Posted by : Tharuka Gunaratne Monday, September 23, 2013


දවස් තුන හතරක් ගත උනා. මාලිකා නාලකගෙ ඔෆිස් එකේ වැඩ හොදින් කරගෙන ගියා. අමුතුවෙන් අමාරුවක් දැනුනෙ නැතත් නාලක තමන්ගෙ ළගම කෙනෙක් උනත් මාලිකා වැඩ කලේ මහන්සියෙන්. ටිකෙන් ටික මේ දෙන්න ගැන ඔෆිස් එකේත් කතා වෙන්න පටන් ඇරන් තියෙන බව මාලිකාට පේනව. ඒත් කිසිම කෙනෙක් ඒක ගැන නරක විදියෙ කතාවක් නම් කිව්වෙ නෑ. මොකක්දෝ මන්ද හේතුවක් හන්ද හැමෝම වගේ කිව්වෙ නාලකටම ගැලපෙන ළමය කියල. කොහොමින් කොහොම උනත් පහුවෙනි මාසෙ උදාවෙන සතියෙම අලුත් ආරංචියකුත් එක්ක තවත් කපල් එකක් ආව ඔෆිස් එකට.


*****************

ටක් ටක් ටක්

කව්දෝ ඔෆිස් කාමරේ දොරට ගහනව ඇහුන. නාලක කරමින් හිටපු වැඩේ නවත්තල බැලුව.

"කම් ඉන්"

මාලිකා දොර ඇරන් ඇතුලු උනා,

"නාලක දෙන්නෙක් ඇවිත් ඔයාව හම්බ වෙන්න, එක්කන් එන්නද?"

"මාව? කව්ද මාලි ඒ? එන්න කියන්නකෝ බලන්න"

මාලිකා දොර ගාවට ගිහින් කාටදෝ කතා කලා. ඇතුලට ආවෙ ශානිකායි සාරංගයි.

හතර දෙනාම වාඩි උනාට පස්සෙයි සාරංග කතාව පටන් ගත්තෙ.

"ඉතින් නාලක......"

"මොකෝ මේ හදිස්සියෙ? කියලවත් නෙවීනෙ ආවෙ" නාලක කීව.

"නොකිය හරි ආවනේ"

"ඇත්තටම කොකෝ අවුලක් ද?"

"අපෝ නෑ නාලක අපි වෙඩින් එකට ඕන බඩු ටිකක් ගන්න ආවෙ, ඒ ගමන් ඔයාවත් බලල යන්න හිතුව"

"දෙයියනේ තව සතියයි නේද ඕකට?" නාලක ඇහුවෙ ඇස් ලොකු කරල.

"නැතුව" ශානිකා සද්දෙන් හිනා උනා.

"මාලිකත් ඉන්නෙ, කොහොමද තොරතුරු?"

මෙච්චර වෙලා කතාවක් නොකර හිටපු මාලිකාගෙන් සාරංග ඇහුව.

"හොදයි සාරංග වරදක් නෑ"

"අහා ඊලගට උඹලයි වෙඩින් එකලු නේ"

ශානිකා කිව්වෙ නාලක දිහා බලල ඇහැක් ගහල.

"ලොක්කයි සෙකට්‍රියි. අපූරු කපල් එක"

මාලිකා රතු පාට උනා, එයා නාලකට කොයිතරම් ආදරේ කලත් කසාදයක් ගැන හිතුවෙ නෑ. කලින් දවසෙ නාලක එක්ක මාලිකා කොළබ පුරාම ඇවිද්දා. ගොඩාක් දේවල් කතා කලා. නාලක දිහා බලන හැම වතාවකම ඉස්සෙල්ලටත් වඩා ආදරේ  ඒ ඇස් වල පිරිල තිබුන බව මාලිකා හොදින්ම දැක්ක. ඒත් වෙඩින් එකක් ගැන එයා කිසිම දෙයක් කිව්වෙ නෑ. මාලිකත් එක්කම බීච් එකේ වාඩි වෙලා ඉර බැහැගෙන යනකම්ම නාලක කලේ මාලිකාව හිනස්සපු එක. ගොඩාක් කාලෙකින් තමන් එක්ක විහිලු කරල ආදරෙන් කතා කරල අවංකව හිනාඋන කෙනක් මාලිකාට මතකත් නැති තරම්. එයා නාලකට කොයිතරම් ළං උනත් කොයිතරම් ඈත් උනත් නාලකගෙ ආදරේ අඩුවක් වෙන්නෙ නැති බව දැන් නම් මාලිකා හොදටම දන්නවා.

"මොකෝ මාලි කල්පනා කරන්නෙ?" ශානිකා ඇහුව.

"නෑ මොකුත් නෑ" මාලිකා පියවි ලෝකෙට ඇවිත් උත්තර දුන්නා.

"අර බලනවා ඒ කෙල්ල බය උනා"

සාරංගත් කිව්ව.

"අපි තාම එහෙම එකක් ගැන කතා කලේ නෑ"

මාලිකාව බේරගන්න ඉදිරිපත් උනේ නාලක. මාලිකා ලැජ්ජාවෙන් බිම බල ගත්ත.

"ඒත් ගොයියෝ වැඩේ ලේසි නෑ. මෙයාග පැත්තෙ අය කැමති වෙන්නත් එපැයි."

"ඒක මම බලාගන්නම්කො" නාලක කිව්ව.

"නාලක අපේ වෙඩින් එකට එන්නම ඕන ඔන්න." ශානිකා කතාව වෙනස් කලා.

"නෑවිත් කොහොමද ඉතින්. මී හරක් කසාද බදිනවා හැමදාම පෙන්නන්නෙ නෑ නෙ"

"අම්මපා කොල්ලෝ උඹ තාම අර ක්ලාස් එකේ හිටපු එකා නම් මම මෙලාකට උඹට ගහල"

ශානිකා කිව්වෙ තරහක් මවාගෙන. මාලිකාටත් ඇත්තටම හිනා ගියා. ඒත් වැඩි කතාවක් කලේ නෑ.

"මාලි එනවද?"

"ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්ද ඉතින්"

"අනේ මන්ද කියල බෑ එන්නම ඕන, ඔන්න මම ඔයාටත් ඉන්විටේශන් එකක් අරගෙනයි ආවෙ. නාලකට නම් කලින්ම දුන්නා."

මාලිකා ඉන්විටේශන් එක අරගත්ත. ඒක ඇරල පොඩ්ඩක් ආසාවෙන් වගේ අතගෑව.

නාලක මාලිකා දිහා බැලුව.

"මාලි ඒවි, මම එයාව එක්ක එන්නම්."
ශානිකත්, සාරංගත් නාලක දිහා බැලුවෙ පුදුමෙන් වගේ. 

"ඔයා එක්ක එන්න?"

"අපූරුවට තියෙයි"

"නාලක ඔයා කොහොමද ඔහොම බයක් සැකක් නැතුව මාලිකාගෙ ගෙදර යන්නෙ? මතකනෙ කලින් වෙච්ච දේ?"

"අමතක නෑ! ඒත් කවද වෙනකම් හැංගිමුත්තන් සෙල්ලම් කරන්නද. මම එදාම ගිහින් කියනව මම මෙයාට ආදරෙයි කියල. ඒක මහ ලොකු අමාරු දෙයක් නෙවීනෙ "

මාලිකා එකපාරටම නාලක දිහා බැලුව. බයෙන් වගේ. ඇස් දෙකත් ලොකු වෙලා.

"න..........නා.....නාලක ඔයාට පිස්සුද?"

"මේ අහන්නකො ළමයෝ. මම ඕක නොකිව්වත් කවද හරි එයාල ඕක දැන ගන්නවා. අනික අපේ අම්මයි තාත්තයි මට වෙන කාව හරි මාට්ටු කලොත්. මම බෑ කිව්වම එයාලගෙ හිත රිදේවි. ඒක නිසා ඊට කලින් මේකට විසදුමක් ඕන."

"විසදුමක් නෑ" සාරංග කිව්ව.

"මටත් හිතෙන්නෙ ඔයා හරි නාලක. ඔයාට වගේ නෙවී මාලිකාට කවුරු හරි ප්‍රපෝසල් එකක් ගෙනාවොත් එයා ලොකු අමාරුවක වැටෙනවා. එයා බෑ කිව්වට අම්මල අහන එකක්වත් නෑ. ඒ හන්ද බෙල්ල ගහල යන වැඩක් උනත් මේක ඔයාලට කරන්නම වෙනවා."

ශානිකා කිව්වෙ ටිකක් කල්පනා කරල බලල.

මාලිකා උඩ බිම බැලුව. එයා යාලුවො තුන් දෙනා දිහා බැලුවෙ දියේ ගිලෙන්න යන කෙනෙක් බේරගන්න කියන්න වගේ බැල්මකින්. දුකත් හිතෙනව එයාව දැක්කම නම්.

"මාලි මොකෝ කියන්නෙ? අපිට වෙන කරන්න දෙයක් නෑ. මට නම් බෑ මොයා වෙන කෙනෙක් එක්ක යනකම් බලා ඉන්න"

මොකුත් නොකිව්වට මාලිකාටත් ඒක එහෙමම දැනුන. ඒත් ඔය තීරනේ පසු විපාක ගැන එයා ටිකක් වැඩිපුර හිතුව. කොහොම උනත් ගෙදරට කියන්නෙ නැතුව මේ වැඩේ කවදාවත් කෙරෙන්නෙ නැති බව නම් එයා දන්නව.

"අපරාදෙ නාලක උඹ මේ තරම් ලොකු බිස්නස්කාරේක් නොවුනනම් උඹල දෙන්නට පැනල යන්ඩ හරි තිබ්බා. දැන් එහෙම උනොත් පත්තරවල හිටන් යයි මේවා"

සාරංග හිනා වෙලා කිව්ව. 

"ඇත්ත. ඒ නිසා ඔය වැඩේ කරන්නම වේවි ඔයාලට. බය වෙන්න එපා මාලි මමත් ගෙදරට විස්තරේ කියන්න කලින් ගොඩක් බයෙනුයි ගිටියෙ. ඒත් සාරංගට අම්මල කැමති උනා. ඉතින් නාලකට අකමැති වෙන්න හේතුව මොකක්ද?"

ශානිකා කිව්ව.

"මාලි කියන්නකෝ ඉතින්? අපිට වෙන කරන්න දෙයක් නෑ. ඔයාට පේනවනේ?"

නාලකත් කිව්ව.

"ඔන්න ඔහේ කැමති වෙයන් මාලිකා" සාරංගත් කිව්ව.

"උඹල දෙන්න ආයෙම දෙපැත්තට ගියොත් අපිටත් ගොඩක් දුක හිතේවි."

මාලිකා ටිකක් වෙලා කල්පනා කලා. දෙතුන් පාරක් හොදට හුස්ම ගත්ත. හාට් පේශන්ට් කෙනෙක් වගේ. අන්තිමේ දිග හුස්මක් හෙළල එහෙම

"හොදයි නාලක අපි එදාට කියමු"

කිව්වා........

---------------------------------------------------------------------------------

ඉතිරි කොටස පසුවට....................

---------------------------------------------------------------------------------


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -