Posted by : Tharuka Gunaratne Monday, January 27, 2014



ටික දිනක් ගෙවී ගියේ මටත් නොදැනීමය. අක්කාගෙන් කිසිදු වෙනසක් නොවිණි. ඇය වෙනදා සේම විකාරයෙන් කල් ගත කලාය. එදින මට උපකාරක පන්ති තිබූ දිනයකි. මගේ මිතුරන් දෙදෙනාද මා සමගම ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට එක්වීම මගේ වාසනාවක් විය. උත්පලා ඈ තෝරාගත් ජීව විද්යා අංශයේ ගුණ වයමින් උන්නාය.
මාගේ මිතුරන් දෙදෙනාත් සමග ක්ලාස් ඇරී පැමිණෙන අතරමගදී මට උත්පලා මුණගැසිණි. ඈ කුමකට හෝ නගරයට පැමිණ ඇත. මා ඈ අල්ලාගත්තේ පාර පැනීමට කහ ඉරක් අසල සිටියදීය. මා ආ බව නොදත් ඇය අල්ලා නවත්වා ගත්තෙමි.

"කොහෙද මේ හවස් වෙලා යන්නෙ?"

"ආහ්! දසිත්!"

මිතුරන් දෙදෙනා මා දෙස බලා ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්හ.

"දසිත් පොඩ්ඩක් එනවද, ඔයාව හම්බුනේ වෙලාවට."

මම මිතුරන් දෙස බැලීමි, ඔවුන් මා දෙස පුදුමයෙන් බලා සිටී. මම ඔවුන් අසලට ගොස් මෙසේ පැවසිමි.

"මචන් ලකියා, මට දැන් එන්න වෙන් නෑ, උඹල පලයන්"

"ඒ මොකෝ බං? මොකෝ උත්පලා කියන්නෙ?"

"මොකද දන්නෙ නෑ බං! මම ගිහින්ම බලන්නම්. උඹල පලයන් අව්ලක් නෑ"

"අහා! උඹල දෙන්න මොකටද දන් නෑ මේ පාර එන්න හදන්නෙ"

"දසිත්!!!!!!!!! ඉක්මනට.........."
උත්පලාගේ කටහඩ පිටුපසින් ඇසුණි.

"හා හා මැඩම් අපි ඔයාගෙ සුවීටියාව තියා ගන්නෙ නෑ"

ලකියා ඈ දෙස බලා එරෙව්වේය.

"ඒක තමා........ හා හා දසිත් එහෙනම් පරිස්සමින් පලයන්කෝ, උඹේ හීන කුමාරි ඔය කතා කරන්නේ"

මම පුදුම උනෙමි. ඇත්තටම මගේ සිහිනය ඇයද?

මම ඔවුන්ගෙන් මිදී ඈ වෙත ගියෙමි.

"ඉතින්.........."

"ම්ම්ම්ම් ඔයාව අල්ලගන්න බැරිවෙයි කියල මම හිතුවෙ"

"ඇයි මොකෝ අවුල?"

"මේ එනවකො ඔය පාරෙන් අහකට"

මම පදික වේදිකාවේ කොඅටම ගියෙමි. ඈ කතාව ඇරඹුවය.

"මම මේ ඇදුම් වගයක් ගන්න ආවෙ"
ඈ තමන් අත වූ නෝලිමිට් බෑගයක් පෙන්වා කීවාය.

"ඒකෙදි මට විශාන් අයියව හම්බුනා"

:අහ්!

"ඉතින්න්....."

"මම ශේප් එකේ ඇහුව දැන් ලක්ශිකා අක්ක එක්ක නේද ඔයා යාලු වෙලා ඉන්නෙ කියල"

"ම්හ්හ් ම්හ්හ් ඉතින්"

"ඔය කිව්වෙ ඔව් කියල"

ඈ දගකාර ලෙස සිනහ වූවාය.

"එන්න කලින් ඇදන් හිටපු ඇදුමත් පෙන්නල කීව ඒකත් ලක්ශිකා අක්කගෙ තේරීමක් කියල"

"ශුහ්"

"විහිලු නෙවී දසිත්, ඌ නම් අක්කට මාර ලව් එකක් තියෙන්නෙ"

"මේ බලනව වෙලාව කීයද කියල, දැන් හයහමාරත් පහු වෙලා. යමු යමු"

"මොකෝ හදිස්සි"

"අක්ක එන්න කලින් ගෙදර යන්න ඕන"

"ඇයි?"

"අද අම්මල එහෙම යාලුවෙක්ගෙ වෙඩින් එක්කට ගිහින්. මා ලගයි ගෙදර යතුර"

"හ්ම්ම් හ්ම්ම් යමුකො යමුකො"

මම ඉස්සර වීමි. උත්පලා මදක් පසුපසින් පැමිණ අනතුරුව මා අසලින්ම ගමන් කරන්නට වූවාය.
වටපිට බලමින්,
කොකෙක් මෙන් හැම අස්සකටම එබෙමින්,
සිනහ වෙමින්,
උඩ පනිමින්,
මා සමග එක පෙළට ඇවිදින ඈ දැක මට සිනහ පහළ විය.
ඈ මා දෙස බලා සිනහ වන්නේ ඇයිදැයි අසන්නට මෙන් හිස සෙලවූවාය. මම මොකුත් නැති බව පෙන්වන්නට හිස දෙපසට වැනීමි.
මදක් නැවතුනු ඈ.....................
එක්වරම මගේ අතින් අල්ලා අසල වූ කඩයක් තුලට වැදුනාය.

"මේඅ....ඒයි... මොකෝ මේ?"

"ශ්ශ්ශ්! බලනව කව්ද එන්නෙ කියල"

මම කඩයේ වීදුරු අතරින් පාරේ ඇවිදින මගීන් දෙස බැලුවෙමි.

හ්ම්ම්ම් දැක පුරුදු මුහුණු රැසක්
දෙවියනි! ඒ අක්කා විය.
ඈ පසකින් වූයේ විශාන් ය.
තවත් දෙතුන් දෙනෙක් ඔවුන් පසුපසින් පැමිණෙති.
විශාන් ගේ යහලුවන් වන්නට ඇත.

අප සිටි කඩය අසලට පැමිණි ඔවුන් දෙදෙනා එක්වරම නතර වූහ. දෙදෙනාම අප දෙස බලා සිටී. මම ගල් ගැසුණෙමි.

"දසිත් ඉක්මට්නට මෙහෙ එන්න"
උත්පලා මගේ අති ඇද්දාය.

"වැඩක් නෑ මෝඩියේ අපිව දැක්ක වගේ"

"දsiත් අපි දිහා නෙවී එයාල බලන් ඉන්නෙ, කඩේ දිහා"

කඩේ දිහා?
මම වටපිට බැලීමි.
හතිලව්වයි!
මෙය "ලවර්ස්" ශොප් එකකි. විවිද විසිතුර හා අටමගුල් දෙස බැලූ මම උත්පලා දෙස අවසානයට බැලීමි. ඈ සිනාවෙයි!
ඇගේ ආත්ම ශක්තිය මම අගය කලෙමි. අක්කා පැමිණ මා ලවර්ස් එකේ මොනා කරනවාදැයි අසන්නට ඔන්න මෙන්න මොහොතේ උත්පලා සිනාවෙයි.
යසයි!

නෑ නෑ! විනාසයි! අක්කා විශාන් සමග ඇතුලට එන්නට දොර හරියි.
උත්පලා වහාම සිය ගණදෙවි නුවණ පාවිච්චි කලාය. මා ඇදගෙන ශොප් එක කොණටම ගිය ඈ පුලුන් වලින් සෑදූ ටෙඩීලා ගොඩක් පිටුපසට ගොස් මා සැගවූවාය. අනතුරුව මා සමග යමක් තෝරන බව හැගවූවාය.

අක්කා අපව දකීවි යැයි මට සිතුනද ඈට ලව් ටෝක් එකත් සමග මෙලෝ සිහියක් නොමැති බව මට සිහි වුනි. ඇත්ත වන්නට ඇත, එහෙත් කල්පයක් මෙන් දැනුනු විනාඩි පහ දහයකට පසු නිල් පැහැ ව්‍රිස්ට් වොච් එකක් අක්කාගේ අතෙහි බැන්දූ විශාන් අයියා ඈ සමග කඩයෙන් පිට වූවාය.

මම සිටි තැනින් පිටතට පැමිණීමි.

"මල්ලි මොනාද බැලුවෙ?"

මගුලයි! ශොප් එකේ සේවකයකු මගෙන් අසයි.
මම කිසිවක් සිතාගැනීමට නොහැකිව උත්පලා දෙසත් ටෙඩීලා ගොඩ දෙසත් බැලීමි.

"අහා! මෙයාට එකෙක් අරන් දෙන්නද ආවෙ? රයිට්, තෝරන්න දෙන්නකො එයාටම"

ඔහු උත්පලා දෙස බලා කියයි.
දහසකුත් එකක් කපල් එක්ක ගණුදෙනු කර ඔහු පුරුදුකාරයකු විය යුතුය.
ඈ තුශ්නිම්භූත වී මා දෙස බලා සිටී.
මම පියවි ලොවට පැමිණියෙමි.
මේ ලෝකය රග මඩලකි, රැගුවොත් රැගුවාමය. ඒත් රගන්නට ඕනෑ තැන මගහැර යාම ඔබ ඔබටම කරගන්නා මහා අවමානයකි.

"ඔව්! උත්පලා තෝරගන්න බලන්න එකෙක් ඔයාම"

ඈ බිය වූවාය. මගේ සිනහවත් සේවක අයියාගේ විහිලු කතා විලාශයත් ඈ අපහසුතාවට පත් කරන්නට ඇතුවා නොඅනුමානය.

"ඒත් දසිත්. මට ඕන නෑ?!?!?!" ඇයි?"

"හ්ම්ම්ම් හේතුව නෙහ්? නිකමට වගේ"

"මට බෑ. මට ඕන නෑ"

"ම්හ්හ් ගන්නම ඕන, මට කරපු උදව් වලට ඔයාටත් මොනා හරි දෙන්න එපැයි මං"

උත්පලා අසරණ වන්නට ඇත. මා දෙස යටැසින් බලා මොකක්දෝ ටෙඩියකු එසවූ ඈ අනතුරුව මා දෙසත් සේවකයා දෙසත් බලා සිනහ වූවාය.

"මොකෝ නංගි ඕකම ගත්තෙ? විශේශයක් තියේද්? දැන් ගොඩක් අය ඕක අරන් ගියා! අනේ මන්ද"

කියූ සේවකයා මා මුදල්  ගෙවූ  පසු එය කවරයකට දමා උත්පලා අතට දුන්නේ සිනහවක් පාමිනි.




"හ්ම්ම් විශේශයක් නෑ. ඒත් මේ ටෙඩීගෙ නහය ටිකක් දසිත් ගෙ වගේ"

කිවූ ඈ සේවකයාට පෙනෙන්නම මගේ අතින් අල්ලා ශොප් එකෙන් ඉවතට ඇදගෙන ගියාය..

--------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.................

--------------------------------------------------------------------------------

{ 5 comments... read them below or Comment }

  1. මරු කතාව.. අද නම් හොඳටම හිනා මේ වෙලා තියෙන දේවල් ටිකට :)

    ReplyDelete
  2. Melo rahak ne bn.

    ReplyDelete
    Replies
    1. ඇයි අැනෝ මොකද අවුල ඔබට රහක් නැත්වම් උඹ කියවන්නේ නැතුවහිටපන් කියවන අපිට පවු නොදී

      Delete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -