Skip to main content

"ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට" - මත් මල් - නවකතාව [20 කොටස]



පන්තියෙන් පිට උන ශානිකා කෙලින්ම ගියේ පිට්ටනියට. අනිත් අය සෙල්ලම් කරන හැටි බලන් ඉදල එපා වෙලාද කොහෙදෝ අසංක සර් එතැනින් ගිහින් තිබුනා. ඒක නිසා පිට්ටනිය අයිනෙ වැවිල තිබුන ලොකු ගහ ළගට ගිය ශානිකා එතැන හදල තිබුන සිමෙන්ති බංකුව උඩ වාඩි උනා. ඊට පස්සෙ මාලිකාවත් තමන් ළගින් වාඩි කරව ගත්ත. ඒත් එයාගෙන් දකින්න ලැබුනෙ හරිම නිශ්ශබ්ද බවක්. වචනයක්වත් පිට උනේ නෑ. ටිකක් හයියෙන් හමපු නුහුරු හුලගින් ශානිකාගෙ ඇස් දෙකත් පිය උනා.

"මොකද ශානි?" මාලිකා ඇහුවෙ යාලුව දිහෑවෙ බලල.

"උඹ ඔය අරෙහෙම කිව්වෙ ඇත්තටමද?"

"ඒක ගැන තමයි මමත් කල්පනා කලේ මාලි!"

ශානිකා කිව්වෙ බිම බලාගෙන.

"මගේ කටින් පිට උන දේවල් ගැන මටම හිතා ගන්න බෑ"

"ඉතින් ඇත්තටම උඹ සාරංගට කැමති නැද්ද?"

"අකමැතිව නෙවෙයි බං. ඌ හොද කොල්ලෙක්. උගෙ යාලුවො දෙන්නත් හොද එවුන්. සෙල්ලක්කාර වැඩ කලාට පන්තියෙ අනිත් උන්ට වඩා උන්ගෙ හිත හොදයි"

"එහෙනම්?" මාලිකා ඇහුවෙ එයාගෙ ලස්සන ඇස් ලොකු කරල.

ශානිකා ඈතට යොමු වෙලා තිබුන එයාගෙ ඇස් මාලිකා දිහාවට හැරෙව්වා. පුංචි හිනාවක් කට කොනකින් මතු උනා.

"අනේ මන්ද බන්, හිතේ දහිරියට කැමතී කිව්වට මට නම් මහ බයකුත් දැනෙනවා. උඹ දන්නවනෙ පවුලෙ එකම කෙල්ල උනාම කොච්චර සීමා වෙලාද මට ඉන්න වෙලා තියෙන්නෙ කියල. ඒ අතරෙ සාරංගට ඉඩක් දෙන්න පුලුවන් වෙයිද කියල මට සැකයි"

"මේ බලපන්" මාලිකා කිව්ව.

"මම මේ උඹට සාරංගට ආදරේ කරන්න කියනව නෙවෙයි. ඒත් උඹ කරන්න ඕන උබේ හිත කියන දේ. ඒක සාර්තක කර ගන්න මමත්, නාලකත් අර අනික් එකා, කව්ද මේ...චාමරත් උදව් කරනවා. ඒ කවුරු නැතත් මම උඹත් එක්ක ඉන්නවා. ඒ නිසා උඹ බය වෙන්න නම් එපා"

ශානිකාගෙ ඇස් දෙක දිලිසුනා. මාලිකා දිහාවෙ බැලුව එයා මාලිකාගෙ අතකින් අල්ලගත්තෙ තදේට.

"ඇත්තමද බන් උඹ ඔය කියන්නේ? ප්‍රොමිස් වෙයන්"

"ඇත්තමයි" මාලිකා කිව්වෙ නාලකත් සාරංගත්, චාමරත් ඈත එනව දැකල.

"කෝ මෙහෙ බලපන්, ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට."

ශානිකා බය වෙලා වගේ මාලිකා පෙන්නපු දිහාවෙ බැලුව. කිව්වත් වගේම ඇහැක් අගට ඇවිත් තිබුන කදුලු බිංදුවක් ලේන්සුවෙන් පිහිදල දාල සතුටින් හිනා උනා.

මාලිකා හිනාවෙන ශානිකා දිහා බැලුවෙ පුදුමෙන්. ඇත්තටම ආදරේ මොන වගේද? එයාට හිතුනා. මොක උනත් තමන්ට නම් ඒක එපා කියලත් හිතුන බව නම් නොකියාම බැහැ. වෙන හේතුවක් හන්ද නෙවෙයි. එහෙම දෙයක් දරා ගන්න තරම් මාලිකා තාම පුංචි වැඩියි.

ඈත් එමින් ඉදිය කොල්ලො තුන් දෙනා දැන් පිට්ටනියෙ මැදක් වෙනකම් ඇවිත් තිබුනා. ශානිකා ඉදපු තැනින් නැගිටලා එන්නය කියල සාරංගට අත වැනුව. අත වනන්න දෙයක් නෑ උන් එන්නෙ මෙහෙට තමයි කියල මාලිකාට පෙනුනත් එයා සද්ද නැතුව බලන් උන්නා.

මුලින්ම ආවෙ නාලක ආපු ගමන් ගහේ පාත් වෙලා තිබුන විසාල අත්ත උඩට පැනල එයා වාඩි උනා. සාරංගත් චාමරත් ශානිකාල ඉදිය තැනට ඇවිත් හිට ගත්තා.

නාලක එයා ඉදපු අත්තෙ කොණ පෙන්නලා චාමරවත් වාඩි කරව ගත්තා.

"ඔයා එන්න මෙතනට"

ශානිකා කිව්වෙ සාරංගට තමන් ළග තිබුන හිස් ඉඩ පෙන්නල.

"කමක් නැද්ද? කවුරු හරි දැක්කොත්?"

සාරංග බය උනා.

"කවුරු දකින්නද බන් ඔන්න ඔහේ වාඩි වෙයන්!" නාලක කිව්වෙ ඈත් බලාගෙනෙ.

"කවුරු හරි එනවනම් අපි කියන්නම්"

සරංග බයෙන් බයෙන් වාඩි උනා. ඊට පස්සෙ ශානිකා දිහා බලල මල් පාට හිනාවක් දැම්මා.

"හිනා නෙවෙයි පරිස්සමින් කොල්ලෝ"

ශානිකා කිව්වෙ සරංග දිහා බලල.

"ඔයා දැන් මේව ගැන නොහිත පාඩම් කරන්න ඕනෑ. විබාගෙට තව මාස කීයද තියෙන්නේ"

"ඔයත්"

සාරංග කිව්වෙ වට පිට බලල.

"ඔයත් මට ඒක පොරොන්දු වෙන්න ඕන. ඔයා නැතිව ඒ.ලෙවල් කරන්න උනොත්. අයියෝ මට මොනව හිතෙයිද?"

"හ්ම්ම්ම් එහෙනම් මමත් පොරොන්දු වෙන්නම්කෝ මෝඩයෝ"

ශානිකා කිව්වෙ ඇහැක් වහල.


"ඉතිං"

දෙන්නම කිව්වෙ එක පාර. දෙන්නටම හිනා ගියා. ඒක දිහා බලන් ඉදිය මාලිකාටත් හිනා ගියා.

"දැන් ඉතිං රෝන්දෙ ගහල් එහෙම මට අහු වෙන්න එපා හොදේ"

ශානිකා කිව්වෙ හිනා වෙවී.

"වෙන කෙල්ලො දිහා බලලවත් අහුවෙන්න එපා මට. ගහනවා කණ පැලෙන්න"

"මටද?" සාරංග ඇස් දෙකින් හිනාවෙවී බයෙන් වගේ මූන හදාගෙන ඇහුවා.

"අනේ මම ඔයාට හරි බයයි!"

"ඇත්තට?" ශානිකා කිව්වෙ ඇස් දෙක නටවල.

"ඔයාට නෙවෙයි අනේ, ගහවා ඒ කෙල්ලට"

සාරංග හිනා උනේ ලෝකෙම දිනල වගේ.
ඒත් එක්කම පීරියඩ් බෙල් එක ඈති වදිනව ඇහුනා. නාලක ගහෙන් බිමට පැන්නා.

"යමු නේද පන්තියට"

"යමු"

කියපු සාරංගත් නැගිට්ටා.

ඒත් ශානිකා සාරංගගෙ අතින් අල්ලගෙන නැවැත්තුවා.
සාරංග දේදුන්නෙ පාටට හැරුනා.

"නැගිට්ටවනවා මාවත්, දැන් තනියම යන්න දෙන්නෙ නෑ මම"

දෙපැත්ත බලපු සාරංග ශානිකාගෙ අතින් අල්ලලා බංකුවෙන් නැගිට්ටෙව්වා. ඊට පස්සෙ දේදුන්නෙ පාටින් රෝස පාටට හැරුනා. නාලකට හයියෙන් හිනා ගියත් කැස්සකින් ඒක වහගෙන කපල් එක දිහා බැලුව. නාලකගෙ මූන දැකපු මාලිකාටත් හිනා ගියා.




Comments

  1. බලමු අනිත් කොටසත්

    ReplyDelete
  2. උබ උබටම ලකුණු දාගන්න එක වැරදි මල්ලි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්