Posted by : Tharuka Gunaratne Friday, July 19, 2013



නාලකත් චාමරත් ගල් ගැහිල වගේ බලන් ඉදියා. ප්‍රින්සිපල් එනකොට හැමෝම බයයි. ඒක් ඉතින් අහන්නත් දෙයක්ද? ඒ නිසාමත් නෙවෙයි වේවැලත් අතේ තියන් ප්‍රින්සිපල් එනකොට කවුද ගල් නොගැහෙන්නෙ. 

ඉතින් දෙන්නම පුදුම විදියට බය උනා. මොකද ඉතින් අතේ මාට්ටු නේ. උගන්නන්න තියෙන පීරියඩ් එක කැන්ටිමේ අයිස් ගහනව කියල හිතාවි. ඉතින් ගුටි නොකා ඉන්නෙ කෝමද? වැරැද්ද තමන් අතේ නෙ

ප්‍රින්සිපල් හෙමීට කැන්ටිමේ අයිය දිහත් බැල්මක් දාල නාලකල ඉන්න දිහාට ආවා. ඇවිත් උන් දෙන්න ඉස්සරහ නැවතුනා. ඔලුව පාත් කරන් ඉදිය කොල්ලො දෙන්න දිහා බලපු ප්‍රින්සිපල්ටත් තමන්ගෙ අතීතෙ මතක් උනා. එයත් දවසක් මෙහෙම කැන්ටිමේදි අහුවෙලා ගුටි කාපු බවත් එයාට මතක් උනා. ඒක මතක් වෙලා පුංචි හිනාවකුත් කටට ආව. ඒත් නාලක ඒ එක්කම ඔලුව ඉස්සුව හන්ද එහෙමම ඒක යටපත් උනා.

"උඹල දෙන්න මොකද මේ අවේලාවෙ කැන්ටිමේ කරන්නෙ?"

ප්‍රින්සිපල් ඇහුවෙ වේවැල වනල. 

"ප්ලේන්ටියක් බොන්න ආව සර්" චාමර හෙමීට කෙදිරුවා.

සිද්ද උනේ වෙනස් දෙයක්. ප්‍රින්සිපල් හයියෙන් හිනා උනා. 

"ඉතින් ගොනෝ ඕක ඉන්ටවල් එකේ කරන්න තිබුනනේ? දැන් උගන්නන්න වෙලාවෙ?"

"නෑ සර් දැන් අපිට පීටී එකක්" නාලක කිව්වෙ ඇත්තටම පීටී එකක් දීල බව නොදැන.

"හ්ම්ම්ම්ම්ම්ම්" ප්‍රින්සිපල් ආඩම්බරෙන් වගේ කිව්වා. එයාගෙ මේ වෙනස නාලකටත් චාමරටත් තේරුම් ගන්න බැරි උනා. ඒත් චාමරයා මහ පුදුම ප්‍රස්නයක් ඇහුවෙ කැන්ටිමේ අයිය තේ දෙක ගැනත් දුන්න වෙලාවෙ.

"සර්ටත් එකක් දෙන්නෙයි?"

"ආ...........ඕන නෑ ළමයා, මමම ගන්නම්" ප්‍රින්සිපල් හිනා උනා. "සුගත් දානවකො මටත් ප්ලේන්ටියක්"

ඒ පාර එයා කිව්වෙ කැන්ටිමේ අයියට.

**************************
මේ අතරෙ සාරංගට උනේ වෙනස්ම දෙයක්. එයා කට ඇරන් ශානිකා දිහාවෙ බලල විනාඩියෙන් කෙල්ල දෙවැනි ප්‍රශ්නෙත් ඇහුව.

"සාරංග වාඩිවෙනවකෝ මෙහෙන්"

ශානිකා කිව්වෙ ඉස්සරහ තිබුන පුටුව පෙන්නල.

"මේ අහනවා. මම අද විතරක් නෙවෙයි දැන් ගොඩක් දවස් ඉදල බලාගෙනයි ඉදියේ, මොකෝ තමුසෙට වෙලා තියෙන්නේ?'

"මට................" සාරංග බයෙන් වගේ ඇහුව. එයාගෙ තිබුන නිර්භීත ගතිය කොහෙන් ගියාද දන්නෙ නෑ. අසරණ වෙලා එයා ශානිකා දිහාවෙ බැලුවා.

"ඔයාට තමයි. මෙතැන වෙන කවුරුත් නෑ නේ. මොකද කියල කියනවා, මාලිකා ඉදියට කමක් නෑ, එයා මට විශ්වාසයි"

"මේ....මේ.......මම දන්නෙ නෑ............ නැත්තෙමත් නෑ........ඒත් ම.....මට ......කියන්න.............."
සාරංග හිර උනා එතනදි නම්. වෙන කවදාකවත් ජීවිතේ හිර වෙන්නෙ නැති උනත් එතන නම් පොඩ්ඩක් නෙව්යි ගොඩක්ම හිර වෙලා වගේ දැනුන. ඇත්තටම තමන් මොනව කරනවද කියල එයාටම දැනුනෙ නෑ. තමන් ආදරේ කරන ලස්සනම කෙල්ල ඉස්සරහ ගොලු උනේ පළවෙනි වතාවට. 

"එයා ඔයාට ගොඩක් කැමතියි" 

කවුදෝ සාරංගගෙ වැකිය සම්පූර්ණ කලා. කෙල්ලො දෙන්න වගේම සාරංගත් පුදුම වෙලා වටපිට බැලුවෙ නින්දෙන් ඇහැරවන්න වතුර ගැහැව්ව වගේ. තුන් දෙනාම බැලුවෙ පන්තියෙ දොර දිහාවෙ. නාලක දොර ගාව ඉදන් ඒක කිව්ව බව තුන් දෙනාටම තේරුනා. ඊට පිටිපස්සෙන් චාමරත් මතු උනා. සාරංග රතු පාට උනා.

"මම කිව්ව එක හරිද?" නාලක ඇහැව්වෙ පන්තිය ඇතුලට ඇවිත් සාරංගගෙ උරහිසට අතක් තියල. 

"මම කිව්වෙ බොරුවක් නෙවෙයි නේ?"

"ඒත්.................ඒත්.............." සාරංග ගොත ගැහැව්ව.

"උඹ අහන්නෙ අපි කොහොමද උබේ හිතේ තියෙන දේවල් දන්නෙ කියලද මචෝ?"

චාමර ඇහුවෙ සාරංග ළගින් වාඩි වෙලා.

"උඹ හිතන් ඉදියට ඔය හිත් ඇතුලෙ තියෙන දේවල් කොහෙන් හරි මතු වෙලා පිටට පේනවා. අනිත් කාට පෙනුනෙ නැතත් අපි දෙන්නට ඒක හොදට පේනවා" 

එහෙම කිව්වෙ නාලක. 

"මොකද උඹ ගොත ගහන්නෙ? ඔන්න ඕක කියනවනම් කියල දාහන්. බැරි නම් අපිම කියන්නම්කෝ. ඔන්න ශානිකා අපේ සාරංගය ඉදල ඉදල කැමති උනේ ඔයාට විතරයි. සිරාවටම නම් අපි ඕන සප් එකක්. නැද්ද චාමර?"

"අනිවාර්යෙන්ම" චාමර කිව්ව.

"අලුත් කෙල්ල මොකෝ කියන්නෙ? මුන් දෙන්නට සප් එකක් දෙනවද?"

"මම අලුත් කෙල්ල නෙවෙයි, මාලිකා" මෙතෙක් වෙලා කාටත් අමතක වෙලා තිබුන හීන් සද්දෙන් මාලිකා කිව්ව.  

"කියනවනම් උදව් කරන්නම්"

"ඒකනේ සරංගයා උඹ මොකෝ කියන්නෙ?"

සාරංග නිල් පාට වෙලා. හදවත් ගැහෙන සද්දෙ මටත් ඇහුනා.

ශානිකා හිනා උනා. සාරංග බලාපොරොත්තු උනේ හිනාවක් නම් නෙවෙයි. ඒත් කොහෙන්දෝ අරන් ආපු හිනාවක් ශානිකාගෙ මූනෙ පැතිරුනා.

"ඉතිං ඕක කියන්නද මෙච්චර දැගලුවේ?"

සාරංග ආයෙමත් ශානිකා දිහාවෙ බැලුව. ශානිකා ඇස් දෙක පුංචි කරල සාරංග දිහා බැලුව. මෙයා මොනා කලත් බැනල එළවගන්නෙ නම් නැති බව දැන් සාරංගට විශ්වාසයි. ඉතින් එයා හෙමීට තම්න්ගෙ හිතේ තද කරන් තිබ්බ බෝම්බෙ බිමට අතෑරියා.

"ඔව්"

"අනේ මැට්ටෝ! ඕකටද ඔච්චර බය උනේ?"

ශානිකා කිව්වෙ පුටුවෙන් නැගිටල. 

"අපි යමු මාලිකා සර් අපිව හොයාවි"

මාලිකා ඉදන් හිටපු තැනින් නැගිට්ටා. ශානිකා ගාවට ගියා.

කොල්ලො තුන් දෙනාම එයාල දෙන්න දොර දිහාට ඇවිදන් යන හැටි බලන් උන්න.

"ඉතින් ඔයා මොකෝ කියන්නෙ? කියලම යන්නකො?"

කවුරුත් බලාපොරොත්තු උනේ නැති විදියට සාරංගගෙ පුරුශ දහිරිය එකතු වෙලා තිබුන.

දොර ගාවටම ගිහින් ඉදිය ශානිකත් මාලිකත් වගේම නාලකත් චාමරත් සාරංග දිහා බැලුවෙ පුදුමෙන්. ඒ වගේම අමුතු පුදුමෙකින්.

යන්න දොර ගාවට ගිහින් ඉදිය ශානිකා හෙමීට සාරංගගෙ පැත්තට හැරුනා. ටිකක් ඔලුව කසලා කල්පනා කරනව වගේ ඇගෙව්වා. ඊට පස්සෙ

"මම මොකටද අකමැති වෙන්නෙ"

කියල ආලෝකයේ ප්‍රවේගයට සමාන වේගෙකින් එතැනින් යන්න ගියා.

---------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට බලාපොරොත්තු වෙන්න............
---------------------------------------------------------------------------------

{ 2 comments... read them below or Comment }

  1. මේ වගේ ප්‍රින්සිපල්ල ඉන්න ඉස්කෝලෙ මොකක්ද දන්නෙ නෑ

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -