Posted by : Tharuka Gunaratne Friday, August 23, 2013



නැන්දලගෙ ගෙදරින් පිටත් වෙලා නාලක කෙලින්ම ගියේ තමන්ගෙ ගමට. එයාලගෙ ගෙදර ටික දවසක් වත් ඉන්න ආසාවක් තිබුනත් නාලක වැඩ ගොඩ ගැහිල තිබුන බව කියල ආපු දවසට දවස් දෙකකට පස්සෙ ආයෙම කොලඹ එන්න වාහනේට නැග්ගෙ ටිකක් දුකින්. ඒත් අද තියෙන ඉන්ටවිව් එකට යන්නම එපැයි. අම්මටයි තාත්තටයි මේ ගැන කියල නාලක එළියට බැස්සෙ ගෙදර බල්ලගෙත් ඔලුව අතගාල. අම්මයි තාත්තයි නාලකගෙ වාහනේ දූවිලි අවුස්සගෙන ඈතට යන හැටි බලන් හිටිය.

"දැන් මේ ළමයගෙ වයසත් හරි නේද?"

අම්ම කිව්වෙ ආයෙම ගේ දිහාට හැරෙන ගමන්. 

"මොන වයසද?" 
තාත්ත මොකුත් දන්නෙ නෑ වාගෙ ඇහුවෙ වෙන්ඩ යන දේ වටහගෙන. පුංචි හිනාවකුත් මූනෙ පතුරගෙන.

"නරකද හොද තැනකින් කටයුත්තක් කතා කලොත්, අපිත් හැමදාම ඉන්නෙ නෑ නෙ, මේ ළමයට යන කලදසාවක් තියෙන්ඩ එපැයි"

"අම්ම හිතන් ඉන්නෙ අපේ ළමය ගෑනු දරුවෙක් කියාල"

තාත්ත කිව්වෙ හිනා වෙලා. 
"එයාට තමන් ගැන බලාගන්න පුලුවන් නේ, අනික ඔන නොකිව්වය කියන්ඩ එපා. පුතාගෙන් නාහ මොකුත් හෙම කරනව නෙවෙයි"

"එහෙම කරනවද මම"

කියපු නාලකගෙ අම්ම තරහින් වගේ ගේ ඇතුලට ගියා.
තාත්ත හිනා වෙලා මිදුලෙම හිටිය.


****************************
ඒ කෙල්ල ටිකක් අමුතුයි. ඒත් කියන්න බැරි තරම් ලස්සනයි.  දිග කොණ්ඩෙ ලස්සනට පීරල ගොතල තිබුන. ඉස්කෝල ගුරුතුමියකගෙ පෙනුම තිබුනෙ. ඒ උනාට ටිකක් උල් නිකටක් තිබුන රවුම් මූනෙ යාන්තමින් හිනාවක් පැතිරිලා තිබුනෙ හරියට කූඩුවෙන් අතෑරපු කුරුල්ලෙක්ගෙ වගේ. කලුපාටින් වැඩ දමාපු ලා නිල් පාට සාරියත් නිසා දෙනූ දහක් සෙනග අතරෙ කොටුව ස්ටේශන් එකේදි එයාව කැපිල පෙනුන. හෑන්ඩ් බෑග් එකත් උරහිසේ එල්ලගෙන ක්ලියර් බෑග් එකක දමාපු ෆයිල් එකක් තුරුලු කරන් එයා කෝච්චියන් බැස්සෙ ඉස්කෝලෙ කෙල්ලෙක් වගේ දගකාරකමින්. එයාගෙ තාත්ත කියල හිතන්න පුලුවන් ටිකක් වයස කෙනෙකුත් එයා පිටිපස්සෙන් බැහැල එයා එක්ක ඇවිදින්න පටන් අරන් තිබුනෙ දැන් ටික වෙලාවකට කලින් ඉදල.

කෙල්ල කොළඹ ආපු පළවෙනි වතාව බව ටිකක් පෙනුන. වට පිට බල බලා නුහුරෙන් වගේ ගමන් කලේ ඒ නිසා වෙන්නැති. ස්ටේශන් එකෙන් එළියට ආපු එයාල ටිකක් නැවතුනා. අර කෙල්ල තමන්ගෙ හෑන්ඩ් බෑග් එකෙන් පත්තර කොලයක් අරන් තාත්ත අතට දුන්න. මොකක්දෝ දැන්වීමක තිබ්බ ඇඩ්‍රස් එකක් වගේ. පාර පැනපු එයාල එතැන හිටපු ත්‍රීවිල් කාරයෙකුගෙන් ඒ ගැන ඇහුව. 

"තැන නම් ටිකක් දුරයි මහත්තයා"
මැදි වයසෙ ත්‍රීවිල් රියදුරා කිව්වෙ ඇර්ඩස් එක බලල.
"තුන්සීයක් විතර ගන්න වේවි, මීටරේට ගන්න හැටියට"

"කමක් නෑ යමුකො" තාත්ත කිව්ව.

දෙන්නම වීල් එකට නැග්ග. පැය බාගෙක විතර ගමනකට පස්සෙ ත්‍රීවිල් රියැදුරා මෙහෙම කිව්ව. 

"අද අපේ පාක් එකෙන් තුන් හතර දෙනෙක්ම ඔතැනට ගියා, මොකක්ද අද ඔතන තියෙන්නෙ මහත්තයො?"

"ඉන්ටවිව් එකක්, මෙයාත් යන්නෙ ඒකට"

"හ්ම්ම්ම්" රියදුරා ඊට පස්සෙ කතා කලේ නෑ. එයා තේරුම් ගන්න ඇති.

තවත් ටික වෙලාවකට පස්සෙ කොළඹ අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ගිය ත්‍රීවිල් එක එක බිල්ඩිමක් ගාව නැවතුනා. 

"මෙන්න මෙතැනයි තැන" රියැදුරා කිව්වෙ ගාණත් කියල. තාත්ත මුදල් ගෙව්ව.

කෙල්ලයි තාත්තයි ඇතුලට ගියා. ගේට්ටුවෙ හිටපු සෙකියුරිටි ගාඩ්වරයා එයාලව නැවැත්තුව. 

"සමාවෙන්න සර්! අයිඩින්ටිය දෙන්න පුළුවන්ද? ඔය මිස්ගෙත්"

"මෙන්න"

නිළදාරියා මොනවාදෝ පොතක සටහන් කලා. 

"මොකක්ද සර් එන්න හේතුව?"

"අද තියෙන ඉන්ටවිව් එකට"

"අහ්! හ්ම්ම් හරි සර්, මෙන්න පාස් එක. ආපහු යනකොට මේක මෙතැනට බාර දීල යන්න"

"හරි" කියපු තාත්ත නිලදාරිය දුන්න ලා කොල පාට කාඩ් එල්ක සාක්කුවට දා ගත්ත. කෙල්ලවත් අතින් ඇදගෙන ගොඩ න්ගිල්ලට ඇතුල් උනා. සාගරයක් වගේ. කෙල්ලට හිතුන.

"තාත්තෙ කොහෙද දන්නෙ නෑ නේද ඉන්ටවිව් එක තියෙන්නෙ?"

"තාම අට හමාරයිනෙ දුවේ, නවයට නේද පටන් ගන්නව කිව්වෙ?"

"ඔව්නේ. අපි කාගෙන් හරි අහල බලමුද?"

ඒත් එක්කම කලු පාට ජීප් එකක් ගොඩනැගිල්ලෙ කා පාක් එකේ නවත්තන සද්දෙ ඇහුන. කව්දෝ ඒකෙන් බැහැල කඩිසර ගමනින් එනව පෙනුන. එයා දොරෙන් ඇතුල් උනේ පිළිගැනීමේ නිලදරිනියට හිනාවෙල. එයාට වැඩි දුර යන්න හම්බුනේ නෑ. අර කෙල්ලයි තාත්තයි පැනල එයාව නැවැත්තුව. 

"අනේ සර් පොඩ්ඩක් කියනවද අර ඉන්ටවිව් කරන තැන කොහෙද තියෙන්නෙ කියල?" 

කෙල්ල කිව්වෙ බයෙන් වගේ. 

"කෝ බලන්න ඉන්න්කෝ පොඩ්ඩක්" රිසිප්ශන් කවුන්ටරේ ගාවට ආය ගිය ඒ කොල්ල පොතක් පෙරලුවා. ඊට පස්සෙ ආයෙම කෙල්ලයි තාත්තයි ළගට ආව. 

"තුන්වැනි තට්ටුවෙ හතර වැනි කාමරේ. "

එයා කිව්ව. කෙල්ල ඔලුව උස්සල බැලුව. ඒ කොල්ලගෙ ඇස් දෙක දැකල පස්සට විසි උනා. ඒත් කොල්ලට ඒක පෙනුනෙ නෑ. එයා ඒ වෙනකොටත් පඩිපෙලේ උඩට යන්න පටන් ඇරන් තිබුනෙ.

තමන්ට මෙයාව කොහේදි හරි හමුවෙලා තිබුන බව කෙල්ලට තේරුනා. ඒත් මේ තරම් සමීප බවක්? ඒක කොහෙන්ද ආවෙ? අවුරුදු ගානක අතීතෙ තමන්ට සමීප වෙච්ච අව්ය හිතියෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩු තරම්. මේ ඒ අතරින් කව්ද? කෙල්ල බය උනා.

තාත්ත කෙල්ලගෙ අතින් ඇදන් ලිෆ්ට් එකට නැග්ග. තුන්වැනි තට්ටුවට ගිය එයාල හතර වැනි කාමරේ ළගට ගියා. ඔෆිස් එකක් වගේ එකක් තිබුන. ඒකෙ කොරිඩෝ එකේ දහ පහළොස් දෙනෙක්ම වාඩි වෙලා හිටිය. නිළදාරිනියක් එතැන ඉන්න අය පාලනය කරන්න හිටියා. එයාගෙ අතේ ලිස්ට් එකක්. ඇප්ලිකේශන් දාපු අයගෙ. කෙල්ල දැකපු ගමන් ඒ නිලදාරිණිය එයාල ලගට ආව.

"මිස්ගෙ ඇප්ලිකේශන් අංකෙ කියන්න"

"#######" කෙල්ල බයාදු විදියට අංකෙ කිව්ව.


"ම්ම්.... මිස් මාලිකා වික්‍රමසිංහ?"


"ඔව් ඒ මම තමයි"

"යන්න අතන කොනේම සීට් එකෙන් ඉන්න. ටිකක් වෙලා ඉන්න වේවි අන්තිමට නේ ආවෙ."

"කමක් නෑ මිස්"

කෙල්ල තාත්ත දිහා බලල නිලදරිණියට කෙදිරුවා. 

"ඒ වගේම සර් ඔයා" නිලදාරිණිය තාත්තට කිව්ව.

"සමාවෙන්න ඇතුලට ගන්නෙ ඉන්ටවීවර්ස්ල විතරයි. කරුණාකරල විසිටර්ස් රූම් එකේ ඉන්න. ඔය දොරෙන් එහා පැත්තේ"

"හ්ම්ම්" කියපු තාත්ත මාලිකා දිහා බැලුව. අවුරුදු ගානකට පස්සෙ තාත්තගෙ මූනෙ හිනාවක් දැකපු මාලිකා පුදුම උනා. 

"මයෙ කෙල්ල බය නැතුව ඉන්න ඕන හොදේ" තාත්ත මාලිකාගෙ ඔලුව අතගාල දොර ඇරන් එළියට ගියා.

පුදුමෙන් වගේ තාත්ත දිහා බලපු මාලිකා එයාට පෙන්නපු සීට් එකේ වාඩි උනා. 

හරියටම නවය වෙද්දි ඉන්ටවිව් එක පටන් ගත්තා. පලවෙනි කෙනා ඇතුලට ගියායින් පස්සෙ කව්දෝ කෙනෙක් දොර ඇරගෙන එනව පෙනුනා. මාලිකා ඔලුව උස්සල බැලුව. 

දෙයියනේ! අර කොල්ලා මේ පැත්තට එනවා. ඒත් ඇයි මේ කට්ටිය නැගිටින්නේ? මාලිකාවත් ඉබේම නැගිට්ටුනා. එයා ඉන්ටවිව් රූම් එක ඇතුලට ගියේ හෙමීට. හැමෝටම හිනා වෙලා. ඇතුලට ගියායින් පස්සෙ දොර වැහුනා.

මාලිකාට මේ කව්ද කියල දැන ගන්න පුදුමාකාර ඕනකමක් ඇති උනා. එයාව තමන් කොහේදි හරි දැකල තියෙන බවත් සමීප බවත් නිස්සම තමයි ඒ. මාලිකා ලැජ්ජාව පැත්තකින් තියල ඇවිත් හිටපු කෙල්ලො දිහා බැලුව. 

හෑ! කවුරුත් සාරියක් ඇදල නෑ. ඔෆිස් කිට් එකක් ඇදල කොණ්ඩෙ අගර දගර කරල. විලිලැජ්ජාවෙ බෑ! මාලිකාට හිතුන. ඕන එකක් කියල මාලිකා තමන්ට එහා පැත්තෙ හිටපු කෙල්ල දිහා බලල හිනා උනා.
මොකක්දෝ අමුටු හිනාවක් දාපු ඒ කෙල්ලත් මාලිකා දිහා බැලුව.

"සොරි! අර කව්ද ඇතුලට ගියේ?"

"කව්ද? අර දැන් ටිකකට කලින් ගියපු පොරද?"

"ඔව්" මාලිකාට ශානිකාව මතක් උනා. 

"ඒ මේකෙ චෙයාමන් සර්."

"නම?"

"බලන්නකෝ ඇතුලට ගියාම, මටත් හරියට මතක නෑ. නාලක ද නන්දිකද ඔන්න ඔහොම නමක්"

මාලිකා ගල් ගැනුනා. 
ඉන්ටවිව් එකට ඇතුලට ගිය කිසිම කෙනෙක් හිනාවෙලා ආවෙ නෑ! මොනාදෝ මුමුණ මුමුණ තරහින් ආවේ. ඔහොම ඔහොම ගිහින් අන්තිමේ මාලිකාගේ වාරෙත් ආව. ඒ වෙනකොට නම් කවුරුත් හිටිය නෑ රූම් එක ඇතුලෙ මොකද මාලිකා ආවෙ අන්තිමටනෙ.
මාලිකාට කලින් හිටපු කෙනා නම් ප්‍රසන්න මූනෙන් එළියට ආව.

"මොකද උනේ?" මාලිකා ඇහුව.

"අව්ලක් නෑ" එයා හිනා උනා.

"දන්වන්නම් කිව්වෙ"

එහෙම කියපු එයා මොකුත් නොකිය පිට වෙලා ගියා.

දොර ඇරුනා! මාලිකාගෙ පපුව ගැහෙන සද්දෙ කොළඹටම ඇහෙන්න ඇති. අර නිළදාරිණිය ආව. ලිස්ට් එක බලල කතා කලා.


"මිස්. මාලිකා වික්‍රමසිංහ"


මාලිකා නැගිට්ටා. දොර ළගට ගියා.

---------------------------------------------------------------------------------

අද නම් කතාව දාන්න ටිකක් පරක්කු උනා. සමා වෙන්න ඕන.


ඉතිරිය පසුවට..................

---------------------------------------------------------------------------------

{ 4 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -