Skip to main content

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [14 කොටස]



නාලක පොතත් අතේ තියන් කල්පනාවට වැටුන. ගෙදර තිබුන පාලු ගතිය නැති වෙලා ගිහින්. හිනාව හැමතැනම. නාලකට මතක් උනේ තමන් නේ ගෙදරට අඩිය තියපු පළවෙනි දවස. තමන් එදා ජීවිතේ පළවෙනි වතාවට තමන්ගෙය කියල නාමයක් වත් නොදන්න ගෙදරක තට්ට තනියම ඉන්න යැව්ව එකට අම්ම තාත්තත් එක්ක නාලකගෙ හිතේ ඇති උනේ තරහක්. ඒත් තමන්ව නැන්දට බාර දීල පිට වෙන්න කලින් නාලක අම්මටයි, තාත්තටයි දණගහල වැන්ද. අම්මගෙ ඇස් වලඉන් වැටුන කදුලු බිංදුවක් නාලකගෙ කමිසෙට වැටුන හැටි තාමත් නාලකට අද වගේ මතකයි. අම්මත් තාත්තත් නාලකගෙ හිස අතගාල කිව්වෙ එකම දෙයයි. 

"මගෙ පුතේ! ඔයා මෙහෙ ඉන්නෙ අවුරුදු තුනක් විතරයි. ඒක හින්ද අනාගතේ ගැන හිතල හොදට ඉගෙනගන්න"

එදා අම්මල නාලකව මේ ගෙදර තනිකලත් එයාට අම්ම කෙනෙක් වගේම සෙනෙහස දක්වන්න නැන්දට පුලුවන් උනේ කොහොමද කියල නාලකට අදටත් තේරුම් ගන්න බෑ. නැන්දට දරුවො ළග ඉදියෙ නැති හන්දමද කොහෙදෝ එයා ඒ පාලුව පිරිමහ ගත්තෙ නාලක ටිකෙන් ටික ලොකු ව්වෙන හැටි බලන් ඉදල.  නාලකත් අම්ම ළග නැති පාලුව පිරිමහ ගත්තෙ නැන්ද ඉන්න නිසා. නාලකට ගෙදර සහෝදර සහෝදරියො ඉදියෙ නෑ. ඒක හන්දම තනියම ඉන්න නාලක ඉස්සර ඉදලම පුරුදු වෙලයි ඉදියෙ.ඒත් අලුත් ඉස්කෝලෙ යාලුවො එක්ක ඉක්මනට මිතුරු වෙන්න නාලකට හැකි උන හන්ද එහෙම කියල ලොකු පාලුවක් එයාගෙ ජීවිතේ තිබුනෙ නෑ. ඒත් හැම හොදකම පුංචි හරි නරකක් තියෙනව කියන්න වගේ නාලකට ගෙදර ආවම දැනුන පුංචි පාලුවත් දැන නැති වෙල ගිහින්. ඒ මාලිකා නිසා. හීනෙන්ම වාගෙ මාලිකාගෙ මූනත් මැවිල පෙනුන.  

මාලිකා ගැන තවමත් නාලක මොකුතම දැනන් ඉද්යෙ නෑ. ඒකට කමක් නෑ. එයා ඉස්සරහදි ඒ ගැන දැනගනීවි. අපි දැන් මාලිකා ගෙ කාමරේ පැත්තට යමු.....

මාලිකා තමන්ගෙ කාමරේ කොණක තිබුන මේසෙ උඩ නාලකගෙ විචාර පොත තියල කියවමින් ඉදියා. එයාගෙ කාමරේ පිළිවෙලයි. කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ. ඒත් කෙල්ල ඉදියෙ පොත දිහා බලන් බර කල්පනාවක බව. ඈත ඉදන් බලන කෙනෙක්ට උනත් හොදට පෙනුනා. පොතේ පිටු වැරදිලාවත් එහෙම පෙරලුනේ නෑ. ඇස් පිය වැටුනෙ නෑ. පිළිමයක් වගේ. 

මාලිකා හිතුවෙ නාලක ගැන නම් නෙවෙයි. තවම ඒ තරම් නාලක ගැන එයා දන්නෙත් නෑ නෙ. එයා දන්නෙ නාලක තමන්ගෙ අයියල දෙන්නට වඩා ගොඩාක් වෙනස් බව විතරයි. මාලිකා කල්පනා කලේ ඇයි එයාගෙ දෙමව්පියෝ එයාව මෙහෙට එව්වෙ කියල. තමන් කලින් ඉදිය ඉස්කෝලේ ඒ හැටි නරකක් තිබුනේ නෑ. යාලුවොත් හොද වැදගත් උදවිය. ඒත් මාලිකාගෙ තාත්ත කල්පනා කලේ වෙනස්ම විදියකට. එයා කලින් ඉදන්ම මාලිකා ගෙ අම්මට කිව්වෙ ගෑනු දරුවෙක්ට වඩා එයා කැමති පිරිමි දරුවෙක්ට කියල. ඒත් මාලිකාගෙ අම්ම කැමති උනේ මාලිකාට. මොකද අයියල දෙන්න කොච්චර දඩබ්බෑඅද කියල එයා දැනන් උන්න හන්ද. මාලිකා ටිකෙන් ටික ලොකු වෙලා ඉස්කෝලෙ  යන්න පටන් ගත්ත දවසෙ ඉදන් එයාගෙ අයියල දෙන්න මාලිකාව හැම දේකින්ම බෙර ගන්න ඉදිරිපත් උනා. එයාල මාලිකාට පුදුම විදියට ආද්‍රේ කලා. එයාල හැම වෙලාවෙම හිතුවෙ  "මේ ඉන්නෙ අපේ පුංචි නංගි" කියල.

 ඒක හන්දම කිසිම වෙලාවක මාලිකා එක්ක ආශ්‍රය කරන්න කොල්ලෙක් ආවෙ නෑ. මාලිකා වටෙම ඉදියෙ අයියල දෙන්නත් යෙහෙළියො ටිකත් විතරයි. ඒ හන්ද කොල්ලෙක්ගෙ හැසිරීම හැටියල මාලිකා වැඩිපුර පුරුදු වෙලා තිබුනෙ අයියලත්, තාත්තත් කරපු කියපු දේවල් විතරයි. ඒත් මාලිකාගෙ වෙනසක් දකින්න අම්මට ඕන කරල තිබුන. මොකද ඇත්දැකීම වලින් තොර ජීවිතයක සාර්තකත්වය කියන දේ රැදිල නැති බව එයා අත්දැකීමෙන් දන්න හන්ද. කොහොමත් ගුරුවරියක් වෙච්ච එයාට මාලිකාගෙ තාත්තට වඩා ගොඩක් දැනුම් තේරුම් තිව්න. මාලිකාගෙ තාත්ත වැඩිපුර දැනන් උන්නෙ එයාගෙ බිස්නස් වැඩ ගැන විතරයි. එයාගෙ අදහස උනේ පුත්තු දෙන්නවත් තමන්ගෙ ව්‍යාපාර වලට සම්බන්ද කරන් ඒව දියුනු කරන්න. ඒ හන්ද මාලිකාගෙ අයියලගෙ අද්‍යාපනේ ගැන එයා වැඩිපුර හිතුවෙ නෑ. එයාල දෙන්න ඉස්කෝලෙ ගියේ අම්මව තරහ කර ගන්න බැරි කමට. එයාලගෙ දඩබ්බර වැඩ වලට මාලිකාවත් සමහර විට ගාවගන්නෙ අයියල.

ඒ හන්දයි මාලිකාගෙ අම්ම මාලිකාව ටිකක් ඈත ඉස්කෝලකට මාරු කරන්න හිතුවෙ. මුලින්ම එයාල හිතුවෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ මාලිකාව නවත්තන්න. ඒත් මාලිකාගෙ තාත්ත ඒකට විරුද්ද උනා. එයා කැමති උනේ නෑ දූ දුක් විදිනව බලන්න. "ඕවය හරි හමන් කෑමක්වත් දෙන්නෙ නෑ" කියන් එයා තරහ ගත්තා. ඒත් එකපාරටම මාලිකාගෙ අම්මට එයා ඉදපු ඉස්කෝලෙක වැඩ කරපු අපේ නැන්දව මතක් උනා. කෝල් එකක් දීල බැලුවම නැන්ද මාලිකාවත් තමන්ගෙ ගෙදර නවත්තගන්න කැමති උනා. ඒ පුලුවන් කමකට නෙවෙයි. තමන්ගෙ යාලුව හන්ද බෑ කියන්න බැරි කමට. මුලින් හිතපු විදියට මාලිකාගෙ අම්ම තීරනේ වෙනස් කලේ ඒකයි. තාත්තත් ඒකට කැමති උනා.

අන්න ඒ නිසයි මාලිකා මෙතැන අද නාලකගෙ පොතකුත් කියව කියව වාඩිවෙලා ඉන්නෙ.......

------------------------------------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........

මම Tharuka

Comments

  1. අද වැඩිපුර ටිකක් දාල වගේ :-)

    ReplyDelete
  2. බලමු බලමු.. ඉතිරි ටිකත් දාන්නකෝ..

    ReplyDelete
  3. අන්න හරි එල එල

    ReplyDelete
  4. කමක් නැද්ද මන්දා ....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම