Posted by : Tharuka Gunaratne Monday, June 17, 2013


නාලකට මොනා හිතුන ද කියන්න නම් මම දන්නෙත් නෑ. ඒත් එයා ගොඩාක් පුදුම උන බවක් නම් පෙනුනා. ඒක් හන්දමද කොහෙදෝ එයා කටත් ඇරන් නැන්ද දිහාවෙයි මාලිකා දිහාවෙයි විඩෙන් විඩේ බැලුව.

පුදුමෙකටත් වඩා ටිකක් වැඩි හැගීමක් තියන් එහෙම බැලුවත් නැන්දට නම් නාලකගෙ ඒ හැටි වෙනසක් පෙනුනෙ නෑ. ඒ හන්ද එයා නම් තාමත් සතුටු වෙනව. මාලිකා වචනයක්වත් නොකිය කෑම පිගාන දිහා බලන් නැන්දට නොපෙනෙන්න තනියෙම හිනා වෙනව. නාලක තාමත් වෙච්ච දේ හිතා ගන්න බැරුව ලත වෙනව. කෑම එක අල්ලලවත් නෑ

නැන්දට තාමත් මේ වෙනස පෙනුනෙ නෑ. ඒක හන්ද එයා මෙහෙමත් ඇහුව.

"ඉතින් නාලක පුතේ මොකක්ද් ඔයා ඔච්චර හොදට ලියපු රචනාවෙ මාතෘකාව?"

නාලක ඔලුව උස්සල බැලුව. මාලිකා දෝරෙ ගලන හිනාව නතර කර ගන්න බැරුව උඩ බිම බලනවා. එයාගෙ ඇස් දෙකත් ටිකක් ලොකු වෙලා, කම්මුල් රෝස පාට වෙලා. ඒ හන්ද මුලු මූනම හිනා වෙනව වගේ...

"ආ... මේ ... ඒක නැන්දෙ......." නාලක චුට්ටක් හිර උනා. ගණ දෙවි නුවණ පහල උනා. "තමන් ලගදි මුහුන දීපු අත්දැකීමක් ගැනයි ලියන්න තිබුනෙ"

වාසනාවට නැන්දා ඊට වඩා ප්‍රශ්න කලේ නම් නෑ. ඒක හන්ද නාලක හෙමීට තමන්ගෙ කෑම එක කන්න පටන් ගත්තා. 

"දැන් ඔය පළාත් තරගෙ තියෙන එකට සහතිකයක්වත් දේවි නෙ" නැන්ද කීවෙ හිතපු නැති විදියට. "අපිටත් පෙන්නන්න ඕන පුතේ"

" සහතික එන්න නම් ටිකක් පරක්කු වේවි කියල තම නැන්දෙ ටීච කීවෙ" නාලක කිව්ව. "ආපුවම නැන්දට නැතුව වෙන කාට පෙන්නන්න ද මම"

නැන්ද සතුටු උන බව මූනෙන් පෙනුන. එයා ඊට වඩා මුකුත් කීවෙ නෑ. ඒ අතෑ කෑම කාල ඉවර උන නාලක මේසෙන් නැගිට්ට. තමන්ගෙ පිගාන හෝදල රාක්කෙන් තියල කාමරේට යන පඩිපෙල නැගෙ නැන්දට සුබ රත්‍රියක් පතල.

එයා මාලිකා දිහෑවෙ යන්තමින්වත් බැලුවෙ නෑ. කෙල්ලට තමන් කරපු දේ ගැන චූටි දුකකුත් දැනුන. ඒත් සෙකන්ඩ් වෙන්නෙ මොකටද කියල එයාට හිතෙන්න ඇති. කොහොම උනත් අන්තිමේ ඔය ගැන කල්පනා කරපු මාලිකා මේසෙන් නැගිටල නාලකගෙ කාමරේට යන්න හිතන් නැගිටෙ "නාලක ගෙන් පොත් වගයක් ඉල්ලගන්න තියෙනව" කියල නැන්දට කියල.

පූසියක් වගේ පඩිපෙළ නැංග මාලිකා නාලකගෙ කාමරෙ දොර ගාවට ඇවිත් ටිකක් කල්පනා කලා. එයා ආවෙ පොතක් ඉල්ලන්න නෙවෙයිනෙ. ඇත්තටම නාලකට කරපු විහිලුවට සමාව ඉල්ලගන්න හිතන්. ඒත් නාලක බැනල එළවගත්තොත්? නැත්නම් එයා තමන් මහ නරක කෙල්ලෙක් කියල හිතුවොත්? ඔන්න ඔය වගේ දහසක් ප්‍රශ්න මාලිකාගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත. 

ඒත් අන්තිමේ මාලිකා හිත හදා ගත්ත. ඕන දේකට සූදානම්න් නාලකගෙ කාමරේ දොරට තට්ටු කලා. 

තත්පර කීපයක් ගතවෙලා නාලක දොර ළගට ඇවිත් ප්‍රස්න මොකුත් අහන් නැතුව දොර ඇරියා. දොර ඇරපු ගමන් නාලක දැක්කෙ අත් දේක පද්ද පද්ද ඉන්න මාලිකාව. නාලක මොකුත් කියන්න කලින් මාලිකා කතාව පටන් ගත්තා.

"අනේ නාලක තරහ වෙන්න නම් එපා" මාලිකා කිව්වෙ බිම බලන්. "දැන් නැන්දට සහතික පෙන්නන්නෙ කොහෙන්ද?"

නාලකට හිනා ගියා. ඒ වාගෙම මාලිකා ගැන පුංචි දුකකුත්.

"ඔයා තාම මා ගැන දන්නෙ නෑ නේ" නාලක කීව. "මට ඕව ගානක් නෑ. ඔයිට කලිනුත් ඔයිට සමාන දේවල් වෙලා තියෙනව. ඒක නෙවෙයි. නැන්දට කියන් නැත්නම් මම ඔයාට පෙන්නන්නද නැන්ද ඉල්ලපු සහතිකේ?"

"මොකක්?????" මාලිකා උඩ ගියා. නාලකට කොහෙන්ද සහතිකයක්?????????? 

"කොහෙන්ද සහතිකයක් ඔයට?"

මාලිකා ඇහුවෙ උපරිම පුදුමයෙන්. එයාගෙ ඇස් දෙක ලොකු වෙලා. එක අතකින් කටත් වැහුනා.

"මෙන්න බලන්න" නාලක සහතිකයක් මාකිකා අතට දුන්න.

අන්තර් පළාත් ඉංග්‍රීසි බාශා තරග - 11 ශ්‍රෙණිය

ලබා ඇති ස්තානය - පළමු

ආදී විදියට නාලකගෙ නම ලියල ඒකෙ පළාත් අද්යාපන අද්යක්ශක තුමාගෙ අත්සන යොදල තිබුන.

මාලිකා බෝම පුදුම උනා ඒකෙන්නම්.

"කො... කොහෙන්ද මෙහෙම එකක්?" මාලිකා ඇහුවෙ දරාගන්න බැරි පුදුමෙකින්. "කියන්නකො නාලක"

"හි හි හී" 

නාලක ජයග්‍රාහී විදියට හිනා උනා. 

"ඔයා නැන්දට බොරුවක් කියල හිතන් කියල තිබුනෙ ඇත්තනෙ. මතකද මට තුන් වැනි පීරියඩ් එකේ ඔෆිස් එකට එන්න කියල පණිවිඩයක් ඇවිත් තිව්න. ප්‍රින්සිපල්ම තමා මට ඔය සහතිකේ දුන්නෙ. කොහෙද මම ඒක කියන්න කල්ලින් ඔයා නැන්දට ගොතපු බොරුවක් කියලනෙ"

දෙයියනේ....... මාලිකාට හිතුන. ලෝක පුදුමයක් නෙ

------------------------------------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........

{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -