Posted by : Tharuka Gunaratne Monday, February 10, 2014



මම කෝප වීමි. ඇත්තෙන්ම කිසිවකු මට මෙසේ සිනා වී නැත. අඩුතරමේ යහලුවකුවත්.

"ඇයි මේ...........?"

මගේ ස්වරය ඉතාමත් දරුණු වන්නට ඇත. අක්කාත් උත්පලාත් වහා සිය සිනහව නැවැත්වූයේ ඒ නිසා වන්නට ඇත. අක්කා බියෙන් මෙන් මා දෙස බැලූ අතර උත්පලා මා අසලට ආවාය.

"දසිත් වාඩි වෙන්නකෝ"
ඈ මා හට අක්කා අසල තිබූ පුටුවක් පෙන්වා කීවාය.
අණක් මෙන් නොහැගුනත් ඈ කියනට යන්නේ කුමක් හෝ වැදගත් කාරණයක් බව හැගුනෙන් මම එහි අසුන්ගතිමි.

"නංගී එහෙනම් ඔයාම කියන්නකො විස්තරේ......"|
අක්කා කීවාය.

"හ්ම්ම්ම්ම්ම්ම්"
කිවූ උත්පලා අක්කාගේ මේසයට හේත්තු වි කතාව ඇරබුවාය.

"දසිත් ට පුංචි විහිලුවක් කරන්නයි අපි හැදුවෙ. අක්ක ගැන.........
අක්කට ඕන උනා එයා කොල්ලෙක් එක්ක යාලු උනාම මල්ලිගෙ ප්‍රතිචාරෙ බලන්න, අක්කට ඕක තනියම කරන්න බෑ නේ. ඉතින් මගෙන් අක්ක උදව් ඉල්ලුවා"

ඈ මා දෙස බැලුවාය.
මම බිම බලාගතිමි.
කැතය!
උත්පලා පාවිච්චි කර අක්කා මට කලේ කුමක්ද?
අක්කාගේ ක්‍රියාකලාපය නිසා පිස්සු වැටුනේ කව්ද?
මා ඈට මෙතරම් ළං වූයේ ඒ නිසාය.....

"ඉතින් මම ඔයාට අක්ක ගැන හොයල දෙන්න බය නැතුව කැමති උනේ ඒකයි........... ඒත් ......................"

"ඇයි ඒත්....................?
මාව මෙච්චර රවට්ටලත්............"

මම පැවසීමි.
අපේ පැරැන්නන් කෙල්ලන්ව විශ්වාස කාන්නට එපා යැයි රන් අකුරින් පුස්කොල පොත්වල ලියා තැබූයේ ඔවුන්ගේ අහවල් ස්තානයේ අමාරුවට නොවේ.ඔවුන් බොහෝ උගත්ය!
සැබැවින්ම මම දුක් වීමි.

උත්පලාට මගේ දුක්බර මුහුණ පෙනෙන්නට ඇත.
ඈ මා අසලට විත් මගේ උරහිසට අතක් තැබූයේ ඒ නිසාය.
අත ගසා දැමීමට සිතුනත් මා මෙතරම් කැමැත්තක් දැක්වූ ඇයට එසේ කරන්නට මට සිත් නොවිණි.
කියවන ඔබ මට "මී හරකා", "කැදයා", "උඹ මෝඩයි කොල්ලෝ" යැයි පවසනු ඇත. එහෙත් මා ඇත්තටම ඇයට බොහෝ සෙයින් ඇලුම් කරමි.
තවමත්!
ඔව්!

"එතකොට මේ ඔක්කොම බොරු? විශාන් අයිය ගැන කියපු හැම දේම බොරු"

"ඔව් දසිත්.... ඒත්................"

උත්පලා කතාව නවත්වා අක්කා දෙස බැලුවාය.
අක්කා ලැජ්ජාශීලීව සිටියාය.
තවත් මොකක් හෝ එකක්ද?

"ඔයාව රවට්ටන්න ගිහින් අන්තිමේ අක්කම රැවටුනා දසිත්"

උත්පලා දිගු සුසුමක් හෙළා කීවාය.

"ඒ කිව්වෙ?"

මම බිය වීමි.
සහෝදරියක සිටිනවානම් ඔබට මේ බිය සාමාන්යයෙන් දැනෙනු ඇත.

"නෑ නෑ! අවුලක් නෙවී."
උත්පලා මා සැනසුවාය.

"ඔයාව රවට්ටන්න ගියාට අක්ක අන්තිමේ විශාන් අයිය එක්ක තමයි යාලු උනේ"

"මල්ලී......"

අක්කා සමාව අයදින හඩකින් කීවාය.

"අනේ මල්ලි මට සමාවෙන්න. මම මෙහෙම දෙයක් වේවි කියල හිතුවෙ නෑ. ඒත් දැන්..............."

ඈ කතාව නවතා මා දෙස බැලුවාය, මා ඈ දෙස ඕනෑකමින් බලනු දැක නැවත කතාව ඇරඹුවාය.

"මට එයාට අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ මල්ලී. එයා ගොඩාක් හොද කෙනෙක්. කවදාවත් මට එයාව අවිශ්වාස කරන්න වෙන එකක් නෑ. ඔයා ඒ ගැන දන්නව ඇතිනෙ"


"ඔව් දසිත්....... ඔයා අක්කටයි විශාන් අයියටයි කැමති උනානෙ....... දැන් ඇත්තටම උනත් ඒක කියන්න ඔයාට බැරි නෑ නේද?"

උත්පලා කීවාය.
මම මදක් කල්පනා කෙලෙමි.

"අක්කේ............ මගෙ අකමැත්තක් නෑ. ඒත් මම විශාන් අයියව තියා මගෙත් එක්ක ළග ආශ්‍රයක් නැති කිසි කෙනෙක්ව විශ්වාස කරන් නෑ. කමක් නෑ....  ඔයා කැමති එයාට නම්, ඔයා කැමති තීරණයක් ගන්න. ඒත් මතක තියා ගන්න ඔයා මගෙ අක්කා..... මොනවා හරි ප්‍රශ්නයක් ඇති උනොත් මගෙන් උදව් ඉල්ලන්නම ඕන....... මට ඔයාව බලාගන්න බැරිකමක් නෑ"

අක්කා පුදුමයෙන් මෙන් මා දෙස බැලුවාය. මෙතරම් රැවටීමක් කල නිසා මා මෙයට කැමති වේ යැයි ඈ නොසිතන්නට ඇත.

"ඇයි බලන්නෙ? මම ඇත්තමයි කිව්වෙ ඔයා මොනවා කලත් මන් ඔයාගෙ පැත්තේ"

මා ඈ අසලට ගත් අක්කා මගේ හිස අතගා නළලට හාදුවක් දුන්නාය. කෙදිනකවත් නොමැති සේ ඇගේ දෑසේ කදුලු පිරී තිබුණි. ඈ දුක් වන්නට ඇත.

"මලි.... මල්ලි.. මං............"
කුමක්දෝ කියන්නට උත්සාහ කලද ඇගේ මුවින් හඩක් පිට නොවිණි. ඒ වෙනුවට ඈ ඉකිබින්දාය.
උත්පලාගේත් අතින් අල්ලා ඈට ස්තූති කලාය.

"තෑන්ක් යූ නංගී..... කරපු හැම දේටම, මට ඔයා මගේම නංගියෙක් වගේ"

මම උත්පලා දෙස බැලීමි.
අක්කා හුන් තැනින් නැගිට, දෑතින් කදුලු පිසදා අමුතුම සතුටකින් මෙසේ කිව්වාය.

"ඉන්න මම තේටිකක් වත් හදන්නම්, ආ හවස ගෙනාපු චොක්ලට් කේක් වගේකුත් ඇති"

උත්පලා මා දෙස බැලුවාය. ඇය කොහොමටත් චොක්ලට් කේක් කන්නට මා මෙන්ම පෙරේතියක වූවාය. මම මේ ගැන ඔබට කියා නැතිද දයාබර කියවන්නනි?
නැත!

අක්කා පිටව ගිය පසු උත්පලා මා අසලින් වාඩි වූවාය.

"දසිත්"

"ම්ම්ම්ම්ම්ම්"

"තරහද?"

"ඇයි ඒ?"

"මම අක්කට හෙල්ප් කලාට"

"නෑ, කවදාවත් නෑ"

ඈ සමග තරහ වන්නේ කෙසේද?
මගේ අයිතිකාරිය ඇයයි.

"මේ........"

"ඔව්?"

"දන්නවද?"

"මොකක්ද?"

"අක්කගෙ ඔය රැවටීම අස්සෙ තවත් නොහිතපු දේවල් තුනක් උනා"

"ඈ! මොනාද ඒ?"

"එක - විශාන් අයියට කැමැත්තෙන් ඉදපු අපේ වයසෙ රුච්නි, එයා මා එක්ක පුදුමාකාර විදියට තරහ උනා."

"අර එහා ක්ලාස් එකේ සුදුම සුදු කෙල්ල?"

මම පුදුම වීමි.
රුචිනි යනු පාසලේ උන් රූපසුන්දරියක් වූවාය.
(මම ඔබට ඒ ගැන පසුව පවසන්නමී)

"ඔව්"

"එතකොට දෙක?"

"දෙවනි එක - .............."

ඈ මදක් ලැජ්ජාවෙන් ඇඹරුනාය.

"කවදාවත් නොහිතපු විදියට ඔයා කිව්ව "මම ඔයාගෙ" කියලා"

මම සිනහ වීමි.
ලොවම දිනා ගත්තාක් මෙන් දැනුණු ඒ මොහොත් මගේ ජීවිතයේ ඉතිරි කාලයටම සදා නොමැකෙනම් අතක සටහනක් ඉතිරි කරනවා නොඅනුමානය.

"ඒක ඉතින් ඇත්තනේ"

"ඇත්තම්ද දසිත්? ප්‍රොමිස් වෙන්න කවදාවත් ඒක වෙනස් වෙන්නෙ නෑ කියල"

ඈ කීවේ විහිලුවට නොව ඇත්ත්ටට්ම බව පෙනුනි.

"ඔව් ඇත්තම්යි!"

ඇගේ අතින් අල්ලා ගනිමින් මම දිවුරුවෙමි. මට එය වෙනස් කරන්නට කිසිදිනක අවශ්ය නොවේවා!
ඔබත් එසේ පතන්න. මම හැම දිනම එසේ පතමි.

"තුන?"

"තුන - මට කවදාවත් නැති විදියෙ පිස්සු ටෙඩියෙක් හම්බුනා."

ඈ මා දෙසට හැරී කීවාය.

"අන්න ඌ මගෙ පොත් මේසෙ උඩ ඉදන් ඉන්නව. ඌ හන්ද මට කවදාවත් ඔයාව අමතක වෙන එකක් නම් නෑ"

"අක්ක මේ තුනම දන්නවද?"

"ම්ම්ම්ම්ම්ම්ම්ම්"
දගකාර ලෙසට මොහොතක් කල්පනා කල ඈ අන්තිමේ මෙසේ කීවාය,

"නෑ.... අක්ක පලවෙනි එක දන්නව. එච්චරයි"

"හෑ!!!!!!!!!!"

මම සිනාසීමි, ඈ මා සමග සිනහ වූවාය.
ඔව්!
සත්තකින්ම ඈ ආදරයේ දෙවගන වූවාය!


---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට..................

---------------------------------------------------------------------------------

{ 2 comments... read them below or Comment }

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -