Posted by : Dinuka Wijesinghe Thursday, July 25, 2013

USB Flash Drive එකක් නැතිනම් හැමදෙනාගෙම කටට හුරු පුරුදු Pen Drive එකක් යනු දශක ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති පරිගණක උපාංගයක් නොවේ. විශේෂයෙන්ම 1999 වසරේදී මුලින්ම නිර්මාණය වූ උපාංගයක්  ලෙසට USB Pen Drive එක වසඑ 13 තුලදී ලබාගෙන තිබෙන ජනපියතාව  සුලුපටු එකක් නොවේ. 
කෙසේ වුවත්  USB Pen Drive පැමිණිමත් සමග එහි ඇති පහසු බව නිසාම එය ශීඝයෙන් ජනපිය වූ අතර එහි ඇති භාවිත භාවිත කල හැකි මතක ධාරිතාව සීඩී එකක නැතිනම් ඩීවීඩී එකක ධාරිතාව පවා පහසුවෙන්  ඉක්මවන ලදී.
බොහෝ විට දත්ත ගබඩා කිරීමට මෙන්ම වෙනත් වැඩ සඳහාද   USB Pen Drive එක භාවිත කල හැකි බව බොහෝ දෙනා දන්නා කරුණකි. උදාහරණයක් ලෙස ඔබේ පරිගණකයේ තාවකාලික රැම් මතකයක් ලෙස  USB Pen Drive එක භාවිත කල හැකියි. නමුත්
USB Pen Drive එකක බොහෝ දෙනා නොදන්නා ඵල තිබෙන බව කිව යුතු වේ. 
ඔබට හොලිවුඩ් චිතපටියක පෙන්වන රහස් ඔත්තුකරුවෙකුගේ ආකාරයට ඔබගේ USB Pen Drive එක භාවිත කල හැකිනම් එය කදිම අදහසක් වනු ඇත.
පරිගණකයට ඔබගේ විශේෂිත USB Pen Drive එක සම්බන්ද කර නිවැරදි රහස් පදය ලබාදුන් විට පමණක් එය භාවිත කිරීමට හැකියාව ලැබීමත් Pen Drive එක පරිගණකයෙන් ගැලවූ වහාම පරිගණකය අඟුලු වැටීමටත් හැකි ලෙස යතුරක් නිර්මාණය කිරීමට හැකිනම් එය “ජේම්ස් බොන්ඩ්“  වර්ගයේ නැතිනම් “ ම්ෂන් ඉම්පොසිබල්“ වර්ගයේ ආරක්ෂක උපකමයක් වනු ඇත. එවිට මෙම විශේෂිත යතුර නොමැතිව ඔබගේ පරිගණකයට ඇතුලු වීමට උත්සහ දරණ  ඕනැම අයෙකුට Access Denied පණිවිඩය දකින්නට ලැබෙනු ඇත.

හරි දැන් බයිලා ඉවරයි! වැඩේට බහිමු.



Get paid to share your links!

පියවර 1 :-  මුලින්ම ඔබගේ පරිගණකයට පහත ලින්ක් එක මගින් Predator  මෘදුකාංගය ස්ථාපනය කර ගන්න. මෙතනින් ගන්න
(තත්පර 5න් පසු skip add click කරන්න)

පියවර 2 :-  Predator මෘදුකාංගය ස්ථාපනය වී අවසන් වු පසු එය 
විවෘත වීමට අවසර ඉල්ලා සිටිනු ඇත. ඊට ඉඩ ලබා දෙන්න. ඉන්පසුව
ඔබ ආරක්ෂිත යතුරක් ලෙසින් භාවිත කිරීමට සිතන USB Pen Drive 
එක පරිගණයට සම්බන්ධ කරන්න. දැන් ලැබෙන Preference box 
එකේ New password කොටසේ නව මුරපදයක් ඇතුලත් කරන්න. ඉන්පසුව නිවැරදිව ඔබගේ USB Pen Drive එකට අයත් ඉංගිසි අකුර සඳහන් වන්නේදැයි බලන්න. දැන් Create key යන්න තේරූ විට 
ඔබගේ ආරක්ෂිත යතුර සූදානම් වේ.

පියවර 3 :-  දැන් විවෘතව ඇති Predator වැඩසටහන නැතිවී යනු 
ඇත. ඔබට මේ වතාවේ පමණක් Predator වැඩසටහන නැවත 
කියාත්මක කිරීමට සිදුවේ. දැන් සෑම තත්පර 30 කටම වරක්  
Predator විසින් ඔබගේ ආරක්ෂිත යතුර පරිගණකයට සම්බන්ධව 
ඇත්දැයි පිරික්සා බලයි. එසේ නැත්නම් නිවැරදි මුරපදය ඇතුලත් කිරීමට තත්පර ගණනක් ලබා දෙයි. නිවැරදි මුරපදය ඇතුලත් කිරීමට 
අපොහොසත් වුව හොත් තිරය අඳුරු වී ගොස් Access Denied යන්න පෙන්වයි.
ඔබට පරිගණකයේ අඟුලු හැරි ඕනැම අවස්ථාවක Task Bar එකේ ඇති
Predatorඅයිකන් එකට ගොස් මෙම වැඩසටහන තාවකාලිකව නවතා 
දැමීමට හැකි වේ.
මෙන්න මෙහෙමයි ඕක කොරන්නේ මේක බලහල්ලකො තේරෙයි.
දැන් ඔබ සුරක්ෂිතයි.


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -