Posted by : Tharuka Gunaratne Monday, July 15, 2013



එදා ගාතා කිව්වට පස්සෙ පළවෙනි පීරියඩ් එක නම් වෙනද වගේම අසංක සර් ඇවිත් තමන්ගෙ පාඩම උගන්නලා නම් එහෙමත් ලකුණු කරලා යන්න ගියා. එයා විශේශෙන් කිව්වෙ ලබන මාසෙ මද්ය වාර පරීක්ශනේ නිසා දැන්ම තියාම හොදින් පාඩම් කරන්න කියල. තව මාස පහකින් ඕ. ලෙවල් විබාගෙටත් ඒක ප්‍රයෝජනවත් වේවි කියල එයා කිව්වා. ඕ.ලෙවල් මතක් කලාම ඒ වෙනකම් පොඩි සද්දයක් තිබුන පන්තියත් නිස්සද්ද උනා.


අසංක සර්ගෙ පීරියඩ් එකෙන් පස්සෙ තිබුනෙ ස්න්හල පීරියඩ් එක දැන් බෙල් එක ගහල විනාඩි දහයක් විතර ගීයත් තාම කවුරුත් ආවෙ නෑ. ඒ අස්සෙ චාමරයා පුටුවෙන් නැගිට්ටා.


"මෙහෙම ඉන්න බෑ බං, යමල්ලා ප්ලේන්ටියක් බොන්න"


"ඒකත් ඇත්ත තමා" නාලක පුටුව පද්හන ගමන් හිනා වෙලා එකගතාවෙ පළ කලා. 


"මොකෝ කියන්නෙ සාරංග යමුද?"


"උඹල පලයන් මචන්" සාරංග කිව්වෙ කවදාවත් නැතුව.


"මට අද පොඩ්ඩක් ඔලුවෙ කැක්කුමයි වගේ, පුලුවන් නම් එන ගමන් මට පැනඩෝල් දෙකක් ඇරන් වරෙන්. මෙන්න සල්ලි"


මිනිහ දහයෙ කොලයක් දික් කලා. 


"සල්ලි එපා බං" නාලක කිව්ව.


"අපි ඇරන් එන්නම්"


නාලකවත් ඇදගෙන චාමරයා එතැනින් යන හැටි සාරංග බලන් ඉදියා. ඒත් එයා නැවතුනේ ඇත්තටම ඔලුව රිදෙන නිසා නම් නෙවෙයි. එයා බැලුවෙ මාලිකාත්, ශානිකත් ඉන්න ඩෙස් පේළිය දිහා. මලිකාට එහා පැත්තෙ වාඩි වෙලා හයියෙන් හිනාවෙන ඒ කෙල්ල දිහා සාරංග බැලුවෙ වෙනද බලන හැටියට නම් නෙවෙයි. ඒක එයාගෙ ඇස් දෙකින් බැලීමකටත් වඩා මුලු හදවතින්ම බැලීමක් හැටිය්ටයි මට නම් පෙනුනෙ. 


කවුරු දිහාද මිනිහ බැලුවේ? හිතෙනවා ඇති ඔයාටත්. එයා බැලුවෙ මාලිකාට එහා පැත්තෙ ඉදිය ශානිකා දිහාවෙ. ඊයෙ දැකපු අර පිස්සු කෙල්ලට වඩා අද ඉන්න කෙල්ල මොනතරම් ලස්සනද. සාරංගට එහෙම හිතුනා. මේ තරම් ලස්සන උනත් ඇයි මට මේක කලින් පෙනුනෙ නැත්තෙ?


අසංක සර් ආයෙමත් පන්තියට ආවා. හැමෝම ඉදියට නාලකත්, චාමරත් නෑ. සර් ඒක පැහැදීවම දැක්කෙ ආයුබෝවන් කියන්න පන්තියම නැගිට්ට වෙලාවෙ. සර් ආවා සාරංග ළගට,


"කොහෙද කොල්ලො යාලුවො දෙන්න ගියේ?"


"මේ........" සාරංගට ගණ දෙවි නුවන පහළ උනා.


"උන් දෙන්න පැනඩෝල් දෙකක් ගේන්න ගියා සර්"


"පැනඩෝල්?" අසංක සර් ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරල. 

"කාටද?"

"මට සර්" සාරංග කිව්ව.


"උදේ පොඩි ඔලුවෙ කැක්කුමක් ආව ඒකයි"


"හ්ම්ම්ම්ම්ම්ම්ම්" කියපු අසංක සර් ආයෙ පන්තිය ඉස්සරහට ගියා. 


"ළමයිනේ එහෙනම් කැමති වැඩක් කර ගන්න. දුන්න ගෙදර වැඩ එහෙමත් ඇතිනේ. කරගන්න ඒව හැබැයි සද්ද නොකර" 



"සර් පී. ටී එකක් දෙන්නකො අපිට"


එහෙම කිව්වෙ සාරංගට ඉස්සරහ වාඩි වෙලා ඉදපු තරිදු.


"මේ මාසෙටම එකක් ලැබුනෙ නෑ සර්"


ඌ තවත් පිදුරු වගයක් ගින්නට දැම්මා.

ඒක් නිසා පන්තියෙ ඔක්කොම කුලප්පු වෙච්චි හරක් වගේ කෑගහන්න ගත්තා පී.ටී එකක් ඉල්ලලා. අන්තිමේ සර් නැගිට්ටෙ යුද්දෙන් පැරදිලා බව සාරංගට තේරුනා.

"හොදයි ඔච්චර කියන හන්ද අදට විතරක් ගනිල්ලකෝ, හැබැයි මොකවත් වැරදි වැඩක් කරා කියල අහූනොත් බලාගන්නම් මම"


එහෙම කියල සර්  පන්ති නායකයව අඩගහන් ක්‍රීඩා කාමරේට එන්න කියල පන්තියෙන් පිට උනා. පන්තියෙ අනිත් උන ඔක්කොම ගියත් සාරංග ගියේ නෑ. මිනිහ ටිකක් වෙලා ඉදියෙ ශානිකා යනවද බලන්න වගේම තමන්ගෙ යාලුවො දෙන්න එනකම්. 


දෙයියනේ! සාරංග දැක්කෙ එයා දැකපු අපූරුම දර්ශනේ. හැබෑවටම ශානිකා ගිහින් නෑ. මොකද කියල බැලින්නම් තමා මිනිහ දැක්කේ එයාට ගණන් වගයක් කියල දෙන මාලිකාව. 


පන්තියෙත් කවුරුත් නැති හන්ද සාරංග ඒ පැත්තට හැරුනා. හෙමීට ගිහින් කෙල්ලො දෙන්න ඉන්න ඩෙස් එක උඩින් අත තියන් ඒ දෙන්න දිහා බැලුව.


"මේ..........." සාරංග කිව්වෙ හිනාවෙලා.


"මොකද ගියෙ නැත්තෙ පිට්ටනියට?"


"ඇයි අපි පිට්ටනි යන්න ඕන තමුසෙගෙන් අහලද?" ශානිකා පැනලම දුන්නා.


"අපෝ නෑ"


"එහෙනම් මොකෝ අහන්නේ?"


"ඇයි අහන්න හොද නැද්ද?"


"හොද නෑ නේන්නම්. තමුසෙ මොකටද නැවතුනේ ඉතිං?"


"මම නැවතුනේ චාමරයයි නාලකයයි එනකම්"


"අපි මේ ගණන් වගයක් හදනවා" අහිංසක විදියට කිව්වෙ මාලිකා. ඒ මේ දෙන්නගෙ පුංචි රණ්ඩුව නවත්තන්න හිතාගෙන.


"ශානිකා කිව්ව මට එයාට ගණන් වගයක් තේරුම් කරල දෙන්න කියල"


"අනෙ අනේ ගණන් බැරි බූරුවා" සාරංග කිව්වෙ ශානිකාව අවුස්සගන්න. මාලිකාට හයියෙන් හිනා ගියා.


"මේ නිකම් පළයන් ඕයි යන්න" ශානිකාට මළ පැන්නා. 


"එකපාරට ඇහිත් කඩන් පැනල අහනව යන්නෙ නැද්ද කිය්ටල. දැන් බූරුවාලු, ඕව කියන්න තමුසෙ මගෙ කව්ද?"


"තමුසෙට කවුරුත් කැමති වෙන්නෙ නැත්තෙ ඔය කට හන්ද තමා, තියෙන ලස්සනත් නැති වෙනව ඔය හැකර කට හන්දා" 


"එහෙනම් ඔයා කැමති උනේ?" 


ශානිකා කිව්වෙ රවල නෙවෙයි ඔරවල.

සාරංග උඩ ගියා.

"මම?..........ම...ම...මම?"


සාරංග ගෙ ඇස් දෙක උඩ ගියා, ශර්ට් එක ඇගට ඇලුනේ දාඩිය දාල හොදටම. මිනිහ බය වෙලා නෙවෙයි හොදටම ශොක් වෙලා බව මාලිකාට නම් තේරුනා.


"ඔහේ නැතුව වෙන කව්ද?"


ශානිකා කිව්වෙ ඇහැක් ගහල.


"තමුසෙ හොරෙන් හොරෙන් මගෙ දිහාවෙ බලන් තනියම හිනාවෙන්නෙ මගෙ ඩෙස් එක උඩ පෙරහැරක් යනව වගේ. මොකද මම දැක්කෙ නෑ කියලද හිතුවෙ?"


මළා! විහින් අනාගත්තා නේද කියාල සාරංගට හිතුනා. එයාට දෙන්න උත්තරයක් තිව්නේ නෑ. ඇත්තටම තිබුනෙ නෑ. එකපාරටම තමන් ඉස්සරහට කන්දක් පාත් උනා වගේ සාරංග උඩ බලන් ඉදියා.


ඉස්සෙල්ල නම් සාරංග හිතුවෙ තමන්ගෙ යාලුවො දෙන්න පරක්කු වෙනවනම් හොදයි කියල. ඒ ශානිකා එක්ක වචනයක් දෙකක් දා ගන්න. ඒත් දැන් නම් මිනිහ දෙලොව රත් වෙලා................


දෙයියනේ චාමරයයි, නාලකයි ඉක්මනට එනවනම්.............



*****************
මේ අතරෙ කැන්ටිමේ ප්ලේන් ටී බොන්න ගිය චාමරටයි නාලකට නොහිතපු අවුලකට මුහුන දෙන්න උනා. උන් දෙන්න කැන්ටිමේ බංකුවක් උඩට වෙලා ප්ලේන් ටි දෙක හදනකම් බලන් ඉන්න අතරෙ එළියෙන් අමුතු සද්දයක් ඇහුන. දෙන්නම කතාව නවත්තල කැන්ටිමේ දොඅ දිහාවෙ බැලුවෙ දුවන්න හිතාගෙන. ඒත් පරක්කු වැඩී වගේ.................

තමන්ගෙ සහයකයා වගේ වේවැලත් අතේ තියන් අත් දෙක වන වනා කැන්ටිම ඇතුලට ආවෙ වෙන කවුද ඉතිං

.....
.....
ප්‍රින්සිපල් සර් මිසක්. චාමරවයි නාලකවයි දැකපු හන්දමදෝ දොරෙන් ඇතුලු වෙච්ච ප්‍රින්සිපල් කෙලින්ම ආවෙ උන් දෙන්න දිහාවට, 

දෙන්නගෙම දෙලොව රත් උනා




---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.....
---------------------------------------------------------------------------------

{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -