Posted by : Tharuka Gunaratne Friday, November 22, 2013



මෙපරිද්දෙන් ගෙවුනු තවත් අඩ මසක් අවසානයේ මටත් අන් අයට මෙන්ම අපොස සාමාන්ය පෙළ විභාගයට මුහුණ දීමට සිදු විය. විභාගය එතරම්ම අමාරුවක් නැතත් එහි ගුන අගුන කියා ඔබව වෙහෙසට පත් කිරීමට මම ඉදිරිපත් නොවෙමි. උත්පලා ඒ දිනවල සිටියේ මොකක්දෝ අමුතු ස්වභාවයකිනි. එහෙත් විභාගය අවසන් වූ දිනයේ ඈ තුලින් මෙම ඇල්මැරුණු ස්වභාවය වඩාත් විද්යාමාන විය. මුලදී මම සිතා උන්නේ ඒ ඇගේ විභාගය නිසා සිතේ ඇති වූ නොපහන් බවක් බවයි. එහෙත් ඈ විභාගය අවසානයේදීත් සිටි ඩෙස් එකටම ඔලුව තියාන උන් නිසා මම ඈ වෙත ගියෙමි. පව්! විබාගෙ හොදට කරන්න බැරි වෙන්න ඇති.

"උත්පලා"

ඈ අපහසුවෙන් මෙන් ඔලුව එසවූවාය. 

"ඕ දසිත්"

"ඇයි මේ? විබාගෙ ඉවර උනත් සතුටක් නෑ වගේ?"

"මට ටිකක් අමාරුයි දසිත්"

මම බිය වීමි.

"ඇයි උත්පලා මොකෝ අවුල?" 

"නෑ දසිත් දැන් දෙතුන් දවසක ඉදන්ම මගෙ ඔලුව රිදෙනව හරියට"

"ඉතින් බෙහෙත් ගත්තෙ නැද්ද?"

"ගත්ත! අඩුවක් නෑ.... මම අම්මට කිව්වෙත් නෑ අඩු නැතිය කියල.... දැන් නැගිට ගන්නවත් බැරි තරමට අමාරුයි"

"අපොයි පෙනඩෝල් දෙකක් ගෙනැත් දෙන්නද?"

"එපා බීවා"

"කාලද ඉන්නෙ?"

"නෑ දසිත් කන්න බෑ"

"එනව මෙහේ කන්න, කන්නෙ බොන්නෙ නැතුව ඉන්නකොට ලෙඩ වෙන එක අහන්න දෙයක්ද"

"අනේ එපා දසිත් කන්න බෑ වමනෙට එනවා"

"එහෙනම් එන්න ගෙදර යමු! මමත් එන්නම්, තනියම යන්න එපා"

"හ්ම්ම්ම් තෑන්ක්ස් දසිත්"

"ඈට ගෙනයෑමට එතරම් දෙයක් තිබුනේ නැත. ඇගේ ෆයිල් කවරයත් අනෙක් ආම්පන්නත් මම මගේ ගමන් මල්ලට ඔබා ගතිමි. ඈ හෙමිහිට නැගිට ඇවිදින්නට පටන් ගත්තාය. එහෙත් ඒ බොහෝ අපහසුවෙනි. 

"ඇයි ලමයෝ අමාරුව හංගන් හිටියේ.... අම්මටවත් කියන්න තිබුනනේ"

"බෑ දසිත් එයාට තවත් කරදර කරන්න බෑ නේ"

ඈ සිතන්නේ කෙතරම් වෙනස් විදියටද? සිය මව වෙනුවෙන් මෙතරම් වදවක කෙල්ලක් දුටුවාමය.

"අදම යන්න ආයෙමත් ඩොක්ට කෙනෙක් හම්බවෙන්න"

"නෑ දසිත් ඕන නෑ තව ටිකකින් ඕක ඇරිල යාවි"

"නෑ නෑ මම ඔයාලගෙ අම්මට කියනව, නැත්නම් ඔයාට නැගිට ගන්නවත් බැරි වේවි"

හදිස්සියේම ඈ වැටෙන්නට ගියාය, මම ඇගේ උරහිසින් අල්වා කෙලින් කලෙමි.

"ඔය බලනව ඔයා ගින්දර වගේ රත් වෙලා. හොදටම උණනෙ...... හ්ම්ම් හ්ම්ම් යමු යමු"

මට උත්පලා ගෙදර ඇරලන්නට යෑම නිසා අද විබාග අවසාන "ෆන්" එක ගන්නට නොහැකි විය. මම ඒ බවක් කල්පනා නොකල්ද උත්පලා ඒ ගැන විමසුවාය.

"අනේ දසිත් මන් හන්ද ඔයාට අද දවසෙ ෆන් එකත් නැති උනා නේද"

ඇගේ දුක්බර මුහුණ මා ඉදිරියේ වෙයි.

"ෆන් එක වගේද ලමයෝ ඔහෙගෙ ජීවිතේ?"

ඈ කිසිත් නොකියා බිම බලා ගත්තාය.

ඔයින් මෙයින් අප උත්පලාගේ නිවස අසලටම පැමිණ සිටියෙමු. එහෙත් ඇගේ අම්මා රාජකාරි සදහා පිටත් වූ බව මට මතක් වූයේ පසුවයි. 

"උත්පලා ගෙදර කවුරුත් නෑ නේ? එන්න අපේ ගෙදර යමු. අක්ක බලාවි ඔයාව"

"ඕන නෑ දසිත්, මම ඉන්නම් මට අවුලක් නෑ"

"මෙන්න මෙහෙ එනව, ඔඅලන්න ඔයාගෙ මූනෙ හැටි, හොදටම අසනීප පාටයි"

මම කෙසේ හෝ ඈ ඇදගෙන අපේ නිවසට ගියෙමි

---------------------------------------------------------------------------------


{ 3 comments... read them below or Comment }

  1. නියම කතාව.. හැබැයි කොටස් ටිකක් පොඩි වැඩියි වගේ හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මේකනේ කොල්ලෝ......... මේ දවස් වල ඉස්කෝලෙ එක්සෑම්! දිගට ලියන්න ටිකක් අමාරුයි ඉදිරි සතිය ඇතුලතත්. පාඩම් ම තමා

      Delete
  2. ela ela. Puluwan tharam ikmanta danna aluth kotas.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -