Archive for February 2014

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [18 කොටස]



එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද? 
ඇත්තෙන්ම ඔව්! 

මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් නැවතුමේ බලාඅ සිටියාය.

"ලක්ශිකා අක්කේ...."

"ආ නංගි මොකෝ හදිස්සියෙන්ම ආවෙ"

"අපෝ නෑ මම දැනුයි ආවෙ"
ඈ මා දෙස බලා හෙමිහිට කෙදිරුවාය.

"කෝ විශාන් අයිය?"

මම ඇසීමි. 

"එයා ඇති ටවුමේ"

අක්කා පිළිතුරු දුන්නාඅය.

ඔව් ඇත්තෙන්ම විශාන් අයියා අක්කා එනතුරු බලා සිටියේය. තනිවමය. කිසිවකුත් ඔහු සමග නොසිටියේය. භයානකය. ඔහුටත් ඔහුගේ පියාටත් ඇත්තෙන්ම මරණ තර්ජන පවා එල්ලවී තිබූ බව මම දනිමි. හේතුව ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ය. ඔවුහු හැමවිටම මනුස්සකමට උදව් කිරීමම ඔවුන්ට ඇති වූ හතුරන් ප්‍රමාණය වැඩි වීම සදහා හේතු වන්නට ඇත. 

අක්කා බසයෙන් බසිනු දුටු වහාම ඈ අසලට ආ ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ තමන්ගේයැයි අදහස් කරන්නට විය හැක. එසේ කීම ඔහුට ප්‍රශ්න ඇති කරවන සාදකයක් නොවේ. මෙමෙ නගරයේදී ඔවැනි සීන් වලින් ඔහු ස්වායක්තය. 
පුදුමයකට මෙන් මාද බසයෙන් බසිනු දුටු ඔහු වහාම අක්කාගේ අතින් අතහැරි බව මම දුටිමි. කොපමණ කොන්ද පණ ඇත්තකු වුවද කෙල්ලගේ පවුලේ උදවිය ඉදිරියේ දෙකට නැවීම ස්වභාවිකය. එය මම අත්විද ඇත්තෙමි. 

"ආ මල්ලිත් ඇවිත් ඉන්නෙ"

කිවූ ඔහු මගේ පිටට තටු කලේය. 

"ඔයත් ආවෙ ෆිල්ම් එක බලන්න නේද? ඔන්න මම ටිකට් හතරක් කීව වගේම බුක් කලා. ඒත් කෝ අනිත් කෙනා?"

මම වටපිට බැලීමි. 
කෝ උත්පලා?

"මල්ලි කෝ මේ කෙල්ල?"
අක්කා බිය වී මෙන් මගෙන් ඇසුවාය.

"ඒක තමා. කෝ මේකි. බස් එකෙන් බැස්සනෙ ම එක්කම"

"කව්ද ලක්ශිකා, මල්ලිගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද?"

මම පහළට ගිලෙනු දැනුනි. අක්කා ඉදිරිපිටම පොළොව පලාගෙන මා ඇතලට ගියේය.

"නෑ නෑ එයාගෙ යාලුවෙක්"

"බලන්න වටපිට. දැන් දහයමාරටත් ලගයි. ෆිල්ම් එක පටන් ගනීවි"

"අපි යමු"

"එයා නැතිව යන්න බෑ. ඒකිට මොකක් හරි අවුලක් නම් එහෙම?"

මම කීමි. විශාන් අයියාත් අක්කාත් මා දෙස එකවිටම බැලූහ. 

"හැබෑට ඒකත් ඇත්ත තමයි"
විශාන් අයියා කල්පනා කරන ලීලාවෙන් කීවේය.

"ඉන්නකෝ, මම එයාව හොයාගන්න කාව හරි යවන්නම්"

ඔහු ජංගම දුරකතනය ගැනීමට සාක්කුවට අත දැමුවද මම ඔහුව වැලැක්වීමි.

"එපා අයියේ. මම එයාව හොයාගෙන එන්නම්. ඔයාල යන්න හෝල් එක ඇතුලට."

"වෙලා තියේවිද?"
අක්කා ඇසුවාය.

"කමක් නෑ අපිත් එන්නම්"
විශාන් අයියා කීවේය. 

"නෑ නෑ. ඔයාල යන්න මම තනියෙන් යන්නම්. අව්ලක් නෑ"

"එපා එපා...... අහ්! ඔහොම ඉන්න පොඩ්ඩක්"
අසල සිටියකු වෙත ගිය විශාන් අයියා ආපසු පැමිණියේ තවත් පස් හය දෙනෙකු සමගය.

"මෙයාලත් එක්ක යන්න"

මම පුදුම වීමි. 
මොහු සිතා සිටින්නේ මමත් ගෑණියකු බවද?
පරිස්සම් කරන්න ඕන එකෙක් බවද?
උගේ මව්..................

"ඕන නෑ අයියෙ මම බලන්නම්"

"නෑ නෑ යනව මෙයාලත් එක්කම. කොහෙන් හරි එයාව හොයන් එන්න"
මට කිවූ ඔහු. අර කණ්ඩායමේ එකෙක් දෙස බලා,

"මේ මගෙ මල්ලි හොදේ, ගෙනිච්ච වගේම අවුලක් නැතුව ගෙනත් දාන්න ඕන"

"අපෝ හා මල්ලි"
එතැන උන් මහත් "අයියා" කෙනෙක් කීවේය. 

"අනේ මල්ලි පරිස්සමින් හොදේ, ඔය තැන තැන රිංගන්නෙ නැතුව , එයා නැත්නම් ආපහු එන්න, පොලිසියටවත් කියමු"

අක්කා බියෙන් මෙන් තොල් මතුලාය.

විශාන් අයියා ඈ කැටුව පිටත් වූ පසු මම අරුන් පස් හය දෙනා සමග නගර බස් නැවතුමේ තනි වීමි. මහා ගස් කදන් මැද තුත්තිරි ගහක් වැව්ව විට දැනෙන හැගීම මටද දැනුණි.

"මොකෝ මල්ලි සීන් එක?"

එකෙක් මගෙන් ඇසුවේය.

"හෙවිල්ලක් තමා"
මම පැවසීමි.

"කාවද?"

"කෙල්ලෙක්ව"

"ආ? කාවද?"

"මගෙ යාලුවෙක්, ඒකි දැන් අතුරුදන්"

"රයිට් එහෙනම් ඔයාම ඉස්සරවෙමුකො මල්ලි, අපිට කිව්වෙ ඔයාව බලාගන්න මිසක් කෙල්ලෙක් හොයන්න නෙවී. යන දිහාක අඉත් එන්නම්"

"රයිට් ඕන එකක්" මම කීමි.

මම පෙරමුණ ගතිමි. 
පළමුවෙන් මා රිංගුවේ පුස්තකාල පෙදෙසටය, අනතුරුව ****** වීදියටත්, පසුව නගරයේ ඇතුල් පරවලත් මම ඈ සෙව්වෙමි. 
අවසානයේ ඇවිද ඇවිද හෙම්බත් වූ මට උත්පලා හමු වූයේ නගර සභාව අසල පාක් එකේදීය. ඈ තනිවම එහි හිදගෙන ඉදිරියෙන් නිසලව ඇදෙන ගං දිය දෙස බලා හිදී. 
මමද එහි ඇතුල් වීමි. ඒ වන විට වේලාව එකොළහට පමණ වන්නට ඇත. ටිකට් කඩන්නාද පෙනෙන්නට නැත. ටිකට් කුටියේ වූ කවුලුවෙන් අත දැමූ මා සමග පැමිණි එකෙක් ක්ශණිකව අප සියල්ලන්ටම ටිකට් ලබා දුන්නේය. ඔහු දෙස පුදුමයෙන් බැලූ මට ඔහු අසල සවි කර තිබූ පුවරුවක් දැක්වීය.

"ටිකට් නැතිව ඇතුල් විම තහනම්"

"ටිකට් විතරයිනෙ ඕන, සල්ලි දීල ගන්න කියල ගහල නෑ නෙ"
ඔහු නැවත ටිකට් පොත ඇතුලට විසි කලේය.

"අපි මෙහෙන් ඉන්නම්,, මල්ලි ගිහින් එක්කන් එන්න ඒ ළමයව"
තවකෙක් මට පැවසුවේය.

මම ඈ දෙසට ළං වීමි.
තවත්............
තවත්......................
තව තවත්..........................................

ඈ එකවරම මා දෙස හැරී බැලුවාය. 
දෙවියනි.........................
ඈ සිටියේ හඩමිනි.
දෙනෙතින් ගැලූ කදුලු වලින් ඇගේ කම්මුල් තෙත් වී තිබුනු බව මට පැහැදිලි විය.
එහෙත් මා දුටු විගස, මා නිරන්තරයෙන් දකින්නට බොහෝ ආශා කල සිනහවක් ඈ වෙතින් නැගුණි.

"ද......දසිත්"

මම වචනයකුදු නොකියා ඈ අසලින් වාඩි ගතිමි. ඈ අසලින්ම වාඩි වුවත් මා අසලට තවත් ළන් වූ ඈ මගේ අතින් අල්ලාගෙන ඉකිබිදින්නට වූවාය. 

"උත්පලා...."

මම කිව්වෙමි. පව්!

ඈ තවත් මට ලං වූවාය, අනතුරුව අසරන ලීලාවෙන් මා දෙස බැලුවාය.

"මොකෝ උනේ?"
මම නැවතත් ඇසුවෙමි.

ඈ ඉකිබිදියි.

"කියන්න ළමයෝ මොකෝ උනේ එකපාරම?"

"අනේ මට සමාවෙන්න දසිත්"

"ඒකෙන් කමක් නෑ, කියන්න ඇයි එකපාරටම අපිව දාල යන්න ගියේ?"

"ඕනකම තිබුනත් හිතේ සතුටින් ඔයත් එක්ක ඉන්න බෑ එතන. ඒකයි මම නොකියම ආවෙ"

ඈ මුරණ්ඩුය.
ඒ ඇත්තකි. එහෙත් ඔබේ උරහිසට හේත්හ්ටු වී හඩන කෙල්ලකට ඔබ කවදාකවද් බණීවිද?

"ඇයි ඒ?"

"දැක්කද බස් එකේ ඉදියෙ කව්ද කියල"

"කව්ද?"

"රුචිනි"

"අර විශාන් අයියට ලයින් කරපු සක්කරවට්ටම?"

"ඔව් දසිත්, එයා තමයි"

"ඉතින්"

"ඉස්සෙල්ලම මට මේක කියන්න, රුචිනි ලස්සනයිද? හැමෝටම වඩා?"

ඈ හැමෝටම වඩා යැයි කීවේ මට වඩා යැයි කියන්නට නොහැකි නිස්සය. එය මට හොදින්ම වැටහුණි.

"ඔව්"
මම කීවෙමි. අනතුරුව ඇගේ අතින් අල්ලාගෙන මෙසේ කීවෙමි.

"එයා රූපෙන් නම් ඔයාට වඩා ලස්සනයි තමයි. ඒත් ගතිගුණ වලින් වගේම හිතෙනුත් ඔයා එයාට වඩා පුදුමාකාර විදියට ලස්සනයි. එයාගෙ ලස්සන කොයිතරම් උනත් ඒකෙන් මට වැඩක් නෑ! මගෙ හිතේ ඉදියෙත්, ඉන්නෙත් ඉස්සරහට ඉන්නෙත් කෙල්ලො දෙන්නයි. ඒකෙන් දෙවනිය ඔයා"

ඈ පුදුම වූවාය. එහෙත් ඈ ලද පැසසුම හේතුවෙන් ඇගේ මුහුණේ සතුටක් උදාවිය.

"ආහා! එතකොට මම දෙවනියා"

ඈ තරහින් මෙන් කීවාය.
පිස්සි!

"ඔව්. දෙවනියා තමා"

"කියමුකො බලන්න එහෙනම් පළවෙනියා"
ඈ කදුලු පිරි දෑසින්ම මට එරෙව්වාය.


"දීපිකා පාදුකෝන්"

මම පැවසීමි. ඈ සිනහ වූවාය.

"අනේ මෝඩයා"

"ඉතින්, උනේ මොකක්ද කියල කීවෙ නෑ නෙ?"

මම ඇසුවෙමි.

"බලන්න ඔයා එයාව දැක්කෙ නෑ නෙ, අද ඒකිට ක්ලාස් ද කොහේද, සුරංගනාවියක් වගේ ඇදගෙන මම ආපු සීට් එකට පිටිපසෙ සීට් එක ඉදියෙ,"

මා සිටියේ ඈ අසලය, අක්කා වෙනම තැනක හිදගත්තේ තරක් නිසා නොවේ, ඉඩකඩ මදිවූ නිසාය.

"ඉතින්"

"මටයි ඔයාටයි ඒකි ඒකිත් එක්ක ඉදපු කෙල්ලට කියාපුවා ඔයා අහගෙන් ඉදියනම්"

"ඇයි? මොනාද කීවෙ?"

"ඒ හන්දයි මම ඔයා එක්ක නොයා මෙහෙට ආවෙ, ඔයාත් ලැජ්ජා වෙනවා මාත් එක්ක ගියොත්"

ඇගේ පරාර්තකාමීත්වයත් ආදරයත් මම ඔබට අමුතුවෙන් නොකියමි.
ඒත් එය ඇත්තද?

"මොනාද එයාල කීවෙ?"

රුචිනි, උත්පලා සමග ගැටෙන්නේ විශාන් අයියාටත් අක්කාටත් උදව් කල නිසාය, ඇය ආරක්ශා කරගත් යුතුවේ.

"මෙහෙමයි...................................."

ඈ කතාව ඇරඹුවාය.

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.................................

---------------------------------------------------------------------------------
Monday, February 24, 2014
Posted by Tharuka Gunaratne

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [17 කොටස]



සුලු මොහොතක් ගහ වූ තැන අක්කා චොක්ලට් කේක් පුරවන ලද පීරිසියක් සහ තේ ගෙනාවාය. මා අතටත් උත්පලා අතටත් සියතින්ම කෝප්පය බැගින් දුන් ඈ අතින් ගත් කේක් කෑල්ලක් හපමින් මහත් සතුටින් වාඩි වූවාය. උත්පලා මා දෙසත් කේක් දීසිය දෙසත් බලා පූසකු මෙන් සිටියාය, අනතුරුව එතන තිබූ ලොකුම කේක් පලුව අතින් ගෙන කෑවාය.
දෙවන වරටත් ඇගේ අත දිගු විය,
තෙවන................
සතරවන.............
දෙවියනි!!!!!!!!!!!!!
පස්වන වරටත්....................
තවත් ඇත්තේ එකම එකකි.........
ලැජ්ජා නැතිව එයද අතින් ගත් ඈ, ඈ දෙස ඇස් ලොකු කරගෙන, අතට ගත් තේ එකත් නොබී බලන් උන් අක්කා ඉදිරිපිටදීම එය මා අතට දුන්නාය.
මා ඈ දෙස බැලුවේ එවිටය,
ඇගේ මුහුන දුටු කෙනෙකුට සිනා නොවී සිටිය හැකිද?

දෙතොල් අටේම අඉසින් තැවරිලාය. මම සිනාවීමි. 

"මොකෝ හිනාවෙන්නෙ?"

අක්කා මහ හඩින් සිනහ වූවාය. ඇය පියවි ලෝකයට එන්නට ඇත්තේ දැන්ය. උත්පලා මා දෙසත් අක්කා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය,

"මොකද? අනේ කියන්නකෝ!"

මම තවත් සිනහ වී ඈ මට දිගු කල කේක් කැබැල්ල ගත්තෙමි.

අක්කා උත්පලාව නැගිටවා සිය කන්නාඩිය අසලට ගෙන ගොස් මුහුණ පෙන්වා බඩ අල්ලාගෙන සිනහ වූවාය. 

"අපොයි!!!"

කිවූ උත්පලා වහාම අපේ නාන කාමරයට වැදී දොරවසා ගත්තාය.

"ඔන්න බලහන් මල්ලියේ අද කාලෙ කෙල්ලන්ගෙ හැටි"

"ඒ මොකෝ?"

අතේ තිබූ කේක් කෑල්ල කමින් මම ඇසීමි.

"ඔය කෙල්ල බැදගත්තු මිනිහෙක්ට ඉතින් කේක් කවලම තමා පණ රැක ගන්න වෙන්නෙ"

අක්කා නැවත සිනහ වූවාය.
ඇත්තට! 
මට තුන් වේලටම කේක් කන්නට වේවිද?
විනාශයකි!
ඇත්තටම!

"අක්කෙ?"

"ඇයි?"

"විශාන් අයිය තරහ උනේ ඇත්තටමද?"

"පිස්සුද මල්ලී! ඒ කෑල්ල නම් බොරු"

උත්පලා දොර රෙද්ද මෑත් කරමින් කාමරයට ඇතුලු වූවාය. ඇගේ මුහුණ ලැජ්ජාවෙන් පිරී ඉතිරෙමින් තිබුනි. මා නිසා වනට ඇත.

"දැන් හරිද?"

"හ්ම්ම් හරි හරි"

"මොකෝ ඉතින් ඔහොම බලන්නෙ?"
ඈ හඩන්නට ආසන්නව මෙන් ඇසුවාය.

"අනේ නිකම් නිකම්"
අක්කා ඈ සැනසුවාය.

"ඒක නෙවී මල්ලි, මන් මේ සතියෙ සිකුරාද යනව අර ෆිල්ම් එක බලන්න"

"මොන ෆිල්ම් එකද?" 
මම ඇසීමි. 
ගෙදරට මා ඇරන් එන එව්වා හැරුණු කොට මා වැඩිය ෆිල්ම් හෝල් ගානේ රස්තියාදු වී නොමැත. අක්කාද එසේමය.

"අර අලුතින් ආවෙ, Yaariyan කියල Hindi film එකක්"

මම ඒ ගැන අසා ඇත්තෙමි, ජනවාරි මාසයේ දෙවැනි සතියේ ප්‍රසිද්ද කෙරුණු එය ඇත්තෙන්ම බොලද ආදර කතාවක් නොවේ. එහෙත් එහි ඇත්තේ ආදරයට පෙරළුනු යාලුකම ගැන නොවේද?
(කියවන්නනි ඔබ එය නරඹා නැත්නම් පහල ඇති වීඩියෝවෙන් එහි Trailer එක බලන්න.)

"ශහ් මරුනේ! ඒත් තනියම මොකෝ?"

"කව්ද තනියම යන කතාවක් කිව්වෙ"
අක්ක ඇසක් වසා ඉගි කලාය. 
ඇයට ෆිල්ම් එක බලන්න ඕන නම් මා ලවා එය ගෙන්නන්නවාට සැක නැත. 
ඈ යන්නෙ ලව් කිරීමටය.

"හ්ම්ම් හ්ම්ම් ගිහින් එන්නකො එහෙනම්. ඉතින් ඇයි ඕක අපිට කිව්වෙ"

"ඕන නම් ඔයත් එන්න මල්ලි"

"මම?"

මොකක්? ලෝකයේ අතාත්වික යතාර්තය නම් මේ යැයි මට සැක නැතිව කිව හැකිය. 
ලව් කරන තැනට මල්ලිලාට කතා කරන්නේ මොන අක්කාද?

"ඔව්, කැමති නම් එන්න. විශාන්ටත් මම කිව්ව් ඔයා එක්ක එනව කියල. කමක් නෑ මරු කිව්වෙ"

මම උත්පලා දෙස බැලුවෙමි. ඈ ජනේලයෙන් ඉවත බලා සිටී. ඈට එන්නට අයිතියක් නැත.
තවමත් ඈ පවුලේ අයකු නොවේ!!!
එහෙත්,
මදක් ඉන්න!
ඈ මගේ යැයි මම පැවසුවා නොවේද?

"උත්පලා"

"හ්ම්ම්"

"ඔයා එන්නෙ නැද්ද?"

"මම එන එක හරි නෑ දසිත්.නේද අක්කෙ? අනික මම හින්දි වලට ආසම නෑ"

ඈ කීවේ බොරුවකි. 
ඈ නෝeන්නේ අනාරාදනය නිසාය.

"ඒක නේංනම්....."

අක්කා කීවාය.

"ඔයාව අමතකම උනානේ. ඔයා එන්නම ඕන නංගි"

ඇගේ මුහුනේ සිනා මලක් පිපුණි.
මා දෙස බැලූ ඈ හිස වනා කැමැත්ත පල කලාය. 
අනතුරුව නැවත් කවුලුවෙන් ඉවත බලා ගත්තාය.

ඈ කල්පනා කරන්නේ කුමක්ද?


---------------------------------------------------------------------------------



---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.......................

---------------------------------------------------------------------------------

Monday, February 17, 2014
Posted by Tharuka Gunaratne

Adbla ගැන සම්පූර්ණ විස්තරේ. 2

ඔයා මේ ලිපියේ පළමු ලිපිය කියවල නැත්කම් ඒක කියවන්න මෙතනින් යන්න.


ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ.. 

ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? 


ලියාපදිංචිය

  • පළමුවෙන්ම Join Now button එක මඟින් Register වන්න.
  • දැන් ඔබගේ තොරතුරු සම්පූර්ණ කොට 'Publisher' යන්න තෝරා submit කරන්න.
  • ඔබ විසින් ඇතුලත් කල Email ලිපිනයට තහවුරු කිරීමේ පණිවිඩයක් ලැබී ඇති.. එහි ලින්ක් එක මත ක්ලික් කොට ලියාපදිංචිය තහවුරු කරන්න.
  • දැන් ඔබේ email , password භාවිතා කර Adbla.us වෙබ් අඩවියට Log වන්න.
  • පළමුවර ඇතුළු වීමේදී ඔබගේ ගිණුමේ තොරතුරු ඉල්ලා සිටිනු ඇත. කරුණාකර එයට සත්‍ය තොරතුරු පමණක් ලබා දෙන්න..

URL Shrinking මගින් මුදල් ඉපයිම


image
This image has been resized to fit in the page. Click to enlarge.

  • ඔබේ ගිණුමට Log වී ඇති shrinking textbox එකට ඔබගේ යායුතු URL එක ඇතුළත් කර 'shrink' button එක මත ක්ලික් කරන්න.
  • කෙටි කරන ලද නව ලින්ක් එකක් ඔබට ලැබෙනු ඇත.
  • 'More Option' යන්න මඟින් පෙන්විය යුතු දැන්වීම් වර්ගය සහ කැමති Page Title එකක් යෙදවිය හැකිය..

දැන්වීම් ආකාර උදාහරණ

යා යුතු : www.sanhida.com
  1. Interstitial ආකාරයේ දැන්වීමක් :  http://adbla.us/KJg 
  2. Banner Ad ආකාරයේ දැන්වීමක් :  http://adbla.us/5SO 
  3. දැන්වීම් නොමැති අවස්ථාව :  http://adbla.us/Dpz (මේ සඳහා ගෙවීම් කරනු නොලැබේ)

Tools භාවිතය සඳහා උපදෙස්


  • Mass URL Shrinker
මෙමඟින් ඔබට එකවරම URL 2 සිට 20 දක්වා ප්‍රමාණයක් Shrink කරගත හැකිය.

  • API Key
ඔබ යම් application නිපදවන්නෙක් නම් එහි URL shrink කිරීමට අදාලව මෙම API key භාවිතා කළ හැකිය.

  • Easy Link
මෙහිදී ඔබට Shrink කිරීමකින් තොරවම URL share කිරීමෙන් මුදල් ඉපයිය හැකිය.

http://adbla.us/YOUR_ID/www.google.com

http://adbla.us/YOUR_ID/banner/www.google.com

  • Google Analytics
ඔබට අපගේ Visits ගණනය පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් ඔබගේ Google Analytics ගිණුම මේ සඳහා සම්බන්ධ කිරීමෙන් වඩා නිරවද්‍ය හා විශ්වාසවන්ත බවක් ලබාගත හැකිය.

  • Full Page Script
ඔබ Web/Blog අඩවියක හිමිකරුවෙක් නම් ස්වයංක්‍රීයවම ඔබගේ වෙබ් අඩවියේ සියළුම Links , Adbla Links බවට හැරවීම මෙම full page scripts මගින් සිදු කරයි.
මෙම Script ඔබගේ web/blog අඩවියේ <head> සහ </head> tags අතර ඕනෑම ස්ථානයකට copy-paste කිරීම පමණක් සෑහේ..

  • Export
මෙහිදී ඔබ කැමති කාල පරාසයක ඔබගේ ගිණුම් විස්තර MS Excel document එකක් ආකාරයෙන් ලබාගත හැකිය.

මුදල් ලබා ගැනීම


ගෙවීම් ලබාගැනීම සඳහා ඔබගේ ගිණුමේ අවම ශේෂය රු: 100/- විය යුතුය.
withdraw පිටුවෙන් ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය.

Ez Cash, M Cash මඟින් ඉල්ලීම් කළ වේලාවේ සිට පැය 48 ක් තුල මුදල් ලබා ගත හැකිය.






Tuesday, February 11, 2014
Posted by Dinuka Wijesinghe
Tag :

Add clcik කරන්න ඕනිත් නෑ. වැඩ කරන්න ඕනිත් නෑ. ඒත් සල්ලි ගෙවනවා. හෑ...... කොහොමද ඒ?.............................

යාළුවනේ ඕන්න අදත් පෝස්ට් කට්ටක් හොයාගෙන ආවයි කියමුකෝ.. ඒත් උබල දැන් කල්පනා කොරනව ඇති මේ උඩ කියල තියෙන විදිහට සල්ලි ගෙවන්නේ මොකාද කියල.

ඒක වෙන්නේ මෙහෙමයි. උබල මේ සයිට් එකේ මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි. රෙජිස්ටර් උනයි කියමුකෝ.


ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ  සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ.. 

ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ???


උඹලට කොච්චර ගානක් හොයන්න පුළුවන්ද? ඒ වගේම උබලට බ්ලොග් එකක් තියෙනවනම් full page skript එකක් දැම්මොත් බ්ලොග් එකට මේ සයිට් එකෙන් උඹ නිකන් ගෙදර ඉන්නකොට ගිණුමේ සල්ලි පිරිල තියෙයි.  Ez cash m cash දෙකෙන්ම සල්ලි ගෙවනවා. 

                                                මේ උඩ එකට කොටල රෙජිස්ටර් වෙයල්ල.
ඔයාට මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඕනි නම් මෙතනින් යන්න.


ජේම්ස් බොන්ඩ් වර්ගයේ ආරක්ෂක පද්ධතියක් ඔබේ පරිගණකයටත්.


Posted by Dinuka Wijesinghe
Tag :

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [16 කොටස]



මම කෝප වීමි. ඇත්තෙන්ම කිසිවකු මට මෙසේ සිනා වී නැත. අඩුතරමේ යහලුවකුවත්.

"ඇයි මේ...........?"

මගේ ස්වරය ඉතාමත් දරුණු වන්නට ඇත. අක්කාත් උත්පලාත් වහා සිය සිනහව නැවැත්වූයේ ඒ නිසා වන්නට ඇත. අක්කා බියෙන් මෙන් මා දෙස බැලූ අතර උත්පලා මා අසලට ආවාය.

"දසිත් වාඩි වෙන්නකෝ"
ඈ මා හට අක්කා අසල තිබූ පුටුවක් පෙන්වා කීවාය.
අණක් මෙන් නොහැගුනත් ඈ කියනට යන්නේ කුමක් හෝ වැදගත් කාරණයක් බව හැගුනෙන් මම එහි අසුන්ගතිමි.

"නංගී එහෙනම් ඔයාම කියන්නකො විස්තරේ......"|
අක්කා කීවාය.

"හ්ම්ම්ම්ම්ම්ම්"
කිවූ උත්පලා අක්කාගේ මේසයට හේත්තු වි කතාව ඇරබුවාය.

"දසිත් ට පුංචි විහිලුවක් කරන්නයි අපි හැදුවෙ. අක්ක ගැන.........
අක්කට ඕන උනා එයා කොල්ලෙක් එක්ක යාලු උනාම මල්ලිගෙ ප්‍රතිචාරෙ බලන්න, අක්කට ඕක තනියම කරන්න බෑ නේ. ඉතින් මගෙන් අක්ක උදව් ඉල්ලුවා"

ඈ මා දෙස බැලුවාය.
මම බිම බලාගතිමි.
කැතය!
උත්පලා පාවිච්චි කර අක්කා මට කලේ කුමක්ද?
අක්කාගේ ක්‍රියාකලාපය නිසා පිස්සු වැටුනේ කව්ද?
මා ඈට මෙතරම් ළං වූයේ ඒ නිසාය.....

"ඉතින් මම ඔයාට අක්ක ගැන හොයල දෙන්න බය නැතුව කැමති උනේ ඒකයි........... ඒත් ......................"

"ඇයි ඒත්....................?
මාව මෙච්චර රවට්ටලත්............"

මම පැවසීමි.
අපේ පැරැන්නන් කෙල්ලන්ව විශ්වාස කාන්නට එපා යැයි රන් අකුරින් පුස්කොල පොත්වල ලියා තැබූයේ ඔවුන්ගේ අහවල් ස්තානයේ අමාරුවට නොවේ.ඔවුන් බොහෝ උගත්ය!
සැබැවින්ම මම දුක් වීමි.

උත්පලාට මගේ දුක්බර මුහුණ පෙනෙන්නට ඇත.
ඈ මා අසලට විත් මගේ උරහිසට අතක් තැබූයේ ඒ නිසාය.
අත ගසා දැමීමට සිතුනත් මා මෙතරම් කැමැත්තක් දැක්වූ ඇයට එසේ කරන්නට මට සිත් නොවිණි.
කියවන ඔබ මට "මී හරකා", "කැදයා", "උඹ මෝඩයි කොල්ලෝ" යැයි පවසනු ඇත. එහෙත් මා ඇත්තටම ඇයට බොහෝ සෙයින් ඇලුම් කරමි.
තවමත්!
ඔව්!

"එතකොට මේ ඔක්කොම බොරු? විශාන් අයිය ගැන කියපු හැම දේම බොරු"

"ඔව් දසිත්.... ඒත්................"

උත්පලා කතාව නවත්වා අක්කා දෙස බැලුවාය.
අක්කා ලැජ්ජාශීලීව සිටියාය.
තවත් මොකක් හෝ එකක්ද?

"ඔයාව රවට්ටන්න ගිහින් අන්තිමේ අක්කම රැවටුනා දසිත්"

උත්පලා දිගු සුසුමක් හෙළා කීවාය.

"ඒ කිව්වෙ?"

මම බිය වීමි.
සහෝදරියක සිටිනවානම් ඔබට මේ බිය සාමාන්යයෙන් දැනෙනු ඇත.

"නෑ නෑ! අවුලක් නෙවී."
උත්පලා මා සැනසුවාය.

"ඔයාව රවට්ටන්න ගියාට අක්ක අන්තිමේ විශාන් අයිය එක්ක තමයි යාලු උනේ"

"මල්ලී......"

අක්කා සමාව අයදින හඩකින් කීවාය.

"අනේ මල්ලි මට සමාවෙන්න. මම මෙහෙම දෙයක් වේවි කියල හිතුවෙ නෑ. ඒත් දැන්..............."

ඈ කතාව නවතා මා දෙස බැලුවාය, මා ඈ දෙස ඕනෑකමින් බලනු දැක නැවත කතාව ඇරඹුවාය.

"මට එයාට අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ මල්ලී. එයා ගොඩාක් හොද කෙනෙක්. කවදාවත් මට එයාව අවිශ්වාස කරන්න වෙන එකක් නෑ. ඔයා ඒ ගැන දන්නව ඇතිනෙ"


"ඔව් දසිත්....... ඔයා අක්කටයි විශාන් අයියටයි කැමති උනානෙ....... දැන් ඇත්තටම උනත් ඒක කියන්න ඔයාට බැරි නෑ නේද?"

උත්පලා කීවාය.
මම මදක් කල්පනා කෙලෙමි.

"අක්කේ............ මගෙ අකමැත්තක් නෑ. ඒත් මම විශාන් අයියව තියා මගෙත් එක්ක ළග ආශ්‍රයක් නැති කිසි කෙනෙක්ව විශ්වාස කරන් නෑ. කමක් නෑ....  ඔයා කැමති එයාට නම්, ඔයා කැමති තීරණයක් ගන්න. ඒත් මතක තියා ගන්න ඔයා මගෙ අක්කා..... මොනවා හරි ප්‍රශ්නයක් ඇති උනොත් මගෙන් උදව් ඉල්ලන්නම ඕන....... මට ඔයාව බලාගන්න බැරිකමක් නෑ"

අක්කා පුදුමයෙන් මෙන් මා දෙස බැලුවාය. මෙතරම් රැවටීමක් කල නිසා මා මෙයට කැමති වේ යැයි ඈ නොසිතන්නට ඇත.

"ඇයි බලන්නෙ? මම ඇත්තමයි කිව්වෙ ඔයා මොනවා කලත් මන් ඔයාගෙ පැත්තේ"

මා ඈ අසලට ගත් අක්කා මගේ හිස අතගා නළලට හාදුවක් දුන්නාය. කෙදිනකවත් නොමැති සේ ඇගේ දෑසේ කදුලු පිරී තිබුණි. ඈ දුක් වන්නට ඇත.

"මලි.... මල්ලි.. මං............"
කුමක්දෝ කියන්නට උත්සාහ කලද ඇගේ මුවින් හඩක් පිට නොවිණි. ඒ වෙනුවට ඈ ඉකිබින්දාය.
උත්පලාගේත් අතින් අල්ලා ඈට ස්තූති කලාය.

"තෑන්ක් යූ නංගී..... කරපු හැම දේටම, මට ඔයා මගේම නංගියෙක් වගේ"

මම උත්පලා දෙස බැලීමි.
අක්කා හුන් තැනින් නැගිට, දෑතින් කදුලු පිසදා අමුතුම සතුටකින් මෙසේ කිව්වාය.

"ඉන්න මම තේටිකක් වත් හදන්නම්, ආ හවස ගෙනාපු චොක්ලට් කේක් වගේකුත් ඇති"

උත්පලා මා දෙස බැලුවාය. ඇය කොහොමටත් චොක්ලට් කේක් කන්නට මා මෙන්ම පෙරේතියක වූවාය. මම මේ ගැන ඔබට කියා නැතිද දයාබර කියවන්නනි?
නැත!

අක්කා පිටව ගිය පසු උත්පලා මා අසලින් වාඩි වූවාය.

"දසිත්"

"ම්ම්ම්ම්ම්ම්"

"තරහද?"

"ඇයි ඒ?"

"මම අක්කට හෙල්ප් කලාට"

"නෑ, කවදාවත් නෑ"

ඈ සමග තරහ වන්නේ කෙසේද?
මගේ අයිතිකාරිය ඇයයි.

"මේ........"

"ඔව්?"

"දන්නවද?"

"මොකක්ද?"

"අක්කගෙ ඔය රැවටීම අස්සෙ තවත් නොහිතපු දේවල් තුනක් උනා"

"ඈ! මොනාද ඒ?"

"එක - විශාන් අයියට කැමැත්තෙන් ඉදපු අපේ වයසෙ රුච්නි, එයා මා එක්ක පුදුමාකාර විදියට තරහ උනා."

"අර එහා ක්ලාස් එකේ සුදුම සුදු කෙල්ල?"

මම පුදුම වීමි.
රුචිනි යනු පාසලේ උන් රූපසුන්දරියක් වූවාය.
(මම ඔබට ඒ ගැන පසුව පවසන්නමී)

"ඔව්"

"එතකොට දෙක?"

"දෙවනි එක - .............."

ඈ මදක් ලැජ්ජාවෙන් ඇඹරුනාය.

"කවදාවත් නොහිතපු විදියට ඔයා කිව්ව "මම ඔයාගෙ" කියලා"

මම සිනහ වීමි.
ලොවම දිනා ගත්තාක් මෙන් දැනුණු ඒ මොහොත් මගේ ජීවිතයේ ඉතිරි කාලයටම සදා නොමැකෙනම් අතක සටහනක් ඉතිරි කරනවා නොඅනුමානය.

"ඒක ඉතින් ඇත්තනේ"

"ඇත්තම්ද දසිත්? ප්‍රොමිස් වෙන්න කවදාවත් ඒක වෙනස් වෙන්නෙ නෑ කියල"

ඈ කීවේ විහිලුවට නොව ඇත්ත්ටට්ම බව පෙනුනි.

"ඔව් ඇත්තම්යි!"

ඇගේ අතින් අල්ලා ගනිමින් මම දිවුරුවෙමි. මට එය වෙනස් කරන්නට කිසිදිනක අවශ්ය නොවේවා!
ඔබත් එසේ පතන්න. මම හැම දිනම එසේ පතමි.

"තුන?"

"තුන - මට කවදාවත් නැති විදියෙ පිස්සු ටෙඩියෙක් හම්බුනා."

ඈ මා දෙසට හැරී කීවාය.

"අන්න ඌ මගෙ පොත් මේසෙ උඩ ඉදන් ඉන්නව. ඌ හන්ද මට කවදාවත් ඔයාව අමතක වෙන එකක් නම් නෑ"

"අක්ක මේ තුනම දන්නවද?"

"ම්ම්ම්ම්ම්ම්ම්ම්"
දගකාර ලෙසට මොහොතක් කල්පනා කල ඈ අන්තිමේ මෙසේ කීවාය,

"නෑ.... අක්ක පලවෙනි එක දන්නව. එච්චරයි"

"හෑ!!!!!!!!!!"

මම සිනාසීමි, ඈ මා සමග සිනහ වූවාය.
ඔව්!
සත්තකින්ම ඈ ආදරයේ දෙවගන වූවාය!


---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට..................

---------------------------------------------------------------------------------
Monday, February 10, 2014
Posted by Tharuka Gunaratne

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [15 කොටස]









ඔබ සිතන්නේ කුමක්ද?
බොහෝ දෙනා පවසන පරිදි උත්පලා සහ මම කපල් එකක් වීමට ඉඩ තිබේද?
නැත මා දයාබර පාඨකය..... තවමත් එය කීමට ඉක්මන් වැඩි නැද්ද?

මා හමුවන හැම මොහොතකම යම් අරුම පුදුම සතකු දුටු විටක මෙන් ඇගේ දෑස් දීප්තියෙන් බබළනු දැකීම මා කවදත් ආසා කල දෙයකි. දිනෙන් දිනම පෙරටත් වඩා ඇගේ දෑස් ආලෝකමත් වනු දැකීම මට අමුත්තක් උවද එහි ගැබ් වී තිබූ මහා ලොකු රහස තවමත් ඈ මට කියා නැත.
එම නිසා ඇගේ අරමුණු මා ඇස් ඉදිරිපිටම පෙනි පෙනී තිබියදීත් මම තවත් අවස්තාවක් එන තෙක් කල් මරමි.

මේ හැම දෙයක්ම අස්සේ අක්කාගේ ක්‍රියාකලාපයන් වල පැහැදිලි වෙනසක් දැක ගන්නට ලැබුනේ මට පමණි.
ඒ ඇගේ ආදර කතාව මා දැන උන් නිසාදැයි මමම නොදනිත්ටත් එක කුස උපන් සහෝදරිය ලෙස ඇගේ දුකකදී ඈ තනිකිරීම මම පිටුදැකිමි.
දැන් ඈ බොහෝ සෙයින් නිශ්ශබ්දය,
කතාබහ අඩුවෙනි
ප්‍රශ්න ව්ලට කෙටි උත්තර දී නිහඩ වෙයි.
වෙනදා මෙන් මා සමග විහිලු නොකරයි
වෙනදා මෙන් මා සමග රණ්ඩු නොකරයි........
ඇයි ඒ?????


එදින පාසල් නිවාඩු දිනයකි. රජයේ නිවාඩු දිනයක් උවද වෙළද නිවාඩුවක් නොවූ නිසා අම්මාටත් තාත්තාටත් සුපුරුදු ලෙස රාජකාරි සදහා පිටත්ව යාමට සිදු විය. උදෑසන දහයට පමණ කිසිවකු අප නිවසේ දොරට ගසනු ඇසී මම දොර විවර කිරීම සදහා ගියෙමි. අක්කා සිය කාමරයට වී බලාගත් අත බලාගෙන සිටියාය.
ඔව්! ඒ ඇවිත් සිටියේ උත්පලාය. ඈට ගෙතුලට එන්නට ආරාදනා කොට මම දොරටුවෙන් මෑත් වීමි.

"එන්න ඇතුලට"

"බෑ බෑ! අක්කා ඉන්නව නේද?"

"ඔව් ඉතින්, අක්ක හිටියට මොකෝ"

"මැට්ටෝ අක්ක විශාන් අයිය එක්ක තරහ වෙලා"

"හෑ........!!!!!!!!"

මම විස්මයට පත් වීමි. අක්කාගේ අමුතු හැසිරීමට මා සතුව දැන් හේතු සහිත පිළිතුරු ඇත.

"ඉතින්.........."

"එන්නකො එලියට"

මම නිවසින් පිට වීමි. උත්පලා මා නැවතූවේ නිවසට මදක් ඈතිනි.

"මොකක් වෙලාද ඒ දෙන්න තරහ උනේ?"

"විශාන් අයිය දැකල අක්ක අර මාලකත් එක්ක කතා කරනව"

"මේ අපේ වයසෙ මාලක?"

"ඔව් ඔව් එයා තමයි, එයත් ටිකක් අක්කට වඩා උස මහතයි නේ. ඉතින් විශාන් අයිය හිතන් උන්නෙ අක්ක වෙන එකෙක් එක්ක යාලු වෙලා කියල"

"මහ මෝඩ කතාවක් නේ.... මාලක අක්කට වඩා කොච්චර බාලද"

"ඒක විශාන් අයිය දන්නෙ නෑ නේ දසිත්. එයාට බැනල වැඩක් නෑ"

"ඉතින් අපි මොකක්ද කරන්නෙ?"
මම විමසුවේ මද කෝමයකිනි. අක්කාට මෙසේ කිරීමට විශාන්ට ආයිතියක් නැත. සැබැවින්ම මම කෝප වීමි.

"අපි????"

"ඇයි ඔයාට හෙල්ප් කරන්න බැයිද?"

"බැරි නෑ.... ඒත්....."

"මොකෝ ඒත????"

"අක්ක ඔයාගෙ, මගේ නෙවීනේ. ඉතින් එයා ඇහුවොත් මම කෝමද මේකට අදාල වෙන්නෙ කියල?"

ඈ බිම බලාගෙනම කීවාය.
මට ඈ කී දේ අගක් මුලක් නොතේරුනි. එහෙත් මගේ ඉවසීමේ සීමාඅව අක්කා නිසා ඉක්මවා යමින් තිබූ බව මටම නොවැටහිණි.

"ඔයා මගේ...... අක්කත් මගේ..... එනව යන්න අක්ක හම්බ වෙලා අහන්න සිද්දිය"

කිව් දේ කුමක්දැයි වටහා ගන්නටත් පෙර මම උත්පලා ඇදගෙන අක්කා සොයා යන්නට වීමි.

"දසිත්......... දසිත්............... හෝව් හෝව්!!!!!!!"

ඈ සිණා සුනාය. හඩනගා සිනා වූවාය. 
මගේ කෝපය තුරන් වනු දැනුණි. ඒ මැඩගෙන පොලොව පලාගෙන යන්නට තරම් ලැජ්ජාවක් මා සිත තුල ඉපදුනි.

ඈ තවමත් මා දෙස බලමින් සිනාසෙයි. 

"මොකක්ද ඒ කිව්වෙ.........කෝ ආයි කියන්න බලන්න" 
ඈ සිනහව අතරින් ඇසුවාය. 
මම ගොලු වීමි.

"සොරි....... මම වැරදි දෙයක් කිව්වනම්. මට ටිකක් කේන්ති ගියා."

ඈ සිනාවී මා අසලටම ආවාය. 

"හ්ම්ම් කමක් නෑ ඉතින්. යන්න ආපු ගමන් යමුකෝ දැන් ඔයාගෙ අක්ක මගෙත් අක්කනේ"

මා කිසිම දිනක දැක නොමැති දගකාර ස්වරූපයක් ගනිමින් කිවූ ඈ මගේ අතේ එල්ලී ගමනට සූදානම් වූවාය.

ඔබ සමහර විට මේ අත්දැකීම විද තිබෙන්නට ඇත. ශරීරයේ ලේ ගමනාගමනය මොහොතකට නැවතී තිබී නැවත එය ක්‍රියාත්මක වීමේදී ඇතිවන හැගීම..........................
අපොයි!!!!!!!!
මට ඇවිදගන්නත් නොහැකි වනු දැනුනි............

අක්කාගේ කාමරය අසලදී මගෙන් මිදුනු උත්පලා අක්කාට සිතාගන්නටත් ඉඩක් නොදී දොර රෙද්ද මෑත් කොට කාමරයට පිවිසුනාය. 

අක්කා පුදුමයෙන් මෙන් මා දෙස බලා හිදියි.

"අක්කේ..........."

"මොකෝ මල්ලි මේ? උත්පලා... මොකෝ මේ එකපාරම?"

"මේ අපිට කොලේ වහන්න එපා"

උත්පලා මද සිනාවක් පෑවාය.

"ඔව්! අඩුමගානෙ මටවත් කලින්ම ඔය ගැන කියල තිබුනනම් මොකද!"

"මොකක් ගැන ද ඔය දෙන්න මේ කියවන්නේ????!!!!"

"විශාන් ගැන"

උත්පලාත් මමත් එකවිටම කීවෙමු.
අක්කා තුශ්නිම්භූත වූවාය. ඇගේ මුහුන සුදුමැලි වනු මම දැක්කෙමි.

"එයා.............මේආ......අ..............."

"එයා තරහ වෙලා නෙහ්?"
මම ඇසීමි.
අක්කා මා දෙස බැලුවේ ගරුකටයුතු මුහුනක් මවාගෙනය.

"ඔව්!"

ඈ දිගු සුසුමක් හෙලුවාය.

"ඔයාල දැනගත්තෙ කෝමද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් ඒක ඇත්ත. එයා මා එක්ක තරහ වෙලා. වෙන කොල්ලෙක් අක්ක යාලුයි කියල මට හොදටම බැන්නා"

"ඉතින් අක්කේ එයාට කියන්න එපැයි මාලක කියන්නෙ මල්ලි කෙනෙක්ය කියලා"
උත්පලා එක්වරම පැවසුවාය.

අක්කා ඈ දෙස බැලුවේ සැකයෙනි.

"මම කියන්න හැදුවත් එයා කියන්න දුන්නෙ නෑ නංගී. ඉතින් මොනව කාරන්නද. මම කරබාගෙන ගෙදර ආව..... ඔයාල කෝමද ඒක දන්නෙ?"

"මේආඅ.......අපීඉ...................."
මම ගොත ගැසීමි.

"අපි ඔයාල ගැන පොඩ්ඩක් හොයල බැලුවා. ඔයා ඉතින් මගෙත් අක්කනේ."

උත්පලා කී විට අක්කා ඈ දෙස බලා ඇස් ලොකු කර ගත්තාය.

"මම පොඩක් ඔයාල ගැන වැඩිපුර හෙව්වා. දසිත් තමයි මට ඕඩර් එක දුන්නෙ ඔයා ගැන හොයන්න කියල. මතකද ඔයාල දෙන්න අර ලවර්ස් එකට ගිය දවස? ම්ම්ම්ම්ම්ම් ආ.... අන්න අර වොච් එක ගත්තු ශොප් එක........"

අක්කා එය එසේ යැයි කියන්නට මෙන් පුදුමයෙන් හිස වැනුවය. මම කටත් ඇරගෙනම උත්පලා දෙස බලා හිදිමි. ඈ මේ දිගහරින්නේ පැදුරක් නොව මාගලකි.

"එදා අපිත් ඒක අස්සෙයි ඉදියේ..................."
අක්කා මා දෙස ක්ශනිකව බැලුවාය.

"අපෝ අපි ඔයාල එනව දැකලයි ඒක අස්සර ගියේ. කරුමෙට ඔයාලත් ඒකටම ආවන"

උත්පලා කිවූ වොට අක්කාගේ බැල්ම ලිහිල් වූ අතර සිනා පොදක් මුහුනේ ඇදුණි.

"ඉතින් එදා දසිත් ගානෙ මම අක්ක ගැන හොයා දීල කරපු සේවාවට, ලස්සන ටෙඩියෙක් මට තෑගි වශයෙන් ලැබුන"

උත්පලා කියවාගෙන ගියාය. මම ඔලුවේ අත ගසා ගතිමි. 
එක්වරම සිය දුක අමතක කොට සිනහ වූ අක්කා උත්පලා සමග පහක් දමා මා දෙසට හැරී සිනාසෙන්නට වූවාය.

මම උඩ බිම බැලීමි........
කෙල්ලන් දෙදෙනෙකුගේ අසාදාරණ මහා කූට ප්‍රයෝගයක මම අහිංසක ගොදුරක් වූවාද?
අවිනිශ්චිත බල අරගලයට මැදිවූ මම............
සමාවන්න!!!! මම කුණුහරුප කියවන්නේද?
ඒ හැගීම ගැන මට තවත් කතාවක් ලිවිය හැක. ඇත්තමය!

ඔවුන් දෙදෙනා මට සිනාසෙන්නේ ඇයි?

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.....................

---------------------------------------------------------------------------------
Wednesday, February 5, 2014
Posted by Tharuka Gunaratne

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -