Posted by : Tharuka Gunaratne Thursday, July 11, 2013






නාලක ගේට්ටුව ගාව ඉදන්ම සාරංග එනකම් බලං ඉදියා. සාරංගත් ඒ තරම් හදිස්සියක් නැතිඅ වගේ හෙමීටයි ආවෙ. ඒත් නාලක "ඉක්මනට වරෙන්" කියල අතින් කිව්වම මිනිහ ටිකක් වේගෙ වැඩි කලා.

"ගුඩ් මෝනින් මචන්"
කියල ඈත තියාම සුබ පැතුම එකතු කලා.

සරංග තමයි නාලකගෙ දුක සැප දෙකේම ළග ඉදපු මිත්‍රයා. සාරංගත් නාලකත් ඒ දෙන්නගෙම යාලුව උන චාමරත් කොයි වැඩේත් කලේ එකට. කෑවෙ බිව්වෙ, ආවෙ ගියේ, ඉස්කෝලෙ වටේ රවුම් ගැහුවෙ, ගුටිකෑවෙ, බැනුම් ඇහුවෙ. ඔක්කොම එකට. චාමර නම් ටිකක් කලින් එන්නෙ නෑ. මිනිහ ඉන්නෙ ටිකක් ඈත. ඉතින් නාලකත්  හිනාවෙලා

"එසේම ඒවා මචන්" කිව්ව.

"මොකෝ බං අද නිකන් මල් පාට හිනාවක්?"

නාලක පුදුම උනා. මොකක්? වෙන්න බෑ. මුන්ට කොහොමද එහෙම පේන්නෙ.

"මුකුත් නෑ බන්/ ඇයි උඹට මොකුත් අමුත්තක් පේනවද මගෙ?"

"නැතුව" සාරංග කිව්වෙ ගේට්ටුවෙන් එන අයගෙ විනය බලන්න දාපු ප්‍රිපෙක්ට් අයියට අත වනල.

"ඕන කෙනෙක්ට පේනව. අද උඹ ඉන්නෙ හෙනම හැපියකඉන් කියල. මොකෝ හේතුව?"

"උඹට පේන්නෙ හැපියක් වගේද?" නාලක ඇහුවෙ මූන පුළුටු කරගෙන.

"අද පොතක් උස්සන්න තියෙනව පොත් කාමරෙන්"

"හෑ......" සාරංග උඩ ගියා.

"මේ ආවට ගියාට පොත් කාමරෙන් පොතක් අරන් පනින්න පුලුවන්ද බන්?. අනිම මේ මහ දවාලෙ?"

"ඇයි යකෝ කලින් වතාවෙ උබයි මායි මනෙ ඒකෙන් චාමරයට දෙන්න සයන්ස් පොතක් ඉස්සුවෙ"

"ඒ එදා, මේ අද" සාරංග කිව්වෙ බය වෙලා. "අනික ඌට එදා පොතක් ඕනම වෙලාව. අනික අද මොකක්ද හේතුව පොතක් උස්සන්න? හදිස්සියක් නෑ නේ"


"නැත්තෙමත් නෑ බන්" එහෙම කියපු නාලක සාරංගට සේරම විස්තරේ කිව්ව. මාලිකා පොත ගෙදර දාල ආපු හැටි, ගේට්ටුව ළගදි හොදටම බය වෙච්ච හැටි. තමන් කියපු දේවල් ඒ වගේම අන්තිමේ..................



"ඉතිං උඹ ගොනා වෙලා ඒකිට උඹේ පොත දුන්නා?"

සරංග කිව්වෙ ඇත්තටම තද වෙලා.

"ඒකි වෙනුවෙන් විහින් නැහෙන්න හදන්නෙ මොකෝ උඹ ඒකිගෙ සුවාමි පුරුසයද? අනේ නිකම් පල යකෝ. පන්තියට ගිය ගමන් ඒකිගෙන් පොත අරගනින්. ඒකි ඕන රෙද්දක් කර ගත්තාවෙ"

"එහෙම කියන්න එපා බං" නාලකට තරහ ගියේ නෑ.

"පව් බං ඒකි බලපු හැටියට මට දුක හිතුන. පව් නේ බන්. තාම ඇවිල්ලත් සතියක්වත් නෑ. ඉතිං ඒකි බය වෙන එක අහන්නත් දෙයක්ද?. උඹ වරෙන්කෝ මා එක්ක. පොත උස්සන හැටි මම බලා ගන්නම්."

"හොදා හොදා එන්නම්කො ඉති"

සාරංග තාමත් තරහෙන්.

"කෙල්ලෙක් උඹ දිහා බලල ඇස් ලොකු කලාම ඒකි ගැන දුක හිතිල ඉල්ලන දෙයක් දුන්නොත් උඹ කවදාහරි අපිත් එක්ක ඉන්නෙ ඇදන් ඉන්න රෙද්දවත් නැතුව. මම කිව්ව කියල හ්තාගනිං"....


"හරි හරි බං" නාලක කිව්වෙ හෙන සතුටින්.

"උඹ ඉතින් හොද එකානේ. වරෙන් හොදේ. වෙන ක්ලාස් එකක එකෙක්ගෙන්වත් ඉල්ල ගන්න තිබ්බ වෙන පොතක් නම්. ඒත් හැම ක්ලාස් එකකම තාම වර්ක් බුක් එක පටන් ගත්තෙ නෑ නෙ. අනිත් එක මම ගුටි කෑවොත් අනිවා ප්‍රින්සිපල් ගාවටත් යන්න වෙනව. ඉතිං බෙල්ල ගහල යන වැඩක් උනත් කරන්නම වෙනවා"

"හරි හරි යකො කිව්වනෙ එන්නම් කියල"

සාරංග යාලුවගෙ කරට අත දා ගත්තා.

"හනේ අනිච්චං ලස්සන කෙල්ලෙක්ට පොත දීල නම් බෙල්ල ගහල ගියත් මොකේ?. උඹ ඉදල ඉදල එහෙම එකක්වත් කරන්නෙ ආතක් පාතක් නැති වේලිච්ච කෙල්ලෙක්ට"

"ආ............" නාලක තරහ ගත්තා. තරහ ගත්ත කිව්වොත් ඒක ඒ තරම් ගැලපෙන්නෙ නෑ. තරහ ගියා.

"ඇයි උඹලට ඒකි කැතද?"

"කැතයි කිව්වෙ නෑ නේ. මම කිව්වෙ ලස්සන නෑ කියල. ඕකට ඉතිං තද වෙන්න ඕනයැ බං. කොහොමත් ඒකිගෙ වැඩි එළියක් නෑ නෙ"

සාරංග කිව්වෙ පන්තිය අහලටම ඇවිත්.

"එහෙනම් දෙවනි පීරියඩ් එකේ ඇග්‍රි ගිහින් එන ගමන්. පොතකුත් ඇරන් එමු."

"එළ එළ"

 නාලක කිව්වෙ පන්තියෙ ඇතුලට බෙල්ල දාන ගමන්. නාලකගෙ ඇස් හෙව්වෙ කාවද කියල දන්නව ඇති නේ? වෙන කාවද ඉතිං

මාලිකා තමන්ගෙ අලුත් යාලුවා උන ශානිකත් එක්ක ඔක්කොම විස්තරේ කියල තිබුනෙ නාලක පන්තියට එන්න කලින්. කොහොම හරි නාලක ඇග්‍රි පීරියඩ් එක ඉවර වෙලා මොනව කරාවිද කියල හොයල බලන්න ශානිකා පොරොන්දු උනා. මාලිකා කලේ වෙනත් විශයක් නිසා එයාට එන්න බැරි වේවි. එයා ශානිකාගෙන් පින්සෙන්ඩු වෙලා ඉල්ලුවෙ කොහොම හරි නාලකට පොතක් හොයා ගන්න බැරි උනොත් ඉක්මනට තමන්ට කියන්න කියල. ඇත්තටම නාලක ගැන මාලිකාගෙ හිතේ ඇති උනේ දුකක්, අනුකම්පාවක් සහ පැහැදීමකුත් එකට එකතු වෙච්ච හැගීමක්. ඒ නිසාම නාලක පන්තියට එන්න කලින් ඔලුව ඇතුලට දාන කොටම  මීට කලින් කාටවත් දකින්න ලැබිල නැති අමුතුම අමුතු හිනාවක් මාලිකාගෙ මූනට ඇවිත් තිබුනා..

නාලක ඇතුලට ආව නෙවෙයි සාරංග මිනිහව ඇතුලට ඇදල ගත්තා. ඊට පස්සෙ තමන් ඉදිය සුපුරුදු අන්තිම පේළියෙ බෑග් එක තියපු නාලක එහෙම්මම මාලිකා ළගට ආවෙ එයා බලාපොරොත්තු නොවුන විදියට.

"මොකෝ නිකම් බය වෙලා වගේ?" නාලක ඇහුවෙ මාලිකා දිහාවෙත් එයා ළගම වාඩි වෙලා ඉදිය ශානිකා දිහාවෙයි මාරුවෙන් මාරුවට බලල.

"අනේ අම්මප" කතාකලේ ශානිකා.

"ඇත්තටම නාලක ඔයා ඔය කරන්නෙ මෝඩ වැඩක්"

නාලක රතු උනා.

"ඒ මොකෝ?"

"තමුසෙට පුලුවන්ද පොත කාමරෙන් පොතක් උස්සන්න. නිකම් යනව හලෝ යන්න. පොත් කාමරේ ඇතුලට යන්නවත් බෑ. දොරේ ඉබ්බෙකුත් දාල."

"ඉතිං............."

නාලක ඇහුවෙ සමච්චලෙන්.

"ඉතිං නෙවෙයි මැට්ටෝ.......... තමුසෙ ඇතුලට යන්නෙ නැතුව කොහොමද පොතක් අර ගන්නේ?"

"මම කිව්වෙ නෑ නෙ ඇතුලට යන කතාවක්" නාලක කිව්වා. පොත ගැන කියනවනම් මම මේ ආවෙ මාලිකාට පොතක් දීල යන්න තමයි"

"මොකක්........!!!!!!!!!!!"

කෙල්ලො දෙන්නම එකපාර කෑගැහුවෙ ඇත්තටම පුදුම වෙලා. නාලක පිටිපස්සට කරන් ඉදිය අත් දෙක ඉස්සරහට ගත්තා. නාලකගෙ අත උඩ තිබුනෙ අලුත්ම අලුත්, නැවුම් සුවදත් හමන ඉන්ග්‍රීසි වර්ක් බුක් එකක්.


"නාලක???????" මාලිකා කිව්වෙ පුදුමෙන්.

"ඔයා???? කොහොමද.........? මේක......................?"

"මම මේක අරගත්තෙ නේද?" නාලක හිනා උනේ ශානිකා දිහා බලල ඇහැක් වහල.

""කව්ද බං කෙල්ලනේ පොත් කාමර වල දොරවල් වල ඉබ්බො කඩ කඩ පොත් උස්සන්නේ?"

උත්තර දුන්නෙ නාලක පිටිපස්සෙන් ඇවිත් කරට අත දා ගත්තු සාරංග.

"අපි දෙන්නත් එක්ක ඉස්කෝලෙ පාර ද්ගේ ඇවිදන් එද්දි ගුරු කාමරේ ගාවදි නිර්මාණි මිස්ව හම්බුනා. මිස් කිව්ව මෙන්න යතුර ඕන පොතක් ගනිල්ලා කියල"


"නෑ නෑ එහෙම නෙවෙයි"

නාලක කිව්වෙ මාලිකා කෙසේවෙතත් ශානිකා නම් ඕක විශවාස නොකරන බව දන්න හන්ද.

"අපි ස්ටාෆ් රූම් එක ගාවින් එනකොට නිර්මාණි මිස් අඩගහල කිව්ව අලුතින් ගුරු අත් පොත් වගයක් ඇවිත් තියනවාය, ඒ ටික පුලුවන් ඉක්මනට අරන් ඇවිත් ස්ටාෆ් රූම් එකෙන් තියන්න කියල. ඉතිං අපි යතුරත් ඇරන් ඒ ගමන්ම ගිහින් ඔයාට පොතකුත් අරන් ආව"

"දෙයියනේ?"

මාලිකාගෙ ඇස් ලොකු උනා.

"ශෝයි... හොරු දෙන්නෙන් නේ....."

"හොරු? පුහ්!!!" ශානිකා හයියෙන්ම හිනා උනා.

"මුන් නම් හදන්න වෙන්නේ මකවල තමා"

"අනේ ඔයාට බැරිද මාව බාර ඇරන් මකවල හදන්න?" සාරංග කිව්වෙ හිනා වෙවී.

"ආ,,,,,,,,,,,,,,,,,,,,,,,,, හොදට හිටීවි" ශානිකා කිව්වෙ හොදට තද වෙලා........

-----------------------------------------------------------------------------------------------------------

තවත් කොටසකින් ළගදීම හමුවෙමු. එතෙක් කියවන ඔබට බුදු සරණයි!!!!!

-----------------------------------------------------------------------------------------------------------




{ 4 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -