Posted by : Tharuka Gunaratne Thursday, June 6, 2013





"ඕව එයා දන්නෙ නෑ" නාලක කිව්වෙ පාරෙ තියෙන ගල් කැටේකට පයින් ගහල. 

"එයා දන්නෙ මම හොදට වැඩ කටයුතු කරන්න ඉන්නව කියල"


"ඇත්තට?" 

මාලිකා කීවෙ ඇස් ලොකු කරල.

 "ළමය ගෙදර පාඩම් කරපු හැටියට නම් මම හිතුවෙත් එහෙම තමයි."


නාලක හිනා උනා. ඒක නම් ඇත්ත තමයි. නාලක කවදාවත් ඉස්කෝලෙන් හොද විදියට යමක් ඉගෙන ගත්තෙ නෑ. ඒත් එයා නෝට් එක නම් හරියටම ලියා ගත්තා. ගෙදර ඇවිත් පාඩම් කලා. ඒක හන්ද ඉස්කෝලෙ අයට නාලක කියන්නෙ ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්. ඒත් ගෙදරට එයා බොහොම හොද වැඩකාරයෙක්. ඔය දෙකේ වෙනස බලන්න කවදාවත් නැන්දට නාලක ඉඩ දුන්නෙ නෑ. මොකද එය දැනන් හිටියා තමන්ට තමන්ගෙ ඉලක්කයට යන්න මේ කරන ප්‍රමානය හොදටම ප්‍රමානවත් විත්තිය.


මාලිකා නාලක දිහා බැලුව. ඒත් නාලක කල්පනා කරන්නෙ මොනා ගැනද කියන්න නම් එයා දැනන් ඉදියෙ නෑ. 


"මොකෝ?" මාලිකා නාලක දිහා බලල ඇහුව.


"මුකුත් නෑ"  නාලක එහෙම කිව්වත් එයාට මාලිකා ගැන ඇතිවුනේ සැකයක්. මේකි ගිහින් ඉස්කෝලෙ වෙච්ච දේවල් නැන්දට කිවොත් එහෙම. විනාසයි. කවදාවත් වැරැද්දක් නොකරපු හොදම හොද නාලක එකපාරටම පන්තියෙදි දඩුවම් විදලා. නැන්දට මොනා හිතෙයිද?


"මාලිකා...." නාලක කිව්ව. "පොරොන්දු වෙන්න ඕන ඔයා අද ඉදන් ඉස්කෝලෙ වෙන දේවල් නැන්දට නොකිය ඉන්න. ඔයාට වෙන දේවල් නෙවේ. මට වෙන දේවල්."


"ඈ......" මාලිකා රතු පාට උනා. "හැමදාම ඔය වගේ දේවල් වෙනවද?"


එයා ඇහුවෙ පුදුමෙන්. මොකද මේව මහා දඩුවම් හැටියටයි එයා හිතන් ඉදියෙ. ඒත් නාලක නම් ඒක එච්චර ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ...


"හැමදාමමත් නෙවෙයි.." නාලක පොඩි ලැජ්ජාවකින් ඇඹරුනා වගේ පෙනුන. "ඒත් ගොඩක් වෙලාවට වෙනව"


"මට නම් ඕව පොරොන්දු වෙන්න බෑ ඔන්න" ගේ පේන මානෙටම ඇවිත් මාලිකා උත්තර දුන්නෙ පොඩ්ඩක් කල්පනා එහෙමත් කරල.


"අනේ" නාලක පින්සෙන්ඩු උනා. "එහෙම කරන්න එපා"


"මට නම් බෑ"


"නපුරි" නාලකට තරහ ගියා.


මාලිකා ටිකක් අමුතු විදියෙ විකාර හිනාවක් මූනට දාගෙන නාලකට ඔරවල ගේ ඇතුලට ගියා.


 නාලකට පොඩි අමුත්තක් දැනුන. තමන් කලින් දැකල, කතා කරන තියෙන අයට වඩා මුන්දැ වෙනස්. මොකද කියලනම් දන්නෙ නෑ. නාලක ආශ්‍රය කරල තියෙන හැම කොල්ලට, කෙල්ලටම වඩා මාලිකා ගොඩාක් වෙනස්. නැත්නම් ඉස්කෝලෙ වෙන හැම දේම ගිදර ගොහින් කියල තමන්ගෙ යාලුවො පාවා දෙන්නෙ නෑ නේ. නාලකට නම් හිතුනෙ එහෙමයි. දැනට නම් මට හිතෙන්නෙත් එහෙම තමා.


නාලක තමන්ගෙ කාමරේට ගිහින් දොර වහල බාත්‍රූම් එකෙන් නා ගත්තා. ඔය ඔක්කොම දේවල් කරල ඉවර වෙලා පහලට බැස්සම තමයි නාලක දැක්කේ නැන්දයි මාලිකයි කෑම මේසෙට වාඩි වෙලා නාලක එනකම් බලන් උන්න බව.


නාලකට වැඩේ තේරුනා. මේකි ඔක්කොම කියන නැන්දට. නැත්නම් නැන්ද් කවදාවත් නාලක එනකම් ඉන්නෙ නෑ. ඔය බලන් ඉන්නෙ මගෙන් ඔය ගැන අහන්න වෙන්න ඇති. මොනාද දැන් කියන්නෙ....


දහසක් උත්තර හිතට ගලාගෙන ආව. ඒත් කියන්න තාම ඉක්මන් වැඩිනෙ. ඒ හන්ද නාලකත් කෑම මේසෙට වාඩි වෙලා පිගානට කෑම බෙදා ගත්තා. 


"නාලක පුතා අද මාර වැඩක්නෙ කරල තියෙන්නෙ" නැන්ද කිව්වෙ විමසිලිවත්ව නාලක දිහා බලල. 


"හෑ ... මේ ....... මේ මොක්.... මොකක්ද නැන්දේ" නාලක යාන්තමින් වචන ගැටගහ ගත්තා.


"මට මාලිකා දූ ඔක්කොම විස්තරේ කිව්ව" 

නැන්ද කිව්වෙ මාලිකා දිහත් බලල. නාලක බයෙන් වගේ නැන්ද දිහා බලල මාලිකා දිහා බැලුව. බත් පිගාන දිහා බලන් රෝස මලක් වගේ හිනාවෙන මාලිකාගෙ හිනාවෙ තේරුම නාලකට තේරුනේ නෑ. 


"මො.... මො..... මොන ව ගැනද නැන්දේ?"

 නාලක ඊට පස්සෙ ඇහුව.


"ඇයි නාලක පුතා  ඔයා ලියපු රචනාවක් ඉන්ග්‍රීසි දිස්ත්‍රික් තරග වලින් දිනල කිව්ව. අද ඔයාලගෙ ඉන්ග්‍රීසි මිස් ඔයාව පන්තියෙ ඉස්සරහට ගෙන්නල විශ් කලාලු නේ......."


නැන්ද බොහොම සතුටින් කිව්ව.


"අපිටත් කොච්චර සතුටුද ඉතින්. කෝ ඔයා එහෙම එකක් කියපු බව නිකමටවත් මට කිවෙ නෑ නෙ. මාලිකා දූ කියනකම් මම දැනන් ඉදියෙ නෑ එහෙම එකක්. අඩුගානෙ ඔයා ඔච්චර හොදට රචනා ලියන්න දන්න බව වත්."


නාලකට දෙලොව රත් උනා..
------------------------------------------------------------------------------------------------------------


ඉතිරිය පසුවට.....


යාලුවනේ කතාව සතියකට සැරයක් අනිවා දානවා. ඒ ගැන සැකයක් හිතන්න එපා. ඒ වගේම අපි පුංචියට පටන් ගත්ත මේ බ්ලොග් එක මේ මාස 6 තුල 30,000 දෙනා බලල තියෙනව. ඒ ගැන මට අව්ංකවම සතුටුයි. හැමෝටම ජයවේවා.................


{ 5 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -