Posted by : Pabasara Mahindapala Friday, July 5, 2013


එක තරුණයෙක් හිටියලු උපතින්ම  කන් ඇහෙන්නෙ නැති. ඉතින් මෙයාගෙ දෙමව්පියො පොඩි කාලෙ ඉදන්ම මෙයාව එක්කගෙන යනවලු 
දොස්තර හම්බවෙන්න. ඉතින් එහෙම ගිය එක පාරක් දොස්තර කිව්වලු මේ වගේ අයට කන් ඇසීමේ හැකියාව ලබා දෙන්න පුළුවන් එක ශල‍්‍යකර්මයක් තියෙනව. ඒක හරියන්න 10%ක ඉඩක් තියෙනව. කැමතිනම් ඒක අත්හදා බලන්න පුළුවන් කියල. ඉතින් මෙයාගෙ දෙමව්පියො කැමති වෙලා මේ ශල්‍යකර්මය කරාලු. උපතේ ඉදලම කන් ඇහෙන්නෙ නැති මෙයාට කන් ඇසීමේ හැකියාව ලැබුනලු.

ඒ වුණාට මේ තරුණය කන් ඇසීමේ හැකියාව ලැබුණ දවසේ ඉදල හිටියෙ අසතුටින් හා අසහනයෙන්ලු. මේ අලුත් කරදරය මොකක්ද කියල 
එයා කලබල කරන්න පටන් ගත්තලු.

ඇත්තටම වෙලා තියෙන්නෙ මේකයි. කන් ඇහෙන්නෙ නැති අය කන් ඇසීමේ හැකියාව ලබාගන්න කැමති කියල අනිත් අය හිතාගෙන හිටියට 
මෙයාට එහෙම ඕනි කමක් තිබිල නෑලු. ඇත්තටම මාත් හිතාගෙන හිටියෙ එහෙමයි. නිතරම ශබ්ද ඇහෙන එක මේ තරුණයට පීඩාවක් වුණාලු. අනිත් එක කාටවත් මෙයාගෙන් කන් ඇහීමේ හැකියාව ලබාගන්න ඕනිද කියල අහන්න විදිහක් තිබුණෙත් නෑනෙ.

අනිත් අයට ඕනි දේවලුත් අපි දන්නව කියලයි අපි හිතාගෙන ඉන්නෙ. උදාහරණයක් විදිහට හිතන්න අපි සමහරවිට ලෙඩක් හැදිල හරි තුවාල 
වෙලා හරි දුක් විදින සතෙක්ව මරල දානව ඒක උන්ට සැනසීමක් කියල හිතාගෙන. ඒ වුණාට මේ ලෝකෙ කිසිම සතෙක් කැමැති නෑ මැරෙන්න. සියලු දෙනාම කැමති මොන දුකක් විදල හරි ජීවත් වෙන්න. සමහරවිට අපි අනිත් අයගෙ හොදට කියල කරන දේවල් ඔවුන්ට අවශ්‍ය දේ නොවෙන්නත් පුළුවන්.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

blog දිනපොත

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -