු වෙලා, කම්මුල් රෝස පාට වෙලා. ඒ හන්ද මුලු මූනම හිනා වෙනව වගේ...

"ආ... මේ ... ඒක නැන්දෙ......." නාලක චුට්ටක් හිර උනා. ගණ දෙවි නුවණ පහල උනා. "තමන් ලගදි මුහුන දීපු අත්දැකීමක් ගැනයි ලියන්න තිබුනෙ"

වාසනාවට නැන්දා ඊට වඩා ප්‍රශ්න කලේ නම් නෑ. ඒක හන්ද නාලක හෙමීට තමන්ගෙ කෑම එක කන්න පටන් ගත්තා. 

"දැන් ඔය පළාත් තරගෙ තියෙන එකට සහතිකයක්වත් දේවි නෙ" නැන්ද කීවෙ හිතපු නැති විදියට. "අපිටත් පෙන්නන්න ඕන පුතේ"

" සහතික එන්න නම් ටිකක් පරක්කු වේවි කියල තම නැන්දෙ ටීච කීවෙ" නාලක කිව්ව. "ආපුවම නැන්දට නැතුව වෙන කාට පෙන්නන්න ද මම"

නැන්ද සතුටු උන බව මූනෙන් පෙනුන. එයා ඊට වඩා මුකුත් කීවෙ නෑ. ඒ අතෑ කෑම කාල ඉවර උන නාලක මේසෙන් නැගිට්ට. තමන්ගෙ පිගාන හෝදල රාක්කෙන් තියල කාමරේට යන පඩිපෙල නැගෙ නැන්දට සුබ රත්‍රියක් පතල.

එයා මාලිකා දිහෑවෙ යන්තමින්වත් බැලුවෙ නෑ. කෙල්ලට තමන් කරපු දේ ගැන චූටි දුකකුත් දැනුන. ඒත් සෙකන්ඩ් වෙන්නෙ මොකටද කියල එයාට හිතෙන්න ඇති. කොහොම උනත් අන්තිමේ ඔය ගැන කල්පනා කරපු මාලිකා මේසෙන් නැගිටල නාලකගෙ කාමරේට යන්න හිතන් නැගිටෙ "නාලක ගෙන් පොත් වගයක් ඉල්ලගන්න තියෙනව" කියල නැන්දට කියල.

පූසියක් වගේ පඩිපෙළ නැංග මාලිකා නාලකගෙ කාමරෙ දොර ගාවට ඇවිත් ටිකක් කල්පනා කලා. එයා ආවෙ පොතක් ඉල්ලන්න නෙවෙයිනෙ. ඇත්තටම නාලකට කරපු විහිලුවට සමාව ඉල්ලගන්න හිතන්. ඒත් නාලක බැනල එළවගත්තොත්? නැත්නම් එයා තමන් මහ නරක කෙල්ලෙක් කියල හිතුවොත්? ඔන්න ඔය වගේ දහසක් ප්‍රශ්න මාලිකාගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත. 

ඒත් අන්තිමේ මාලිකා හිත හදා ගත්ත. ඕන දේකට සූදානම්න් නාලකගෙ කාමරේ දොරට තට්ටු කලා. 

තත්පර කීපයක් ගතවෙලා නාලක දොර ළගට ඇවිත් ප්‍රස්න මොකුත් අහන් නැතුව දොර ඇරියා. දොර ඇරපු ගමන් නාලක දැක්කෙ අත් දේක පද්ද පද්ද ඉන්න මාලිකාව. නාලක මොකුත් කියන්න කලින් මාලිකා කතාව පටන් ගත්තා.

"අනේ නාලක තරහ වෙන්න නම් එපා" මාලිකා කිව්වෙ බිම බලන්. "දැන් නැන්දට සහතික පෙන්නන්නෙ කොහෙන්ද?"

නාලකට හිනා ගියා. ඒ වාගෙම මාලිකා ගැන පුංචි දුකකුත්.

"ඔයා තාම මා ගැන දන්නෙ නෑ නේ" නාලක කීව. "මට ඕව ගානක් නෑ. ඔයිට කලිනුත් ඔයිට සමාන දේවල් වෙලා තියෙනව. ඒක නෙවෙයි. නැන්දට කියන් නැත්නම් මම ඔයාට පෙන්නන්නද නැන්ද ඉල්ලපු සහතිකේ?"

"මොකක්?????" මාලිකා උඩ ගියා. නාලකට කොහෙන්ද සහතිකයක්?????????? 

"කොහෙන්ද සහතිකයක් ඔයට?"

මාලිකා ඇහුවෙ උපරිම පුදුමයෙන්. එයාගෙ ඇස් දෙක ලොකු වෙලා. එක අතකින් කටත් වැහුනා.

"මෙන්න බලන්න" නාලක සහතිකයක් මාකිකා අතට දුන්න.

අන්තර් පළාත් ඉංග්‍රීසි බාශා තරග - 11 ශ්‍රෙණිය

ලබා ඇති ස්තානය - පළමු

ආදී විදියට නාලකගෙ නම ලියල ඒකෙ පළාත් අද්යාපන අද්යක්ශක තුමාගෙ අත්සන යොදල තිබුන.

මාලිකා බෝම පුදුම උනා ඒකෙන්නම්.

"කො... කොහෙන්ද මෙහෙම එකක්?" මාලිකා ඇහුවෙ දරාගන්න බැරි පුදුමෙකින්. "කියන්නකො නාලක"

"හි හි හී" 

නාලක ජයග්‍රාහී විදියට හිනා උනා. 

"ඔයා නැන්දට බොරුවක් කියල හිතන් කියල තිබුනෙ ඇත්තනෙ. මතකද මට තුන් වැනි පීරියඩ් එකේ ඔෆිස් එකට එන්න කියල පණිවිඩයක් ඇවිත් තිව්න. ප්‍රින්සිපල්ම තමා මට ඔය සහතිකේ දුන්නෙ. කොහෙද මම ඒක කියන්න කල්ලින් ඔයා නැන්දට ගොතපු බොරුවක් කියලනෙ"

දෙයියනේ....... මාලිකාට හිතුන. ලෝක පුදුමයක් නෙ

------------------------------------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........
Monday, June 17, 2013
Posted by Tharuka Gunaratne

වැඩි වියදමක් නැතුව ඇති තරම් ගේම් ගහමු ( 3D ගේම් - සයිස් එක අඩුවෙන් )


අද මම කියන්න හදන්නෙ emulator වලින් console හා handheld ගේම් ගහන හැටි. සරලව කිව්වොත් emulator එකකින් කරන්නෙ එක කොම්පියුටර් සිස්ටම් එකක වැඩ කරන සොෆ්ට්වෙයාර් අනිත් කොම්පියුටර් සිස්ටම් වල වැඩ කරවන එක. Playstation, Xbox, Nintendo වගේ game console හා handheld ( game pad )  වල ගහන ගේම් එකක් emulator සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරල අපේ PC වල වැඩ කරවන්න පුළුවන්. ඒ ගේම් ෆයිල් තියෙන්නෙ ROM විදිහට. ඕනි game console හා handheld එකක ගහන ගේම් එකක ROM එකයි emulator එකකුයි තියෙයිනම් ඒ ගේම් එක අපේ PC එකක ගහන්න පුළුවන්.

මේ විදිහට emulator භාවිතා කරල ගේම් ගහනකොට තියෙන වාසියක් තමා හුගක් game console හා handheld වල ගහන ගේම් එක PC එකකින් ගහන්න පුළුවන් වෙන එක. හුගක් ROM වල සයිස් එක එච්චර නැති හින්ද download කරන්න වැඩි වියදමක් යන්නෙත් නෑ.






  1. Nintendo 64
      - මම කැමතිම ROM ජාතිය තමා N64. මේකෙ  
        තියෙන ගේම් ඔක්කොම වගේ 3D ගේම්.
        මේවගෙ සයිස් එකත් අඩුයි.

emulator මෙතනින් - http://www.emuparadise.me/Nintendo_64_Emulators/9

ROM ටික මෙතනින් ගන්න - http://www.emuparadise.me/Nintendo_64_ROMs/9





 2. Sony Playstation
      - Playstation තමා game console වලින් හොදම එක. ඒ වුණාට මේ ROM වල සයිස් එක ටිකක් වැඩි.

Playstation emulator ගන්න මෙතනින් - http://www.emuparadise.me/Sony_Playstation_Emulators/2

මේ තියෙන්නෙ ROM ටික - http://www.emuparadise.me/Sony_Playstation_ISOs/2


  3. Nintendo Dual Screen
      - NDS ගේම් වල ස්ක්‍රීන් දෙකක් තියෙනව. මේ ගේම් වල සමහර ඒව 3D.

emulator මෙතනින් - http://www.emuparadise.me/Nintendo_DS_Emulators/32

*  NDS ගහන්න ගත්තු No$GBA emulator එක පොඩි වැඩි වගේනම් මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඒක
    ලොකු කරගන්න පුළුවන්
    http://www.theisozone.com/downloads/pc/other/nozoomernds-emulator-for-pc/

ROM ටික මෙතනින් - http://www.emuparadise.me/Nintendo_DS_ROMs/32


  4. Game Boy Advance
      - GBA වල graphic එච්චර කොලිටි නැති හින්ද සමහර අයට හරියන්නෙ නැතුව ඇති. ඒ වුණාට මටනම්
        ගේම් ගහනකොට කොලිටියක් තියෙනව.

emulator මෙතනින් - http://www.emuparadise.me/Nintendo_Gameboy_Advance_Emulators/31

ROM ටික මෙතනින් - http://www.emuparadise.me/Nintendo_Gameboy_Advance_ROMs/31


මම වැඩියෙන්ම කැමති console හා handheld ගැන තමයි මේ කියල තියෙන්නෙ. අනිත් ඒව ගැන මෙතනින් බලන්න පුළුවන්.
http://www.emuparadise.me/roms-isos-games.php
Posted by Pabasara Mahindapala

troll face පාවිච්චි කරලා ෆොටෝ හදාගන්න හැටි

කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් ලියන්නේ.මේ එක එක වැඩ නිසා ලියන්න බැරි උනා.තාරුකයි පබසරයි එක එක ඒවා ලියලා තිබුනනේ.ඒවා කියවන්න ඇති කියලා හිතනවා.
අපේ ගෙදරටත් ආවනේ  අපේ වයසේ හැමෝගෙම ගෙවල් වලට ආවා වගේ ලියුමක් " ඔබගේ දරුවා මෙම විද්‍යාලයේ ගණිත අංශයට තෝරා ගැනීම පිලිබදව සලකා බැලීමට තීරණය කර ඇත" කියලා ඉතින් ඉස්සරහට ලියන්න වෙන්නේ අඩුවේ හොදේ

ඉසරහට අඩු උනාට අද ලියන්නේ දවස් ගානකට ආතල් ගන්න පුළුවන් වැඩක්.ඕගොල්ලෝ දානවා ඇති නේ troll face ගැන.සමහරු ඉතින් ඔය troll face පාවිච්චි කරලා එක ජෝක් කරලාමුණු පොත් පුරාම දානවනේ.ඒ උනාටඑයාලා කවුරුත් කියන්නේ නෑ ඒක කරන විදිහ.

එක නිසා අද මම ලියන්නේ මේ troll face පාවිච්චි කරලා එක එක ජොලි වැඩ කරන හැටි.

මේ troll face අතින් අදින්නකරදරයි නේ.එක නිසා මෙන්න මේ site එක පාවිච්චි කරලා පුළුවන් අපි ඕනි troll face එකක් දාලා රුප හදන්නේ
ඔය යට තියන් රූපේ විදිහට තමා work area එක පෙන්නනේ .අපිට ඕනි මුණු ජාතිය තෝරන්න පුළුවන්
rage maker කියලා ලොකුවට නම් දාලා තියන තැනට යටින් තියන drop down menu  එකෙන්.තව මුණුනේ පරමානය වෙනස් කරන්න පුළුවන් මුණ වටේ තියන කොටුවේ යට දකුණු කෙළවරෙන් අලලා.
file එකක icon එකක් පෙන්නන තැනින් පුළුවන් අපිට ඕනි පින්තුරයක් මේ work area එකට දාන්න.

එච්චරයි තමා ඉතින් මේ ගැනකියන්න තියෙන්නේ .මේ වැඩේ ගොන් ආතල් ගැනීම සදහා පමනක් පාවිච්චි කරන්න හොදේ.ඕනිම නම් ඉතින් යාළුවො ඉන්න පොටෝ එකක එයාලගේ මුණු උඩින් troll face දැම්මට අවුලකුත් නෑ.කැමති විදිහකට මේක පාවිචි කරන්න අනුන්ට හිරිහැර වේන විදිහට මේක පාවිචි කරන්නඩ නම් එපා ඕනින.එහෙනම් අපි කැපෙනවා තව දවසක තව සුපිරි වැඩක් ලියන්නම්.


Thursday, June 13, 2013
Posted by Chamika Ravinda

සැබෑ සතුට කියන්නෙ ලබාගැනීමක්ද? අතහැරීමක්ද? ( මෙක්සිකානු ධීවරයාගේ කතාව )


එක දවසක් මාළු අල්ලන්න ගිය මෙක්සිකෝවෙ ධීවරයෙක් උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර එන්න ලෑස්ති වුණාලු. මේක දැක්කලු ඇමරිකාවෙ ව්‍යාපාරික විද්‍යාලයක මහාචාර්ය කෙනෙක්. ඉතින් මහාචාර්යතුමා ගිහිල්ල අර ධීවරයගෙන් ඇහුවලු මොකද මේ උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර යන්නෙ කියල. ධීවරය කිව්වලු "අපේ ගෙදර කට්ටියට කන්නයි පොඩ්ඩක් විකුණන්නයි ඇති තරම් මාළු මම අල්ලල තියෙනව. ඒ හින්ද දැන් මම ගෙදර ගිහින් කෑම කාල බිරිදයි දරුවනුයි එක්ක කාලය ගත කරල රෑට මගේ යාළුවොත් එක්ක බාර් එකට ගිහින් ගිටාර් ගහල විනෝද වෙනව, ඉතින් ඒ ටික කරන්න මේ අල්ලපු මාළු ටික ඇති" කියල. 

ව්‍යාපාර ගැන හොදට දන්න මහාචාර්යතුමා මේ ධීවරයට ව්‍යාපාරික උපදේශයක් දුන්නලු. "ඔබ අද හවස් වෙනකන්ම මාළු ඇල්ලුවොත් දැන් වගෙ දෙතුන් ගුණයක් මාළු අල්ලගන්න පුළුවන් වෙයි. ඒ මාළු විකුණල ලැබෙන සල්ලි මාස කීපයක් ඉතුරු කරල ඔබට හුගක් විශාල මෝටර් බෝට්ටුවක් අරගෙන තව කට්ටියත් සේවයට අරගෙන හුගක් මුදල් හම්බ කරන්න පුළුවන්. මේ විදිහට තව අවුරුදු කීපයක් වැඩ කලොත් ඔබට විශාල ධීවර ව්‍යාපාරයක අයිතිකාරය වෙන්නත් පුළුවන් වෙයි. ඒ ව්‍යාපාරය තව දියුණු කරල ඔබට ඩොලර් මිලියන ගාණක් හම්බ කරගන්න පුළුවන්."

මෙක්සිකන් ධීවරය අන්තිමට ඇහුවලු "මහාචාර්යතුමා මිලියන ගණන් ඩොලර් වලින් මට මොකක්ද කරන්න පුළුවන් කියල"

මහාචාර්යතුමා කියල දුන්නලු ඩොලර් මිලියන ගාණයකින් කරන්න පුළුවන් දේ. "එතකොට ඔබට පුළුවන් සදහටම විශ්‍රාම ගන්න. මේ වගේ ලස්සන ගම්මානයකින් ගෙදරක් අරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කැමතිනම් ඉස්සර වගේම උදේට මාළු අල්ලන්න යන්නත් පුළුවන්. ඔබේ බිරිද හා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරන්න පුළුවන්. ඔබේ පරණ මිතුරන් සමග කැමති විදිහකට විනෝද වෙන්න පුළුවන්. ඔව්, ඔබට ඒ මුදල් වලින් ඉතාම සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන්."

මේ ඔක්කොම අහගෙන ඉදපු ධීවරය කිව්වලු "මහාචාර්යතුමා මම දැනුත් ඔය ඔක්කොම ටික කරනවනෙ" කියල.

ජීවිතයෙන් සතුටක් ලබන්න ඕනිනම් මහන්සි වෙලා වැඩකරල මොනා හරි ලබාගන්න ඕනි කියල හුගක් අය විශ්වාස කරනව. ඒත් අතහැරීමෙන් ලැබෙන සතුට ඊට වඩා හුගක් වටිනව. 

සැබෑ සතුට ලැබීම කියන්නෙ අතහැරීමයි.

නමුත් මේ සියල්ල අතහැරීම භෞතික විදිහට කළොත් ඒක සියදිවි නසාගැනීමක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් වුණත් සිවුපසය ලබන බව ඔබ දන්නව. නමුත් රහතන් වහන්සේ නමක් මේ සියළු දේම සිතින් අතහැරලයි ඉන්නෙ. උන්වහන්සේට ඇලීම් හෝ ගැටීම් කිසිවක් නැහැ.
මේ ධීවරයගෙ කතාවෙන් මම කියන්න උත්සාහ කළේ සරලව ජීවත්වීම ගැනයි. සරලව ජීවත් වෙලා සතුටක් ලැබීම ගැනයි.

ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. 
ඔබට සියල්ලම ලැබෙන විට ඔබට ඒ කිසිවක් අවශ්‍ය නොවේ. ඔබ සියල්ලම අතහැර ඇති බැවිනි.

එක එක වැඩ බ්ලොග් අඩවිය වෙනුවෙන් Pabasara Mahindapala ගෙන්
Posted by Pabasara Mahindapala

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [ එකොලොස්වැනි කොටස ]





"ඕව එයා දන්නෙ නෑ" නාලක කිව්වෙ පාරෙ තියෙන ගල් කැටේකට පයින් ගහල. 

"එයා දන්නෙ මම හොදට වැඩ කටයුතු කරන්න ඉන්නව කියල"


"ඇත්තට?" 

මාලිකා කීවෙ ඇස් ලොකු කරල.

 "ළමය ගෙදර පාඩම් කරපු හැටියට නම් මම හිතුවෙත් එහෙම තමයි."


නාලක හිනා උනා. ඒක නම් ඇත්ත තමයි. නාලක කවදාවත් ඉස්කෝලෙන් හොද විදියට යමක් ඉගෙන ගත්තෙ නෑ. ඒත් එයා නෝට් එක නම් හරියටම ලියා ගත්තා. ගෙදර ඇවිත් පාඩම් කලා. ඒක හන්ද ඉස්කෝලෙ අයට නාලක කියන්නෙ ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්. ඒත් ගෙදරට එයා බොහොම හොද වැඩකාරයෙක්. ඔය දෙකේ වෙනස බලන්න කවදාවත් නැන්දට නාලක ඉඩ දුන්නෙ නෑ. මොකද එය දැනන් හිටියා තමන්ට තමන්ගෙ ඉලක්කයට යන්න මේ කරන ප්‍රමානය හොදටම ප්‍රමානවත් විත්තිය.


මාලිකා නාලක දිහා බැලුව. ඒත් නාලක කල්පනා කරන්නෙ මොනා ගැනද කියන්න නම් එයා දැනන් ඉදියෙ නෑ. 


"මොකෝ?" මාලිකා නාලක දිහා බලල ඇහුව.


"මුකුත් නෑ"  නාලක එහෙම කිව්වත් එයාට මාලිකා ගැන ඇතිවුනේ සැකයක්. මේකි ගිහින් ඉස්කෝලෙ වෙච්ච දේවල් නැන්දට කිවොත් එහෙම. විනාසයි. කවදාවත් වැරැද්දක් නොකරපු හොදම හොද නාලක එකපාරටම පන්තියෙදි දඩුවම් විදලා. නැන්දට මොනා හිතෙයිද?


"මාලිකා...." නාලක කිව්ව. "පොරොන්දු වෙන්න ඕන ඔයා අද ඉදන් ඉස්කෝලෙ වෙන දේවල් නැන්දට නොකිය ඉන්න. ඔයාට වෙන දේවල් නෙවේ. මට වෙන දේවල්."


"ඈ......" මාලිකා රතු පාට උනා. "හැමදාම ඔය වගේ දේවල් වෙනවද?"


එයා ඇහුවෙ පුදුමෙන්. මොකද මේව මහා දඩුවම් හැටියටයි එයා හිතන් ඉදියෙ. ඒත් නාලක නම් ඒක එච්චර ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ...


"හැමදාමමත් නෙවෙයි.." නාලක පොඩි ලැජ්ජාවකින් ඇඹරුනා වගේ පෙනුන. "ඒත් ගොඩක් වෙලාවට වෙනව"


"මට නම් ඕව පොරොන්දු වෙන්න බෑ ඔන්න" ගේ පේන මානෙටම ඇවිත් මාලිකා උත්තර දුන්නෙ පොඩ්ඩක් කල්පනා එහෙමත් කරල.


"අනේ" නාලක පින්සෙන්ඩු උනා. "එහෙම කරන්න එපා"


"මට නම් බෑ"


"නපුරි" නාලකට තරහ ගියා.


මාලිකා ටිකක් අමුතු විදියෙ විකාර හිනාවක් මූනට දාගෙන නාලකට ඔරවල ගේ ඇතුලට ගියා.


 නාලකට පොඩි අමුත්තක් දැනුන. තමන් කලින් දැකල, කතා කරන තියෙන අයට වඩා මුන්දැ වෙනස්. මොකද කියලනම් දන්නෙ නෑ. නාලක ආශ්‍රය කරල තියෙන හැම කොල්ලට, කෙල්ලටම වඩා මාලිකා ගොඩාක් වෙනස්. නැත්නම් ඉස්කෝලෙ වෙන හැම දේම ගිදර ගොහින් කියල තමන්ගෙ යාලුවො පාවා දෙන්නෙ නෑ නේ. නාලකට නම් හිතුනෙ එහෙමයි. දැනට නම් මට හිතෙන්නෙත් එහෙම තමා.


නාලක තමන්ගෙ කාමරේට ගිහින් දොර වහල බාත්‍රූම් එකෙන් නා ගත්තා. ඔය ඔක්කොම දේවල් කරල ඉවර වෙලා පහලට බැස්සම තමයි නාලක දැක්කේ නැන්දයි මාලිකයි කෑම මේසෙට වාඩි වෙලා නාලක එනකම් බලන් උන්න බව.


නාලකට වැඩේ තේරුනා. මේකි ඔක්කොම කියන නැන්දට. නැත්නම් නැන්ද් කවදාවත් නාලක එනකම් ඉන්නෙ නෑ. ඔය බලන් ඉන්නෙ මගෙන් ඔය ගැන අහන්න වෙන්න ඇති. මොනාද දැන් කියන්නෙ....


දහසක් උත්තර හිතට ගලාගෙන ආව. ඒත් කියන්න තාම ඉක්මන් වැඩිනෙ. ඒ හන්ද නාලකත් කෑම මේසෙට වාඩි වෙලා පිගානට කෑම බෙදා ගත්තා. 


"නාලක පුතා අද මාර වැඩක්නෙ කරල තියෙන්නෙ" නැන්ද කිව්වෙ විමසිලිවත්ව නාලක දිහා බලල. 


"හෑ ... මේ ....... මේ මොක්.... මොකක්ද නැන්දේ" නාලක යාන්තමින් වචන ගැටගහ ගත්තා.


"මට මාලිකා දූ ඔක්කොම විස්තරේ කිව්ව" 

නැන්ද කිව්වෙ මාලිකා දිහත් බලල. නාලක බයෙන් වගේ නැන්ද දිහා බලල මාලිකා දිහා බැලුව. බත් පිගාන දිහා බලන් රෝස මලක් වගේ හිනාවෙන මාලිකාගෙ හිනාවෙ තේරුම නාලකට තේරුනේ නෑ. 


"මො.... මො..... මොන ව ගැනද නැන්දේ?"

 නාලක ඊට පස්සෙ ඇහුව.


"ඇයි නාලක පුතා  ඔයා ලියපු රචනාවක් ඉන්ග්‍රීසි දිස්ත්‍රික් තරග වලින් දිනල කිව්ව. අද ඔයාලගෙ ඉන්ග්‍රීසි මිස් ඔයාව පන්තියෙ ඉස්සරහට ගෙන්නල විශ් කලාලු නේ......."


නැන්ද බොහොම සතුටින් කිව්ව.


"අපිටත් කොච්චර සතුටුද ඉතින්. කෝ ඔයා එහෙම එකක් කියපු බව නිකමටවත් මට කිවෙ නෑ නෙ. මාලිකා දූ කියනකම් මම දැනන් ඉදියෙ නෑ එහෙම එකක්. අඩුගානෙ ඔයා ඔච්චර හොදට රචනා ලියන්න දන්න බව වත්."


නාලකට දෙලොව රත් උනා..
------------------------------------------------------------------------------------------------------------


ඉතිරිය පසුවට.....


යාලුවනේ කතාව සතියකට සැරයක් අනිවා දානවා. ඒ ගැන සැකයක් හිතන්න එපා. ඒ වගේම අපි පුංචියට පටන් ගත්ත මේ බ්ලොග් එක මේ මාස 6 තුල 30,000 දෙනා බලල තියෙනව. ඒ ගැන මට අව්ංකවම සතුටුයි. හැමෝටම ජයවේවා.................


Thursday, June 6, 2013
Posted by Tharuka Gunaratne

ලෙසියන්ම video හදාගන්න හැටි (ඕනි කෙනෙකුට ඕනි විදිහට )

   

      කාලෙකට පස්සේ තමා බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ.මේක ගොඩ දෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතනවා.
සමහරු ඉන්නවා නේ fiverr එකේ  orders එන්නේ නෑ කියාගෙන.ඉතින් එයාලා එක එක එකෙනාගෙන් අහනවා order ගන්නේ කොහොමද කියලා.එයාලා කියනවා ඉතින් දාන්න මල්ලි gig එකට video එකක්.හදපන් කෝ video.කොහොමෙ ඒවා හදන්නේ.මම දන්නවද ඒවා හදන්න.ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා.ඔයා animoto එක්ක නම් ඔයා දන්නවා video හදන්න.
ආ animoto, මොකක්ද ඒ.?
එකෙන් කොහොමද video හදන්නේ.?

animoto කියන්නේ නොමිලේ දෙන වෙබ් සේවයක්.එකෙන් fiverr එකට විතරක් නෙවෙයි ඔයාලාට ඕනි කරන තව තව දේවල් වලට video ලේසියෙන්ම හදාගන්න පුළුවන්.

මේක පාවිච්චි කරන්න හරි ලේසි.ඉස්සෙලම කරන්න තියෙනේ කැමති theam එකක් තෝරලා එකට ඔයාලට ඕනි photo,video දාන්න එක.කැමති තැන වලට text උනත් එකතු කරන්න පුළුවන්.music එකක් උනත් එයාලා දෙනවා.කැමති නම් අපිට ඕනි music එකක් උනත් දාන්න පුළුවන්.ඔය විදිහට ඉතින් කැමති කැමති විදිහට වෙනස් කරලා ඔයාලට ඕනි video එක ලස්සනට හදාගන්න පුළුවන්.මේකේ වැඩ කරන්න තියන විදිහ ගොඩක් දුරට movei maker එකට සමානයි.ඒ උනාට මේකෙන් ඊට වඩා ගොඩක් ඉහල ගනයේ video හදන්න පහසුකම් දීලා තියනවා.

මේ වෙබ් සේවයෙන්  කැමති අයට දාගන්න android  app එකකුත් තියනවා.හැබැයි මේක ගොඩක් දුරට වැඩ කරන්නේ tab වල තමා.app එක මෙතනින් ගන්න.

එහෙනම් ඉතින් මෙතනින් වෙබ් සේවයට ගිහිල්ලම බලන්න සුවර් ඕගොල්ලන්ට හොද video එකක් හදාගන්න පුළුවන්.

Wednesday, June 5, 2013
Posted by Chamika Ravinda
Tag :

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -