Posted by : Pabasara Mahindapala Thursday, June 13, 2013


එක දවසක් මාළු අල්ලන්න ගිය මෙක්සිකෝවෙ ධීවරයෙක් උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර එන්න ලෑස්ති වුණාලු. මේක දැක්කලු ඇමරිකාවෙ ව්‍යාපාරික විද්‍යාලයක මහාචාර්ය කෙනෙක්. ඉතින් මහාචාර්යතුමා ගිහිල්ල අර ධීවරයගෙන් ඇහුවලු මොකද මේ උදෙන්ම වැඩ ඉවර කරල ගෙදර යන්නෙ කියල. ධීවරය කිව්වලු "අපේ ගෙදර කට්ටියට කන්නයි පොඩ්ඩක් විකුණන්නයි ඇති තරම් මාළු මම අල්ලල තියෙනව. ඒ හින්ද දැන් මම ගෙදර ගිහින් කෑම කාල බිරිදයි දරුවනුයි එක්ක කාලය ගත කරල රෑට මගේ යාළුවොත් එක්ක බාර් එකට ගිහින් ගිටාර් ගහල විනෝද වෙනව, ඉතින් ඒ ටික කරන්න මේ අල්ලපු මාළු ටික ඇති" කියල. 

ව්‍යාපාර ගැන හොදට දන්න මහාචාර්යතුමා මේ ධීවරයට ව්‍යාපාරික උපදේශයක් දුන්නලු. "ඔබ අද හවස් වෙනකන්ම මාළු ඇල්ලුවොත් දැන් වගෙ දෙතුන් ගුණයක් මාළු අල්ලගන්න පුළුවන් වෙයි. ඒ මාළු විකුණල ලැබෙන සල්ලි මාස කීපයක් ඉතුරු කරල ඔබට හුගක් විශාල මෝටර් බෝට්ටුවක් අරගෙන තව කට්ටියත් සේවයට අරගෙන හුගක් මුදල් හම්බ කරන්න පුළුවන්. මේ විදිහට තව අවුරුදු කීපයක් වැඩ කලොත් ඔබට විශාල ධීවර ව්‍යාපාරයක අයිතිකාරය වෙන්නත් පුළුවන් වෙයි. ඒ ව්‍යාපාරය තව දියුණු කරල ඔබට ඩොලර් මිලියන ගාණක් හම්බ කරගන්න පුළුවන්."

මෙක්සිකන් ධීවරය අන්තිමට ඇහුවලු "මහාචාර්යතුමා මිලියන ගණන් ඩොලර් වලින් මට මොකක්ද කරන්න පුළුවන් කියල"

මහාචාර්යතුමා කියල දුන්නලු ඩොලර් මිලියන ගාණයකින් කරන්න පුළුවන් දේ. "එතකොට ඔබට පුළුවන් සදහටම විශ්‍රාම ගන්න. මේ වගේ ලස්සන ගම්මානයකින් ගෙදරක් අරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කැමතිනම් ඉස්සර වගේම උදේට මාළු අල්ලන්න යන්නත් පුළුවන්. ඔබේ බිරිද හා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරන්න පුළුවන්. ඔබේ පරණ මිතුරන් සමග කැමති විදිහකට විනෝද වෙන්න පුළුවන්. ඔව්, ඔබට ඒ මුදල් වලින් ඉතාම සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන්."

මේ ඔක්කොම අහගෙන ඉදපු ධීවරය කිව්වලු "මහාචාර්යතුමා මම දැනුත් ඔය ඔක්කොම ටික කරනවනෙ" කියල.

ජීවිතයෙන් සතුටක් ලබන්න ඕනිනම් මහන්සි වෙලා වැඩකරල මොනා හරි ලබාගන්න ඕනි කියල හුගක් අය විශ්වාස කරනව. ඒත් අතහැරීමෙන් ලැබෙන සතුට ඊට වඩා හුගක් වටිනව. 

සැබෑ සතුට ලැබීම කියන්නෙ අතහැරීමයි.

නමුත් මේ සියල්ල අතහැරීම භෞතික විදිහට කළොත් ඒක සියදිවි නසාගැනීමක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් වුණත් සිවුපසය ලබන බව ඔබ දන්නව. නමුත් රහතන් වහන්සේ නමක් මේ සියළු දේම සිතින් අතහැරලයි ඉන්නෙ. උන්වහන්සේට ඇලීම් හෝ ගැටීම් කිසිවක් නැහැ.
මේ ධීවරයගෙ කතාවෙන් මම කියන්න උත්සාහ කළේ සරලව ජීවත්වීම ගැනයි. සරලව ජීවත් වෙලා සතුටක් ලැබීම ගැනයි.

ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. 
ඔබට සියල්ලම ලැබෙන විට ඔබට ඒ කිසිවක් අවශ්‍ය නොවේ. ඔබ සියල්ලම අතහැර ඇති බැවිනි.

එක එක වැඩ බ්ලොග් අඩවිය වෙනුවෙන් Pabasara Mahindapala ගෙන්

{ 1 comments... read them below or add one }

  1. ජිවිතයට වැදගත්ම කථාවක්.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -