Posted by : Tharuka Gunaratne Thursday, September 26, 2013



මේ සිද්දියෙන් පස්සේ තවත් එක සතියක් ඉගිල්ලිලා ගියා. මාලිකත් වෙනද වගෙ කිසිම වෙනසක් නැතිව ඔෆිස් එකට ආව ගියා. ඒත් මොකක්දෝ මන්ද කලබලේකින් වගේ එයා ඉන්නෙ. නාලක හිතපු හැටියට නම් මාලිකා නාලක තමන්ගෙ ගෙදර එන එකට ඕනවට වඩා බය වෙලා. ඒත් ඒ කෙල්ලට දොස් කියන්නත් බෑ නෙ. ඒකි බය වෙන එක සාදාරණයි. නාලක නම් හිතුවෙ එහෙමයි. දවසින් දවස මාලිකා නාලක එක්ක ගොඩාක් දේවල් කතා කරන පුරුද්ද අඩු උනා. ඒත් අද ඒ කියන්නෙ ශානිකාලගෙ වෙඩින් එකට කලින් දවසෙ මාලිකා ඔෆිස් ඇරුනම නාලක මුණගැහුනෙ ඇත්ටටම බයක් හිතට දැනුන හන්ද.

“නාලක මම ඇතුලට එන්නද?”

“ඔව් එන්න” නාලක කියනව ඇහුන. 
මාලිකා ඔෆිස් රූම් එකට ඇතුල් උනා. කලබලයක් නැතිව වාඩි වෙලා ඉන්න නාලක දැකල පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම බය උනා. සුපුරුදුකම වෙනුවට දැනුනෙ නුහුරු බවක්, ඒත් නාලක ගන්න ඕනම තීරණේකට එකග වෙන්න මාලිකා තීරණය කරල ඉවරයි.

“වාඩි වෙන්න මාලි, මොකද බයෙන් වගේ?”

“බය නැද්ද නාලක, ඔයා කරන්න හදන මේ වැඩේ හන්ද සමහර විට මට ගෙදරිනුත් යන්න වේවි. ඉතින් එහෙම උනොත් මම කොහේ කියල යන්නද?”

“ඔයාව බලාගන්න මට පුලුවනි එහෙම උනෝතින්. ඒ ගැන බය වෙන්න එපා ළමයෝ” නාලක කිව්වෙ මාලිකාගෙ අතින් අල්ලල තද කරල. ඒත් මාලිකාගෙ මූනෙ තිබුන බැරෑරුම් පෙනුම වෙනස් නේ නෑ.

“ඉතින් ඔයා මාව එක්ක යන්න හෙට අපේ ගෙදර එනවද?”

“ඔව් ලෑස්ති වෙලා ඉන්න අපි යන්නෙ ශානිකාලගෙ වෙඩින් එකටනෙ. මම ගෙදර ආවම ඔය ගැන ඔයාල්ගෙ ගෙදර අයත් එක්ක කතා කරන්නම්”

මාලිකා බිම බලාගත්ත. 

“බයද?” නාලක ඇහුවෙ සිනාවෙලා.

“නැතුව, බය නොවී කෝමද”

"අයියෝ බය වෙන්න එපා. කිසිම පශ්නයක් වෙන්නෙ නෑ" 

"ඒ උනාට නාලක මම හිතුවෙ ඔයාට අපේ අයියල ගැන එහෙම අමතක නැතිව ඇති කියල. ආයෙම එහෙම දෙයක් උනොත්?"

මාලිකා බලන්නෙ නාලකව කොහොම හරි නවත්තන්න.

"ඒ මම පොඩි කාලෙනේ දරුවෝ, දැන් මම පොඩි නෑ"

"ඒත්......"

"බය වෙන්න එපා, එන්න මම ඔයාව ස්ටේශන් එකට ඇරලවන්න, අද කලින් යන්න, අද ගමේ යන්න එපැයි ඔයා"

මාලිකා බයෙන් වගේ නාලක එක්කම පුටුවෙන් නැගිට්ටා. ටික වෙලාවකට පස්සෙ මාලිකා ස්ටේශන් එකෙන් බස්සල නාලක ආයෙම ඔෆිස් එකට ආව.


***********************

මාලිකා කලින් තමන්ගෙන් හොදටම ගුටි කාපු කොල්ල එක්ක ආයෙමත් පරණ සම්බන්දකම් අලුත් කරගෙන බව මේ වෙනකොටත් මාලිකාලගෙ ලොකු අයියට ආරංචි වෙලයි තිබුනෙ. එයා දැන් කසාද බැදල ළගදීම දරු සුරතල් බලන්න ඉන්න කෙනෙක්. මාලිකාලගෙ අයිය තවදුරටත් ඉස්සර වගේ පොඩි අයියගෙ තීරන වලට එකපාරටම කැමති උනේ නෑ. දැනුම් තේරුම් තියන කෙනෙක් හැටියට එයා ගත්තු තීරණ ගොඩක් වෙලාවට සාදාරණ ඒව. ඉතින් මාලිකාගෙ අම්මයි තාත්තයි ලොකු අයිය ගන්න තීරණ වලට පොඩි නැඹුරුතාවක් තිබුන. මේ ගැනත් ළගදිම තීරණයක් ගන්න වේවි කියල එයා හිත හිත ඉන්නකොට තමයි මාලිකා ආපු ට්‍රේන් එක ස්ටේශන් එකට සේන්දු උනේ. මාලිකාව එක්ක යන්න ආව මේ ගමනෙදිම වෙන කවුරු මොනව කිව්වත් මාලිකගෙන් ඇත්ත දැනගන්න මාලිකාලගෙ අයිය තීරණය කලා. මාලිකා ට්‍රන් එකෙන බැහැල ළගට එනකල්ම එයා දැක්කෙ නෑ.

"අයියෙ"
මාලිකා කතා කලායින් පස්සෙ ඇස් දෙකත් පිහිදල අයිය බැලුව.

"අහ් ඔයා ආවද? පරක්කු උනානෙ ට්‍රේන් එක හිතුවට වැඩිය"

"අනේ අයිය ගොඩක් වෙලා බලන් හිටියද?"

"නෑ එන්නකො මා එක්ක"

මාලිකා වෙනද වගේම අයිය එක්ක ගිහින් ස්ටේශන් එක ඉස්සරහ නවත්තල තිබුන අයියගෙ කාර් එකට නැග්ගෙ බෑග් එකත් උකුලෙන් තියන්.

ටික වෙලාවක් වාහනේ එළවපු අයිය ටිකක් සෙනග අඩු පාරෙ කොණකින්ම නතර කලා. මෙතෙන්ට ගොඩක් ඈත ලස්සන දර්ශනයක් පේනව. මාලිකා පුදුම උනා.

"නංගි පොඩ්ඩක් බහින්නකො"

"ඇයි අයියෙ?"

"එන්න, කතාවක්  තියනව අහන්න"

මාලිකා බැස්සා, අයිය ළගටම ගියා. අයිය ඈත බලාගෙනම කතාව පටන් ගත්ත.

"නංගි මම දැන් සම්පූර්ණ මිනිහෙක්. මට ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න ඕනැ නෑ. ඒත් මට ඔයාගෙන් යමක් හරියටම දැනගන්න ඕන"

"මොකක්ද අයියෙ?" මාලිකා රත් උනා. ඒත් ඒක පෙන්නුවෙ නෑ.

"නංගි අර කොල්ලත් එක්ක ආයෙම යාලු උනා නේද?"

මාලිකා බිම බලාගත්ත. අයියට ඇත්ත කියනවද නැත්නම් බොරුවක් ගහනවද කියල මාලිකා හිතුව. හෙට නාලක ගෙදර ආවම එයා ඕක කොහොමත් දැනගන්නවනේ, ඉතින් වෙන දෙයක් දැන්ම උනාවේ කියල මාලිකා හිත හදා ගහ්ට්ත.

"ඔව්......ඔව් අයියේ"

මාලිකා කිවෙ බිම බලාගෙන.

"ඕකව ඔයාට ශුවර්ද?"

"ඔව්"

"මිනිහ කිව්වෙ නැද්ද පැනල අමු කියල එහෙම"

"නෑ"

"මිනිහ වැඩ කරන්නෙත් ඔයාලගෙ ඔෆිස් එකේම නේද?"

"ඔව්, ඒත්......."

"ඒත් කියන්න දෙයක් නෑ මම ඔක්කොම දන්නව"

"අයිය අම්මලට කිව්වද?"

"නෑ, ඔයාගෙ අදහස ඇහුවෙ ඒකයි.... කියන්න ඉතින් ඔයා ඇත්තටම ඒ කොල්ලට කැමතිද?"

"ඔව් අයියෙ"

"මිනිහ නංගිට කරන්නෙ බොරුවක් එහෙමනම්?"

"නෑ"

"කොහොමද හරියටම කියන්නෙ?"

"එයා හෙට අපේ ගෙදර එනව කිව්ව. අම්මලට මේ ගැන කියන්න"

"මොකක්????"

"ඔව් අයියෙ මම එයාව නවත්තන්න පුලුවන් තරම් ට්‍රයි කලා. ඒත් එයා අහන්නෙ නෑ, එයා කියන්නෙ හැංගි හැංගි මට ආදරේ කරන්න බෑ කියල"

"ම්ම්ම්ම් මිනිහ එහෙමත් කිව්වද?" 

ලොකු අයිය අමුතු විදියට හිනා උනා.

"අනේ අයියෙ එයාට කරදර කරන්නනම් එපා, එහෙම උනොත් මම යනව ඔලුව හැරුන අතේ"

අයිය මාලිකා දිහා බැලුව. මාලිකාගෙ ඔලුව අතගෑව. කවදාවත් නැතුව.

"නෑ මම හිතන්නෙ අපෙන් ප්‍රශ්නයක් ආවට පස්සෙත් මිනිහ ඔයා එනකල් බලාන හිටියනම්............"

"ඔව්ව්ව්ව්ව්.......... ඉතින්"

"මිනිහ ඇත්තටම ඔයාට ගැලපෙනව නේ"

"හෑ??"

"ඔච්චර ඇස් ලොකු කරන්න දෙයක් නෑ. මම ඕක අම්මලට කියන්නම්. එයාල කැමති කරල දෙන්නම්කෝ. පොඩ්ඩත් අවුලක් දාන එකත් නෑ"

"මේ ඔයාමද අයියේ?"

මාලිකා ඇහුවෙ අඩන්න වගේ. ඇත්තටම මාලිකාගෙ ඇස් දෙක කොයිවෙලේ හරි අඩන්න ලෑස්ති වෙලයි තිබුනෙ. දරාගන්න බැරි උන කදුලු බිංදුවක් මාලිකාගෙ ඇස් අගින් එලියට ඇවිත් කම්මුල දිගේ පහලට ආවා.

"ඔය ඉතින්......... මේකිට හොදක් කලත් අඩනවා නරකක් උනාම අඩන කදුලු ඉතුරු කර ගන්නවා"

"අනේ නෑ" කිව්ව මාලිකා ලේන්සුවෙන් ඇස් දෙක පිහිදන් ලස්සනට හිනා උනා. 

ඉර බැහැල යන්නත් ඇවිත්. ඈත් කදු අතරින් රතු පාට වලාකුලු මැද්දෙන ඉර බැහැල යන හැටි මාලිකත් අයියත් බලන් හිටිය. ඒත් ඉස්සර නැති අමුතු දෙයක් එතැනට අලුතින් එකතු වෙලා. හිරු රැස් පවා මාලිකාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිනා උනේ ලස්සන අනාගතේක හීන බවන්න ආරාදනා කරන්න වගේ. මාලිකාගෙත් අයියගෙත් හෙවනැල්ල කාර් එකේ යකඩ තහඩු මත් ඔහේ වැතිරිලා තිබුන..............


---------------------------------------------------------------------------------

අවසාන කොටස මීළගට...............................

-----------------------------------------------------------------


{ 1 comments... read them below or add one }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -