Posted by : Tharuka Gunaratne Monday, May 5, 2014


කොල්ලන් කෙල්ලන් එකතු වී කතා බහ කරන තැනකි, වේලාව සවස හතරට පමණ වන්නට ඇත. ක්ලාස් එකේ විවේක කාලය නිසා බොහෝ දෙනා මෙතැනට වී වල්පල් කතා කරමින් සිටියහ.

"ආහ්! අද හවස නේද අපේ ගෙට් ටොගෙද එක?"


"නැතුව බං"


"උඹල එනවද බන්?"


"නැතුව ඉතිං, අපි නො එන ගෙට් ටුගෙදර්"


කොල්ලන් කිහිප දෙනෙක් කතා බහ කරති. ඔව්. ඒ උත්පලා ඉන්නා පන්තියයි. බයෝ වැනි විශයක් කරන ඔවුන් ඉඩ ලද හැම වෙලාවකම විශයට පිටුපස හැරවීම කලයුතු වේ. නැත්නම් ඒකාකාර ජීවිතයේ විදීමක් නොමැත.


"හෙලෝ රුචිනි"


"හායි!"


ලස්සන කටහඩකි, අසන ඕනෑම අයකු හැරී බලනවාට සැක නැත. අපිත් හැරී බලමු.
ඔව් ඒ උත්පලා අකමැතිම කෙල්ලයි,  උත්පලා අකමැති වූවාට කම් නැත බොහෝ දෙනා කැමති වන කෙල්ලකි ඈ, ඕනෑම කෙනෙක් තුන් හතර වතාවක් උවද හැරී බලන තරම් ලස්සනක් ඈ සතු බැවිනි ඒ.


"කොහොමද උයාලට?"


අසමින් ඈ සිය මිතුරියක් සමග කතාකරමින් උන් කොල්ලන් දෙසට හැරුනාය. මොහොතක් කියෙව්වාය.


"මචං රුචී, පොඩ්ඩක් එන්නකො මෙහෙට"


කෙනෙක් ඈ පසෙකට කැදවීය, හොද උස මහත කොල්ලෙකි ඒ. පොහොසත්කමේ ලක්ශන ඔහුගෙන් නිරන්තරයෙන් විද්යාමාන වීම විශේශයක් වීම නිසාම ඕන කොල්ලකු දිහා බලන කෙල්ලන් කිහිප දෙනෙකුම ඔහු දෙස බලා සිටිනු ඇත.


"මොකෝ ශාලිත?"


රුචිනි එසේ අසමින්ම ඔහු ලගට ආවාය. ඔහු සිටියේ ක්ලාස් හෝල් එකේ මිටි බිත්තිය අසලය. උස් ස්තානයක පිහිටි බැවින් බොහෝ දුරක් වටපිටාවෙන් එතැනට දර්ශනය විය. ඒ දෙස මොහොතක් බලා උන් ශාලිත් ඇයට මෙසේ කීවේය.

"මං උඹට කෙලින්ම කියන්නම්, මට කෙල්ලෙක් ගැන අයිඩියා බන්"

"අහා....... දීපන් අපිට කේක්"

"ඒ කෙල්ල කැමති වෙයිද නැද්ද දන්නෙවත් නැතුව මං කෝමද උඹලට කේක් දෙන්නෙ"

"ඒ උනාට ඉතින්, ක්‍රශ් එකක් උනාට මොකෝ, උඹට අකමැති වෙන කෙල්ලො ඉන්නවය?"


"ඒ උනාට උඹට තේරෙන්නෙ නෑ, ඒ උඹල වගේ කෙල්ලෙක් නෙවී. ඒකයි"


"පුහ්"


රුචිනි ගැස්සුවාය.


"ඉතින් කියනවකො මට මොකෝ ඕව කියන්නෙ?"


"මට උඹෙන් හෙල්ප් එකක් ඕන"


"මොකක්ද?"


"මට ඒකිව සෙට් කරල දියන්"


"එතකොට ලක්ශිණී?"


"එයාගෙන් දැන් මට වැඩක් නෑ මචන්, ඒ ගැන මතක් කරන්න එපා."


"හා හා ඉතින්, කව්ද ඔය කෙල්ල කියනවකෝ?"


"උත්පලා"


මෙතෙක් වේලා විහිලුවෙන් මෙන් සිටි රුචිනි තිගැස්සුනාය. ඈ හිස ඔසවා සිය අලංකාර වරලස සෙලවෙන පරිද්දෙන් හිස දෙපසට වැනුවාය.


"ඒකි හරියන්නෙ නෑ බං උඹට. මොකක්ද ඒ? ආ? අතේ පිච්චියක් නැති කෙල්ලක්"


"මට ඒකි ඕන කසාද බදින්න නෙවීනෙ මැට්ටියේ"


ශාලිත සිනහසෙමින් කීවේය. ඔහුගේ දෑස් තුල දැගලූ කරුමක්කාර සිතුවිලි මට මෙතැන ලියා දැක්විය නොහැක.


"ඒත් බන් උත්පලාම මොකෝ? ඒකි වැඩක් නෑ"


ඈ මදකට නැවතුනාය.


"උඹ කිව්වෙ උත්පලා නේද? අහ්! අර දසිත් ලගෙ ගෙවල් පැත්තෙ ඉන්න කෙල්ල?"


"ආන්න හරි. එයා තමා"


ශාලිත සිනහ වීය.


"කොහොමද ඒකි, මරු නෙහ්?"


රුචිනි මොහොතක් කල්පනා කලාය. ඇගේ දෑස් හදිස්සියේම දිලිසෙන්නට පටන් ගත්තේය. මෙය හොද අවස්තාවක් බව ඇයට වැටහෙන්නට ඇතුවා නොඅනුමානය. උත්පලා සහ ඈ අතර ඇති තරග සියල්ලම මෙයින් නිමා වනු ඇත. ඈ මෙතෙක් කල් නිහඩව සිටියේ උත්පලා පසුපසින් හැම විටම උන් දසිත් නිසාවෙනි. දසිත්වත්, උත්පලාවත් වෙන් කරන්නට මෙන්ම දෙදෙනාටම රිදවීමට මෙය හොද අවස්තාවකි. උත්පලා විදවනු ඇත!!!!! ශාලිතට අසුවූ කෙල්ලකගේ මඩ සෝදා දැමීම පහසු නොවේ.

"රයිට්! අපි වැඩේ කරමු"

ඈ ශාලිතගේ උරහිසින් අල්ලා කීවාය.



**************************


දුරකතනය නාද වෙයි!
උත්පලා වන්නට ඇත.


"හෙලෝව්"


"හලෝ දසිත්"


උත්පලාගේ කටහඩ අනෙත් පසින් ඇසුණි.

"ඕ ළමයෝ?"

"කොහෙයි ඉන්නෙ?"

"ගෙදර"

"අපි නම් ක්ලාස් එකේ, ඉන්ටවල්"

"හ්ම්ම් ඉතින් ඉතින්"

"ඔයා එනව නේද?"

"සැරයක් කීවනෙ එනව කියලා"

ඈ සිනහ වූවාය. මට සතුටක් දැනුණි, ඇගේ සිනහව බෝවන සුළුය.

"අපොඉ අන්න සර් එනව, මම තිබ්බ හොදේ"

"මොනවද තිබ්බේ?"

"මැට්ටා"

ඇමතුම විසන්දි විය. මම ජංගමය විසිකර දමා ඇදේ වැතිරුණෙමි. අක්කා කාමරයට ආවාය.

"මල්ලි"

"ඕ අක්කෙ?"

"උත්පලාද කතා කලේ?"

"එයා දැන් ගානට වැඩී"

"ඔය ඉතින්? මොකෝ මේ එකපාරටම උනේ ඔයාට?"

"මල්ලි උඹට දුක් වෙන්න වේවි, එයා ගැන බලාපොරොත්තු තියා ගන්න එපා"

මම බිය වීමි, අක්කා කියන්නේ කුමක්ද?

"ඒ......ඒත්....."

"මට හංගන්න දෙයක් නෑ මල්ලි, මම ඔක්කොම දන්නවනේ. බය වෙන්න එපා වෙන කවුරුත් දැනගන්න එකක් නෑ"

මම අපමණ සැනසීමක් ලැබීමි.

"මල්ලි දන්නවද, උත්පලාගෙ අම්ම හදන්නෙ ඉක්මනම එයාගෙන් අයින් වෙන්න. ඊයෙ අපේ අම්මයි මට මේ කතාව කිව්වෙ"

"මොකක්ද අක්කෙ?"

"ඔයාට කියලත් බෑ, නොකියත් බෑ මල්ලි, කමක් නෑ, ඒත් පොරොන්දු වෙන්න මේක උත්පලට කියන් නෑ කියල"

"නෑ නෑ"

"එයාලගෙ අම්ම එයාට ප්‍රපෝසල් එකක් කතා කරාවි ඒ ලෙවල් ඉවර උන ගමන්ම, එතකොට ඉතින් ඔයා කැමති උනත් නැතත් එයාට ඔයාගෙන් ඈත් වෙන්නම වෙනව"

"කව්ද කතා කරල තියෙන්නෙ?"

මම පරාජිතව ඇසුවෙමි.
ඇත්තය, අම්මා අසතුටු කරන්නට ඈ කැමති නොවේ, අම්මා සහ මම අතර ආලෝක වර්ශ ගණණක පරතරයක් ඇත.

"දැනටත් ජොබක් කරන එකෙක්, නම ගම විස්තර දන්නෙ නෑ, උත්පලාගෙ ගොඩක් දුර නෑයෙක් කියල තමා ආරංචි. ඔන්න ඕක අල්ලල දාපන් බං. මොකෝ උඹ ලව් කලා කියල ඒ කෙල්ල මෙහෙ ගේන්නද ලොකු උනාම?"

"ඒත්............ඒත් අක්කෙ........"

මට වචන පවා පැටලුණි, මේ කුමක් සිද්ද වේගෙන එන්නේද? ඈ මගේ කියන විට කොතරම් සතුටු උනාද, ඒ සතුට වෙන කෙනෙක් කොහොම ඈට දෙන්නද?

"මල්ලි, ඒයි!!!! මොකෝ මේ? උඹ පොඩි කාලෙත් ඔහොම්මමයි, මොකක් හරි ලැබුනෙ නැතුවම අඩනවා"

අක්කා සියතින්ම මගේ දෑස පිසදැමුවාය. මම අඩමින් සිටියේද? නැත සහෝදරවරුණි! මම ඔය එකෙකුටවත් බිය නොවෙමි! මා හඩා නැත! අක්කා බොරු කියා ඇත. ඔව්!

"දැන් මට එයාගෙන් ඈත් වෙන්න බෑ"

"මං හිතුවා ඔහොම කියාවි කියල"

අක්කා කොක්හඩලා සිනහ වූවාය.

"එහෙනම් දැන්ම තියාම පාඩම් කරපන්"

"ඒ මොකෝ?"

"උඹට උත්පලාව උඹේම ක්‍රගන්න ඕන නම්, එහෙම කරගත්තු දවසට ඒකිට තුන් වේලටම චොක්ලට් කේක් කවන්නෙ මගෙ සල්ලි වලින්ද යකෝ?"

මම සිනහ වීමි, අක්කා කියන්නේ ඇත්තය. ඈ විහිලුවට මෙන් කීවාට ඒ තුල මගේ මුලු අනාගතයම රැදී ඇති බව මම හොදින්ම දනිමි.

උත්පලා මගේම කරගන්නට නම්, මේ හැම තරගයක්ම ජය ගත යුතුව ඇත, ඈ වෙනුවෙන්, ඇගේ සතුට වෙනුවෙන් මට කල හැකි ඉහළම කාර්යය නම් මගේ ජීවිතය ඉහළ තලයකට ගෙනයාමයි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට මම දැන් සූදානම් වෙමි.

"මල්ලි?"

"තේරුනාද?"

"ඔව් අක්කෙ! හොදටම."

"හ්ම්ම්"

"මම කොහොම හරි මගෙ ජීවිතේ හදාගන්නව අක්කෙ. ඔයා කියපු වචනයක් නෑර මම හිතේ තියා ගන්නවා"

අක්කා මගේ හිසට අත තැබුවාය. ඇගේ දෑස මා දෙසට යොමුව තිබුණි.

"මල්ලි උඹ එයාට ඒ තරම් ආදරේද?"

මම හිස සැලීමි.

අක්කා මගේ හිස අතගෑවාය.

"උඹේ ඔලුවෙ අද ඉදන් වැඩ කරන්න ඕන ඔන්න ඔය ඉලක්කෙ, දිනපන් මල්ලියේ! දිනපන්! උඹ දින්නට පස්සෙ මගෙම කෙනෙක් හැටියට එයාව බාරගන්න මම අකමැති නෑ"

මම අක්කා දෙස බැලීමි. ඈ හිස සැලුවාය. ඒ ඇගේ පොරොන්දුවයි........

{ 1 comments... read them below or add one }

  1. maru ah,, eth ai mechchara parakku une kathawa danna,

    ReplyDelete

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -