Posted by : Tharuka Gunaratne Tuesday, July 30, 2013



එදා හවස ගෙදර යන ගමන් නාලක මොකුත් කතා කලේ නෑ. ඔහේ බලාගත්තු අතේ බලන් ඉස්සරහට ඇවිදන් ගියේ ළගින්ම මාලිකත් එන බව වත් නොදැන වගේ. ඒ ඇයි කියල මාලිකාට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ හන්ද වැඩි වෙලා යන්න කලින්ම එයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහෙන බව නාලකත් දැනන් ඉදියා.

"මොකෝ නාලක? ලෝකෙ එපාවෙලා වගේ?"

මාලිකා ඇහුවෙ නාලක එක්ක සමාන්තරව ඇවිදින්න උත්සාහ කරන ගමන්. ඒක ලේසි නම් නෑ, කොහොමත් නාලක හරි ඉක්මනට ඇවිදින කෙනෙක්.

"කලකිරිලද?"

"මම?" නාලක කිව්වෙ මාලිකා දිහා බලල හිනා වෙලා.

"කලකිරිල නෙවෙයි, අරුන් දෙන්න ගැන බයයි. ඒකයි"

"ඒ කිව්වෙ?"

"මොනා උනත් ශානිකා කෙසේවෙතත් සාරංගයා ගැනයි බය. ඕකා ලව් එකකට වැටිල ජීවිතේ නාස්ති කරගන්න පුලුවන්, ශානිකා කව්ද කිය්ල අපි හොදටම දන්නවනේ"

"ඇහ්!" මාලිකා ටිකක් පුදුම උනා. ඊට පස්සෙ ශානිකා තමන්ට කියාපු දේවල් නාලක එක්ක කිව්ව. මාලිකාට ඕන උනේ තමන්ගෙ යාලුව, ඒ කියන්නෙ ශානිකා සාරංග ගැන හිතන් ඉන්නෙ කොයි විදියටද කියල නාලකට පැහැදිලි කරල දෙන්න. එයා කොයිතරම් සාර්තක විදියට පැහැදිලි කලාද කිව්වොත් නාලකට අන්තිමේදි පුංචි හිනාවකුත් ගියා. ඊට පස්සෙ එයා මෙහෙම කිව්ව.

"හ්ම්ම්ම් ඔයත් මෙතනදි සැලකියයුතු වැඩ කොටසක් කරල තියෙනව වගේ. නරක නෑ. ආදුනිකයෙක් හැටියට නරක නෑ. බොහොම හොදයි ළමයා"

නිකම් පල් එකට වගේ නාලක කිව්ව දේ අහල මාලිකාට තරහ ගියේ නෑ. ඒත් බොරු තරහක් මවාගෙන නාලකගෙ අත කෙනිත්තුවෙ ටිකක් රිදෙන්න. ඒත් නාලකගෙ ඇස් දෙකත් එක්ක රතු උනා, කටත් චුට්ටක් ඇද උනා. ඊට පස්සෙ නාලක අහක බලා ගත්තා.

ටිකක් වෙලා ඔහොම ඇවිදන් යද්දි මාලිකාට ආයෙමත් පාලු ගතියක් දැනුන. අපරාදෙ එයාව කොනිත්තල අවුස්සගත්තෙ කියල එයාට හිතුන.

"මේ නාලක?"

"ඇයි?"

"තරහද?"

"මොකටද?" ටිකක් තරහින් කියපු සඩ්දයක්.

"රිදුනද?" චුට්ටක් බය කටහඩක්.

"නැතුව"

"බොරු! මම එච්චර රිද්දන්න හිතුවෙ නෑ නෙ"

"ගන්නව අත් දෙක මෙහෙට"

මාලිකා බයෙන් වගේ අත් දෙක පෙන්නුවා.
නාලක, මාලිකාගෙ අතේ ටිකක් දිගට වැවිල තිබුන නියපොතු එයාට පෙන්නුවා.

"මේ බලනවා නියපොතු. පූසෙක්ගෙ වගේ"

"අහ්! අනේ සොරි, ඇත්තටම රිදුනද?"

"නැත්නම්" නාලක එයාගෙ අත දිහා බැලුව. මාලිකත් හැරිල තමන් කොනිත්තපු තැන බැලිව. එතැන රතු වෙලා. හුගක්. මාලිකාට දුක හිතුන.

"අනේ සොරි නාලක ආයෙ එහෙම කරන්නෙ නෑ"

නාලක මාලිකා දිහාවෙ බලල ටිකක් අමුතු විදියට හිනා උනා. ඊට පස්සෙ ආයෙමත් ඉස්කෝලෙ වෙච්ච සිදුවීම් හැම දෙයක් ගැනම මාලිකා එක්ක කියන්න පටන් ගත්තා.

ටිකක් විතර පාලු මේ පාරෙ නැන්දලගෙ ගෙදරට යන තාක් කල් කෙල්ලෙක්ගෙ ලස්සන හිනා හඩ පාලුව මකන්න වාගෙ දවාලෙ පැතිරිලා තිබුන.

කවුරු මොනව කිව්වත් ඉස්සර ඉදියට වඩා අලුත් යාලුවො එක්ක මාලිකා දැන් සෑහෙන්න සතුටින්. ඒක එයාගෙ හිනාවෙන් එයාගෙ අතීතෙ ගැන දන්න ඕනම කෙනෙක්ට තෙරුම ගන්න පුලුවන්.


********************************

පහුවෙනිද උදේ.......

තරමක් ඈත ගමක්. ගමක් කිව්වට එහෙමම කියන්නත් බෑ. ටිකක් විතර නගරෙක මට්ටමේ එකක්. පුංචි නගරයක් කියමුකො. ඒ ගෙදර තිබුනෙ පාර අයිනෙම තිබුන ලොකු වත්තක් මැද. ඒ තරම් ලොකු නැති උනත් කෙනෙක දැක්කොත් දෙපාරක් බලන විදියෙ ලස්සන ගෙයක්. බැලූ බැලමටම මැද පන්තියෙ ලක්ශන පේන්න තිබුනත් ගේ ඉස්සරහ නවත්තල තිබුන කාර් එක නම් නැවක ලක්ශන තමා පේන්න තිව්නෙ. ටික වෙලාවකින් හොද වැඩුන කොල්ලෙක් එයාගෙ අම්මය කියල හිතන්න පුලුවන් ගෑනු කෙනෙක් එක්ක ගෙයින් එළියට ආව. ඒ එයාගෙ අම්ම තමයි. අතේ තිබුන බෑග් එක කාරෙකේ දොර ඇරල ඇතුලට දාපු එයා ආයෙම ඇවිත් දණගහල අම්මට වැන්ද.

"බුදුසරණයි පුතේ. පරිස්සමින්"

අම්ම කිව්වෙ පුතාගෙ හිස අතගාල. පුතාට වයස විසිපහක් විතර ඇති. බිස්නස් ඇදුමක් ඇදන් ඉදිය එයා තමන්ගෙ ටයි එක ආයෙම හදගෙන ගේ දිහා බලල කෑගැහුව.

"මල්ලී උඹ දැන්වත් එනවද?"

"මේ එනව බං පොඩ්ඩක් හිටහන්" ගේ ඇතුලින් සද්දයක් ආව. ඊට ටිහිකට පස්සෙ අපේ රස්තියාදුකාර නිළ ඇදුම නොහොත් ඩෙනිමයි, කලු සර්ට් එකයි දා ගත්තු ටිකක් ශිහාන් මිහිරංග වගේ කොණ්ඩෙ වවපු කොල්ලෙක් ගේ ඇතුලින් මතු උනා.

"අපි යන්ව අම්මේ එහෙනම්" කියපු එයත් අම්ම ළග දනගැහුව.

"පරිස්සමින් පොඩි පුතේ"

"බය වෙන්න එපා අම්මෙ, අපි හවස් වෙන්න කලින් එනව. මේ බඩු ටික නංගිට දීල, බෝඩිමේ ගණන් එහ්මත් බේරල එනකොට ටිකක් හවස් වේවි හැබැයි" කිව්වෙ අර ඩීසන්ට් විදියට ඇදන් ඉදපු එක්කෙනා.

"අනේ  මන්ද ළ්මයිනේ ඔයාල එනවය කියල කෝල් එකක්වත් දුන්නෙ නෑ මම එහෙට"

අම්ම කිව්වෙ ඈත බලාගෙන.

"අද මෙහෙ ඉස්කෝලෙ විබාගෙ නෙවෙයිනම් මමත් එනව උඹල එක්ක යන්ඩ. දූව දැක්කෙ නෑ හුග කලෙකින්. ඒකිට සාංකාව වගේ ඇති"

"අපි බලල එන්නම්කෝ එයාව අම්මේ"

පොඩි කොල්ල කිව්ව. පොඩි කිව්වෙ වයසින් තමයි. ඒත් එයාටත් විස්සක් වත් ඇති මයෙ හිතේ .

"අනික ලබන මාසෙ අන්තිමේ ඉස්කෝල නිවාඩුනෙ"

"ආ පුතාල අද නංගි බලල එන්නද යන්නෙ" ගොරෝසු කටහඩක් ඇහුන. කොල්ලො දෙන්න ගිහින් ගෙයින් එළියට ආපු මනිස්සයටත් වැන්ද. ඒ එයාලගෙ තාත්ත.

"හොදයි හොදය්" තාත්ත කිව්වෙ කොලො දෙන්නගෙම ඔලුව අත් ගාල.

"ලොකූ පරිස්සමින් එළවන්න වාහනේ, මෙන්න මූවත් පරිස්සම් කරපන්"

එහෙම කිව්වෙ පොඩි පුතා දිහාවෙ බලල. හිනාවෙලා. තාත්ත කලේ විහිලුවක් බව දැනුන හන්ද කට්ටියම හිනා උනා.

කොල්ලො දෙන්න කාරෙකට නැග්ග. දොරවල් වහගෙන සීට් බෙල්ට් දා ගත්ත්. ඊට පස්සෙ බලන් ඉදිය අම්මටයි තාත්තටයි අත වනපු ළමයි දෙන්නා වාහනෙත් ඇරන් ඉගිලුනා.

---------------------------------------------------------------------------------
ඉතිරිය පසුවට.........
---------------------------------------------------------------------------------



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -