Posted by : Tharuka Gunaratne Monday, March 17, 2014



මම අක්කා කියන්නටත් ප්‍රතම සාලයට ගොස් දොර විවුර්ත කලෙමි. ඔව් ඇත්තෙන්ම ඒ උත්පලා විය, ඈ සමහ මිතුරකුද විය එහෙත් ඒ දෙපයින් නොවේ!
සතර පයිනි.
හෑ!

"දසිත්..............."
ඈ අපමණ ප්‍රීති වූවාය.

"මේ.......... මේ................."

"අහ් අදුන්නල දෙන්නත් බැරි උනානේ, දසිත් අදුරගන්න මෙයාව. මේ ඉන්නෙ බ්ලැකී"
අනතුරුව බිම වාඩිවී හති අරිමින් උන් බව්වා දෙස හැරුණු ඈ පොඩි ලමයකු සේ මෙසේ පැවසුවාය.

"බ්ලැකී දෙන්න මෙයාට අත"

බල්ලා කිසිදු වග විබාගයකින් තොරව සිය වම් අත මා දෙසට දිගු කලේය.

"දසිත්, අතට අත දීල යාලු වෙන්න"

මමද යන්ත්‍රානුසාරයෙන් මෙන් අත දුන්නෙමි.

"ආව් ආව්, මෙයා කාටවත් අත දුන්නෙ නෑ ලගකදි නම්, හැමෝවම හපා කෑවා"

උත්පලා මගේ උරහිසට අත තබමින් පැවසුවාය.

අක්කා ගෙතුල සිට අප සිටි දෙසට පැමිණියාය.
උත්පලා කීවේ ඇත්තකි, බල්ලා දත් විලිස්සා අක්කාට බුරා පැන්නේය. උත්පලා ඌව ගෙල බැදි පටියෙන් අල්වා නොගන්නට ඌ අක්කාගේ ඇගට පනිනු නොඅනුමානය.

"මේ මොකාද මේ?"
අක්කා බිය වූවාය.

"සොරි අක්කෙ, මෙයා ටිකක් නුහුරුයි. දසිත් එක්ක නම් යාලු උනා"

"හැහ්? මේ අපේ මල්ලි එක්ක?"
අක්කා උපහාසාත්මක සිනහවක් නැගුවාය.

"ඌත් එක්ක ඉතින් බල්ලො තමා යාලු වෙන්නේ"

තමාට ඇනුම් පදයක් එල්ල කල විටක මෙන් උත්පලාගේ මුහුණ අදුරු විය.

"ඒක නෙවී, නංගිත් පාස්ලු නේ?"

"ඔව් අක්කෙ ඒ6 යි, ගණන් වලටයි, සයන්ස් වලටයි බී, හෝම් සයන්ස් වලට සී"

"ඒව නම් වැඩක් නෑ නෙ නංගී, ඕන සබ්ජෙක්ට් ටිකට රිසල්ට් තියෙනවනෙ, බයෝ කරන්න ඇති නේද?"

"අපෝ ඇතිලු, අම්මත් කීවේ"

"දසිත්?"

"සයන්ස් වලට බී, කොමර්ස් වලට සී"

"ලේසිම ඒවට අඩු ලකුණු, අනේ කොල්ලො"

උත්පලා මගේ අතට පහරක් දුන්නාය.

"එන්නකො ගෙට"

අක්කා අපව ගෙතුලට කැදවූවාය.

"කමු මොනා හරි"
මම අක්කා දෙස බලමින් පැවසීමි.

"බ්ලැකී, ඉන්නව එලියට වෙලා"
උත්පලා මෙතෙක් වේලා මා වටේ කැරකෙමින් උන් බව්වාට නියම කලාය. 

අප සාලයේ වාඩිගත් පසු අක්කා කුස්සියට ගියේ වතුර එකක් ලිපේ තියන්නට වන්නට ඇත.
මම වාඩි වූ දිගු පුටුවේම අනිත් කෙලවරේ උත්පලා වාඩි වූවාය.
මම ඈ අසලට ගියෙමි.

"දසිත්"

"ඇයි?"

"යනව එහාට"

"ඇයි?"

"අක්ක මාව පන්නාවි ගෙදරිනුත්"
ඈ පැවසුවේ සිනහ වෙමිනි.

"අපෝ නෑ"

"කමක් නෑ ඉන්නව ටිකක් ඈතට වෙලා"

මම කීකරු වීමි. අක්කා දැක්කොත් මටත් ගෙදරින් යන්නට සිදු වේ.

"දැන් කෝමද දැනෙන්නෙ?"

"සතුටුයි, ජීවිතේ මම ලබපු හොදම සතුඅන්ගෙන් එකක්. ඔයාට?"

"නිදහසක්"

"දසිත්, අපේ කට්ටිය ගෙට් ටොගෙතර් එකක් ප්ලෑන් කරනවා, ලබන සතියෙ සදුදට. අපේ ඕ.ලෙවල් ලියපු ක්ලාස් එකේ කට්ටියම ඒවි. ඔයත් එනව නේද?"

"හ්ම්ම් ඔව් ඔව් මටත් කෝල් එකක් දීල එන්නය කීව, මම යනවා"

"අනේ දසිත් තරහ නැතුව මාවත් එක්ක යනවද?"

"ඔයා මෙහෙත් එන්න, දෙන්නම යමු"

"මට එදාට ක්ලාස්නෙ මැට්ටෝ"

"ඉතින් ක්ලාස් ඉවර වෙලා යමු, හවසනෙ තියෙන්නේ"

"මන් එනකම් ඉන්නවද?"

"මම ක්ලාස් එක ගාවට එන්නම්කො"

"හොද ළමයා"
ඈ දිලිසෙන දෑසින් යුතුව මට කීවාය.

ඈට උවමනා වී තිබෙන්නේ කුමක්දැයි මට නොවැටහුනා නොවේ. 
ඈට උවමනා වී ඇත්තේ රුචිනි ට පෙනෙන්නෙට මා සමග යාමටයි.
ඉන් ඒ කෙල්ලට ඇතිවන හැගීම බලන්නට මමද ආශා කලෙමි. කොහොමත් ඈ මගේ සතුරියක් නොවේද?
උත්පලා මෙම පන්තියේම සිටිනා රුචිනි සමග මොනාකාරයේ ගැටළු ඇතිකරගනීදැයි මම නොදනිමි, කුමක් කරගත්තත් මට ඈ අතහැරිය නොහැක. දැන් ඈ මගේය.

"මොකෝ දසිත් කල්පනා කරන්නෙ?"
උත්පලා මම නිහඩවනු දැක ඇසුවාය.

"නෑ නිකම්, රුචිනිත් එනව නේද ඕකට?"

"ඔව්"
ඈ කීවාය, වයිරය වෙනුවට ඇගේ දෑසේ මතු වූයේ දුකයි.

"එයත් එනව තමයි දසිත්, මට බයයි එයා මොකක් හරි දෙයක් කරාවි කියල මට"

"එයා මොනව කරන්නද ලමයෝ ඔයාට?"

"ඒ උනාට, ප්ලීස් එන්න හොදේ"

"එනවාමයි"

අක්කා බන්දේසියක දැමූ කිසිවක් ගෙනාවාය.
උත්පලාට සියල්ල අමතක වනු මට පෙනුණි, ඇගේ දෑසේ වූ දුක්බර පෙනුම මැකී ගියේය.
චොක්ලට් කේක්!

ඔබ මෙවැන්නියක දැක නැතුවා නොඅනුමානය. චොක්ලට් කේක් කන්නට මෙතරම් පෙරේතියක්.

"කන්න"

අක්කා බන්දේසිය මේසය උදින් තබා කීවාය.
ඈ අප ඉදිරියෙන් වාඩි වූයේ මට ඇසක් වසා ඉගි කරමින් කේක් කෑල්ලක් අතට ගනිමිනි.

උත්පලා මහත් ආසාවෙන් කේක් කෑල්ලක් අතට ගත්තාය. 
පුදුමයකට මෙන් ඈ එය මා අතට දී දෙවනුව ඈ සදහා තවත් එකක් ගත්තාය.

"මොකෝ මේ ඔයාල මා දිහා බලන් ඉන්නෙ?"

අක්කාත් මමත් ඈ දෙස බලා උන් බැවින් ඈ විමසුවාය.

"නෑ නිකම්"
අක්කා කීවාය.

"මෙන්න මේකයි මම දසිත්ට කැමති ප්‍රදානම හේතුව, මෙහෙ ආවොත් චොක්ලට් කේක් කන්න පුලුවන් නේ"

උත්පලා කිසිදු වගවිබාගයකින් තොරව කීවාය.
මම සිනහ වීමි.
අක්කා සිනහ නොවුනාය.

"ඇයි වෙන හේහු මොකුත්ම නැද්ද?"
අක්කා බිදකුදු සිනහ නොවී ඇසුවාය. ස්වරයේ වූ වෙනස නිසා මමත් උත්පලාත් ඈ දෙස බැලුවේ එකටමය.

"අක්කේ......................"

මම ඈ සන්සුන් කරන්නට තැත් කලෙමි.

"උඹල දෙන්න දිහා මම ඇහැ ගහගෙන හ්ටියෙ, යාලුකම ඕනවට වැඩියි, හරිද?"

කිවූ අක්කා වහා හිද සිටි තැනින් නැගිට ගෙතුලට ගියේ කෝපයෙනි.

"දසිත්..."

උත්පලාගේ කටහඩ හැඩුම්බරය.

"මමත් යන්නම්"

"ඉන්න තව ටිකක්"

ඈ නැගිට්ටාය, අනතුරුව දොර වෙත ගියාය.

"අක්කට මොනව හරි ඉව වැටිල වගේ, අනේ ද්සිත් පරිස්සමින්, එයා මා එක්ක කොච්චර යාලු උනත් එයා මට පොඩ්ඩක්වත් කැමති නෑ"

"එහෙම නෑ උත්පලා එයාට මොකක් හරි අවුලක් යන්න ඇති, පස්සෙ හරියාවි ඕක"

"නෑ නෑ දසිත් අක්ක මට නෙවෙයි අකමැති, අපි දෙන්නම එකට ඉන්න එකට, මට හිතුන එහෙම"

"නෑ! එයා එහෙම කෙනෙක් නෙවී, මටත් වඩා ඔයා ඒක දන්නවනේ"

"බලමුකෝ දසිත්, මම යනවා එහෙනම්, ලබන සදුදට එන්න ප්ලීස්, මම ඔයාට කෝල් එකක් දෙන්නම්කෝ"

"හ්ම් හ්ම්"

---------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට....................

---------------------------------------------------------------------------------

{ 3 comments... read them below or Comment }

  1. අහ්... යසට හිටපු අක්කට මොකද මේ උනේ???

    ReplyDelete
  2. Uba meka liyanawada? Nethda? kiyapan yako.

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -