Archive for August 2013

"දෙයියනේ ඔයා වෙනස් වෙලා තියෙන තරමක්, මම හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ" :: මත් මල් :: නවකතාව [28 කොටස]



මාලිකාගෙ හිත බයෙන් ගැහුනත් ඕන දෙයක් වෙච්චාවෙ කියල හිත හදන් එයා ඉන්ටවිව් රූම් එකේ දොර ඇරිය. ඇතුලට ගිහින් වටපිට බැලුව. අන්තිමට ඉන්ටවිව් එකට ආපු මෙයා දිහාවෙ එතැන හිටපු හතර දෙනාම බැලුවෙ ඕනැවට එපාවට වාගෙ. මාලිකා දැකපු අර කලින් ගිය කොල්ලත් එතැන වාඩිවෙලා හිටිය. මාලිකා දිහා බලපු එතැන ඉදිය ටිකක් මැදිවියේ කෙනා 

"මිස්, ප්ලීස් ටේක් අ සීට්" 
කිව්ව.

මාලිකත් බෝම අමාරුවෙන් ස්තූති කරල ඉස්සරහ තිබුන පුටුවෙන් වාඩි උනා. අර කොල්ල දිහා බැලුවත් එයා බිම බලන් මොකක්දෝ ලියනව, ඔලුව උස්සලවත් බැලුවෙ නෑ. ආඩම්බරකම! මාලිකාට හිතුන.

"හොදයි, ඔය මිස්ගෙ ක්වලිෆිකේශන් මොනවද? කෝ දෙන්න බලන්න සෙටිෆිකේට්ස්"

ඒ පාර කිව්වෙ එතැන හිටපු ගැහැනු කෙනා. ටිකක් වයස දරදඩු චරිතයක් වගේ මාලිකා එයාව දැක්කෙ. එයා ඉක්මනට තමන් අතේ තිබුන ෆයිල් එක මේසෙ උඩින් තිබ්බ. 

ටිකක් වෙලා ඒ දිහා බලපු ඒ ගෑනු කෙනා මාලිකා දිහාවෙ ආයෙම බලල ඇප්ලිකේශන් එකේ මාර්ක්ස් තීරුවෙ මොකක්දෝ සටහන් කලා. ඊට පස්සෙ ෆයිල් එක එතැන ඉදපු අනිත් පිරිමි දෙන්නට දුන්න. 

"හොදයි දරුවා, කියන්න අපිට ඔයා බලාපොරොත්තු වෙන සැලරි එක?"
ඒ ගෑනු කෙනා ඇහුව. 

"මම තමයි මේ කම්පනි එකේ එච්.ආර් මැනේජර්. මනව සම්පත් බාර මට. එහා පැත්තෙ ඉන්නෙ මිස්ට. සිරිවර්දන, එයා තමයි චීෆ් අකවුන්ටන්, අනිත් කෙනා මිස්ට. ලාල් එයා තමයි මේ ඔෆිස් එකේ මැනේජර්., එතකොට කොණේම ඉන්නෙ මිස්ට. නාලක සමරසිංහ, අපේ බෝඩ් එකේ චෙයාමන්"

මාලිකා උඩ ගියා. ඇස් දෙක ගොඩාක් ලොකු උනා. දිව ගිලිල වගේ ලොකු තිබහක් දැනුන. මූන සුදුමැලි උනේ හොල්මනක් දැකල වගේ. 

"ඇයි මිස්? අසනීපයක් වත්ද?"

අකවුන්ටන් කතා කලා.

"අහ්! නෑ නෑ සර්. මම.....මේ...............මම"

"අපි දෙන සැලරි එක ඔයා වගේ කෙනෙක්ට මදි ඇති. මේ ක්වලිෆිකේශන් වලට මීට වඩා හොද එකක් හොයන්න පුලුවන්නේ, ඒකයි අපි කිව්වෙ ඔයා කැමති ගාන කියන්නය කියල"

"අනේ එහෙම දෙයක් නෙවෙයි සර්! මම බලාපොරොත්තු උනෙත් ඔයිට වගා අඩු ගානක්"

බෝඩ් එකේ තුන් දෙනා මූනෙන් මූන බලාගත්තා. නාලක මොනාදෝ ලියනවා.

"මිස් අපි ඔයාට ෆෝටිෆයිව් තවුසන් සැලරි එකක් දෙන්නම්, ඔයා අපිට ගොඩක් ගැලපෙන කෙනෙක්"

"මොක..................මොකක්ද සර්!" මාලිකා බය වෙලා කෙදිරුවා.

"මම කිව්වෙ මිස් ඔයාව මේ ජොබ් එකට ගන්නව කියලා!. ලබන සදුද ඉදන් වැඩට එන්න පුලුවන්. මොකක්ද නේම් එක............ ඉන්න"

මැනේජර් ලාල් ඇප්ලිකේශන් ශීට් එක බැලුව. 

"අහ්! මිස්. මාලිකා වික්‍රමසිංහ"

ඒක ඇහුන ගමන් නාලක ඔලුව ඉස්සුව. මාලිකා දිහා බැලුව. 

"සමාවෙන්න මිස් ඔයා පොඩ්ඩක් මේ පැත්ත බලනවද?"

නාලක කිව්ව. ඉන්ටවිව් බෝඩ් එක ආයෙත් මූනෙන් මූන බලාගත්ත. මාලිකා බෝඩ් එකේ කෙලවරට ආයෙම මූන හැරෙව්ව.
නාලක දම් පාට උනා. ඇස් දෙකත් ලොකු වෙලා, සීතල ඒ.සී එකෙත් නළලෙන් දාඩිය බිංදුවක් බේරුනා.


"ම.....ම......මාලි"

"සර්! ඇයි සර් මොකක් හරි ප්‍රශ්නයක්ද?"

මාලිකත් නාලකත් ගල් ගැහිල වගේ එකිනෙකා දිහා ඇස් ලොකු කරන් බලන් ඉන විදිය දැකල ඉන්ටවිව් බෝඩ් එකම එකපාර වගේ ඇහුව.

"කියන්න සර්! සෙකියුරිටි කෝල් කරන්නද?"

"එපා................." නාලක කිව්වෙ පුටුවෙන් නැගිටල. 

"මෙයාවද තේරුවෙ ඔයාල?"

"ඔව් සර්" අර ගෑනු කෙනා කිව්ව.

"හරි එහෙනම්, මට පොඩ්ඩක් මෙයා එක්ක කතා කරන්න දීල ඔයාල පොඩ්ඩක් එලියට යනවද? ප්ලීස්"

"ඕ.කේ සර්" කියපු ලාල් අනිත් දෙන්නත් එක්ක අලියට ගියා. මාලිකත් නාලකත් තනි උනා.

මාලිකා මේ හැමදේම බලන් හිටියෙ බයෙන්. නාලක! මගේ නාලක! වෙන්න බෑ! කවදාවත් වෙන්න බෑ! ඒ නිසාම මාලිකා නාලක දිහාවෙ බැලුවෙ ඇස් දෙක එලියට පනින තරම් ලොකු කරල. නාලක ටිකක් ඉස්සරහට ආව, මාලිකා ළගිනම ඔෆිස් ටේබල් එකේ වාඩි උනා. 

"ඔයා.... ඔයා ගොඩක් වෙනස් වෙලා"

අන්තිමේ මාලිකා ඔලුව ඉස්සුව. එතකොට තමා එයා නාලකගෙ ඇස් දෙක දැක්කෙ.

"දෙයියනේ! ඔයා මගෙ නාලකම තමයි!"

හිතින් හිතන්න ඕන දේ මාලිකාගෙ වචන වලට පෙරලුනා. නාලක කලින් වගේම හිනා උනා. 

"සතුටුයි මාලි, ඔයාට මාව, ඔයාගෙ නාලකව අමතක වෙලා නෑ"

"අනේ!" 

මාලිකා එකපාරටම නාලකගෙ අතින් අල්ලගත්තා.

"මම කෝමද නාලක එහෙම කරන්නෙ? මම ආදරේ කලෙත් ඔයාට විතරනේ. අනේ! මම ගැන එහෙම හිතන්නවත් එපා. මම පොරොන්දු කඩ කරන්නෙ නෑ කවදාවත්"

"මම දන්නව මාලි"

නාලක මාලිකාගෙ ඔලුව අතගෑවා. මාලිකා ආයෙම බිම බලන් අත් ලේන්සුවෙන් ඇහැ පිස ද ගත්ත.

"මාලි!!!!" නාලක කිව්වෙ මාලිකාගෙ මූන බලාගෙන. 

"අඩන්න එපා, ආයෙත් මම ආවනේ"

"මම හිතුවෙ ඔයාට මාව මතකවත් නැතුව ඇති කියල. මම බලාපොරොත්තු උනේ නෑ මේහෙම හම්බ වෙන්න, කවදාවත් නාලක! කවදාවත් හිතුවෙ නෑ!"

"මම හිටියෙ මේ සෙනසුරාද ඔයාලගෙ ගමේ එන්න. දන්නවද සුරංගි?"

"ඔව්! දන්නව නාලක" මාලිකා නාලකගෙ අතින් අල්ලගෙනම කෙදිරුවා.

"එයා මට කිව්ව ඔයාව මුනගස්සන්නම් කියල"

"ඔන්න අපි හම්බුනා ආයෙම"

මාලිකා කිව්වෙ එකපාරටම කොහෙන්දෝ මතු වෙච්චි සතුටකින්. පරන දගකාරකම ආයෙම එයාගෙ ඇගට ඇවිත් වගේ. 

"අහ්! නාලක අරගොල්ලො එලියට ගියා නේද? දැන් තාත්ත බලනව ඇති මම මේකෙ මොනව කරනවද කියල. එලියට යමුද?"

"ඔයාලගෙ තාත්ත?" නාලක පුදුම උනා වගේම ටිකක් බය උනා කියල මාලිකාට තේරුනා.

"අපෝ දැන් බය වෙන්න එපා! තාත්ත දැන් මගෙ පැත්තේ"

මාලිකා කිව්වෙ සතුටින්. නාලකගෙ කොණ්ඩෙ අවුල් වෙන්න අත යවල.

"දෙයියනේ ඔයා වෙනස් වෙලා තියෙන තරමක්, මම හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ"

"යමුකො එහෙනම් එළියට" නාලක ආයෙම බයෙන් වගේ කිව්ව.

මාලිකා දොර ළගට යනකම්ම නාලක අතේ එල්ලිලා ගියත් එතැනදි අත අතෑරියා. එයාම දොර ඇරියා.

මාලිකාලගෙ තාත්ත කොරිඩෝ එකට වෙලා ජනේලෙන් ඈත බලන් හිටියෙ. මාලිකා එතැනටම ගිහින් තාත්තට කතා කරල නාලකව අදුන්නල දුන්න.

"තාත්තෙ මේ නාලක, මගෙ ඉස්කෝලෙ ළගම යාලුවෙක්. මතකද දන්නෙ නෑ ඔයාට"

"එහෙම මතකයක් නම් නෑ දරුවෝ"

තාත්ත කිව්වෙ නාලක එයාට වැන්දම ඔලුව අතගාල.

"ඔයාල දැන්ම යනවද?" නාලක කිව්වෙ ඔරලෝසුව දිහා බලන ගමන්.

"ජොබ් එකත් ලැබුන නිසා, අද මන් ගානෙ ඔයාලට ලන්ච්, යමුද කොහේට හරි?"

මාලිකා තාත්ත දිහා බැලුවෙ අවසර ගන්න වගේ. තාත්ත මාලිකාගෙ සතුටු මුහුන දිහාවෙ බැලුව. අවුරුදු ගානකින් කෙල්ලගෙ ඇස් දෙකේත් එක්ක හිනාව පැතිරිලා. තාත්තට දුක හිතුන. 

වෙනද මහ දවාලෙ වැටෙන දරුණු ඉර එළිය උනත් අද මුදුවට ගෝල්ෆේස් බිච් එක වටාවට පැතිරිලා තිබ්බෙ හැමදේකම ලස්සනක් ඇති කරන්න වාගෙ.

අන්තිමේ කෝම හරි මාලිකා ආයෙමත් හිනා වෙන්න පටන් අරන්. 

---------------------------------------------------------------------------------

මීලග කොටස පසුවට...........................................

---------------------------------------------------------------------------------




Wednesday, August 28, 2013
Posted by Tharuka Gunaratne

"කව්ද? අර දැන් ටිකකට කලින් ගියපු පොරද?" :: මත් මල් :: නවකතාව [27 කොටස]



නැන්දලගෙ ගෙදරින් පිටත් වෙලා නාලක කෙලින්ම ගියේ තමන්ගෙ ගමට. එයාලගෙ ගෙදර ටික දවසක් වත් ඉන්න ආසාවක් තිබුනත් නාලක වැඩ ගොඩ ගැහිල තිබුන බව කියල ආපු දවසට දවස් දෙකකට පස්සෙ ආයෙම කොලඹ එන්න වාහනේට නැග්ගෙ ටිකක් දුකින්. ඒත් අද තියෙන ඉන්ටවිව් එකට යන්නම එපැයි. අම්මටයි තාත්තටයි මේ ගැන කියල නාලක එළියට බැස්සෙ ගෙදර බල්ලගෙත් ඔලුව අතගාල. අම්මයි තාත්තයි නාලකගෙ වාහනේ දූවිලි අවුස්සගෙන ඈතට යන හැටි බලන් හිටිය.

"දැන් මේ ළමයගෙ වයසත් හරි නේද?"

අම්ම කිව්වෙ ආයෙම ගේ දිහාට හැරෙන ගමන්. 

"මොන වයසද?" 
තාත්ත මොකුත් දන්නෙ නෑ වාගෙ ඇහුවෙ වෙන්ඩ යන දේ වටහගෙන. පුංචි හිනාවකුත් මූනෙ පතුරගෙන.

"නරකද හොද තැනකින් කටයුත්තක් කතා කලොත්, අපිත් හැමදාම ඉන්නෙ නෑ නෙ, මේ ළමයට යන කලදසාවක් තියෙන්ඩ එපැයි"

"අම්ම හිතන් ඉන්නෙ අපේ ළමය ගෑනු දරුවෙක් කියාල"

තාත්ත කිව්වෙ හිනා වෙලා. 
"එයාට තමන් ගැන බලාගන්න පුලුවන් නේ, අනික ඔන නොකිව්වය කියන්ඩ එපා. පුතාගෙන් නාහ මොකුත් හෙම කරනව නෙවෙයි"

"එහෙම කරනවද මම"

කියපු නාලකගෙ අම්ම තරහින් වගේ ගේ ඇතුලට ගියා.
තාත්ත හිනා වෙලා මිදුලෙම හිටිය.


****************************
ඒ කෙල්ල ටිකක් අමුතුයි. ඒත් කියන්න බැරි තරම් ලස්සනයි.  දිග කොණ්ඩෙ ලස්සනට පීරල ගොතල තිබුන. ඉස්කෝල ගුරුතුමියකගෙ පෙනුම තිබුනෙ. ඒ උනාට ටිකක් උල් නිකටක් තිබුන රවුම් මූනෙ යාන්තමින් හිනාවක් පැතිරිලා තිබුනෙ හරියට කූඩුවෙන් අතෑරපු කුරුල්ලෙක්ගෙ වගේ. කලුපාටින් වැඩ දමාපු ලා නිල් පාට සාරියත් නිසා දෙනූ දහක් සෙනග අතරෙ කොටුව ස්ටේශන් එකේදි එයාව කැපිල පෙනුන. හෑන්ඩ් බෑග් එකත් උරහිසේ එල්ලගෙන ක්ලියර් බෑග් එකක දමාපු ෆයිල් එකක් තුරුලු කරන් එයා කෝච්චියන් බැස්සෙ ඉස්කෝලෙ කෙල්ලෙක් වගේ දගකාරකමින්. එයාගෙ තාත්ත කියල හිතන්න පුලුවන් ටිකක් වයස කෙනෙකුත් එයා පිටිපස්සෙන් බැහැල එයා එක්ක ඇවිදින්න පටන් අරන් තිබුනෙ දැන් ටික වෙලාවකට කලින් ඉදල.

කෙල්ල කොළඹ ආපු පළවෙනි වතාව බව ටිකක් පෙනුන. වට පිට බල බලා නුහුරෙන් වගේ ගමන් කලේ ඒ නිසා වෙන්නැති. ස්ටේශන් එකෙන් එළියට ආපු එයාල ටිකක් නැවතුනා. අර කෙල්ල තමන්ගෙ හෑන්ඩ් බෑග් එකෙන් පත්තර කොලයක් අරන් තාත්ත අතට දුන්න. මොකක්දෝ දැන්වීමක තිබ්බ ඇඩ්‍රස් එකක් වගේ. පාර පැනපු එයාල එතැන හිටපු ත්‍රීවිල් කාරයෙකුගෙන් ඒ ගැන ඇහුව. 

"තැන නම් ටිකක් දුරයි මහත්තයා"
මැදි වයසෙ ත්‍රීවිල් රියදුරා කිව්වෙ ඇර්ඩස් එක බලල.
"තුන්සීයක් විතර ගන්න වේවි, මීටරේට ගන්න හැටියට"

"කමක් නෑ යමුකො" තාත්ත කිව්ව.

දෙන්නම වීල් එකට නැග්ග. පැය බාගෙක විතර ගමනකට පස්සෙ ත්‍රීවිල් රියැදුරා මෙහෙම කිව්ව. 

"අද අපේ පාක් එකෙන් තුන් හතර දෙනෙක්ම ඔතැනට ගියා, මොකක්ද අද ඔතන තියෙන්නෙ මහත්තයො?"

"ඉන්ටවිව් එකක්, මෙයාත් යන්නෙ ඒකට"

"හ්ම්ම්ම්" රියදුරා ඊට පස්සෙ කතා කලේ නෑ. එයා තේරුම් ගන්න ඇති.

තවත් ටික වෙලාවකට පස්සෙ කොළඹ අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ගිය ත්‍රීවිල් එක එක බිල්ඩිමක් ගාව නැවතුනා. 

"මෙන්න මෙතැනයි තැන" රියැදුරා කිව්වෙ ගාණත් කියල. තාත්ත මුදල් ගෙව්ව.

කෙල්ලයි තාත්තයි ඇතුලට ගියා. ගේට්ටුවෙ හිටපු සෙකියුරිටි ගාඩ්වරයා එයාලව නැවැත්තුව. 

"සමාවෙන්න සර්! අයිඩින්ටිය දෙන්න පුළුවන්ද? ඔය මිස්ගෙත්"

"මෙන්න"

නිළදාරියා මොනවාදෝ පොතක සටහන් කලා. 

"මොකක්ද සර් එන්න හේතුව?"

"අද තියෙන ඉන්ටවිව් එකට"

"අහ්! හ්ම්ම් හරි සර්, මෙන්න පාස් එක. ආපහු යනකොට මේක මෙතැනට බාර දීල යන්න"

"හරි" කියපු තාත්ත නිලදාරිය දුන්න ලා කොල පාට කාඩ් එල්ක සාක්කුවට දා ගත්ත. කෙල්ලවත් අතින් ඇදගෙන ගොඩ න්ගිල්ලට ඇතුල් උනා. සාගරයක් වගේ. කෙල්ලට හිතුන.

"තාත්තෙ කොහෙද දන්නෙ නෑ නේද ඉන්ටවිව් එක තියෙන්නෙ?"

"තාම අට හමාරයිනෙ දුවේ, නවයට නේද පටන් ගන්නව කිව්වෙ?"

"ඔව්නේ. අපි කාගෙන් හරි අහල බලමුද?"

ඒත් එක්කම කලු පාට ජීප් එකක් ගොඩනැගිල්ලෙ කා පාක් එකේ නවත්තන සද්දෙ ඇහුන. කව්දෝ ඒකෙන් බැහැල කඩිසර ගමනින් එනව පෙනුන. එයා දොරෙන් ඇතුල් උනේ පිළිගැනීමේ නිලදරිනියට හිනාවෙල. එයාට වැඩි දුර යන්න හම්බුනේ නෑ. අර කෙල්ලයි තාත්තයි පැනල එයාව නැවැත්තුව. 

"අනේ සර් පොඩ්ඩක් කියනවද අර ඉන්ටවිව් කරන තැන කොහෙද තියෙන්නෙ කියල?" 

කෙල්ල කිව්වෙ බයෙන් වගේ. 

"කෝ බලන්න ඉන්න්කෝ පොඩ්ඩක්" රිසිප්ශන් කවුන්ටරේ ගාවට ආය ගිය ඒ කොල්ල පොතක් පෙරලුවා. ඊට පස්සෙ ආයෙම කෙල්ලයි තාත්තයි ළගට ආව. 

"තුන්වැනි තට්ටුවෙ හතර වැනි කාමරේ. "

එයා කිව්ව. කෙල්ල ඔලුව උස්සල බැලුව. ඒ කොල්ලගෙ ඇස් දෙක දැකල පස්සට විසි උනා. ඒත් කොල්ලට ඒක පෙනුනෙ නෑ. එයා ඒ වෙනකොටත් පඩිපෙලේ උඩට යන්න පටන් ඇරන් තිබුනෙ.

තමන්ට මෙයාව කොහේදි හරි හමුවෙලා තිබුන බව කෙල්ලට තේරුනා. ඒත් මේ තරම් සමීප බවක්? ඒක කොහෙන්ද ආවෙ? අවුරුදු ගානක අතීතෙ තමන්ට සමීප වෙච්ච අව්ය හිතියෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩු තරම්. මේ ඒ අතරින් කව්ද? කෙල්ල බය උනා.

තාත්ත කෙල්ලගෙ අතින් ඇදන් ලිෆ්ට් එකට නැග්ග. තුන්වැනි තට්ටුවට ගිය එයාල හතර වැනි කාමරේ ළගට ගියා. ඔෆිස් එකක් වගේ එකක් තිබුන. ඒකෙ කොරිඩෝ එකේ දහ පහළොස් දෙනෙක්ම වාඩි වෙලා හිටිය. නිළදාරිනියක් එතැන ඉන්න අය පාලනය කරන්න හිටියා. එයාගෙ අතේ ලිස්ට් එකක්. ඇප්ලිකේශන් දාපු අයගෙ. කෙල්ල දැකපු ගමන් ඒ නිලදාරිණිය එයාල ලගට ආව.

"මිස්ගෙ ඇප්ලිකේශන් අංකෙ කියන්න"

"#######" කෙල්ල බයාදු විදියට අංකෙ කිව්ව.


"ම්ම්.... මිස් මාලිකා වික්‍රමසිංහ?"


"ඔව් ඒ මම තමයි"

"යන්න අතන කොනේම සීට් එකෙන් ඉන්න. ටිකක් වෙලා ඉන්න වේවි අන්තිමට නේ ආවෙ."

"කමක් නෑ මිස්"

කෙල්ල තාත්ත දිහා බලල නිලදරිණියට කෙදිරුවා. 

"ඒ වගේම සර් ඔයා" නිලදාරිණිය තාත්තට කිව්ව.

"සමාවෙන්න ඇතුලට ගන්නෙ ඉන්ටවීවර්ස්ල විතරයි. කරුණාකරල විසිටර්ස් රූම් එකේ ඉන්න. ඔය දොරෙන් එහා පැත්තේ"

"හ්ම්ම්" කියපු තාත්ත මාලිකා දිහා බැලුව. අවුරුදු ගානකට පස්සෙ තාත්තගෙ මූනෙ හිනාවක් දැකපු මාලිකා පුදුම උනා. 

"මයෙ කෙල්ල බය නැතුව ඉන්න ඕන හොදේ" තාත්ත මාලිකාගෙ ඔලුව අතගාල දොර ඇරන් එළියට ගියා.

පුදුමෙන් වගේ තාත්ත දිහා බලපු මාලිකා එයාට පෙන්නපු සීට් එකේ වාඩි උනා. 

හරියටම නවය වෙද්දි ඉන්ටවිව් එක පටන් ගත්තා. පලවෙනි කෙනා ඇතුලට ගියායින් පස්සෙ කව්දෝ කෙනෙක් දොර ඇරගෙන එනව පෙනුනා. මාලිකා ඔලුව උස්සල බැලුව. 

දෙයියනේ! අර කොල්ලා මේ පැත්තට එනවා. ඒත් ඇයි මේ කට්ටිය නැගිටින්නේ? මාලිකාවත් ඉබේම නැගිට්ටුනා. එයා ඉන්ටවිව් රූම් එක ඇතුලට ගියේ හෙමීට. හැමෝටම හිනා වෙලා. ඇතුලට ගියායින් පස්සෙ දොර වැහුනා.

මාලිකාට මේ කව්ද කියල දැන ගන්න පුදුමාකාර ඕනකමක් ඇති උනා. එයාව තමන් කොහේදි හරි දැකල තියෙන බවත් සමීප බවත් නිස්සම තමයි ඒ. මාලිකා ලැජ්ජාව පැත්තකින් තියල ඇවිත් හිටපු කෙල්ලො දිහා බැලුව. 

හෑ! කවුරුත් සාරියක් ඇදල නෑ. ඔෆිස් කිට් එකක් ඇදල කොණ්ඩෙ අගර දගර කරල. විලිලැජ්ජාවෙ බෑ! මාලිකාට හිතුන. ඕන එකක් කියල මාලිකා තමන්ට එහා පැත්තෙ හිටපු කෙල්ල දිහා බලල හිනා උනා.
මොකක්දෝ අමුටු හිනාවක් දාපු ඒ කෙල්ලත් මාලිකා දිහා බැලුව.

"සොරි! අර කව්ද ඇතුලට ගියේ?"

"කව්ද? අර දැන් ටිකකට කලින් ගියපු පොරද?"

"ඔව්" මාලිකාට ශානිකාව මතක් උනා. 

"ඒ මේකෙ චෙයාමන් සර්."

"නම?"

"බලන්නකෝ ඇතුලට ගියාම, මටත් හරියට මතක නෑ. නාලක ද නන්දිකද ඔන්න ඔහොම නමක්"

මාලිකා ගල් ගැනුනා. 
ඉන්ටවිව් එකට ඇතුලට ගිය කිසිම කෙනෙක් හිනාවෙලා ආවෙ නෑ! මොනාදෝ මුමුණ මුමුණ තරහින් ආවේ. ඔහොම ඔහොම ගිහින් අන්තිමේ මාලිකාගේ වාරෙත් ආව. ඒ වෙනකොට නම් කවුරුත් හිටිය නෑ රූම් එක ඇතුලෙ මොකද මාලිකා ආවෙ අන්තිමටනෙ.
මාලිකාට කලින් හිටපු කෙනා නම් ප්‍රසන්න මූනෙන් එළියට ආව.

"මොකද උනේ?" මාලිකා ඇහුව.

"අව්ලක් නෑ" එයා හිනා උනා.

"දන්වන්නම් කිව්වෙ"

එහෙම කියපු එයා මොකුත් නොකිය පිට වෙලා ගියා.

දොර ඇරුනා! මාලිකාගෙ පපුව ගැහෙන සද්දෙ කොළඹටම ඇහෙන්න ඇති. අර නිළදාරිණිය ආව. ලිස්ට් එක බලල කතා කලා.


"මිස්. මාලිකා වික්‍රමසිංහ"


මාලිකා නැගිට්ටා. දොර ළගට ගියා.

---------------------------------------------------------------------------------

අද නම් කතාව දාන්න ටිකක් පරක්කු උනා. සමා වෙන්න ඕන.


ඉතිරිය පසුවට..................

---------------------------------------------------------------------------------

Friday, August 23, 2013
Posted by Tharuka Gunaratne

ජනෙල් 8 පස්සේ එක.Windows 8.1 (Try කරලා බලනවද )

 
 
ඕගොල්ලෝ දන්නවද මන්දා අර බිල් ගේට්ස් ගේ කොම්පැනිය අර microsoft කියන එක අන්න එක් අලුතින්  මෙහෙයුම් පද්දතියක් එලියට දානවලු මේ අවුරුද්දේ අග.දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න ඈ:D.එකේ නම නම් මේපාර පොඩ්ඩක් වෙනස්.Windows 8.1.එක අතකට වෙනසකුත් නෑ.ජනෙල් 8 පස්සේ එක ජනෙල් 8.1. නමෙන් හිතාගන්නකෝ මේකේ හැටි.ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් දුරට ජනෙල් 8 සමානයි.(පෙනුමෙන් විතරයි හොදේ  ) ඒ උන්නට මේකේ පහසුකම් වැඩි.(හොදටම වැඩි කියන්නේ එල වැඩ කෑලි ටිකක් තියේ )
 
බිල් මාමගේ කොම්පැනියේ නිල මෙව්වා එකේ .....මේ ඒ කියන්නේ මේ අර නිල අඩවියේ කියන්නේ මේක ජනෙල් 8 තියන හැමෝටම නිකන් දෙනවා කියලා.
 
//Windows 8.1—a free update to Windows 8—is coming later this year// එහෙම තමා කියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් මට නම් විස්වාසයක් නෑ මොකෝ කියන්නේ බිල් මාමා කවදාවත් නිකම් මෙහෙයුම් පද්දති දුන්නේ නැති නිසා.(අපි හොරෙන් ගත්ත එක වෙනම කතාවක් ඈ  :D )
 
දැන් මම මේ පහල දාලා තියන වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ ජනෙල් 8.1 කොයි වගේ ද කියලා.
 
 

  
 
 
    මෙහෙම බලාගෙන විතරක් මදි නම් ඔන්න ඒකටත් විසදුමක් තියනවා.මතකනේ ජනෙල් 8 එන්න කලිනුත් නිකම් වැඩ කෑලි ටික බලාගන්න version එකක් එලියට දැම්මා ඉතින් මේකෙත් එහෙම එකක් තියනවා.ඒකත් ඔයාලාට  බිල් මාමගේ අඩවියෙන් නිකම් ගන්න පුළුවන් කලින් ඒක වගේ.මෙන්න එහෙනම් ලින්ක් ඒක http://windows.microsoft.com/en-us/windows-8/preview-download
 
එහෙනම් ටෙට්ස් කරලා බලන්න.තව අලුත් වැඩ කෑලක් තව දවසක දාන්නම්.
 
 
 

Friday, August 16, 2013
Posted by Chamika Ravinda

"දෙයියනේ මට ඔයාට ලව් කරන්න හිතෙනවා මේ කරන උදව් වලට" - මත් මල් :: නවකතාව [26 කොටස]



"මොකක්ද මේ?"

නාලක ඇහුවෙ පුදුමෙන් වගේ. ලියුම් කවරෙත් අතේ තියන් එයා බලන් හිටියෙ කාගෙන් හරි උදව්වක් බලා පොරොත්තුවෙන් වගේ. ඇත්තටම මේ මොකක්ද කියල එයාට තෙරුනේ නෑ.

සරංගත් ශානිකත් ටිකක් මෝඩ හිනාවක් දැම්මා. සාරංග මෙහෙම කිව්ව.

"ඇරල බලපන්කො"

කිව්වත් වගේ නාලක ලියුම් කවරෙ ඇරල ඇතුලෙ තිබුන ලස්සන කාඩ් එකක් එළියට ගත්ත. වෙඩින් ඉන්විටේශන් එකක්? ඒක දිග ඇරියට පස්සෙ තමා නාලක උපහාසෙන් වගේ සාරංග දිහා බැලුවෙ.

"මම දැනන් හිටීයෙවත් නෑ නෙ"

"අපොයි ඔයා බබා" ශානික කිව්වෙ බිම බලාගෙන ලැජ්ජාවෙන් වාගෙ. 

"ඇත්තමයි මේක මෙච්චර දුර යයි කියල මම හිතුවෙ නෑ"

"අපිත් හිතුවෙ නෑ නාලක" සාරංගත් උත්තර දුන්න.

"කවද්ද ඔය දෙන්නගෙ වෙඩින් එක?"

කාඩ් එකේ තිබුනත් නාලක ඇහුවෙ ඒක දැක්කෙ නෑ වගේ.

"ලබන මාසෙ විසි එක. ඔන්න ඔයා එන්නම ඕන. අපේ කට්ටියම ඒවි"

"නෑවිත් කොහොමද ඉතිං" නාලක හිනා උනා. 

ඒත් එක්කම වගේ ඉස්කෝලෙ බෙල් එක වදිනව ඇහුන. ඉස්කෝලෙ ඇරිල. මෙලෝ සිහියක් නැතිව හිටපු යාලුවො තුන් දෙනාට ගාතා කියනව වත් ඇහුනෙ නෑ. ඒත් එක්කම ශානිකා මොනවදෝ මතක් උනා වගේ සාරංග දිහා බලලා මොනාදෝ කිව්වා. සාරංග හිනා උනා. ඊට පස්සෙ සුරංගි මිස්ට මොකක්දෝ කිව්ව. එයා බෑග් එකත් අරන් දෙන්නට අත වනල ස්ටාෆ් රූම් එකෙන් එළියට ගියා.

"එහෙනම් ආයෙ හම්බ වෙමු" නාලක කිව්වෙ නැගිටින ගමන්. 
"උඹලව දැක්ක එකත් ලොකු දෙයක්"

"දැන්ම යනවද? අපේ ගෙදෙට්ටත් ගිහින් යමු" සාරංග කිව්ව. ඒත් නාලක ඔලුව වැනුව.

"බෑ මචන් අනිද්ද උදේම කොළඹ යන්නත් තියෙනව. මම දැන් යන්නම්. ශානි මං යනෝ"

"හොදයි නාලක පරිසමින්"

නාලක ඒ දෙන්නගෙන් සමු අරන් ආයෙම ඉස්කෝලෙන් එළියට ආව. වාහනේ ගම පැත්තට හරවන් ටික දුරක් යනකොටයි එයාට පොඩි කාලෙ හිටෞ බෝඩිමයි නැන්දවයි මතක් උනේ. ඉස්කෝලෙ පෞ වෙච්ච ගමන්ම වාහනේ හරවපු  නාලක අර ඉස්සර තිබුන පාලු ලස්සන පාරෙන් ගිහින් නැන්දගෙ ගෙදර ළග වාහනේ නතර කලා.

ගේ පැත්තෙන් සද්දයක් නෑ. ඒත් නැන්ද වෙන කොහේ යන්නද කියල හිතපු නාලක ගේට්ටුවට තට්ටු කලා. ටිකක් එලා ගියා. සද්දයක් නෑ. ආයෙම ගේට්ටුවට තට්ටු කලා. ටිකකින් කව්දෝ එනව ඇහුන. ගේට්ටුවෙ ලිහිල් අගුලත් අරිනව ඇඋන. නාලක නැන්දව පුදුමෙට පත් කරන්න හිතන් බලාගෙන් හිටිය. 

නාලක කාව දකින්න බලාපොරොත්තු උනත් දොර ඇරියෙ ඒ එක්කෙනෙක්වත් නෙවෙයි. නාලක එයා දිහාවෙත් එයා නාලක දිහාවෙත් බලන් හිටියෙ මහා පුදුමෙකින්. 

"සුරංගි මිස්?"

"අහ්! ඔයා ශානිගෙ යාලුව නේ? නාලක නේද?"

"අපොයි ඔව්"

"මොකද මෙහෙ ආවෙ?"

"මම ආවෙ මෙහෙ නැන්දව බලල යන්න. කෝ එයා ඉන්නවද?"

"කාන්ති නැන්ද්ද? ඉන්නව. එන්නකො ඇතුලට"

සුරංගි ගේට්ටුව ගාවින් ඈත් උනා. නාලක ඇතුලට ආව. ඉස්සර වගේම උඩ තට්ටුව දිහත් පහළ තට්ටුව දිහත් බැලුව. සුපුරුදු හැගීමක් දැනුන නිසා හොද හුස්මකුත් ගත්ත.

"කව්ද දුවේ?"

ගේ ඇතුලින් සද්දයක් ඇහුන. ඉස්සර වගේම ප්‍රානවත්. ආදරේ පිරිල තිබුන කටහඩක්. 

"නැන්දව අදුරන කෙනෙක්ලු"

සුරංගි ටිකක් සද්දෙන් කිව්වෙ නාලක දිහා බලල හිනා වෙලා. ඊට පස්සෙ නාලක දිහා බලල 

"යමු ඇතුලට කිව්ව"

නාලක සුරංගි පස්සෙන් ඇතුලට ගියා.

වෙනද වගේමයි. ඇතුලෙ කිසිම වෙනසක් නෑ. 

"කව්ද දුවේ?"
කියාගෙන නැන්ද එළියට ආව කුස්සියෙන්. නාලක දැකල එයාගෙ අතේ තිබුන අත පිහිදන රෙදි කෑල්ලත් බිම වැටුන. ඇස් දෙක පුදුමෙන් මහත් උනා.

"න න නාලක පුතා?"

"ඔව් නැන්දෙ අදුරගන්න බැරිද මාව"

"අපොයි මොකෝ මට බැරි" නැන්ද කිව්වෙ ගොඩක් සතුටින් කියල නාලකට තේරුනා. එයා නැන්ද ළගට ගිහිල්ල දණ ගහල වැන්ද.

"වාඩිවෙන්න නාලක. මම තේ ටිකක් හදන්නම්"
කියපු සුරංගි කුස්සියට ගියේ කාලෙකින් හමු උන දෙන්නට ටිකක් කතා කරන දෙන්නත් ඕන හන්ද.

"ඉතින් නාලක පුතේ. ගොඩ කාලෙකින් දැක්කෙ"

"මම දැන් මෙහෙ වැඩිය නෑ නැන්දෙ. කොලඹ ඉන්නෙ. අද මේ ගමේ ය්න ගමන් නැන්දවත් බලල යන්න කියලයි ආවෙ. ඊට කලින් ඉස්කෝලෙටත් ගියා. සුරංගිව හම්බ උනේ එහෙදි."

"අහ්! එහෙමද කොහොම උනත් පුතේ ආපු එක නම් ලොකු දෙයක්. දැන් මගෙ තනියට ඉන්නෙ ඔය සුරංගි ළමය විතරයි."

එකපාරටම මොකක්දෝ මතක් උනා වගේ නැන්ද නැගිට්ට. 

"නාලක පුතේ විනාඩි පහක් ඉන්නවද. මම මාලුවක් ලිපේ තියල ආවෙ. ඒකට මොනා වෙලාද මන්ද. පොඩ්ඩක් බලල එන්නම්"

නැන්ද ආයෙම කුස්සියට ගියා. ඒ අතරෙ නාලක වටපිට බැලුව. ගෙදර පුරාම බැලුව. මාලිකාව මතක් උනා. පුටුවෙන් නැගිටපු එයා මාලිකා ඒ කාලෙ හිටපු කාමරේ දැන් ඉන්නෙ සුරංගි මිස්. ඒ නිස ඇතුලට යන එක හොද නෑ කියල එයා හිතුව. තමන් හිටපු කාමරේ බලන්න ආසාවක් ආපු නිසා නාලක උඩතට්ටුවට ගියා. කාමරේ ලොක් කරල තිබුනෙ නෑ. ඉස්සර තිබුන් සුපුරුදෙ සුවද ආයෙමත් නාලකට දැනෙන්න පටන් ගත්තා.

නැන්ද නාලකව හොයාගෙන සුරංගිත් එක්ක උඩ තට්ටුවට ආවෙ නාලක වෙනුවෙන් හදාපු තේ එකත් අරගෙන. මේ මහ දවාලෙ මොන තේ ද? ඒත් නාලක හොයන් එද්දි නාලක හිටියෙ පුරුදු විදියටම එයාගෙ කාමරේ ජනේලෙන් පිටිපස්සෙ ගාඩ්න් එක දිහා බලාගෙන.

"නාලක පුතා. තේ බීල ඉන්නකො"

නැන්දගෙ සද්දෙට නාලක තිගැස්සුනා. එයා හිටියෙ ලොකු කල්පනාවක කියල නැන්දට තේරුනා. ඉස්සර ඇදේ වාඩි උන නාලක ස්තුති කරල තේ එක අතට ගත්ත. 

"නැන්දෙ කෝ දැන් මාලිකා?"

පරක්කු වෙලා හරි නාලක ඔය ප්‍රශ්නෙ අහන බව නැන්ද දැනගෙනයි හිටියෙ. ඒ නිසා එයා පුදුම උනේ නෑ. 

"නාලක පුතේ දැන් එයා ගැන හොයන්නෙ මොකටද? මතකනෙ එයා හන්ද වෙච්ච දේ. අපි කවූත් හිතුවෙ ඔයාට ලොකුවට අමාරු වෙයි කියල. දොස්තරල පවා."

නාලක බිම බලා ගත්ත. ඇත්තටම ඒ මොනව උනත් මාලිකාව අමතක කරන්න නාලකට කවදාවත් පුලුවන් උනේ නෑ. වැඩියම එයා පරණ යාලුවන්ව හම්බ වෙන්න ගියේ මාලිකා ගැන තොරතුරක් දැන ගන්න. 

"මට එයාව අමතක කරන්න බෑ නැන්දෙ. මම එයාට පොරොන්දු උනා ඒක"

"හ්ම්ම්ම්ම්" නැන්ද සුසුමක් හෙළුව. 

"මම ඕක හොදට අදුරනව දරුවෝ. ඒත් මාලිකා ළමය දැන් රස්සාවක් හොයනව කියල ආරංචියි. දැන් ඉස්සර වගේ එයාලයි හයිකාරකම් නෑ. අර පොඩි කොල්ලගෙ වැඩ හන්ද එයාලගෙ වියාපාරත් බ\කොලොත් වගේ. තාත්ත තාම ජීවත් වෙන නිසා ඒව වහල දාන්නෙ නැතුව කරගෙන යනව. ඒත් බොහොම අමාරුයිලු. "

"ඉතින්"

"කල වයසත් හරි නිසා ඒ දරුව දීග දෙන්න කල්පනා කලත් එන එක යෝජනාවකටවත් ඒ ළමය කැමති වෙලා නෑ. ආදායමකුත් නැති හන්ද දැන් රස්සාවක් කරන්න යන්න හදනවලු"

නාලක බිම බ්ලා ගත්ත. නැන්ද අත් දෙක පිහිදල ආයෙම පහළට යන්න ලෑස්ති උනා. 

"මම කුස්සියට ගිහින් එන්නම් පුතේ. බත් එක රොස් වෙලාද දන්නෙ නෑ මෙලාකට. සුරංගි දූ නාලක පුතා තේ එක බීල ඉවර උනාම ඒක පහළ්ට ඇරන් එන්න."

සුරංගි ඔලුව වැනුව. නාලක ජනේලෙන් ඈත බලාගත්ත. නැන්ද පිට උනා. නැන්ද ගිහින් ටික වෙලාවකට පස්සෙ සුරංගි මෙහෙම කිව්ව.

"නාලක, නැන්ද මට ඔක්කොම දේවල් කිව්ව"

"ඇත්තද?"

"ඔව්! පව් මාලිකාව මම පුංචි කාලෙ හිටන් දන්නව්. තාමත් අදුරනව. මමත් එයාලගෙ ගමේ කෙනෙක් තමයි"

"එහෙමද" නාලක සුරංගි දිහා බලල හිනා උනා.

නාලක ටිකක් දුකින් ඉන්න බව සුරංගිට තේරුනා. එයා නාලක දිහා බලල මෙහෙම කිව්ව.

"මම ඔයාලට මීට් වෙන්න විදියක් හරිගස්සන්නද?"

"සුරංගි????"

නාලක හිටපු තැනින් නැගිට්ට නෙවෙයි නැගිට්ටුනා. 

"ඇත්තමද ඔයා කිව්වෙ? පුලුවන්ද? අනේ කියන්ඩකෝ? පුලුවන්ද?"

පිස්සුවෙන් වගේ නාලක කියපු දේවල් අහල සුරංගි හයියෙන් හිනා උනා. 

"පුලුවනි! හැබැයි මාලිකාව අපේ ගමෙන් පිට කර ගන්න නම් බෑ ළමයෝ"

සුරංගි කිව්වෙ ඉස්කෝලෙ ළමයෙක්ට උගන්නන්න විදියට ඇගිල්ල දික් කරල.

"එහෙනම්?"

"ඔයාට එන්න වෙනව අපේ ගමට."

"කියන දිහාකට එන්නම් මට ආයෙම මාලික දකින්න හරි හම්බ වෙනවනම්."

"හොදයි එහෙනම් ඔයා එන්න අපේ ගෙදරට. මම මාලිකාටත් එන්න කියන්නම්කෝ. එතකොට හරිනේ?"

" හරිද කියලත් අහනවා. දෙන්නකෝ ඇඩ්‍රස් එක. දෙයියනේ සුරංගි ඔයා නම් දෙයියෙක්"

"ලබන සතියෙ ඉස්කෝල නිවාඩු දෙනව. අගෝස්තු නිවාඩුවනෙ. මම යනව ගමේ. ලබන මාසෙ දිහෑට මම කෝල් එකක් දෙන්නම්. හරිනේ"

"හරි හරි" නාලක සතුටින් කෑගැහුවෙ නැති එක විතරයි.

"දෙයියනේ මට ඔයාට ලව් කරන්න හිතෙනවා මේ කරන උදව් වලට"

නාලක කිව්වෙ නම්බර් එක ලියල සුරංගි අතට දෙන ගමන්.

"අපෝ මේ!" තරහක් මවාගෙන කිව්ව සුරංගි නාලක දුන්න නම්බර් එක අරගත්ත.

--------------------------------------------------------------------------------


ඉතිරිය පසුවට.......


--------------------------------------------------------------------------------


Thursday, August 15, 2013
Posted by Tharuka Gunaratne

"කොහොම හරි මාලි මට එනකම්ම කිව්වෙ එකම එක දෙයයි කොහොම උනත් උඹව අමතක කරන්නෙ නෑ කියල" ::: මත් මල් :: නවකතාව [25 කොටස]



තවත් අලුත්ම අලුත් දවසකට ඉර උදා උනේ අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක. මාස 6යක් ගෙවිල තමන් ආයෙම මේ රටට පය තිබ්බ වෙලාවෙ ඉදන්ම ලංකාව කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියල නාලකට තේරුම් ගිහිල්ලයි තිබුනෙ. ඒ නිසාම කොළඹ නගරෙ තියෙන හැමතැනක්ම වගේ ඉස්සරට වඩා ගොඩක් අලුත් වෙලා තියෙන හැටි එයා දැක්කෙ උදේම වාහනේ පදවගෙන ඔෆිස් එක පැත්තට එන අතරවාරෙ.

ගමේ ඉදන් එන්න දුර වැඩි හන්ද නාලක ඔෆිස් එකට කිලූ මීටර් පහක් විතර ඈතින් තිබුන ගෙයක් කුලියට ඇරන් තිබුන. හැමදාම ඒකෙ ඉදන් වැඩට ආවත් එයාට අමුතු මහන්සි ගතියක් දැනිල තිබුනෙ ගොඩ දවසකින් ගමේ ගිය නැති හන්දමත් නෙවී. ඊටත් වඩා මොකක්දෝ පුංචි බලාපොරොත්තු සහගත හැගීමක් එක්ක මුසු වෙච්ච කලකිරීමක් ගොඩ කාලෙක ඉදන් එයාගෙ හිතේ තිබුන. ඒත් අන්න ඒ කලකිරීම එක්ක මුසු වෙච්ච තරහ හන්දමයි නාලක මේ තරම් දියුණු උනේ. 

"අද හවස ගමේ යනව" නාලක හිතුව. ඇත්තටම අම්මයි තාත්තයි දකින කම් එයාට ඉවසිල්ලක් තිබුනෙ නෑ. හදිස්සියෙ රට ඉදන්  ඇවිත් ගමේ ගිහින් ඉදියෙ එක දවසයි. 

"මේ පාර සතියක්වත් ඉන්නවා"

නාලකට ඉබේම කියවුනා. අම්ම තාත්ත ගැන හොයා බලන්න වෙන කෙනෙකුත් නැති හන්ද එයාට යන්න අවශ්යතාව තදින්ම දැනුන. 

වෙනද වගේම ඔෆිස් එක කිට්ටු වෙද්දි සිග්නල් දල වාහනේ හරවල පාකින් පැත්තට ගෙනත් නැවැත්තුව. සිරිදාස වෙනද වගේම ඇවිත් ගුඩ් මෝනින් කිව්ව. නාලක ඉක්මනින් වචනයක් දෙකක් හුවමාරු කරන් ඔෆිස් එකට ආවෙ වරුවෙන් ඕෆ් එකක් දාන්න හිතාගෙන. 

ඇත්තටම එදා කරන්න කියල වැඩක් තිබුනෙ නෑ. මොනවාදෝ අලුත් හඩුන්වාදීම් වගයක් ගෙන්නලා තිබුන නිසා ඒවයෙ ස්ටොක් බාර ගන්න අත්සන් කරල. තවත් ඔය තිබුන වැඩ ටිකක් එහෙමත් ඉවර කරල නවයට විතර නාලක පුටුවෙන් නැගිට්ටෙ උදේට කන්න හිතාගෙන. ඒත් එක්කම වගේ මැනේජර් ලාල් දුවගෙන ආව.

"සර් කොහේවත් යන්නද?"

"නෑ ලාල් මම මේ කන්න යන්න කියල හැදුවෙ, ඇයි මොකුත් ප්‍රශ්නයක්ද?"

"අපොයි නෑ සර් අර ඉන්ටවිව් එකට දිනයක් දාල තියෙනව. බෝඩ් එකෙන් දැනුම් දුන්නෙ දැන් මේ මාසෙ 25 වැනිද"

"ඒ කියන්නෙ........කවද්ද?"

"තව දවස් තුනකට පස්සෙ සර්"

"ශිහ්! මදැයි කොලා"

"ඇයි සර්? වෙන මොකුත් වැඩක් නම් මම බෝඩ් එකට කියන්නම් වෙන දවසක් දා ගන්න කියල"

"එපා එපා! මම අද වරුවෙන් යනවා. ගමේ යන්න ඕන ලාල්. මම එදා උදේම එන්නම්. කීයටද ඉන්ටවිව් පටන්ගන්නෙ දහයට නේ?"

"ඔව් ඔව් සර්!" ලාල් කිව්වෙ තමන් අතේ තිබුන ෆයිල් එක. මේසෙ උඩින් තියල. 

"එහෙනම් මම යන්නම් සර්"

"ඕ. කේ ලාල්"

කියපු නාලක ලැප්ටොප් එක වහල කැන්ටිමට ගියා.


*************************

හරියටම හවස දොලහමාර වෙද්දි නාලක ඔෆිස් එකෙන් පිට උනා. වෙනදා යන ළග පාරෙන් යන්නෙ නැතුව ඉස්සර මතකයන් අලුත් වෙන්නත් එක්ක පරණ පාරෙන් යන්න කියලයි එයා හිතුවෙ. ඔහොම ටික දුරක් යන කොට. ඒ කියන්නෙ පැයක වගේ දුරක් ගියාම නාලක ඉස්සර ඉගෙන ගනිපු ඉස්කෝලෙ පේනවා. ඒකත් එක්කම තමන් පණට වගේ ආදරේ කරපු මාලිකා වත් නාලකට මතක් උනා. ඉස්කෝලෙ ළන් වෙද්දි නාලක ෆෝන් එක එලියට ගත්ත. යන ගමන්ම නම්බර් එකක් ඩයල් කලා.

"හෙලො!!"

අනිත් පැත්තෙන් ඇහුනෙ සුපුරුදු කටහඩක්.

"මේ ඉස්කෝලෙ ගේට්ටුව ගාවට වරෙන් දැන්ම" 

"හූස් ඉස්පීකින් දෙයා?"

"වරෙන්කෝ ඉස්කෝලෙ ගේට්ටුව ගාවට"

"කව්ද කියහන්කො කතා කරන්නෙ?"

"ඒක උඹට වැඩක් නෑ නෙ. එනවද?"

එහා පැත්තෙන් හොද කුනුහරුපෙකුත් එක්ක ෆෝන් එක තියන "ඩකස්" සද්දෙ ඇහුන. 

නාලක ඉස්කෝලෙ ගේට්ටුව ළගට ඇවිත් වාහනේ නතර කලා. සෙකියුරිටි ගාඩ් එළියට ආව. 

"ඇයි මහත්තයෝ?"

"මට පොඩ්ඩක් ප්‍රින්සිපල් මහත්තයව හම්බ වෙන්න ඕන. පුළුවන්ද?"

"අද අගහරුවාදනේ සර්. පුලුවන්. ඉන්ඩ මම ගේට්ටුව අරිනකම්"

එහෙම කියල මුරකාරය ගේට්ටුව ඇරිය. තාමත් ඉස්කෝලෙ ඇරිල නෑ. ඒක නිසා ළමයි කෑගහන සද්දෙ හොදට ඇහුන. නාලක වාහනේ කාර්යාලය පැත්තට අරන් නැවැත්තුව. ගුරුවරුන්ගෙ වාහන, බයිසිකල් අස්සෙ එතැන වැඩි ඉඩක් තිබුනෙත් නෑ. කොහොම උනත් නාලක ඇදන් ඉදපු අත් දිග සර්ට් එකේ අත් වැලමිට ලගට එනකම් නවාගෙන කාර්යාලය කියල සුදු පසුබිමේ කලු තීන්තෙන් ලියල තිබුන ගොඩනැගිල්ලට ඇතුලු උනා. 

එතැන ප්‍රින්සිපල්ගෙ කාමරේට මෙහායින් නියෝජ්ය විදුහල්පතිවරයා වාඩි වෙලා ඉදියා. නාලක එයා දිහාවෙ බලල. 

"සර්" කිව්ව.

"ඔව්..... මොකක්ද කෙරෙන්ඩ ඕන?" එයා ගාම්භීර විදියට ඇහුව.

"මට අදුරන සර් කෙනෙක්  හම්බ වෙන්ඩ පුලුවන්ද?"

"පුලුවනි, ඔය ඔතන කාමරේ දොර ඇරන් ඇතුලට යන්න. එතනයි ස්ටාෆ් රූම්  එක"

"තෑන්ක් යූ සර්" නාලක ඉක්මනට එතැනින් ඇතුලට ගියා.

ගුරු කාමරේ ඉදිය තුන් දෙනයි. එක මිස්ලා දෙන්නෙකුයි සර් කෙනෙකුයි. නාලක දොර ඇරන් ඇතුලට ආවම වටවෙලා තුන් දෙනාම කර කර හිටපු කතාව නැවතුනා. 

අර සර්ගෙ කටත් බාගෙට ඇරුනා. 

"හත්තිලව්වේ.............................. නා ල ක??????"

අර සර් නාලක ළගට ආවෙ ඉදගෙන ඉදපු පුටුවත් බිම වට්ටල. 

"නාලක???????"

මිස් කෙනෙකුත් කිව්වා.

"ඉතින් කොහොමද?"  නාලක සුපුරුදු කෙළිලොල් බාසාවෙන් කිව්ව.

ගොඩ කාලෙකින් නේ? නැද්ද සාරංග, ම්ම්ම් ශානි?"

"මේ ඇත්තටම ඔයාද?"

අර මිස් කිව්වෙ ලොකු හිනාවක් දාල.

"දෙයියනේ කොල්ල එනස් වෙලා තියෙන තරම්"

"අර අර!!!!!" සාරංග කිව්ව. 

"එළියට වරෙන් කියල මට කෝල් කලේ උඹද?"

"නැතුව ඉතින්. කෝ උඹ මට ***** කියල ෆෝන් එක තිබ්බෙ"

තුන් දෙනාම හිනා උනා.

"ඉතින් වර්න්කො වාඩිවෙයන් මෙහෙන්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනව"

කිව්ව ශානිකා නාලකව ඇදන් ගිහින් පුටුවක වාඩි කෙරෙව්වා. අනිත් මිස් නම් මේ ඔක්කොම බලන් හිටියෙ පුදුමෙන්. සාරංගට ඒක තේරුනා.

"නාලක මේ ඉන්නෙ සුරංගි, අපේ හොද යාලුවෙක්"

"අහා!" නාලක කිව්ව. "කොහොමද?"

"හොදයි!" සුරංගි කිව්ව. එයත් ශානිකා ගාවින් වාඩි උනේ ලැජ්ජශීලී බ්ල්මක් දාල.

"ඉතින් ඉතින් කියන්නකො අපිව අවුරුදු දෙකකට පස්සෙ මත්ක් උනේ ඇයි කියල?"

ශානිකා සුපුරුදු විකාර හිනාව දැම්ම.
"ඒක තමා" සාරංග එකග උනා.

"බලපන් උඹ අවුරුදු දෙකකින් අපිව බලන්න ආවෙ නෑ. අවුරුද්දකින් මට කෝල් කලේ නෑ."

"සමාවෙන්න ඕන දෙන්නම"

නාලක කිව්වෙ බ්ම බලාගෙන.

"උඹලව අමතක වෙලා නෙවෙයි බන් මාස හයකට මට රට යන්න සිද්ද උනා. ඒකයි. අද මම මේ අම්මලව බලන්න කියල ගමේ යන ගමන්. කලින් වතාවෙ එහෙ ඉන්න උනේ එක දවසයිනෙ."

"ඉතින් දැන් බිස්නස් එහෙම සරුද?" සාරංග ඇහුව.

"එව්ව වරදක් නෑ බන්, ඒක නෙවී කෝ චාමරයා?"

"ඌව මේ ටිකේ අල්ලනව බොරු. මිනිහ දැන් පත්තර අච්චු ගහනව"

"ඒ කිව්වෙ?"

"මෙහෙ *** නිව්ස්පේපර් කම්පනියෙ වැඩ කරන්නෙ."

"එහෙමද? ඉතින් උඹල දෙන්නෙ මෙහෙ මොකෝ කරන්නෙ?"

"මම සෝශල් ස්ටඩීස් උගන්නන්නව. ශානිකා ඩාන්සින් ටීචර්"

"ඒක නම් ගැලපෙනව." නාලක කිව්ව.

"ඒ කාලෙ ඉදන්ම නැට්ටුක්කාරිනේ"

"අනේ යනව නාලක යන්න" ශානිකා හිනා වෙලා කිව්ව. 

කට්ටියම හිනා උනා.

"එතකොට සුරංගි මිස්?"

"මම?'' සුරංගි එකපාරටම කිව්ව.

"මම ගණන් උගන්නනෙ"

"හොදා හොදා" නාලක කිව්ව.

"එතකොට මාලිකා ?"

දෙන්නම බිම බලා ගත්තු බව නාලක දැක්ක. 

"ඇයි?"

"මේ උඹ තාම ඒකි ගැන හිතනවද? නෑ නෙ?"

"එහෙම නෙවී බන්. මම ආදරේ කරපු කෙල්ලනේ. ඒකයි ඇහුවෙ"

"ඒකි ඉන්නව කියල නම් ආරංචියි. ඒත් ඉන්නව ඇත්තෙ වැඩි සතුටකින් නෙවී"

"ඒ මොකෝ?"

"මතකද උඹට උන් ගැහුව දවස?"

"ඒ කියන්නෙ උඹල මොකුත් දන්නෙ නෑ. මොකෝ මට ඕව අමතක"

නාලකගෙ හිත අතීතෙට දුවගෙන ගියේ. 

"උඹ එතැන වැටිල ඉද්දි මාලිකාවත් ඇදගෙන උන් දෙන්න පැනල ගිහින්. පව් ඒකි පුදුම විදියට ඇඩුවලු. මට ඒක කිව්වෙ එතන ඉදපු පොරක්. කොහොම හරි උඹ වැටිල ඉන්නව දැකපු අහල පහල කෙනෙක්. ඕක නැන්දට කියල. කට්ටිය එකතු වෙලා උඹව හොස්පිටල් ඇඩ්මිට් කලාමයි උඹලගෙ නැන්ද ශානිකාට කෝල් කරල තියෙන්නෙ. මෙයා මට කිව්ව. අපි යනකොටත් උඹට සිහිය තිබුනෙ නෑ නේ"

"ඔව් මචන් මට මතකයි" නාලක කිව්වෙ ස්ටාෆ් රූම් එකේ කවුලුවෙන් ඈත බලාගෙන. 

"ඊට පස්සෙ නෙ නැන්ද මාලිකාව හොයල එයාගෙ ගෙදරට කෝල් කරල තිබුනෙ. ගෙදරින් කිව්වලු මාලිකා තනියම ගෙදර ආව කියල."


"ඔව් නාලක මම පස්සෙ ඒකිගෙ ගෙදර ගියා. ඕ.ලෙවල් එහෙම ඉවර වෙලා." ශානිකා කිව්ව. 

"සල්ලි මැද්දෙ හැදුන කෙල්ලෙක්. ඒ කාලෙ එයාට ඒ තරම් තේරුමක් තිබුන් නෑ කියලයි උන්ගෙ අම්ම කිව්වෙ. ඒත් මාලි එහෙම නෑ මම දන්නව ඒකි උඹව තේරුවෙ ගොඩක් හිතල බලල.  මම ඕව උන්ගෙ අම්මට කියන්න ගියේ නෑ. කොහොම හරි මාලි මට එනකම්ම කිව්වෙ එකම එක දෙයයි කොහොම උනත් උඹව අමතක කරන්නෙ නෑ කියල"

"ඕක හන්ද තමා බන් මට කැම්පස් යන්නත් හිතුන් නැත්තෙ"

"ඒක නම් උඹ ගත්තු ලොකුම හොද තීරණයක්" සාරංග කිව්ව.

"ඒ මොකෝ?"

මිස්ල දෙන්නයි නාලකයි එකපාරටම අගේ ඇහුව. 

"ඇයි යකෝ උඹ කැම්පස් ගියා නම් අපි වගේ ඔෆිස් එකක් හරි ක්ලාස් එකක් හරි මැද්දෙ කට්ට කනවා. දැන් උඹ එහෙම නෑ නෙ"

කට්ටියම හිනා උනා. 

"අහ්! නාලකට දෙන්න දෙයක් තියනව."

"හ්ම්ම්ම්???????? ඒ මොකක්ද අප්පේ?" නාලක පුදුමෙන් වගේ ඇහුව.

ශානිකා සාරංග දිහාවෙ බලල ඇහැක් ගැහුව.
සාරංග නැගිටල එයාගෙ බෑග් එකෙන් මොකක්දෝ හතරැස් තුනී දෙයක් එළියට ගත්ත. ඊට පස්සෙ නාලක ළගට ඇවිත් ඒක නාලක අතට දුන්න. 

"ඔන්න"

නාලක ලියුම් කවරෙත් ඇරන් ඉස්සරහ උන්න තුන් දෙනා දිහා බැලුව. එයාගෙ මූනෙ ප්‍රශ්නාර්තයක්!!!!!!!!!!!!!!!!!!!!!!

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.......................

---------------------------------------------------------------------------------


Monday, August 12, 2013
Posted by Tharuka Gunaratne

"එහෙනම් වෙනසකටත් එක්ක පේපර් ඇඩ් එකක් දාල ඉන්ටවිව් කැදවමු. එහෙම හොදයිනේ?" :: මත් මල් :: නවකතාව [24 කොටස]



කොළඹ නගරෙ එක්තරා ප්‍රසිද්ද පාරක්. වෙලාව උදේ අටට විතර වෙන්න ඇති. ඉර පායල තිබුනත් ඒ තරම් ලොකු කල එළියක් අවට පරිසරේ තිබ්බෙ නෑ. මලානික ඉර එළිය අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ලාවට තැනින් තැනට කඩා පාත් වෙලා තිබුනෙ ටිකක් ලස්සන රටාවක් මතක් කරල දෙන්න වගේ. අහස වළාකුලු වලින් යාන්තමින් වැහිල තිබුන. කවුරු කවුරුත් වගේ හිතන් ඉදියෙ මේ මලානික ගතිය දවල් වෙද්දි නැති වෙලා යාවි කියල. මේ පාරෙ තියෙන එක ගොඩ නැගිල්ලක් වෙත ඔයාලගෙ අවදානය යොමු කරන එක වටිනවා. 

ඒක තට්ටු පහේ උසම උස ගොඩ නැගිල්ලක්. ඒකෙ පහළම තට්ටුවෙ ගොඩනැගිල්ල අයත් සමාගමේ නම ලොකු බෝඩ් එකක ගහල එල්ලල තිබුන. ඒකෙ පහළම තට්ටුවට පිටිපස්සෙන් කාර් පාක් එකේ ඉදපු සෙකියුරිටි ගාඩ්ල දෙන්න සෙකියුරිටි රූම් එකට වෙලා මොකක්දෝ වැඩක්. සමාගමේ වැඩ කරන උදවිය එක එක ජාතියෙ වාහන වලින් බැහැල ඉක්මනින් වගේ ඇතුලට දිව්වෙ ටිකක් හදිස්සියෙන් වාගෙ. සෙකුටිට්යිලගෙන් ටිකක් වැඩිමල් අයසෑ කෙනා මේ සමාගමට අවුරුදු දෙකක ඉදල වැඩ කරනව. එයාගෙ මූන සතුටින් පිරිල. ඒත් අනිත් කෙනා නම් මෙතැනට අලුත් වගේ. එයා මේ සිද්දි හිහා බලන් ඉදියෙ උනන්දුවෙන් වගේම පුදුමෙන්. 

"මොකෝ සිරිදාස මාමේ අද හැමෝටම වෙනද නැති හදිස්සියක්?"

"අහා! ඔය ළමයටත් තේරුනා එහෙනම්" එහෙම කිව්වෙ අර මැදිවියේ සෙකියුරියි ගාඩ්වරයා. 

"ඇත්තටම මොකෝ මාමෙ මේ? අර අර වෙනද රතු ඉර ගැහුවටත් පස්සෙ එන මැනේජර් මහත්තය ඕන් අද පාන්දරම මේ පැත්තෙ එනව"

"ඈ උන්දැ මේ පැත්තට එනවද? වරෙන් කොල්ලෝ එළියට එහෙනම්"

මැනේජර් මහත්තය එනව ඈත තියාම දැක්කෙ නැති සිරිදාස එළියට බැස්සෙ ඔලුවෙ තිබුන නිළ කැප් එකත් අතට අරන්. එයා ඉස්සරහට ආවෙ අපි මැනෙජර් කියල සාමාන්යෙන් කියන ජාතියෙ මිනිහෙක්ම තමා. ටිකක් ලොකු බඩක් තියෙන කොණ්ඩෙ හෙම කපල තට්ටෙටම වගේ. 

"සිරිදාස"

"ඔව් කියන්ඩ සර්"

"සිරිදාස අද චෙයාමන් මහත්තය එනව. ඒක හන්ද ටිකක් මේ එළියෙ වැඩ ගැන බලන්න. එයා ගැන දන්නවනෙ. හැම වැඩේම නීට් එකට තියෙන්න ඕන. අනිත් එක හිතුන හිතුන තැන් වල පාකින්  දෙන්න එපා. පිළිවෙලට පාකින් ස්පේස් හෙන්න. ඕ කේ. හෙනම් මන් යනව. ගොඩක් වැඩ තියෙයි"

මෙතෙක් වෙලා මැනේජර් කියපු දේව්ල් වලට ඔලුව වනපු සිරිදාස හිනාවෙලා 

"හරි සර්" කිව්ව. මැනේජර් නොපෙනී ගියා.

"කව්දෝ එන කතාවක් කිව්වෙ?"

නවක සෙකියුරිටි සමන් ඇහුවෙ සිරිදාස දිහාවෙ ප්‍රශ්නාර්ත බැල්මක් දාල. පුදුමෙන් වගේ. සිරිදාස සමන් දිහාවෙ බැලුව. තාම වැඩට ඇවිත් මාස දෙක තුනක් හන්ද සමන් මොකුත් දන් නෑ.

"ආ අද මෙහෙ චෙයාමන් මහත්තය එනව ළමයො. ඒකයි. ඒ මහත්තය ළගදි රට ගියානෙ. ගිය සතියෙලු ඇවිත් තියෙන්නෙ. අද උදේ නවය හමාරට මෙහෙ එනව කිව්වලු. වැඩි වයසක් නෑ මයෙ හිතේ. විසි පහක හයක කොල්ලෙක්"

"වෙන්න බෑ. මගෙ වයසෙ විතර ඇතිනෙ"

"උත්සාහෙ තමා ළමයො. උන්දැ ඒ.ලෙවල් පාස් උනත් කැම්පස් කාරිය ගොහින් නෑ. රස්සාවක් කරන්න පටන් ගත්තලු. ඒව ටික ටික ඉතුරු කරල අන්තිමේ තමන්ගෙම කියල සාප්පුවක් පටන් ඇරන්. උන්දැගෙ කැපවීමයි, මොලෙයි හන්ද ඔන්න දැන් රට වටේ එයාගෙ සාප්පු තියෙනව."

"එහෙම නම් වෙන්ඩ ඇති"

දෙන්න කතාව නතර කලා. 

හරියටම අට හමාරට වගේ දිලිසෙන කලු පාට මොන්ටෙරෝ එකක් කාර් පාක් එක ඇතුලට ආව. කවුරුත් බහින්න කලියෙන්. සිරිදාස දුවල ගිහින් දොර ඇරිය. එළියට බැස්සෙ කොල්ලෙක් තමා. ඒත් චෙයාමන් කෙනෙක්ගෙ ආඩම්බර උද්දච්ච පෙනුම එයාගෙ තිබුනෙ නෑ. එළියට බැහැල සිරිදාසගෙ කරට අත දා ගත්තු ඒ තරුණයා මෙහෙම ඇහුව.

"දෙයියනේ සිරිදාස අංකල්ව දැකපු කල්. හරියටම මාසයක් විතර ඇති."

"ඔව් මහත්තයෝ. දැකපු එකත් ලොකු සතුටක්."

කියාපු සිරිදාස සමන් දිහාවට හැරුන.

"සමන් ළමයෝ මේ මහත්තයගෙ බෑග් එක ගෙනිහින් දීපන්"

"ආ! ඕන නෑ" මහත්තය කිව්වා.

"මම බෑග් එකක් ගෙනාවෙත් නෑ නෙ"

කියල අහිංසක විදියට හිනා උනා. 

"සිරිදාස අංකල්ට ගෝලයෙකුත් හම්බෙලා තියෙන්නෙ. දැන් තනියක් නෑ නෙ. යමුද පොඩ්ඩක් ඔෆිස් එකේ ලස්සන බලන්න."

"අහ්! එන්ඩ මහත්ත්යෝ, එන්ඩ"

සිරිදාස ඉස්සර උනා. තමන් වත්ත පිටිය කොච්චර මහන්සියෙන් හැදුවද කියල මෙයාට පෙන්නන්නකම් ඉවසිල්ලක් නෑ වගේ. ලොක්කා සමාගම් වත්තෙ වටයක් ගියා. අන්තිමේ සිරිදාසගෙ පිටට තට්ටු කලා. 

"ලස්සනයි සිරිදාස අංකල්. නියමෙට මේන්ටේන් කරල තියෙනව. කවුරු ලව්වද කෙරෙව්වේ? කීයක් විතර ගියාද?"

"අපොයි මහත්තයො. ඕක මම නිකම් ඉන්න වෙලාවටයි කලේ"

සිරිදාස අවංක හිනාවක් පෑව. 

"මටත් සෙනසුරාද ඉරිද ජොබ් එක කරන එකේ කිසි ගතියක් නෑ නෙ මහත්තයෝ. නිකම් ඉන්න එකේ කලා"

"නියමයි! ඇත්තටම" මහත්තය කිව්වා.

"එහෙනම් අංකල් මම ඇතුලට යනව. පරක්කු වෙන්න බෑ නෙ. බෝම ඉස්තූතී මට වටේ පෙන්නුවට"

"අනේ ඕක මොකක්ද මහත්ත්යා" සිරිදාස කිව්ව. මහත්තයා ඇතුලට ගියේ සිරිදාස දිහාවෙ ස්තූති බැල්මක් දාල.

සුපුරුදු විදියටම ලිෆ්ට් එකෙන් නොයා පඩිපෙළින් නැගපු මහත්තයා පළවෙනි තට්ටුවට ගියේ තනියම. එයාව දැකපු ගමන් අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරේ ඉදපු කෙල්ල තිගැස්සුනා. ඉක්මනට ඉද්පු තැනින් නැගිටපු එයා

"ගුඩ් මෝනින් සර්"

කියල ලස්සන හිනාවක් දැම්ම.

"ගුඩ් මෝනින් නිශාදි, වාඩිවෙන්න" ලොක්කා එහෙම කියල ඇතුලට ගියේ නිශාදි දිහාවෙ බලල හොදට හිනාවෙලා.

ලොක්කා ඇතුලට ආපු බව දැකපු ඇතුලෙ ඉදපු හැමෝමත් සීට් වලින් නැගිටල එයාට ආචාර කලා. එකිනෙකා ළගට වෙන වෙනම ගිය මහත්තයා සැලකිය යුතු කාලයක් අරන් හැමෝම එක්ක කතා කලා. හැමෝටම ශේක් හෑන්ඩ් කරලා. අන්තිමේ ඒ ලොකු හෝල් එක කෙලවරේ තිබුන මැනේජර් තුමාගෙ කාමරේටත් ගියා. ටිකකින් එළියට ආවෙ මැනේජර් එක්ක. දෙන්නම උඩ තට්ටුවට ගියේ එකට.

දෙවැනි තට්ටුවෙ තිබුනෙ කන්ෆරන්ස් හෝල් එක. තුන් වැනි තට්ටුවට ගිය එයා කැන්ටින් එකේ තැනක වාඩි උනා. මැනේජරුත් වාඩි උනා. 

"ඇයි සර් මෙතැනට ආවෙ?"
මැනේජර් ඇහුවෙ පුදුමෙන් වගේ. 

"නෑ ලාල් මම උදේ කෑවෙ නෑ!" චෙයාමන් හිනා උනා.
ඊට පස්සෙ මැනේජර් දිහාවෙ බැලුව. 

"ලාල් කාලද ඉන්නෙ?"

"නෑ සර් මම පස්සෙ කන්නම්"

"පිස්සු නැතුව කනවා" එහෙම කියපු එයා කෑම දෙකක් ගේන්න කිව්ව. 

කෑම කන අතරෙ මැනේජර් එක්ක එයා ගොඩක් දේවල් කතා කලා. ඒත් එව්ව කිසිවක් සමාගමේ වියාපාර වලට අදාල නෑ. චෙයාමන් කිවෙ

"බ්‍රේක්ෆස්ට් ටයිම් එකෙත් බිස්නස් කරන්න එපා" කියල.

අන්තිමේ දෙන්න කාල ඉවර උනා. මැනේජර් එපා කියද්දි චෙයාමන් බිල ගෙව්ව. ඊට පස්සෙ දෙන්නම හතර වැනි තට්ටුවට ගියා. ඒකෙ මුල් රූම් එක තිබුනෙ ඩිරෙක්ට බෝඩ් එකේ අයගෙ ඔෆිස් කාමර.  කොනේම තිබුන චෙයාමන්ගෙ කාමරේට  දෙන්න ඇතුල් උනා. 

"මොකෝ ලාල් මෙතැන් හිස්?"
චෙයාමන් ඇහුවෙ එයාගෙ සෙකට්‍රි ටේබල් එක හිස් වෙලා තියෙනව දැකල.

"මොකෝ අර ආකාශ්ට උනේ"

ආකාශ කිව්වෙ කලින් ඉදපු සෙකට්‍රිට. 

"එයා අස් උනා සර්. ඩිග්‍රිය කරන්න ඇමරිකා යනවලු." 

"එහෙමද? දැන් කාවද අලුතින් පත් කරන්නෙ?"

"අලුතින් දාන්න කෙනෙක් නෑ සර්"

"එහෙනම් වෙනසකටත් එක්ක පේපර් ඇඩ් එකක් දාල ඉන්ටවිව් කැදවමු. එහෙම හොදයිනේ?"

"හොදයි සර්. මම අදම ඇඩ්වටයිස් කරන්නම්"

"හොදයි එහෙනම් ලාල් යන්න. වැඩත් ඇතිනේ. ඕන උනොත් මම කෝල් කරන්නම්. අහ්! යන්න කලින් අර මිස්ට. කරුනාතිලකට එන්න කියන්න. අලුත් වැඩක් කරන්නයි මගෙ අදහස"

"ගුඩ් ලක් සර්. එහෙනම් මම අන්නම්"

"ඕකේ"

එහෙම කිව්ව ලොක්කා තමන්ගෙ පුටුවෙ වාඩි උනා. මැනේජර් පිටත් උනා. මේසෙ උඩ තිබුන නේම් බෝඩ් එක මමත් දැක්කෙ දැනුයි. පිත්තල පසුබිමේ කලු පාට අකුරින් 

"නාලක සමරසිංහ" 
"චෙයාමන්" 
"####### කම්පනි" 

කියල ගහල තිබුනා.


---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට..........

---------------------------------------------------------------------------------



Thursday, August 8, 2013
Posted by Tharuka Gunaratne

"අනේ පොඩි අයියෙ එයාට ගහන්න නම් එපා" :: මත් මල් :: නවකතාව [23 කොටස]



එදා නම් ඇත්තටම සතුටු දවසක් ඒ පීරියඩ් එකම ෆ්‍රී හන්ද කෙල්ලො දෙන්න නාලක එක්ක ගොඩක් දේවල් කතා කලා. ශානිකා නම් වැඩිපුර කලේ නාලකත් මාලිකත් කියපු දේවල් වලට මොකක් හරි අව කැපෙන කතාවක් කියල හිනා වෙච්චි එක. ඒත් හොද මාලිකා වෙනද වගේ මූන නරක් කර ගත්තෙ නෑ. නාලක දිහා බල බලා එයා ගොඩක් සතුටින් හිනා උනා. මාලිකාගෙ හිතට දැනුනෙ කවදාවත් දැනිල නැති විදියෙ සතුටක්. මොකද කියල ඒයා දැනන් ඉදියෙත් නෑ. ඒත් ඒක ආදරේ වෙන්න ඇති කියල මාලිකාට හිතුන.

"ඉතිං නාලකයෝ! ඔන්න දැන් නම් අපිට කේක් ඕන"

ශානිකා කිව්වෙ නාලක දිහා බලල ආය මාලිකාගෙ කරට අත දාල. 

"කාට නැතත් මට නම් ඕන"

"ඇයි යකෝ අපිට?"

කව්දෝ කියනව ඇහුන. නාලක පිටිපස්ස හැරිල බැලුව. සාරංගයි, චාමරයි පන්තියෙ දොර ගාව බලන් ඉදියා. නාලක ඒ දෙන්නට අතින් කතා කරල ළගට ගෙන්න ගත්තා.

"උඹල දෙන්න මොකෝ මෙතැන? ඇයි අද උඹලයි මිස් නැද්ද?"

"අපෝ අපිව පන්තියෙන් එළිය්ට දැම්ම බං" සාරංග කිව්ව.

"ඉතින් අපි පන්තියට එනකොට තමා උඹලගෙ ලව් සීන් එක ඇහුනෙ, අපි මෙච්චර වෙලා දොර ළග ඉදන් ඔක්කොම බල බලයි උන්නෙ"

එහෙම කිව්වෙ චාමර. 

"ඔන්න එහෙනම් නාලකයටත් හරිගියා ඈ"

නාලක හිනා උනා. මාලිකත්.

"අපෝ මුන් දෙන්නගෙ මූනෙ තියෙන පෙම් පාට"


"හා හා යනවල යන්න උන් දෙන්නගෙ ප්‍රයිවට් කතා අපි අහන්න ඕන නෑ නෙ" එහෙම කියාපු ශානිකා සාරංගගෙ අතින් ඇදන් එළියට යන්න සූදානම් උනා. 

"උඹල නම් ලව් කොරයි, මට තමා හුලං" එහෙම කිව්ව චාමරත් හිනාවීගෙනම එළියට ගියා.පන්තියෙ කොනේ ඉතුරු උනේ මාලිකත් නාලකත් විතරයි. ඒත් මාලිකා නම් ටිකක් බයෙන් වගේ. නාලක දිහාවෙ බැලුව. නාලකත් හැගීමෙන් තොර බැල්මක් මාලිකා දිහාවෙ හෙළුවා. තාම කවුරුත් කතා කලේ නෑ.

"නාලක ඔයාට කියන්න දෙයක් තියෙයි"

"මොකක්ද අප්පේ ඒ?" නාලක පුද්මෙන් වගේ ඇහුව. මාලිකාට දැනුනෙ සමීප බවක්. කලින්ට වඩා ගොඩක්. ගොඩාක්.

"ඔයා දන්නවනෙ, අපේ අයියල දෙන්න ගැන. නැන්ද අනිවර්යෙන්ම ඔයාට කියන්න ඇති."

"හ්ම්ම්ම්, කිව්ව තමා"

"අනේ! මේ ගැන කොහොමටවත් එයාලට නම් දැනගන්න තියන්න එපා"

"ඇහ්! හා හා! ඒත් ඇයි?"

"ඔයා දන්නෙ නෑ එයාල ගැන. දන්නවද මීට කලින් මම නවය වසරෙ ඉන්නකොට මට වඩා ගොඩක් වැඩිමල් කොල්ලෙක් මගෙ පස්සෙන් එන්න පටන් ගත්ත."

"ඉතින්" නාලකගෙ මූණ අදුරු උනා. 

"මුලින්ම ඒ ගැන දැනගත්තෙ පොඩි අයිය. ඊට පස්සෙ එයා ලොකු අයියත් එක්ක එකතු වෙලා අර අහිංසකයට බිම දමාගෙන ගැහුව. එදයි මට තෙරුනේ ඒ දෙන්නගෙ තරම. තාත්ත නම් එයාලට මොකුත් කියන්නෙ නෑ. අම්ම කියනදෙයක් එයාල අහන්නෙම නෑ. ඉතින් ඔයාට තේරෙනවනෙ?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"හ්ම්ම් නෙවෙයි ළමයො ඒ දෙන්න මේක දැන ගත්තොත් ඔයත් විනාසයි මාත් විනාසයි"

"ඉතින් එයාල කොහොමද මාලි මෙහෙ වෙන එව්ව ගැන දන්නෙ? හැතැම්ම ගානක් දුරින් ඉන්න එයාල අපි ගැන දැනගන්න විදියක් නෑ"

"කොච්චර ඈත ඉදියත් එයාල ඕව හොයාගනීවි. අනේ මට නම් බයයි"

"බය නොවී ඉන්නකෝ" නාලකත් කිව්වෙ බය වෙලා තමයි. ඒත් එයාගෙ කටහඩේ තිබුන බය ගතිය මාලිකාට තේරුනේ නෑ.

"බය නොවී ඉන්නෙ කොහොමද?"

නාලක නිරුත්තර උනා. ඒත් ටිකකඉන් මෙහෙම කිව්ව.

"මම ඔයා ළග ඉන්නවනේ, ඒ නිසා බය වෙන්න එපා"

"ඇත්තට?"

මාලිකා ඇහුවෙ ඇස් පුංචි කරල.

"ඇත්තටම. මම පොරොන්දු වෙනව හැමදාටම"

නාලක කිව්වෙ හෙමිහිට මාලිකාගෙ අතින් අල්ලල.
මාලිකාට දැනුනෙ පුදුමයත්, මහ අමුතු හැගීමකුත් එකතු එච්ච වෙලාවක කෙනෙකුට දැනුන හැගීමක්. වචනෙන් විස්තර කරන්න බෑ ඒක. ඒත් නාලකගෙ ඇස් දෙක දිහා බලපු එයාට දැනුනෙ එකම එක දෙයයි. ඒ නාලක ඒක නම් කිව්වෙ ව්හිලුවට නෙවී ඇත්තටම බවයි.


*******************************

වෙනදා වගේම ඉස්කෝලෙ අවසන් උනා. නාලක වෙනදටත් වඩා සතුටින් මාලිකා එක්ක පාලු පාර දිගේ ඇවිදන් ගියා. කෙල්ල වෙනදට වඩා ගොඩක් සතුටින් බව නාලකට දැනුන. 

"මොකද මාලි? මාර හැපි මූඩ් එකක්නෙ අද තියෙන්නෙ. කොයිවෙලේ බැලුවත් හිනාවෙච්ච ගමන්"

"ඇයි හිනා උනාම හොද නැද්ද? පොඩ්ඩක් ඉන්නවා මම ඇත්තටම හැමවෙලේම හිනා උනාද?"

මාලිකා ඒක අහපු විදියට නාලකට ඇත්තටම හිනා ගියා. මාලිකාගෙ මූන ඒ වෙලාවෙ දැක්කනම් කාට උනත් හිනා යනවා. 

"ඔව්! හැමවෙලේම හිනාවෙලයි හිටියෙ"

"ඒ කියන්නෙ අද ළමය ඉගෙනගෙන නෑ. මන් දිහා බලාගෙනද ඉදියෙ?"

නාලක ටිකක් කල්පනා කලා. 

"ඔව්, බලාගෙනමයි හිටියෙ"

මාලිකා එයාගෙ ලස්සනම හිනාවලින් එකක් ඉස්සරහට දැම්මා.

"ඉතින් කියන්න මොකෝ කියල?" නාලක ආයෙම ඇහුව.

"ම්ම්ම්ම්ම්ම්ම්ම්" මාලිකා ඔලුව කහල කල්පන්න කලා. 

"ඔයා වගේ හොද කෙනෙක් මම එනකම් තනියෙන් තිබ්බ එකට තමා හිනා උනේ"

"අපොයි, සංසරෙ හැටි නේද? මම වගේ හොද ළමයෙක් ඔයා වගේ පිස්සියෙක්ට සෙට් කලානේ"

අනේ යනව යන්න. මාලිකා නාලකව තල්ලු කලා. නාලක් ටිකක් එහාට විසි උනා. ඒත් ආයෙම පාර මැදට ආවත් මාලිකා හැරිල බැලුවෙ නෑ. බොරු තරහක් මවගෙන ඉස්සරහ බලාගෙනම ගියා. ඒ වෙනකොට ගේ පෙන මානෙටම ඇවිදිනුයි ඉදියෙ. නාලක ඉක්මනට ගිහින් මාලිකාගෙ උරහිසින් අල්ලල නැවැත්තුවා. 

"ඒයි! තරහ උනාද?"

"හ්ම්ම්ම්"

"අනේ මම විහිලුවක්නෙ මාලි කලේ"

"හ්ම්ම්ම්ම්"

"එන්න යමු" නාලක මාලිකාගෙ අතින් අල්ලල ඉස්සරහට යන්න ලෑස්ති උනා. 

ඒත් හැරුන ගමන් නාලක වැදුනෙ කව්දෝ කෙනෙක්ගෙ ඇගේ!

නාලක මාලිකාගෙ අතින් අල්ලගෙනම උඩ බැලුව. කව්දෝ මනුස්සයෙක්. 

"සොරි" කියපු නාලක මාලිකාගෙ අතින් ඇද්ද.

"යමු මාලි"

ඒත් මාලිකා හිටි තැනින් හෙල උනේවත් නෑ. ගල් පිළිමයක් වාගෙ එතැනම නැවතුනා. තමන්ව අල්ලන් ඉදපු මාලිකාගෙ අත ටිකෙන් ටික තද වෙනව නාලකට තේරුනා. ඒක නිසා එයා මාලිකාව එයාගෙ පිටිපස්සට තල්ලු කරන් පස්සෙන් පස්සට ගියා.

"නැවතියං මල්ලි ඔහොමම, තව පස්සට යන්න බෑ"

කව්දෝ කිව්ව හන්ද නාලක පිටිපස්ස බැලුව. කොන්ඩෙ වවාගත්තු බොබ් මාලේ වගේ සිගරැට් එකක් කටේ ගහගත්තු එකෙක් ඉන්නවා පිටිපස්සෙ. 
මාලිකා ඉන්න තැනම ගල් ගැහිල වගේ බලන් උන්නා. 

පිටිපස්සෙ ඉදපු එකා මේ දෙන්න ළගට මුලින්ම ආව. ඇවිත් මුලින්ම කලේ නාලකගෙ ස්කූල් බෑග් එකෙන් ඇදල පැටලිලා තිබ්බ දෙන්නගෙ අත් දෙක වෙන් කරපු එක. ඊට පස්සෙ අත දිගෑරලා දුන්න හොදවයින් කම්මුල් පාරකුත් නාලකට ලැබුනා. ඒත් අර ඉස්සරහ ඉදපු මනුස්සයා ඉක්මනට ඇවිත් දෙවැනි පාර ගහන්න කලින් අනිකගෙ අතින් අල්ල ගත්තා.

"උඹ මොනාද ඔය කරන්නෙ? නවත්තපන්. මූ කව්ද කියලවත් දන් නැතුව ගහල හරියනවද?"

"ගහල මදි මූව එල්ලන්ඩ ඕනෑ" කියපු ඒ මනුස්සයා කටේ තිබ්බ සිගරැට් එක විසි කරලා ආයෙ වතාවක් හොද පාරක් දෙන්නයි සූදානම් උනේ.

"අනේ පොඩි අයියෙ එයාට ගහන්න නම් එපා" කව්දෝ  ඇඩුම් අතරින් කියනව ඇහුනා. 

"අහා! ඔය තියෙන්නෙ. ලොකු අයියෙ ඔන්න මම අද නවතින්නෙ මුගෙ හතර හන්දි කඩල"

"නවත්තහන් පොඩ්ඩො" කිව්වෙ ලොකු අයිය.

"නංගි ඇත්ත කියපන්, කව්ද මේ?"

"නා.... නා...ල...ක"

"නාලක කිව්වෙ?"

"මේ ගෙදර බෝඩ් වෙලා ඉන්න යාලුවෙක්, අනේ පොඩි අයියෙ එයාව අතාරින්න"

"ඉතිං උඹල දෙන්න යාලු උනා?"

ඇහුවෙ ලොකු අයිය. පොඩ්ඩා නාලකගෙ බෙල්ලෙන් අල්ලන් බලන් ඉදියෙ විදානයක් ලැබෙනකන් ඉන්න වදකයෙක් වගේ. 

"අනේ නෑ අයියෙ"

"එහෙනම් මොකද නංගී ඇස් වල කදුලු. මට බොරු කරන්න එපා"

පොඩි කොල්ලා නාලකගෙ බඩටම පාරක් ගැහුව. ගුටි කාල පුරුදු කෙනෙක් වගේ මෙච්ච්‍ර වෙලා ඉදපු නාලකට ඒ පාර නම් කෑගැහුනා.

"අනේ එපා එපා අයියෙ මන් කියන්නම්. එයා මන් එක්ක යාලුයි තමයි. ඒත් ඒක එයාගෙ වැරැද්ද නෙවෙයි"

"එයාගෙ වැරැද්ද නෙවෙයි හා?"

අයියල දෙන්නම හිනා උනේ කැත විදියට. 

"අනේ අයියෙ මමයි එයා එක්ක යාලු උනේ"

උන් දෙන්න හිනා උනා.

"මාලි........... යන්න........ය....යන්න මෙතැනින්" ලැබිච්ච අවසරෙන් නාලක කෙදිරි ගෑව. 

"කට වහපිය බල්ලා" ඒ පාර නාලකගෙ මූනටම වැදුන් අ පාර ගැහුවෙ ලොකු අයියා. 

මාලිකා ඉස්සරහට දුවල ඇවිත් අයියල දෙන්නව නාලකගෙන් ඈත් කරන්න හැදුව. ඒත් එයාට එච්චර හයියක් තිබුනෙ නෑ. පොඩි අයිය එහාට මෙහාට හැරෙද්දි මාලික පස්සට විසි උනා.

ඒත් පොඩි අයිය ගහපු පාර වැරදුනා. වැරදීම නිසාම හොදට රිදෙන්නම ඒක නාලකට වැදුනා. පිටිපස්සට විසි වෙච්ච නාලක එතැන තිබ්බ ගලක ඔලුවත් වද්දගෙන බිම ඇදන් වැටුනා.

මාලිකා අඩාගෙනම නාලක වැටුන තැනට පැන්නා. නාලකව ටිකක් උස්සලා අත් හෙක උඩටගත්තා. 

"මාලි... ය...යන්න..යන්න"

"බෑ බෑ මන් යන්නෙ නෑ" 

මාලිකා නාලකගෙ ඔලුවෙන් අත අරන් බැලුව, හොදටම ලේ එනවා. හොදටම බය උන එයා අයියල දිහා බලල නාලකව අල්ලන් කෑ ගැහුවා.

මාලිකා තමන් ළගට ආව බව නාලකට දැනුනත් එයාට පෙනුනෙ බොද වෙච්ච රූපයක්, මාලිකාගෙත්, අයාගෙ අයියල දෙන්නගෙත් හඩවල් මැකිල ගිහින් පරිසරය සම්පූර්ණයෙන්ම වාගෙ නිස්සද්ද උනා. තමන්ට වෙච්ච දේ හිතාගන්නත් කලින් නාලක සිහිසුන් උනා.

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට


---------------------------------------------------------------------------------
Monday, August 5, 2013
Posted by Tharuka Gunaratne

" නාලක මැතිතුමණි ඔබතුමා මෙම කෙල්ලව තම පෙම්වතිය හැටියට බාර ගන්නවාද?" - මත් මල් - නවකතාව [22 වැනි කොටස]



නාලකත් මාලිකත් මුනගැහිල දැන් හරියටම මාසයක් ගත වෙලා තිබුන. ඒත් මොන හේතුවක් හන්දද මන්ද කෙල්ල නාලකත් එක්ක පුදුමාකාර විදියට යාලු උනා.  ඒ යාලුකම ටිකෙන් ටික ආදරේකට හැරේවි කියල නාලක තියා මම වත් කිසිමදාක හිතුවෙ නෑ.  ඛොහොමින් කොහොම හරි නාලක එක්ක එකදවසක් මාලිකා මේ ගැන කිව්ව. හරියටම ඒ මාලිකාගෙ අයියල දෙන්න තමන්ගෙ නංගිව බලන්න කියල පිටත් වෙච්ච දවසෙමයි.  වෙනදා වගේම දෙන්නම ලෑස්ති වෙලා ඉස්කෝලෙ යද්දි නාල්ක දිහා මාලිකා බැලුවත් නාලක කිසිම දෙයක් ගැන දන් නැති හන්ද වෙනද වගේම සෙල්ලක්කාර හිනාවක් දාල 

“ගුඩ් මෝනින්” කිව්ව. 

මාලිකාත් බයෙන් වගෙ පිළිතුරු දීල නාලක එක්කම ඉස්කෝලෙ යන්න ගෙදරින් පිටත් උනා.  ථමන් ඊයෙ රෑ ඉදන් හිතපු දේවල් ගැන මාලිකා ආයෙම මතක් කලත් නාලකගෙන් ඒක අහන්න එයාගෙ හිතේ තිබුනෙ බයක්. ඈදරේ කරනවනම් නාලක ඒකට හොදම කෙනා බව මාලිකා දැන් අත්දැකීමෙන් දැනන් උන්නා. ඒත් මාලිකා තමන්ගෙ ආදරේ නාලක එක්ක කිව්වෙ නෑ. එයා බය උනා. නාලක ඒකට අකාමැති වේවි කියල. 

“අකමැති උනොත් මට කවදාවත් දැනිල නැති විදියෙ ලැජ්ජාවක් දැනේවි”

මාලිකා හිතුව. 
අන්තිමේ එයා කල්පනා කලේ තමන්ගෙ හිතවතී ශානිකත් එක්ක මේ ගැන කතා කරන්න. 

“මාලිකා ඊයෙ දුන්න ගෙදර වැඩ ටික කලාද?” 

හදිස්සියෙම නාලක ඇහුවා. ඒත් වෙන ලෝකෙක ඉදිය මාලිකාට ඒක ඇහුනෙ නෑ.

“එයි පිස්සී” 
නාලක එහෙම කියල මාලිකාගෙ ඔලුවට තට්ටුවක් දැම්මා. 
එතකොටයි මාලිකාට සිහිය ආවෙ.

“අහ්! අනේ ඇයි නාලක, මොකක්ද කිව්වෙ, මට ඇහුනෙ නෑ”

“මොකෝ ඔයාට මේ වෙලා තියෙන්නෙ? ආ?” 
නාලක ඇහුවෙ තරහින් වගේ.

“මම ඇහුවෙ ඊයෙ දුන්න වැඩ ටික එහෙම කලාද කියල?”

“අහ්! අනේ අමතක උනා!” 
මාලිකා කිව්ව. 

“හපොයි” 

නාලක බිම බලාගෙන යන්න පටන් ගත්තා.

------------------------------------------------
මාලිකා එයාට කොච්චර ළන් උනත් මොකක්දෝ දෙයක් නිසා අවුලෙන් වගේ ඉන්න බවත් ඒක කාටවත් නොකියන බවත් නාලක දනන් උන්නා. ඒක නිසාමයි එයා ඊයෙ මාලිකා නැති වෙලාවක් බලල ශානිකාගෙන් මේ ගැන ඇහුවෙ.

“අනේ දන්නෙ නෑ නාලක. මටත් ඕක තේරුනා දැන් ටික දවසක ඉදන්. එයාට අසනීපයක් එහෙම නම් නෙවෙයි. ලොකු ප්‍රශ්නයක්.  ඒත්  මොකක්ද කියල කියන්නෙ නෑ. ඔයා මොකෝ ඉතින් ඒ ගැන හොයන්නෙ?”

නාලක නිරුත්තර උනා. 

“නෑ ඉතින් යාලුව හන්ද හොයා බලන එක යුතුකමනෙ”

“ආ එහෙමද නැත්නම්…………………”

නාලක මෝඩ හිනාවක් දාල ඔලුව වැනුව. 

“ඔන්න මාලිකා එනව, මොකුත් කියන්නෙ නෑ එයාට එහෙම”

“හරි හරි නාලක ඒ ගැන බය වෙන්න එපා” 

ශානික කිව්ව් පුරුදු විදියෙ පිස්සු හිනාව දාල ඇහැක් වහල.
------------------------------------------------------------------

එදා ඉස්කෝලෙ වැඩ කටයුතු හරියට කරන්න මාලිකාට කිසිම උනන්දුවක් තිබුනෙ නෑ, ඒ මොකද කියල ශානිකා ඇහුවෙත් නෑ. ඒක නිසා මාලිකාගෙ හිතේ දහිරිය අන්තිම බින්දුවටම පිරිහ්ලයි තිබුනෙ. කොහොමින් කොහොම හරි අන්තිමේ ශානිකා මාලිකාවත් ඇදගෙන පිට්ටනිය පැත්තට ගියේ ඉන්ටවල් එක දුන්න ගමන්ම වගේ. 

"මකද මාලි උඹට වෙලා තියෙන්නෙ? ඈ? කොල්ලෙක්වත් සෙට් උනාද"

මාලිකා අහිංසක විදියට ඔලුව වැනුව. 

"නෑ බන්, මේ මම උඹට දෙයක් කියන්න, ප්‍රොමිස් වෙයන් කාටවත් කියන් නෑ කියල. මම ලොකු ප්‍රශ්නෙක හිර වෙලා වගේ, විසදුමක් ඕනෑ"

"ඇත්තටම උඹ ප්‍රශ්න මූඩ් එකේ තමා ඉදියෙ, ඊයෙ නාලකත් මගෙන් ඇවිත් ඇහුව මොකක්ද් උඹට වෙලා තියෙන අවුල කියල."

මාලිකාගෙ උගුර හිර උනා වගේ දැනුන. නාලක???? 

"නාලක මොනාද උඹෙන් ඇහුවෙ? ඇත්ත්මන කියපන් මට"

"ඈ යකෝ! මොකෝ ඔය හැටි ඇඹරෙන්නෙ, ඊයෙ විතරක් නෙවෙයි, හැමදාම ඔයා කරපු කියපු දේවල් ගැන එයා මගෙන් අහනවා."

"එයා මොකෝ මන් ගැන හොයන්නෙ?"

"ඊයෙ මගෙන් ඔයා ගැන ඇහුව වෙලාවෙ මට නම් මොකද කියල තේරුනා" ශානිකා කිව්වෙ හිනාවක් දාගෙන, මාලිකා බයෙන් වග ඉන්න දිහා බලල.

"ඉතින් උඹට තියෙන ප්‍රශනෙ කිවෙ නෑ නෙ"

"කියපන් උඹට මොකක්ද තේරුනේ" මාලිකා ශානිකාගෙ අතින් ඇද්දා.

"කියපන්කෝ"

"අනේ මී හරකියේ වෙන කවුරුත් උඹ ගැන හොයා බලන් නෑ. ඌ ව්තරයි ඔහොම හරි බලන්නේ. අනික කොල්ලෙක්, කෙල්ලෙක් ගැන හොයා බලන්නෙ වෙන මොකටද? උබට හිතා ගන්නවත් බැරිද?"

"ඒ කිව්වේ........." මාලිකා කරකවල අතෑරියා වගේ උනා.

"ඌ උඹට ආදරෙයි මට පේන්නෙ"

"හෑ............................................."
මාලිකා බය උන බව පෙන්නන්න ඕන උනත් අන්තිමේ එයාගෙ මූණට ආවෙ හිනාවක්.

"අහා! මොකෝ කෙල්ල හිනා වෙන්නෙ, මම හිතුවෙ බය වේවි කියල"

මාලිකා ආයෙමත් අර කලින් දාපු මෝඩ හිනාවෙන් ශානිකාට සංග්‍රහ කලා. එතකොට තමයි ශානිකාට මාලිකාගෙ ප්‍රශ්නෙ ගැන තේරුනේ.

"අහා! දැන් මට හිතා ගත්තෑකි උඹේ ප්‍රශ්නේ, උඹ ඌට මයින්ඩ් එකෙන් ලව් නේ?, ඕක කියාගන්න බැරුවද උඹ ඔය ඇඹරුනේ?"

මාලිකා ලැජ්ජාවෙන් වගේ ඔලුව වැනුව. ශානිකා මහදැන්මුත්තියක් වගේ හිනා උනා. 

"ඉතිං බං ඕක මටවත් කියන්න තිබුනනේ, දැන් මම නාලකයට කතා කරල ඔය වැඩේ කරල දෙන්නම්. හයියෝ බය වෙන්ඩ එපා"

"අනේ ශානි" මාලිකා ටිකක් ඇඹරුනා. 
"ඌ අකමැති උනොත්?"

"අකමැති උනොත් වෙන එකෙක් හොයා ගනින්" ශානිකා හිනාවෙලා මාලිකාවත් ඇදගෙන අයෙම ක්ලාස් එකට ගියා. 

**********************************

ශානිකා මාලිකා එක්ක ක්ලාස් එකට ගිය ගමන්ම පීරියඩ් බෙල් එකත් ගැහුව. නාලකගෙ යාලුවො දෙන්න උන් කරන විශය තිබුන පන්තියට පිටත් උනා. වාසනාවට සිකුරාද දවසක්, ඒ නිසා එද මේ පීරියඩ් එකේ මේ විශය හදාරන්න ඉදියෙ නාලක, මාලිකා, ශානිකා සහ තවත් කොල්ලො පස් දෙනෙක්. ටික වෙලාවක් ගත උනත් තාම මිස් ආවෙ නෑ. ඒක නිසා නාලක එක්ක මේක කියන්න මේක හොදම වෙලාවය කියල ශානිකා තීරණය කලා. ඊට පස්සෙ නාලකට කතා කරල මාලිකත් තමනුත් ඉන්න තැනින් වාඩි කරව ගත්ත. 

"නාලක වැඩි කතා ඕන නෑ, මම දන්න විදියට උඹල දෙන්නම දෙන්නට කැමතියි, ඒත් කියාගන්න කැමති නෑ. දැන් කියපල්ල උඹල දෙන්න යාලු උනාම මොකෝ වෙන්නෙ කියල?"

කොල්ලයි කෙල්ලයි දෙන්නම එකපාර ශානිකා දිහා බැලුවෙ කෑලි කපල කන්න වගේ. දෙන්නම රතු උන බව ශානිකා දැක්ක. ඒත් එයාගෙ මූණට ආවෙ හිනාවක්. 

"නාලක මොකෝ උඹ ගොලු වෙලාද? මාලි?"

"නෑ"

තරහින් කියපු කටහඩවල් දෙකක් එකපාරම ඇහුනා.

"ඔය, යසට කතා කරන්නේ, ඉතින් කියහල්ලකෝ, නාලක මැතිතුමණි ඔබතුමා මෙම කෙල්ලව තම පෙම්වතිය හැටියට බාර ගන්නවාද?"

විහිලුවෙන් වගේ ඇහුවත් ටිකක් සීරියස් පෙනුමක් නාලකගෙ වගේම මාලිකාගෙත් මූනට ආරූඩ උනා.

නාලක කතා කලේ නෑ. ඒත් ටික වෙලාවකට පස්සෙ එයා මෙහෙම කිව්ව.

"ශානිකා උඹ නම් ඒක දන්නවනේ, ඒත් මාලි නම් ඒක දන්නෙ නෑ. ඔව්, මම කැමතියි තමයි, ඒත් ඉතින් ඒ මෙයා කැමති නම් තමයි. බලමුකෝ මෙයාගෙ උත්තරේ"

නාලක මේ ටික කිව්වෙ මාලිකා දිහාවත් නොබල. ලැජ්ජාවෙන් වගේ. ඒත් මාලිකා හෙමීට කාටවත් පේන්නෙ නැති වෙන්න නාලකගෙ අතින් අල්ල ගත්තා. 

"මම මොකටද අකමැති වෙන්නෙ නාලක"

"ඔය තියෙන්නේ අපූරුවට" 

දෙන්නටම මොහොතකට අමතක උනාට ශානිකා සතුටින් කෑගැහුවා. ඉස්සරහ පේළිවල උන්න කට්ටියත් එකපාරට හැරිල බලපු හන්ද මාලිකා අකුනක වේගෙන් නාලකගෙ අත අතෑරියා. කටියම බැලුවෙ ශානිකා දිහා. කිසි කෙනෙක් කපල් එක දිහා බැලුවෙ නෑ. අන්තිමේ කට්ටියම හිනාවෙලා ඉස්සරහ හැරුනේ 

"කොහොමත් ඕකිට පිස්සුනේ" කියල.

මාලිකත් නාලකත් දිහා බලපු ශානිකා අන්තිමේ මෙහෙම කිව්ව.

"ඇත්තටම කියන්නෙ උඹල දෙන්නගෙ ෆේස් කට් එක පවා එක වගේ බන්. අම්මපා උඹල දෙන්න හොදට ගැලපෙනවා" 


---------------------------------------------------------------------------------


මීලග කොටසින්................

මාලිකාගෙ අයියල දෙන්න මොකද කලේ?
ආදරේ පටන් ගත්තු දවගෙම දෙන්නට ආදරේදි මුහුන දෙන්න වෙන ලොකුම කරදරේටත් මුහුන දෙන්න උනා. මොකක්ද ඒ?
අන්තිමේ මාලිකාට, නාලකට මොකද උනේ?


ඉතිරිය පසුවට.........................

---------------------------------------------------------------------------------


Friday, August 2, 2013
Posted by Tharuka Gunaratne

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -