Posted by : Tharuka Gunaratne Monday, August 12, 2013



තවත් අලුත්ම අලුත් දවසකට ඉර උදා උනේ අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක. මාස 6යක් ගෙවිල තමන් ආයෙම මේ රටට පය තිබ්බ වෙලාවෙ ඉදන්ම ලංකාව කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියල නාලකට තේරුම් ගිහිල්ලයි තිබුනෙ. ඒ නිසාම කොළඹ නගරෙ තියෙන හැමතැනක්ම වගේ ඉස්සරට වඩා ගොඩක් අලුත් වෙලා තියෙන හැටි එයා දැක්කෙ උදේම වාහනේ පදවගෙන ඔෆිස් එක පැත්තට එන අතරවාරෙ.

ගමේ ඉදන් එන්න දුර වැඩි හන්ද නාලක ඔෆිස් එකට කිලූ මීටර් පහක් විතර ඈතින් තිබුන ගෙයක් කුලියට ඇරන් තිබුන. හැමදාම ඒකෙ ඉදන් වැඩට ආවත් එයාට අමුතු මහන්සි ගතියක් දැනිල තිබුනෙ ගොඩ දවසකින් ගමේ ගිය නැති හන්දමත් නෙවී. ඊටත් වඩා මොකක්දෝ පුංචි බලාපොරොත්තු සහගත හැගීමක් එක්ක මුසු වෙච්ච කලකිරීමක් ගොඩ කාලෙක ඉදන් එයාගෙ හිතේ තිබුන. ඒත් අන්න ඒ කලකිරීම එක්ක මුසු වෙච්ච තරහ හන්දමයි නාලක මේ තරම් දියුණු උනේ. 

"අද හවස ගමේ යනව" නාලක හිතුව. ඇත්තටම අම්මයි තාත්තයි දකින කම් එයාට ඉවසිල්ලක් තිබුනෙ නෑ. හදිස්සියෙ රට ඉදන්  ඇවිත් ගමේ ගිහින් ඉදියෙ එක දවසයි. 

"මේ පාර සතියක්වත් ඉන්නවා"

නාලකට ඉබේම කියවුනා. අම්ම තාත්ත ගැන හොයා බලන්න වෙන කෙනෙකුත් නැති හන්ද එයාට යන්න අවශ්යතාව තදින්ම දැනුන. 

වෙනද වගේම ඔෆිස් එක කිට්ටු වෙද්දි සිග්නල් දල වාහනේ හරවල පාකින් පැත්තට ගෙනත් නැවැත්තුව. සිරිදාස වෙනද වගේම ඇවිත් ගුඩ් මෝනින් කිව්ව. නාලක ඉක්මනින් වචනයක් දෙකක් හුවමාරු කරන් ඔෆිස් එකට ආවෙ වරුවෙන් ඕෆ් එකක් දාන්න හිතාගෙන. 

ඇත්තටම එදා කරන්න කියල වැඩක් තිබුනෙ නෑ. මොනවාදෝ අලුත් හඩුන්වාදීම් වගයක් ගෙන්නලා තිබුන නිසා ඒවයෙ ස්ටොක් බාර ගන්න අත්සන් කරල. තවත් ඔය තිබුන වැඩ ටිකක් එහෙමත් ඉවර කරල නවයට විතර නාලක පුටුවෙන් නැගිට්ටෙ උදේට කන්න හිතාගෙන. ඒත් එක්කම වගේ මැනේජර් ලාල් දුවගෙන ආව.

"සර් කොහේවත් යන්නද?"

"නෑ ලාල් මම මේ කන්න යන්න කියල හැදුවෙ, ඇයි මොකුත් ප්‍රශ්නයක්ද?"

"අපොයි නෑ සර් අර ඉන්ටවිව් එකට දිනයක් දාල තියෙනව. බෝඩ් එකෙන් දැනුම් දුන්නෙ දැන් මේ මාසෙ 25 වැනිද"

"ඒ කියන්නෙ........කවද්ද?"

"තව දවස් තුනකට පස්සෙ සර්"

"ශිහ්! මදැයි කොලා"

"ඇයි සර්? වෙන මොකුත් වැඩක් නම් මම බෝඩ් එකට කියන්නම් වෙන දවසක් දා ගන්න කියල"

"එපා එපා! මම අද වරුවෙන් යනවා. ගමේ යන්න ඕන ලාල්. මම එදා උදේම එන්නම්. කීයටද ඉන්ටවිව් පටන්ගන්නෙ දහයට නේ?"

"ඔව් ඔව් සර්!" ලාල් කිව්වෙ තමන් අතේ තිබුන ෆයිල් එක. මේසෙ උඩින් තියල. 

"එහෙනම් මම යන්නම් සර්"

"ඕ. කේ ලාල්"

කියපු නාලක ලැප්ටොප් එක වහල කැන්ටිමට ගියා.


*************************

හරියටම හවස දොලහමාර වෙද්දි නාලක ඔෆිස් එකෙන් පිට උනා. වෙනදා යන ළග පාරෙන් යන්නෙ නැතුව ඉස්සර මතකයන් අලුත් වෙන්නත් එක්ක පරණ පාරෙන් යන්න කියලයි එයා හිතුවෙ. ඔහොම ටික දුරක් යන කොට. ඒ කියන්නෙ පැයක වගේ දුරක් ගියාම නාලක ඉස්සර ඉගෙන ගනිපු ඉස්කෝලෙ පේනවා. ඒකත් එක්කම තමන් පණට වගේ ආදරේ කරපු මාලිකා වත් නාලකට මතක් උනා. ඉස්කෝලෙ ළන් වෙද්දි නාලක ෆෝන් එක එලියට ගත්ත. යන ගමන්ම නම්බර් එකක් ඩයල් කලා.

"හෙලො!!"

අනිත් පැත්තෙන් ඇහුනෙ සුපුරුදු කටහඩක්.

"මේ ඉස්කෝලෙ ගේට්ටුව ගාවට වරෙන් දැන්ම" 

"හූස් ඉස්පීකින් දෙයා?"

"වරෙන්කෝ ඉස්කෝලෙ ගේට්ටුව ගාවට"

"කව්ද කියහන්කො කතා කරන්නෙ?"

"ඒක උඹට වැඩක් නෑ නෙ. එනවද?"

එහා පැත්තෙන් හොද කුනුහරුපෙකුත් එක්ක ෆෝන් එක තියන "ඩකස්" සද්දෙ ඇහුන. 

නාලක ඉස්කෝලෙ ගේට්ටුව ළගට ඇවිත් වාහනේ නතර කලා. සෙකියුරිටි ගාඩ් එළියට ආව. 

"ඇයි මහත්තයෝ?"

"මට පොඩ්ඩක් ප්‍රින්සිපල් මහත්තයව හම්බ වෙන්න ඕන. පුළුවන්ද?"

"අද අගහරුවාදනේ සර්. පුලුවන්. ඉන්ඩ මම ගේට්ටුව අරිනකම්"

එහෙම කියල මුරකාරය ගේට්ටුව ඇරිය. තාමත් ඉස්කෝලෙ ඇරිල නෑ. ඒක නිසා ළමයි කෑගහන සද්දෙ හොදට ඇහුන. නාලක වාහනේ කාර්යාලය පැත්තට අරන් නැවැත්තුව. ගුරුවරුන්ගෙ වාහන, බයිසිකල් අස්සෙ එතැන වැඩි ඉඩක් තිබුනෙත් නෑ. කොහොම උනත් නාලක ඇදන් ඉදපු අත් දිග සර්ට් එකේ අත් වැලමිට ලගට එනකම් නවාගෙන කාර්යාලය කියල සුදු පසුබිමේ කලු තීන්තෙන් ලියල තිබුන ගොඩනැගිල්ලට ඇතුලු උනා. 

එතැන ප්‍රින්සිපල්ගෙ කාමරේට මෙහායින් නියෝජ්ය විදුහල්පතිවරයා වාඩි වෙලා ඉදියා. නාලක එයා දිහාවෙ බලල. 

"සර්" කිව්ව.

"ඔව්..... මොකක්ද කෙරෙන්ඩ ඕන?" එයා ගාම්භීර විදියට ඇහුව.

"මට අදුරන සර් කෙනෙක්  හම්බ වෙන්ඩ පුලුවන්ද?"

"පුලුවනි, ඔය ඔතන කාමරේ දොර ඇරන් ඇතුලට යන්න. එතනයි ස්ටාෆ් රූම්  එක"

"තෑන්ක් යූ සර්" නාලක ඉක්මනට එතැනින් ඇතුලට ගියා.

ගුරු කාමරේ ඉදිය තුන් දෙනයි. එක මිස්ලා දෙන්නෙකුයි සර් කෙනෙකුයි. නාලක දොර ඇරන් ඇතුලට ආවම වටවෙලා තුන් දෙනාම කර කර හිටපු කතාව නැවතුනා. 

අර සර්ගෙ කටත් බාගෙට ඇරුනා. 

"හත්තිලව්වේ.............................. නා ල ක??????"

අර සර් නාලක ළගට ආවෙ ඉදගෙන ඉදපු පුටුවත් බිම වට්ටල. 

"නාලක???????"

මිස් කෙනෙකුත් කිව්වා.

"ඉතින් කොහොමද?"  නාලක සුපුරුදු කෙළිලොල් බාසාවෙන් කිව්ව.

ගොඩ කාලෙකින් නේ? නැද්ද සාරංග, ම්ම්ම් ශානි?"

"මේ ඇත්තටම ඔයාද?"

අර මිස් කිව්වෙ ලොකු හිනාවක් දාල.

"දෙයියනේ කොල්ල එනස් වෙලා තියෙන තරම්"

"අර අර!!!!!" සාරංග කිව්ව. 

"එළියට වරෙන් කියල මට කෝල් කලේ උඹද?"

"නැතුව ඉතින්. කෝ උඹ මට ***** කියල ෆෝන් එක තිබ්බෙ"

තුන් දෙනාම හිනා උනා.

"ඉතින් වර්න්කො වාඩිවෙයන් මෙහෙන්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනව"

කිව්ව ශානිකා නාලකව ඇදන් ගිහින් පුටුවක වාඩි කෙරෙව්වා. අනිත් මිස් නම් මේ ඔක්කොම බලන් හිටියෙ පුදුමෙන්. සාරංගට ඒක තේරුනා.

"නාලක මේ ඉන්නෙ සුරංගි, අපේ හොද යාලුවෙක්"

"අහා!" නාලක කිව්ව. "කොහොමද?"

"හොදයි!" සුරංගි කිව්ව. එයත් ශානිකා ගාවින් වාඩි උනේ ලැජ්ජශීලී බ්ල්මක් දාල.

"ඉතින් ඉතින් කියන්නකො අපිව අවුරුදු දෙකකට පස්සෙ මත්ක් උනේ ඇයි කියල?"

ශානිකා සුපුරුදු විකාර හිනාව දැම්ම.
"ඒක තමා" සාරංග එකග උනා.

"බලපන් උඹ අවුරුදු දෙකකින් අපිව බලන්න ආවෙ නෑ. අවුරුද්දකින් මට කෝල් කලේ නෑ."

"සමාවෙන්න ඕන දෙන්නම"

නාලක කිව්වෙ බ්ම බලාගෙන.

"උඹලව අමතක වෙලා නෙවෙයි බන් මාස හයකට මට රට යන්න සිද්ද උනා. ඒකයි. අද මම මේ අම්මලව බලන්න කියල ගමේ යන ගමන්. කලින් වතාවෙ එහෙ ඉන්න උනේ එක දවසයිනෙ."

"ඉතින් දැන් බිස්නස් එහෙම සරුද?" සාරංග ඇහුව.

"එව්ව වරදක් නෑ බන්, ඒක නෙවී කෝ චාමරයා?"

"ඌව මේ ටිකේ අල්ලනව බොරු. මිනිහ දැන් පත්තර අච්චු ගහනව"

"ඒ කිව්වෙ?"

"මෙහෙ *** නිව්ස්පේපර් කම්පනියෙ වැඩ කරන්නෙ."

"එහෙමද? ඉතින් උඹල දෙන්නෙ මෙහෙ මොකෝ කරන්නෙ?"

"මම සෝශල් ස්ටඩීස් උගන්නන්නව. ශානිකා ඩාන්සින් ටීචර්"

"ඒක නම් ගැලපෙනව." නාලක කිව්ව.

"ඒ කාලෙ ඉදන්ම නැට්ටුක්කාරිනේ"

"අනේ යනව නාලක යන්න" ශානිකා හිනා වෙලා කිව්ව. 

කට්ටියම හිනා උනා.

"එතකොට සුරංගි මිස්?"

"මම?'' සුරංගි එකපාරටම කිව්ව.

"මම ගණන් උගන්නනෙ"

"හොදා හොදා" නාලක කිව්ව.

"එතකොට මාලිකා ?"

දෙන්නම බිම බලා ගත්තු බව නාලක දැක්ක. 

"ඇයි?"

"මේ උඹ තාම ඒකි ගැන හිතනවද? නෑ නෙ?"

"එහෙම නෙවී බන්. මම ආදරේ කරපු කෙල්ලනේ. ඒකයි ඇහුවෙ"

"ඒකි ඉන්නව කියල නම් ආරංචියි. ඒත් ඉන්නව ඇත්තෙ වැඩි සතුටකින් නෙවී"

"ඒ මොකෝ?"

"මතකද උඹට උන් ගැහුව දවස?"

"ඒ කියන්නෙ උඹල මොකුත් දන්නෙ නෑ. මොකෝ මට ඕව අමතක"

නාලකගෙ හිත අතීතෙට දුවගෙන ගියේ. 

"උඹ එතැන වැටිල ඉද්දි මාලිකාවත් ඇදගෙන උන් දෙන්න පැනල ගිහින්. පව් ඒකි පුදුම විදියට ඇඩුවලු. මට ඒක කිව්වෙ එතන ඉදපු පොරක්. කොහොම හරි උඹ වැටිල ඉන්නව දැකපු අහල පහල කෙනෙක්. ඕක නැන්දට කියල. කට්ටිය එකතු වෙලා උඹව හොස්පිටල් ඇඩ්මිට් කලාමයි උඹලගෙ නැන්ද ශානිකාට කෝල් කරල තියෙන්නෙ. මෙයා මට කිව්ව. අපි යනකොටත් උඹට සිහිය තිබුනෙ නෑ නේ"

"ඔව් මචන් මට මතකයි" නාලක කිව්වෙ ස්ටාෆ් රූම් එකේ කවුලුවෙන් ඈත බලාගෙන. 

"ඊට පස්සෙ නෙ නැන්ද මාලිකාව හොයල එයාගෙ ගෙදරට කෝල් කරල තිබුනෙ. ගෙදරින් කිව්වලු මාලිකා තනියම ගෙදර ආව කියල."


"ඔව් නාලක මම පස්සෙ ඒකිගෙ ගෙදර ගියා. ඕ.ලෙවල් එහෙම ඉවර වෙලා." ශානිකා කිව්ව. 

"සල්ලි මැද්දෙ හැදුන කෙල්ලෙක්. ඒ කාලෙ එයාට ඒ තරම් තේරුමක් තිබුන් නෑ කියලයි උන්ගෙ අම්ම කිව්වෙ. ඒත් මාලි එහෙම නෑ මම දන්නව ඒකි උඹව තේරුවෙ ගොඩක් හිතල බලල.  මම ඕව උන්ගෙ අම්මට කියන්න ගියේ නෑ. කොහොම හරි මාලි මට එනකම්ම කිව්වෙ එකම එක දෙයයි කොහොම උනත් උඹව අමතක කරන්නෙ නෑ කියල"

"ඕක හන්ද තමා බන් මට කැම්පස් යන්නත් හිතුන් නැත්තෙ"

"ඒක නම් උඹ ගත්තු ලොකුම හොද තීරණයක්" සාරංග කිව්ව.

"ඒ මොකෝ?"

මිස්ල දෙන්නයි නාලකයි එකපාරටම අගේ ඇහුව. 

"ඇයි යකෝ උඹ කැම්පස් ගියා නම් අපි වගේ ඔෆිස් එකක් හරි ක්ලාස් එකක් හරි මැද්දෙ කට්ට කනවා. දැන් උඹ එහෙම නෑ නෙ"

කට්ටියම හිනා උනා. 

"අහ්! නාලකට දෙන්න දෙයක් තියනව."

"හ්ම්ම්ම්???????? ඒ මොකක්ද අප්පේ?" නාලක පුදුමෙන් වගේ ඇහුව.

ශානිකා සාරංග දිහාවෙ බලල ඇහැක් ගැහුව.
සාරංග නැගිටල එයාගෙ බෑග් එකෙන් මොකක්දෝ හතරැස් තුනී දෙයක් එළියට ගත්ත. ඊට පස්සෙ නාලක ළගට ඇවිත් ඒක නාලක අතට දුන්න. 

"ඔන්න"

නාලක ලියුම් කවරෙත් ඇරන් ඉස්සරහ උන්න තුන් දෙනා දිහා බැලුව. එයාගෙ මූනෙ ප්‍රශ්නාර්තයක්!!!!!!!!!!!!!!!!!!!!!!

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.......................

---------------------------------------------------------------------------------


{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -