Skip to main content

තවත් ඇන්ඩ්‍රොයිඩ් වැඩ කෑල්ලක් පමණි



කාලෙකට පස්සේ බ්ලොගියට ආවම තමා දැක්කේ software lable ඒක පාලුවට ගිහින් කියලා.ඒක නිසා අලුත් යමක් ලියන්න හිතුවා.අලුත් කිවුවට අලුත්මත් නෙවයි. ගණන් ගන්නේ නැතුව පැත්තකට දාලා තිබුණ android trick එකක්.එකේ දුවිලි හෙම පිහ දාලා දිස්නේ වැටෙන ගානට අරගෙන බ්ලොග් එකේ ප්‍රදර්ශනේ කරන්න තමා දැන් මගේ අදහස. මේ trick ඒක බ්ලොග් එකට නොලියා නිකම් ම පැත්තකට දැම්මේ ගොඩක් දෙනා දන්නවා ඇති කියලා හිතා ගෙන.එත් මේ ලගදි එකියන්නේ හරියටම ගිය සෙනසුරාදා chemistry පන්තියේදී වෙච්ච පොඩි මේව්වා එකක්  මේක ගොඩක් දෙනා දන්නේ නෑ කියලා  ඔප්පු කරන්න සමත් උනා.
  මචෝ android කට්ටක් නේ තියෙන්නේ 

  ඔවු බන් ඇයි ?

  උබ firefox browser ඒක දාගෙනද තියෙන්නේ.

  ඔවු බන් අර googal play එකෙක් තියෙන්නේ උබත් ගනින්කෝ 

  එච්චර data නෑ බන් උබේ පොන් එකෙක්න් ඒක Bluetooth කරපංකෝ 

  මොකක් ; Bluetooth කරන්න app එකක් ?උබට පිස්සුද 

දැන් ඔන්න හැමෝම දන්නවනේ මොකද මම මේ ලියන්න හදන්නේ කියලා.android  ජංගමයක තියන app එකක් තව android ජංගමේ කට යවන හැටි තමා මම මේ ලියන්න යන්නේ,මම ඉස්සෙලා හිතාගෙන හිටියේ මේක ගොඩ දෙනෙක් දන්නවා කියලා එත් එදා හවසත් තව යාලුවෙක් ගෙන් මේ ගැන ඇහුවා.එයා දුන්නේත් මිට ලගින් යන උත්තරයක්.එක නිසා මම මේ පැත්තකට දාලා තිබුන ට්‍රික් එක බ්ලොග් එකට දාන්න එදාම තීරණේ කලා.එහෙනම් නිදාන කතාව කිවුවා ඇති.දැන් බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා .

ඉසේල්ලම ඔයාට android මෙවුවා එකක් තියන ජංගමයක් හරි ටැබ් එකක් හරි ඕනි.  :වරහන් අස්සේ ඒ දෙකෙන් එකක් වත් නැත්තම් මෙතනින් එහාට කියවන්න එපා වරහන් වැහුවා. :



 හරි එහෙනම් මෙතනින් එහාට මේක කියවන්නේ android මෙවුවා එකක් දාපු ජංගමයක් හරි ටැබ් එකක් හරි තියන අය විතරයි කියලා මම හිතනවා.(වෙන උන් අවොත් දන්නවනේ )


හරි දැන් එහෙනම් කෙලින්ම වැඩේ කරගෙන යමු.ගන්න ඔයාගේ android මෙවුවා ඒක දාපු ජංගමේ අතට.ඒකට දැන් 2 MB වල app එකක් දාගන්න ඕනි. app එකේ නම තමා  Bluetooth File Transfer මේ app ඒක දාගන්න ක්‍රම දෙකක් තියනවා

1.සුපුරුදු ක්‍රමයට අතේ තියන ජංගමයගේන් ගූගල් දෙයියන්ගේ  සෙල්ලම්  බඩු කඩේට(google play store ) ගිහිලා Bluetooth File Transfer  කියන එක serch එකේ කොටලා app එක හොයාගෙන බාගන්න 


ඕක තමා app එක
2.computer එකෙන් ගූගල් සෙල්ලම් බඩු කඩේට ගිහින් app  එක   ජංගමේට දාන්න  දන්නවනම් මෙතනින් ගිහින් එහෙම දාගන්න.  https://play.google.com/store/apps/details?id=it.medieval.blueftp&hl=en

හරි දැන් කොහොම හරි app එක දාගත්තනේ.දැන් app එකේ option menu (අර ෆෝන් එකේ මැද බොත්තම ඔබලා ගන්නේ )එකට ගියහම තියනවා  send an application  කියලා අන්න එකෙන් පුළුවන් app යවන්න එකට ගියහම පෙන්නනවා අපේ ජංගමේ එවෙලේ ඉන්ස්ටෝල් කරලා තියන app

   
මෙන්න මේ විදිහට
එකෙන් ඕනි එක තෝරලා යවන්නයි තියෙන්නේ.send කියන එක ඔබපු ගමන් යනවා.

එතකොට app එක ගන්න එකෙනාගේ ෆොන් එකට එන්නේ නිකම් file එකක් විදිහට එක අපි ආයි ගත්තු ෆොනේ එකේ install කරන්න ඕනි.
එක කරන්නේ මෙහෙමයි.ඉස්සෙලම ෆෝන් එකේ setting වලට ගිහිලා එකේ application කියන එක තෝරන්න එකේ තියනවා unknown source කියලා එකක් එකට හරි ලකුණ දාන්න .දැන්  bluetooth  වලින් ආපු ෆයිල් එක install කරන්න පුළුවන් app එකක් විදිහට

ඔන්න  ඔහොමයි එතකොට app එකක් එක ජංගමේක ඉදලා තවත් එකකට යවන්නේ.එහෙනම් කරලා බලන්න.අවුලක් අවොත් අපි ඉන්නවා උදවුවට.තව දවසක තව වැඩ කෑල්ලක් ලියන්නම් .

Comments

  1. ela machan.patta.. tnx

    ReplyDelete
  2. ඇන්ඩ්රොiයිඩ් පිළිබඳ වැදගත් ලිපි ටිකක්. ඇන්ඩ්රොනයිඩ් ෆොන් වලට ආපු නවීනතම තාක්ෂණය සහිත සෙකියුරිටි ඇප් එකක් දාගන්න කැමතිනම් ඔන්න ලින්ක් එක. ගිහින් බලන්න තව ඔයාලට වැදගත් වෙන ලිපි ඇති. http://informationtechnologycave.blogspot.com/2013/11/best-android-security-app-for-your.html

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

තියන මොනිටරෙන්ම 3D බලමු.

කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.  එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.     හරි එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ඕනි වෙනවා QQ Player .එක එක මෙතනින් බාගන්න.  හරි දැන් සාමාන්‍ය විදිහට එක ඕගොල්ලන්ගේ පරිගණකයේ ඉස්තාපිත කරගන්න.එක ඉතින් හැමෝම දන්නවනේ.    ඊළගට කරන්නේ වැදගත්ම ටික.ඉස්සෙලම player එක open කරගන්න.ඊළගට minimize බටන් එක එහා පැත්තේ තියනවා main menu එක. එකේ තියනවා file කියල එකක්.එකේ open 3d video කියන එක හරහා වීඩියෝ එක ඔපෙන් කරගන්න.එහෙම නැත්තම් ctrl+D ගැහුවත් හරි.ඒ එන dialog box එකෙන් වීඩියෝ එක තෝරන්න.ඊට පසේ open කියන එක ඔබන්න.දැන් තව dialog box  එකක් එනවා. එකේ මොඩ් කියන එකෙන් 2D to 3D කියන එක තෝරන්න.දැන් වැඩ කරන වීඩියෝ එක  අපිට පෙන්නේ 3D වෙලා.හැබැයි ඉතින් 3D බලන්න අපිට 3D කන්නාඩි දෙකක් නම් ඕනි වෙනවා.නැත්තම් ඉතින් පෙන්නේ අපහැදිලි වීඩියෝ එකක් තමා.ඔය යටින් තියෙන්නේ ම