Posted by : Dinuka Wijesinghe Tuesday, July 2, 2013

"ගව ඝාතනය රටටම ශාපයක්"

දිවි පිදූ බෝවඉන්දරතන හිමියන්ගේ නාමයෙන් 

ධර්මද්වීපයේ ගව ඝතන නවතනු!

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිය වටිනා දිවිය පූජා කළේ උතුම් පෙරුම් පුරනා බෝධිසත්වයෙක් ලෙසින් වටිනා අරමුණු රාශියක් මුල් කර ගනිමිනි.
උන්වහන්සේගේ අපවත් වීමෙන් මුලු මහත් බෞද්ධ මෙන්ම අබෞද්ධ ලෝකයම කම්පා විය. ලක් වැසියන් ලෙස අපට එසේ කම්පා වීමෙන් පමණක් සීමා විය නොහැක. අප සැමට ඒ උතුම් අරමුණු වෙනුවෙන් කළ යුතු හා කළ හැකි දෑ බොහෝ ඉතිරි කොට අරමුණක් නැති ජාතියකට අරමුණක් එක් කොට උන්වහන්සේගේ නොනිමි මෙහෙවර අපට ඉතිරි කොට ඇත.
නිහඬව එනම්, නිවටව සිටියොත් අප උන්වහන්සේට සිදු කරන්නේ මහත් ඳ්‍රෝහී කමකි. සිත් පිත් ඇති හැමෝටම උන්වහන්සේගේ අරමුණු වෙනුවෙන් දායක විය හැක. ඒ සඳහා ජාති බේද, ආගම් බේද ආදී වර්ගවාදයන් බලපාන්නේ නැත. ස්වාධීන චින්තනයකින් අනූන සෑම මනුෂ්‍යයෙකුටම අප මේ මොහොතේදී සිදු කරන්නේ කාරුණික වූ ආයාචනයකි.
ලොක ඉතිහාසයේ දෙවැනි වතාවට පොදු අරමුණු රැසක් වෙනුවෙන් ජීවිතයක් පූජා කළ යතිවරයාණන් කෙනෙක් මේ ලක් දෙරණින් බිහිව ඇති මොහොතක යළි යළිත් පෙළ ගැසී උතුම් අරමුණු රැසක් වෙනුවෙන් ඉදිරියට ආ යුතුය. එය අද දවසේ මාගේ මෙන්ම ඔබගේද යුගයේ යුතුකම වන්නේය.

ගව සම්පත සිංහල ජන සමාජය හා බැඳී පැවතුනේ අද ඊයෙක සිට නොවේ. කෘෂිකාර්මික සමාජයක් වූ ඉපැරණි සිංහල ගැමි සමාජය තුල ගවයාට  ලැබුනේ ඉහල ස්ථානයකි. එහෙත් එය හින්දු ආගමික පසුබිම මත ඇතිවන ආකාරයේ ගවයා පිදීමක් නොවීය. ගවයා කුඹුරේ වැඩට සහය වෙමින් බත සරි කිරීමටත් තම දරුවන්ට අවශ්‍ය කිරි ටික සපයා දෙමින් ඔවුන්ට අවශ්‍ය පෝෂණයත් ලබාදීමත් නිසා සිංහල ගැමියා තුල ගවයා කෙරෙහි පැවතුනේ කෘතඥතා පූර්වක ගෞරවයකි. කිරි අම්මා යනුවෙන් හැඳින්වූ ගවයා මරා මස් කෑමක් නම් එකල කිසි විටෙකත් සිදු නොවින.

"ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ඨ සම්පන්නය. මද්‍ය පානය නොබොන්නේය. සොරකම පිළිකුල් කරන්නේය. ගෙරි මස් මුවෙහි නොතබන්නේය"
ඒ රොබට් නොක්ස් "එදා හෙළදිව" පොතේ සිංහල සමාජය ගැන තැබූ සටහනයි.

පුරා වසර 2500 පමණ කාලයක් බුදු දහමින් සුපොෂණය වූ අවිහිංසාව අගයන , කළගුණ සැළකීම වැනි උතුම් ගුණාංගයන් පුරුදු වූ සාමකාමී සමාජයකට උරුමකම් කියූ අතීත සිංහලයා එසේ ගව ඝාතනය පිළිකුල් කළේ මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැංවීම සඳහා ගව සම්පත දැක් වූ දායකත්වයේ වටිනාකම හොඳින් දැන සිටි නිසායි. එහෙයින් ගව ඝාතනය නොකිරීම බෞද්ධ සංස්කෘතියේම අංගයකි. සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට නම් ගව ඝාතනයද නැවැත්විය යුතු වන්නේ ඒ නිසායි.
විදේශීය ආක්‍රමනයත් සමග මත්පැන් පානයට, බොරු කීමට හා සොරකමට හුරු වූ සිංහලයා ඊළඟට හුරු වූයේ තමන් මෙතෙක් කල් කිරිඅම්මා යනුවෙන් හැඳින්වූ ගවයා මරා මස් කෑමටය. අධිරාජ්‍යවාදී සමයේ අනගාරික ධර්මපාල උතුමන් විසින් ගෙන ගිය ගව මසට එරෙහි ජාතික ව්‍යාපාරයට පින් සිදු වන්නට අද වනවිට සිංහලයන් ගව මස් කෑමෙන් වැලකී සිටිනු දකින්නට හැකිය. මෙය ඉතාම යහපත් තත්වයකි.
ගව ඝාතනය හා ගව මස් අනුභවය පිළිබඳ සිංහල සමාජයේ පැවති ආකල්පය එසේ වෙත් දී ගව මස් සම්බන්ධ සෞඛ්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ද අවධානය දැක්වීම වැදගත් වේ.
“ හරක් මස් වල ඇති සිට්රික් අම්ලය දිගදාම සහිත මේද අම්ලයකි. එසේ හෙයින් හරක්මස් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් අධික වීමට අමතරව රුධිර කැටි ගැසීම නිසා ඇතිවන හෘදයාබාධ වැළඳීමේ අවධානමද වැඩි කරයි. එසේම ගවයෙකු මරණයට පත් කිරීමට පෙර තමන් මරා දැමීමට සූදානම් වන බව ගවයාගේ සංවේදනාවන්ට දැනීමට පටන් ගනී. එහිදී ඊට ප්‍රතික්‍රියා වශ‍‍යෙන් එම සත්වයාගේ ශරීරය තුල විෂ ඳ්‍රව්‍යයක් (TOXIN) නිපදවයි. එහෙයින් ගව මසින් වැලකී සිටීම සෑම අතින්ම නුවනැති ක්‍රියාවකි.
                                            (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ආචාර්ය විද්‍යාපති          කේ. ජී.අයි අමරසිංහ. ලංකාදීප 2011 සැප්තැම්බර් මස 11වන ඉරිදා)
අද ලංකාවේ ගව මස් ඉල්ලුමෙන් වැඩි ප්‍රතිශතයක් මුසල්මානුවන්ගේය. ඔවුන්ගේ අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනෙකට ගවයන් 5000 පමණ මරා දමනු ලැබේ. අගනුවර අවශ්‍යතාවය සඳහා පමණක් දිනකට හරක්මස් කිලෝ 50000 ට ආසන්න ප්‍රමාණයත් පිට පලාත් වලින් ගෙන්වනු ලබයි.
 ශ්‍රී ලංකාවේ මස් පිණිස සතුන් ඇති නොකෙරෙන නිසාවෙන් හා බොහෝ ගොවීන් තමන්ට උපකාරී වූ සත්වයා මස් පිණිස විකිනීමට ඇති නොකැමැත්ත නිසාවෙන් මෙම සැපයුමෙන්  වැඩි ප්‍රමාණයක් සැපිරෙන්නේ ගවයන් සොරකම් කිරීමෙනි. මුසල්මානුවන්ගේ ආගමික අවශයතාවයක් වන "හලාල්" කිරීම සඳහා මෙම සතුන් මරන ආකාරය ඉතාමත් සාහසික ස්වරූපයක් ගනී. ගෙල කපා දමනු ලබන සත්වයා සිය සිරුරේ රුධිරය ඉතා විශාල ප්‍රමාණයක් වහනය වීමෙන් මරණයට පත් වීමට සලස්වයි. මෙසේ බොහෝ වෙලාවක් ගතවන නිසාවෙන් ඔවුන් මියයනතුරු බොහෝ වෙලාවක් දැඩි වේදනාවක් විඳිති.
මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තෙවරක් පූජා කරන ලද මේ පුණ්‍ය භූමිය ගවයන් 5000 ක ගෙන් ගලා යන රුධිරයෙන් සෑම උදෑසනකම තෙත්වෙයි. සිංහලයන් මෙන්ම බෞද්ධයන් හැටියට අප තවදුරටත් මෙසේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පිදුණූ මේ පින් බිම මෙසේ අපවිත්‍ර වීමට ඉඩ දෙමුද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්වරක් පිදුණු මේ පින් බිමේ ගවයන් මැරීම වැලක්වීමට අපවත්වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගෙන් සිදුවුණු සේවාව අතිමහත්ය. උන්වහන්සේ මේ වෙනුවෙන් තමන්වහන්සේගේ ජීවිතය පරදුවට තබමින් හරක් සොරුන්ගේ මරණ තර්ජව පවා ලබමින් මේ පුණ්‍ය භූමිය තුල ගවයන් ඝාතනය කිරීම වැලැක්වීමට තමන්වහන්සේට හැකි උපරිම උත්සාහය දැරූසේක. බලධාරීන් මේ කිසිඳු ආයාචනයක් නෑසූ කන්ව සිටින විට බලධාරීවන්ගේ දෑස් ඇරවීමට උන්වහන්සේ තමන්වහන්සේට දැරිය හැකි උපරිම අවසන් උත්සාහය දැරීමට තීරණය කළ සේක. ඒ තමන් වහන්සේගේ ජීවිතය අසරණ සතුන්ගේ ජීවිත බේරා ගැනීම පිණිස පූජා කිරීමෙනි. එසේ හෙයින් උන් වහන්සේගේ උත්තම ජීවිත පරිත්‍යාගයට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කිරීම බෞද්ධයන් වශයෙන් අප සියල්ලන්ගේම යුතුකම මෙන්ම වගකීමද වේ.
ධර්මද්වීපයට ශාපයක් වූ අමානුශීක ගව ඝාතනය ට විරුද්ධ වන්න. ගව ඝාතනයට එරෙහිව නීති අණපනත් සම්මත කරන ලෙස බලධාරීන්ට බලපෑම් කරවීම සඳහා ගව ඝාතන විරෝධී මතවාදය සමාජගත කරවීම සඳහා අවිහිංසාව අගය කරන කළගුණ දන්නා සිංහල බෞද්ධ ඔබේ දායකත්වය ලබා දෙන්න. සිංහලයෙකු බොදුනුවකු වශයෙන් එය ඔබේ යුතුකම වනවා මෙන්ම නිවන් දක්නා ජාති දක්වා යහපත සඳහාම හේතු වන මතුවටත් ඔබ කරගන්නා මහා පුණ්‍ය කර්මයක් වනවා

නොඅනුමානය.෴

{ 17 comments... read them below or Comment }

  1. සියලු සත්ව ඝාතන නැතිවේවා. මේ මගේ පැතුමයි.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ සියලු ඝාතන නැති වීම මගේත් පැතුමයි!

      Delete
    2. http://www.layan.info/2014/01/blog-post.html

      Delete
  2. http://www.ravaya.lk/articals.php?d=5680522b8e2bb01943234bce7bf84534

    ReplyDelete
    Replies
    1. කුකුලු මස් හා අනෙකුත් මස් වර්ග කෑම අප කිසි සේත්ම අනුමත නොකරමු. නමුත් රටක මස් පණිස සිදුවන සත්ව ඝාතන සියල්ල එකවරම නැවැත්වීම දුෂ්කර කටයුත්තකි එහි මුල් පියවර වශයෙන් අපේ සිංහල රාවය වැනි ජාතික සංවිධාන කිහිපයක් එකතු වී මෙකී ගව ඝාතන විරෝධි ව්‍යාපාරය සිදුකරගෙන යයි. එමෙන්ම ඉහත ලින්කුවක් comment කර ඇති රාජ් සොහොයුරාට අප පවසනුයේ විවිධ පත්තර මගින් අනෙක් පත්තරය විවේචනය කිරීම සඳහා යොදන විවිධ වාර්තා comment නොකරමින් මෙම post 1 පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් තම ස්වාධින මතය පළ කිරීමට ඔබට ඉඩ ලබා දිය හැක. එමෙන්ම මෙවැනි බාල වැඩ තවදුරටත් නොකර හැකිනම් තම ස්වාධින මතය හා අපගේ ස්වාධින මතය ගැන විවෘත post සංවාදයකට එන මෙන් අපි ඔහුට අභියෝග කරමු.
      ස්තූතියි.
      මීට එක එක වැඩ Blog අඩවිය වෙනුවෙන්
      දිනුක විජේසිංහ

      Delete
  3. කුකුලු මස් හා අනෙකුත් මස් වර්ග කෑම අප කිසි සේත්ම අනුමත නොකරමු. නමුත් රටක මස් පණිස සිදුවන සත්ව ඝාතන සියල්ල එකවරම නැවැත්වීම දුෂ්කර කටයුත්තකි එහි මුල් පියවර වශයෙන් අපේ සිංහල රාවය වැනි ජාතික සංවිධාන කිහිපයක් එකතු වී මෙකී ගව ඝාතන විරෝධි ව්‍යාපාරය සිදුකරගෙන යයි. එමෙන්ම ඉහත ලින්කුවක් comment කර ඇති රාජ් සොහොයුරාට අප පවසනුයේ විවිධ පත්තර මගින් අනෙක් පත්තරය විවේචනය කිරීම සඳහා යොදන විවිධ වාර්තා comment නොකරමින් මෙම post 1 පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් තම ස්වාධින මතය පළ කිරීමට ඔබට ඉඩ ලබා දිය හැක. එමෙන්ම මෙවැනි බාල වැඩ තවදුරටත් නොකර හැකිනම් තම ස්වාධින මතය හා අපගේ ස්වාධින මතය ගැන විවෘත post සංවාදයකට එන මෙන් අපි ඔහුට අභියෝග කරමු.
    ස්තූතියි.
    මීට එක එක වැඩ Blog අඩවිය වෙනුවෙන්
    දිනුක විජේසිංහ

    ReplyDelete
    Replies
    1. මම ලින්ක් එකක් දැම්මෙ මගේ මතය ලින්ක් එකත් එක්ක පෑහෙන නිසා. ලින්ක් කියන්නෙ අන්තර්ජාලයේ තියන මූලිකාංගයක්. ලින්ක් වලට භය නම් ඒ බව සඳහන් කරල තියන්න. (කාටත් පේන තැනක).

      මම මස් කෑම පිලිගන්නා අයෙක්. මගේ මතය වෙන්නේ "මගේ මස්කෑමේ අයිතිය වලකාලීමට ඔබ කවුද?" යන මූලික තර්කයයි.
      එමෙන්ම කිරි-මස් කර්මාන්තය බහුලවම සිදුකරන ප්‍රදේශයක ජීවත්වන මා, ගවමස් තහනම් කිරීම කෙතරම් අප්‍රායෝගිකදැයි දනිමි. (මා දක්වා ඇති උක්ත ලින්කුවේ ද එය පැහැදිලි කර ඇත)

      කෙසේ වුවත් අන්‍ය අදහස් භීතිකාවකින් පෙළෙන ඔබ සමඟ සංවාදයක යෙදිය හැකිදැයි සැක සහිතය.

      Delete
    2. අනේ රත්තරන් මහත්තයෝ, සිංහලයෙක් හැටියට මගේ අදහස නම් ගවයා කියන්නෙ උතුම් සතෙක් කියන එකයි. මස් කන්න කැමති අයට සෝයා මීට් කවන්න නෙවෙයි අපි බ්ලොග් කරන්නේ. අපි හිතෙන දේ කාට කාටත් කියන්නයි මේක කරන්න අපි පටන් ගත්තේ. ඉතිං ඔබතුමා මස් කෑම අදහන කෙනෙක්නම් මම ඒකට ගරහන්නෙ නෑ. ඒක ඔයාගෙ අයිතියක්. ඔබතුමා දැමූ ලින්ක් එක ගැනත් මම යමක් කියන්නම්. ලින්ක් එකට බය නම් ඒක ඩිලීට් කරනවා කියන්නෙ මට මහ දෙයක් නෙවෙයි. බය නම් ඒක ඔතන තියෙන්නෙ නෑ. මම ඒ ආටිකල් එක කියෙව්වා. ඒකෙ තියෙන දේවල් බොරු නෙවෙයි. "චෞර රැජිණ " ලියාපු වික්ටර් අයිවන් මහත්තයට මම කාදත් ගරු කරනවා. ඒත් ඒ විචාරකයක් හැටියට එතුමව අගේ කිරීමක් නෙවෙයි. ලේකකයෙක් හැටියට යි එතුමා වැදගත්. ඉතිං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මස් කන්න කැමති අය කන්න. අකමැති අය නිකම් ඉන්න. මම වැදි බණ කියනව නෙවෙයි. මම මස් කන්නෙ නැති කෙනෙකුත් නෙවෙයි. ඒත් හරකෙක්ගෙ මස් කාල ඒක මහ පුරාජේරුවක් කියල හිතන්නෙ නෑ මම මගෙ ජීවිතය ඇති තාක්. මම ගව ඝාතනයට විරුද්දයි, ගව මස් කෑමටත් විරුද්දයි.
      ස්තූතියි!
      තිසරණ සරණයි

      Delete
    3. //ඉතිං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මස් කන්න කැමති අය කන්න//
      අන්න ඒක තමයි මාත් කියන්නෙ. අපි කවුරුත් කන නොකන දෑ තියනවනෙ. මම පෙනී සිටින්නෙ මගේ හෝ තවෙකෙකුගේ කෑමේ අයිතිය ගැන විතරයි. මුස්ලිමුන් ඌරු මස් නොකන නිසා ඌරුමස් පාර්ලිමේන්තුවට තහනම් වීමත් මේ අන්තවාදයේම අනිත් පැත්ත.

      ඔබතුමා වගේ හැමෝම "තමුන් හැදුනු" අයවලුන් උනානං ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙ වෙන්නෙ අනෙකාගේ අයිතියක් නැති කරන්න යාම තුලයි.
      අදහස් දැක්වුවාට ස්තුතියි.

      Delete
    4. රාජ් ඔබ ඔය හදන්නේ මොකක්හරි කියල බේරෙන්න හදන්න. ඔබ මොකක්හරි ලියලා අන්න ඒ ලිපියේ ලින්ක් 1 දාන්න. නියම පිරිමියෙක් වගේ. නැතුව මේ කොහෙවත් යන කාලකන්නියෙක් ලියපු දෙයක ලින්ක් කමෙන්ට් කරන්නේ නැතුව. ඒ ලින්ක් 1 තියෙන්නේ ඔබේ අදහසක් නොවේ. එය මාධ්‍යවේදියෙකු විසින් තවත් මාධ්‍යෙවේදියෙකුට පහර ගැසීමට සිදුකල පහත් ක්‍රියාවක්. ඒ ලිපිය පටන් ගන්නකොටම ඒක පැහැදිලිව කියල තියෙනව. මෙන්න මෙහෙම “ එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක‍්‍රියාව හඳුන්වා තිබුණේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක‍්‍රියාවක් වශයෙනි.“
      මේකෙන්ම පේනව මෙයාට ඕනි වෙලා තියෙන්නෙ තවත් මාධ්‍යෙව්දියෙකු විවේචනය කරන්න මිසක් ඇත්ත හෙලිකරන්න නෙමෙයි කියන 1. ඒ වගේම අපි කියල නෑ මස් කන්න එපා කියල. තමන්ට කැමති නමි මස් කන්න පුලුවන්, අපි කාගෙවත් ආහාර ගැනීමේ අයිතිය උල්ලංගනය කරල නෑ ඒක තමන්ගෙ කැමැත්ත. අපි විරුද්ධ රටේ ගව ඝාතනයට. නමුත් මේ උඩුබුරන රාජ් නැමැත්තා ගැන අපට බලවත් සැකයක් පැනනගින්නේ මොහු අඩුම වශයෙන් හරි හැටි පාසල් අධ්‍යාපනයවත් නොලබා ඇති ලෙසට ඔහු කියනා දේවල් නිසාය. ගව ඝාතනය තහනම් කිරීම අප්‍රායෝගික යැයි ඔහු පවසයි, නමුත් අප රට මෙන් 60 ගුණයක් විශාල අති විශාල ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම්. ඉතින් ඹහු කොහොමද කියන්නේ මේක ප්‍රායෝගික නෑ කියල. ඒ වගේම දැන් ලංකාවේත් හොමාගම
      මහනුවර
      කහවත්ත
      වගේ තවත් පලාත් පාළන කොට්ඨාස 16 ගව ඝාතනය සපුරා තහනම්.
      ඒත් මේ මොඩය කාගෙද ලිපියක් බලල කියනවා මේක ප්‍රායෝගික නැහැලු.
      ඒ වගේම සිංහල රාවයේ අපිට ජනාධීපතිතුමා පොරොන්දුවක් දීල තියෙනව තව මාස 2 ඇතුලක ලංකාවේත් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නවත්තන බවට. ඒක ප්‍රායෝගික නැත්නම් එතුමා බය නැතුව එහෙම පොරොන්දුවක් දෙයිද? බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ උන්නු කාලෙත් උන්වහන්සේට ගල් පෙරලපු දෙව්දත්තෙරල හිටියනම් අද කාලෙ මේ වගේ නපුංසකයො නැති වෙන්නෙ කොහොමද?

      ස්තූතියි.
      මීට එක එක වැඩ Blog අඩවිය වෙනුවෙන්
      දිනුක විජේසිංහ

      Delete
    5. ලින්ක් එක ගැන කතාව මම අවසන් කරල තියෙද්දිත් ඒක අල්ලගෙන යන ඒ වගේම කියන දේ තේරුම්ගන්න බැරි ඔබතුමාගෙ පාසල් ගිය නොගිය බව මටත් සැක සහිතයි. මම අන්තිමට දාල තියන අදහසින් ඒ ගැන කතාකලේ නෑ නෙව.අනෙක ලින්ක් එකේ තියන තර්ක ටික ගැන හිතුවම ඇති. මාධ්‍යවේදිය ගැන නොහිත ඉන්නකෝ. ඒගැන එච්චරයි.

      හරි මගේ මූලික අදහස ගැන ඔබේ තර්කය ඉතාම ලදබොලඳයි. ඒ වගේම ඔබේ අදහස් තුල තියෙන්නේ විසංවාදයක් මිස අනෙකක් නෙවේ. මෙන්න,

      1.ඔබ දැන් කියනවා මෙහෙම,
      "ඒ වගේම අපි කියල නෑ මස් කන්න එපා කියල. තමන්ට කැමති නමි මස් කන්න පුලුවන්, අපි කාගෙවත් ආහාර ගැනීමේ අයිතිය උල්ලංගනය කරල නෑ ඒක තමන්ගෙ කැමැත්ත"

      2.ඊට පස්සෙ කියනවා මෙහෙම,
      "අපි විරුද්ධ රටේ ගව ඝාතනයට"

      ඝාතනය නොකර මස්කන්න ක්‍රමයක් තියනවද? (එක ක්‍රමයක් තියනව, ස්වභාවිකව මැරුණු සතාගෙ මස් කෑම,ඒක අමතක කරමු අදාල නොවන නිසා). එතකොට ඔබේ තර්කය අනුව මස් කන්න පුළුවන් මරන්න බෑ. පනපිටින් කන්නද කියන්නෙ?:-). ඔබලා ඔය කියන "කැමති අය මස්කන්න" කියන උදවියට කන්න මස් කෝ?

      ඒක නෙවේ ඔබටත් ඔබේ නඩයටත් මගහැරිල තියෙන්නෙ. මස්කෑමේ අයිතිය ගැන කතා කරන්න බෑ. ඒ වෙනුවට සත්වයා ඝාතනය තහනම් කරන්න කියනව.

      මට පේන විදියට සරළ තර්කයක් බිඳගන්න බැරි ඔබතුමා සාක්ෂරතාවය පමණක් ලබාගන්න පාසල් ගිය අයෙක්.

      හෝමාගම කාලයක් හිටිය කෙනෙක් හැටියට ගවයන් ඇතිකරන උදවිය එහෙමකට මට මුනගැහිල නෑ. ගවයෙක් දැක්කෙත් එක්කෝ අයාලේ යද්දි නැත්නම් එකෙක් දෙන්නෙක්. ඒ නිසා මම අභියෝග කරන්නෙ සමස්ථය ගැන හිතල බලල ගව ඝාතනය ප්‍රායෝගික නෑ කියන වික්ටර් අයිවන්ගේ මතය බිඳින්න.

      නපුංසකයා මෝඩයා වගේ වචන මම පිලිගන්නෙ නෑ. ඒව ඔබම තියාගන්න(බුදු හාමුදුරුවො කිව්ව වගේ)

      Delete
  4. රාජ් ඔබ ඔය හදන්නේ මොකක්හරි කියල බේරෙන්න හදන්න. ඔබ මොකක්හරි ලියලා අන්න ඒ ලිපියේ ලින්ක් 1 දාන්න. නියම පිරිමියෙක් වගේ. නැතුව මේ කොහෙවත් යන කාලකන්නියෙක් ලියපු දෙයක ලින්ක් කමෙන්ට් කරන්නේ නැතුව. ඒ ලින්ක් 1 තියෙන්නේ ඔබේ අදහසක් නොවේ. එය මාධ්‍යවේදියෙකු විසින් තවත් මාධ්‍යෙවේදියෙකුට පහර ගැසීමට සිදුකල පහත් ක්‍රියාවක්. ඒ ලිපිය පටන් ගන්නකොටම ඒක පැහැදිලිව කියල තියෙනව. මෙන්න මෙහෙම “ එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක‍්‍රියාව හඳුන්වා තිබුණේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක‍්‍රියාවක් වශයෙනි.“
    මේකෙන්ම පේනව මෙයාට ඕනි වෙලා තියෙන්නෙ තවත් මාධ්‍යෙව්දියෙකු විවේචනය කරන්න මිසක් ඇත්ත හෙලිකරන්න නෙමෙයි කියන 1. ඒ වගේම අපි කියල නෑ මස් කන්න එපා කියල. තමන්ට කැමති නමි මස් කන්න පුලුවන්, අපි කාගෙවත් ආහාර ගැනීමේ අයිතිය උල්ලංගනය කරල නෑ ඒක තමන්ගෙ කැමැත්ත. අපි විරුද්ධ රටේ ගව ඝාතනයට. නමුත් මේ උඩුබුරන රාජ් නැමැත්තා ගැන අපට බලවත් සැකයක් පැනනගින්නේ මොහු අඩුම වශයෙන් හරි හැටි පාසල් අධ්‍යාපනයවත් නොලබා ඇති ලෙසට ඔහු කියනා දේවල් නිසාය. ගව ඝාතනය තහනම් කිරීම අප්‍රායෝගික යැයි ඔහු පවසයි, නමුත් අප රට මෙන් 60 ගුණයක් විශාල අති විශාල ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම්. ඉතින් ඹහු කොහොමද කියන්නේ මේක ප්‍රායෝගික නෑ කියල. ඒ වගේම දැන් ලංකාවේත් හොමාගම
    මහනුවර
    කහවත්ත
    වගේ තවත් පලාත් පාළන කොට්ඨාස 16 ගව ඝාතනය සපුරා තහනම්.
    ඒත් මේ මොඩය කාගෙද ලිපියක් බලල කියනවා මේක ප්‍රායෝගික නැහැලු.
    ඒ වගේම සිංහල රාවයේ අපිට ජනාධීපතිතුමා පොරොන්දුවක් දීල තියෙනව තව මාස 2 ඇතුලක ලංකාවේත් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නවත්තන බවට. ඒක ප්‍රායෝගික නැත්නම් එතුමා බය නැතුව එහෙම පොරොන්දුවක් දෙයිද? බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ උන්නු කාලෙත් උන්වහන්සේට ගල් පෙරලපු දෙව්දත්තෙරල හිටියනම් අද කාලෙ මේ වගේ නපුංසකයො නැති වෙන්නෙ කොහොමද?

    ස්තූතියි.
    මීට එක එක වැඩ Blog අඩවිය වෙනුවෙන්
    දිනුක විජේසිංහ

    ReplyDelete
  5. http://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-ash3/q71/s720x720/1013988_135109600029994_1907761316_n.jpg

    ඉහත ලින්කුවෙන් දැක්වෙන්නේ ජනාධිපතිතුමා අත්සන් 1000000 පෙත්සම භාර ගනිමින් සිහල රාවයට ගව ඝාතනය තහනම් කරන බවට පොරොන්දු වූ අවස්ථාවයි. තවමත් ඔබ ගව ඝාතනය තහනම් කිරීම ප්‍රායෝගික නෑ කියනවද?

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිතුමා කරන හැමදේම ප්‍රායෝගිකයි කියන ‍මෝඩයන් ගොඩඩ මම අයත් නොවීම ගැන සතුටුයි. එතුමා කල දේ වලින් අප්‍රායෝගික ගොඩ වැඩි බවයි මගේ හැඟීම. රයිට් ඉස්සරහට බලමු!

      Delete
    2. මේ බ්ලොග් එකට ලියන කෙනෙක් විදිහට මගේ අදහසත් කියන්නම්. සංවිධාන වල දේශපාලනයෙන් හා මාධ්‍ය ගැටුම් වලින් ඈත් වෙලා පොඩ්ඩක් කල්පනා කරමු. අපේ කාටවත් ඕනි නෑ ඔබ කන්නෙ නැතුව මැරෙන්න. මස් කනවනම් ඒක නවත්තන්න කියල අපි බල කරන්නෙත් නෑ. ඒ වුණාට අපි පිළිගන්න අදහස තමා "සත්ව ඝාතනය වැරදියි" කියන එක. ඒ අදහසට අනුව තමා මම ක්‍රියාත්මක වෙන්නෙ.
      සත්ව ඝාතනය නොකර ඉන්න කියල තමා මම කියන්නෙ. සත්ව ඝාතනය නොකර ඉදීම ප්‍රායෝගික නෑ කියන ඔයාගෙ තර්කයනම් මම පිළිගන්නෙ නෑ. අන්න ඒක තමා ඔයා කියපු වැරැදි දේ. සත්ව ඝාතනයෙන් වැළකුණු මිනිස්සු නෑ කියලද ඔයා කියන්නෙ? එහෙම අය ඉන්නවනම් ඇයි ඒක ප්‍රායෝගික නැත්තෙ?
      ඔයා කැමති දේ කන්න ඔයාට අයිතියක් තියෙනව කියන තර්කය මං පිළිගන්නම්. ඒ වුණාට කාටවත් අයිතියක් නෑ තව කෙනෙක්ගෙ ජීවිතය විනාශ කරන්න. ඝාතනයෙන් තොර වීම ප්‍රායෝගික නෑ කියල තර්ක කරන ඔයා ඝාතනය නිවැරදියි කියල පිළිගන්න බවක් පේනව.
      "වික්ටර් අයිවන්ගේ මතය බිඳින්න"
      කරුණාකරල මේ කියන වික්ටර්ගෙ මතය හරි කියල ඔප්පු කරන්න පුලුවන් ඔයාගෙම තර්ක තියෙයිනම් විතරක් කොමන්ට් කරන්න. එහෙම නැතුව අනිත් අයගෙ මත ඔයාගෙ මත විදිහට දාන්න එපා.

      Delete
  6. මේ වැඩේ දුරදිග යනවට මම අවංකවම කැමති නෑ.
    කොහොම උනත් මගෙ අදහස දක්වන එක සිංහලයෙක් හැටියට මයෙ යුතුකම.

    > ගවයින් විතරක් නෙවෙයි පුලුවන්නම් හැම සත්වයෙක්ම ඝාතනය කරන එක නවත්තන්න ඕනෑ. ඒත් බහුතරයක් ජනතාව ඒකට කැමති වෙන්නෙ නෑ. අනික විසි එක් වැනි සියවසේ ඒ වගේ දෙයක් කරන එක ඉන්ග්‍රීසියෙන් කොව්වොත් "Impossible". අපි කරන්න හදන්නෙ මේ සත්තු මරණ එක නවත්තන්න අපේ හැකි ප්‍රමාණයෙන් දෙයක්. අතේ සල්ලි තියෙනවනම් මැරෙන්ට යන හැම සතාම බේර ගන්න අපි කැප වෙනව. ඒත් අවාසනාවට මා අතේ තියෙන්නෙ සාක්කු කාසි විතරයි. ඒකෙන් කරන්න පුලුවන් බ්ලොග් එකකින් හරි අදහස් දක්වන එකයි.

    > කැමති මසක් කන්න. හැම සති අන්තෙකම ඉරිදා ලංකාදීප පත්තරේ නිම්තෙර අතිරෙකෙ කියවන්න. ඒකෙ පළ වෙනව කරපු පව් විපාක දෙන හැටි. ඒක කියෙව්වම කාට කාටත් තේරේවි මැරෙන්න කලින් සතෙක් විදින වේදනාව. ඕව සිහි කර කර ඉන්නවට වඩා වැඩ අපිට තියෙනවයි සමහරු කියාවි. හොදයි කර්ම චක්කරේ කැරකෙන එක නවත්තල මට කතා කරල කියන්නකෝ. ඊට පස්සෙ මම මේ බ්ලොග් එකේම පෝස්ට් එකක් ලියනව මස් කන්න කියල

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මේක තව දුරට ඇදගෙන යන්න ඕනි නෑ. ඇත්තටම අපි ඝාතන නතර කරන්න කියල රජයට කිව්වත් ඒකෙත් ඉන්නවනෙ මස් කන, ඝාතන කරන අය. ඉතින් වඩාත් වැදගත් අපි හරියට ඉන්න එකයි. එහෙම ඉදල පුළුවන්නම් අනිත් අයටත් එහෙම ඉන්න කියන එකයි.

      Delete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -