Skip to main content

Posts

Showing posts from June, 2013

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [13වැනි කොටස]

මාලිකා කහොම හරි අමුතු බැලමක් මූනට අරන් නාලක දිහාවෙ බැලුව. නාලක චුට්ටක් හිනා උනා. "මොකෝ?" ඇහුවෙ නාලක. "මම හිතුවෙ පොඩි විහිලුවක් කරල ඔයාව පොඩ්ඩක් පල් කරන්න" මාලිකා කිවෙ බිම බලන්. "තරහ නෑ නේද?" "හි හි හි " නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. ඊට පස්සෙ මාලිකා දිහා බැලුව. මාලිකත් පසුතැවිලි උන මූන එක වෙනස් කරන් නැතුව ඔහේ බලන් උන්න. "අපෝ නෑ. ඕක හරි සුලු වැඩක් නේ. ඔයිට වඩා දේවල් මට වෙලා තියෙනවා." "හෑ???" මලිකා ඇහුවෙ නලකගෙන් බැනුම් නාහපු සතුටත් හිතේ තියන්. "ඒ මොනවද?" "නාලක ආයිත් පොඩ්ඩක් හිනා උනා. "දන්නවද අර පන්තියෙ ඉස්සරහ පේලියෙ කොනේම ඉදිය කෙල්ල.?" "ඔව්" මාලිකා කිව්ව. "අර කොණ්ඩෙ දිග මූසල පෙනුමක් තියෙන එක්කෙන නෙහ්?" මාලිකා ඒක කියාපු විදියට නාලකටත් හිනා ගියා. "ඒකි එක දවසක් මාව ඉස්කෝලෙ ලැබ් එක අස්සට දාල දොර වැහුව නේ. කරුමෙටම යතුර තිබුනෙත් එහා පැත්තෙ. ඒකි දොර ලොක් කරල යතුර මිස්ට දීල  යන්න ගිහින්" "බොරු" මාලිකා හිනාව නවත්තගෙන කිව්ව. "එයා නපුරු පාට කෙනෙක්

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [12 වැනි කොටස]

නාලකට මොනා හිතුන ද කියන්න නම් මම දන්නෙත් නෑ. ඒත් එයා ගොඩාක් පුදුම උන බවක් නම් පෙනුනා. ඒක් හන්දමද කොහෙදෝ එයා කටත් ඇරන් නැන්ද දිහාවෙයි මාලිකා දිහාවෙයි විඩෙන් විඩේ බැලුව. පුදුමෙකටත් වඩා ටිකක් වැඩි හැගීමක් තියන් එහෙම බැලුවත් නැන්දට නම් නාලකගෙ ඒ හැටි වෙනසක් පෙනුනෙ නෑ. ඒ හන්ද එයා නම් තාමත් සතුටු වෙනව. මාලිකා වචනයක්වත් නොකිය කෑම පිගාන දිහා බලන් නැන්දට නොපෙනෙන්න තනියෙම හිනා වෙනව. නාලක තාමත් වෙච්ච දේ හිතා ගන්න බැරුව ලත වෙනව. කෑම එක අල්ලලවත් නෑ නැන්දට තාමත් මේ වෙනස පෙනුනෙ නෑ. ඒක හන්ද එයා මෙහෙමත් ඇහුව. "ඉතින් නාලක පුතේ මොකක්ද් ඔයා ඔච්චර හොදට ලියපු රචනාවෙ මාතෘකාව?" නාලක ඔලුව උස්සල බැලුව. මාලිකා දෝරෙ ගලන හිනාව නතර කර ගන්න බැරුව උඩ බිම බලනවා. එයාගෙ ඇස් දෙකත් ටිකක් ලොකු වෙලා, කම්මුල් රෝස පාට වෙලා. ඒ හන්ද මුලු මූනම හිනා වෙනව වගේ... "ආ... මේ ... ඒක නැන්දෙ......." නාලක චුට්ටක් හිර උනා. ගණ දෙවි නුවණ පහල උනා. "තමන් ලගදි මුහුන දීපු අත්දැකීමක් ගැනයි ලියන්න තිබුනෙ" වාසනාවට නැන්දා ඊට වඩා ප්‍රශ්න කලේ නම් නෑ. ඒක හන්ද නාලක හෙමීට තමන්ගෙ කෑම එක කන්න පටන් ගත්තා. 

troll face පාවිච්චි කරලා ෆොටෝ හදාගන්න හැටි

කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් ලියන්නේ.මේ එක එක වැඩ නිසා ලියන්න බැරි උනා.තාරුකයි පබසරයි එක එක ඒවා ලියලා තිබුනනේ.ඒවා කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගෙදරටත් ආවනේ  අපේ වයසේ හැමෝගෙම ගෙවල් වලට ආවා වගේ ලියුමක් " ඔබගේ දරුවා මෙම විද්‍යාලයේ ගණිත අංශයට තෝරා ගැනීම පිලිබදව සලකා බැලීමට තීරණය කර ඇත" කියලා ඉතින් ඉස්සරහට ලියන්න වෙන්නේ අඩුවේ හොදේ ඉසරහට අඩු උනාට අද ලියන්නේ දවස් ගානකට ආතල් ගන්න පුළුවන් වැඩක්.ඕගොල්ලෝ දානවා ඇති නේ troll face ගැන.සමහරු ඉතින් ඔය troll face පාවිච්චි කරලා එක ජෝක් කරලාමුණු පොත් පුරාම දානවනේ.ඒ උනාටඑයාලා කවුරුත් කියන්නේ නෑ ඒක කරන විදිහ. එක නිසා අද මම ලියන්නේ මේ troll face පාවිච්චි කරලා එක එක ජොලි වැඩ කරන හැටි. මේ troll face අතින් අදින්නකරදරයි නේ.එක නිසා මෙන්න මේ site එක පාවිච්චි කරලා පුළුවන් අපි ඕනි troll face එකක් දාලා රුප හදන්නේ ඔය යට තියන් රූපේ විදිහට තමා work area එක පෙන්නනේ .අපිට ඕනි මුණු ජාතිය තෝරන්න පුළුවන් rage maker කියලා ලොකුවට නම් දාලා තියන තැනට යටින් තියන drop down menu  එකෙන්.තව මුණුනේ පරමානය වෙනස් කරන්න පුළුවන් මුණ වටේ තියන කොටුවේ යට දකුණු කෙළවරෙන්

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [ එකොලොස්වැනි කොටස ]

"ඕව එයා දන්නෙ නෑ" නාලක කිව්වෙ පාරෙ තියෙන ගල් කැටේකට පයින් ගහල.  "එයා දන්නෙ මම හොදට වැඩ කටයුතු කරන්න ඉන්නව කියල" "ඇත්තට?"  මාලිකා කීවෙ ඇස් ලොකු කරල.  "ළමය ගෙදර පාඩම් කරපු හැටියට නම් මම හිතුවෙත් එහෙම තමයි." නාලක හිනා උනා. ඒක නම් ඇත්ත තමයි. නාලක කවදාවත් ඉස්කෝලෙන් හොද විදියට යමක් ඉගෙන ගත්තෙ නෑ. ඒත් එයා නෝට් එක නම් හරියටම ලියා ගත්තා. ගෙදර ඇවිත් පාඩම් කලා. ඒක හන්ද ඉස්කෝලෙ අයට නාලක කියන්නෙ ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්. ඒත් ගෙදරට එයා බොහොම හොද වැඩකාරයෙක්. ඔය දෙකේ වෙනස බලන්න කවදාවත් නැන්දට නාලක ඉඩ දුන්නෙ නෑ. මොකද එය දැනන් හිටියා තමන්ට තමන්ගෙ ඉලක්කයට යන්න මේ කරන ප්‍රමානය හොදටම ප්‍රමානවත් විත්තිය. මාලිකා නාලක දිහා බැලුව. ඒත් නාලක කල්පනා කරන්නෙ මොනා ගැනද කියන්න නම් එයා දැනන් ඉදියෙ නෑ.  "මොකෝ?" මාලිකා නාලක දිහා බලල ඇහුව. "මුකුත් නෑ"  නාලක එහෙම කිව්වත් එයාට මාලිකා ගැන ඇතිවුනේ සැකයක්. මේකි ගිහින් ඉස්කෝලෙ වෙච්ච දේවල් නැන්දට කිවොත් එහෙම. විනාසයි. කවදාවත් වැරැද්දක් නොකරපු හොදම හොද නාලක එකපාරටම පන්තියෙදි දඩුවම් විදලා. නැන්දට මොනා

ලෙසියන්ම video හදාගන්න හැටි (ඕනි කෙනෙකුට ඕනි විදිහට )

          කාලෙකට පස්සේ තමා බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ.මේක ගොඩ දෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතනවා. සමහරු ඉන්නවා නේ fiverr එකේ  orders එන්නේ නෑ කියාගෙන.ඉතින් එයාලා එක එක එකෙනාගෙන් අහනවා order ගන්නේ කොහොමද කියලා.එයාලා කියනවා ඉතින් දාන්න මල්ලි gig එකට video එකක්.හදපන් කෝ video.කොහොමෙ ඒවා හදන්නේ.මම දන්නවද ඒවා හදන්න.ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා.ඔයා animoto එක්ක නම් ඔයා දන්නවා video හදන්න. ආ animoto, මොකක්ද ඒ.? එකෙන් කොහොමද video හදන්නේ.? animoto කියන්නේ නොමිලේ දෙන වෙබ් සේවයක්.එකෙන් fiverr එකට විතරක් නෙවෙයි ඔයාලාට ඕනි කරන තව තව දේවල් වලට video ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න හරි ලේසි.ඉස්සෙලම කරන්න තියෙනේ කැමති theam එකක් තෝරලා එකට ඔයාලට ඕනි photo,video දාන්න එක.කැමති තැන වලට text උනත් එකතු කරන්න පුළුවන්.music එකක් උනත් එයාලා දෙනවා.කැමති නම් අපිට ඕනි music එකක් උනත් දාන්න පුළුවන්.ඔය විදිහට ඉතින් කැමති කැමති විදිහට වෙනස් කරලා ඔයාලට ඕනි video එක ලස්සනට හදාගන්න පුළුවන්.මේකේ වැඩ කරන්න තියන විදිහ ගොඩක් දුරට movei maker එකට සමානයි.ඒ උනාට මේකෙන් ඊට වඩා ගොඩක් ඉහල ගනයේ vide