Posted by : Tharuka Gunaratne Monday, January 20, 2014



එම සිදුවීමෙන් පසුව තවත් සතියකට අදික කලක් ඉක්ම ගියේ අප කාටත් නොදැනීමය. එයට හේතුව වන්නට ඇට්තේ උසස් පෙළ සදහා ගණිත විශයන් තෝඅරාගත් මට බොහෝ සෙයින් අද්යාපන කටයුතු වල නිරත වීමට සිදුවීමය. කෙසේ උවද උත්පලා මට නිතරම වාගේ මුණගැසිනි. වල්පල් කතාකරමින් කාලය ගෙවීම හැරුණුකොට ඈ තුල වූ අමුතු සිනහව මා සිහිනයක් තුලින් අවදිකරවීමට සමත් විය.
අක්කා වෙනදා මෙන්ම මා සමග විහිලුවෙන් සතුටින් කතාබහ කලාය. එහෙත් වෙනදාට වඩා දගකාර බවක් ඈ තුලින් විද්යාමාන වූයේ කුමන හේතුවක් නිසා දැයි මම ඉක්මනින්ම සොයා ගනිමි.

එදින සදුදා දවසකි. අක්කා පාසල් නොගොස් මොකක්දෝ පන්තියකට සහබාගි වීම සදහා පිටත්ව ගියාය. උදෑසන දහයමාරට එය අවසන් වන බව පැවසුවත් ඇය තවමත් පැමිණියේ නැත. එකොලහට ළං වීමට ඔන්න මෙන්න කියා තිබියදී මගේ ජංගම මෙව්වා එක නාද වීමට පටන් ගත්තේ මම බලමින් උන් ෆිල්ම් එකද අමතක කරවමිනි.

කව්ද මේ උදේ පාන්දර මල වදේ............

ඇමතුම උත්පලාගෙනි.

"හලෝ දසිත්"

"ඕ ඉන්නව"

"කොහෙද ඉන්නෙ?"

"ගෙදර"

"එහෙනම් ඉක්මන්ට ටවුමට එනව"

"ඒ මොකෝ?"

"කීවම එනවකෝ, මම ඉන්නව සෙන්ට්‍රල් පාක් එක ගාව"

"හේතුව?"

"අක්කා"

මම ප්‍රශ්න නෑසුවෙමි.

"මේ එනවා"

ක්ශනිකව හැද පැලද ගත් මම වහාම පාරට දුවගොස් බසයක එල්ලුනෙමි.
විනාඩි විස්සකින් මම එතනය.
උත්පලා මා එන තුරු බලා උන්නාය.

"කෝ?"

"මේ මෙහෙ එනවා, යන්න කලින් මේ ටික හොදට අහගන්න"

මම ඈ දෙස බැලුවෙමි. ගුරුවරියක මෙන් ඇගිල්ල දිගු කර මා දෙස බැලූ ඇය දුටු මට සිනා ගියේය.

"කියන්න බලන්න"

"අංක එක - අක්කගෙ බෝයිෆ්‍රෙන්ව දැකල කලබල වෙන්න බෑ
අංක දෙක - එතන කිසිම රන්ඩුවක් වෙන්න බෑ හොදද?"

"හොදයි! එච්චරද?"

"නෑ
අංක තුන - හදිස්සි වෙලා අක්කට මොකුත් කියන්නෙ එහෙම නෑ"

අනතුරුව මට ළ්ං වූ ඈ රහසින් මෙසේ කීවාය.

"අංක හතර - ඔයා ශර්ට් එක ඇදල තියෙන්නෙ කනපිට. ඔක්කොටම කලින් වොශ් රූම් එකට ගිහින් ඒහ හරියට ඇදන් එන්න"

"මොක........."

මම උඩ විසි උනෙමි. ඇත්තය! මැහුම් වාටි සමග නූල් එල්ලා වැටෙමින් තිබුනු මගේ කමීසය දෑඅ උනන්දුවෙන් බලන්නන් කීපදෙනෙකුම පාක් එක තුල සිටියහ. ඇතැම්හු මාව උන්ගේ කෙල්ලන්ටද පෙන්වා සිටියහ. ලේන්සු විකාගනිමින් මා දේ බලන් දුවලා පුතාලා අතරින් මම වොශ් රූම් එක වෙත පියනැගීමි.
"දැන් හරිද?"

"ම්ම්ම් හරි ඔය ඉන්නෙ කොල්ල වගේ"

"කෝ ඉතින් අක්කගෙ කොල්ලා?"

"ඔය ඉන්නෙ අර ඉස්සරහ බස් හෝල්ට් එකේ"

"එහෙනම් අපි පාක් එක අස්සට ආවෙ මොකද?"

ඈ උත්තර දීමට මදක් පැකිලුනාය.

"ඇයි ගොනෝ.... අපි එතනට ගියාම එයාලට පේනවනේ"

"අපි අද අක්කගෙ හොරේ අල්ලගන්නම ඕන. ඉතින් එයා දැනගත්තට කමක් නෑ"

"යමුකෝ එහෙනම්"

ඈ මගේ ශර්ට් අතින් අල්ලා ඇදගෙන ගියාය. අනතුරුව සිනාසී මා දෙස බැලුවාය.

"ඔන්න මෙතෙන්ට හොදට පේනවා"

"කෝ බලන්න"

"මම ඉන්න තැනට ඇවිත් බලන්න දසිත්"

මම උත්පලා උන් තැනම සිට ගහ්ට්තෙමි.
ඇත්තය!
හොදට පෙනේ.....
ඒත් ඒ එහාට මෙහාට හැරෙන මුහුණ මට දැක පුරුදු එකකි.....
කව්ද........?
කව්ද.........?
මල කෙලියයි..........
ඒ ඉන්නේ.......

"විශාන් අයියා?"

"ඔව් විශාන් අයිය තමයි"
උත්පලා සිනහ වෙමින් කීවාය.

මම අසලම තිබුනු ගල් ආසනයේ වාඩි උනෙමි. මහ දවාලේ උවද ගතට සීතලක් දැනුණි. දහදිය වැටෙනු මට නොදැනුනද නලලෙන් රූටා වැටුනු දහදිය බිදුවක් ආසනය මත වැටී විසිරිණි.

උත්පලා මා අසලින්ම වාඩි වූවාය. ඇය පන්ති ගොස් ඇත. ඇගේ බෑගය උකුල මත වෙයි. එය පහලට යාම වලකිනු පිණිස ඒ මත සුරත තබගෙන මා දෙස බලා සිටියි.

"දසිත්"

මිතුරු ලීලාවෙන් ඈ මා ඇමතුවාය.

"දැන් දන්නවනෙ ඒ කව්ද කියලා. දැන් ඔයා මොකෝ කියන්නෙ? කැමතිද? අකමැතිද?"

විශාන්.............
ප්‍රවීන් විශාන් සිල්වා.............
මා ඔබට ඔහු ගැන කියා නැත.
ඔබ දන්නේ ද නැත.
ඔහු අමුතුම චරිතයකි. පාසලින් නික්ම ගියේ මේ වසරෙදීය.
මම ඔබට ඔහු ගැන කියන්නෙමි. මන්ද ඔහු ගැන මම හොදින්ම දන්නා බැවිනි.

ඔහු අප විදුහලේ කරලියට එන්නේ පාසල තුල සිද්දි නිසා වේ.
ඒ මා දහය වසරේ උගනිමින් සිටියදීය. ප්‍රසිද්දියේ එවකට උන් විදුහල්පත්වරයාගේ පුත්‍රයාට කනට ගැසීමේ චෝදනාවට ඔහු වරදකරු වී සිටියේය.
ඔව්! ඇත්තෙන්ම ඔහු එසේ කලේය. ඒ තමන්ට ලොකුකම් පෙන්නන්නට ආ ලොක්කෙකුගේ පුත්‍රයකුට සලකන්නට ලැබීමේ සතුට සිත්හි දරාගෙනය.

ඔහු ක්‍රියාකාරියකු විය!
සාදාරණව සැමට සැලකූවෙකි. අප පාසලේ ඔහුව නොදන්නා කිසිවකුත් සිටියේ නැත.
ප්‍රසිද්ද ව්යාපාරිකයකු වූ ඔහුගේ පියා ඉතාම ඉහල සමාජ මට්ටමේ අයකු වූවද ඔහු කිසිදිනක ක සමගවත් තමන්ට කල හැකි දේ පිළිබදව පම්පෝරි නොගැසුවෙකි.
එහෙත් ඔහු හා නගරයේ බොහෝ ක්‍රියාකාරකම් අතර තිබුනේ ප්‍රසිද්ද රහසක් වූ සියුම් හුයකි.
ඔහු දිනක පාසල සම්බන්ද ප්‍රසිද්ද තරගයකදී මා ඇදගත් ගුටි පූජාවකට නිර්ලෝභීව සම්මාදම් වූ අයර්ය් මට අද මෙන් මතකය. එදා පටන් අද දක්වා මා සමග බොහෝ සෙයින් මිතුරු වූ ඔහු පාසලින් නික්ම යන තුරුම මාගේ අත පය හතර මෙන්ම බෙල්ලත්, අනාගතයත් සුරැකි අවස්තා බොහෝ විය.
වර්ණනාව දිග වැඩි උවද එය නොකියා බැරිය!
ඔහුගේ වරදක් නැත!
මෙතෙක් කල් කෙල්ලන් ඇසුරු කල සල්ලාලයකු නොවේ!
කුඩු ගහන, ගංජා උරන බේබද්දකුද නොවේ!
මා දන්නා තරමට ඔහුට මේ පැත්තේ නොහැක්කක් නොමැත!

මා කුමක් කියම්ද?
උත්පලා මා දෙස බලා හිදියි!
සිසිල් සුළං රැල්ලක් හමා යනු දැනුනි.

"දසිත්........"

"හ්ම්ම්ම්"

"කියන්න"

"මට තව කල්පනා කරන්න ඕන උත්පලා"

"මේ අහන්න අක්කම අකමැති උනොත් ඇරෙන්න ඔයාට බෑ විශාන් අයියව නවත්තන්න"

මම ඈ දෙස බැලීමි. ඇත්තය!

"ඔව්.... ඒත්"

"එයා නරක කෙනෙක් නෙවෙයි දසිත්"

"ඔව්..... ඒත්"

"ඔයා ඩිශිශන් එකක් අරන් ඉවරයි. මට ඒක පේනව"

ඈ මදක් ඇස් ලොකු කර මා දෙස බලා කීවාය.
මම සිනහ වීමි.

"ඔයා එයාලට මොකුත් කරන්නෙ නෑ......"

ඇය සතුටින් සිනහ වූවාය.
හෑ!!!!!
ඈට අර අනුන්ගේ සිත් කියවීමේ නුවණ තිබේ...
එය දැන් නම් මට සක්සුදක් සේ පැහැදිලිය.

"ඔව්.... අපි එයාට අවස්තාවක් දීල බලමු"

"හොද කොල්ලා"

මම අපහසුවෙන් මෙන් සිනාසීම්.

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට......................

අද සිට මෙම කතාව මගේම බ්ලොග් අඩවියෙන්ද කියවිය හැක -

Visit - http://randygesatahan.blogspot.com/

---------------------------------------------------------------------------------

{ 3 comments... read them below or Comment }

  1. බ්ලොග් ලියන එකෙක් ඌට කොමෙන්ට් නැතිනිසා ලියන එක නවත්තන්න හදනවා . පොඩ්ඩක් ඌට පොඩි උපදෙසක් දෙනවද .http://nimmnaya.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete
  2. අලුත් පැත්තකට යන්නද හදන්නෙ

    ReplyDelete
  3. නියම කතාව... ලියන විදිය මාර ගති....... :)

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -