Posted by : Tharuka Gunaratne Monday, July 8, 2013



නාලකත් මාලිකාත් හෙමිහිට ඇවිදගෙන ඉස්කෝලෙ පේන මානෙටම ආවා. දෙන්නම වට පිට බැලුවෙ යාලුවො කවුරුත් හෙම ඉන්නවද බලන්න. ඒත් දන්න අදුරන කවුරුවත් ඉදියෙ නෑ. ඉතිං දෙන්නම ආයෙත් ඉස්සරහ බලන් ඇවිදින්න පටන් ගත්ත.

"නාලක" මාලිකා කලබල උනා.

"දෙයියනේ අද ඉන්ග්‍රීසි මිස් කිව්වනෙ වර්ක් බුක් එක ගේන්න කියල"

"ඉතිං?"

නාලක ඇහුවෙ වැඩිය ගණන් නොගෙන.

"මම නම් ගෙනාවා, කොහොමත් ඒකෙන් එච්චර වැඩක් කරන එකක් නෑ"

"මම..... ම...ම"

මාලිකා බය උනා. ඉන්ග්‍රීසි උගන්නන තිලකා මිස්ට එයා ගොඩක් බයයි. වැරැද්දට කෙල්ලො කොල්ලො කියල නෑ අහුවුන දේකින් දමල අරිනවා. එයා විතරක් නෙවී. පන්තියෙත් ඉස්කෝලෙත් ගොඩක් අය ඒ මිස්ට බයයි. කොටින්ම ප්‍රින්සිපල් උනත් එයා එක්ක කතාබහ කරන්නෙ ටිකක් ගරුසරු ඇතුව.

"මට ඒ පොත ගේන්න බැරි උනානෙ"

නාලක මාලිකා දිහා බැලුව.

"අනේ මොනව කරයිද දන්නෙ නෑ මට"

මාලිකා ටීකක් නෙවෙයි ගොඩක් බය වෙලා කියල නාලකට ඉවෙන් වාගෙ දැනුන. ඒක නිසයි එයා මාලිකාගෙ මූන දිහා විමසිල්ලෙන් බැලුවෙ. ඇත්ත තමයි! කෙල්ල හොදටම බය වෙලා. ඇස් දෙක ලොකු වෙලා. ලස්සනට තිබුන මූන සුදුමැලි වෙලා.

"අය්යෝ හලෝ බය වෙන්න එපා ඕකට"

නාලක කිව්වෙ මාලිකාගෙ හිත සනසන්න.

"ඉන්ග්‍රීසි තියෙන්නෙ තුන් වැනි පීරියඩ් එකේනෙ. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් "

නාලක ටිකක් කල්පනා කලා. පව්! මේකි මේ පොඩි දේටත් බය වෙලා. ඒත් ඕකට කරන්න සුදුසුම පිළියම නාලක දැනන් ඉදියා. ඉතිං එයා තමන්ගෙ බෑග් එක ඇරල තමන්ගෙ වර්ක් බුක් එක අරන් මාලිකා අතේ තිබ්බ.

"ඇයි මේ?" මාලිකාගෙ මූන රතු පාට උනා.

"මේක ආපහු ගන්න නාලක. මම එහෙම කිව්වෙ ඔයාගෙ පොත ඉල්ලන්න හිතන් නෙවෙයි. අනේ ප්ලීස් ගන්න"

මාලිකා කිව්වෙ අඩනවට සමාන සද්දෙයක් දාල. මූනත් එක්ක රතු කරන්.

"එපා එපා. ඔයා ඕක අදට තියා ගන්නකෝ" නාලක කිව්වෙ සතුටින්. ඒත් මාලිකාගෙ මූන අමුතු උනා. කවදාවත් නාලක එකෙම මූඩ් එකක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු උනේ නෑ.

"නාලක ප්ලීස් මේක ආපහු ගන්න. මම නිසා ඔයා ගුටි කනව බලන් ඉන්න මට බෑ. ඇත්තටම බෑ. අනේ ගන්න"

මාලිකා පින්සෙන්ඩු උනා. එයා ඇත්තටම එහෙම කලේ ඉන්ග්‍රීසි මිස් කොල්ලන්ට ගහපු ගැහිලි මාලිකා ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙම දැකල තිබුන හන්ද. නාලකටත් එහෙම වෙනව දකින්න එයා අවංකවම කැමති උනේ නෑ. අනික මං වෙනුවෙන්? ඒක එයාට බලං ඉන්න බෑ.

"අනේ පිස්සියේ" නාලක ලැජ්ජාවෙන වගේ හිනා උනා.

"අපි වැඩ කරගන්න හැටි ඔයා දන්නෙ නැද්ද? ඔයා ඔය පොත අදට තියා ගන්න. විනාඩි හතලිස් පහකට ඉස්කෝලෙ පොත් කාමරෙන් පොතක් පන්න ගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි. අනික දෙවැනි පීරියඩ් එක ඇග්‍රි නේ. ඇග්‍රි රූම් එකට එහා පැත්තෙන් තමා පොත් කාමරේ තියෙන්නෙ. ඒක මම බලා ගන්නම්කො"

"ප්ලීස් නාලක හොරකම් කරන්න යන්න එපා" මාලිකා දම් පාට උනා. "අහුවුනොත් එහෙම? අනේ ඕවට යන්න එපා"

"අහුවෙන්නෙ නෑ. ප්ලෑන් කරලනෙ කරන්නෙ. එහෙම බැරි උනොත් ඔය වෙන ක්ලාස් එහෙක එකෙක්ගෙන් පොතක් ඉල්ලන් එන්නම්. අවුලක් නෑ"

නාලක කිව්වෙ එයා ඈත එනව දැකපු සාරංගට අත වනල. සාරංගත් තමන් එනකම් ඉන කියල කියන්න අත වැනුව.

"අනික ඒක හොරකමක් නෙවෙයි. පොතක් ණයට ගැනීමක්. එහෙම තමා ඉගෙන ගන්න ඕන. දුශ්කරතා විදල"

දම් පාට වෙලා ඉදපු මාලිකා ආයෙමත් පුරුදු රෝස මලේ පාටට හැරුනා. කටුස්සෙක් වගේ. එයාගෙ මූනට අර පළවෙනි දවසෙ තිබුන දගකාර හිනාව කඩන් වැදුනා. පරණ විදියට මූලු මූනම හිනා වෙනවා. දවසම හොදයි නේ? කෑලෑවට හද පායල වගේ.

"ඔයා යන්න එහෙනම් ක්ලාස් එකට" නාලක කිව්වෙ සාරංග එක්ක යන්න ආවොත් මොකක් හරි අවකැපෙන කතාවක් උගෙන් පිට වෙන බව දන්න හන්ද. "මම සාරංග එක්ක එන්නම්කෝ"

"හා හා ඔආගෙ කැමැත්තක්. අනේ කෝම තෑන්ක් කරන්නද නාලක"

මාලිකා කිව්ව. එයා ඇත්තටම ගොඩක් පැහැදුන බව මූනෙන් පෙණුන.

"තෑන්ක්ස් තෑන්ක්ස් ගොඩාක්, මම යන්නම් එහෙනම්. පරිස්සමින් එන්න"

තමන්ගෙ කටින් පිට උන දේ ගැන මාලිකා පස්සෙ පුදුම උනා.


"පරිස්සමින් එන්න????????" 

අදහා ගන්න බෑ එයාටම. ඒත් මාලිකාගෙ හිත දෙපැත්ත බෙදිල යුද්ද කරන්න පටන් ගත්ත. එයා මීට කලින් කවදාවත් කිසි කෙනෙක්ට එහෙම කියල නෑ. කිසි කෙනෙකුට. කවදාවත්ම. කවදාවත්ම කියල නෑ. එතකොට කොහෙන්ද ඒ වචන දෙක කටට ආවෙ? පුහ්! හනේ මෙහෙමත් කටක්! මටම පිස්සු වගේ. මාලිකාට හිතුන. ඒත් මාලිකාගෙ උඩු හිත නම් කිව්වෙ ආපහු කියපු දේ ඇදල ගන්න කියලමයි. ඒත් යටි හිත කිව්වෙ කමක් නෑ ඕන නම් ආයෙ කියන්න කියල. මොනාද මේ වෙන්නෙ? පිස්සු හැදීගෙන එනවද? ඔය ඔක්කොමත් අස්සෙ නාලකගෙ මූනත් ඉස්සරහින් මැවිල පේනව වගේ. නෑ! නෑ! ඒ නාලක නෙවෙයි! දෙයියනේ මේ ඉන්නෙ ශානිකා නේද. පිස්සු තමා මට!

"මොකෝ බන් තනියම හිනාවෙන්නෙ?"

ශානික ඇහුවෙ බිම බලන් තනියම ගල් මුල් වටට හිනා වෙවී එන මාලිකාව දැකල. මොකක්ද මේකිට වෙලා තියෙන්නෙ? ශානිකා පුදුම උනා. ඒත් තමන් අහපු දේට උත්තර නම් ලැබුනෙ නෑ තාම. යකෝ මේකිට මොකා වැහිලද? ශානිකාට හිතුන. මාලිකා දෙපැත්තට වැනි වැනී බිම බලන් හිනා වෙවී එනව. අත ළගටම ඇවිත් ඇහුව දේත් ඒකිට ඇහුනෙ නෑ.

"මේ බං?" ශානිකා මාලිකාට ටොක්කක් ඇන්නෙ රිදෙන්නම කියල.

"ආආආආආව්ව්ව්ව්" මාලිකාට සිහිය ආව.

"ආ රිදුන ඕයි. මොකද ගහන්නෙ කතා කරන්න එපැයි බන්"

"උඹට යකෙක් වැහිලද?" ශානිකා අත් දෙක ඉනේ තියන් ආච්චි කෙනෙක් වගෙ ප්‍රශ්න කලා.

"මම කතා කලා උඹට ඇහුන එකක්යැ. බිම බලන් පාරෙ තියෙන ගල් මුල් වලටයි ටින් කබල් වලටයි හිනා වෙවී එනව."

"ආහ්!"

මාලිකාට ආයෙමත් හිනා ගියා.

"මොකුත් නෑ බං නිකම් හිනා උනේ. උදේට ඉතින් කාට හිනා උනත් කමක් නෑ නෙ?"

"අනේ මගෙ කට" ශානිකා කිව්ව. "අද නම් උබට පිස්සු හැදිල බන්"

මාලිකා හිනා උනා.

ඇත්තටම පිස්සු කියන්නෙ මේකටද? මෙහෙම උදව් පදව් කර ගත්තු උදවියද පිස්සන් කොටු යවන්නෙ? පුදුමෙත් එක්ක හිනාවකුත් මාලිකාගෙ කටට ආව.

ඇත්තටම මාලිකාට මොකද වෙලා තියෙන්නෙ. වෙනස්! ගොඩාක් වෙනස්! අන්තිමේ මේ පුංචි දේ නිසා යසට ඉදිය කෙල්ලට මේ මොකද වෙලා තියෙන්නෙ.

------------------------------------------------------------------------------------------------------------
ඒ ටික වගෙම ගේට්ටුව ළග ඉදිය නාලකට මොකද උනේ?, නාලක පොතක් ඉස්සුවද? ඉන්ග්‍රීසි මිස් මොනව කියයිද? මීළග කොටසින් බලාපොරොත්තු වෙන්න
------------------------------------------------------------------------------------------------------------







{ 1 comments... read them below or add one }

  1. එළ ආ නියමයි දැන් තමා කථාව ඇත්තටම ලියන්නේ

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -