Archive for September 2013

මත් මල් :: කොටස් වශයෙන් පළවන නවකතාව [අවසාන කොටස]



නාලක ඔෆිස් එකේදිත් මාලිකා එක්කත් ටිකක් විතර වීරකමක් පෙන්නුවට එයාටත් ටිකක් විතර බයක් දැනිලයි තිබුනෙ. ඒක නිසා එයා එදා ගමේ ගියේ මේ ගැන එයාලගෙ දෙමාපියන්ටත් කියන්න හිතාගෙන. නාලක මේ ගැන කිව්වම එයාගෙ අම්මයි තාත්තයි ටිකක් පුදුම උනත් අන්තිමේ කිව්වෙ එයාලටත් මාලිකාව බලන්න ඕනැය කියල.  මාලිකාව එක්ක එන්න නාලක පොරොන්දු උනා. එයාලගෙ පැත්ත්‍රන් අකමැත්තක් නැත්නම් නාලකත් කැමති නම් තමන්ට ප්‍රශ්නයක් නෑ කියලයි දෙමාපියො නම් කිව්වෙ. ඒක නිසා නාලකට තරමක ස්තාවර බවක් දැනුන. ඒත් එක්කමයි නලකගෙ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තෙ…..

“හලෝ”

“හලෝ නාලක”
ක්ලතාකලේ මාලිකා.

“ඔව් මාලි ඇයි හදිස්සියෙ?”

“මොන හදිස්සියක්ද ළම්යෝ, ඔන්න දැන් ඔයාට මෙහෙ එන්න බය වෙන්න ඕන නෑ”

“මොකක්? ඒ මොකද?”
 නාලක ඇහුවෙ පුදුමෙන්. මාලිකාගෙ කටහඩත් අමුතුයි. කෙල්ල ඉන්නෙ පුදුමාකාර සතුටකින් කියල නාලකට තේරුනා. මාලිකා සේරම විස්තරේ නාලක එක්ක කිව්ව. ලොකු අයිය කියපු දේවල්. එයා අම්මලට මේ ගැන කියපු හැටි. ඒ වගේම………….

“ඔන්න නාලක තාත්ත කිව්ව ඔයා එන එක බොහොම හොදයි කියල. ඇවිත්ම කතා කරන්න බැරිය එහෙනම්. ඔන්න මම තිබ්බා. බුදුසරණයි”

නාලක කට ඇරන් බලන් හිටියා. හීනෙකින්වත් හිතපු නැති දෙයක් සිද්ද වෙලා. කුස්සියට ගිය එයා එකදිගට වතුර වීදුරු දෙකක්ම බීගෙනෙ බීගෙන ගියා.


පහු වෙනිද උදේම නාලකගෙ වාහනේ මාලිකාලගෙ ගමේ පාර මැද්දෙන් යනව පෙනුන. වෙලාව උදේ දහය හමාරට විතර ඇති. නාලක ගේ ළගටම  ඇවිත් වාහනෙන් බැහැල එහෙම ගේ දොරකඩට ගියා. කවුරුත් පේන්න නොහිටි හන්ද දොරට ටිකක් හයියෙන් තටු කලා. මාලිකා සාලෙට ආව.
“හානේ නාලක”

Eයා කිව්වෙ ඇහෙන නෑහෙන ගානට. ඓඉට පස්ස්é ගේ දිහාට හැරිල අම්මටයි තාත්තටයි කතා කලා.

“හා මේ නාලක පුතා වෙන්න ඇති” එහෙම කිව්වෙ මාලිකාලයි අම්ම.

“ඔව් නැන්දෙ” නාලක බයෙන් වගේ කිව්ව.

“හ්ම්ම්ම්ම් වාඩිවෙමුකෝ මෙහෙන්”

Eහෙම කිව්වෙ තාත්ත. නාලක හෙමීට වාඩි උනා. මාලිකාලගෙ අම්ම, තාත්ත, අයියල දෙන්න වාඩි උනා. මාලිකා තාමත් හිටගෙන අම්ම ළගම.

“මට දූ කීව හැම දෙයක්ම…. ඔය ළමය රස්සාවක් එහෙම කරනවයි?”

“ඔව් මාමේ. මගෙ තමයි ******** එක. Eඅකෙ කටයුතු තමා මම කරන්නෙ”

“හ්ම්ම්ම් ඒක ලොකු ව්යාපාරයක් නෙ” 

එහෙම කීවෙ ලොකු අයිය. 

“ඔව් සෑහෙන්න මහන්සි වෙන්න උනා ඔය තරමට වත් ගන්න. දැන් සෑහෙන්න අමාරුයුනේ”

නාලක කිව්ව. 

“දැන් මේ ළමයගෙ ගෙදරින් මේ ගැන දන්නවද?”

“මම ඊයෙ එයාලට කිව්ව.”

“අකමැත්තක් නෑ?”

“එයාලට ඔයගොල්ලො හම්බ වෙන්න ඕන කිව්ව. අකමැති වෙන එකක් නෑ”

“හොදයි එහෙනම්”

මාලිකාලගෙ තාත්ත කිව්වෙ එච්චරයි.

“දුවේ මේ ළමයට තේ ටිකක් හදන්න”

මාලිකා ගේ ඇතුලට ගියෙ කිසිම දෙයක් නොදොඩා.

“ළමයො මේ ගැන අපේ විරුද්දත්වයක් නෑ. ඔය ළමය ඉස්කෝලෙ යන කාලෙත් මාලිකා එක්ක සම්බන්දයක් තිබ්බ කියල මට පොඩ්ඩ කීව. මේ ලමයට පොඩ්ඩක් ගැහුව කතාවකුත් කිව්ව. ඒව අපි කාගෙත් වැරදි. “

“අපිට සමාවෙයන් කොල්ලෝ” මෙච්චර වෙලා නිහඩව හිටිය පොඩි අයිය කිව්ව. 

“ඔව් මල්ලි…. අපි ගැන වරදවා තේරුම් ගන්න එපා. ඔය දෙන්න ගැනම අපි හිතන් හිටියෙ වැරදියට. ඒත් අපේ නංගිව හොදට බලා ගන්න ඕන. තේරුනාද ?”

“ඒ ගැන මම පොරොන්දු වෙනව” නාලක කිව්වෙ විශ්වාසනීය හඩකින්. 

“හොදයි එහෙනම්! අර ශානිකා ළමයගෙ මගුල් ගෙදර යනව කිව්ව නේද පුතාලා?”

ඇහුවෙ තාත්ත.

“ඔව් මාමේ”

“හොදයි දූවත් එක්ක යන්න, හැබැයි රෑ වෙන්න කලින් එක්ක එන්න ඕන”

නාලක පුදුම විදියෙ සතුටක් දැනිල වගේ වටපිට බැලුව. මේ අතරෙ කුස්සියට වෙලා මේ කතාව අහන් හිටපු මාලිකාට එකපාරටම හිනා ගිහින් මේසෙ අයිනට වෙන්න තිබ්බ යකඩ පිගානක් මහා සද්දෙන් බිම ඇදගෙන වැටුන. සාලෙටත් ඒක ඇහුන.

“හැබැයි පුතේ ගේ දොර වැඩ නම් උගන්නන්න වේවි”
මාලිකාලගෙ අම්ම කියපු දේ අහල හැමෝම සද්දෙන් හිනා උනා. මාලිකා ඇහැක් අඉන් බිමට වැටෙන්න ගිය කදුලු බිංදුවක් අතින් පිහිද ගත්ත. ගෙදර අය මෙහෙම එකට හිනාවෙනව අහන්න ලැබුනෙ කොයිතරම් කාලෙකට පස්සෙද? නාලක තමන්ටත් ගෙදරටත් සතුට ගෙනාපු දේව දූතයෙක් වගේ කියල එයාට හිතුන. 

අන්තිමේ මේ දෙන්න ශානිකාලගෙ වෙඩින් එකට යනකොට ටිකක් දවල් වෙලා. ඒත් පරණ යාලුවො ඉස්සරහ මාලිකා නාලකගෙ අතින් අල්ලන් ලැජ්ජාවේ ඇඹරුනා. නාලකත් මාලිකාව තුරුල් කරන් හිටියෙ කවදාවත් තනි කරන්නෙ නෑ කියන්න වගේ.  


---------------------------------------------------------------------------------

මෙතෙක් කලක් ඔබත් මමත් අතර වූ මත් මල් නවකතාව අදින් අවසන් වෙනවා. තවත් අලුත් කතාවකින් හමුවෙමු

ලිව්ව මම  - රැන්ඩෙල් කීත්
---------------------------------------------------------------------------------
Monday, September 30, 2013
Posted by Tharuka Gunaratne

"එයාට කරදර කරන්නනම් එපා, එහෙම උනොත් මම යනව ඔලුව හැරුන අතේ" :::: මත් මල් :: නවකතාව [33 කොටස]



මේ සිද්දියෙන් පස්සේ තවත් එක සතියක් ඉගිල්ලිලා ගියා. මාලිකත් වෙනද වගෙ කිසිම වෙනසක් නැතිව ඔෆිස් එකට ආව ගියා. ඒත් මොකක්දෝ මන්ද කලබලේකින් වගේ එයා ඉන්නෙ. නාලක හිතපු හැටියට නම් මාලිකා නාලක තමන්ගෙ ගෙදර එන එකට ඕනවට වඩා බය වෙලා. ඒත් ඒ කෙල්ලට දොස් කියන්නත් බෑ නෙ. ඒකි බය වෙන එක සාදාරණයි. නාලක නම් හිතුවෙ එහෙමයි. දවසින් දවස මාලිකා නාලක එක්ක ගොඩාක් දේවල් කතා කරන පුරුද්ද අඩු උනා. ඒත් අද ඒ කියන්නෙ ශානිකාලගෙ වෙඩින් එකට කලින් දවසෙ මාලිකා ඔෆිස් ඇරුනම නාලක මුණගැහුනෙ ඇත්ටටම බයක් හිතට දැනුන හන්ද.

“නාලක මම ඇතුලට එන්නද?”

“ඔව් එන්න” නාලක කියනව ඇහුන. 
මාලිකා ඔෆිස් රූම් එකට ඇතුල් උනා. කලබලයක් නැතිව වාඩි වෙලා ඉන්න නාලක දැකල පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම බය උනා. සුපුරුදුකම වෙනුවට දැනුනෙ නුහුරු බවක්, ඒත් නාලක ගන්න ඕනම තීරණේකට එකග වෙන්න මාලිකා තීරණය කරල ඉවරයි.

“වාඩි වෙන්න මාලි, මොකද බයෙන් වගේ?”

“බය නැද්ද නාලක, ඔයා කරන්න හදන මේ වැඩේ හන්ද සමහර විට මට ගෙදරිනුත් යන්න වේවි. ඉතින් එහෙම උනොත් මම කොහේ කියල යන්නද?”

“ඔයාව බලාගන්න මට පුලුවනි එහෙම උනෝතින්. ඒ ගැන බය වෙන්න එපා ළමයෝ” නාලක කිව්වෙ මාලිකාගෙ අතින් අල්ලල තද කරල. ඒත් මාලිකාගෙ මූනෙ තිබුන බැරෑරුම් පෙනුම වෙනස් නේ නෑ.

“ඉතින් ඔයා මාව එක්ක යන්න හෙට අපේ ගෙදර එනවද?”

“ඔව් ලෑස්ති වෙලා ඉන්න අපි යන්නෙ ශානිකාලගෙ වෙඩින් එකටනෙ. මම ගෙදර ආවම ඔය ගැන ඔයාල්ගෙ ගෙදර අයත් එක්ක කතා කරන්නම්”

මාලිකා බිම බලාගත්ත. 

“බයද?” නාලක ඇහුවෙ සිනාවෙලා.

“නැතුව, බය නොවී කෝමද”

"අයියෝ බය වෙන්න එපා. කිසිම පශ්නයක් වෙන්නෙ නෑ" 

"ඒ උනාට නාලක මම හිතුවෙ ඔයාට අපේ අයියල ගැන එහෙම අමතක නැතිව ඇති කියල. ආයෙම එහෙම දෙයක් උනොත්?"

මාලිකා බලන්නෙ නාලකව කොහොම හරි නවත්තන්න.

"ඒ මම පොඩි කාලෙනේ දරුවෝ, දැන් මම පොඩි නෑ"

"ඒත්......"

"බය වෙන්න එපා, එන්න මම ඔයාව ස්ටේශන් එකට ඇරලවන්න, අද කලින් යන්න, අද ගමේ යන්න එපැයි ඔයා"

මාලිකා බයෙන් වගේ නාලක එක්කම පුටුවෙන් නැගිට්ටා. ටික වෙලාවකට පස්සෙ මාලිකා ස්ටේශන් එකෙන් බස්සල නාලක ආයෙම ඔෆිස් එකට ආව.


***********************

මාලිකා කලින් තමන්ගෙන් හොදටම ගුටි කාපු කොල්ල එක්ක ආයෙමත් පරණ සම්බන්දකම් අලුත් කරගෙන බව මේ වෙනකොටත් මාලිකාලගෙ ලොකු අයියට ආරංචි වෙලයි තිබුනෙ. එයා දැන් කසාද බැදල ළගදීම දරු සුරතල් බලන්න ඉන්න කෙනෙක්. මාලිකාලගෙ අයිය තවදුරටත් ඉස්සර වගේ පොඩි අයියගෙ තීරන වලට එකපාරටම කැමති උනේ නෑ. දැනුම් තේරුම් තියන කෙනෙක් හැටියට එයා ගත්තු තීරණ ගොඩක් වෙලාවට සාදාරණ ඒව. ඉතින් මාලිකාගෙ අම්මයි තාත්තයි ලොකු අයිය ගන්න තීරණ වලට පොඩි නැඹුරුතාවක් තිබුන. මේ ගැනත් ළගදිම තීරණයක් ගන්න වේවි කියල එයා හිත හිත ඉන්නකොට තමයි මාලිකා ආපු ට්‍රේන් එක ස්ටේශන් එකට සේන්දු උනේ. මාලිකාව එක්ක යන්න ආව මේ ගමනෙදිම වෙන කවුරු මොනව කිව්වත් මාලිකගෙන් ඇත්ත දැනගන්න මාලිකාලගෙ අයිය තීරණය කලා. මාලිකා ට්‍රන් එකෙන බැහැල ළගට එනකල්ම එයා දැක්කෙ නෑ.

"අයියෙ"
මාලිකා කතා කලායින් පස්සෙ ඇස් දෙකත් පිහිදල අයිය බැලුව.

"අහ් ඔයා ආවද? පරක්කු උනානෙ ට්‍රේන් එක හිතුවට වැඩිය"

"අනේ අයිය ගොඩක් වෙලා බලන් හිටියද?"

"නෑ එන්නකො මා එක්ක"

මාලිකා වෙනද වගේම අයිය එක්ක ගිහින් ස්ටේශන් එක ඉස්සරහ නවත්තල තිබුන අයියගෙ කාර් එකට නැග්ගෙ බෑග් එකත් උකුලෙන් තියන්.

ටික වෙලාවක් වාහනේ එළවපු අයිය ටිකක් සෙනග අඩු පාරෙ කොණකින්ම නතර කලා. මෙතෙන්ට ගොඩක් ඈත ලස්සන දර්ශනයක් පේනව. මාලිකා පුදුම උනා.

"නංගි පොඩ්ඩක් බහින්නකො"

"ඇයි අයියෙ?"

"එන්න, කතාවක්  තියනව අහන්න"

මාලිකා බැස්සා, අයිය ළගටම ගියා. අයිය ඈත බලාගෙනම කතාව පටන් ගත්ත.

"නංගි මම දැන් සම්පූර්ණ මිනිහෙක්. මට ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න ඕනැ නෑ. ඒත් මට ඔයාගෙන් යමක් හරියටම දැනගන්න ඕන"

"මොකක්ද අයියෙ?" මාලිකා රත් උනා. ඒත් ඒක පෙන්නුවෙ නෑ.

"නංගි අර කොල්ලත් එක්ක ආයෙම යාලු උනා නේද?"

මාලිකා බිම බලාගත්ත. අයියට ඇත්ත කියනවද නැත්නම් බොරුවක් ගහනවද කියල මාලිකා හිතුව. හෙට නාලක ගෙදර ආවම එයා ඕක කොහොමත් දැනගන්නවනේ, ඉතින් වෙන දෙයක් දැන්ම උනාවේ කියල මාලිකා හිත හදා ගහ්ට්ත.

"ඔව්......ඔව් අයියේ"

මාලිකා කිවෙ බිම බලාගෙන.

"ඕකව ඔයාට ශුවර්ද?"

"ඔව්"

"මිනිහ කිව්වෙ නැද්ද පැනල අමු කියල එහෙම"

"නෑ"

"මිනිහ වැඩ කරන්නෙත් ඔයාලගෙ ඔෆිස් එකේම නේද?"

"ඔව්, ඒත්......."

"ඒත් කියන්න දෙයක් නෑ මම ඔක්කොම දන්නව"

"අයිය අම්මලට කිව්වද?"

"නෑ, ඔයාගෙ අදහස ඇහුවෙ ඒකයි.... කියන්න ඉතින් ඔයා ඇත්තටම ඒ කොල්ලට කැමතිද?"

"ඔව් අයියෙ"

"මිනිහ නංගිට කරන්නෙ බොරුවක් එහෙමනම්?"

"නෑ"

"කොහොමද හරියටම කියන්නෙ?"

"එයා හෙට අපේ ගෙදර එනව කිව්ව. අම්මලට මේ ගැන කියන්න"

"මොකක්????"

"ඔව් අයියෙ මම එයාව නවත්තන්න පුලුවන් තරම් ට්‍රයි කලා. ඒත් එයා අහන්නෙ නෑ, එයා කියන්නෙ හැංගි හැංගි මට ආදරේ කරන්න බෑ කියල"

"ම්ම්ම්ම් මිනිහ එහෙමත් කිව්වද?" 

ලොකු අයිය අමුතු විදියට හිනා උනා.

"අනේ අයියෙ එයාට කරදර කරන්නනම් එපා, එහෙම උනොත් මම යනව ඔලුව හැරුන අතේ"

අයිය මාලිකා දිහා බැලුව. මාලිකාගෙ ඔලුව අතගෑව. කවදාවත් නැතුව.

"නෑ මම හිතන්නෙ අපෙන් ප්‍රශ්නයක් ආවට පස්සෙත් මිනිහ ඔයා එනකල් බලාන හිටියනම්............"

"ඔව්ව්ව්ව්ව්.......... ඉතින්"

"මිනිහ ඇත්තටම ඔයාට ගැලපෙනව නේ"

"හෑ??"

"ඔච්චර ඇස් ලොකු කරන්න දෙයක් නෑ. මම ඕක අම්මලට කියන්නම්. එයාල කැමති කරල දෙන්නම්කෝ. පොඩ්ඩත් අවුලක් දාන එකත් නෑ"

"මේ ඔයාමද අයියේ?"

මාලිකා ඇහුවෙ අඩන්න වගේ. ඇත්තටම මාලිකාගෙ ඇස් දෙක කොයිවෙලේ හරි අඩන්න ලෑස්ති වෙලයි තිබුනෙ. දරාගන්න බැරි උන කදුලු බිංදුවක් මාලිකාගෙ ඇස් අගින් එලියට ඇවිත් කම්මුල දිගේ පහලට ආවා.

"ඔය ඉතින්......... මේකිට හොදක් කලත් අඩනවා නරකක් උනාම අඩන කදුලු ඉතුරු කර ගන්නවා"

"අනේ නෑ" කිව්ව මාලිකා ලේන්සුවෙන් ඇස් දෙක පිහිදන් ලස්සනට හිනා උනා. 

ඉර බැහැල යන්නත් ඇවිත්. ඈත් කදු අතරින් රතු පාට වලාකුලු මැද්දෙන ඉර බැහැල යන හැටි මාලිකත් අයියත් බලන් හිටිය. ඒත් ඉස්සර නැති අමුතු දෙයක් එතැනට අලුතින් එකතු වෙලා. හිරු රැස් පවා මාලිකාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිනා උනේ ලස්සන අනාගතේක හීන බවන්න ආරාදනා කරන්න වගේ. මාලිකාගෙත් අයියගෙත් හෙවනැල්ල කාර් එකේ යකඩ තහඩු මත් ඔහේ වැතිරිලා තිබුන..............


---------------------------------------------------------------------------------

අවසාන කොටස මීළගට...............................

-----------------------------------------------------------------


Thursday, September 26, 2013
Posted by Tharuka Gunaratne

"උඹල දෙන්න ආයෙම දෙපැත්තට ගියොත් අපිටත් ගොඩක් දුක හිතේවි" |||| මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [32කොටස]


දවස් තුන හතරක් ගත උනා. මාලිකා නාලකගෙ ඔෆිස් එකේ වැඩ හොදින් කරගෙන ගියා. අමුතුවෙන් අමාරුවක් දැනුනෙ නැතත් නාලක තමන්ගෙ ළගම කෙනෙක් උනත් මාලිකා වැඩ කලේ මහන්සියෙන්. ටිකෙන් ටික මේ දෙන්න ගැන ඔෆිස් එකේත් කතා වෙන්න පටන් ඇරන් තියෙන බව මාලිකාට පේනව. ඒත් කිසිම කෙනෙක් ඒක ගැන නරක විදියෙ කතාවක් නම් කිව්වෙ නෑ. මොකක්දෝ මන්ද හේතුවක් හන්ද හැමෝම වගේ කිව්වෙ නාලකටම ගැලපෙන ළමය කියල. කොහොමින් කොහොම උනත් පහුවෙනි මාසෙ උදාවෙන සතියෙම අලුත් ආරංචියකුත් එක්ක තවත් කපල් එකක් ආව ඔෆිස් එකට.


*****************

ටක් ටක් ටක්

කව්දෝ ඔෆිස් කාමරේ දොරට ගහනව ඇහුන. නාලක කරමින් හිටපු වැඩේ නවත්තල බැලුව.

"කම් ඉන්"

මාලිකා දොර ඇරන් ඇතුලු උනා,

"නාලක දෙන්නෙක් ඇවිත් ඔයාව හම්බ වෙන්න, එක්කන් එන්නද?"

"මාව? කව්ද මාලි ඒ? එන්න කියන්නකෝ බලන්න"

මාලිකා දොර ගාවට ගිහින් කාටදෝ කතා කලා. ඇතුලට ආවෙ ශානිකායි සාරංගයි.

හතර දෙනාම වාඩි උනාට පස්සෙයි සාරංග කතාව පටන් ගත්තෙ.

"ඉතින් නාලක......"

"මොකෝ මේ හදිස්සියෙ? කියලවත් නෙවීනෙ ආවෙ" නාලක කීව.

"නොකිය හරි ආවනේ"

"ඇත්තටම කොකෝ අවුලක් ද?"

"අපෝ නෑ නාලක අපි වෙඩින් එකට ඕන බඩු ටිකක් ගන්න ආවෙ, ඒ ගමන් ඔයාවත් බලල යන්න හිතුව"

"දෙයියනේ තව සතියයි නේද ඕකට?" නාලක ඇහුවෙ ඇස් ලොකු කරල.

"නැතුව" ශානිකා සද්දෙන් හිනා උනා.

"මාලිකත් ඉන්නෙ, කොහොමද තොරතුරු?"

මෙච්චර වෙලා කතාවක් නොකර හිටපු මාලිකාගෙන් සාරංග ඇහුව.

"හොදයි සාරංග වරදක් නෑ"

"අහා ඊලගට උඹලයි වෙඩින් එකලු නේ"

ශානිකා කිව්වෙ නාලක දිහා බලල ඇහැක් ගහල.

"ලොක්කයි සෙකට්‍රියි. අපූරු කපල් එක"

මාලිකා රතු පාට උනා, එයා නාලකට කොයිතරම් ආදරේ කලත් කසාදයක් ගැන හිතුවෙ නෑ. කලින් දවසෙ නාලක එක්ක මාලිකා කොළබ පුරාම ඇවිද්දා. ගොඩාක් දේවල් කතා කලා. නාලක දිහා බලන හැම වතාවකම ඉස්සෙල්ලටත් වඩා ආදරේ  ඒ ඇස් වල පිරිල තිබුන බව මාලිකා හොදින්ම දැක්ක. ඒත් වෙඩින් එකක් ගැන එයා කිසිම දෙයක් කිව්වෙ නෑ. මාලිකත් එක්කම බීච් එකේ වාඩි වෙලා ඉර බැහැගෙන යනකම්ම නාලක කලේ මාලිකාව හිනස්සපු එක. ගොඩාක් කාලෙකින් තමන් එක්ක විහිලු කරල ආදරෙන් කතා කරල අවංකව හිනාඋන කෙනක් මාලිකාට මතකත් නැති තරම්. එයා නාලකට කොයිතරම් ළං උනත් කොයිතරම් ඈත් උනත් නාලකගෙ ආදරේ අඩුවක් වෙන්නෙ නැති බව දැන් නම් මාලිකා හොදටම දන්නවා.

"මොකෝ මාලි කල්පනා කරන්නෙ?" ශානිකා ඇහුව.

"නෑ මොකුත් නෑ" මාලිකා පියවි ලෝකෙට ඇවිත් උත්තර දුන්නා.

"අර බලනවා ඒ කෙල්ල බය උනා"

සාරංගත් කිව්ව.

"අපි තාම එහෙම එකක් ගැන කතා කලේ නෑ"

මාලිකාව බේරගන්න ඉදිරිපත් උනේ නාලක. මාලිකා ලැජ්ජාවෙන් බිම බල ගත්ත.

"ඒත් ගොයියෝ වැඩේ ලේසි නෑ. මෙයාග පැත්තෙ අය කැමති වෙන්නත් එපැයි."

"ඒක මම බලාගන්නම්කො" නාලක කිව්ව.

"නාලක අපේ වෙඩින් එකට එන්නම ඕන ඔන්න." ශානිකා කතාව වෙනස් කලා.

"නෑවිත් කොහොමද ඉතින්. මී හරක් කසාද බදිනවා හැමදාම පෙන්නන්නෙ නෑ නෙ"

"අම්මපා කොල්ලෝ උඹ තාම අර ක්ලාස් එකේ හිටපු එකා නම් මම මෙලාකට උඹට ගහල"

ශානිකා කිව්වෙ තරහක් මවාගෙන. මාලිකාටත් ඇත්තටම හිනා ගියා. ඒත් වැඩි කතාවක් කලේ නෑ.

"මාලි එනවද?"

"ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්ද ඉතින්"

"අනේ මන්ද කියල බෑ එන්නම ඕන, ඔන්න මම ඔයාටත් ඉන්විටේශන් එකක් අරගෙනයි ආවෙ. නාලකට නම් කලින්ම දුන්නා."

මාලිකා ඉන්විටේශන් එක අරගත්ත. ඒක ඇරල පොඩ්ඩක් ආසාවෙන් වගේ අතගෑව.

නාලක මාලිකා දිහා බැලුව.

"මාලි ඒවි, මම එයාව එක්ක එන්නම්."
ශානිකත්, සාරංගත් නාලක දිහා බැලුවෙ පුදුමෙන් වගේ. 

"ඔයා එක්ක එන්න?"

"අපූරුවට තියෙයි"

"නාලක ඔයා කොහොමද ඔහොම බයක් සැකක් නැතුව මාලිකාගෙ ගෙදර යන්නෙ? මතකනෙ කලින් වෙච්ච දේ?"

"අමතක නෑ! ඒත් කවද වෙනකම් හැංගිමුත්තන් සෙල්ලම් කරන්නද. මම එදාම ගිහින් කියනව මම මෙයාට ආදරෙයි කියල. ඒක මහ ලොකු අමාරු දෙයක් නෙවීනෙ "

මාලිකා එකපාරටම නාලක දිහා බැලුව. බයෙන් වගේ. ඇස් දෙකත් ලොකු වෙලා.

"න..........නා.....නාලක ඔයාට පිස්සුද?"

"මේ අහන්නකො ළමයෝ. මම ඕක නොකිව්වත් කවද හරි එයාල ඕක දැන ගන්නවා. අනික අපේ අම්මයි තාත්තයි මට වෙන කාව හරි මාට්ටු කලොත්. මම බෑ කිව්වම එයාලගෙ හිත රිදේවි. ඒක නිසා ඊට කලින් මේකට විසදුමක් ඕන."

"විසදුමක් නෑ" සාරංග කිව්ව.

"මටත් හිතෙන්නෙ ඔයා හරි නාලක. ඔයාට වගේ නෙවී මාලිකාට කවුරු හරි ප්‍රපෝසල් එකක් ගෙනාවොත් එයා ලොකු අමාරුවක වැටෙනවා. එයා බෑ කිව්වට අම්මල අහන එකක්වත් නෑ. ඒ හන්ද බෙල්ල ගහල යන වැඩක් උනත් මේක ඔයාලට කරන්නම වෙනවා."

ශානිකා කිව්වෙ ටිකක් කල්පනා කරල බලල.

මාලිකා උඩ බිම බැලුව. එයා යාලුවො තුන් දෙනා දිහා බැලුවෙ දියේ ගිලෙන්න යන කෙනෙක් බේරගන්න කියන්න වගේ බැල්මකින්. දුකත් හිතෙනව එයාව දැක්කම නම්.

"මාලි මොකෝ කියන්නෙ? අපිට වෙන කරන්න දෙයක් නෑ. මට නම් බෑ මොයා වෙන කෙනෙක් එක්ක යනකම් බලා ඉන්න"

මොකුත් නොකිව්වට මාලිකාටත් ඒක එහෙමම දැනුන. ඒත් ඔය තීරනේ පසු විපාක ගැන එයා ටිකක් වැඩිපුර හිතුව. කොහොම උනත් ගෙදරට කියන්නෙ නැතුව මේ වැඩේ කවදාවත් කෙරෙන්නෙ නැති බව නම් එයා දන්නව.

"අපරාදෙ නාලක උඹ මේ තරම් ලොකු බිස්නස්කාරේක් නොවුනනම් උඹල දෙන්නට පැනල යන්ඩ හරි තිබ්බා. දැන් එහෙම උනොත් පත්තරවල හිටන් යයි මේවා"

සාරංග හිනා වෙලා කිව්ව. 

"ඇත්ත. ඒ නිසා ඔය වැඩේ කරන්නම වේවි ඔයාලට. බය වෙන්න එපා මාලි මමත් ගෙදරට විස්තරේ කියන්න කලින් ගොඩක් බයෙනුයි ගිටියෙ. ඒත් සාරංගට අම්මල කැමති උනා. ඉතින් නාලකට අකමැති වෙන්න හේතුව මොකක්ද?"

ශානිකා කිව්ව.

"මාලි කියන්නකෝ ඉතින්? අපිට වෙන කරන්න දෙයක් නෑ. ඔයාට පේනවනේ?"

නාලකත් කිව්ව.

"ඔන්න ඔහේ කැමති වෙයන් මාලිකා" සාරංගත් කිව්ව.

"උඹල දෙන්න ආයෙම දෙපැත්තට ගියොත් අපිටත් ගොඩක් දුක හිතේවි."

මාලිකා ටිකක් වෙලා කල්පනා කලා. දෙතුන් පාරක් හොදට හුස්ම ගත්ත. හාට් පේශන්ට් කෙනෙක් වගේ. අන්තිමේ දිග හුස්මක් හෙළල එහෙම

"හොදයි නාලක අපි එදාට කියමු"

කිව්වා........

---------------------------------------------------------------------------------

ඉතිරි කොටස පසුවට....................

---------------------------------------------------------------------------------


Monday, September 23, 2013
Posted by Tharuka Gunaratne

"හයියෝ තාම ඔයා පුංචි කෙල්ලෙක්නේ කීයද වයස?" :: මත් මල් :: නවකතාව [31 කොටස]



සදුද දවසෙ මාලිකා උදෙන්ම නැගිට්ටෙ වෙනද වගේ අමුතු හැගීමක් එක්ක නෙවෙයි. මාලිකා ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වගේම ආයෙම සතුටින් ඉදියෙ. උදේ පාන්දර කුකුල්ලු හඩලන වෙලාවෙ නැගිට්ටත් නිදිමතක් තිබුනෙම නෑ වගේ. ටික වෙලාවකට පස්සෙ මාලිකා කාමරෙන් එලියට ආවෙ අලුත් රැකියාවට යන්න ලෑස්ති වෙලා. අම්මයි තාත්තයි මාලිකා දිහා බලල මූනෙන් මූන බලාගත්තෙ මෙච්චර ලස්සන් දුවක් ඇත්තටම අපිට හිටියද කියන්න වගේ. මාලිකාව කෝච්චියට දාන්න තාත්තයි ලොකු අයියයි දෙන්නම ස්ටේශන් එකට ආව. තවත් ටික වෙලාවකින් සද්දෙ දාගෙන කොලඹ යන්න පිටත් වෙන දුම්‍රියෙ මාලිකා තනි උනා. තාමත් එලිය වැටිල නෑ. උදේ හතරෙ කෝච්චියෙ පිටත් උනාම කොලඹට යන්න පැය තුන හතරක් යනව. ඉතින් මාලිකා දුම්‍රිය මැදිරියෙ මලානික එලිය අස්සෙන් ජනේලෙ කොනට ඔලුව තියාගෙන නිදාගන්න උත්සාහ කලා. ඒත් එයාට නින්ද ගියේ නෑ. මාලිකාට පාලුවක් දැනුන. එයා ෆෝන් එක අතට අරන් නාලකට කෝල් එකක් ගත්ත.

ටික වෙලාවක් ඩයල් වෙනව ඇහුන. මාලිකාට මතක් උනේ වෙලාව හතරට විතර ඇති කියල. නාලක ගොරව ගොරව නිදි ඇති.  ටික වෙලාවක් ගියා... ම්හ්හ්හ්............. ප්‍රතිචාරයක් නෑ. දෙවැනි පාරත් නාලකට කෝල් කලා.

රින්ග්ස් යනවා........

"හෙලෝ"

"හෙලෝ නාලක" මාලිකා සතුටින් කතා කලා.

"කව්ද ඔය?" නාලකගෙ කටහඩේ නිදිමත බේරෙනවා.

"මේ මම මැට්ටෝ"

"ආහ් මාලි, මොකද මේ මහ රෑ?"

"කම්මැලියා. තාම නිදිද? දැන් පාන්දර හතරයි කාලයි. මම ඔෆිස් එනව"

"මොන ඔෆිස්ද?"

"අනෙ නාලක ඔය නිදිමත් නම් නිදා ගන්න. මම ඇවිල්ලම කතා කරන්නම්කෝ"

"නෑ නෑ මාලි.... විහිලුවක් කලේ කියන්න ඉතින්"

ඔන්න මාලිකාට සුදුසු වචනෙ ලැබුනා. කොහොම හරි කෝච්චිය කොලඹට ලන් වෙනකොට තමා මාලිකා ෆෝන් එක තිබ්බේ.

කොටුව ස්ටේශන් එකෙන් බැහැල මාලිකා කෙලින්ම බස් එකක නැගල ගියේ ඔෆිස් එකට.  වෙලාව අටට විතර ඇති. මාලිකා ඔෆිස් එකට ඇතුල් වෙලා තමන්ගෙ අපොයින්මන්ට් ලෙටර් එක පිලිගැනීමේ නිලදාරිනියට පෙන්නුව.

"මිස්... කරුනාකරල කියනවද මම කොහෙටද යන්න ඕන?"

"අහ්! මිස් නේද  නාලක සර්ගෙ අලුත් සෙකට්‍රි?"

"ඔව් ඔව්"

"එන්න මිස් මා එක්ක. මම පෙන්නන්නම් මිස්ගෙ වර්ක්ප්ලේස් එක"

මාලිකා පිලිගැනීමේ නිලදාරිණිය පස්සෙන් වැටුන. අන්තිමේ එයාල නතර උනේ හතර වැනි තට්ටුවෙ. සාගරයක් වගේ ඔෆිස් රූම් එකක් මැද්දෙ.

"මෙන්න මේකයි මිස් ඔයාගෙ තැන. තාම සර්ගෙ ස්ටාෆ් එකේ කවුරුත් නම් ඇවිත් නෑ."

"හොදයි තෑන්ක්ස්"

"මිස්ගෙ නම මොකක්ද?"

"මම මාලිකා"

"මම රෝශිනී. සතුටුයි අදුරගන්න ලැබුන එකට මිස්."

මාලිකා එයා එක්ක හිනාවෙලා අතට අත දුන්න.

"එහෙනම් මිස් මම යනව පහළට. අනිත් අය ඉක්මනට ඒවි"

"හොදයි"

මාලිකා තමන්ට වෙන් වෙච්ච තැන සීට් එකේ ඉද ගත්ත. තමන්ගෙ සීට් එකට අමතරව ඉස්සරහින් තවත් සීට් දෙකක් තිබුන. ඒව තිබුනෙ අනිත් අයට වෙන්න ඇති කියල මාලිකා වැඩි කලබලයක් නොපෙන්වා වටපිට බලන්න පටන් ගත්ත.

"ගුඩ් මෝනින්"

කව්දෝ කියනව ඇහුන. තමන් ඉස්සරහ හිටන් උන්න වලහෙක් වගේ ගෑනු කෙනෙක් දැකල මාලිකා ටිකක් තිගැස්සුනා.

"ඔහ්! ගුඩ් මෝනින්"

"මිස් බය උනේ නෑ නේද?" එයා කිව්වෙ මාලිකා දිහා බලල.

"මම සාගරී. මෙතැන ෆිනෑන්ශියල් සෙකට්‍රි"

"සතුටුයි අදුරගන්න ලැබීම"

"ඔයා මිස් මාලිකා නේද? හොදයි අලුතින් නේ ආවේ? "

"ඔව් මිස්." මාලිකා යටහත් පහත්ව කිව්ව.

"හ්ම්ම්ම්ම්ම්" කියපු ඒ ගෑනු කෙනා. එයාගෙ පුටුවෙ ඉදගෙන මොකක්දෝ පොතක් ඇදල ගත්තා.

"මිස් මාලිකා, ඔයා ඇටෙන්ඩන්ස් අත්සන් කරල නෑ නේද? හ්ම්ම් ඇවිත් අත්සන් කරන්න මෙතැන"

මාලිකා බයෙන් වගේ ගිහින් සයින් කලා.

"මීට කලින් කොහෙද වැඩ කලේ?"

"මේ පලවෙනි ජොබ් එක මිස්"

"එක්ස්පීරියන්ස් නෑද?"

"නෑ මිස්"

"හ්ම්ම් ඒත් ඔයා සර්ගෙ සෙකට්‍රි නේ. ඒකට එක්ස්පීරියන්ස් ඕන නෑ. සර්ගෙ වැඩ වලට උදව් කරල. ඒව ඔක්කොම ශෙඩියුල් කරන්න ඕන. වෙලාවට වැඩ. තේරුනා ද?"

එයා කිව්වෙ ඇගිල්ලත් උරුක් කරල ඉස්කෝලෙ ගුරුතුමියක් වාගෙ. මාලිකා බය උනා.

"හොදයි මිස්"

"හයියෝ මොකද ළමයෝ බය වෙලා වගේ!" එයා ඒ පාර කිව්වෙ අම්ම කෙනෙක් වගේ.

"ඔහොම බය වෙන්න එපා. ඔය කලබල ගතිය ටික දවසකින් නැති වෙයි"

මාලිකා ඔලුව වැනුව.

"ආ ඔය එන්නෙ නිර්මාල්. එයා තමයි මෙහෙ මීඩියා මැනේජර්. එයාටත් බය වෙන්න නම් එපා"

එතනට ආවෙ මැදිවියේ පිරිමි කෙනෙක්. ඈත තියාම එයා සුබ උදෑසනක් පැතුව.

"මේ කව්ද සාගරී මිස්? හ්ම්ම්?"

එයා ඇහුවෙ අර ගෑනු කෙනා ගෙන්.

"ආ... මේ ඉන්නෙ මිස් මාලිකා. සර්ගෙ අලුත් සෙකට්‍රි"

"ආහා චීෆ් සෙකට්‍රි නේද? මට කිව්ව සර්"
"ඔව් සර්" මාලිකා හෙමිහිට කෙදිරුවා.

"හයියෝ තාම ඔයා පුංචි කෙල්ලෙක්නේ කීයද වයස?"

එයා හිනා උනා. නරුම හිනාවක් නෙවෙයි. හොද අවංක හිනාවක්. ඒ නිසා උත්තර දෙන්න මාලිකා බය උනේ නෑ.

"විසි තුනයි සර්"

"මම කිව්වෙ"

තුන් දෙනාම හිනා උනා.

තමන්ට මෙතැන කිසිම කරදරයක් නැති බව දැනුන මාලිකාත් ඒ අය එක්ක සුහදව හිනා උනා. කතා කලා. වැඩ පටන් ගන්න්ත් කලින් එකට වැඩ කරන අය මාලිකා ගැන ගොඩක් පැහැදුනේ එයාගෙ කතා බහ නිසා


--------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට .......................


--------------------------------------------------------------------------------
Monday, September 9, 2013
Posted by Tharuka Gunaratne

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........


මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1.
මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා.

කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව.


දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............

add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව. 

ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු.

පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න!



මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්න.

බුකියේ මම https://www.facebook.com/dinukawijesinghe

එහෙනම් මම ගියා හැමොටම කිවුව ඔන්න.
Friday, September 6, 2013
Posted by Dinuka Wijesinghe
Tag :

"මාලි. මම මේ කියන්නෙ කාගෙත් හොදට. නැත්නම් උඹත් ගස් මමත් ගස්" :: මත් මල් :: නවකතාව [30 කොටස]



නාලක එදා නිවාඩුවක් දාල එහෙම මාලිකාලගෙ ගමේ යන්න පිටත් උනේ මේ ගැන කාටවත්ම කියන්නෙ නැතුව. නාලකට දැනුනෙ සතුටක්. කොහොම උනත් නාලක මාලිකාලගෙ ගමට එනකොට නම් ටිකක් ප්‍රමාද වෙලා තිබුන. ඒත් සුරංගිලගෙ ගේ හොයා ගන්නත් ටිකක් වෙලා ගිය හන්ද හුගක්ම ප්‍රමාද උනා. මාලිකත් සුරංගිත් නාලක එනකම් බලන් හිටියෙ මිදුලට වෙලා.

සුරංගිලගෙ ගෙදර තියෙන්නෙ පරණ පොල් වත්තක් මැද, ඒ නිසා කිසි කෙනෙකුට මෙහෙ වෙන දේවල් පේන්නෙ නෑ. ඒක හොද නිසාමයි නාලක මේකට කැමති උනේ. තමන් මාලිකාව හම්බ උන බව දැන ගත්තොත් මාලිකාට ගෙදර ඉන්නත් නැති වෙන බව එයා හොදින්ම දන්නව. 

"හයියෝ නාලක"

නාලක වාහනෙන් බහින්නත් කලින්ම මාලිකා කිව්ව.

"බලන්න ලමයෝ ඔයා පැයක්ම පරක්කුයි"

"කොහෙද ඉතින් කැලේ යනව වගේනෙ" නාලක කිව්වෙ විහිලුවට.

"පාරවල් හොයන් එන්න උනේ, මම කලින් ඇවිත් නෑ නෙ"

"අනේ කමක් නෑ"

"ඇතුලට ඇවිත් වාඩි වෙන්න නාලක, මාලි ඔයාත්"

කට්ටියම ඇතුලට ගියා. සුරංගි දෙන්නට මෙහෙම කිව්ව.

"ඔන්න පිස්සු නටන්න බෑ හොදේ. කතා කරන දෙයක් කතා කරන් ඉක්මනට යනවලා."

"එහෙම කොහොමද?" දෙන්නම එකපාර වගේ ඇහුව.

"හා හා ඕන එකක්" සුරංගි කිව්ව.

"ඉන්නකෝ මම තේ ටිකක් හදන්නම්"

සුරංගි පිටත් උනා. මාලිකත් නාලකත් තනි උනා. ගොඩ කාලෙකින් තනියම ටිකක් කතා කරන්න ලැබුනෙ. ඒ නිසා දෙන්නම හුගක් කතා කලා. වැඩියෙන් කියෙව්වෙ මාලිකා. නාලක අහන් ඉදියා. අන්තිමේ හිනා උනා. ඔහොම ඔහොම දෙන්න එක්ක ගොඩාක් දේවල් කතා කරගත්ත. තේ අරන් ආපු සුරංගිටත් දෙන්න එක්ක විහිලු කලා. අන්තිමේ එතැනින් ගිය සුරංගි ආයෙම ආවෙ අත් දෙක ඉනේ තියාගෙන. 

"ළමයිනේ"

"ඇයි මොකෝ සුරංගි?" 

මාලිකා ඇහුව. 

"බලනව වෙලාව, හවස තුනටත් ලගයි"

"දෙයියනේ මම තාම ආව විතරයිනෙ"

"නාලක ඔයා ආවෙ දොලහට විතර නේ"

"අහ්! ඔව්මයිනෙ"

"මාලි දැන් ඔයා ගියොත් හොදයි. ඔයාව හොයන් අම්ම මෙහෙට ආවොත් එහෙම මාර විනාසයක් තමා වෙන්නෙ" සුරංගි කිව්වෙ බැරෑරුම් මූනක් මවාගෙන.

"ඒක ඇත්ත මාලි" නාලකත් කිව්ව. ඒත් අල්ලන් හිටිය නාලකගෙ අත අතාරින්න මාලිකාට බෑ වගේ. "මාලි. මම මේ කියන්නෙ කාගෙත් හොදට. නැත්නම් උඹත් ගස් මමත් ගස්"

නාලක හිනා උනා.

"ඔව් මාලි, යන්න සදුදට ඔයා ඔෆිස් එනවනෙ. අපි එතකොට කතා කරමුකො"

"හොදයි හොදයි එහෙනම්" මාලිකත් හදිස්සියෙ මොකක්දෝ මතක් උනා වගේ හිනා උනා. 

"ඇත්තනේ අපිට හැම දාම හම්බ වෙන්න පුලුවන්නේ"

ටිකකට පස්සෙ තුන් දෙනාම එලියට ගියා. මාලිකා සුරංගිට නොසෑහෙන්න ස්තූති කරල යන්න පිටත් උනේ පිටිපස්ස බල බලමයි. නාලක අත වැනුව.

ඊට පස්සෙ නාලකත් සුරංගිට ස්තූති කරල වාහනේට නැගල ඉගිලුනා.

එදා හවස නාලක ගෙදර යන්කොට හවස පහටත් කිට්ටු වෙලා. වෙන කරන්න කියල වැඩක් තිබුනෙත් නැති නිසා නාලක එයාගෙ ඇදුම් අල්මාරිය අස්පස් කලා. ඊට පස්සෙ මේසෙ උඩ තිබුන කොල කෑලි අරව මෙව්ව ඔක්කොම අහක් කරල දැම්ම. ඔය අතරෙ තමයි සාරංග ගෙයි ශානිකාගෙයි වෙඩින් ඉන්විටේශන් එක නාලක ආයෙමත් දැක්කෙ. එයාට මාලිකාව මතක් උනා. මාලිකාට ආරාදනා කරල නැතිව ඇති. පව්! නාලකට හිතුන.

නාලක ෆෝන් එක ගත්ත. ශානිකාට කෝල් කලා. 

"හලෝ"

"හලෝ කව්ද මේ?"

"මම නාලක ඕයි! මතක නැද්ද?"

"අහ්! නාලක කොහොමද ඉතින්, මොකෝ එකපාරටම අපිව මතක් උනේ?"

නාලක එදා ඉස්කෝලෙට අපු දවසෙ ඉදන් අද මලිකාව හම්බුන තැන දක්වා ඔක්කොම ශානිකාට කිව්ව. 

"හ්ම්ම් හ්ම්ම් ඔව් ඔව් දැන් මොකද අපෙන් වෙන්න ඕන?"

"මම මාලිවත් එක්කන් ආවට කමක් නැද්ද?"

"යකෝ! ඕක අහන්නද මට කෝල් කලේ?"

"ඔව් ඇයි?"

"ඕක අහන්න දෙයක්ය නාලක, හයියෝ එක්ක එන්න"

"තෑන්ක්ස් ශානි තෑන්ක්ස්"

"එව්ව බැරිය ලමයෝ පස්සෙ, අපිට උබෙන් කේක් කෑ ්ලක් කන්න වැඩ සෙට කලාම තෑන්ක්ස් මොකටද?"

"හෑ?"

"ඇයි බය උනාද?"

"නැතුව"

"බය වෙලා බෑ, සාරංගත් ඔහොමම තමා ඉස්සර හිටියේ. දැන් නම් වෙඩින් එකට බය ටිකක් අඩුයිලු"

දෙන්නම ෆෝන් එකෙන්ම හිනා උනා. 

"හරි හරි එහෙනම්. මමත් බය නොවී ඉන්නම්කො. එහෙනම් මම ගියා. ගුඩ් නයිට්"

"හෑ? තාම හය හමාරයි, මොන ගුඩ් නයිට්ද? කමක් නෑ පස්සෙ කතා කරමුකෝ"

නාලකට දැන් නිකම් පිස්සු වගේ. ඉවසීමක් නෑ. 

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට බලාපොරොත්තු වන්න................

---------------------------------------------------------------------------------



Posted by Tharuka Gunaratne

"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව" :: මත් මල් :: නවකතාව [29 කොටස]



එදා මාලිකා ගෙදර ගියේ පුදුමාකාර විදියෙ සතුටකින්. ඒක එයාගෙ තාත්තට තේරුනත් එයා හිතුවෙ අලුත් රස්සාව ලැබුන නිසා මාලිකා සතුටු වෙනව ඇති කියල. මේ රැකියාව කරන්න මාලිකාට අනිවාර්යෙන්ම කොළඹ නවතින්න වෙනව. ගමේ ඉදල මෙහෙ එන්න බෑ කොහෙත්ම. හුගක් දුර වැඩියිනෙ. ඒකටත් තාත්ත විසදුමක් කල්පනා කරල තිබුන බව මාලිකා දැන ගත්තෙ ගෙදර ගිහින් අම්මයි අයියලයි එක්ක මේ ගැන කියල සතුටු වෙද්දි.

"ඔන්න අම්මේ මට එතන රස්සාව ලැබුන"
මාලිකා ගෙදර ගිය හැටියෙම අම්මව හොයාගෙන ගිහින් කිව්ව. එයා හිටියෙ කුස්සියෙ. අම්ම ආදරෙන් කෙල්ලගෙ ඔලුව අතගෑව.

"ලොකු දෙයක් දුවේ! කොහොමද එතැන හොදයිද?"

"අපොයි ඔව්"

"අනේ ඒ උනාට දුව ගෙදරින් ඈත් කරල තියන්න මම නම් කැමති නෑ. ඔය මහ නගරවල හැටි අපි ඔදට දන්නවනෙ දුවේ"

අම්ම කිව්වෙ ඇත්තටම. ඒ වෙලාවෙ පොඩි අයියත් එතැනට ආව.

"මොකෝ චූටි ඉන්ටවිව් එකේ උනේ?"

"මාව ගත්ත අයියෙ"

"එහෙ නතර වෙන්න වේවිලු නෙ පොඩි පුතේ" අම්ම කිව්වෙ පරිප්පු ඔද්දකට ලුනු දාන ගමන්. 

අයියගෙ මූනෙ පාච්චල් හිනාවක් ඇදුන.

"ගියාට නම් කමක් නෑ ඒත් කලින් පාර වගේ මගුල් නටනව හෙම නෙවෙයි"

ලස්සනට පිපිල තිබුන මාලිකාගෙ මුහුණ අදුරු උනා. ඒත් එයා මොකුත් කියන්නෙ නැතුව කාමරේට ගිහින් දොර වහ ගත්ත.
ගෙදර එන්න ටිකක් හවස් උන හන්දද කොහෙදෝ මාලිකාට දැනුනෙ මහන්සියක්. ඒක නිසා දවල්ට කෑම කාපු ගමන් එයා හොදටම නිදා ගත්ත.

හවස හතරට විතර මාලිකාට ඇහැ ඇරුනෙ මොකක්දෝ මතක් වෙලා වගේ. ආයෙම නාලකව බලන්න ලබන සදුද වෙනකම් ඉන්න බෑ වගේ එයාට දැනුන. කෙල්ලට මතක් උනා සුරංගිව. 

ඉක්මනට නැගිටල මූණ හෝදගෙන අම්මටත් කියලම සුරංගිලගෙ ගෙදර යන්න කියල මාලිකා එළියට බැස්ස. අහ්! අර ඈත් එන්නෙ සුරංගි නේද? මාලිකා දැක්ක එයා එනව. එළියට බැස්ස ගමන් වගේ. ඉතින් අත්තෙන් එලියට යන්නෙ නැතුව මාලිකා බලන් හිටියෙ සුරංගි ළගට එනකම්. එයා එන්නෙ මෙහෙටම බව මාලිකාට තේරුනා. ෆෝන් එකත් අතේ තියන් සුරංගි මේ පැත්තෙ එන්නෙ නොවැදගත් කාරනාවකට න්වෙන බව මාලිකා හොදටම දන්නව. සුරංගි සීරියස් කෙනෙක්. වැඩක් නැති දේවලට කාලෙ නාස්ති කරන්නෙ නෑ...

ගේට්ටුව ඇරගෙන සුරංගි මාලිකා ලගටම ආව. ඇවිත් මාලිකා එක්ක හිනා උනා. 

"අනේ ඔයා මේ කොහෙවත් යන්න ද මාලි?"
සුරංගි ඇහුවෙ ඇත්තටම.

"ඔයාලගෙ ගෙදර එන්න කියලයි එලියට බැස්සෙ. මට ලොකු උදව්වක් ඕන."

"මොකක්? මේ සතියට ඔය වචනෙ අහපු දෙවැනි වතාව මේ"

දෙන්නම හිනා උනා. මාලිකා සුරංගි ගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියා. මාලිකාගෙ කාමරේට ගිහින් දොරත් බාගෙට වැහුවා. 

"ඉතින්. මොකක්ද ඕන කිව්ව උදව්ව?"
සුරංගි ඇහුවෙ උරහිස් නටවල. පොඩි එකෙක් වගේ.

"අනේ මේ...... ඔයා දන්නව නෙ නාලකව"

"ඔව්ව්ව්ව්ව්ව් ඉතින්"

"එයාව බලන්න ඕන"

"හා"

"හා? ඒ කිව්වෙ? උඹට පුලුවන්ද ඒක කරන්න?"

"ඇයි බැරි? මම මේ උඹලගෙ ගෙදර ආවෙ සැප දුක් බලල යන්න නෙවෙයිනෙ. නාලක කෝල් කරල කිව්ව ගමන් මම ආවෙ."

මාලිකාගෙ ඇස් දෙක නැටවුනා. කොණ්ඩෙ නැටවෙන්න ඔලුව ගස්සලා ආඩම්බරෙන් වාගෙ සුරංගි දිහා බැලුව.

"එයා මොකද කිව්වෙ? කියන්නකො ඉතින්"

"අප්පච්චියේ මෙකිගෙ මූනෙ තියන හිනාව. පුහ්:" 

සුරංගි කිව්ව.

"මම කිව්ව හෙට අපේ ගෙදර එන්නය කියල. උදේ එකොලහ විතර වෙනකොට එයා ඒවි. උඹට ඒක කියන්නයි මම ආවෙ"

මාලිකා උඩ පැන්න. පැන්නද? පැනුනද? කියල නම් කියන්න බෑ හරියටම. සුරංගිව හයියෙන් අල්ලල හෙලෙව්වා. තද කරල බදා ගත්තා.

"අත ඇරපන් මාලි" සුරංගි කිව්වෙ හිනාවෙවී. 

"අනේ උඹට කොහොම ස්තූති කරඳ මම"

"එව්ව බැරියැ පස්සෙ දැනට ඔහොම යමන්කො"
සුරංගි කිව්වෙ ඉදගෙන හිටපු තැනින් නැගිටල.



******************************

නාලක ඔෆිස් එකේ වැඩ ඉවර කරල තමන්ගෙ නවාතැනට ගිහින් අද වෙච්ච දේවල් ගැන ගොඩක් කල්පනා කලා. මාලිකාව තමන්ගෙම කර ගන්න තිබුන ආසාව ආයෙමත් හිත ඇතුලෙ දලු දාල වැඩෙන්න පටන් ඇරන් වගේ එයාට දැනුනෙ. වෙලාවකට මහ පිස්සු ආදරයක් කියලත් නොහිතුනේම නෑ. ඒත් මාලිකාගෙ අවංක මූන මතක් වෙන හැම වෙලාවකම එයාට දැනුනෙ පුදුමාකාර සතුටක්. මේ තරම් කල් ඈත් වෙලා හිටපු දෙන්න ආයෙම එකිනෙකාව දැකපු වෙලාව එයාට මතක් උනා. මාලිකා සුදුමැලි වෙච්ච හැටි. අනේ පව්! නාලකට හිතුන.

අනිත් එක ඉස්සරහ අනාගතේ මීට වඩා සුබයි. තමන්ගෙ සහකාර ලේකම් හැටියට මාලිකාව තේරුවෙ තමන් නෙවෙයිනේ. මේ ඔක්කොම කාලයාටම විසදන්න ඇරල ............

"ඒයි ඒයි අඩොව්ව් ගහන්න එපා"

කව්දෝ මරහඩ දීල කෑගහනව ඇහුන. නාලක හිටපු තැනින් නැගිට්ට. ගේට්ටුව ඇරල එලියට ගියා. තුන් දෙනෙක් පාලු අතුරු පාරෙ තව එකෙක්ට බිම දමාගෙන ගහනව. නාලක එතැනට දුවල ගියේ අසරණයට උදව් වෙන්න හිතාගෙන. හොරු වගේ ඉදපු අර තුන් දෙනා ගුටිකාපු කෙනාව බිම දමලම පැනල ගියා. 

නාලක ඒ මනුස්සය ලගට ගිහින් එයාට නැගිටින්න උදව් කලා. නැගිට ගන්න අමාරු උනත් ටිකක් ඉස්සිලා පාර අයිනෙ තාප්පෙට හේත්තු කරගන්න පුලුවන් උනා. 

"ඔයාට කොහොමද? හොස්පිටල් ගෙනියන්නද?"

නාලක ඇහුව.

"එපා මල්ලි ඒ තරම් අමාරුවක් නෑ. කොහොම උනත් ඉස්තුතියි ආවට"

"මොකෝ උන් අයියට ගැහුවෙ? සල්ලි කඩා ගන්නද?"

"පිස්සුද මල්ලි, ඔය අර ******* එවුන් කට්ටියක්. සැක්! මම තනියම නෙ අද ආවෙ"

මිනිහ ටිකක් එක විදියක එකෙක් කියල නාලකට තේරුනා. ඒත් එක්කම වෑන් එකක් ඇවිත් එතැන නැවැත්තුව. හත් අට දෙනෙක් බැස්සා. නාලක උඩ ගියා.

ඒත් ටිකක් ළගට ආපු කෙනෙක් අර වැටිල හිටපු කෙනාට නැගිටින්න උදව් උනා.

"උඹල එනකොට මේව වෙලා ඉවරයි" ගුටිකාපු කෙනා කිව්ව. 

"මේ මල්ලි නැත්නම් මම මෙතැන මැරිල මෙලාකට"

"සොරි බොස්, ආයෙ එහෙම වෙන් නෑ, නගින්ඩ වාහනේට"

"හරි! මල්ලි එහෙනම් බෝම ස්තූති කරපු උදව් වලට. අපිව මතක තියා ගනින්."

"හොදයි" නාලක බයෙන් වගේ කිව්ව. උන් කට්ටිය වෑන් එකේ නැගල පිටවෙලා ගියා.

නාලක වෙච්ච දේ හිතා ගන්න බැරුව ආයෙමත් ගේ ඇතුලට ගිහින් ගේට්ටුව ලොක් කරල දොරත් වහ ගත්තා

--------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට................................

--------------------------------------------------------------------------------

Monday, September 2, 2013
Posted by Tharuka Gunaratne

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -