Posted by : Tharuka Gunaratne Thursday, July 4, 2013



නාලක තමන්ගෙ පාඩම් කටයුතු ඉවරයක් කරලා ආයෙමත් කල්පනා කලේ නෑ. මොකද එයාගෙ හිතේ කිසිම දෙයක් ගැන කල්පනා කරන්න තරම් සතුටක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ දුකක් තිබුන කියල හෙම නෙවෙයි. කිසිම හැගීමක් නැති ගතියක්. ඒක නිසා නාලක දත කට මැදල කාමරේ ලයිට් එකත් නිවල දාල නිදාගත්තා.

පහුවෙනිදාට එළිය වැටෙනකොටත් නාලක හොදටම නිදි. ඒත් පරක්කු වෙලා තිබුනෙ නෑ. යාන්තමින් ගස් කොලන් අස්සෙන් එබිකම් කරන ඉර එළිය රත්තරන් පාටින් නාලකගෙ කාමරේ පොත් මේසෙ උඩින් ඇතිරිලා තිබුන. ජනේලෙ වහල තිබුනෙ නැත්නම් උදේම එහා මෙහා දග කර කර දුවන උඩු හුළගත් කාමරේට එනවා. ඒත් අන්තිමේ නාලක නැගිට්ටෙ මේ හැමදේම දකින්නත් වඩා ඉස්කෝලෙ යන්න ඕන නිසයි. කොල්ලන්ගෙ ඇදුම් පැලදුම් රටා ගැන ඔයාලට යම් අවබෝදයක් ඇති. සාමාන්යෙන් කොල්ලන්ට ගමනකට යන්න ලෑස්ති වෙන්න යන්නේ විනාඩි දහයක් වගේ සුළු කාලයක්. නාලකටත් අන්න ඒ ගුණය ජන්මෙන්ම පිහිටල තිබුන.
ඒ නිසා උදේ නැගිටල පැය බාගයක් යනකොට නාලක ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලයි උඩ තට්ටුවෙන් පහළට බැස්සෙ. ඒත් මාලිකා නම් තවම නිදි වගේ. පහළට එනකොටම නාලකට හිතුනා. එයා කුස්සියට ඇතුල් උනේ නැන්දට සුබ උදෑසනක් ප්‍රාර්තනා කරල.

"ගුඩ් මෝනින් නැන්දේ"


"ආ නාලක පුතා" නැන්ද නාලක දිහාට හැරුන "ගුඩ් මෝනින්. ඊයෙ හොදට නින්ද ගියාද?


"අපොයි වෙනද වගේම" එහෙම කියපු නාලක පිගන් රාක්කෙන් තමන්ගෙ පිගාන අරන් ටැප් එක ඇරල ඒක හේදුවෙ අතත් සෝද ගන්න ගමන්. ඊට පස්සෙ නැන්ද උයල තිබුන කෑම බෙදන් මේසෙටත් වාඩි උනා. 


"පුතා අද හවසට ඉස්කෝලෙ නවතින්න එහෙම නෑ නේද?" නැන්ද ඇහුව. 


"නෑ නැන්දේ, අද නම් නෑ. හැබැයි සමහර විට හෙට අනිද්දට නවතින්න වේවි" නාලක වැඩි උනන්දුවක් නැතුව කිව. 

"ඉන්ග්ලිශ් ඩේ එකේ වැඩ වලට"

"එහෙනම් කමක් නෑ පුතේ. ඒවත් කරන්න එපැයි."


"කෝ නැන්දෙ මාලිකා?" නාලක ඇහුවෙ හිතේ තෙරපෙන ප්‍රශනයක්. ඒ උනත් නැන්ද දූන්නෙ මේ වාගෙ උත්තරයක්.


"දැන් නැගිටල නැතෑ මයෙ හිතේ ලෑස්ති වෙලත් ඇති, පුතා යනකොටම එයත් එවන්නම්. මට හැමදාම එයා පස්සෙ යන්න බෑමෙ."


නාලකට ටිකක් පුදුම හිතුන. ඒත් ඒක ඉක්මනට යටපත් උනේ පහළ කාමරේ දොර ඇරිල මාලිකාගෙ නිදිමත් මූන දැක්කමයි.

"ආ දුව එන්න එන්න" නැන්ද කිව්වෙ මාලිකාව දැකල. "ඉක්මනට කෑම කන්න. නාලක පුතා එක්කම ඔයාටත් ගියෑකි" 

මාලිකා එයාගෙ හෙමින් ඇවිදින ගමනින් මේසෙ ළගට ආව. නැන්ද එයාට බෙදල තිව්න බත් පිගාන ළගට අරන් නැන්දට එහා පැත්තෙන් වාඩි උනා. ඇස් දෙකින් නිදිමත බේරෙනව. අනේ මෙහෙමත් කෙල්ලෙක්! නාලකට වගේම මටත් හිතුනා.

නාලක දිහා බලපු මාලිකා මෙහෙම ඇහුව.

"ඔයා හැමදාම මෙච්චර උදෙන් ඉස්කෝලෙ යනවද?"


"මෙච්චර උදෙන්?" එහෙම ඇහුවෙ නාලක නෙවෙයි, නැන්දා. "ඈ ළමයො දැන් උදේ හයත් පහු වෙලානෙ"


"මම යන්නෙ හැමදාම හයයි කාලට." නාලක කිව්ව. 


"කොහොමත් යන්න විනාඩි දහයක් වගේ යනවනෙ"


මාලිකා පුදුම උනා. නැන්දගෙ අමනාප කතා විලාශය එයාට ඉවෙන් වගේ තේරුනා. ඒ හන්දද කොහෙදෝ එයා මෙහෙම කිව්ව. 


"එහෙනම් නැන්දේ මාව හෙට පහට ඇහැරවන්න" 


නැන්ද පුදුම උනේ නෑ. ඒ මොකද දන්නෙත් නෑ. ඒත් මාලිකාගෙ ඔලුව අතගාල 


"හොදයි දුවේ" කිව්ව.


තවත් ටික වෙලාවක් පියාඹල ගියායින් පස්සෙ නාලකත් මාලිකත් ඉස්කෝලෙ යන්න පිටත් උනා. නාලක උදේ කාටත් ඇතිවෙන් ප්‍රබෝදෙන් ඇවිදන් ගියත් මාලිකා ආවෙ හිමින්. වැනි වැනි. නාලක ටික දුරක් ගිහින් නැවතුනා. මාලිකා දිහා බලල මෙහෙම ඇහුව.


"මේ ඔයාට මොකුත් අසනීපයක්ද?"


නාලක එහෙම ඇහුවෙ අනුකම්පා සහගත හඩකින්. මාලිකා උත්තර දුන්න.


"අපෝ නෑ"


"එහෙනම්?"


"මම කවදාවත් හයට නැගිට්ටෙ නෑ ගෙදරදි. හැමදාම ඉස්කෝලෙ ගියේ පරක්කු වෙලා. ඒත් ඒකට කවුරුත් මට මොකුත් කිව්වෙ නෑ. බලන්න දැන්. කොcචර වෙනස්ද? මට තාම නිදිමතයි "


මාලිකා කිව්වෙ බොරුවක්. ඒ බව නාලකට තේරුනා. 


"බොරු කියන්න එපා" නාලක කිව්වෙ හෙමින්. උදව් කරනසුළූ හඩක් අරන්. "ඔයාට ඊයෙ රෑ නින්ද ගියෙ නෑ නේද? වැඩිය නිදාගත්තු නැති එක පේනවා. මොකද ප්‍රශ්නේ?"


මාලිකා පුදුම උනා. ඒත් එයා නිදන් නැති බව පේනව. ඇස් දෙක බාගෙට පියවිලා. රතු වෙලා. මූන සුදුමැලි වෙලා ඇදිල ගිහින්.


"ප්‍රශනයක් නෙවෙයි නාලක"


එයා කිව්ව. කවදාවත් එයාගෙ පව්ලෙ අය එයාගෙන් ඔය වගේ ප්‍රශ්නයක් අහල නෑ. "මොකක්ද ප්‍රශ්නෙ?" එයා ඔය වචන දෙක අහල තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් වඩා අඩුයි.


"මම ගෙදරට යවන්න ලියුමක් ලිව්ව. අම්මට මාව මතක් වෙනව ඇති. මටත් එයාව ඊයෙ මතක් උනා"


නාලක් ඇවිදින ගමන් බිම බලා ගත්තා. එයා අන්තිමට ලියුමක් ලිව්වෙ ගිය සතියෙ අන්තිම දවසේ. ඒ කියන්නෙ මාලිකා එන්න දවසකට කලින්. එයාටත් අම්මවයි, තාත්තවයි මතක් උනා. ඒත් වැඩි දුකක් දැනුනෙ නැත්තෙ තවත් මාස අටකින් එයාල එක්ක නවතින්න ලොකු නිවාඩුවක් හම්බ වෙනවා  නේද කියල හිතුන නිසා. ඕ ලෙවල් ඉවර උනාම මාලිකත් ගෙදර යාවි. ඒත්කොට එයාටත් අම්ම තාත්ත එක්ක ඉන්න පුලුවන් කියල නාලක් කල්පනා කලා. 


මාලිකා දැන් හිතුවෙ නාලක ගැන. නාලක හොද කෙනෙක් බව මාලිකා දැන ගත්තෙ එයා අහපු ප්‍රශ්නෙ හන්දා. එයා අනුන් ගැනත් හොයා බලන කෙනෙක් කියල මාලිකාට තේරුනා. මාලිකාගෙ ජීවිතේ ගැන මීට කලින් හොයා බැලුවෙ අම්ම විතරයි. අයියල දෙන්න තමන්ගෙ නංගි හැන හෙව්ව තමයි. ඒත් එයා ඉන්නෙ සතුටින් ද දුකින් ද කියල කවදාවත් එයාල සැලකුව බවට මතකයක් මාලිකාට නෑ. 


කාගෙ කාගෙත් ජීවිත වල අදුරු පැත්තක් තියෙනවනේ. 

------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට


------------------------------------------------------------------------------------------------------------


මම රැන්ඩෙල්

{ 1 comments... read them below or add one }

  1. මාත මේ මත් මලකට සෙට් වෙන ගමන්

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -