Archive for July 2013

ඕකා ලව් එකකට වැටිල ජීවිතේ නාස්ති කරගන්න පුලුවන් ::: මත් මල් ::: නවකතාව [21 වැනි කොටස]



එදා හවස ගෙදර යන ගමන් නාලක මොකුත් කතා කලේ නෑ. ඔහේ බලාගත්තු අතේ බලන් ඉස්සරහට ඇවිදන් ගියේ ළගින්ම මාලිකත් එන බව වත් නොදැන වගේ. ඒ ඇයි කියල මාලිකාට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ හන්ද වැඩි වෙලා යන්න කලින්ම එයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහෙන බව නාලකත් දැනන් ඉදියා.

"මොකෝ නාලක? ලෝකෙ එපාවෙලා වගේ?"

මාලිකා ඇහුවෙ නාලක එක්ක සමාන්තරව ඇවිදින්න උත්සාහ කරන ගමන්. ඒක ලේසි නම් නෑ, කොහොමත් නාලක හරි ඉක්මනට ඇවිදින කෙනෙක්.

"කලකිරිලද?"

"මම?" නාලක කිව්වෙ මාලිකා දිහා බලල හිනා වෙලා.

"කලකිරිල නෙවෙයි, අරුන් දෙන්න ගැන බයයි. ඒකයි"

"ඒ කිව්වෙ?"

"මොනා උනත් ශානිකා කෙසේවෙතත් සාරංගයා ගැනයි බය. ඕකා ලව් එකකට වැටිල ජීවිතේ නාස්ති කරගන්න පුලුවන්, ශානිකා කව්ද කිය්ල අපි හොදටම දන්නවනේ"

"ඇහ්!" මාලිකා ටිකක් පුදුම උනා. ඊට පස්සෙ ශානිකා තමන්ට කියාපු දේවල් නාලක එක්ක කිව්ව. මාලිකාට ඕන උනේ තමන්ගෙ යාලුව, ඒ කියන්නෙ ශානිකා සාරංග ගැන හිතන් ඉන්නෙ කොයි විදියටද කියල නාලකට පැහැදිලි කරල දෙන්න. එයා කොයිතරම් සාර්තක විදියට පැහැදිලි කලාද කිව්වොත් නාලකට අන්තිමේදි පුංචි හිනාවකුත් ගියා. ඊට පස්සෙ එයා මෙහෙම කිව්ව.

"හ්ම්ම්ම් ඔයත් මෙතනදි සැලකියයුතු වැඩ කොටසක් කරල තියෙනව වගේ. නරක නෑ. ආදුනිකයෙක් හැටියට නරක නෑ. බොහොම හොදයි ළමයා"

නිකම් පල් එකට වගේ නාලක කිව්ව දේ අහල මාලිකාට තරහ ගියේ නෑ. ඒත් බොරු තරහක් මවාගෙන නාලකගෙ අත කෙනිත්තුවෙ ටිකක් රිදෙන්න. ඒත් නාලකගෙ ඇස් දෙකත් එක්ක රතු උනා, කටත් චුට්ටක් ඇද උනා. ඊට පස්සෙ නාලක අහක බලා ගත්තා.

ටිකක් වෙලා ඔහොම ඇවිදන් යද්දි මාලිකාට ආයෙමත් පාලු ගතියක් දැනුන. අපරාදෙ එයාව කොනිත්තල අවුස්සගත්තෙ කියල එයාට හිතුන.

"මේ නාලක?"

"ඇයි?"

"තරහද?"

"මොකටද?" ටිකක් තරහින් කියපු සඩ්දයක්.

"රිදුනද?" චුට්ටක් බය කටහඩක්.

"නැතුව"

"බොරු! මම එච්චර රිද්දන්න හිතුවෙ නෑ නෙ"

"ගන්නව අත් දෙක මෙහෙට"

මාලිකා බයෙන් වගේ අත් දෙක පෙන්නුවා.
නාලක, මාලිකාගෙ අතේ ටිකක් දිගට වැවිල තිබුන නියපොතු එයාට පෙන්නුවා.

"මේ බලනවා නියපොතු. පූසෙක්ගෙ වගේ"

"අහ්! අනේ සොරි, ඇත්තටම රිදුනද?"

"නැත්නම්" නාලක එයාගෙ අත දිහා බැලුව. මාලිකත් හැරිල තමන් කොනිත්තපු තැන බැලිව. එතැන රතු වෙලා. හුගක්. මාලිකාට දුක හිතුන.

"අනේ සොරි නාලක ආයෙ එහෙම කරන්නෙ නෑ"

නාලක මාලිකා දිහාවෙ බලල ටිකක් අමුතු විදියට හිනා උනා. ඊට පස්සෙ ආයෙමත් ඉස්කෝලෙ වෙච්ච සිදුවීම් හැම දෙයක් ගැනම මාලිකා එක්ක කියන්න පටන් ගත්තා.

ටිකක් විතර පාලු මේ පාරෙ නැන්දලගෙ ගෙදරට යන තාක් කල් කෙල්ලෙක්ගෙ ලස්සන හිනා හඩ පාලුව මකන්න වාගෙ දවාලෙ පැතිරිලා තිබුන.

කවුරු මොනව කිව්වත් ඉස්සර ඉදියට වඩා අලුත් යාලුවො එක්ක මාලිකා දැන් සෑහෙන්න සතුටින්. ඒක එයාගෙ හිනාවෙන් එයාගෙ අතීතෙ ගැන දන්න ඕනම කෙනෙක්ට තෙරුම ගන්න පුලුවන්.


********************************

පහුවෙනිද උදේ.......

තරමක් ඈත ගමක්. ගමක් කිව්වට එහෙමම කියන්නත් බෑ. ටිකක් විතර නගරෙක මට්ටමේ එකක්. පුංචි නගරයක් කියමුකො. ඒ ගෙදර තිබුනෙ පාර අයිනෙම තිබුන ලොකු වත්තක් මැද. ඒ තරම් ලොකු නැති උනත් කෙනෙක දැක්කොත් දෙපාරක් බලන විදියෙ ලස්සන ගෙයක්. බැලූ බැලමටම මැද පන්තියෙ ලක්ශන පේන්න තිබුනත් ගේ ඉස්සරහ නවත්තල තිබුන කාර් එක නම් නැවක ලක්ශන තමා පේන්න තිව්නෙ. ටික වෙලාවකින් හොද වැඩුන කොල්ලෙක් එයාගෙ අම්මය කියල හිතන්න පුලුවන් ගෑනු කෙනෙක් එක්ක ගෙයින් එළියට ආව. ඒ එයාගෙ අම්ම තමයි. අතේ තිබුන බෑග් එක කාරෙකේ දොර ඇරල ඇතුලට දාපු එයා ආයෙම ඇවිත් දණගහල අම්මට වැන්ද.

"බුදුසරණයි පුතේ. පරිස්සමින්"

අම්ම කිව්වෙ පුතාගෙ හිස අතගාල. පුතාට වයස විසිපහක් විතර ඇති. බිස්නස් ඇදුමක් ඇදන් ඉදිය එයා තමන්ගෙ ටයි එක ආයෙම හදගෙන ගේ දිහා බලල කෑගැහුව.

"මල්ලී උඹ දැන්වත් එනවද?"

"මේ එනව බං පොඩ්ඩක් හිටහන්" ගේ ඇතුලින් සද්දයක් ආව. ඊට ටිහිකට පස්සෙ අපේ රස්තියාදුකාර නිළ ඇදුම නොහොත් ඩෙනිමයි, කලු සර්ට් එකයි දා ගත්තු ටිකක් ශිහාන් මිහිරංග වගේ කොණ්ඩෙ වවපු කොල්ලෙක් ගේ ඇතුලින් මතු උනා.

"අපි යන්ව අම්මේ එහෙනම්" කියපු එයත් අම්ම ළග දනගැහුව.

"පරිස්සමින් පොඩි පුතේ"

"බය වෙන්න එපා අම්මෙ, අපි හවස් වෙන්න කලින් එනව. මේ බඩු ටික නංගිට දීල, බෝඩිමේ ගණන් එහ්මත් බේරල එනකොට ටිකක් හවස් වේවි හැබැයි" කිව්වෙ අර ඩීසන්ට් විදියට ඇදන් ඉදපු එක්කෙනා.

"අනේ  මන්ද ළ්මයිනේ ඔයාල එනවය කියල කෝල් එකක්වත් දුන්නෙ නෑ මම එහෙට"

අම්ම කිව්වෙ ඈත බලාගෙන.

"අද මෙහෙ ඉස්කෝලෙ විබාගෙ නෙවෙයිනම් මමත් එනව උඹල එක්ක යන්ඩ. දූව දැක්කෙ නෑ හුග කලෙකින්. ඒකිට සාංකාව වගේ ඇති"

"අපි බලල එන්නම්කෝ එයාව අම්මේ"

පොඩි කොල්ල කිව්ව. පොඩි කිව්වෙ වයසින් තමයි. ඒත් එයාටත් විස්සක් වත් ඇති මයෙ හිතේ .

"අනික ලබන මාසෙ අන්තිමේ ඉස්කෝල නිවාඩුනෙ"

"ආ පුතාල අද නංගි බලල එන්නද යන්නෙ" ගොරෝසු කටහඩක් ඇහුන. කොල්ලො දෙන්න ගිහින් ගෙයින් එළියට ආපු මනිස්සයටත් වැන්ද. ඒ එයාලගෙ තාත්ත.

"හොදයි හොදය්" තාත්ත කිව්වෙ කොලො දෙන්නගෙම ඔලුව අත් ගාල.

"ලොකූ පරිස්සමින් එළවන්න වාහනේ, මෙන්න මූවත් පරිස්සම් කරපන්"

එහෙම කිව්වෙ පොඩි පුතා දිහාවෙ බලල. හිනාවෙලා. තාත්ත කලේ විහිලුවක් බව දැනුන හන්ද කට්ටියම හිනා උනා.

කොල්ලො දෙන්න කාරෙකට නැග්ග. දොරවල් වහගෙන සීට් බෙල්ට් දා ගත්ත්. ඊට පස්සෙ බලන් ඉදිය අම්මටයි තාත්තටයි අත වනපු ළමයි දෙන්නා වාහනෙත් ඇරන් ඉගිලුනා.

---------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........
---------------------------------------------------------------------------------



Tuesday, July 30, 2013
Posted by Tharuka Gunaratne

අපේ අතට සල්ලි ගන්න නිකන් දෙන Debit Card ගෙදරටම ගෙන්න ගන්න. ආසයි නේ!!

වැල් බයිල නෑ. අමුතු ටෝක් නෑ කෙලින්ම බහිමු සිද්ධියට,

මෙන්න මේකයි වැඩේ.

මගෙ පෝස්ටු කියවන අය දන්නව ඇති මම අර උස්සපු e-money පෝස්ටුවක් ලිව්වනෙ!
(බලපු නැති අය මෙතනින් බලලම එන්න. ඒක දන්නෙ නැතුව මේක කියවල වැඩක් නෑ.)

ඔන්න ඕකෙ යට කොටසෙ කොමෙන්ටුවක් ඇති සල්ලි ගන්න විදිහ තව පෝස්ටුවකින් කියන්නම් කියල. එහෙනම් මගෙ කොල්ලො කෙල්ලො ටික දැනගන්න මේක තමයි ඒක.

ඒකෙදි සල්ලි ගන්නෙ මෙහෙමයි.

තමන්ට paypal එකවුන්ට් එකක් තියෙනවනම් ඒකට ගෙන්න ගන්න පුලුවන් ඒත් එව්ව අතට ගන්න කරදරයිනෙ, නැද්ද මං අහන්නෙ ඒව අතට ගන්න අපි  paypal මාමලට බොරු කීයක් කියල කියන්නද?

මෙකෙදි එච්චර දුක් විඳින්න ඕනි නෑ.

Adfly එකවුන්ට් වල රෙජිස්ටර් වෙච්චි අය යමල්ල Home 1 යටම තියෙනව මෙන්න මෙහෙම 1,

ඕකෙ ඔය Click here කියන තැන ක්ලික් කොරපල්ල!
(රෙජිස්ටර් වෙච්ච එවුන් විතරක් ක්ලික් කොරපල්ල account නැති එවුන් ක්ලික් කොරල කාඩ් ගෙන්න ගත්තට නිකන් සල්ලි ගන්න බෑ)

ඒක Click කරාම එයි මෙහෙම එකක්

ඔන්න ඕකෙ අර මං කොල්ල රතුවට රවුං කරල ඊතලේ ගහල තියෙන තැන ක්ලික් කොරපල්ල!

දැන් කස්ටිය බබා වගේ ඕක හරියට ක්ලික් කොරා නම් ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එයි ඔවු ඇත්තමයි එයි!

ඔන්න ඔතන ඉඳන් තමා වැඩේ තියෙන්නේ! 
ඔකෙ කිලික් කොරපල්ල ඔය රතු පාටට දිලිසි දිලිසි රවුං කොරල තියෙන Click here කියන 1. 
(ඔය උඹල අර උඩ තියෙන Delete Account එහෙම ඔබල ඕං එනව එහෙම නෙමෙයි මට කුණුහබ්බ කියාගෙන මම රවුං කොරලම පෙන්නල තියෙනව යන තැන)

හරි දැන් ඕකත් ක්ලික් කොරා කියමුකො ඊට පස්සෙ? 

දැන් ළමයිට එයි මෙන්න මෙහෙම එකක්.. 

ඕකෙ ක්ලික් කොරපල්ල Get your prepaid MasterCard Now! කියන තැන තියෙන Sign Up කියන එක.
ඕං ආයෙත් කිව්වා  Get your prepaid MasterCard Now! කියන තැන. යට එක එහෙම කිලික් කොරනව නෙමෙයි.

එතකොට එයි මෙන්න මෙහෙම එකක්,


ඕකෙ ඔය Start Here, Step II, Step III කියන එව්ව ඉස්සරහින් තියෙන ඊතල ක්ලික් කොරල එව්ව එකින් එක පුරවන්න ඕනි.
මෙන්න මෙහෙම,

උඹලත් මේක බලාගෙන මම පුරෝල තියෙන එවුව පුරවන්නෙ නැතුව උබලගෙ විස්තර දාපල්ල! හරිද?

1 නම දාන්න ඕනි තමන්ගෙ හැඳුනුමපතේ තියෙන නම
2 හැබැයි අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වැඩි කෙනෙක් වෙන්න ඕනි! මොකද පොඩි පොඩි එවුන්ට Payoneer මාමල Card එවන්නේ නෑ.
(බය වෙන්න එපා. එකවුන්ට් 1 තමන්ගෙ නමින් තිබුනට තමන්ට අවු 18 නැත්නම් ගෙදර වෙන කාගෙහරි නමින් Payoneer එකවුන්ට් 1 හදන්න අවුලක් වෙන්නේ නෑ, මමත් කලේ එහෙම තමයි)
3 ඔතන ඔය ඉල්ලන Postal/Zip Code එකට 0094 දාන්න පුලුවන් මොකද ඒක තමයි අපේ Country Code එක. නැත්නම් ඔයාලට තමන්ගෙ නගරෙ Postal Code එක Google 1 search කොරල හොයාගන්නත් පුලුවන්. ඒත් මොකටද දුක් විඳින්නේ මං කොල්ල වගේ 0094 දාපල්ල.
4 හැඳුනුම්පතේ තියෙන ඒව දාන්න ඕනි නමයි උපන්දිනෙයි විතරයි අනිත් එව්ව තමන්ගේ වර්තමාන විස්තර දාන්න.
5 අර යට ටික්  කරන්න තියෙන බොක්ස් 1 ටික් කරන්න එපා. ඒක තියෙන්නේ අපි අර උඩ දාපු ලිපිනය ඇරෙන්න වෙන ලිපිනයකට Card 1 එවන්න ඕනිනම්.

ඊට පස්සේ ඊලඟ එක.

කස්ටිය පළමු පියවර හරියට මේ මං වගේ කොලාට පස්සේ දෙවනි පියවර ක්ලික් කරාම මෙන්න මෙහෙම එකක් එයි. නැත්නම් රතු පාට වෙවී මේක වැරදියි මේක වැරදිය කිය කිය හරියට පුරවන්න කියයි.  හරි දැන් මේකෙදි කොරන්නේ password දාල security question තෝරන එක එව්ව ඉතින් දන්නවනෙ නැද්ද?
මතක තියාගන්න තමන්ගෙ Username 1 වෙන්නේ තමන් දීපු e-mail 1 හරිය.

දැන් ඊළඟ එක.

දෙවෙනි පියවරත් කොලා නම් මෙන්න මෙහෙම එකක් එයි. ඒකෙදි තමන් ඉපදුනු රට එහෙම තෝරල තමන්ගෙ පුරවැසි භාවය තියෙන රටත් තෝරල ඊට පස්සේ ඔය තුන්වෙනි 1න් national Id කියලත් තෝරල ඒකෙ තියෙන නොම්බරේ හරියට කොටපල්ල  ඒට පස්සේ ඔය යට තියෙන box තුන ටික් කොරල Finish ඔබපල්ල. එතකොට මෙහෙම එකක් එයි,

ආව නම් වැඩේ ගොඩ. මාසෙකින් විතර තැපැල් මාම ඔයාලට මෙන්න මෙහෙම 1 ගෙනත් දෙයි.

දැන් ලියුමයි කාඩ් එකයි ඕකෙ ඇති දැන් ලියුමෙ කියල තියෙන විදිහට card 1 රෙජිස්ටර් කොර ගන්න!

එහෙනම් ඔන්න මම කැපුන උම්.............ම ඈ ඕන් ගියා.


ආ ඒක නෙමෙයි වැඩේ කොහොමද කියල කොමෙන්ටුවකුත් දාලම යන්න ඈ.


Saturday, July 27, 2013
Posted by Dinuka Wijesinghe
Tag :

තවත් ඇන්ඩ්‍රොයිඩ් වැඩ කෑල්ලක් පමණි



කාලෙකට පස්සේ බ්ලොගියට ආවම තමා දැක්කේ software lable ඒක පාලුවට ගිහින් කියලා.ඒක නිසා අලුත් යමක් ලියන්න හිතුවා.අලුත් කිවුවට අලුත්මත් නෙවයි. ගණන් ගන්නේ නැතුව පැත්තකට දාලා තිබුණ android trick එකක්.එකේ දුවිලි හෙම පිහ දාලා දිස්නේ වැටෙන ගානට අරගෙන බ්ලොග් එකේ ප්‍රදර්ශනේ කරන්න තමා දැන් මගේ අදහස. මේ trick ඒක බ්ලොග් එකට නොලියා නිකම් ම පැත්තකට දැම්මේ ගොඩක් දෙනා දන්නවා ඇති කියලා හිතා ගෙන.එත් මේ ලගදි එකියන්නේ හරියටම ගිය සෙනසුරාදා chemistry පන්තියේදී වෙච්ච පොඩි මේව්වා එකක්  මේක ගොඩක් දෙනා දන්නේ නෑ කියලා  ඔප්පු කරන්න සමත් උනා.
  මචෝ android කට්ටක් නේ තියෙන්නේ 

  ඔවු බන් ඇයි ?

  උබ firefox browser ඒක දාගෙනද තියෙන්නේ.

  ඔවු බන් අර googal play එකෙක් තියෙන්නේ උබත් ගනින්කෝ 

  එච්චර data නෑ බන් උබේ පොන් එකෙක්න් ඒක Bluetooth කරපංකෝ 

  මොකක් ; Bluetooth කරන්න app එකක් ?උබට පිස්සුද 

දැන් ඔන්න හැමෝම දන්නවනේ මොකද මම මේ ලියන්න හදන්නේ කියලා.android  ජංගමයක තියන app එකක් තව android ජංගමේ කට යවන හැටි තමා මම මේ ලියන්න යන්නේ,මම ඉස්සෙලා හිතාගෙන හිටියේ මේක ගොඩ දෙනෙක් දන්නවා කියලා එත් එදා හවසත් තව යාලුවෙක් ගෙන් මේ ගැන ඇහුවා.එයා දුන්නේත් මිට ලගින් යන උත්තරයක්.එක නිසා මම මේ පැත්තකට දාලා තිබුන ට්‍රික් එක බ්ලොග් එකට දාන්න එදාම තීරණේ කලා.එහෙනම් නිදාන කතාව කිවුවා ඇති.දැන් බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා .

ඉසේල්ලම ඔයාට android මෙවුවා එකක් තියන ජංගමයක් හරි ටැබ් එකක් හරි ඕනි.  :වරහන් අස්සේ ඒ දෙකෙන් එකක් වත් නැත්තම් මෙතනින් එහාට කියවන්න එපා වරහන් වැහුවා. :



 හරි එහෙනම් මෙතනින් එහාට මේක කියවන්නේ android මෙවුවා එකක් දාපු ජංගමයක් හරි ටැබ් එකක් හරි තියන අය විතරයි කියලා මම හිතනවා.(වෙන උන් අවොත් දන්නවනේ )


හරි දැන් එහෙනම් කෙලින්ම වැඩේ කරගෙන යමු.ගන්න ඔයාගේ android මෙවුවා ඒක දාපු ජංගමේ අතට.ඒකට දැන් 2 MB වල app එකක් දාගන්න ඕනි. app එකේ නම තමා  Bluetooth File Transfer මේ app ඒක දාගන්න ක්‍රම දෙකක් තියනවා

1.සුපුරුදු ක්‍රමයට අතේ තියන ජංගමයගේන් ගූගල් දෙයියන්ගේ  සෙල්ලම්  බඩු කඩේට(google play store ) ගිහිලා Bluetooth File Transfer  කියන එක serch එකේ කොටලා app එක හොයාගෙන බාගන්න 


ඕක තමා app එක
2.computer එකෙන් ගූගල් සෙල්ලම් බඩු කඩේට ගිහින් app  එක   ජංගමේට දාන්න  දන්නවනම් මෙතනින් ගිහින් එහෙම දාගන්න.  https://play.google.com/store/apps/details?id=it.medieval.blueftp&hl=en

හරි දැන් කොහොම හරි app එක දාගත්තනේ.දැන් app එකේ option menu (අර ෆෝන් එකේ මැද බොත්තම ඔබලා ගන්නේ )එකට ගියහම තියනවා  send an application  කියලා අන්න එකෙන් පුළුවන් app යවන්න එකට ගියහම පෙන්නනවා අපේ ජංගමේ එවෙලේ ඉන්ස්ටෝල් කරලා තියන app

   
මෙන්න මේ විදිහට
එකෙන් ඕනි එක තෝරලා යවන්නයි තියෙන්නේ.send කියන එක ඔබපු ගමන් යනවා.

එතකොට app එක ගන්න එකෙනාගේ ෆොන් එකට එන්නේ නිකම් file එකක් විදිහට එක අපි ආයි ගත්තු ෆොනේ එකේ install කරන්න ඕනි.
එක කරන්නේ මෙහෙමයි.ඉස්සෙලම ෆෝන් එකේ setting වලට ගිහිලා එකේ application කියන එක තෝරන්න එකේ තියනවා unknown source කියලා එකක් එකට හරි ලකුණ දාන්න .දැන්  bluetooth  වලින් ආපු ෆයිල් එක install කරන්න පුළුවන් app එකක් විදිහට

ඔන්න  ඔහොමයි එතකොට app එකක් එක ජංගමේක ඉදලා තවත් එකකට යවන්නේ.එහෙනම් කරලා බලන්න.අවුලක් අවොත් අපි ඉන්නවා උදවුවට.තව දවසක තව වැඩ කෑල්ලක් ලියන්නම් .

Friday, July 26, 2013
Posted by Chamika Ravinda
Tag :

ජේම්ස් බොන්ඩ් වර්ගයේ ආරක්ෂක පද්ධතියක් ඔබේ පරිගණකයටත්.

USB Flash Drive එකක් නැතිනම් හැමදෙනාගෙම කටට හුරු පුරුදු Pen Drive එකක් යනු දශක ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති පරිගණක උපාංගයක් නොවේ. විශේෂයෙන්ම 1999 වසරේදී මුලින්ම නිර්මාණය වූ උපාංගයක්  ලෙසට USB Pen Drive එක වසඑ 13 තුලදී ලබාගෙන තිබෙන ජනපියතාව  සුලුපටු එකක් නොවේ. 
කෙසේ වුවත්  USB Pen Drive පැමිණිමත් සමග එහි ඇති පහසු බව නිසාම එය ශීඝයෙන් ජනපිය වූ අතර එහි ඇති භාවිත භාවිත කල හැකි මතක ධාරිතාව සීඩී එකක නැතිනම් ඩීවීඩී එකක ධාරිතාව පවා පහසුවෙන්  ඉක්මවන ලදී.
බොහෝ විට දත්ත ගබඩා කිරීමට මෙන්ම වෙනත් වැඩ සඳහාද   USB Pen Drive එක භාවිත කල හැකි බව බොහෝ දෙනා දන්නා කරුණකි. උදාහරණයක් ලෙස ඔබේ පරිගණකයේ තාවකාලික රැම් මතකයක් ලෙස  USB Pen Drive එක භාවිත කල හැකියි. නමුත්
USB Pen Drive එකක බොහෝ දෙනා නොදන්නා ඵල තිබෙන බව කිව යුතු වේ. 
ඔබට හොලිවුඩ් චිතපටියක පෙන්වන රහස් ඔත්තුකරුවෙකුගේ ආකාරයට ඔබගේ USB Pen Drive එක භාවිත කල හැකිනම් එය කදිම අදහසක් වනු ඇත.
පරිගණකයට ඔබගේ විශේෂිත USB Pen Drive එක සම්බන්ද කර නිවැරදි රහස් පදය ලබාදුන් විට පමණක් එය භාවිත කිරීමට හැකියාව ලැබීමත් Pen Drive එක පරිගණකයෙන් ගැලවූ වහාම පරිගණකය අඟුලු වැටීමටත් හැකි ලෙස යතුරක් නිර්මාණය කිරීමට හැකිනම් එය “ජේම්ස් බොන්ඩ්“  වර්ගයේ නැතිනම් “ ම්ෂන් ඉම්පොසිබල්“ වර්ගයේ ආරක්ෂක උපකමයක් වනු ඇත. එවිට මෙම විශේෂිත යතුර නොමැතිව ඔබගේ පරිගණකයට ඇතුලු වීමට උත්සහ දරණ  ඕනැම අයෙකුට Access Denied පණිවිඩය දකින්නට ලැබෙනු ඇත.

හරි දැන් බයිලා ඉවරයි! වැඩේට බහිමු.



Get paid to share your links!

පියවර 1 :-  මුලින්ම ඔබගේ පරිගණකයට පහත ලින්ක් එක මගින් Predator  මෘදුකාංගය ස්ථාපනය කර ගන්න. මෙතනින් ගන්න
(තත්පර 5න් පසු skip add click කරන්න)

පියවර 2 :-  Predator මෘදුකාංගය ස්ථාපනය වී අවසන් වු පසු එය 
විවෘත වීමට අවසර ඉල්ලා සිටිනු ඇත. ඊට ඉඩ ලබා දෙන්න. ඉන්පසුව
ඔබ ආරක්ෂිත යතුරක් ලෙසින් භාවිත කිරීමට සිතන USB Pen Drive 
එක පරිගණයට සම්බන්ධ කරන්න. දැන් ලැබෙන Preference box 
එකේ New password කොටසේ නව මුරපදයක් ඇතුලත් කරන්න. ඉන්පසුව නිවැරදිව ඔබගේ USB Pen Drive එකට අයත් ඉංගිසි අකුර සඳහන් වන්නේදැයි බලන්න. දැන් Create key යන්න තේරූ විට 
ඔබගේ ආරක්ෂිත යතුර සූදානම් වේ.

පියවර 3 :-  දැන් විවෘතව ඇති Predator වැඩසටහන නැතිවී යනු 
ඇත. ඔබට මේ වතාවේ පමණක් Predator වැඩසටහන නැවත 
කියාත්මක කිරීමට සිදුවේ. දැන් සෑම තත්පර 30 කටම වරක්  
Predator විසින් ඔබගේ ආරක්ෂිත යතුර පරිගණකයට සම්බන්ධව 
ඇත්දැයි පිරික්සා බලයි. එසේ නැත්නම් නිවැරදි මුරපදය ඇතුලත් කිරීමට තත්පර ගණනක් ලබා දෙයි. නිවැරදි මුරපදය ඇතුලත් කිරීමට 
අපොහොසත් වුව හොත් තිරය අඳුරු වී ගොස් Access Denied යන්න පෙන්වයි.
ඔබට පරිගණකයේ අඟුලු හැරි ඕනැම අවස්ථාවක Task Bar එකේ ඇති
Predatorඅයිකන් එකට ගොස් මෙම වැඩසටහන තාවකාලිකව නවතා 
දැමීමට හැකි වේ.
මෙන්න මෙහෙමයි ඕක කොරන්නේ මේක බලහල්ලකො තේරෙයි.
දැන් ඔබ සුරක්ෂිතයි.


Thursday, July 25, 2013
Posted by Dinuka Wijesinghe

ගේමක් නැතුව $50-$100 හොයමු. SURE තමා......



ඔගොල්ලන්ට මම අද කියන්න යන්නෙ net එකේ නිකන් අනං මනං කරන අතරතුර 50$ විතර ගේමක් නැතිව හොයන්න ක්‍රමයක් සමහරු මේ ගැන දන්නවත් ඇති.මේ ගැන තාම දන්නෙ නැති යාලුවන්ට තමයි මේ post එක.......

link share කරන එක.ඕගොල්ලො net එකේ සැරිසරන කොට සමහර websites/blog sites වල link දෙන කොට කෙලිම්ම අදාල site එක හැර වෙනත් site එකක් හරහා ඕගොල්ලන්ව අර යන්න ඕන site එකට යවනවා ..
මෙන්න මේක බලන්න කෝ මේ software එකක් download කරන්න link shorten site එකක් හරහා යැවීමක්

http://adf.ly/SkYxa


මෙතන්දි වෙන්නෙ ඔයා ඔයාගාව තියෙන මෙනවා හරි links link shorten site එකකින් shrink කරනවා .එත කොට අපිට ඒගොලලො නව link එකක් දෙනවා .ඒ අලුත් link තමයි ඔයා ප්‍රචාරනය කරන්න ඹ්නෙ. ඒ link එක හරහා කවුරු හරි ගියොත් එයාට වෙළද දැන්වීමක් පෙන්නනවා .එත කොට ඔයාට ඒගොල්ලො මුදල් ගෙවනවා.....

මේක ගැන සරල අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති

දැන් අපි කෙලිම්ම වැඩේට බහිමු..

ඔයාලට ඔක්කොටම ඉස්සෙල්ල account 1ක register වෙන්න වෙනවා . මම ඒකට හොන්දම තැන මෙතන දාන්නම්...

  http://adf.ly/?id=4059948


 මේ link එක click කරලා register වෙන්න

හරී... දැන් ඔයාලට සල්ලි හොයන්න පට්ටාන්ගන්න විතරයි තියෙන්නේ.. හැබැයි මුලින්ම කියන්න ඕනේ, මුලදි නම් ඔයාලට සල්ලි හම්බෙන්නේ බොහොම චුට්ටයි. මමත් මේ වැඩේ පටන්ගත්තම එපා වුනා, සත ගනන් තමා හම්බුනේ.. හැබැයි මම ඒ වැඩේ අතෑරියේ නෑ .කොහොමහරි කාගෙන ගියා.මාස 2ක් 3ක් විතර යද්දි සීන් එක මට තේරුනා.. ඒ පාර තමා සල්ලි එන්න පටන්ගත්තේ. දැන් මන් මුකුත් නොකරම ඉන්දලා මට මාසෙකට 70$ - 100$ අතරේ ගානක් හම්බෙනවා.



දැන් කස්ටිය ගොඩක් ඉන්න groups, sites, communities වල memberships හදාගන්න එක. හැබැයි මතක තියාගන්න, forums වලින් වැඩක් නෑ. මොකද ඒවගේ මේ ලින්ක්ස් දාන්න දෙන්නෙ නෑ..


ඒ වගේ site පුලුවන් ගානක regiter වෙන්න.. google+, Facebook, twitter, MySpace, Orkut, Meetup, CafeMom, Pinterest වගේ පුලුවන් තරම් ඒවගේ regiter වෙන්න.. ඒවගේම skype, yahoo messenger, google talk සහ ඒවගේ messenger service වලත් ඔයාලා ඉන්නවනම් තවත් වැඩේ ගොඩ! ඊට පස්සෙ, අර මම කිව්ව site වල regiter වෙලා ඒවගෙ අම්බානක කට්ටිය ඉන්න group වලටත් join වෙන්න. මේ ටික තමා අනිවා කරගන්න ඕනේ වැඩ ටික... මොකද අපි හදන ලින්ක් click කරන්න කට්ටිය ඉන්න එපැයි ඉස්සෙල්ලා!


දැන් තමා සිරා සීන් එක තියෙන්නේ.. ලින්ක් හදලා ලේසියෙන්ම සල්ලි හොයන්න නම් අනිවා කට්ටිය click කරන මාතෘකා වලින් ඒවා හදන්න ඕනේ.

මුලිම්ම ඔයාලා share කරන්න බලාපොරොත්තු වෙන website එක article එක video එක හරි වෙන මොනවා හරි link එකට ගිහින් address bar එකෙන් ඒකේ address එක copy කරගන්න.

දැන් යන්න adfly account එකේ Home page එකට. ඒකේ උඩින්ම තියන shrink button එක ගාව තියන බාර් එකේ copy කරගත්ත link එක paste කරන්න. ඊටපස්සේ shrink ඔබන්න.. දැන් ආපහු ඔයාලට අලුත් ලින්ක් එකක් ලැබෙයි...

හරි! දැන් වැඩේ ගොඩ!! ඕක තමා ඕනෙම ලින්ක් එකක් හදාන්න විදිහ.. දැන් අන්තිමට adfly එකේ හැදුනු ලින්ක් එක ගිහින් අර ඔයාලගේ එකතුවුනු social site හරි කොහේ හරි කට්ටිය click කරයි කියලා හිතෙන තැනක ඒක paste කරන්න.. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් කියන්නම්, free downloads, free movies, news articles, blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.

usa, uk වගේ අයට ඔයාලා create කරපු link දුන්නොත් ගොඩම තමා මොකද add දෙන අය මේ රට වල අය එයාලගෙ දැන්වීම් බලනවට අත දිග ඇරලා ගෙවන නිසා ..ඒ ගැනත් කල්පනා කරලා බලන්න ...

වැඩිපුර උදව් කාටහරි ඕනෙනම් මෙතන comment කරන්නකෝ.


(මෙම පෝස්ටුව උස්සන ලද එකක් බව කරුණාවෙන් සලකන්න.. මේක බලන ගානට ලියපු සොහොයුරාට පින් ලැබේවා!!!!!!!!!)

Wednesday, July 24, 2013
Posted by Dinuka Wijesinghe
Tag :

"ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට" - මත් මල් - නවකතාව [20 කොටස]



පන්තියෙන් පිට උන ශානිකා කෙලින්ම ගියේ පිට්ටනියට. අනිත් අය සෙල්ලම් කරන හැටි බලන් ඉදල එපා වෙලාද කොහෙදෝ අසංක සර් එතැනින් ගිහින් තිබුනා. ඒක නිසා පිට්ටනිය අයිනෙ වැවිල තිබුන ලොකු ගහ ළගට ගිය ශානිකා එතැන හදල තිබුන සිමෙන්ති බංකුව උඩ වාඩි උනා. ඊට පස්සෙ මාලිකාවත් තමන් ළගින් වාඩි කරව ගත්ත. ඒත් එයාගෙන් දකින්න ලැබුනෙ හරිම නිශ්ශබ්ද බවක්. වචනයක්වත් පිට උනේ නෑ. ටිකක් හයියෙන් හමපු නුහුරු හුලගින් ශානිකාගෙ ඇස් දෙකත් පිය උනා.

"මොකද ශානි?" මාලිකා ඇහුවෙ යාලුව දිහෑවෙ බලල.

"උඹ ඔය අරෙහෙම කිව්වෙ ඇත්තටමද?"

"ඒක ගැන තමයි මමත් කල්පනා කලේ මාලි!"

ශානිකා කිව්වෙ බිම බලාගෙන.

"මගේ කටින් පිට උන දේවල් ගැන මටම හිතා ගන්න බෑ"

"ඉතින් ඇත්තටම උඹ සාරංගට කැමති නැද්ද?"

"අකමැතිව නෙවෙයි බං. ඌ හොද කොල්ලෙක්. උගෙ යාලුවො දෙන්නත් හොද එවුන්. සෙල්ලක්කාර වැඩ කලාට පන්තියෙ අනිත් උන්ට වඩා උන්ගෙ හිත හොදයි"

"එහෙනම්?" මාලිකා ඇහුවෙ එයාගෙ ලස්සන ඇස් ලොකු කරල.

ශානිකා ඈතට යොමු වෙලා තිබුන එයාගෙ ඇස් මාලිකා දිහාවට හැරෙව්වා. පුංචි හිනාවක් කට කොනකින් මතු උනා.

"අනේ මන්ද බන්, හිතේ දහිරියට කැමතී කිව්වට මට නම් මහ බයකුත් දැනෙනවා. උඹ දන්නවනෙ පවුලෙ එකම කෙල්ල උනාම කොච්චර සීමා වෙලාද මට ඉන්න වෙලා තියෙන්නෙ කියල. ඒ අතරෙ සාරංගට ඉඩක් දෙන්න පුලුවන් වෙයිද කියල මට සැකයි"

"මේ බලපන්" මාලිකා කිව්ව.

"මම මේ උඹට සාරංගට ආදරේ කරන්න කියනව නෙවෙයි. ඒත් උඹ කරන්න ඕන උබේ හිත කියන දේ. ඒක සාර්තක කර ගන්න මමත්, නාලකත් අර අනික් එකා, කව්ද මේ...චාමරත් උදව් කරනවා. ඒ කවුරු නැතත් මම උඹත් එක්ක ඉන්නවා. ඒ නිසා උඹ බය වෙන්න නම් එපා"

ශානිකාගෙ ඇස් දෙක දිලිසුනා. මාලිකා දිහාවෙ බැලුව එයා මාලිකාගෙ අතකින් අල්ලගත්තෙ තදේට.

"ඇත්තමද බන් උඹ ඔය කියන්නේ? ප්‍රොමිස් වෙයන්"

"ඇත්තමයි" මාලිකා කිව්වෙ නාලකත් සාරංගත්, චාමරත් ඈත එනව දැකල.

"කෝ මෙහෙ බලපන්, ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට."

ශානිකා බය වෙලා වගේ මාලිකා පෙන්නපු දිහාවෙ බැලුව. කිව්වත් වගේම ඇහැක් අගට ඇවිත් තිබුන කදුලු බිංදුවක් ලේන්සුවෙන් පිහිදල දාල සතුටින් හිනා උනා.

මාලිකා හිනාවෙන ශානිකා දිහා බැලුවෙ පුදුමෙන්. ඇත්තටම ආදරේ මොන වගේද? එයාට හිතුනා. මොක උනත් තමන්ට නම් ඒක එපා කියලත් හිතුන බව නම් නොකියාම බැහැ. වෙන හේතුවක් හන්ද නෙවෙයි. එහෙම දෙයක් දරා ගන්න තරම් මාලිකා තාම පුංචි වැඩියි.

ඈත් එමින් ඉදිය කොල්ලො තුන් දෙනා දැන් පිට්ටනියෙ මැදක් වෙනකම් ඇවිත් තිබුනා. ශානිකා ඉදපු තැනින් නැගිටලා එන්නය කියල සාරංගට අත වැනුව. අත වනන්න දෙයක් නෑ උන් එන්නෙ මෙහෙට තමයි කියල මාලිකාට පෙනුනත් එයා සද්ද නැතුව බලන් උන්නා.

මුලින්ම ආවෙ නාලක ආපු ගමන් ගහේ පාත් වෙලා තිබුන විසාල අත්ත උඩට පැනල එයා වාඩි උනා. සාරංගත් චාමරත් ශානිකාල ඉදිය තැනට ඇවිත් හිට ගත්තා.

නාලක එයා ඉදපු අත්තෙ කොණ පෙන්නලා චාමරවත් වාඩි කරව ගත්තා.

"ඔයා එන්න මෙතනට"

ශානිකා කිව්වෙ සාරංගට තමන් ළග තිබුන හිස් ඉඩ පෙන්නල.

"කමක් නැද්ද? කවුරු හරි දැක්කොත්?"

සාරංග බය උනා.

"කවුරු දකින්නද බන් ඔන්න ඔහේ වාඩි වෙයන්!" නාලක කිව්වෙ ඈත් බලාගෙනෙ.

"කවුරු හරි එනවනම් අපි කියන්නම්"

සරංග බයෙන් බයෙන් වාඩි උනා. ඊට පස්සෙ ශානිකා දිහා බලල මල් පාට හිනාවක් දැම්මා.

"හිනා නෙවෙයි පරිස්සමින් කොල්ලෝ"

ශානිකා කිව්වෙ සරංග දිහා බලල.

"ඔයා දැන් මේව ගැන නොහිත පාඩම් කරන්න ඕනෑ. විබාගෙට තව මාස කීයද තියෙන්නේ"

"ඔයත්"

සාරංග කිව්වෙ වට පිට බලල.

"ඔයත් මට ඒක පොරොන්දු වෙන්න ඕන. ඔයා නැතිව ඒ.ලෙවල් කරන්න උනොත්. අයියෝ මට මොනව හිතෙයිද?"

"හ්ම්ම්ම් එහෙනම් මමත් පොරොන්දු වෙන්නම්කෝ මෝඩයෝ"

ශානිකා කිව්වෙ ඇහැක් වහල.


"ඉතිං"

දෙන්නම කිව්වෙ එක පාර. දෙන්නටම හිනා ගියා. ඒක දිහා බලන් ඉදිය මාලිකාටත් හිනා ගියා.

"දැන් ඉතිං රෝන්දෙ ගහල් එහෙම මට අහු වෙන්න එපා හොදේ"

ශානිකා කිව්වෙ හිනා වෙවී.

"වෙන කෙල්ලො දිහා බලලවත් අහුවෙන්න එපා මට. ගහනවා කණ පැලෙන්න"

"මටද?" සාරංග ඇස් දෙකින් හිනාවෙවී බයෙන් වගේ මූන හදාගෙන ඇහුවා.

"අනේ මම ඔයාට හරි බයයි!"

"ඇත්තට?" ශානිකා කිව්වෙ ඇස් දෙක නටවල.

"ඔයාට නෙවෙයි අනේ, ගහවා ඒ කෙල්ලට"

සාරංග හිනා උනේ ලෝකෙම දිනල වගේ.
ඒත් එක්කම පීරියඩ් බෙල් එක ඈති වදිනව ඇහුනා. නාලක ගහෙන් බිමට පැන්නා.

"යමු නේද පන්තියට"

"යමු"

කියපු සාරංගත් නැගිට්ටා.

ඒත් ශානිකා සාරංගගෙ අතින් අල්ලගෙන නැවැත්තුවා.
සාරංග දේදුන්නෙ පාටට හැරුනා.

"නැගිට්ටවනවා මාවත්, දැන් තනියම යන්න දෙන්නෙ නෑ මම"

දෙපැත්ත බලපු සාරංග ශානිකාගෙ අතින් අල්ලලා බංකුවෙන් නැගිට්ටෙව්වා. ඊට පස්සෙ දේදුන්නෙ පාටින් රෝස පාටට හැරුනා. නාලකට හයියෙන් හිනා ගියත් කැස්සකින් ඒක වහගෙන කපල් එක දිහා බැලුව. නාලකගෙ මූන දැකපු මාලිකාටත් හිනා ගියා.




Tuesday, July 23, 2013
Posted by Tharuka Gunaratne

"උඹ හිතන් ඉදියට ඔය හිත් ඇතුලෙ තියෙන දේවල් කොහෙන් හරි මතු වෙලා පිටට පේනවා" - "මත් මල්" - නවකතාව [19 කොටස]



නාලකත් චාමරත් ගල් ගැහිල වගේ බලන් ඉදියා. ප්‍රින්සිපල් එනකොට හැමෝම බයයි. ඒක් ඉතින් අහන්නත් දෙයක්ද? ඒ නිසාමත් නෙවෙයි වේවැලත් අතේ තියන් ප්‍රින්සිපල් එනකොට කවුද ගල් නොගැහෙන්නෙ. 

ඉතින් දෙන්නම පුදුම විදියට බය උනා. මොකද ඉතින් අතේ මාට්ටු නේ. උගන්නන්න තියෙන පීරියඩ් එක කැන්ටිමේ අයිස් ගහනව කියල හිතාවි. ඉතින් ගුටි නොකා ඉන්නෙ කෝමද? වැරැද්ද තමන් අතේ නෙ

ප්‍රින්සිපල් හෙමීට කැන්ටිමේ අයිය දිහත් බැල්මක් දාල නාලකල ඉන්න දිහාට ආවා. ඇවිත් උන් දෙන්න ඉස්සරහ නැවතුනා. ඔලුව පාත් කරන් ඉදිය කොල්ලො දෙන්න දිහා බලපු ප්‍රින්සිපල්ටත් තමන්ගෙ අතීතෙ මතක් උනා. එයත් දවසක් මෙහෙම කැන්ටිමේදි අහුවෙලා ගුටි කාපු බවත් එයාට මතක් උනා. ඒක මතක් වෙලා පුංචි හිනාවකුත් කටට ආව. ඒත් නාලක ඒ එක්කම ඔලුව ඉස්සුව හන්ද එහෙමම ඒක යටපත් උනා.

"උඹල දෙන්න මොකද මේ අවේලාවෙ කැන්ටිමේ කරන්නෙ?"

ප්‍රින්සිපල් ඇහුවෙ වේවැල වනල. 

"ප්ලේන්ටියක් බොන්න ආව සර්" චාමර හෙමීට කෙදිරුවා.

සිද්ද උනේ වෙනස් දෙයක්. ප්‍රින්සිපල් හයියෙන් හිනා උනා. 

"ඉතින් ගොනෝ ඕක ඉන්ටවල් එකේ කරන්න තිබුනනේ? දැන් උගන්නන්න වෙලාවෙ?"

"නෑ සර් දැන් අපිට පීටී එකක්" නාලක කිව්වෙ ඇත්තටම පීටී එකක් දීල බව නොදැන.

"හ්ම්ම්ම්ම්ම්ම්" ප්‍රින්සිපල් ආඩම්බරෙන් වගේ කිව්වා. එයාගෙ මේ වෙනස නාලකටත් චාමරටත් තේරුම් ගන්න බැරි උනා. ඒත් චාමරයා මහ පුදුම ප්‍රස්නයක් ඇහුවෙ කැන්ටිමේ අයිය තේ දෙක ගැනත් දුන්න වෙලාවෙ.

"සර්ටත් එකක් දෙන්නෙයි?"

"ආ...........ඕන නෑ ළමයා, මමම ගන්නම්" ප්‍රින්සිපල් හිනා උනා. "සුගත් දානවකො මටත් ප්ලේන්ටියක්"

ඒ පාර එයා කිව්වෙ කැන්ටිමේ අයියට.

**************************
මේ අතරෙ සාරංගට උනේ වෙනස්ම දෙයක්. එයා කට ඇරන් ශානිකා දිහාවෙ බලල විනාඩියෙන් කෙල්ල දෙවැනි ප්‍රශ්නෙත් ඇහුව.

"සාරංග වාඩිවෙනවකෝ මෙහෙන්"

ශානිකා කිව්වෙ ඉස්සරහ තිබුන පුටුව පෙන්නල.

"මේ අහනවා. මම අද විතරක් නෙවෙයි දැන් ගොඩක් දවස් ඉදල බලාගෙනයි ඉදියේ, මොකෝ තමුසෙට වෙලා තියෙන්නේ?'

"මට................" සාරංග බයෙන් වගේ ඇහුව. එයාගෙ තිබුන නිර්භීත ගතිය කොහෙන් ගියාද දන්නෙ නෑ. අසරණ වෙලා එයා ශානිකා දිහාවෙ බැලුවා.

"ඔයාට තමයි. මෙතැන වෙන කවුරුත් නෑ නේ. මොකද කියල කියනවා, මාලිකා ඉදියට කමක් නෑ, එයා මට විශ්වාසයි"

"මේ....මේ.......මම දන්නෙ නෑ............ නැත්තෙමත් නෑ........ඒත් ම.....මට ......කියන්න.............."
සාරංග හිර උනා එතනදි නම්. වෙන කවදාකවත් ජීවිතේ හිර වෙන්නෙ නැති උනත් එතන නම් පොඩ්ඩක් නෙව්යි ගොඩක්ම හිර වෙලා වගේ දැනුන. ඇත්තටම තමන් මොනව කරනවද කියල එයාටම දැනුනෙ නෑ. තමන් ආදරේ කරන ලස්සනම කෙල්ල ඉස්සරහ ගොලු උනේ පළවෙනි වතාවට. 

"එයා ඔයාට ගොඩක් කැමතියි" 

කවුදෝ සාරංගගෙ වැකිය සම්පූර්ණ කලා. කෙල්ලො දෙන්න වගේම සාරංගත් පුදුම වෙලා වටපිට බැලුවෙ නින්දෙන් ඇහැරවන්න වතුර ගැහැව්ව වගේ. තුන් දෙනාම බැලුවෙ පන්තියෙ දොර දිහාවෙ. නාලක දොර ගාව ඉදන් ඒක කිව්ව බව තුන් දෙනාටම තේරුනා. ඊට පිටිපස්සෙන් චාමරත් මතු උනා. සාරංග රතු පාට උනා.

"මම කිව්ව එක හරිද?" නාලක ඇහැව්වෙ පන්තිය ඇතුලට ඇවිත් සාරංගගෙ උරහිසට අතක් තියල. 

"මම කිව්වෙ බොරුවක් නෙවෙයි නේ?"

"ඒත්.................ඒත්.............." සාරංග ගොත ගැහැව්ව.

"උඹ අහන්නෙ අපි කොහොමද උබේ හිතේ තියෙන දේවල් දන්නෙ කියලද මචෝ?"

චාමර ඇහුවෙ සාරංග ළගින් වාඩි වෙලා.

"උඹ හිතන් ඉදියට ඔය හිත් ඇතුලෙ තියෙන දේවල් කොහෙන් හරි මතු වෙලා පිටට පේනවා. අනිත් කාට පෙනුනෙ නැතත් අපි දෙන්නට ඒක හොදට පේනවා" 

එහෙම කිව්වෙ නාලක. 

"මොකද උඹ ගොත ගහන්නෙ? ඔන්න ඕක කියනවනම් කියල දාහන්. බැරි නම් අපිම කියන්නම්කෝ. ඔන්න ශානිකා අපේ සාරංගය ඉදල ඉදල කැමති උනේ ඔයාට විතරයි. සිරාවටම නම් අපි ඕන සප් එකක්. නැද්ද චාමර?"

"අනිවාර්යෙන්ම" චාමර කිව්ව.

"අලුත් කෙල්ල මොකෝ කියන්නෙ? මුන් දෙන්නට සප් එකක් දෙනවද?"

"මම අලුත් කෙල්ල නෙවෙයි, මාලිකා" මෙතෙක් වෙලා කාටත් අමතක වෙලා තිබුන හීන් සද්දෙන් මාලිකා කිව්ව.  

"කියනවනම් උදව් කරන්නම්"

"ඒකනේ සරංගයා උඹ මොකෝ කියන්නෙ?"

සාරංග නිල් පාට වෙලා. හදවත් ගැහෙන සද්දෙ මටත් ඇහුනා.

ශානිකා හිනා උනා. සාරංග බලාපොරොත්තු උනේ හිනාවක් නම් නෙවෙයි. ඒත් කොහෙන්දෝ අරන් ආපු හිනාවක් ශානිකාගෙ මූනෙ පැතිරුනා.

"ඉතිං ඕක කියන්නද මෙච්චර දැගලුවේ?"

සාරංග ආයෙමත් ශානිකා දිහාවෙ බැලුව. ශානිකා ඇස් දෙක පුංචි කරල සාරංග දිහා බැලුව. මෙයා මොනා කලත් බැනල එළවගන්නෙ නම් නැති බව දැන් සාරංගට විශ්වාසයි. ඉතින් එයා හෙමීට තම්න්ගෙ හිතේ තද කරන් තිබ්බ බෝම්බෙ බිමට අතෑරියා.

"ඔව්"

"අනේ මැට්ටෝ! ඕකටද ඔච්චර බය උනේ?"

ශානිකා කිව්වෙ පුටුවෙන් නැගිටල. 

"අපි යමු මාලිකා සර් අපිව හොයාවි"

මාලිකා ඉදන් හිටපු තැනින් නැගිට්ටා. ශානිකා ගාවට ගියා.

කොල්ලො තුන් දෙනාම එයාල දෙන්න දොර දිහාට ඇවිදන් යන හැටි බලන් උන්න.

"ඉතින් ඔයා මොකෝ කියන්නෙ? කියලම යන්නකො?"

කවුරුත් බලාපොරොත්තු උනේ නැති විදියට සාරංගගෙ පුරුශ දහිරිය එකතු වෙලා තිබුන.

දොර ගාවටම ගිහින් ඉදිය ශානිකත් මාලිකත් වගේම නාලකත් චාමරත් සාරංග දිහා බැලුවෙ පුදුමෙන්. ඒ වගේම අමුතු පුදුමෙකින්.

යන්න දොර ගාවට ගිහින් ඉදිය ශානිකා හෙමීට සාරංගගෙ පැත්තට හැරුනා. ටිකක් ඔලුව කසලා කල්පනා කරනව වගේ ඇගෙව්වා. ඊට පස්සෙ

"මම මොකටද අකමැති වෙන්නෙ"

කියල ආලෝකයේ ප්‍රවේගයට සමාන වේගෙකින් එතැනින් යන්න ගියා.

---------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට බලාපොරොත්තු වෙන්න............
---------------------------------------------------------------------------------

Friday, July 19, 2013
Posted by Tharuka Gunaratne

සිංහල බෞද්ධ පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි!


ශ්‍රී ලාංකීය ජාතිය යැයි කියාගනිමින් සර්වාගමික කඩතුරාවේ 

මුවාවෙන් 

එන සතුරු බලවේග ගැන අවධානයෙන් සිටිනු..!


අද ශ්‍රී ලංකාවේ බෞද්ධයා විනාශ කිරීම සඳහා ක්‍රියාත්මකවන මුස්ලිම් හා ක්‍රිස්තියානි සාහසික ක්‍රියාවන්ගෙන් බිඳක් ඔබගේ දැන ගැනීම පිණිස...
  • ජාතියක පැවැත්මට උපත් වේගය 2.1 විය යුතුය. අද සිංහලයාගේ උපත් වේගය 1ට අඩුය. නමුත් වත්මන් ලංකාවේ උපත් වේගය 2.8කි. ඉන් අඟවන්නේ සුලු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් උදවිය ඉතා සීඝයෙන් බොවන වගයි.
  • මුස්ලිම් පවුල්වල ළමයි 5-10 අතරේ සිටින අතර විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවල 2040 වන විට මුස්ලිම් ජනගහනය 10.5% සේ පෙන්වයි.
  • සමස්ත ආර්ථීකයම මෙහෙයවන මහා පරිමාණයේ වෙළඳ ව්‍යාපාර සියල්ලම ඇත්තේ අන්ජාතීන් අතය. (තමන්ගේ මුල් රටවලින් ලැබෙන සුවිශේෂි අනුග්‍රහය නිසා) මැණික් ගරන්නේත් මඩ නාගන්නේත් අහින්සක සිංහල මිනිසුන්ය. මැණිකෙන් හම්බකරන්නේ අසිංහල වෙළෙන්දාය. තේ,රබර්, වැනි ආර්ථික බොග වලින් වාසි ලබාගන්නේද අසිංහලයාය.

  • නෝලිමිට්, ෆැෂන් බග්  වැනි මුස්ලිම් ආයතන මගින් සිංහලයන් වඳ භාවයට පත් කරන මැලික් ඇසිඩ් සහිත ටොෆි බෙදා දීම. හා ජාන විකෘති කරන ඇඳුම් පැළඳුම් සිංහලයා අතර අලෙවි කිරීම, ඇඳුම් ඇඳ බලන කාමර තුළ (ෆිටෝන් රූම්) කැමරා සවි කොට සිංහල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප, වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැරීම.
  • මුස්ලිම් ආයතන සඳහා සිංහල තරුණියන් පමණක් බඳවාගන්නා අතර එමගින් ඔවුන්ව මුස්ලිම් තරුණයන් හා විවාහ කර මුස්ලිම් ආගමට නතුකර ගැනීම.
  • පාකිස්ථානය වැනි මුස්ලිම් රටවලින් හෙරොයින් ජාවාරම මෙරට ව්‍යාප්ත කරමින් සිංහල තරුණ පිරිස් එයට හුරු කිරීම හා ජාන විකෘති කරමින් සිංහල ජාතිය විනාශයට පත්කිරීම.
  • සිංහල ව්‍යාපාරික ස්ථාන වැඩි මුදලට මිලදී ගනිමින් ආක්‍රමණශීලීව ව්‍යාපාර සියල්ල ඔවුන් සතු කර ගනිමින් සිංහල වෙළෙන්දා ආර්ථිකව බංකොලොත් කිරීම.
  • අපේ සංස්කෘතියට හලාල් ආගමික සංකල්පය තුලින් බරපතල ලෙස හානි දායක තත්වයන් ඇති කිරීම. උතුම් බුද්ධ පූජාව සඳහාවත් නුසුදුසු හලාල් නැති නිෂ්පාදනයන් සොයා ගැනීමට නොහැකි වීම. නොදැනුවත්වම සිංහලයාගේ මුදල් සූරා කමින් හලාල් අරමුදල මගින් මෙරට පන්සල් හා ඉඩකඩම් කොල්ලකෑමට එම මුදල දායක කර ගැනීම.
  • මුස්ලිම් ආක්‍රමණශීලී අන්තවාදින් විසින් නතුකරගනිමින් පවතින බෞද්ධ උරුමයන් අතර  අනුරාධපුර මහමෙවුනාව , දඹුල්ල රජමහා විහාරය , සෝමාවති පුදබිම , බලංගොඩ කූරගල පුදබිම ( බොදුබල සේනා ජාතික සංවිධානයේ මැදිහත් වීමෙන් නැවත බෞද්ධයන් සතු විය) පොතුවිල් මුහුදු මහා විහාරය , තිස්ස කිරින්ද විහාරය , අක්කරෙයිපත්තුවේ මුතියනංගන දාගැබ , අම්පාරේ සාගම සෑය , සම්බෝධි විහාරය වැනි පූජනීය ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන  උදාහරණ වශයෙන් ඔබට පෙන්වා දිය හැක.

බෞද්ධ ඔබ දන්නවාද?                                                                          

  • ඇෆ්ගනිස්ථාන් (අවකන් දේශය) , කාශ්මීරය , බංගලාදේශය , මියන්මාරය , .තායිලන්තය , ආදී රටවල බුදුදහම අතුගාදමන්නට මෙම අන්තවාදීන් ක්‍රියා කළ බව.
  • ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය අයෝද්‍යාව විනාශ කර ලක්ෂ ගණනින් භික්ෂුන් පණපිටින් පිළිස්සූ බව.
  • ශ්‍රී මහ බෝධිය මුලින් උදුරා නොවැඩෙනු පිණිස මුල් සිඳ කඳ අතු ගිණි තැබීමට ක්‍රියා කළ බව.
  • බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ බුද්ධගයා විහාරස්ථානයට බෝම්බ දැමීමට  ක්‍රියා කළ බව.
  • වෙහෙර විහාර ගිණිබත් කර බුදු පිළිම කුඩු පට්ටම් කරමින් බෞද්ධයන් පළවාහැරීමට කටයුතු කරන බව.

වෙහෙර විහාර විනාශ කර ඇති අයුරු


  • ඉහත දැක්වෙන්නේ මුස්ලිම් අන්තවාදීන් විසින් මියන්මාරයේ බෞද්ධයන් ඝාතනය කිරීමට තමන්ට අවශ්‍ය යැයි විරෝධතා දක්වන ආකරය වේ. අප නිහඩව සිටියහොත් අප රටේද මෙම තත්වය උදාවීම වැඩි ඈතක නොවේ.


  • මැදපෙරදිග මෙහෙකාර සේවය සඳහා යන කාන්තාවන් දූෂණය කරමින් ලිංගික වද හිංසාවන්ට ලක් කර මරණයට පත් කර ශරීර අවයව කොල්ලකෑමට කටයුතු කරන බව.
  • ආගමික සහජීවනයක් ගැන නන්දොඩවන බහුතරයක් මුස්ලිම් මැදපෙරදිග රටවල බුදුන් වැඳීමත් මරණ දණ්ඩනයට හේතුවක් බව.

          කාෂ්මීරය වගේම , අවකන් දේශය වගේම , ජාවා සුමාත්‍රා වගේම , පාකිස්ථානය, බංගලාදේශය වගේම ඔවුන් හෙට මගේ රටත් වනසාවි. බාමියන් පිළිම වගේම අවුකන, රැස්වෙහෙර, තොලුවිල, මාලිගාවිල පිළිමත් වනසාවි. පොළොන්නරුවත්, අනුරාධපුරයත් වනසාවි. මහමෙව්නාවේ සමාධි පිළිමයත්, ජය ශ්‍රී මහා බෝධියත් වනසාවි. හෙට දීඝවාපිය, පල්ලේකඩුව, පොතුවිල වගේම මගේ ගමේ පන්සලත් වනසාවී. අපි ඒ ගැන කතා නොකරමුද?

ක්‍රිස්තියානි ආක්‍රමණ පිළිබඳවත් බෞද්ධ ඔබ විමසිලිමත්ද...?                   

  • විවිධ ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාග මගින් බෞද්ධයන් මුලා කොට ක්‍රිස්තියානිකරණයට ලක්කිරීම.
  • සිවුරු පොරවන ලද මින්සුන් මංමාවත් අදී ප්‍රසිද්ධ ස්ථාන වල විවිධ වැරදි ක්‍රියාවන් සඳහා යොදවා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ වන අයුරින් එම පුවත් සමාජගත කිරීම.
  • බෞද්ධ ජනතාවගේ මානසික ගැටලු, ලෙඩ රෝග ,දිළිඳුකම ආදී අසරණකම් ප්‍රයෝජනයට ගෙන දේවමෙහෙයන් ලෙස ව්‍යාජ යාඥා වැඩසටහන් පවත්වා පවුල් අවුල් කරමින් ජීවිත විනාශ කිරීමට කටයුතු කිරීම.
  • සර්වාගමික සංවිධාන පිහිටුවා බොදු බලවේග මැඩලීමට ක්‍රියා කිරීම.


මේ විනාශයන්ගෙන් සිංහල බෞද්ධයා රැක ගැනීමට නම් අප කළ යුත්තේ...

  • පුංචි පවුල රත්තරන් යන මිත්‍යාවට නොරැවටී එය සිංහල බෞද්ධයා හෙළ දෙරණින් අතුගා දැමීමට අර අදින උගුලක් බව වටහාගෙන පවුල් සැලසුම් කටයුතු සහ වන්ධ්‍යකරණය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර එක් පවුලකින් දරුවන් තිදෙනෙක් වත් බිහි කිරීම.
  • බෞද්ධ අප සෑම විටකම අපගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට සිංහල ව්‍යාපාරික ස්ථානයක්ම තෝරා ගෙන සිංහල ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම හා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලින් ආහාර වශයෙන් ලබාදෙන සියලු දෙයින් වැලකි සිටීම. මෙමගින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටී බෞද්ධ අභිලාශයන්ට පටහැනි වන අන්දමින් කටයුතු කිරීම නවතා දැමීමට සිදු වනු ඇත.
  • සිංහල වෙළඳ මහතුන් තම පාරිභෝගිකයන්ට කාරුණිකව හා ආචාරශීලීව සංග්‍රහ කර මුස්ලිම් ව්‍යාපාර වලට ඇදි යන ජනතාව තමන් වෙත ආකර්ශනය කර ගැනිම මෙන්ම තමන් ලඟ නැති භාණ්ඩ වෙනත් තැනකින් හෝ ගෙන්වා දීමට කටයුතු කිරීම.
  • මුසල්මානුවන් විසින් දේශිය තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් සිදු කරන මත් උවදුරින් අපගේ තරුණ පරපුර බේරා ගැනිම හා එවැනි පුද්ගලයන් නිතියේ රැහැනට හසුකර දීම.
  • සිංහල තරුණියක් වශයෙන් පෙම්වතෙකු හෝ සැමියෙකු තෝරා ගැනිමේදී සිංහල තරැණයෙක් පමණක් තෝරා ගැනීමට වගබලා ගත යුතුය.
  • මුස්ලිම් සමාජයේ ස්ත්‍රීන්ට ලැබී ඇත්තේ පහත් මට්ටමක් බවත් ඔවුන් දැඩි පාළනයකට ලක්වි ඇති බවත්, ඇඳුමින් පවා නිදහස සීමා වි ඇති බවත් මුස්ලිම්වරු සමග විවාහ වීමෙන් සිංහල කාන්තාවන් අගාධයකට වැටෙන බවත් කියාදිය යුතුය.( මෙය වැදගත් වන්නේ සිංහල කතුන් විවාහ කර ගැනීමට මුස්ලිම් ජාතිකයන් සංවිධානාත්මකව කටයුතු කරගෙන යන බැවිනි.)
  • සිංහලයන් සතු ඉඩම් හෝ ව්‍යාපාරික ස්ථාන විකිණීමේදී නොවටිනා මිලක් ගෙවා හෝ ඒවා මිළදී ගැනීමට උත්සහ දරණ අන්‍ය ජාතිකයන් හට ලබා නොදි සිංහලයෙකුටම පැවරීම.
  • එසේම පන්සල් සහ දේවාල වලට අයත් ඉඩ කඩම් මුස්ලිම්වරුන්ට හෝ අන්‍යාගමිකයන්ට පවරා දෙන අය හෙලා දකිමින් ඉදිරියටත් එසේ කරන අය සමාජයට ප්‍රසිද්ධ කල යුතුය.
  • හලාල් ජාතිවාදී  උගුල සහිත සියලු නිෂ්පාදන ප්‍රතික්ෂේප කර, සිංහල ජාතියට හා බුද්ධ ශාසනයට වෙමින් පවතින විනාශයට දායක වීමෙන් වැලකීම.
  • අපේ ගරුතර මහා සංඝරත්නය අවධානයෙන් සිහිනුවණින් විහාරස්ථාන වල වැඩ විසිය යුතුය. විහාරස්ථාන තුලින් අටපිරිකර වැනි පූජා භාණ්ඩ මුසල්මානුවන් සතුවීම වලක්වමු. එවැනි කටයුතු බෞද්ධ ව්‍යාපාරිකයන්  අතරට පමණක් සිමා කරමු. බෞද්ධ පූජා භාණ්ඩ මිල දී ගැනීමේදී සිංහල වෙළඳුන්ගෙන් පමණක්ම මිලදී ගනිමු.
  • සිංහල දරු දැරියන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා හොඳින් උගන්වා එමගින් උසස් අධ්‍යාපනය හා රැකියා ලබා ගැනිමට කටයුතු කරමු.
  • බුදුරජාණන් වහන්සේ දේශනා කල සප්ත අපරිහාණි ධර්ම අඩංගු කරුණු තුළින් දියුණුව කරා පිය නැගීමට අප සැම අදිටන් කර ගත යුතුය.
සිංහලයිනි හිතන්න , අවදිවන්නට කාලයයි 
ආවේගශීලී නොවන්න. අපගේ දුර්වලතා මැඬ ජාතිය ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමු. සියලු ජාතීන්ට මෙත් සිත පතුරවමු. අපගේ අනන්‍යතා රැකගෙන ආර්ථිකය ශක්තිමත් කර ගනිමු. ඒ සඳහා පංච ශීලයේ හැසිරෙමින් සමගිව උදව් උපකාර කරගනිමින් නැඟී සිටිමු. අපගේ ‍ඓතිහාසික අභිමානය , උරුමය සුරැකීමට දිවි හිමියෙන් කටයුතු කරමු. එය යුගයේ වගකීමයි.

සිංහලයිනි අපි වහාම සංවිධානය වෙමු. ඒ සඳහා සුදුසුම කාලය අදයි. හෙට ප්‍රමාදයි.....

මුස්ලිම් ආක්‍රමණයන්ට (වෙනත් බෞද්ධ විරෝධි ක්‍රියා කරන්නන්ට) ඇඟට දැනෙන ලෙස ක්‍රියාමාර්ග ගත යුතුයි. 

බෞද්ධයන්ගේ අභිලාෂයන්ට විරුද්ධව කටයුතු කිරීමෙන් ඔවුන්ට පසුතැවීමට සිදුවන බව ඒත්තු ගැන්විය යුතුය.

                                                                             
Wednesday, July 17, 2013
Posted by Dinuka Wijesinghe

කෙල්ල කෑල්ල වීම


1 කොල්ලා  :-  අරක බලහංකො මරු කෑල්ල බං
2 කොල්ලා  :-  ඔව් බං, සිරාවටම
1 කොල්ලා  :-  මොකද කියන්නෙ උඹ දානවද?
2 කොල්ලා  :-  නෑ බං අවුලක් නෑ උඹ දාගනින්

මේක කියවනකොට මොකද හිතෙන්නෙ? විකුණන්න තියෙන බඩුවක් ගන්න කතා කරනව වගේ. ඔය තියෙන දෙබස සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් අතර ඇති වෙන එකක්. ඇත්තටම මේ කතා කරන්නෙ කෙල්ලෙක් ගැන. කෙල්ල කෑල්ල වුණේ ඇයි?


අපි හැමෝම කාන්තාව දකින්නෙ වෙළඳ භාන්ඩයක් විදිහට, කෑල්ලක්, කෙළි බඩුවක් විදිහට . ටීවී එකේ, පත්තර වල හැම තැනම විකුණන්නෙත් කෑලි. මූනෙ කුරුලෑ ඇවිල්ල, කළු වෙලා බිම බලාගෙන හිටිය කෙල්ලො මොනා හරි ගාල සුදු වෙලා ලස්සනට හිනාවෙවී ඉන්නව. එක තැනක කිරිපිටි විකුණපු නිලිය තව තැනක වෙන මොනා හරි විකුණන්න ඉන්නව. බාගෙට ඇදගෙන රට වටේ ගියාම මිස් ශ්‍රී ලංකා දෙනව. බාගෙට ඇදගෙන ලෝකෙට ගියාම මිස් වර්ල්ඩ් කියනව. මෙහෙම විකුණන්න ගිහිල්ල විකිණෙන්නෙ ඒගොල්ලොම තමා.

මෙහෙම කාන්තාවො කෑල්ල වෙන්න ගියාම මොකද වෙන්නෙ? අපිට කාන්තාව ගැන තිබ්බ ගෞරවය තමා මේකෙන් නැතිවෙන්නෙ. කෙල්ලෙක්ව දකින්නෙ වෙළඳ භාන්ඩයක් විදිහට. මේ ගෞරවය නැති වීම හින්ද තමා "කෑල්ල", "දාගන්නව" වගේ වචන පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ.

ඉස්කෝලෙට, පන්තියකට අලුතෙන් කෙල්ලෙක් ආවහම කියන කරන දේවල් ගැන නම් කියල වැඩක් නෑ. ගමට අලුතෙන් කවුරු හරි පදිංචි වෙන්න ආවත් බලන්නෙ කොහොමද දුවෙක් එහෙම ඉන්නවද කියල. මේවගෙ ප්‍රතිඵල විදිහට තව තව ඒව සිද්ද වෙනව. ඔය හැමතැනම තියෙන්නෙ

මෙහෙම කාන්තාව කෑල්ල බවට පත් වුණු එකට වගකියන්න ඕනි කවුද. කාන්තාවො, මේ මුද්‍රණ දෝශයක් නෙවෙයි. ඇත්තටම කාන්තාවන්ටත් වගකීමක් තියෙනව. පිරිමි විතරක් නෙමෙයි. මේක තමා මේ ප්‍රශ්නයේ කවුරුත් නොදකින අනිත් පැත්ත. කාන්තාවන් නිසා වෙලා තියෙන දේවල් වලට උදාහරණ ඕනි තරම් දෙන්න පුළුවන්. ඉස්කෝලෙ යන කොල්ලොත් එක්ක යාළු වෙලා පස්සෙ නඩු දානව කියල උන්ව බයකරගෙන කසාද බැඳගත්තු කෑලිත් අපේ ගමේම ඉන්නව.

සමහර ගැහැණු උදවිය මේ ප්‍රශ්න ගැන මොකුත් නොකරන හින්ද පිරිමි අපිට තමා මේ වගේ වැඩ කරන්න වෙලා තියෙන්නෙ. මේ ළඟදි දවසක ෆේස්බුක් එකේ කෙල්ලන්ගේ ගෲප් එකක් පටන් අරන් හෙන ගේමක් දීල තිබුන. කාන්තා අයිතීන් ගැන තමා ඒකෙ තිබුනෙ. මේ වැඩේ කළේ ඇත්තටම කෙල්ලෙක්නම් ප්‍රශංසා කරන්න තිබ්බ. ඒ වුණාට මම වෙන විදිහකට  හොයාගත්ත ඒ ගෲප් එක කරන්නෙත් කෙල්ලෙක්ගෙ නමින් අකවුන්ට් එකක් හදාගත්ත කොල්ලෙක් කියල. :-D

ඉතින් ඇත්තටම මේවට මේ සමාජය තමා වගකියන්න ඕනි. මොකක්ද සමාජය කියන්නෙ. ඒ කියන්නෙත් අපිම තමා, වෙන කවුරුවත් නෙවෙයි. සමාජයෙන් අපි අයින් කරහම වෙන කවුරුවත් නෑ. තම තමන් හැදෙන එක තමා කෙරෙන්න ඕනි. එතකොට අනිත් එවුනුත් හැදෙයි. තමන් හැදිල පුළුවන්නම් අනික් එවුන්ටත් කියන්න ඕනි හැදෙන්න කියල.
Posted by Pabasara Mahindapala

"තමුසෙ හොරෙන් හොරෙන් මගෙ දිහාවෙ බලන් තනියම හිනාවෙන්නෙ ඇයි" - මත් මල් - නවකතාව [18 කොටස]



එදා ගාතා කිව්වට පස්සෙ පළවෙනි පීරියඩ් එක නම් වෙනද වගේම අසංක සර් ඇවිත් තමන්ගෙ පාඩම උගන්නලා නම් එහෙමත් ලකුණු කරලා යන්න ගියා. එයා විශේශෙන් කිව්වෙ ලබන මාසෙ මද්ය වාර පරීක්ශනේ නිසා දැන්ම තියාම හොදින් පාඩම් කරන්න කියල. තව මාස පහකින් ඕ. ලෙවල් විබාගෙටත් ඒක ප්‍රයෝජනවත් වේවි කියල එයා කිව්වා. ඕ.ලෙවල් මතක් කලාම ඒ වෙනකම් පොඩි සද්දයක් තිබුන පන්තියත් නිස්සද්ද උනා.


අසංක සර්ගෙ පීරියඩ් එකෙන් පස්සෙ තිබුනෙ ස්න්හල පීරියඩ් එක දැන් බෙල් එක ගහල විනාඩි දහයක් විතර ගීයත් තාම කවුරුත් ආවෙ නෑ. ඒ අස්සෙ චාමරයා පුටුවෙන් නැගිට්ටා.


"මෙහෙම ඉන්න බෑ බං, යමල්ලා ප්ලේන්ටියක් බොන්න"


"ඒකත් ඇත්ත තමා" නාලක පුටුව පද්හන ගමන් හිනා වෙලා එකගතාවෙ පළ කලා. 


"මොකෝ කියන්නෙ සාරංග යමුද?"


"උඹල පලයන් මචන්" සාරංග කිව්වෙ කවදාවත් නැතුව.


"මට අද පොඩ්ඩක් ඔලුවෙ කැක්කුමයි වගේ, පුලුවන් නම් එන ගමන් මට පැනඩෝල් දෙකක් ඇරන් වරෙන්. මෙන්න සල්ලි"


මිනිහ දහයෙ කොලයක් දික් කලා. 


"සල්ලි එපා බං" නාලක කිව්ව.


"අපි ඇරන් එන්නම්"


නාලකවත් ඇදගෙන චාමරයා එතැනින් යන හැටි සාරංග බලන් ඉදියා. ඒත් එයා නැවතුනේ ඇත්තටම ඔලුව රිදෙන නිසා නම් නෙවෙයි. එයා බැලුවෙ මාලිකාත්, ශානිකත් ඉන්න ඩෙස් පේළිය දිහා. මලිකාට එහා පැත්තෙ වාඩි වෙලා හයියෙන් හිනාවෙන ඒ කෙල්ල දිහා සාරංග බැලුවෙ වෙනද බලන හැටියට නම් නෙවෙයි. ඒක එයාගෙ ඇස් දෙකින් බැලීමකටත් වඩා මුලු හදවතින්ම බැලීමක් හැටිය්ටයි මට නම් පෙනුනෙ. 


කවුරු දිහාද මිනිහ බැලුවේ? හිතෙනවා ඇති ඔයාටත්. එයා බැලුවෙ මාලිකාට එහා පැත්තෙ ඉදිය ශානිකා දිහාවෙ. ඊයෙ දැකපු අර පිස්සු කෙල්ලට වඩා අද ඉන්න කෙල්ල මොනතරම් ලස්සනද. සාරංගට එහෙම හිතුනා. මේ තරම් ලස්සන උනත් ඇයි මට මේක කලින් පෙනුනෙ නැත්තෙ?


අසංක සර් ආයෙමත් පන්තියට ආවා. හැමෝම ඉදියට නාලකත්, චාමරත් නෑ. සර් ඒක පැහැදීවම දැක්කෙ ආයුබෝවන් කියන්න පන්තියම නැගිට්ට වෙලාවෙ. සර් ආවා සාරංග ළගට,


"කොහෙද කොල්ලො යාලුවො දෙන්න ගියේ?"


"මේ........" සාරංගට ගණ දෙවි නුවන පහළ උනා.


"උන් දෙන්න පැනඩෝල් දෙකක් ගේන්න ගියා සර්"


"පැනඩෝල්?" අසංක සර් ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරල. 

"කාටද?"

"මට සර්" සාරංග කිව්ව.


"උදේ පොඩි ඔලුවෙ කැක්කුමක් ආව ඒකයි"


"හ්ම්ම්ම්ම්ම්ම්ම්" කියපු අසංක සර් ආයෙ පන්තිය ඉස්සරහට ගියා. 


"ළමයිනේ එහෙනම් කැමති වැඩක් කර ගන්න. දුන්න ගෙදර වැඩ එහෙමත් ඇතිනේ. කරගන්න ඒව හැබැයි සද්ද නොකර" 



"සර් පී. ටී එකක් දෙන්නකො අපිට"


එහෙම කිව්වෙ සාරංගට ඉස්සරහ වාඩි වෙලා ඉදපු තරිදු.


"මේ මාසෙටම එකක් ලැබුනෙ නෑ සර්"


ඌ තවත් පිදුරු වගයක් ගින්නට දැම්මා.

ඒක් නිසා පන්තියෙ ඔක්කොම කුලප්පු වෙච්චි හරක් වගේ කෑගහන්න ගත්තා පී.ටී එකක් ඉල්ලලා. අන්තිමේ සර් නැගිට්ටෙ යුද්දෙන් පැරදිලා බව සාරංගට තේරුනා.

"හොදයි ඔච්චර කියන හන්ද අදට විතරක් ගනිල්ලකෝ, හැබැයි මොකවත් වැරදි වැඩක් කරා කියල අහූනොත් බලාගන්නම් මම"


එහෙම කියල සර්  පන්ති නායකයව අඩගහන් ක්‍රීඩා කාමරේට එන්න කියල පන්තියෙන් පිට උනා. පන්තියෙ අනිත් උන ඔක්කොම ගියත් සාරංග ගියේ නෑ. මිනිහ ටිකක් වෙලා ඉදියෙ ශානිකා යනවද බලන්න වගේම තමන්ගෙ යාලුවො දෙන්න එනකම්. 


දෙයියනේ! සාරංග දැක්කෙ එයා දැකපු අපූරුම දර්ශනේ. හැබෑවටම ශානිකා ගිහින් නෑ. මොකද කියල බැලින්නම් තමා මිනිහ දැක්කේ එයාට ගණන් වගයක් කියල දෙන මාලිකාව. 


පන්තියෙත් කවුරුත් නැති හන්ද සාරංග ඒ පැත්තට හැරුනා. හෙමීට ගිහින් කෙල්ලො දෙන්න ඉන්න ඩෙස් එක උඩින් අත තියන් ඒ දෙන්න දිහා බැලුව.


"මේ..........." සාරංග කිව්වෙ හිනාවෙලා.


"මොකද ගියෙ නැත්තෙ පිට්ටනියට?"


"ඇයි අපි පිට්ටනි යන්න ඕන තමුසෙගෙන් අහලද?" ශානිකා පැනලම දුන්නා.


"අපෝ නෑ"


"එහෙනම් මොකෝ අහන්නේ?"


"ඇයි අහන්න හොද නැද්ද?"


"හොද නෑ නේන්නම්. තමුසෙ මොකටද නැවතුනේ ඉතිං?"


"මම නැවතුනේ චාමරයයි නාලකයයි එනකම්"


"අපි මේ ගණන් වගයක් හදනවා" අහිංසක විදියට කිව්වෙ මාලිකා. ඒ මේ දෙන්නගෙ පුංචි රණ්ඩුව නවත්තන්න හිතාගෙන.


"ශානිකා කිව්ව මට එයාට ගණන් වගයක් තේරුම් කරල දෙන්න කියල"


"අනෙ අනේ ගණන් බැරි බූරුවා" සාරංග කිව්වෙ ශානිකාව අවුස්සගන්න. මාලිකාට හයියෙන් හිනා ගියා.


"මේ නිකම් පළයන් ඕයි යන්න" ශානිකාට මළ පැන්නා. 


"එකපාරට ඇහිත් කඩන් පැනල අහනව යන්නෙ නැද්ද කිය්ටල. දැන් බූරුවාලු, ඕව කියන්න තමුසෙ මගෙ කව්ද?"


"තමුසෙට කවුරුත් කැමති වෙන්නෙ නැත්තෙ ඔය කට හන්ද තමා, තියෙන ලස්සනත් නැති වෙනව ඔය හැකර කට හන්දා" 


"එහෙනම් ඔයා කැමති උනේ?" 


ශානිකා කිව්වෙ රවල නෙවෙයි ඔරවල.

සාරංග උඩ ගියා.

"මම?..........ම...ම...මම?"


සාරංග ගෙ ඇස් දෙක උඩ ගියා, ශර්ට් එක ඇගට ඇලුනේ දාඩිය දාල හොදටම. මිනිහ බය වෙලා නෙවෙයි හොදටම ශොක් වෙලා බව මාලිකාට නම් තේරුනා.


"ඔහේ නැතුව වෙන කව්ද?"


ශානිකා කිව්වෙ ඇහැක් ගහල.


"තමුසෙ හොරෙන් හොරෙන් මගෙ දිහාවෙ බලන් තනියම හිනාවෙන්නෙ මගෙ ඩෙස් එක උඩ පෙරහැරක් යනව වගේ. මොකද මම දැක්කෙ නෑ කියලද හිතුවෙ?"


මළා! විහින් අනාගත්තා නේද කියාල සාරංගට හිතුනා. එයාට දෙන්න උත්තරයක් තිව්නේ නෑ. ඇත්තටම තිබුනෙ නෑ. එකපාරටම තමන් ඉස්සරහට කන්දක් පාත් උනා වගේ සාරංග උඩ බලන් ඉදියා.


ඉස්සෙල්ල නම් සාරංග හිතුවෙ තමන්ගෙ යාලුවො දෙන්න පරක්කු වෙනවනම් හොදයි කියල. ඒ ශානිකා එක්ක වචනයක් දෙකක් දා ගන්න. ඒත් දැන් නම් මිනිහ දෙලොව රත් වෙලා................


දෙයියනේ චාමරයයි, නාලකයි ඉක්මනට එනවනම්.............



*****************
මේ අතරෙ කැන්ටිමේ ප්ලේන් ටී බොන්න ගිය චාමරටයි නාලකට නොහිතපු අවුලකට මුහුන දෙන්න උනා. උන් දෙන්න කැන්ටිමේ බංකුවක් උඩට වෙලා ප්ලේන් ටි දෙක හදනකම් බලන් ඉන්න අතරෙ එළියෙන් අමුතු සද්දයක් ඇහුන. දෙන්නම කතාව නවත්තල කැන්ටිමේ දොඅ දිහාවෙ බැලුවෙ දුවන්න හිතාගෙන. ඒත් පරක්කු වැඩී වගේ.................

තමන්ගෙ සහයකයා වගේ වේවැලත් අතේ තියන් අත් දෙක වන වනා කැන්ටිම ඇතුලට ආවෙ වෙන කවුද ඉතිං

.....
.....
ප්‍රින්සිපල් සර් මිසක්. චාමරවයි නාලකවයි දැකපු හන්දමදෝ දොරෙන් ඇතුලු වෙච්ච ප්‍රින්සිපල් කෙලින්ම ආවෙ උන් දෙන්න දිහාවට, 

දෙන්නගෙම දෙලොව රත් උනා




---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.....
---------------------------------------------------------------------------------

Monday, July 15, 2013
Posted by Tharuka Gunaratne

උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා! මම ගොනා උනා! ::::: මත් මල් [නවකතාව - 17 කොටස]






නාලක ගේට්ටුව ගාව ඉදන්ම සාරංග එනකම් බලං ඉදියා. සාරංගත් ඒ තරම් හදිස්සියක් නැතිඅ වගේ හෙමීටයි ආවෙ. ඒත් නාලක "ඉක්මනට වරෙන්" කියල අතින් කිව්වම මිනිහ ටිකක් වේගෙ වැඩි කලා.

"ගුඩ් මෝනින් මචන්"
කියල ඈත තියාම සුබ පැතුම එකතු කලා.

සරංග තමයි නාලකගෙ දුක සැප දෙකේම ළග ඉදපු මිත්‍රයා. සාරංගත් නාලකත් ඒ දෙන්නගෙම යාලුව උන චාමරත් කොයි වැඩේත් කලේ එකට. කෑවෙ බිව්වෙ, ආවෙ ගියේ, ඉස්කෝලෙ වටේ රවුම් ගැහුවෙ, ගුටිකෑවෙ, බැනුම් ඇහුවෙ. ඔක්කොම එකට. චාමර නම් ටිකක් කලින් එන්නෙ නෑ. මිනිහ ඉන්නෙ ටිකක් ඈත. ඉතින් නාලකත්  හිනාවෙලා

"එසේම ඒවා මචන්" කිව්ව.

"මොකෝ බං අද නිකන් මල් පාට හිනාවක්?"

නාලක පුදුම උනා. මොකක්? වෙන්න බෑ. මුන්ට කොහොමද එහෙම පේන්නෙ.

"මුකුත් නෑ බන්/ ඇයි උඹට මොකුත් අමුත්තක් පේනවද මගෙ?"

"නැතුව" සාරංග කිව්වෙ ගේට්ටුවෙන් එන අයගෙ විනය බලන්න දාපු ප්‍රිපෙක්ට් අයියට අත වනල.

"ඕන කෙනෙක්ට පේනව. අද උඹ ඉන්නෙ හෙනම හැපියකඉන් කියල. මොකෝ හේතුව?"

"උඹට පේන්නෙ හැපියක් වගේද?" නාලක ඇහුවෙ මූන පුළුටු කරගෙන.

"අද පොතක් උස්සන්න තියෙනව පොත් කාමරෙන්"

"හෑ......" සාරංග උඩ ගියා.

"මේ ආවට ගියාට පොත් කාමරෙන් පොතක් අරන් පනින්න පුලුවන්ද බන්?. අනිම මේ මහ දවාලෙ?"

"ඇයි යකෝ කලින් වතාවෙ උබයි මායි මනෙ ඒකෙන් චාමරයට දෙන්න සයන්ස් පොතක් ඉස්සුවෙ"

"ඒ එදා, මේ අද" සාරංග කිව්වෙ බය වෙලා. "අනික ඌට එදා පොතක් ඕනම වෙලාව. අනික අද මොකක්ද හේතුව පොතක් උස්සන්න? හදිස්සියක් නෑ නේ"


"නැත්තෙමත් නෑ බන්" එහෙම කියපු නාලක සාරංගට සේරම විස්තරේ කිව්ව. මාලිකා පොත ගෙදර දාල ආපු හැටි, ගේට්ටුව ළගදි හොදටම බය වෙච්ච හැටි. තමන් කියපු දේවල් ඒ වගේම අන්තිමේ..................



"ඉතිං උඹ ගොනා වෙලා ඒකිට උඹේ පොත දුන්නා?"

සරංග කිව්වෙ ඇත්තටම තද වෙලා.

"ඒකි වෙනුවෙන් විහින් නැහෙන්න හදන්නෙ මොකෝ උඹ ඒකිගෙ සුවාමි පුරුසයද? අනේ නිකම් පල යකෝ. පන්තියට ගිය ගමන් ඒකිගෙන් පොත අරගනින්. ඒකි ඕන රෙද්දක් කර ගත්තාවෙ"

"එහෙම කියන්න එපා බං" නාලකට තරහ ගියේ නෑ.

"පව් බං ඒකි බලපු හැටියට මට දුක හිතුන. පව් නේ බන්. තාම ඇවිල්ලත් සතියක්වත් නෑ. ඉතිං ඒකි බය වෙන එක අහන්නත් දෙයක්ද?. උඹ වරෙන්කෝ මා එක්ක. පොත උස්සන හැටි මම බලා ගන්නම්."

"හොදා හොදා එන්නම්කො ඉති"

සාරංග තාමත් තරහෙන්.

"කෙල්ලෙක් උඹ දිහා බලල ඇස් ලොකු කලාම ඒකි ගැන දුක හිතිල ඉල්ලන දෙයක් දුන්නොත් උඹ කවදාහරි අපිත් එක්ක ඉන්නෙ ඇදන් ඉන්න රෙද්දවත් නැතුව. මම කිව්ව කියල හ්තාගනිං"....


"හරි හරි බං" නාලක කිව්වෙ හෙන සතුටින්.

"උඹ ඉතින් හොද එකානේ. වරෙන් හොදේ. වෙන ක්ලාස් එකක එකෙක්ගෙන්වත් ඉල්ල ගන්න තිබ්බ වෙන පොතක් නම්. ඒත් හැම ක්ලාස් එකකම තාම වර්ක් බුක් එක පටන් ගත්තෙ නෑ නෙ. අනිත් එක මම ගුටි කෑවොත් අනිවා ප්‍රින්සිපල් ගාවටත් යන්න වෙනව. ඉතිං බෙල්ල ගහල යන වැඩක් උනත් කරන්නම වෙනවා"

"හරි හරි යකො කිව්වනෙ එන්නම් කියල"

සාරංග යාලුවගෙ කරට අත දා ගත්තා.

"හනේ අනිච්චං ලස්සන කෙල්ලෙක්ට පොත දීල නම් බෙල්ල ගහල ගියත් මොකේ?. උඹ ඉදල ඉදල එහෙම එකක්වත් කරන්නෙ ආතක් පාතක් නැති වේලිච්ච කෙල්ලෙක්ට"

"ආ............" නාලක තරහ ගත්තා. තරහ ගත්ත කිව්වොත් ඒක ඒ තරම් ගැලපෙන්නෙ නෑ. තරහ ගියා.

"ඇයි උඹලට ඒකි කැතද?"

"කැතයි කිව්වෙ නෑ නේ. මම කිව්වෙ ලස්සන නෑ කියල. ඕකට ඉතිං තද වෙන්න ඕනයැ බං. කොහොමත් ඒකිගෙ වැඩි එළියක් නෑ නෙ"

සාරංග කිව්වෙ පන්තිය අහලටම ඇවිත්.

"එහෙනම් දෙවනි පීරියඩ් එකේ ඇග්‍රි ගිහින් එන ගමන්. පොතකුත් ඇරන් එමු."

"එළ එළ"

 නාලක කිව්වෙ පන්තියෙ ඇතුලට බෙල්ල දාන ගමන්. නාලකගෙ ඇස් හෙව්වෙ කාවද කියල දන්නව ඇති නේ? වෙන කාවද ඉතිං

මාලිකා තමන්ගෙ අලුත් යාලුවා උන ශානිකත් එක්ක ඔක්කොම විස්තරේ කියල තිබුනෙ නාලක පන්තියට එන්න කලින්. කොහොම හරි නාලක ඇග්‍රි පීරියඩ් එක ඉවර වෙලා මොනව කරාවිද කියල හොයල බලන්න ශානිකා පොරොන්දු උනා. මාලිකා කලේ වෙනත් විශයක් නිසා එයාට එන්න බැරි වේවි. එයා ශානිකාගෙන් පින්සෙන්ඩු වෙලා ඉල්ලුවෙ කොහොම හරි නාලකට පොතක් හොයා ගන්න බැරි උනොත් ඉක්මනට තමන්ට කියන්න කියල. ඇත්තටම නාලක ගැන මාලිකාගෙ හිතේ ඇති උනේ දුකක්, අනුකම්පාවක් සහ පැහැදීමකුත් එකට එකතු වෙච්ච හැගීමක්. ඒ නිසාම නාලක පන්තියට එන්න කලින් ඔලුව ඇතුලට දාන කොටම  මීට කලින් කාටවත් දකින්න ලැබිල නැති අමුතුම අමුතු හිනාවක් මාලිකාගෙ මූනට ඇවිත් තිබුනා..

නාලක ඇතුලට ආව නෙවෙයි සාරංග මිනිහව ඇතුලට ඇදල ගත්තා. ඊට පස්සෙ තමන් ඉදිය සුපුරුදු අන්තිම පේළියෙ බෑග් එක තියපු නාලක එහෙම්මම මාලිකා ළගට ආවෙ එයා බලාපොරොත්තු නොවුන විදියට.

"මොකෝ නිකම් බය වෙලා වගේ?" නාලක ඇහුවෙ මාලිකා දිහාවෙත් එයා ළගම වාඩි වෙලා ඉදිය ශානිකා දිහාවෙයි මාරුවෙන් මාරුවට බලල.

"අනේ අම්මප" කතාකලේ ශානිකා.

"ඇත්තටම නාලක ඔයා ඔය කරන්නෙ මෝඩ වැඩක්"

නාලක රතු උනා.

"ඒ මොකෝ?"

"තමුසෙට පුලුවන්ද පොත කාමරෙන් පොතක් උස්සන්න. නිකම් යනව හලෝ යන්න. පොත් කාමරේ ඇතුලට යන්නවත් බෑ. දොරේ ඉබ්බෙකුත් දාල."

"ඉතිං............."

නාලක ඇහුවෙ සමච්චලෙන්.

"ඉතිං නෙවෙයි මැට්ටෝ.......... තමුසෙ ඇතුලට යන්නෙ නැතුව කොහොමද පොතක් අර ගන්නේ?"

"මම කිව්වෙ නෑ නෙ ඇතුලට යන කතාවක්" නාලක කිව්වා. පොත ගැන කියනවනම් මම මේ ආවෙ මාලිකාට පොතක් දීල යන්න තමයි"

"මොකක්........!!!!!!!!!!!"

කෙල්ලො දෙන්නම එකපාර කෑගැහුවෙ ඇත්තටම පුදුම වෙලා. නාලක පිටිපස්සට කරන් ඉදිය අත් දෙක ඉස්සරහට ගත්තා. නාලකගෙ අත උඩ තිබුනෙ අලුත්ම අලුත්, නැවුම් සුවදත් හමන ඉන්ග්‍රීසි වර්ක් බුක් එකක්.


"නාලක???????" මාලිකා කිව්වෙ පුදුමෙන්.

"ඔයා???? කොහොමද.........? මේක......................?"

"මම මේක අරගත්තෙ නේද?" නාලක හිනා උනේ ශානිකා දිහා බලල ඇහැක් වහල.

""කව්ද බං කෙල්ලනේ පොත් කාමර වල දොරවල් වල ඉබ්බො කඩ කඩ පොත් උස්සන්නේ?"

උත්තර දුන්නෙ නාලක පිටිපස්සෙන් ඇවිත් කරට අත දා ගත්තු සාරංග.

"අපි දෙන්නත් එක්ක ඉස්කෝලෙ පාර ද්ගේ ඇවිදන් එද්දි ගුරු කාමරේ ගාවදි නිර්මාණි මිස්ව හම්බුනා. මිස් කිව්ව මෙන්න යතුර ඕන පොතක් ගනිල්ලා කියල"


"නෑ නෑ එහෙම නෙවෙයි"

නාලක කිව්වෙ මාලිකා කෙසේවෙතත් ශානිකා නම් ඕක විශවාස නොකරන බව දන්න හන්ද.

"අපි ස්ටාෆ් රූම් එක ගාවින් එනකොට නිර්මාණි මිස් අඩගහල කිව්ව අලුතින් ගුරු අත් පොත් වගයක් ඇවිත් තියනවාය, ඒ ටික පුලුවන් ඉක්මනට අරන් ඇවිත් ස්ටාෆ් රූම් එකෙන් තියන්න කියල. ඉතිං අපි යතුරත් ඇරන් ඒ ගමන්ම ගිහින් ඔයාට පොතකුත් අරන් ආව"

"දෙයියනේ?"

මාලිකාගෙ ඇස් ලොකු උනා.

"ශෝයි... හොරු දෙන්නෙන් නේ....."

"හොරු? පුහ්!!!" ශානිකා හයියෙන්ම හිනා උනා.

"මුන් නම් හදන්න වෙන්නේ මකවල තමා"

"අනේ ඔයාට බැරිද මාව බාර ඇරන් මකවල හදන්න?" සාරංග කිව්වෙ හිනා වෙවී.

"ආ,,,,,,,,,,,,,,,,,,,,,,,,, හොදට හිටීවි" ශානිකා කිව්වෙ හොදට තද වෙලා........

-----------------------------------------------------------------------------------------------------------

තවත් කොටසකින් ළගදීම හමුවෙමු. එතෙක් කියවන ඔබට බුදු සරණයි!!!!!

-----------------------------------------------------------------------------------------------------------




Thursday, July 11, 2013
Posted by Tharuka Gunaratne

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -