Posted by : Pabasara Mahindapala Wednesday, July 17, 2013


1 කොල්ලා  :-  අරක බලහංකො මරු කෑල්ල බං
2 කොල්ලා  :-  ඔව් බං, සිරාවටම
1 කොල්ලා  :-  මොකද කියන්නෙ උඹ දානවද?
2 කොල්ලා  :-  නෑ බං අවුලක් නෑ උඹ දාගනින්

මේක කියවනකොට මොකද හිතෙන්නෙ? විකුණන්න තියෙන බඩුවක් ගන්න කතා කරනව වගේ. ඔය තියෙන දෙබස සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් අතර ඇති වෙන එකක්. ඇත්තටම මේ කතා කරන්නෙ කෙල්ලෙක් ගැන. කෙල්ල කෑල්ල වුණේ ඇයි?


අපි හැමෝම කාන්තාව දකින්නෙ වෙළඳ භාන්ඩයක් විදිහට, කෑල්ලක්, කෙළි බඩුවක් විදිහට . ටීවී එකේ, පත්තර වල හැම තැනම විකුණන්නෙත් කෑලි. මූනෙ කුරුලෑ ඇවිල්ල, කළු වෙලා බිම බලාගෙන හිටිය කෙල්ලො මොනා හරි ගාල සුදු වෙලා ලස්සනට හිනාවෙවී ඉන්නව. එක තැනක කිරිපිටි විකුණපු නිලිය තව තැනක වෙන මොනා හරි විකුණන්න ඉන්නව. බාගෙට ඇදගෙන රට වටේ ගියාම මිස් ශ්‍රී ලංකා දෙනව. බාගෙට ඇදගෙන ලෝකෙට ගියාම මිස් වර්ල්ඩ් කියනව. මෙහෙම විකුණන්න ගිහිල්ල විකිණෙන්නෙ ඒගොල්ලොම තමා.

මෙහෙම කාන්තාවො කෑල්ල වෙන්න ගියාම මොකද වෙන්නෙ? අපිට කාන්තාව ගැන තිබ්බ ගෞරවය තමා මේකෙන් නැතිවෙන්නෙ. කෙල්ලෙක්ව දකින්නෙ වෙළඳ භාන්ඩයක් විදිහට. මේ ගෞරවය නැති වීම හින්ද තමා "කෑල්ල", "දාගන්නව" වගේ වචන පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ.

ඉස්කෝලෙට, පන්තියකට අලුතෙන් කෙල්ලෙක් ආවහම කියන කරන දේවල් ගැන නම් කියල වැඩක් නෑ. ගමට අලුතෙන් කවුරු හරි පදිංචි වෙන්න ආවත් බලන්නෙ කොහොමද දුවෙක් එහෙම ඉන්නවද කියල. මේවගෙ ප්‍රතිඵල විදිහට තව තව ඒව සිද්ද වෙනව. ඔය හැමතැනම තියෙන්නෙ

මෙහෙම කාන්තාව කෑල්ල බවට පත් වුණු එකට වගකියන්න ඕනි කවුද. කාන්තාවො, මේ මුද්‍රණ දෝශයක් නෙවෙයි. ඇත්තටම කාන්තාවන්ටත් වගකීමක් තියෙනව. පිරිමි විතරක් නෙමෙයි. මේක තමා මේ ප්‍රශ්නයේ කවුරුත් නොදකින අනිත් පැත්ත. කාන්තාවන් නිසා වෙලා තියෙන දේවල් වලට උදාහරණ ඕනි තරම් දෙන්න පුළුවන්. ඉස්කෝලෙ යන කොල්ලොත් එක්ක යාළු වෙලා පස්සෙ නඩු දානව කියල උන්ව බයකරගෙන කසාද බැඳගත්තු කෑලිත් අපේ ගමේම ඉන්නව.

සමහර ගැහැණු උදවිය මේ ප්‍රශ්න ගැන මොකුත් නොකරන හින්ද පිරිමි අපිට තමා මේ වගේ වැඩ කරන්න වෙලා තියෙන්නෙ. මේ ළඟදි දවසක ෆේස්බුක් එකේ කෙල්ලන්ගේ ගෲප් එකක් පටන් අරන් හෙන ගේමක් දීල තිබුන. කාන්තා අයිතීන් ගැන තමා ඒකෙ තිබුනෙ. මේ වැඩේ කළේ ඇත්තටම කෙල්ලෙක්නම් ප්‍රශංසා කරන්න තිබ්බ. ඒ වුණාට මම වෙන විදිහකට  හොයාගත්ත ඒ ගෲප් එක කරන්නෙත් කෙල්ලෙක්ගෙ නමින් අකවුන්ට් එකක් හදාගත්ත කොල්ලෙක් කියල. :-D

ඉතින් ඇත්තටම මේවට මේ සමාජය තමා වගකියන්න ඕනි. මොකක්ද සමාජය කියන්නෙ. ඒ කියන්නෙත් අපිම තමා, වෙන කවුරුවත් නෙවෙයි. සමාජයෙන් අපි අයින් කරහම වෙන කවුරුවත් නෑ. තම තමන් හැදෙන එක තමා කෙරෙන්න ඕනි. එතකොට අනිත් එවුනුත් හැදෙයි. තමන් හැදිල පුළුවන්නම් අනික් එවුන්ටත් කියන්න ඕනි හැදෙන්න කියල.

{ 3 comments... read them below or Comment }

  1. බලන් ගියාම කතාව ඇත්තනේ

    ReplyDelete
  2. කෑලි ඉන්න තරමට අපිට හොදයි.. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපිට ආතල් වුණාට එතන අවුලක් තියෙයිනෙ බං :-

      Delete

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -