Posted by : Tharuka Gunaratne Friday, September 6, 2013



නාලක එදා නිවාඩුවක් දාල එහෙම මාලිකාලගෙ ගමේ යන්න පිටත් උනේ මේ ගැන කාටවත්ම කියන්නෙ නැතුව. නාලකට දැනුනෙ සතුටක්. කොහොම උනත් නාලක මාලිකාලගෙ ගමට එනකොට නම් ටිකක් ප්‍රමාද වෙලා තිබුන. ඒත් සුරංගිලගෙ ගේ හොයා ගන්නත් ටිකක් වෙලා ගිය හන්ද හුගක්ම ප්‍රමාද උනා. මාලිකත් සුරංගිත් නාලක එනකම් බලන් හිටියෙ මිදුලට වෙලා.

සුරංගිලගෙ ගෙදර තියෙන්නෙ පරණ පොල් වත්තක් මැද, ඒ නිසා කිසි කෙනෙකුට මෙහෙ වෙන දේවල් පේන්නෙ නෑ. ඒක හොද නිසාමයි නාලක මේකට කැමති උනේ. තමන් මාලිකාව හම්බ උන බව දැන ගත්තොත් මාලිකාට ගෙදර ඉන්නත් නැති වෙන බව එයා හොදින්ම දන්නව. 

"හයියෝ නාලක"

නාලක වාහනෙන් බහින්නත් කලින්ම මාලිකා කිව්ව.

"බලන්න ලමයෝ ඔයා පැයක්ම පරක්කුයි"

"කොහෙද ඉතින් කැලේ යනව වගේනෙ" නාලක කිව්වෙ විහිලුවට.

"පාරවල් හොයන් එන්න උනේ, මම කලින් ඇවිත් නෑ නෙ"

"අනේ කමක් නෑ"

"ඇතුලට ඇවිත් වාඩි වෙන්න නාලක, මාලි ඔයාත්"

කට්ටියම ඇතුලට ගියා. සුරංගි දෙන්නට මෙහෙම කිව්ව.

"ඔන්න පිස්සු නටන්න බෑ හොදේ. කතා කරන දෙයක් කතා කරන් ඉක්මනට යනවලා."

"එහෙම කොහොමද?" දෙන්නම එකපාර වගේ ඇහුව.

"හා හා ඕන එකක්" සුරංගි කිව්ව.

"ඉන්නකෝ මම තේ ටිකක් හදන්නම්"

සුරංගි පිටත් උනා. මාලිකත් නාලකත් තනි උනා. ගොඩ කාලෙකින් තනියම ටිකක් කතා කරන්න ලැබුනෙ. ඒ නිසා දෙන්නම හුගක් කතා කලා. වැඩියෙන් කියෙව්වෙ මාලිකා. නාලක අහන් ඉදියා. අන්තිමේ හිනා උනා. ඔහොම ඔහොම දෙන්න එක්ක ගොඩාක් දේවල් කතා කරගත්ත. තේ අරන් ආපු සුරංගිටත් දෙන්න එක්ක විහිලු කලා. අන්තිමේ එතැනින් ගිය සුරංගි ආයෙම ආවෙ අත් දෙක ඉනේ තියාගෙන. 

"ළමයිනේ"

"ඇයි මොකෝ සුරංගි?" 

මාලිකා ඇහුව. 

"බලනව වෙලාව, හවස තුනටත් ලගයි"

"දෙයියනේ මම තාම ආව විතරයිනෙ"

"නාලක ඔයා ආවෙ දොලහට විතර නේ"

"අහ්! ඔව්මයිනෙ"

"මාලි දැන් ඔයා ගියොත් හොදයි. ඔයාව හොයන් අම්ම මෙහෙට ආවොත් එහෙම මාර විනාසයක් තමා වෙන්නෙ" සුරංගි කිව්වෙ බැරෑරුම් මූනක් මවාගෙන.

"ඒක ඇත්ත මාලි" නාලකත් කිව්ව. ඒත් අල්ලන් හිටිය නාලකගෙ අත අතාරින්න මාලිකාට බෑ වගේ. "මාලි. මම මේ කියන්නෙ කාගෙත් හොදට. නැත්නම් උඹත් ගස් මමත් ගස්"

නාලක හිනා උනා.

"ඔව් මාලි, යන්න සදුදට ඔයා ඔෆිස් එනවනෙ. අපි එතකොට කතා කරමුකො"

"හොදයි හොදයි එහෙනම්" මාලිකත් හදිස්සියෙ මොකක්දෝ මතක් උනා වගේ හිනා උනා. 

"ඇත්තනේ අපිට හැම දාම හම්බ වෙන්න පුලුවන්නේ"

ටිකකට පස්සෙ තුන් දෙනාම එලියට ගියා. මාලිකා සුරංගිට නොසෑහෙන්න ස්තූති කරල යන්න පිටත් උනේ පිටිපස්ස බල බලමයි. නාලක අත වැනුව.

ඊට පස්සෙ නාලකත් සුරංගිට ස්තූති කරල වාහනේට නැගල ඉගිලුනා.

එදා හවස නාලක ගෙදර යන්කොට හවස පහටත් කිට්ටු වෙලා. වෙන කරන්න කියල වැඩක් තිබුනෙත් නැති නිසා නාලක එයාගෙ ඇදුම් අල්මාරිය අස්පස් කලා. ඊට පස්සෙ මේසෙ උඩ තිබුන කොල කෑලි අරව මෙව්ව ඔක්කොම අහක් කරල දැම්ම. ඔය අතරෙ තමයි සාරංග ගෙයි ශානිකාගෙයි වෙඩින් ඉන්විටේශන් එක නාලක ආයෙමත් දැක්කෙ. එයාට මාලිකාව මතක් උනා. මාලිකාට ආරාදනා කරල නැතිව ඇති. පව්! නාලකට හිතුන.

නාලක ෆෝන් එක ගත්ත. ශානිකාට කෝල් කලා. 

"හලෝ"

"හලෝ කව්ද මේ?"

"මම නාලක ඕයි! මතක නැද්ද?"

"අහ්! නාලක කොහොමද ඉතින්, මොකෝ එකපාරටම අපිව මතක් උනේ?"

නාලක එදා ඉස්කෝලෙට අපු දවසෙ ඉදන් අද මලිකාව හම්බුන තැන දක්වා ඔක්කොම ශානිකාට කිව්ව. 

"හ්ම්ම් හ්ම්ම් ඔව් ඔව් දැන් මොකද අපෙන් වෙන්න ඕන?"

"මම මාලිවත් එක්කන් ආවට කමක් නැද්ද?"

"යකෝ! ඕක අහන්නද මට කෝල් කලේ?"

"ඔව් ඇයි?"

"ඕක අහන්න දෙයක්ය නාලක, හයියෝ එක්ක එන්න"

"තෑන්ක්ස් ශානි තෑන්ක්ස්"

"එව්ව බැරිය ලමයෝ පස්සෙ, අපිට උබෙන් කේක් කෑ ්ලක් කන්න වැඩ සෙට කලාම තෑන්ක්ස් මොකටද?"

"හෑ?"

"ඇයි බය උනාද?"

"නැතුව"

"බය වෙලා බෑ, සාරංගත් ඔහොමම තමා ඉස්සර හිටියේ. දැන් නම් වෙඩින් එකට බය ටිකක් අඩුයිලු"

දෙන්නම ෆෝන් එකෙන්ම හිනා උනා. 

"හරි හරි එහෙනම්. මමත් බය නොවී ඉන්නම්කො. එහෙනම් මම ගියා. ගුඩ් නයිට්"

"හෑ? තාම හය හමාරයි, මොන ගුඩ් නයිට්ද? කමක් නෑ පස්සෙ කතා කරමුකෝ"

නාලකට දැන් නිකම් පිස්සු වගේ. ඉවසීමක් නෑ. 

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට බලාපොරොත්තු වන්න................

---------------------------------------------------------------------------------



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -