Posted by : Tharuka Gunaratne Monday, February 24, 2014



එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද? 
ඇත්තෙන්ම ඔව්! 

මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් නැවතුමේ බලාඅ සිටියාය.

"ලක්ශිකා අක්කේ...."

"ආ නංගි මොකෝ හදිස්සියෙන්ම ආවෙ"

"අපෝ නෑ මම දැනුයි ආවෙ"
ඈ මා දෙස බලා හෙමිහිට කෙදිරුවාය.

"කෝ විශාන් අයිය?"

මම ඇසීමි. 

"එයා ඇති ටවුමේ"

අක්කා පිළිතුරු දුන්නාඅය.

ඔව් ඇත්තෙන්ම විශාන් අයියා අක්කා එනතුරු බලා සිටියේය. තනිවමය. කිසිවකුත් ඔහු සමග නොසිටියේය. භයානකය. ඔහුටත් ඔහුගේ පියාටත් ඇත්තෙන්ම මරණ තර්ජන පවා එල්ලවී තිබූ බව මම දනිමි. හේතුව ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ය. ඔවුහු හැමවිටම මනුස්සකමට උදව් කිරීමම ඔවුන්ට ඇති වූ හතුරන් ප්‍රමාණය වැඩි වීම සදහා හේතු වන්නට ඇත. 

අක්කා බසයෙන් බසිනු දුටු වහාම ඈ අසලට ආ ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ තමන්ගේයැයි අදහස් කරන්නට විය හැක. එසේ කීම ඔහුට ප්‍රශ්න ඇති කරවන සාදකයක් නොවේ. මෙමෙ නගරයේදී ඔවැනි සීන් වලින් ඔහු ස්වායක්තය. 
පුදුමයකට මෙන් මාද බසයෙන් බසිනු දුටු ඔහු වහාම අක්කාගේ අතින් අතහැරි බව මම දුටිමි. කොපමණ කොන්ද පණ ඇත්තකු වුවද කෙල්ලගේ පවුලේ උදවිය ඉදිරියේ දෙකට නැවීම ස්වභාවිකය. එය මම අත්විද ඇත්තෙමි. 

"ආ මල්ලිත් ඇවිත් ඉන්නෙ"

කිවූ ඔහු මගේ පිටට තටු කලේය. 

"ඔයත් ආවෙ ෆිල්ම් එක බලන්න නේද? ඔන්න මම ටිකට් හතරක් කීව වගේම බුක් කලා. ඒත් කෝ අනිත් කෙනා?"

මම වටපිට බැලීමි. 
කෝ උත්පලා?

"මල්ලි කෝ මේ කෙල්ල?"
අක්කා බිය වී මෙන් මගෙන් ඇසුවාය.

"ඒක තමා. කෝ මේකි. බස් එකෙන් බැස්සනෙ ම එක්කම"

"කව්ද ලක්ශිකා, මල්ලිගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද?"

මම පහළට ගිලෙනු දැනුනි. අක්කා ඉදිරිපිටම පොළොව පලාගෙන මා ඇතලට ගියේය.

"නෑ නෑ එයාගෙ යාලුවෙක්"

"බලන්න වටපිට. දැන් දහයමාරටත් ලගයි. ෆිල්ම් එක පටන් ගනීවි"

"අපි යමු"

"එයා නැතිව යන්න බෑ. ඒකිට මොකක් හරි අවුලක් නම් එහෙම?"

මම කීමි. විශාන් අයියාත් අක්කාත් මා දෙස එකවිටම බැලූහ. 

"හැබෑට ඒකත් ඇත්ත තමයි"
විශාන් අයියා කල්පනා කරන ලීලාවෙන් කීවේය.

"ඉන්නකෝ, මම එයාව හොයාගන්න කාව හරි යවන්නම්"

ඔහු ජංගම දුරකතනය ගැනීමට සාක්කුවට අත දැමුවද මම ඔහුව වැලැක්වීමි.

"එපා අයියේ. මම එයාව හොයාගෙන එන්නම්. ඔයාල යන්න හෝල් එක ඇතුලට."

"වෙලා තියේවිද?"
අක්කා ඇසුවාය.

"කමක් නෑ අපිත් එන්නම්"
විශාන් අයියා කීවේය. 

"නෑ නෑ. ඔයාල යන්න මම තනියෙන් යන්නම්. අව්ලක් නෑ"

"එපා එපා...... අහ්! ඔහොම ඉන්න පොඩ්ඩක්"
අසල සිටියකු වෙත ගිය විශාන් අයියා ආපසු පැමිණියේ තවත් පස් හය දෙනෙකු සමගය.

"මෙයාලත් එක්ක යන්න"

මම පුදුම වීමි. 
මොහු සිතා සිටින්නේ මමත් ගෑණියකු බවද?
පරිස්සම් කරන්න ඕන එකෙක් බවද?
උගේ මව්..................

"ඕන නෑ අයියෙ මම බලන්නම්"

"නෑ නෑ යනව මෙයාලත් එක්කම. කොහෙන් හරි එයාව හොයන් එන්න"
මට කිවූ ඔහු. අර කණ්ඩායමේ එකෙක් දෙස බලා,

"මේ මගෙ මල්ලි හොදේ, ගෙනිච්ච වගේම අවුලක් නැතුව ගෙනත් දාන්න ඕන"

"අපෝ හා මල්ලි"
එතැන උන් මහත් "අයියා" කෙනෙක් කීවේය. 

"අනේ මල්ලි පරිස්සමින් හොදේ, ඔය තැන තැන රිංගන්නෙ නැතුව , එයා නැත්නම් ආපහු එන්න, පොලිසියටවත් කියමු"

අක්කා බියෙන් මෙන් තොල් මතුලාය.

විශාන් අයියා ඈ කැටුව පිටත් වූ පසු මම අරුන් පස් හය දෙනා සමග නගර බස් නැවතුමේ තනි වීමි. මහා ගස් කදන් මැද තුත්තිරි ගහක් වැව්ව විට දැනෙන හැගීම මටද දැනුණි.

"මොකෝ මල්ලි සීන් එක?"

එකෙක් මගෙන් ඇසුවේය.

"හෙවිල්ලක් තමා"
මම පැවසීමි.

"කාවද?"

"කෙල්ලෙක්ව"

"ආ? කාවද?"

"මගෙ යාලුවෙක්, ඒකි දැන් අතුරුදන්"

"රයිට් එහෙනම් ඔයාම ඉස්සරවෙමුකො මල්ලි, අපිට කිව්වෙ ඔයාව බලාගන්න මිසක් කෙල්ලෙක් හොයන්න නෙවී. යන දිහාක අඉත් එන්නම්"

"රයිට් ඕන එකක්" මම කීමි.

මම පෙරමුණ ගතිමි. 
පළමුවෙන් මා රිංගුවේ පුස්තකාල පෙදෙසටය, අනතුරුව ****** වීදියටත්, පසුව නගරයේ ඇතුල් පරවලත් මම ඈ සෙව්වෙමි. 
අවසානයේ ඇවිද ඇවිද හෙම්බත් වූ මට උත්පලා හමු වූයේ නගර සභාව අසල පාක් එකේදීය. ඈ තනිවම එහි හිදගෙන ඉදිරියෙන් නිසලව ඇදෙන ගං දිය දෙස බලා හිදී. 
මමද එහි ඇතුල් වීමි. ඒ වන විට වේලාව එකොළහට පමණ වන්නට ඇත. ටිකට් කඩන්නාද පෙනෙන්නට නැත. ටිකට් කුටියේ වූ කවුලුවෙන් අත දැමූ මා සමග පැමිණි එකෙක් ක්ශණිකව අප සියල්ලන්ටම ටිකට් ලබා දුන්නේය. ඔහු දෙස පුදුමයෙන් බැලූ මට ඔහු අසල සවි කර තිබූ පුවරුවක් දැක්වීය.

"ටිකට් නැතිව ඇතුල් විම තහනම්"

"ටිකට් විතරයිනෙ ඕන, සල්ලි දීල ගන්න කියල ගහල නෑ නෙ"
ඔහු නැවත ටිකට් පොත ඇතුලට විසි කලේය.

"අපි මෙහෙන් ඉන්නම්,, මල්ලි ගිහින් එක්කන් එන්න ඒ ළමයව"
තවකෙක් මට පැවසුවේය.

මම ඈ දෙසට ළං වීමි.
තවත්............
තවත්......................
තව තවත්..........................................

ඈ එකවරම මා දෙස හැරී බැලුවාය. 
දෙවියනි.........................
ඈ සිටියේ හඩමිනි.
දෙනෙතින් ගැලූ කදුලු වලින් ඇගේ කම්මුල් තෙත් වී තිබුනු බව මට පැහැදිලි විය.
එහෙත් මා දුටු විගස, මා නිරන්තරයෙන් දකින්නට බොහෝ ආශා කල සිනහවක් ඈ වෙතින් නැගුණි.

"ද......දසිත්"

මම වචනයකුදු නොකියා ඈ අසලින් වාඩි ගතිමි. ඈ අසලින්ම වාඩි වුවත් මා අසලට තවත් ළන් වූ ඈ මගේ අතින් අල්ලාගෙන ඉකිබිදින්නට වූවාය. 

"උත්පලා...."

මම කිව්වෙමි. පව්!

ඈ තවත් මට ලං වූවාය, අනතුරුව අසරන ලීලාවෙන් මා දෙස බැලුවාය.

"මොකෝ උනේ?"
මම නැවතත් ඇසුවෙමි.

ඈ ඉකිබිදියි.

"කියන්න ළමයෝ මොකෝ උනේ එකපාරම?"

"අනේ මට සමාවෙන්න දසිත්"

"ඒකෙන් කමක් නෑ, කියන්න ඇයි එකපාරටම අපිව දාල යන්න ගියේ?"

"ඕනකම තිබුනත් හිතේ සතුටින් ඔයත් එක්ක ඉන්න බෑ එතන. ඒකයි මම නොකියම ආවෙ"

ඈ මුරණ්ඩුය.
ඒ ඇත්තකි. එහෙත් ඔබේ උරහිසට හේත්හ්ටු වී හඩන කෙල්ලකට ඔබ කවදාකවද් බණීවිද?

"ඇයි ඒ?"

"දැක්කද බස් එකේ ඉදියෙ කව්ද කියල"

"කව්ද?"

"රුචිනි"

"අර විශාන් අයියට ලයින් කරපු සක්කරවට්ටම?"

"ඔව් දසිත්, එයා තමයි"

"ඉතින්"

"ඉස්සෙල්ලම මට මේක කියන්න, රුචිනි ලස්සනයිද? හැමෝටම වඩා?"

ඈ හැමෝටම වඩා යැයි කීවේ මට වඩා යැයි කියන්නට නොහැකි නිස්සය. එය මට හොදින්ම වැටහුණි.

"ඔව්"
මම කීවෙමි. අනතුරුව ඇගේ අතින් අල්ලාගෙන මෙසේ කීවෙමි.

"එයා රූපෙන් නම් ඔයාට වඩා ලස්සනයි තමයි. ඒත් ගතිගුණ වලින් වගේම හිතෙනුත් ඔයා එයාට වඩා පුදුමාකාර විදියට ලස්සනයි. එයාගෙ ලස්සන කොයිතරම් උනත් ඒකෙන් මට වැඩක් නෑ! මගෙ හිතේ ඉදියෙත්, ඉන්නෙත් ඉස්සරහට ඉන්නෙත් කෙල්ලො දෙන්නයි. ඒකෙන් දෙවනිය ඔයා"

ඈ පුදුම වූවාය. එහෙත් ඈ ලද පැසසුම හේතුවෙන් ඇගේ මුහුණේ සතුටක් උදාවිය.

"ආහා! එතකොට මම දෙවනියා"

ඈ තරහින් මෙන් කීවාය.
පිස්සි!

"ඔව්. දෙවනියා තමා"

"කියමුකො බලන්න එහෙනම් පළවෙනියා"
ඈ කදුලු පිරි දෑසින්ම මට එරෙව්වාය.


"දීපිකා පාදුකෝන්"

මම පැවසීමි. ඈ සිනහ වූවාය.

"අනේ මෝඩයා"

"ඉතින්, උනේ මොකක්ද කියල කීවෙ නෑ නෙ?"

මම ඇසුවෙමි.

"බලන්න ඔයා එයාව දැක්කෙ නෑ නෙ, අද ඒකිට ක්ලාස් ද කොහේද, සුරංගනාවියක් වගේ ඇදගෙන මම ආපු සීට් එකට පිටිපසෙ සීට් එක ඉදියෙ,"

මා සිටියේ ඈ අසලය, අක්කා වෙනම තැනක හිදගත්තේ තරක් නිසා නොවේ, ඉඩකඩ මදිවූ නිසාය.

"ඉතින්"

"මටයි ඔයාටයි ඒකි ඒකිත් එක්ක ඉදපු කෙල්ලට කියාපුවා ඔයා අහගෙන් ඉදියනම්"

"ඇයි? මොනාද කීවෙ?"

"ඒ හන්දයි මම ඔයා එක්ක නොයා මෙහෙට ආවෙ, ඔයාත් ලැජ්ජා වෙනවා මාත් එක්ක ගියොත්"

ඇගේ පරාර්තකාමීත්වයත් ආදරයත් මම ඔබට අමුතුවෙන් නොකියමි.
ඒත් එය ඇත්තද?

"මොනාද එයාල කීවෙ?"

රුචිනි, උත්පලා සමග ගැටෙන්නේ විශාන් අයියාටත් අක්කාටත් උදව් කල නිසාය, ඇය ආරක්ශා කරගත් යුතුවේ.

"මෙහෙමයි...................................."

ඈ කතාව ඇරඹුවාය.

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.................................

---------------------------------------------------------------------------------

{ 3 comments... read them below or Comment }

  1. හ්ම්.... හිතුවෙ වත් නැති දෙයක් වෙලා තියෙන්නෙ

    ReplyDelete
  2. ඇය්යො මාර සින් එකක් තමයි වෙලා තියෙන්නෙ

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -