Skip to main content

Posts

Showing posts from July, 2013

ඕකා ලව් එකකට වැටිල ජීවිතේ නාස්ති කරගන්න පුලුවන් ::: මත් මල් ::: නවකතාව [21 වැනි කොටස]

එදා හවස ගෙදර යන ගමන් නාලක මොකුත් කතා කලේ නෑ. ඔහේ බලාගත්තු අතේ බලන් ඉස්සරහට ඇවිදන් ගියේ ළගින්ම මාලිකත් එන බව වත් නොදැන වගේ. ඒ ඇයි කියල මාලිකාට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ හන්ද වැඩි වෙලා යන්න කලින්ම එයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහෙන බව නාලකත් දැනන් ඉදියා. "මොකෝ නාලක? ලෝකෙ එපාවෙලා වගේ?" මාලිකා ඇහුවෙ නාලක එක්ක සමාන්තරව ඇවිදින්න උත්සාහ කරන ගමන්. ඒක ලේසි නම් නෑ, කොහොමත් නාලක හරි ඉක්මනට ඇවිදින කෙනෙක්. "කලකිරිලද?" "මම?" නාලක කිව්වෙ මාලිකා දිහා බලල හිනා වෙලා. "කලකිරිල නෙවෙයි, අරුන් දෙන්න ගැන බයයි. ඒකයි" "ඒ කිව්වෙ?" "මොනා උනත් ශානිකා කෙසේවෙතත් සාරංගයා ගැනයි බය. ඕකා ලව් එකකට වැටිල ජීවිතේ නාස්ති කරගන්න පුලුවන්, ශානිකා කව්ද කිය්ල අපි හොදටම දන්නවනේ" "ඇහ්!" මාලිකා ටිකක් පුදුම උනා. ඊට පස්සෙ ශානිකා තමන්ට කියාපු දේවල් නාලක එක්ක කිව්ව. මාලිකාට ඕන උනේ තමන්ගෙ යාලුව, ඒ කියන්නෙ ශානිකා සාරංග ගැන හිතන් ඉන්නෙ කොයි විදියටද කියල නාලකට පැහැදිලි කරල දෙන්න. එයා කොයිතරම් සාර්තක විදියට පැහැදිලි කලාද කිව්වොත් නාලකට අන්තිමේදි පුංචි හිනාවකුත් ගියා

අපේ අතට සල්ලි ගන්න නිකන් දෙන Debit Card ගෙදරටම ගෙන්න ගන්න. ආසයි නේ!!

වැල් බයිල නෑ. අමුතු ටෝක් නෑ කෙලින්ම බහිමු සිද්ධියට, මෙන්න මේකයි වැඩේ. මගෙ පෝස්ටු කියවන අය දන්නව ඇති මම අර උස්සපු e-money පෝස්ටුවක් ලිව්වනෙ! (බලපු නැති අය  මෙතනින්  බලලම එන්න. ඒක දන්නෙ නැතුව මේක කියවල වැඩක් නෑ.) ඔන්න ඕකෙ යට කොටසෙ කොමෙන්ටුවක් ඇති සල්ලි ගන්න විදිහ තව පෝස්ටුවකින් කියන්නම් කියල. එහෙනම් මගෙ කොල්ලො කෙල්ලො ටික දැනගන්න මේක තමයි ඒක . ඒකෙදි සල්ලි ගන්නෙ මෙහෙමයි. තමන්ට paypal එකවුන්ට් එකක් තියෙනවනම් ඒකට ගෙන්න ගන්න පුලුවන් ඒත් එව්ව අතට ගන්න කරදරයිනෙ, නැද්ද මං අහන්නෙ ඒව අතට ගන්න අපි  paypal මාමලට බොරු කීයක් කියල කියන්නද? මෙකෙදි එච්චර දුක් විඳින්න ඕනි නෑ. Adfly එකවුන්ට් වල රෙජිස්ටර් වෙච්චි අය යමල්ල Home 1 යටම තියෙනව මෙන්න මෙහෙම 1, ඕකෙ ඔය Click here කියන තැන ක්ලික් කොරපල්ල! (රෙජිස්ටර් වෙච්ච එවුන් විතරක් ක්ලික් කොරපල්ල account නැති එවුන් ක්ලික් කොරල කාඩ් ගෙන්න ගත්තට නිකන් සල්ලි ගන්න බෑ) ඒක Click කරාම එයි මෙහෙම එකක් ඔන්න ඕකෙ අර මං කොල්ල රතුවට රවුං කරල ඊතලේ ගහල තියෙන තැන ක්ලික් කොරපල්ල! දැන් කස්ටිය බබා වගේ ඕක හරියට ක්ලික් කොරා නම් ඊට පස්සෙ මෙන්න මෙහෙ

තවත් ඇන්ඩ්‍රොයිඩ් වැඩ කෑල්ලක් පමණි

කාලෙකට පස්සේ බ්ලොගියට ආවම තමා දැක්කේ software lable ඒක පාලුවට ගිහින් කියලා.ඒක නිසා අලුත් යමක් ලියන්න හිතුවා.අලුත් කිවුවට අලුත්මත් නෙවයි. ගණන් ගන්නේ නැතුව පැත්තකට දාලා තිබුණ android trick එකක්.එකේ දුවිලි හෙම පිහ දාලා දිස්නේ වැටෙන ගානට අරගෙන බ්ලොග් එකේ ප්‍රදර්ශනේ කරන්න තමා දැන් මගේ අදහස. මේ trick ඒක බ්ලොග් එකට නොලියා නිකම් ම පැත්තකට දැම්මේ ගොඩක් දෙනා දන්නවා ඇති කියලා හිතා ගෙන.එත් මේ ලගදි එකියන්නේ හරියටම ගිය සෙනසුරාදා chemistry පන්තියේදී වෙච්ච පොඩි මේව්වා එකක්  මේක ගොඩක් දෙනා දන්නේ නෑ කියලා  ඔප්පු කරන්න සමත් උනා.   මචෝ android කට්ටක් නේ තියෙන්නේ    ඔවු බන් ඇයි ?   උබ firefox browser ඒක දාගෙනද තියෙන්නේ.   ඔවු බන් අර googal play එකෙක් තියෙන්නේ උබත් ගනින්කෝ    එච්චර data නෑ බන් උබේ පොන් එකෙක්න් ඒක Bluetooth කරපංකෝ    මොකක් ; Bluetooth කරන්න app එකක් ?උබට පිස්සුද  දැන් ඔන්න හැමෝම දන්නවනේ මොකද මම මේ ලියන්න හදන්නේ කියලා.android  ජංගමයක තියන app එකක් තව android ජංගමේ කට යවන හැටි තමා මම මේ ලියන්න යන්නේ,මම ඉස්සෙලා හිතාගෙන හිටියේ මේක ගොඩ දෙනෙක් දන්නවා කියලා එත් එදා හවස

ජේම්ස් බොන්ඩ් වර්ගයේ ආරක්ෂක පද්ධතියක් ඔබේ පරිගණකයටත්.

USB Flash Drive එකක් නැතිනම් හැමදෙනාගෙම කටට හුරු පුරුදු Pen Drive එකක් යනු දශක ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති පරිගණක උපාංගයක් නොවේ. විශේෂයෙන්ම 1999 වසරේදී මුලින්ම නිර්මාණය වූ උපාංගයක්  ලෙසට USB Pen Drive එක වසඑ 13 තුලදී ලබාගෙන තිබෙන ජනපියතාව  සුලුපටු එකක් නොවේ.  කෙසේ වුවත්  USB Pen Drive පැමිණිමත් සමග එහි ඇති පහසු බව නිසාම එය ශීඝයෙන් ජනපිය වූ අතර එහි ඇති භාවිත භාවිත කල හැකි මතක ධාරිතාව සීඩී එකක නැතිනම් ඩීවීඩී එකක ධාරිතාව පවා පහසුවෙන්  ඉක්මවන ලදී. බොහෝ විට දත්ත ගබඩා කිරීමට මෙන්ම වෙනත් වැඩ සඳහාද   USB Pen Drive එක භාවිත කල හැකි බව බොහෝ දෙනා දන්නා කරුණකි. උදාහරණයක් ලෙස ඔබේ පරිගණකයේ තාවකාලික රැම් මතකයක් ලෙස  USB Pen Drive එක භාවිත කල හැකියි. නමුත් USB Pen Drive එකක බොහෝ දෙනා නොදන්නා ඵල තිබෙන බව කිව යුතු වේ.  ඔබට හොලිවුඩ් චිතපටියක පෙන්වන රහස් ඔත්තුකරුවෙකුගේ ආකාරයට ඔබගේ USB Pen Drive එක භාවිත කල හැකිනම් එය කදිම අදහසක් වනු ඇත. පරිගණකයට ඔබගේ විශේෂිත USB Pen Drive එක සම්බන්ද කර නිවැරදි රහස් පදය ලබාදුන් විට පමණක් එය භාවිත කිරීමට හැකියාව ලැබීමත් Pen Drive එක පරිගණකයෙන් ගැලවූ වහාම පරිගණකය අඟ

ගේමක් නැතුව $50-$100 හොයමු. SURE තමා......

ඔගොල්ලන්ට මම අද කියන්න යන්නෙ net එකේ නිකන් අනං මනං කරන අතරතුර 50$ විතර ගේමක් නැතිව හොයන්න ක්‍රමයක් සමහරු මේ ගැන දන්නවත් ඇති.මේ ගැන තාම දන්නෙ නැති යාලුවන්ට තමයි මේ post එක....... link share කරන එක.ඕගොල්ලො net එකේ සැරිසරන කොට සමහර websites/blog sites වල link දෙන කොට කෙලිම්ම අදාල site එක හැර වෙනත් site එකක් හරහා ඕගොල්ලන්ව අර යන්න ඕන site එකට යවනවා .. මෙන්න මේක බලන්න කෝ මේ software එකක් download කරන්න link shorten site එකක් හරහා යැවීමක් http://adf.ly/SkYxa මෙතන්දි වෙන්නෙ ඔයා ඔයාගාව තියෙන මෙනවා හරි links link shorten site එකකින් shrink කරනවා .එත කොට අපිට ඒගොලලො නව link එකක් දෙනවා .ඒ අලුත් link තමයි ඔයා ප්‍රචාරනය කරන්න ඹ්නෙ. ඒ link එක හරහා කවුරු හරි ගියොත් එයාට වෙළද දැන්වීමක් පෙන්නනවා .එත කොට ඔයාට ඒගොල්ලො මුදල් ගෙවනවා..... මේක ගැන සරල අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති දැන් අපි කෙලිම්ම වැඩේට බහිමු.. ඔයාලට ඔක්කොටම ඉස්සෙල්ල account 1ක register වෙන්න වෙනවා . මම ඒකට හොන්දම තැන මෙතන දාන්නම්...   http://adf.ly/?id=4059948  මේ link එක click කරලා register වෙන්න හරී..

"ඔය ඇස් දෙකෙත් කදුළු, පිහිද ගනින් අන්න උඹේ කුරුල්ලා එනව මේ පැත්තට" - මත් මල් - නවකතාව [20 කොටස]

පන්තියෙන් පිට උන ශානිකා කෙලින්ම ගියේ පිට්ටනියට. අනිත් අය සෙල්ලම් කරන හැටි බලන් ඉදල එපා වෙලාද කොහෙදෝ අසංක සර් එතැනින් ගිහින් තිබුනා. ඒක නිසා පිට්ටනිය අයිනෙ වැවිල තිබුන ලොකු ගහ ළගට ගිය ශානිකා එතැන හදල තිබුන සිමෙන්ති බංකුව උඩ වාඩි උනා. ඊට පස්සෙ මාලිකාවත් තමන් ළගින් වාඩි කරව ගත්ත. ඒත් එයාගෙන් දකින්න ලැබුනෙ හරිම නිශ්ශබ්ද බවක්. වචනයක්වත් පිට උනේ නෑ. ටිකක් හයියෙන් හමපු නුහුරු හුලගින් ශානිකාගෙ ඇස් දෙකත් පිය උනා. "මොකද ශානි?" මාලිකා ඇහුවෙ යාලුව දිහෑවෙ බලල. "උඹ ඔය අරෙහෙම කිව්වෙ ඇත්තටමද?" "ඒක ගැන තමයි මමත් කල්පනා කලේ මාලි!" ශානිකා කිව්වෙ බිම බලාගෙන. "මගේ කටින් පිට උන දේවල් ගැන මටම හිතා ගන්න බෑ" "ඉතින් ඇත්තටම උඹ සාරංගට කැමති නැද්ද?" "අකමැතිව නෙවෙයි බං. ඌ හොද කොල්ලෙක්. උගෙ යාලුවො දෙන්නත් හොද එවුන්. සෙල්ලක්කාර වැඩ කලාට පන්තියෙ අනිත් උන්ට වඩා උන්ගෙ හිත හොදයි" "එහෙනම්?" මාලිකා ඇහුවෙ එයාගෙ ලස්සන ඇස් ලොකු කරල. ශානිකා ඈතට යොමු වෙලා තිබුන එයාගෙ ඇස් මාලිකා දිහාවට හැරෙව්වා. පුංචි හිනාවක් කට කොනකින් මතු උනා. "අ

"උඹ හිතන් ඉදියට ඔය හිත් ඇතුලෙ තියෙන දේවල් කොහෙන් හරි මතු වෙලා පිටට පේනවා" - "මත් මල්" - නවකතාව [19 කොටස]

නාලකත් චාමරත් ගල් ගැහිල වගේ බලන් ඉදියා. ප්‍රින්සිපල් එනකොට හැමෝම බයයි. ඒක් ඉතින් අහන්නත් දෙයක්ද? ඒ නිසාමත් නෙවෙයි වේවැලත් අතේ තියන් ප්‍රින්සිපල් එනකොට කවුද ගල් නොගැහෙන්නෙ.  ඉතින් දෙන්නම පුදුම විදියට බය උනා. මොකද ඉතින් අතේ මාට්ටු නේ. උගන්නන්න තියෙන පීරියඩ් එක කැන්ටිමේ අයිස් ගහනව කියල හිතාවි. ඉතින් ගුටි නොකා ඉන්නෙ කෝමද? වැරැද්ද තමන් අතේ නෙ ප්‍රින්සිපල් හෙමීට කැන්ටිමේ අයිය දිහත් බැල්මක් දාල නාලකල ඉන්න දිහාට ආවා. ඇවිත් උන් දෙන්න ඉස්සරහ නැවතුනා. ඔලුව පාත් කරන් ඉදිය කොල්ලො දෙන්න දිහා බලපු ප්‍රින්සිපල්ටත් තමන්ගෙ අතීතෙ මතක් උනා. එයත් දවසක් මෙහෙම කැන්ටිමේදි අහුවෙලා ගුටි කාපු බවත් එයාට මතක් උනා. ඒක මතක් වෙලා පුංචි හිනාවකුත් කටට ආව. ඒත් නාලක ඒ එක්කම ඔලුව ඉස්සුව හන්ද එහෙමම ඒක යටපත් උනා. "උඹල දෙන්න මොකද මේ අවේලාවෙ කැන්ටිමේ කරන්නෙ?" ප්‍රින්සිපල් ඇහුවෙ වේවැල වනල.  "ප්ලේන්ටියක් බොන්න ආව සර්" චාමර හෙමීට කෙදිරුවා. සිද්ද උනේ වෙනස් දෙයක්. ප්‍රින්සිපල් හයියෙන් හිනා උනා.  "ඉතින් ගොනෝ ඕක ඉන්ටවල් එකේ කරන්න තිබුනනේ? දැන් උගන්නන්න වෙලාවෙ?" "නෑ සර් දැන් අපිට

සිංහල බෞද්ධ පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි!

ශ්‍රී ලාංකීය ජාතිය යැයි කියාගනිමින් සර්වාගමික කඩතුරාවේ  මුවාවෙන්  එන සතුරු බලවේග ගැන අවධානයෙන් සිටිනු..! අද ශ්‍රී ලංකාවේ බෞද්ධයා විනාශ කිරීම සඳහා ක්‍රියාත්මකවන මුස්ලිම් හා ක්‍රිස්තියානි සාහසික ක්‍රියාවන්ගෙන් බිඳක් ඔබගේ දැන ගැනීම පිණිස... ජාතියක පැවැත්මට උපත් වේගය 2.1 විය යුතුය. අද සිංහලයාගේ උපත් වේගය 1ට අඩුය. නමුත් වත්මන් ලංකාවේ උපත් වේගය 2.8කි. ඉන් අඟවන්නේ සුලු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් උදවිය ඉතා සීඝයෙන් බොවන වගයි. මුස්ලිම් පවුල්වල ළමයි 5-10 අතරේ සිටින අතර විද්වතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවල 2040 වන විට මුස්ලිම් ජනගහනය 10.5% සේ පෙන්වයි. සමස්ත ආර්ථීකයම මෙහෙයවන මහා පරිමාණයේ වෙළඳ ව්‍යාපාර සියල්ලම ඇත්තේ අන්ජාතීන් අතය. (තමන්ගේ මුල් රටවලින් ලැබෙන සුවිශේෂි අනුග්‍රහය නිසා) මැණික් ගරන්නේත් මඩ නාගන්නේත් අහින්සක සිංහල මිනිසුන්ය. මැණිකෙන් හම්බකරන්නේ අසිංහල   වෙළෙන්දාය. තේ,රබර්, වැනි ආර්ථික බොග වලින් වාසි ලබාගන්නේද අසිංහලයාය. නෝලිමිට්, ෆැෂන් බග්   වැනි මුස්ලිම් ආයතන මගින් සිංහලයන් වඳ භාවයට පත් කරන මැලික් ඇසිඩ් සහිත ටොෆි බෙදා දීම. හා ජාන විකෘති කරන ඇඳුම් පැළඳුම

"තමුසෙ හොරෙන් හොරෙන් මගෙ දිහාවෙ බලන් තනියම හිනාවෙන්නෙ ඇයි" - මත් මල් - නවකතාව [18 කොටස]

එදා ගාතා කිව්වට පස්සෙ පළවෙනි පීරියඩ් එක නම් වෙනද වගේම අසංක සර් ඇවිත් තමන්ගෙ පාඩම උගන්නලා නම් එහෙමත් ලකුණු කරලා යන්න ගියා. එයා විශේශෙන් කිව්වෙ ලබන මාසෙ මද්ය වාර පරීක්ශනේ නිසා දැන්ම තියාම හොදින් පාඩම් කරන්න කියල. තව මාස පහකින් ඕ. ලෙවල් විබාගෙටත් ඒක ප්‍රයෝජනවත් වේවි කියල එයා කිව්වා. ඕ.ලෙවල් මතක් කලාම ඒ වෙනකම් පොඩි සද්දයක් තිබුන පන්තියත් නිස්සද්ද උනා. අසංක සර්ගෙ පීරියඩ් එකෙන් පස්සෙ තිබුනෙ ස්න්හල පීරියඩ් එක දැන් බෙල් එක ගහල විනාඩි දහයක් විතර ගීයත් තාම කවුරුත් ආවෙ නෑ. ඒ අස්සෙ චාමරයා පුටුවෙන් නැගිට්ටා. "මෙහෙම ඉන්න බෑ බං, යමල්ලා ප්ලේන්ටියක් බොන්න" "ඒකත් ඇත්ත තමා" නාලක පුටුව පද්හන ගමන් හිනා වෙලා එකගතාවෙ පළ කලා.  "මොකෝ කියන්නෙ සාරංග යමුද?" "උඹල පලයන් මචන්" සාරංග කිව්වෙ කවදාවත් නැතුව. "මට අද පොඩ්ඩක් ඔලුවෙ කැක්කුමයි වගේ, පුලුවන් නම් එන ගමන් මට පැනඩෝල් දෙකක් ඇරන් වරෙන්. මෙන්න සල්ලි" මිනිහ දහයෙ කොලයක් දික් කලා.  "සල්ලි එපා බං" නාලක කිව්ව. "අපි ඇරන් එන්නම්" නාලකවත් ඇදගෙන චාමරයා එතැනින් යන හැටි සාරංග බලන් ඉදි

උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා! මම ගොනා උනා! ::::: මත් මල් [නවකතාව - 17 කොටස]

නාලක ගේට්ටුව ගාව ඉදන්ම සාරංග එනකම් බලං ඉදියා. සාරංගත් ඒ තරම් හදිස්සියක් නැතිඅ වගේ හෙමීටයි ආවෙ. ඒත් නාලක "ඉක්මනට වරෙන්" කියල අතින් කිව්වම මිනිහ ටිකක් වේගෙ වැඩි කලා. "ගුඩ් මෝනින් මචන්" කියල ඈත තියාම සුබ පැතුම එකතු කලා. සරංග තමයි නාලකගෙ දුක සැප දෙකේම ළග ඉදපු මිත්‍රයා. සාරංගත් නාලකත් ඒ දෙන්නගෙම යාලුව උන චාමරත් කොයි වැඩේත් කලේ එකට. කෑවෙ බිව්වෙ, ආවෙ ගියේ, ඉස්කෝලෙ වටේ රවුම් ගැහුවෙ, ගුටිකෑවෙ, බැනුම් ඇහුවෙ. ඔක්කොම එකට. චාමර නම් ටිකක් කලින් එන්නෙ නෑ. මිනිහ ඉන්නෙ ටිකක් ඈත. ඉතින් නාලකත්  හිනාවෙලා "එසේම ඒවා මචන්" කිව්ව. "මොකෝ බං අද නිකන් මල් පාට හිනාවක්?" නාලක පුදුම උනා. මොකක්? වෙන්න බෑ. මුන්ට කොහොමද එහෙම පේන්නෙ. "මුකුත් නෑ බන්/ ඇයි උඹට මොකුත් අමුත්තක් පේනවද මගෙ?" "නැතුව" සාරංග කිව්වෙ ගේට්ටුවෙන් එන අයගෙ විනය බලන්න දාපු ප්‍රිපෙක්ට් අයියට අත වනල. "ඕන කෙනෙක්ට පේනව. අද උඹ ඉන්නෙ හෙනම හැපියකඉන් කියල. මොකෝ හේතුව?" "උඹට පේන්නෙ හැපියක් වගේද?" නාලක ඇහුවෙ මූන පුළුටු කරගෙන. "අද පොතක් උස්සන්න තියෙන