Wednesday, May 1, 2013

Real Madrid වල final සිහිනය බොද කල Dortmund



                Real Madrid රසික හදවත් වලට කදුලක් එක් කල රැයක් සනිටුහන් කිරීමට  Dortmund ඊයේ සමත් උනා.ඊයේ පැවති තරගය Real Madrid 2-0 විදිහට ජය ගත්තත් Dortmund කණ්ඩායම් ලබාගන තිබුන ගෝල 3 ඉදරිය නිසා මෙම තරගයේ ජග්‍රහණය සදහා Real Madrid කණ්ඩායම ලබාගත් ගෝල දෙක ඔවුන්ට ප්‍රමාණවත්උනේ නෑ.ඒ ගෝල දෙක ලබාගත්තේ Benzema සහ Ramos නුයි.මෙම තරගයේ ජයග්‍රහණය
Dortmund  වෙත ලැබීමෙන් ඔවුන් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා වගේම මේ තරයේ ප්‍රතිපල ක්‍රීඩා ලෝකයේ වෙනස්කම් රැසකට මුල පුරයි කියලා අපිට හිතන්න පුළුවන්.

අදත් තියනවා තීරණාත්මක තරගයක් ඒ Barcelona සහ Bayern අතර ඒ තරගයේ විතරත් අනිවරෙන් ඕගොල්ලන්ට හෙට ගේනවා.මැච් එක නොබලපු කස්ටිය මෙතනින් highlight බලන්න.

  highlight



br />

Tuesday, April 30, 2013

twitter සහ facebook timeline බ්ලොග් ටෙම්ලට දෙකක්.

     


            
කාලෙකට පස්සේ නේ මොනවහරි ලියන්නේ.එකට හේතු උනේ බ්ලොග් එකේ පොඩි අවුලක් ගියා.ඒ උනාට අදත් වැඩිය ලොකු දෙයක් ලියන්න අදහසක නෑ ඔන්න.එහෙනම් අද ගෙනාපු දේ ගැන කියන්නම්. අද  ගෙනාවේ බ්ලොග් ලියන අයට වැදගත් දෙයක් ඒ කියන්නේ බ්ලොග් templet දෙකක්.ඔය බ්ලොග් ටෙම්ප්ලේට් නම් ඕනි තරම් තියෙන්නේ නේද.ඒ උනාට හැමෝම දන්නවනේ twitter සහ Facebook timeline අන්න ඒ විදිහට තමා මේ ටෙම්ප්ලේට් දෙක හදලා.දාගත්තම වැඩි වෙනසක් නෑ.සිරා කියන්නේ twitter එකනම් ඒ වගේමයි.

අනික් එකත් timeline එක වගේ තමා ඒ උනාට පොඩ්ඩක් වෙනස්.එහෙනම් දාගෙනම බලන්නකෝ.දාගන්නකොට මොකක් හරි අවුලක් ගියෝ මට කියන්න.දාගන්න කලින්  මතක ඇතුව තියන එක අරන් තියාගන්න.ඒ කියන්නේ අර රතු පාට කොටුවක් වගේ එකෙන් රවුම් කරලා තියන තැනින් ඈ දන්න්නවනේ ඕක නේ.එහෙනම් ටෙම්ප්ලට් දෙක දාගනම බලන්න.එහෙනම් අපි කැපුනා.යනකොට මතක ඇතුව අර join the site කියන එකත් කරලා යන්න ඈ.



Twitter  ටෙම්ප්ලේට් එක download 

Timeline  ටෙම්ප්ලේට් එක download




Saturday, April 27, 2013

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැද්ද? එහෙනම් මේක ඔයාටයි (Android App Player For Windows)




ඔන්න අද නම් මම ගෙනාවෙ ටිකක් අලුත් ට්‍රික් එකක්. ගොඩ කාලෙකින් මේ වාගෙ ට්‍රික් එකක් දාන්නත් බැරි උනා. නවකතාව හන්ද වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. සමාවෙන්න ඕන.

මේ මම දෙන්න හදන්නෙත් එක විදියක ඇප් එකක්. මේක දැම්මම ඔයාගෙ ෆෝන් එකේ රන් කරන ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් පී සී එකෙත් රන් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක ඉන්ස්ටෝල් නොකරම. මේ ඇප් එක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා මාකට් එකේ 400000+ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් තියෙන බව සහතික කරල තියෙනව. ඒක ඇත්ත තමයි. ඒක හන්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේක ගොඩක් වැදගත් වෙයි

වින්ඩෝස් හරි මැක් ඕ එස් නම් තියෙන්න් ඕනේ නැත්නම් මේක වැඩ නෑ. ඒත් ඒවනම් සුලබයිනේ. වෙන මොකුත් සිස්ටම් රික්වෙයාමන්ට්ස් ගැන සදහනක් නම් නෑ. ඒ කියන්නෙ මගෙ මැශින් එකෙත් මේක වැඩ කරනවා.

එහෙනම් මේක බාගත කර ගම්මු.

පියවර 1 - මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඇප් එක බාගත කරගන්න පුලුවන්. සම්පුර්නයෙන්ම නොමිලේ

Download - Blustacks Download

පියවර 2 - සාමාන්ය ඉන්ස්ටෝල් පිළිවෙල තමා.

පියවර 3 - රන් කරල තමට කැමති ඇප් එක හරි ගේම් එක හරි මේකෙන් බාගත කරන් ගහන්න පුලුවන්. එච්චරයි

එහෙනම් ඔයත් පිවිසෙන්න පෝසතුන් වෙනුවෙන්ම හැදු ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට.........

Post By - Tharuka

Friday, April 26, 2013

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව (7 කොටස )




හරියටම සතියකින් කතාව දාන්න බැරි උනා. ඒක ගැන ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. අපිටත් ඉතින් ජීවිතයක් තියෙනවනේ. ඒක හන්ද කතාව වෙනුවෙන්ම නැහෙන්නත් බෑ. ඒත් ඉතින් ලැබෙන ප්‍රතිචාර එක්ක නොලියත් බෑ. මම යන යන තැන හැමෝම අහන්නෙ මීලග කොටස දාන්නෙ කවද්ද කියල. ඔන්න එහෙනම් කියවන්නකෝ. මේකයි ඊලගට සිද්ද උනේ....

---------------------------------------------------------------------------------------------------------------

මාලිකා එක්ක නාලකත් නැන්දගෙ කෑගැහිල්ල ඇහිල හිනා උනත් අන්තිමේ දෙන්නගෙම හිතට පොඩි දුකක් දැනුනා. මාලිකාට වැඩියෙන් නාලකට එහෙම හිතුන හන්දමද කොහෙද නාලක ටිකක් හයියෙන් නැන්දට එයා මෙතන ඉන්න බව කිව්ව. එහෙම කියල එයා කම්මැලියෙක් වගේ එහාට මෙහාට ඔලුව හොලව හොලව උන්න මාලිකා දිහා බැලුව.

"යමු"නාලක කිව්වෙ කාමරේ දොර වහන ත දික් කරන ගමන්. "පව්... නැන්ද ඔය තරම් බය වෙලා ඉන්නව මම කවදාවත් දැකල නෑ."

"එහෙමද?" මාලිකා ඇහුවෙ එයා උඩ තට්ටුවට එද්දි අරන් ආපු එකම දේ උන කොස්ස ආයෙත් අතට අරන්. "මට ගොඩක් දේවල් මෙහෙ ඉගෙනගන්න තියෙනව වගේ. අපේ ගෙදර නම් අම්ම කවදාවත් මම කොහෙද කියල හොයන්නෙ නෑ"

එයා එහෙම කිව්වෙ හිනා වෙවී උනත් මගේ උපන් හපන්කමටම ද කොහෙදෝ එයාගෙ ඇස් වල තිබුන පරාජිත බැල්ම මට දැකගන්න පුලුවන් උනා. නාලකට නම් ඒකෙ ඒ හැටි අමුත්තක් පෙනිල නෑ වගේ.

"ඒ මොකෝ?" නාලක නෙවෙයි එහෙම ඇහුවෙ. එයාගෙ හිත. ඒ ප්‍රශ්නෙ නාලකගෙ කටින් නම් පිට උනේ නෑ. ඒ මාලිකා ඊට කලින් ආයෙත් පරන පුරුදු විකාර හිනාව දාල මලක් පිපෙනව වාගෙ මුන හදාගත්ත හන්ද.

"යමු යමු" මාලිකා ඉස්සර උනා. හෙමින් අඩි තිය තියා එයා පඩිපෙල බහින්න හදනකොටත් නාලක දොර වහන්න දගලමිනුයි ඉදියේ. පඩිපෙල ලගට ගිය මාලිකා නාලක එනකම් අත්වැටට හේත්තු වෙලා එයාගෙ ලොකු ඇස් දෙක පහල තට්ටුව දිහා යොමු කරන් බලන් උන්නා.

"අනේ අනේ" නැන්ද කිව්වෙ ටිකක් විතර හිනාවෙලා උනාට තවමත් එයාගේ ඇස්වල බියමුසු ගතිය රැදිල තිබුන. "මම මෙහෙ ගිනි පත්ටු වෙලා දු ව හොයනව. කියන්න තිබුනනෙ"

"මම වෙන කොහේ කියල යන්නද නැන්දෙ?" මාලිකා ඇහුව. "මම ඉදියෙ උඩහ තට්ටුවෙ."

"මම බය උන තරමක්" නැන්ද මාලිකා දිහා බැලුවෙ රවල නෙවෙයි ඔරවල. ඒත් ඒ මුනෙන් වැඩි තරහක් පෙනුනෙ නම් නෑ. "මෙහෙ ඇවිත් කෑම කන්න දෙන්නම."

නාලක මේසෙට වාඩි උනා. කවදත් වාගෙ බෙදාගත්තු ඔක්කොම ඉවර කරල එයා නැගිට්ටෙ නැන්ද දිහාවෙත් මාලිකා දිහාවෙත් යන්තමට බලාගෙන.

"නිදිමතයි" නාලක කිව්වෙ නැන්දට. "මම යනව නිදාගන්න"

"අනේ කොල්ලො" නැන්දා අවවාද කරන කටහඩක් මවාගෙන කිව්ව. "මම හැමදාම කියනවනෙ කාපු ගමන් නිදාගන්න යන්න එපා කියල. එතකොට වැඩිපුර මහත් වෙනව."

මාලිකාට ටිකක් හයියෙන් හිනා ගියා. ඒ පාර නැන්ද එයා දිහාවෙත් පොඩි බැල්මක් දැම්මා. "කෙල්ලො ඔහොම හිනාවෙන්න හොද නෑ දුවේ"

"ඒ මොකෝ නැන්දෙ?" මාලිකා නෙවෙයි ඇහුවෙ නාලක. කට කොණකට හිනාවක් එහෙමත් දාගෙන.

" කෙල්ලො සෙල්ලක්කාර වෙන්න හොද නෑ හයියෙන් හිනාවෙන්න, දුවන්න. ඔය වාගෙ දේවක් කෙල්ලන්ට ගැලපෙන් නෑ"

"අපෝ නැන්දෙ ඕන තරම් කෙල්ලො ඕව කරනවනෙ." මාලිකා කිව්වෙ නිකටට අත තියන් නැන්ද දිහාවෙ බලන් ඉන්න ගමන්. "ස්පෝට් මීට් එකෙ එහෙම ගෑනු ළමයි ඕනෙ තරම් දුවන්නෙ."

"එහෙම නෙවෙයි දුවේ. ක්‍රීඩාව එකක් හැදියාව තව එකක්." නැන්ද කීවෙ ටීචර් කෙනෙක් වාගෙ. "කෙල්ලොත් කොල්ලො වගේ උනාම කෙල්ලන්ය කියන්නෙ කාටද?"

ඒ කතාවට නම් නාලක්ටත් පොඩි හිනාවක් ආව. ඒත් එයා නම් මේ දේවල් ගැන වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ.

මාලිකා නම් නැන්දගෙන මේ දේවල් අහන් ඉදියෙ ආසාවෙන් බව නාලකට පෙනුන. ඒ හන්දමද කොහෙදෝ නාලකගෙ නිදිමත් තවත් වැඩි උනා.

"නැන්දෙ මම යනව පොඩ්ඩක් පාඩම් කරන්න" නාලක එහෙම කිව්වෙ නිදාගන්න යනව කිව්වොත් එයාට එතනින් යන්න වෙන්නෙ නැති හන්ද.

"හොදයි පුතේ බුදුසරණයි" කියපු නැන්ද මාලිකා එක්ක ආයෙත් කතාවට වැටුන.

Google Goggles - ලග තියන android කට්ටට නියම app එකක් කියවලාම බලන්න.



කාලෙකට පස්සෙද මන්ද tec පොස්ට් එක ගේන්නේ.ඔන්න එහනම් වැඩිය වල් පල් නෑ කෙලිම්ම කියන්න හදන්නේ.මේක ගොඩක් වැදගත් app එකක්.මේ app එකෙන් කරන්නේ අපි මොකක හරි දෙයක,සතෙක්ගේ  ෆොටෝ එකක් ගහලා  upload කරාම ඒ දේ ගැන විස්තර අපිට පෙන්නනවා.(මේ යාලුවන්ගේ ෆොටෝ හෙම upload කරලා විස්තර හෙවුවට හම්බ නොවන බව අත්දැකීමෙන් දනිමි ඈ =D ).මේ app එකෙන් අපිට ඕනි විස්තර ඔක්කොම හොයලා දෙනවා internet එකෙන්.තේරුනේ නෑ නේද කියපු දේ.අපි මෙහෙම උදාහරණය ගමු.
ඔන්න ඔයාලා මොකක් හරි නම දන්නේ නැති ගහක් තියනවා.මේකේ නම කොහොම හරි හොයාගන්නත් ඕනි.කොහොමද හොයාගන්නේ.පොත් ඔක්කොම පෙල්ලා බලනවද.නැත්තම් ගස් වල නම් ලැයිස්තුව අරගෙන බලනවද.ඕවා ඔක්කොම ඉතින් හොද කට්ටක් කන්න වෙන වැඩ නේ.දැන් ඒ කට්ට කන්න ඕනි නෑ.ඔයාලට කරන්න තියෙන්නේ ගහේ කොලේක ෆොටෝ එකක් ගහලා එක මේ app එක හරහා upload.දැන් තේරුනා ද ?

මේ උදාහරණන්නුත් තේරුනේ නැත්තම් මේක උදහරනෙන් බලමුකෝ තේරෙයි ද කියලා.
ඔයා යන තැනක නොදන්නා බාසාවකින් බෝර්ඩ් එකක් තියනවා.කරන්න තියෙන්නේ මෙච්චරයි ගැහුවා ෆොටෝ එක upload කරා.කෙලිම්ම තේරුම පෙන්නනවා.මාරු වැඩේ නේ.

ඔය උදාහරණ දෙකෙම්ම තේරුනේ නැත්තම් මේ video එක බලන්න.
 app එක බාගන්න play store.බාගන්නකොටන්න මෙතෙන්ට .





Thursday, April 25, 2013

රියල් මැඩ්‍රිඩ් ඩෝට්මන්ඩ් හමුවේ 4-1 ලෙස පරාජය වීම (පුදුමයි ඒත් ඇත්තයි )

මේ පෝස්ට් එක නම් ලියන්නේ කලින් ෆුට්බෝල් පෝස්ට් ලියන කෙනා නෙවෙයි. මම නම් මේව ගැන මෙලෝ හසරක් දන් නෑ. කමක් නෑ ලියමුකො.



ෆුට්බෝල් බලන නොබලන හැම දෙනගෙම හිත්වල මහා පුදුම සහගත හැගීමක් දනවන සමත් වෙච්ච මැච් එකක් හැටියට තමා මේක හදුන්වන්න පුලුවන් වෙන්නෙ. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ තරගයේදි ඩොර්ට්මන්ඩ් කණ්ඩායම හමුවේ චාටර් පරාජයක් ලැබුවා. ඩෝට්මන්ඩ් ලා ගෝල 4ක්ම වාර්තා කරලත් දක්ශයි කියල නම් තියල උන්න රියල් මැඩ්‍රිඩ්ලට ගන්න පුලුවන් උනේ 1 ගෝලයක් පමණයි.


ඩෝට්මන්ඩ් කණ්ඩායමේ --- මෙම තරගයේදී ගෝල හතරම වාර්තා කල හන්ද කණ්ඩායම් ජයග්‍රහනයකටත් වඩ මේක තනි පුද්ගලයකුගෙ දිනුමක් කියලයි මට අම් හිතෙන්නෙ. ඒත් ඉතින් කෝම හරි රියල් මැඩ්‍රිඩ්ල පරාදයි.

පසුව ලියමි - ඕක තමා ඉතින් මැච් එක ගැන කියන්න තියෙන්නෙ. මේ Clip බලල තේරුම් ගන්න. මම කියපු දේවල් එකක්වත් තේරුනේ නැත්නම්


http://videos.sapo.pt/O8DL9Ybk4Zat5iRRhY90#share


Wednesday, April 24, 2013

Bayern vs Barcelona [UEFA Champions League -Semi-finals Firest leg]


කොහොමද යාලුවනේ අදනම් මේ කියන්න හදන තරගේ ගැන ඔයාලට පුදුම හිතෙයි.මේ තරගේ ගැන සරලව කියනවනම් කියන්න තියෙන්නේ "පුදුමයි එත් ඇත්තයි."මගේ කතාව කෙලින් අර sprit බීල වගේ.එක නිසා කෙලිම්ම කියන්නම් සිද්දිය.
Bayern 4 - Barcelona 0


හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.හිතාගන්න බැරි අය මෙතනින් highlight බලන්න.
ගෝල වාරතා කරේ Bayern  කණ්ඩායම විතරයි.ගෝල වාර්තා වුනේ මේ ආකාරයට
  • T. Müller 25, 82
  • Gomez 49
  • Robben 73                                                                                                                                                                                
තව තරගයක් තියනවා අවසාන මහා තරගයට සුදුසුකම් ලබනේ කවුද කියලා බලන්න.ඒ වුන්නට ඉතින් මේපාර බොහෝදුරට Bayern අවසන් තරගයට සුදුසුකම් ලබන්න ඉඩ තියනවා.එක Barcelona කණ්ඩායමේ Xavi මෙන්න මේ විදිහට කියනවා.final hops is almost impossible" එහෙනම් අදට ඇති.මේ කිවුවේ ඊයේ 
 තරගෙනේ.අද තියනවා Real Madrid vs Dortmund.එකේ විස්තර හෙට ගේන්නම්.



බ්ලොග් පෝස්ට් හොරකම් කිරීමේ ඇත්තටම වැරැද්ද මොකක්ද?



        මේ බ්ලොග් එකේ පෝස්ට් උස්සල කියල ලගදි දවසක ලොකු කතාවක් ගියානෙ. ඒක දැකල තමා මට මේක ලියන්න හිතුනේ. 

        කව්රු හරි තමන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට බුද්ධිමය දේපලක් කියල කියනවා. එහෙම බැලුවහම බ්ලොග් පෝස්ට් එකක් කියන්නෙත් බුද්ධිමය දේපලක්. කාගෙ හරි බුද්ධිය හොරකම් කරන එකෙන් වලක්වන්න නීති ලංකාවෙ තියෙනවා. බුද්ධිමය දේපල ආරක්ෂා කරන්නෙ Copyright law එකෙන්. ඒකෙන් කර්තෘගෙ ආර්ථික හා සදාචාරාත්මක අයිතීන් ආරක්ෂා කරනවා. හැබැයි ඒ අනුව ආරක්ෂා කරන්න පුළුවන් ලියල තියෙන විදිහ ( Format එක ) විතරයි. ඒ නිර්මාණයේ යටින් තියෙන අදහස නෙවෙයි.

        ශ්‍රී ලංකා නීතියට අනුව කර්තෘගේ අයිතීන් උල්ලංගනය වන පරිදි Computer software එකක් අයිති කරගැනීම හා ඒ මගින් ආර්ථික වාසි ලබාගැනීම වරදක්. ඒකට දඩුවම විදිහට මහේස්ත්‍රාත් කෙනෙකුට පුළුවන්  රු. 500 000 කට අඩු දඩයක් හෝ මාස 6 ක සිර දඩුවමක් හෝ ඒ දෙකටම යටත් කරන්න. හැබැයි මේක කරන්නෙ ඒ මගින් ආර්ථික වාසි ලබගන්නවනම් පමනයි. 

        මම මේ කිව්වෙ නීතියේ තියෙන දේ. මගේ අදහසක් නෙවෙයි. පහල තියෙන්නෙ මට හිතෙන විදිහ.

        බ්ලොග් පෝස්ට් copy කිරීම හරි කියල හිතන අය කියන කතාවක් තමා "ලියන එක කාටත් කරන්න පුළුවන්" කියන එක. ඕනි එකෙක්ට පුළුවන් මොනා හරි දෙයක් ලියන්න. ඒ වුනාට කියවන්න වටින දෙයක් ලියන්න හැමෝටම බෑ.

        පොඩ්ඩක් හිතන්න මේක කියවන ඔබ මොකක් හරි නිර්මාණයක් කරල බ්ලොග් එකකට දානව කියල. ඒ බ්ලොග් පෝස්ට් එක කව්රු හරි copy කරල එයාගෙ බ්ලොග් එකේ දාගත්ත කියල හිතන්න. ඊටපස්සෙ ඒ බ්ලොග් එක කියවපු කෙනෙක් ඔයාගෙ නිර්මාණය දැකල හොදයි කියල හිතල ඒ බ්ලොග් එකේ comment එකක් දාල ගියොත් මොකක්ද ඒ නිර්මාණයේ තියෙන වටිනාකම? අන්න ඒක තමා මම දකින විදිහට බ්ලොග් පෝස්ට් copy කිරීමේ තියෙන ලොකුම වැරද්ද.

        මම කියන්නේ නෑ මම ලියන ඒව quality කියල. ඒක අන්ත චාටර් වෙන්න පුළුවන්. ඒ වුනාට මම ලියපු එකකට බැනල හරි comment එකක් දානවනම් ඒක ලිව්වෙ කව්ද කියල දැනගෙන ඒක ලියපු කෙනාගෙ නමට යටින් comment කරන්න ඕනි. අන්න එහෙම comment දාන එක තමා ලියන කෙනාගෙ සතුට. බැනල දාපු comment එකක් වුනත් ඒක ලියපු කෙනාට සතුටක්.

        බ්ලොග් පෝස්ට් copy කරන අය කියන තවත් කතාවක් තියෙයි. ඒ අය කියනවා බ්ලොග් ලිවීමේ පරමාර්ථය දැනුම බෙදාගැනීම, ඒ හින්ද copy කලාට කමක් නෑ  කියල. ඒක ඇත්ත කියල මාත් පිලිගන්නවා. ඒ වුනාට තව කෙනෙක්ගෙන් නොදුන් දෙයක් ගැනීම හොරකමක්. 

        මම බෞද්ධ හින්ද බෞද්ධ දර්ශනයට අනුව කියන්නම්. බෞද්ධ දර්ශනයට අනුව පහත කරුනු 5 ම සම්පූර්ණ වුනොත් අදත්තාදාන කර්මය, නැත්තම් හොරකම වෙනව.
  1. අන්සතු වස්තුවක් වීම
  2. අන්සතු වස්තුවක් බව දැනගැනීම
  3. පැහැරගනු කැමති සිත
  4. පැහැරගැනීමට උපක්‍රම කිරීම
  5. වස්තුව ගැනීම
        ඒ අනුව බලපුවහම බ්ලොග් පෝස්ට් හොරකම් කරන බෞද්ධයාගෙ පන්සිල් බිදිල. ඒත් ඉතින් අද රටේ පන්සිල් බිදින හැටියට අනුව මේක එච්චර දෙයක් නෙවෙයි.

        මෙන්න මේකත් දැනගන්න. මම මේක ලිව්වෙ කාටවත් එරෙහිව නෙවෙයි. මේක ලිව්වෙ මගේ හිතට ආපු අදහසක් අනුව. කොහොමත් ඉතින් බ්ලොග් ලිවීමේ අරමුණ අදහස් හුවමාරු කරගැනීමනෙ. මේක කියෙව්වහම හිතෙන දේ පහලින් comment කරල යන්න. 

        අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙන්න මේක තමා.


                by Pabasara Mahindapala @ 11wada.blogspot.com



ඔබේ comment මගේ සතුටයි. comment box එක පහල තියෙයි.


Tuesday, April 23, 2013

බ්ලොග් එක පොස්ට් හොරුන්ගෙන් බේරාගමු.


කොහොමද හැමෝට.ගොඩක් බ්ලොග් වල ඉතින් මේ දවස් වල දකින්න තියෙන්නේ මඩ පාරවල් මයි.මම හිතන්නේ සයිබර් සිහින බක් මහා උළෙල වෙච්ච ඒවා  වෙන්න ඇති.අපි කොහෙද ඉතින් ඕවට යන්නේ අපි තාම පොඩි උන් නේ.හැබැයි ඉතින් මාත් බස් රඩියෝ එකෙන් අහගෙන හිටියේ චැට් එකට සෙට් වෙලා.කොහෙද ඉතින් එතන හිටපු අක්ක කෑගහ කිවුවනේ මම ඉනව කියලා චැට් එකේ ඔහොමත් වැඩ කරනවද අප්පා.උබලා බලන්න ඇති මම කවුද කියල නේ.මොකෝ ඉතින් කවුරුත් මාව දන්නේ නෑ නේ.අපි ඉතින් තාම අලුත් නේ.
 ඔන්න ඉතින් අද මාතෘකාවට බහින්න තමා හදන්නේ.ඔය නෝනලා මහත්තුරු දන්නවා ඇතිනේ මහත්හොරෙක් අපේ බ්ලොග් එකේ පොස්ට් උස්සලා තිබුනා කියලා.ඔන්න ඉතින් ඕකට දවස් ගානක් විසදුමක් හොයනකොට තමා මට මේක හම්බවුනේ.ඔයාලගේ බ්ලොග් එකෙත් මේ  කියන විදිහට සෙට්ටින්ග් හදාගෙන පොස්ට් හොරුන්ගෙන් බේරාගන්න.

Layout -> Edit HTML->Expand Widget Templates

 ඊළගට මේ  <head> කියන එක යටින්/ඊට පස්සේ මේ code ටික past කරන්න

<!--Disable Copy And Paste-->
<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

ඊළගට Save Template

දැන් හරි කාටවත් දැන් right click කරලා copy කරන්න බෑ.දැන් මමත් බ්ලොග් එකේත් මේ විදිහට දාලා එතකොට ඔයාලට මේ code එක copy කරගන්න බැරි නිසා මේ text file එක බාගෙන එකෙන් code එක copy කරගන්න.  

Download

  

Manchester United CHAMPION 2013

     



                 ඔන්න ඉතින් මේ ලියන්න හදන්නේ දීර්ග ගමනක අවසානය ගැන.English premier league  එකේ 2012/2013 season එකේ ජයග්‍රහණය හිමිකරගන්න සමත් උනේ Manchester United.මම ඉතින් සාමාන්‍යයෙන් ලියනේ නෑ නේ පොඩි පොඩි තරග ගැන ඒ උනාට තරගයක් ගැන කතාකරන්න සිද්ද වෙලා තියෙන්නේ ඊයේ තිබුණ Aston villa මැච් එක Manchester United දිනාගැනීමත් සමග එයාලා champions ලා වෙච්ච නිසා.ඉදිරියට තව තරග තියනවා ඉතුරු වෙලා ඒ උනාට පස්සෙන් ඉන්න Manchester city කණ්ඩායම ඒ තරග ඔක්කොම දින්නත් එයාලට තරගාවලිය දිනන්න හැකියාවක් නෑ.එක නිසා Manchester United මේ පාර පහසුවෙන් තරගාවලිය ජයග්‍රහණය කරා.
දැන් අපි බලමු මේ තරගේ විස්තර 
තරගේ ගැන කියන්න වැඩි යමක් නෑ.සම්පුර්ණ ගවුරවේ හිමිකරගත්තේ Manchester United කණ්ඩායම.ඔවුන් තරගය ගෝල 3-0 විදිහට ජය ගත්තා.එම කණ්ඩායම වෙනුවෙන් ගෝල 3 ලබාගත්තේ Robin Van Persie.
 මේ ලබාගත්ත tile එක ඔවුන්ගේ 20 වන ජයග්‍රහණයයි.ඕගොල්ලොත් පොඩක් Manchester United site එකට ඔලුව දාලා බලන්නකෝ ඒ ගොල්ලන්ගේ ජොලිය කොහොමද කියලා.අලුත් විඩියෝස් ගොඩක් දාලා තියනවා බලන්න.බලන්නකෝ.


Monday, April 22, 2013

Suit එකද? මිනිහා ද? - Iron Man 3 මේ මාසෙ එලියට





Iron Man 1 හා 2 අපි හුගක් අය බලපු film එකක්. වඩාත් වැදගත් Iron Man ගෙ suit එකද? නැත්තම් ඒක ඇතුලෙ ඉන්න මිනිහාද? මෙන්න මේ ප්‍රශ්නය  තමා Iron Man 3 චිත්‍රපටියේ theme එක. විනාඩි 130ක් දිග මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shane Black විසින්. මේකෙ ප්‍රධාන චරිතය, Tony Stark ට රගපාන්නෙ Robert Downey. අප්‍රේල් මාසෙ 25 වෙනිද Iron Man 3 අන්තර්ජාතික ප්‍රේක්ශකයන් සදහා release කරනවා.

අපි අන්තිමට Iron Man ගෙ වැඩ දැක්කෙ "The Avengers" වල. Iron Man 3 වල Tony Stark ගෙ සතුරා වෙන්නෙ Mandarin. Film එක පටන්ගද්දිම Mandarin, Stark ගෙ Stark Expo building එකට පහර දෙනව. ඊටපස්සෙ Stark දැනගන්නවා Mandarin ඇමරිකාවෙ මිනිස්සු පැහැරගෙන ඔවුන් තමන්ගේ Super Soldiers ලා කරන බව. ඉතින් Stark තමයි යන්නෙ Mandarin ව නවත්තන්න. කොහොම වුණත් අන්තිමට හැමදාම වෙන විදිහට වීරයා දිනනව.


Iron Man 3 trailer video එක මෙතනින්
www.youtube.com/watch?v=5EjG-1U3wqA

Sunday, April 21, 2013

හයියෝ වද දෙන්න එපෝ මෙන්න ගන්න windows 8 crack එක

                             


                හයියෝ බලන්නකෝ මාත් ඉතින් ගොනා වගේ දැම්මා ජනෙල් 8 crack එක email කරන්නම් කියලා.කවුද හිතුවේ එකට මෙච්චර ප්‍රතිචාර හම්බ වෙයි කියලා.කස්ටිය ගෙදෙට්ටත් කෝල් කරනවා.හයියෝ ඒක ටිකක් වදයක් උනා.ඒ උනාට ඉතින් හැමෝට වගේ යැවුවා.මග අරුනම් ඒ යාලුවන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.කමක් නෑ ඉතින් දැන් එයාලට මෙතනින් බාගන්න පුළුවන්.එහෙනම් අදට එච්චරයි.

Download



Wednesday, April 17, 2013

මුණු පොතේ ෆොටෝ ලොකු කරලා බලමු fb photo zoom


          වස කම්මැලි.ඒ උනාට මේක කොරන්නත් ඕනි නේ.මේ බ්ලොග් එක දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ.එක එක්කෙනා කෝල් කරනවා මුණු පොතේ message දානවා මොනවහරි කොම්පුටර් වැඩ කෑල්ලක් තමා   අහනේ.මොනවා කොරන්නද ඉතින් මේ බ්ලොග් එක කියවන අයට උදවු කරන්නත් ඕනි නේ.ඕගොල්ලන්ට ඒවා කියලා වැඩක් නෑ නේ .ඕන දැන් එන්ටෙර් වෙන්නේ අද දවසේ මාතෘකාවට.පේනවනේ ඉතින්.මේ සොෆ්ට් කෑල්ල එහෙම කියන්නත් බෑ එකට සිංහලේ කියනේ add on ද කොහෙද .
 කොහොම හරි එකට love(allow) කියලා දෙන්න .දැන් හරි පොඩි වැඩක් නේ .දැන් ඕගොල්ලෝ මුණු පොතේ ෆොටෝ එකක් ගාවට අර මුළු desktop එක පුරාම දුවන සුදු පාට ඊතලේ ගෙනිහින් බලනකො.ෆොටෝ එක ලොකූ වෙලා පේනවා.

හප්පට උඩු ලින්කුව දෙන්න බැරි උනානේ අඩෝ මෙන්න ඈ

http://www.regisgaughan.com/fbphotozoom/



මත් මල් - කොටස් වශයෙන් පලවන නවකතාව (6 කොටස )


මාලිකා ඉන්නව දැක්ක හන්දම එයා ආයෙත් දොර වහ ගත්ත. අනේ මන්ද? මාලික එයාගෙ උරිස්ස නටවල අනිත් පැත්ත හැරුන.ආව වැඩේ කරන්න ඕන හන්ද උඩ තට්ටුවේ කොනක ඉදන් හෙමීට අතුගාන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි නම් උඩ තට්ටුවේ කාමර දෙකක් අතුගාල ඉවර කරපු මාලිකා ඉතුරු වෙලා තියෙන කාමරේ දොරට තට්ටු කලා. නාලකගෙ කාමරෙ බව හිතාගන්න පුලුවන්නේ.


"කව්ද?" පොඩි ගොතේකුත් තියෙන කටහඩක් බයෙන් වගේ ඇහුව.

"මේ පිස්සෝ දොර අරිනවා" මාලිකා කිව්වේ හෙමීට. නැන්දට එහෙම ඇහ්නොත් කියල වෙන්න ඇති. "ඔය කාමරේ අතුගාන්න ඕන"

"වෙනදට නැන්දනෙ අතුගාන්නෙ" නාලකගෙ කටහඩ. "අද මොකද වෙන කෙනෙක්?"


"පිස්සු නැතුව දොර අරිනවකො" මාලිකා ආයෙත් දොරට තට්ටු කලා.

"හෝව් හෝව්. ඉන්නවා ඉන්නවා දොර කඩන් නැතුව"

නාලක අන්තිමට දොර ඇරියා. කොස්සත් අතේ තියන් දුවිලි වලින් නෑවිලා ඉන්න මාලිකා දැකපු එයාට පුංච් ඉහිනාවකුත් ආවා. ඒත් මොකද මන්ද මාලිකාට නම් සතුටු නෑ වගේ. ඒත් කාමරේ ඇතුලට ආපු මාලිකාගෙ මුන පුදුමෙන් මහත් උනා. එයාකෙ විකාර පෙනුමක් තියෙන ලොකු ඇස් දෙක හැමතැනම ගියේ හොල්මනක් දැකල වාගෙ. පුදුමයි! මාලිකාට හිතුනා. එයාගෙ අයියගෙ කාමරේ එහෙම අස් පස් කරල් ඉවරයක් නැති නිසාම හැම කොල්ල ගැනම මාලිකා හිතුවෙ එහෙමයි. ඒත් නාලකගෙ කමරේ නම් අස් කරන්න් දෙයක් නෑ වගේ. පොත් රාක්කෙ ගාවින් පටන් ගත්තු මාලිකා කාමරේ අතුගාන්න පටන් ගත්ත.


නාලක මාලිකා අතුගාන දිහාවෙ බලන් හිටියා. මොනා හිතුනද කියල නම් මාත් දන්නෙ නෑ. ලස්සන කෙල්ලෙක් දැක්කම ඕන කෙනෙක් ගොලු වෙනවනේ.

"ඔයාලග ගම කොහෙද?" නාලක ඇහුව.

"මම .....| " මාලිකා කිව්වෙ අතුගෑම නවත්තල. "ඔයා?"

නාලක එයාගෙ ගමේ නම් කිව්ව. "ඇයි මෙහෙට ආවෙ, ඉස්කෝලෙ යන්න ?"

"අනේ මන් දන්නෙ නෑ" මාලිකාගෙ ලස්සන ඇස් දෙක බිම බලාගත්ත බව නාලක් දැක්ක.

"අපේ අම්මට මාව යවන්න ඕන උනේ අපේ අයියට යන්න බෑ කියපු හන්දම නෙවෙයි. එයාට මම කලින් ගිය ඉස්කෝලෙ එච්චර ඇල්ලුවෙ නෑ" මාලිකා ආයෙත් අතුගාන්න පටන් ගත්ත.


"ඒ මොකද?" නාලක් ඇහුව නෙවේ, කියවුනා.

"මම ඒ ඉස්කෝලෙ හිටියොත් ඉගෙන ගන්න එකක් නෑ කියලයි එයා හිතුවෙ." මාලිකා කිව්වෙ ඇස් රතු කරගෙන. "බාලිකා පාසලක් උනාට ඒකෙ හිටියෙ කෙල්ලො සෙල්ලක්කාරයි කියලයි අම්ම නම් කිව්වෙ."

නාලකට කියපු කිසි දෙයක් තේරුනේ නෑ වගේ. ඒක හන්දම එයා මාලිකාගෙ හිත සැනසෙන්නත් එක්ක මෙහෙම කිව්වා.

"ඒ ගැන දුක් වෙන්න එපා. ඔයා යන්න ඉන්නෙ ප්‍රස්න මුකුත් නැති හොද ඉස්කෝලෙකට."

මාලිකාගෙ මුනෙ මෝඩ හිනාවක් ඇදුනා.

"ඇත්තද?: මාව අදුන්නල දෙන්න ඕන ඔය හොදේ"

"අපෝ සුලු දෙයක් නේ" නාලක් කිව්වා.

"නාලක පුතා, නාලක පුතා" කව් දෝ කෑ ගහනව් ඇහුනා. "මාලිකා නෑ නේ. අනේ පුතේ පොඩ්ඩක් බලමුද?"

ඒ නැන්දා බව නාලකටත් මාලිකාටත් තේරුනා. දෙන්නටම ටිකක් හිනා ගියා.

සතුට පිරුන මොහොතක් දැනට තිබුනට ඉස්සරහදී මොනා වේවිද කියල මාත් බලන් ඉන්නව.






------------------------------------------------------------------------------------------------------------
නවකතාව ගැන ගොඩාක් ප්‍රතිචාර ලැබුනා. මාව පුද්ගලිකව දන්න ගොඩාක් අය කෝල් කරල අගය කලා. ඉදිරියටත් මම කතාව ලියනවා. නවත්තන්නෙ නෑ. හැමෝටම ජයවේවා. ඒ වාගෙම ඔයාලගෙ ප්‍රතිචාර වලට බෝම ස්තුතියි

එක එක වැඩ බ්ලොග් අඩවිය වෙනුවෙන් - Tharuka http://www.creatorwebs.tk
------------------------------------------------------------------------------------------------------------





Tuesday, April 16, 2013

Hard Disk එක Partition කළ යුත්තේ ඇයි?



අපට Hard Disk එක Partition කිරීමට බොහොමයක් හේතු ඇත. ඒවා කිහිපයක් පිලිබඳ අප මෙම ලිපියෙන් විස්තර කරන්නෙමු.




1.දත්ත නැතිවීම හෝ නැති කිරීම අවම කිරීම.

අප Windows අලුතින් දැමීමේදී Hard Disk එක Format කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් Hard Disk එක Partition නොකර තනි කොටසක් ලෙස තිබුණහොත් Format කිරීමේදී සියලුම දත්ත මැකී යයි. නමුත් ඔබ Partition කර නොතිබුනේ නම් ඒවාට ඔබගේ දත්ත යොදා තබා ගත හැක. එම නිසා Windows යොදන Partition එක පමණක් Format කිරීම මගින් අනිත් දත්තයන්ට කිසිදු හානියක් සිදු නොවේ. එහිදී Partition Format වීමද වේගවත් වේ.

2.ආරක්ෂාව වැඩි වීම.

පෙර සඳහන් කළ පරිදි දත්ත ආරක්ෂා වීමට අමතරව හොඳින් දත්ත ආරක්ෂා කිරීම සඳහා Encrypt කරණු ලබයි. නමුත් තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී මෙම ක්‍රියාවේදී පරිගණකය මන්දගාමී වේ. මෙම ගැටලුව නිරාකරනයටද Partition තිබීම ඉතා වැදගත්ය.

3.පරිගණකය වේගවත් වීමට.

පරිගණකය සැමවිටම දත්ත සමග වැඩ කරයි. එහිදී තනි විශාල ධාරිතාවක් සහිත Partition එකක් තිබීමේදී දත්ත සෙවීම හා දත්ත ලිවිම සඳහා ඉඩ සෙවීමටද විශාල කාලයක් ගතවේ. නමුත් Partition තිබීම නිසා දත්ත සෙවීම හා දත්ත ලිවිම සඳහා එම කොටසෙන් පමණක් ඉඩ සෙවීම නිසා ගතවන කාලය බොහෝ ලෙස අඩුවේ. එනම් වේගය වැඩිවේ.

අප Partition කොපමණ තම ගත යුතුද?

සාමාන්‍යයෙන් අප අවම වශයෙන් 2ක් වත් තබාගත යුතුය. එක Partition එකක් Windows හා ස්ථාපනය කරන මෘදුකාංග සඳහා ද  අනෙක ඔබගේ දත්ත සඳහා ද යොදාගත හැක.

සටහන - නිපුන මධුෂාන්(FB)

මුණු පොතේ අලුත් විදිහ දාගමු.facebook new look

             

                      මුනුපොතේ අලුත් විදිහ දාගන්න එක ගොඩක් අයට මේක ගැටළුවක්.සමහර අය මේ විදිහට දාගෙන.දාගතු නැති අය හතරවටේ හොයනවා ඇති කොහොමද මේ විදිහට මුණු පොත් වෙනස් කරගන්නේ කියලා.මේ විදිහ මම හිතනේ තාම අත්හදාබලනවා.එක නිසා අපිට පුළුවන් waiting ලිස්ට් එකේ නම් ඉන්න.ටික දවසක්  ලිස්ට් එකෙ ඉන්නකොට අපිටත් දෙයි මම හිතනේ.දැන් නම් මේක එක පාර දාගන්න විදිහක් නෑ.අර ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සැත්කමක්ට බලා ඉනව වගේ බලා ඉන්න වෙන්නේ ඉතින් කෝකටත් waiting list එකේ ඉදලා බලන්ටකෝ.ඔන්න ලින්ක් එක waiting list එකේ ඉදලා බලන්න.මොකෝ සල්ලි යනවයි.


Monday, April 15, 2013

ඕන ෆොටෝ එකක් cartoon එකක් කරමු.



        

          ඊයේ දැම්මේ කිසි වැඩකට නැති පොස්ට් එකක් ද කොහෙද.වැඩි දෙනෙක් බලලත් තිබුනේ නෑ එක.එක නිසා අද පොඩි software කට්ටක් දෙන්න හිතුව.හොදයි නේ.(හොද නෑ කියල හිතන උන් කොහේ හරි comment එකක් දාලා යන්නට.)මේක හම්බුනේ සයිබරේ නිකම්ම  නිකන් අයාලේ සැරි සරනකොට.වෙන වැඩක් නැත්තම් ඒකවත් කරන්න එපයි.මගේ දැනුමේ හැටියට මේ ගැන කිහිප දෙනෙක් දන්නවා."අඩෝ මේ ඒ දන්නා උන්ට හොදින් කියනේ  ඈ උබල දන්නවනම් කට වහගෙන හිටපල්ලා  ඈ."
        හරි එහෙනම් මේ ගොඩක් දෙනෙක් නොදන්නා වැඩේ තමා අපි ගාව තියන ඕනි ෆොටෝ එකක් චිත්තරයක් ක‍රන්න.ඔන්න ඉතින් මේකට ඕනි සොෆ්ට් එක වැඩි කතා නැතුවම පහලින් බාගන්නකො.බාගෙන එකට තියන ෆොටෝ එකක් add කරලා බලනකො.මේකේ ඉගනගන්න ගොඩක් දේවල් නෑ.හරි ලේසි.කරලම බලන්න.අවුලක් ගියොත් කියන්න.නිසැක විසදුම්.

 Download


 

Sunday, April 14, 2013

අලුත් අවුරුදට සිතුවිල්ලක්."එයා මාර පොරක් "



කට්ටියටම අලුත් අවුරුද්ද ජය ඇති කියලා හිතනවා.ඉතින් අලුත් අවුරුදේ කස්ටියටම අලුත් විදිහට හිතන්න අලුත් දෙයක් ලියන්න හිතුවා.

     එක නිසා මම මේ  ලියන්නේ අපේ ගුරුතුමෙක්  දුන් උපදෙස් මාලාවක් පිළිබදවය.මෙය එක එක වැඩ බ්ලොග් අඩවියට ලිවීමට ප්‍රදාන හේතුව මෙහි  අප සියලු දෙන්නාටම යමක් ගැනීමට ඇතැයි සිතන නිසයි.

     මෙය ආරම්බ කිරීමට මට අවංකවම කොනක් අල්ලාගැනීමට අපහසුය.හරි මෙය මෙසේ අරබමු.එය අගහරුවාදා දිනයකි.උපකාරක පන්තියක් පටන් ගැනීමට පෙර සිදුවන ඔබ දන්නා ක්‍රියාදාමය සිදුවිය.(සැ:යු - කාර්ඩ් මාක් කරන අයියා හොද නිසා මාසයේ දෙවන සතියේ පන්ති කාර්ඩ් එක ගන්නා පොරොන්දුව පිට මට ඇතුලට පැන ගැනීමට හැකිවිය.නැත්නම් මේ කතාව ඔබට කීමට හැකියාවක් නොමැත.:)

සුපුරුදු පරිදි පන්තිය ආරම්බ විය.ගණන් 2ක් 3ක් උදාහරණ ලෙස සෑදු පසු අපට ගනින් සෑදීමට අවස්ථාව ලබාදුන්නේය.ටික වෙලාවකට  පසු සර් පන්තියේ කම්මැලි කම මග ඇරවිමට මෙන් පොඩ්ඩක් දොඩමලුවිය.(මේක එහෙම කියලත් හරියන්නේ නෑ.ඒ උන්නට වෙන කියන්න විදිහකුත් දැන්නෑ. :D)
"කට්ටිය පොඩ්ඩක් වැඩ නවත්තලා මේක අහගන්නකෝ. සමහර අය ඉන්නවා එයාලා වීරයෝ කරගෙන තියෙන්නේ කඩෙන් ගත්ත බාන්ඩයක්.ඒගොල්ලන්ගේ වීරයෝ හොද ෆෝන් එකක් කම්පුටරයක්.ඒ ළමයි හිතනේ එයාලට කිසි දක්ෂ කමක් නෑ කියල.අර බාන්ඩ තමා ඒ ගොල්ලන්ගේ වීරයෝ.අනිත් ළමයිනුත් ගන්නගන්නේ ඒ අය මාර පොරක් විදිහට.එහෙම නෙවයි ළමයි මාර පොරක් වෙන්නේ.කාට හරි හොදට ඉගෙනගන්න,ක්‍රීඩා කරන්න,සින්දු කියන්න පුලුවන්නම් එයා මාර පොරක්.ඒවායින් තමයි  ළමයි මාර පොරක් වෙන්නේ.
 අනික ඔගොල්ලෝ කොහොමහරි ගෙදෙට්ට කරදර කරලා ෆෝන් එකක් ගත්තා කියමු.කාටද දන්නෑ ඕකෙන් කතාකරන්නේ.ඕක ඕගොල්ලෝ පාවිචිකරයි හෙට හම්මවෙන යාලුවෙක් එක්ක මොකක් හරි වල් පල් ටිකක් කියවන්න වැඩක් තියනවද.නෑ නේ .එහෙම නෙවයි ළමයි ඕගොල්ලෝ ඇත්තටම ඔය බාන්ඩ ඕනි කෙනෙක් වෙන්න.( එහෙම කිවුවේ හොද විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන්න කියලා.)
   ඔන්න කවුරුහරි පාවිච්චි කරන්නේ එයා හදපු ෆෝන් එකක් නම් එක ගඩොලක් විතර වුනත් කමක් නෑ අන්න එයා මාර පොරක්.
මම දවසක් දැක්ක කෙනෙක් මේ පන්ති ඇරෙන වෙලාවේ බයික් එකකින් හොදටම රේස් කරලා වාහන අස්සෙන් දාලා ත්‍රසජනක ගමනක් යනවා.එහෙම ගිහිල්ලා පොඩි කඩේක නවත්තලා තේකක් බිලා පත්තරයක් බලලා අයි ඒ විදිහටම යනවා.වැඩක් තියනවද .එයා හදන්නේ එයා මාර පොරක් කියලා පෙන්නන්න .ඕගොල්ලෝ ළමයි ඒ වගේ අය මාර පොරක් විදිහට සලකන්න එපා "
තව සර් ළමයිගේ ඇදුම් ගැනත් මෙහෙම අදහස් දැක්වුවා .
"ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න ඔය campus හෙම ගිය ළමයි කවදාවත් ඒ ඉස්කෝලේ විනය නීති වලට පිටින් ගිහින් තියනවද කියල.නෑ ඒගොල්ලෝ ඒ විදිහට ගානට නිල අඩුම ඇදලා අපු ළමයි.වෙන විකාර කරගෙන ඉස්කෝලෙට අවේ නෑ.(මේක අපේ භාෂාවෙන් කියනවනම් කොන්දේ style කරලා කලිසම බිඩි කකුල් වගේ දාගෙන් ඉස්කෝලේ එන්න එපා කියාලා බව බුදිමත් පාඨක ඔබ  තේරුම් ගත යුතුය)
   මම කියනේ නෑ හොදට අදින්න පළදින්න එපා කියලා.හොදට අදින්න තියනවනම් හොදයි.එහෙම නෑ කියලා ප්‍රශ්නෙකුත් නෑ.හරි එහෙනම් අපි ආයි පාඩමට එමු."
   මේක ඉතින් සර් ගේ හඩින්ම අහන්න තිබුනානම් හොදා.ඒ උනාට එකට විදහක් නෑ නේ.මම හිතන හැටියටනම් මේ කතාව ගොඩක් දුරට හරි.ඔයාලත් ඉතින් තනියම පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න.ඔයාලම තීරණේ කරන්න මේ අවුරුදේ ඔයාලා කොහොමද වෙනස් වෙන්න ඕනි කියලා.එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. 

Friday, April 12, 2013

කොන්ක්‍රීට් කුඩුවක සිර කර සිටින මාලි ඇතින්න නිදහස් කිරීමට ඔබේ සහය ලබා දෙන්න.



මේක ලියනවද නොලියන්වද කියල හිතලා අන්තිමට ලියන්න හිතුවා.බොරු කියන්න ඕනි නෑ නේ.මේක මම ඉස්සෙල්ලම දැක්කේ මුණු පොතේ මේක පිස්සු ලෝකයක් page එක හරහා.මේ ලිපිය මම ලියනේ මගේ බ්ලොග් එක හරහාත් ඒ වැඩේට පොඩි උදවුවක් කරන්න.
 දැන් ඉතින් කස්ටියම කියවගන්න සිද්දිය.(අහගන්න බෑනේ නේද ).මේ මාලි කියනේ ඇතින්නක්.එයා ඉන්නේ පිලිපීනේ එයාට හැරෙනවත් ඉඩ මදි කුඩුවක.එයා මේ පහුගිය අවුරුදු 35 ම ඉදලා තියෙනේ මේ කුඩුවේ තමා.විශේෂ සිද්දිය කියනේ මේ ඇතින්න ඉතා කුඩා කළෙම අපේ ලංකාවෙන් පිලිපීනෙට දීලා තියනවා.ඒ 1977 දී .එදා ඉදලා මේ ඇතින්න ඉන්නේ මේ කුඩුවේ.එයාව නිදහස් කරගන්න හදනේ PETA කියලා සංවිධානයක්.එයාලා මේ සතා නිදහස් කරගන්න සියලු මුදල් දෙන්න එකග වුනත් මේ රටේ (පිලිපීනේ) බලධාරීන් කියන අය එකට අකුල් හෙළනවා.එක නිසා මේ සංවිධානේ අය එකට සයිබරේ හරහා පෙත්සමක් අත්සන් කරනවා.ඔයාලටත් හිතෙනවනම් මේ සතා පවු කියලා මේ ලින්කුව කොටලා ගිහින් අත්සන් කරන.
https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant#introඔන්න මම නම් අත්සන් කරා මොකෝ අතින් සල්ලි යනවද නෑනේ. 

Thursday, April 11, 2013

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Wi-Fi රවුටරයක් කර ගන්න ආසද?




ගොඩ කාලෙකින් ට්‍රික් කියන නම තියෙන පෝස්ට් එකක් දාන්න බැරි උනා. නවකතාව හන්දා වෙන දෙයක් ලියන්න බැරි උනාට සමාවෙන්න ඕන. කොහොම හරි නිකමට මේ පැත්තෙ ඇවිත් යන්න ඇවිත් අලුත් වැඩක් කියල යන්න හිතුන. සමහරු නම් මේක දන්නවත් ඇති. නොදන්න අය බලන්නකෝ.........

ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ OS එකක් බව අපි දන්නවා. ඒත් ජාවා ෆෝන් වල වගේ නෙවෙයි ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන පහසුකම් ටිකක් වැඩී. මේක නම් හැබැයි ජාවා වලට හොදටම ගැලපෙන ට්‍රික් එකක්. ඒක ඇන්ඩ්‍රොයිඩ් වලත් කරන්න පුලුවන්ය කියල මට කව්දෝ කිව්වා. බලන්නකෝ කරලම. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක බාවිත කරල පීසී එකෙන් නෙට් යන්න පුලුවන්ද කියල....

පියවර 1 - Settings >> Wireless and Network Settings >> Mobile networks, select the “Use Packet Data” option, and then uncheck “Use only 2G Networks” option

පියවර 2 -  Settings >> Wireless and Network Settings >>Tethering & Portable hotspot, and then select the second option “Mobile AP”  මේක කලාට පස්සෙ වයි ෆයි ලෝගෝ එක නොටිෆිකේශන් ටැබ් එකේ පත්තු වෙන්න ඕන

පියවර 3 - දැන් කරන්න තියෙන්නෙ තියෙන ඔයාගෙ WiFi thiyena පීසී එකෙන් හරි ලැපෙන් හරි  නෙට් යන එකයි. වයි ෆයි එකක් කනෙක්ට් කර ගන්න දන්නව ඇතිනේ.

(මේක බොහොම සුලු වැඩක් නිසා ගොඩක් අය දන්නව ඇති කියල හිතනව. ඒ හන්ද සමාවෙන්න ඕන. )

Windows 8 gadgets දාමු.



මේක අපේ ගෙදර ලදී වෙච්ච සිද්දියක් ය.මටත් ඉතින් අලුතෙන් එන හැම මගුලම ඕනිනේ.එක හින්ද දැම්ම ජනෙල් අට මගේ කොමාටත්.මේ සිද්දිය එක නිසා උන වැඩක් ය.
 "කෝ ඔයි මේකේ gadgets" .අපේ මල්ලි කොමා ඕන් කරපු හැටිය මට මිහිරි වචනයේ ආමන්ත්රණය කරන ලදී.
 "ඔකේ ඇති ඔයි හොයා ගන්නවා." මටත් ඉතින් ඒ විදිහට මිහිරි වචන බාවිත කිරීමට සිදුවිය."එහෙනං ඇවිල්ලා හොයලා දෙනවා.".මුගේ සැර තවත් වැඩි විය.
    මාත් ඉතින් පොර වගේ ගියා ජනෙල් අටේ ගැජට් හොයල දෙන්න."කෝ තියනවද.මට තිබිච්ච එක දාලා දෙනවා." හපොයි සිදුවුනේ වස ලැජ්ජාවකි.මේකේ ගැජට් නැත.දැන් කොරන්න දේකුත් නැත.මු දැන් ගැජට් නැති නිසා 7 දානලු.යෝකෝ මොන අපරාදයක් ද ඒ.දැන් කොරන්න දෙයක් නැත.මුළු සයිබරයම හෝ පීරා ජනෙල් අටට ගැජට් සෙවිය යුතුය.
  වාසනා වේවා.එදා මගේ දවස හොදය.යන්තම් ජනෙල් අටට ගැජට් ලැබුණි.මේ ගැජට් පැක් එක එලය.එක නිසා උබලටත් දෙන්න සිතුනි.එහනම් එක මෙතනින් බාගන්න.

බාගතකිරීම

Download 

  -----------------------------------------------------------------------------------------------------------------------------
මෙය බොහෝ කලක් draft වල save වී තිබුණි.දැන් තමා දැකල publish කොරේ.අඩේ සොරි වෙන්න ඕනි හොදේ.ඔය උඩින් දාලා තියෙන ෆොටෝ එක  මගේ කොමාට ගැජට් දාලා.උබලත් බය නැතුව දාගනින්.



PSG vs Barac and Bayern vs Juventus [UEFA Champions League - quarter final second leg]


ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි UEFA Champions League එකේ විස්තර ගෙනාවා.ඊයෙත් තරග දෙකක් තිබුනා ඒ තරග දෙකෙන් ඊලග වටයට සුදුසුකම් ලැබුවේ Barcelona සහ Bayern කණ්ඩායම්නුයි.අපි එහනම් ඉතින් මේ තරග ගැන වෙන වෙනම සලකා බලමු.

 Barcelona  1 vs PSG  1  

මේ තරගයේ ගෝල සම වීම නිසා ඉදිරිවටයට සුදුසුකම් ලැබුවේ Barcelona කණ්ඩායමයි.Barcelona කණ්ඩායම් වෙනුවෙන් ගෝලය ලබාගත්තේ Pedro Rodríguez නුයි ඒ 71 මිනිතුවේදී.psg කණ්ඩායමේගෝලය වාර්තා කල ක්‍රීඩකයා වන්නේ Pastore.ඒ 50 මිනිතුවේදී.Barcelona කණ්ඩායම් ඊලග වටයට සුදුසුකම් ලැබීමත් සමග ඔවුන් මෙම තරගාවලියේ පිට පිටම 6 වන වතාවටත් අවසන් පුර්ව වටයකට සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම වනවා.










Juventus 0 vs Bayern 2 

ඔබට මතක ඇති කියලා හිතනවා  first leg මැච් එකේදිත් ගෝල වාර්තා කරේ Bayern කණ්ඩායම පමණයි.මේ තරගයේත් සිදු වුනේ ඒ දේමයි.ගෝල වාර්තා කරේ Bayern කණ්ඩායම පමණයි.Bayern කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තේ Mandžukić විසිනුයි.ඒ 64 වන මිනිතුවෙදියි.නැවතත් Bayern කණ්ඩායම් වෙනුවෙන් Pizarro 91 වන මිනිතුවේදීත් ගෝලයක් වාර්තා කරා.ඒ අනුව ලකුණු 0-4 විදිහට ඊලග තරග වලට සුදුසුකම් ලැබුවේ  Bayern කණ්ඩායි.
 


Wednesday, April 10, 2013

තියන මොනිටරෙන්ම 3D බලමු.



කොහොමද ඉතින් මේක මීට කලින් දෙන්න හිටියේ.කොහෙද මේ බ්ලොග් පොස්ට් හොරෙක් හින්දා මේ වැඩේ කරන්න බැරි වුනානේ.හැබැයි ඉතින් හොරාටනම් ආයි රෙදි ඇදගෙන සිබරේට එන්න බැරි වෙයි.
 එකෙන් කමක් නෑ ඉතින් මම දැන් මේ ඔයාලට කියල දෙන්න හදනේ ඕගොල්ලෝ ගාව තියන මොනිටරෙන්ම  ත්‍රිමාන වීඩියෝ බලන ආකාරය.

Real Madrid vs Galatasaray and Málaga vs Dortmund [UEFA Champions League - quarter final second leg]



හැමෝම මෝ මේ නම් ඉතින් කියවනවා ඇත්තේ කීප දෙනයි.මොනවා කරන්ටේ ඉතින් කියවන කීප දෙනාට හරි බලන්න ලියන්න එපයි නැද.හැමදාම ඉතින් මන් වල් පල් කියවනවා තමා.කමක් නෑ ඉතින් ඔන්න ඒවා නැතුවම විස්තරේ කියන්න හදන්නේ.
ඊයේ තිබුන මැච් දෙකකින් කණ්ඩායම් දෙකක් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.ඒ වාසනාවන්ත් කණ්ඩායම් දෙක තමා  Dortmund එකයි  Real Madrid එකයි.දැන් ඉතින් සීන් එක දන්නවනේ.අපි බලමු දැන් තරග දෙක වෙන්වෙනම් අරගෙන මොකද වුනේ කියලා.ම්ම්ම් ඉස්සෙලා අරක කියනවද මේක කියනවද.කමක් නෑ අරක කියමුකෝ ඔන්න ඉතින් අහගන්න බෑනේ.කියවගන්න හොදේ.

Galatasaray 3  vs  Real Madrid 2

අඩේ මාර සීන් එක කියනේ මේක දින්නේ Galatasarayඔයි.අවුලක් වුනේ නෑ ඉතින් Real Madrid එකට මොකද ඒගොල්ලෝ කලින් මැච් එකේ ගෝල 3 ගහල තිබුන හින්දා.අන්තිමට කොහොම හරි සුදුසුකම් ලැබුවේ Real Madrid ඒ ලකුණු  3-5 විදිහට.මේ මැච් එකේ Galatasaray එක වෙනුවෙන් මෙන්න මේ ආකාරෙන් තමා ගෝල ලබාගත්තේ.
                                                   Eboué        57 
                                                   Sneijder    70 
                                                   Drogba     72
Real Madrid එක වෙනුවෙන් ගහපු ගෝල දෙකම ලබාගත්තේ Cristiano Ronaldo.ඒ ගෝල දෙකත් සමග ඔහු Real Madrid කණ්ඩායම් වෙනුවෙන් Champions League හි වැඩිම ගෝල ලාබියා උනා .








දැන් ඉතින් දෙවන තරගය .

 Dortmund 3  vs Málaga 2 

ගිය වර තරගයේ මෙම කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාරතා නොවූ බව මතක ඇති කියල හිතනවා.(මතක නැති අය කලින් ලිපියෙන් බලාගන්න හොදේ).එක නිසා මේක තීරණාත්මක තරගයක් උණා.මේ තරගෙන් දිනුවේ Dortmund එක නිසා එයාලා ඊලග වටයට යනවා.ජයග්‍රාහී Dortmund කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කරේ          Lewandowski     40
                             Reus                   90+1 
                             Felipe Santana   90+3 
 
Málaga කණ්ඩායම් වෙනුවෙන් ගෝල වාරතා කරේ මෙන්න මේ ක්‍රීඩකයින්.
                            Joaquin              25
                            Eliseu                82
හරි එහෙනම් ඉතින් ඔක්කොම කිවුවා.ආයි අදත් තියනවා සුපිරි මැච් වගයක් ඒවයෙත් විස්තර ඕගොල්ලන්ට හෙට ගේනවා.එහෙනම් සැමට ජය.

                         
       

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව (5 වැනි කොටස )

පහුගිය කොටසින් උන දේවල් ගැන කාටත් මතක ඇතිනේ. ඒක නිසා ආයෙත් පසු පිරික්සුමක් කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. පහුගිය කොටස් බලන්න මෙතනින් යන්න පුලුවන්.

--------------------------------------------------------------------------------------------------------------


මාලිකා ටිකක් විතර බය වෙලා නැන්දා දිහාවෙ බලන් ඉදපු විදියට මට නම් හිතුනෙ මොකක් හරි වැදගත් දෙයක් වේවිය කියල. ඒත් එහෙම උනේ නෑ.
"එන්න දුවේ කෑම කන්න"

නැන්දා කිව්වෙ මේසෙ සුදානම් කරන අතරෙ.

"ඔයාට බඩගිනිත් ඇතිනෙ. ගොඩක් දුර ගෙවාගෙනනෙ ආවෙ."

"අනේ මට බඩගිනි නෑ නැන්දේ"

මලිකා කිව්වෙ පහල තට්ටුවෙ එයාගෙය කියල නැන්දා පෙන්නපු කාමරේට යන්න හැරිලයි.

"මම පස්සෙ කන්නම්, ඔයාල කන වෙලාවටම. තාම හත පහුවුනෙත් නෑ නෙ"

"දුවගෙ කැමැත්තක්" කිව්ව නැන්දා ආයෙත් තමන්ගෙ කුස්සියෙ වැඩ වලට හැරුනා.

මාලිකා, නාලක අමතක වෙලා ගිය පොතත් තුරුලු කරන් එයාගෙ කාමරේට ගියා. හෙමීට අගුල ඇරපු මාලිකා තමන්ගෙ පරණ පාසලේ පොත් ටික ගොඩගහල තිබුන පොත් මේසෙ දිහා බැලුවා. හැමතැනම දාල තිබුන එයාගෙ පොත් පත් එකින් එක අරන් මේසෙ ලස්සනට හැදුව එයාට අන්තිමට ටිකක් විතර මහන්සි දැනුනා. නාලකගෙ පොතත් අරන් පුටුවෙ වාඩි උනේ ඒක කියවන්න හිතන් වෙන්න ඇති. පහුවෙනිදා සෙනසුරාදාවක් වෙච්ච නිසා ඒගැන අවදානය යොමු කලාට පාඩුවක් නැතිය කියල මාලිකාට හිතෙන්න ඇති.

මාලිකා බලාපොරොත්තු උනේ පොඩි විවේකයක් උනාට පොත දිහා බලපු ගමන් එයාගෙ මුනෙ අමුතු හිනාවක් ඇදිල ගියා. පොතේ පිටු කීපයක් පෙරලපු මාලිකාට ඒකෙ තිබුන කිසිම දෙයක් තේරුනේ නෑ. තමන්ටම හිනාවෙන්න එයාගෙ ලස්සන හිනාවෙන් ටිකක් නාස්ති කරපු මාලිකා, අන්තිමට පොතේ නම දිහා බැලුවා. ඒක ඔයාලට කියන එක නම් මම හිතන්නෙ හොද නෑ. නලක ගැන වැරදියට හිතාවි. මාලිකා උනත් කලේ ඒ ටිකමනේ.

කොහොම උනත් මාලිකාගෙ හිතේ නාලක ගැන පුංචි දුකක් ඇති උනා. ඒ මොකද කියන්න නම් බෑ. මාත් ඒක දන්නෙ නෑ. මාලිකා පොත වහල එයාගෙ පොත් රාක්කෙන් තිබ්බ. එළියට ගිහින් නැන්දා එපා කියද්දි කොස්සක් හොයන් ගේ අතුගාන්න පටන් ගත්තා.. වෙන මොනා කරන්නද?


මේ හැම දේම සිද්ද වෙන අතරෙ නාලක නම් පාඩුවේ එයාගෙ ගණන් සර් දුන්න ගෙදර වැඩ ටිකක් කරමිනුඉ හිටියේ. අනිත් අයත් එක්ක කොයි තරම් විනෝදෙට බර උනත් නාලක කවදාවත් ඉස්කෝලෙ වැඩ අතපසු කලේ නෑ. ඒත් නාලකට අද නම් හිත එකග කරන් වැඩක් කරන්න බැරි උනා. අනේ මන්දා අර කෙල්ල දැකපු වෙලාවෙ ඉදලා තමන්ට කවදාවත් දැනිල නැති අමුතු ගතියක් එයාට දැනෙන්න පටන් අරන්.

තමන්ගෙ ඇදේ දිගා වෙච්ච නාලක මේ ගැන ගොඩාක් කල්පනා කලා. අනේ මන්දා මේ වාගෙ දෙයක්?

"හිත කැලේ යනව"

අන්තිමට නාලකට වැඩේ තේරුනා.

"මට පිස්සු හැදිලා....."

එයා තමන්ටම කියා ගත්තා. කියා ගත්තා කිව්වොත් වැරදී. හෙමීට මුමුණා ගත්තා.

"හිත කැලේ යන්න හේතුව මොකක්ද?"

ඒ පාර නම් නාලක එයාටම කියාගත්තා.

"කාගෙන් කියල අහන්නද?"

ඇත්තටම මේ දේවල් නොදන්නා කෙනෙකුට නම් හිතෙන්නේ නලක්ගේ සිහිය විකල් වෙලා කියලයි. ඒත් නාලක ගැන එහෙම හිතන් උන්න කෙනෙක් මේ ගෙදරම ඉන්න බව නාලක දැනගෙන ඉදියෙ නෑ. ඔව් ඔව් ඔයා හිතන එක හරි.... නාලක කියවපු පොත දැක්ක මාලිකා. නේ තරුණ කාලෙ බණ පොත් කියවන්නෙ එක්කො පිස්සෙක් නැත්නම් සසර කළකිරුන එකෙක්. මාලිකා නම් හිතුවෙ එහෙමයි.

නාලක විකාරෙන් වගේ කියපු දේවල් මාලිකාට යාන්තමට වගේ ඇහුනා. පහල තට්ටුව අතුගාල ඉවර වෙච්ච නිසා එයා උඩට ආවෙ උඩ තට්ටුවත් අතුගාල ඉවර කරන්න. ඒත් තමන්ට ආපු හිනාව නවත්තගන්න නාලිකාට බැරි උනා. ටිකක් විතර සද්දෙට එයා හිනා උනේ ඒක නිසයි.

නාලකට ආයෙත් සිහිය ආවා. දොර පැත්තේන් ආපු විකාර හිනාව අහාමත් එයා අදුරන්නේ නෑ. ඒක නිසා නාලක ඉක්මනට එතෙන්ට ගිහින් දොර අගුල පැන්නුව. ඊට පස්සෙ හෙමීට දොරෙන් එළියට මුන දැම්ම.

Tuesday, April 9, 2013

WrestleMania 29 මොකද වුණේ



ඉතිහාසයේ දෙවෙනියට වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වාර්තා වූ WrestleMania XXIX වැනි අදියර ශ්‍රී ලකා වේලාවෙන් අප්‍රේල් 8 උදෑසන 3.30ට ආරම්භ විය. එදින ලොව සතර දෙසින් පැමිණි 80 676ක ජනකායක් New Jersey හි MetLife ක්‍රීඩාගාරයට රැස්විය. හැමදාමත් සිදුවන පරිදි Superstars බොහෝ දෙනෙකුට ජයග්‍රහණය හිමිවිය. තරග 9හි ප්‍රතිඵල පහත පරිදිය.

    1.  John Cena over The Rock ( WWE Championship )

Manchester United vs Manchester City (මේක මන් බැලුවටත් පාඩුයි.)



මේ දුක හිතෙන ආරංචිය බලන ට  ආපු  Manchester United රසිකයනුත් මේ සතුටු හිතෙන ආරංචිය බලන්න ආපු Manchester city රසිකයන්වත් ආයුබෝවන් කියල පිලිගන්නවා ඔන්න.(සැ:යු - මම Manchester United රසිකයේක් නිසා මේක ලියන්නේ ඉතා  දුකිනි.)
   කවුරුත් දන්නවා ඊයේ තිබුන තරග කරීම මැච් එක මොකක්ද කියල.එක තමා අපි මේ කියන මැච් එක.කොහොම හරි ඉතින් මේ මැච් එක සිටි දින්නා.මේ මැච් එකේ සිට් කණ්ඩායම් වෙනුවෙන් ගෝල දෙකක් වාර්තා උනා.තරගයේ පලවන ගෝලය ලෙස සිට් කණ්ඩායමේ James Milner 51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරා.නැවතත් සිට් ගෝලයක් වාර්තා කරේ 59 වන මිනිත්තුවෙදීයි නමුත් එක own ගෝල් එකක් .එම නිසා වාසිය සිදුවුනේ යුනිටඩ් පිලට.තරගයේ තීරණය උණු ගෝලය වාර්තා කරේ ආදේශ කිරීමක් විදිහට පිටියට අපු Sergio Aguero විසිනුයි .ඒ 78 මිනිත්තුවේදීයි.
   දැන් අපී මේ තරගය  සිටි කණ්ඩායම ජය ගැනීම නිසා ඇති වූ අතුරු ප්‍රතිපල විමසා බලමු.
1.යුනිටඩ් කණ්ඩායම් league table එකේ සිටියේ ලකුණු 15 ක ඉදිරියක් ලබාගෙන පලවන් සිතානයෙයි.නමුත්  දැන් එය ලකුණු 12 ක් දක්වා අඩුවී තිබෙනවා.
2.තරග 6 ක් ගෝල ලබා නොදී ක්‍රීඩා කල යුනයිටඩ් කණ්ඩායමේ වාර්තාව බිද වැටෙනවා.

ඔන්න එහෙනම් වෙච්ච වැඩක්.මොනවා කරන්නද .ජය පැරදුම තරගයක් විද දරාගන්න අපි පුරුදු වෙන්න ඕන.නමුත් තියන ගැටලුව මේකයි.දැන් ගොඩ දවසකින් යුනිටඩ් කණ්ඩායම තරගයක් දිනනවා දැක්කේ නෑ.(ඒ ටික නම් ඔන්න කිවුවේ යුනිටඩ් රසිකයන්ට හොදේ.)
එහනම් මේ තරගය ගැන කියුවා ඇති.තව හොදම හොද ලිපියක් මේ දවස්වල ලියාගෙන යනවා එක ඉස්සරහට දාන්නම්කො.

Sunday, April 7, 2013

ඉතාලියෙන් ගෙනාපු fifa 13 ඕන එකෙක් අරගන්න



මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.සාමාවෙන්න ඕනි එකට හොදේ.එකට හේතුව යට ලියවෙයි.
දැන් ඉතින් මන් අද මාතෘකාවට බහිනම්.
මේ ලගදී දවසක් මුණු පොතේ කොල්ලෙල් චැට් එකට සෙට් උනා.මෙන්න ලින්ක් එක(වැඩ කරන්නේ එයා හා කිඋවුවොත් තමා.) මේ එයා තමා.