Posted by : Tharuka Gunaratne Monday, May 19, 2014



මා සවස ඈ සිටි පන්ති ගොඩනැගිල්ල ගියේ මගේ මිතුරන් දෙදෙනාද සමගය. ඔවුන් පිටත් කර හැරි මම ටිකක් පරක්කු වී අපේ පුංචි ගෙට් ටුගෙදර් එකට එන බව පැවසීමි. මා කිව් දෙයි යම් රහසක් සැගව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇතුවා නොඅනුමානය. එසේ උවද වැඩි ප්‍රශ්න නොඇසූ ඔවුහු මගේ ඉල්ලීම ඉටු කර පිටත්ව ගියහ.
සවස පහ පමණ වන විට ඈ උන් පන්තිය අවසාන වූ බව මට වැටහුනේ සුපුරුදු මුහුණු කීපයක්ම ගොඩනැගිල්ලෙන් පිටතට පියනැගි නිසාය. තවත් ටිකකින් සෙනග අස්සෙන් පැමිණියේ අන් කිසිවකු නොව රුචිනි සහ ශාලිතය. ඔවුන් දෙදෙනා මා දැක එක්වරම නැවතුනත් සුලු මොහොතකින් මා දෙස බලා සිනහ වූහ.
කිසිත් නොද්ත් මම පිලිතුරු සිනහවක් පෑවෙමි.


********************

"පව් ඕයි දසිත්"

ශාලිත කීවේ රුචිනිට පමණක් ඇසෙන පරිදිය.

"මෑන්ස් මොනව උනත් හොද කොල්ලා, අනික ඉස්කෝලෙ උනත් මිනිහට ගොඩක් උන් ෆිට්. පිළිගැනීමක් තියෙනවා"

රුචිනි ශාලිත දෙස බලා සිනහ වූවාය.

"ඉතින් ඔයා දැන් දසිත් ගැන හිතල උත්පලා නිකම්ම අතාරින්නද ලෑස්තිය?"

"දසිත් ගැන හිතල? ඒ දෙන්න යාලු නෑ නේ?"

"නැත්තෙ මොකෝ? දසිත් ඔය එන්න ඇත්තෙ උත්පලා එක්ක යන්න"

"වට්?"

ශාලිතට උන් හිටි තැන් අමතක වූවාක් මෙන් වූ බව පෙනුණි. ඔහුගේ අතමිට මෙලවිණ.

"ශාලි... කාම් ඩවුන්"

රුචිනි එසේ කීවත් ඔහුට එය නෑසුනි.
කෙලින්ම ඔහු දසිත් ඉදිරියට යන්නට පටන් ගත්තේය.


******************

අවන්කවම මෙන් මා සමග සිනහ වූ ශාලිත මා ඉදිරියට පැමිණෙන්නට පටන් ගෙන තිබූ බව මා දැනගත් විට පරක්කු වැඩිය. මා සිටියේ පිටතට එමින් සිටි උත්පලා දෙස බලාගෙනය. එමනිසා ඇගිල්ලක දැමූ මුදුවක්ද සහිත ශාලිතගේ අතින් මගේ මුහුණ හරහා එල්ල වූ දැඩි පහර වලකාලන්නට මම අසමත් වීමි.
ඔහුට මේ තරම් හයියක් තිබූ බව මම දැනගෙන සිටියත් ඔහුගෙන් ආපදාවක් වේ යැයි මම නොසිතීම වරදකි. පුටුවකුත් පෙරලාගෙන බිම ඇද වැටෙන මොහොතේ මට සිහි වූ එකම කාරණය නම් එයයි.
තනිවම සිය පා පහරවල් කීපයකින්ද මට සංග්‍රහ කල ඔහු නැවතූයේ වහා ඉදිරියට ආ රුචිනි විසිනි.

"මයි ගෝඩ් ශාලිත මොනා ද මේ කරන්නෑ! නවත්තන්න නවත්තන්න!"

රුචිනි ශාලිතගේ අතින් අල්ලා ඇද්දාය. ඒ බියකින් හෝ අනුකම්පාවකින් නොවේ උපහාසයෙනි.
උත්පලා මේ සිදුවීම දකින්නට ඇත්තේ බොහෝ පරක්කු වීය. ඈ මා දෙසට දිව ආ අතර මගේ අතින් අල්ලා මට නැගිට සිටීමට උදව් වූවාය. යකඩ වැනි සපත්තු පහරවල් නිසා මගේ පපුවත්, උදර පෙදෙසත් වේදනා දුන්නත් මම උත්පලාට වාරු වී නැගිට ගත්තෙමි.

"දසිත්.... දසිත්...."
උත්පලා බිය වී ඇත. එය ඇගේ කටහඩේත් ගැබ්ව තිබුණි.

"මෙහෙ බලන්න දසිත්"

මම ඈ දෙස බැලීමි. ඈ හඩයි! හඩමින්මදෝ මා වෙත වාඅත් ඈ ළං වූවාය. මොනවා කරන්නද ඇයට කල හැකි එකම දේ එයයි.
උත්පලා දෙස බලා උන් ශාලිතගේ කෑදර දෙනෙත් මා තුල ජනිත කලේ කෝපයකි. එහෙත් පෙරලා පහර දීමට මා තුල ශක්තියක් නොමැත. ඔහුගේ පහරවල් ඒ තරම් දරුණු විය. මා නැගිට සිටියේද උත්පලා නිසාය. නැතිනම් මා තවමත් බිම වැතිර සිටී.
ඒ වන විටත් බොහෝ දෙනා එතැනට වට වී සිටිය අතර මොහොතකින් එතන පිරිස අඩු විය.

ශාලිත නැවත මා අසලට ආවේ මිට මොලවාගත් දෑත සහිතවය. මම උත්පලා පිටුපසට කර ඈට ළං වීමට නොදුන්නෙමි.

"දසිත්........."

ශාලිත කීවේ ගැඹුරු, ස්තීර හඩකිනි.

"Just keep Yourself away from me, the girl behind you is totally mine... තේරුනානේ! මාව අවුස්සගන්න එපා"

මම කිසිත් නොකීවෙමි. උත්පලා ඉදිරියට ආවාය. මගේ අතින් අල්ලා ගත් ඈ අනෙක් අතින් ශාලිත වෙත කම්මුල් පහරක් එල්ල කලාය.

"මතක තියා ගන්නවා තමුසේ වගේ නරුමයෙක්ගෙ වෙන්නෙ නෑ මම කවදාවත්. තමුසෙට කවදාවත් මාව ලැබෙන් නෑ. මම අයිති මෙයාට"

ඈට පහර දෙන්නට ශාලිත්ගේ අත එසවිණි. එහෙත් ගුරුවරයින් කීප දෙනෙකුම අසල සිටි බැවි නෙවැන්නක් කිරීමට ඔහු මැළි විය. රුචිනි මැද්දට පැන ශාලිත් මෙල්ල කලාය. අනතුරුව ඈ ඔහුව කැදවාගෙන ගියාය.

"මම මේක ලේසියෙන් අරින්නෙ නෑ දසිත්. මතක තියා ගනින් දසිත්. මතක තියා ගනින්. You will suffer more than anyone.
තමුසේ විදවාවි හොදටම, වෙන මොකුත් නිසා නෙවී, මේ කෙල්ල නිසා"

උත්පලා පසුබා ගියාය. ඈ නිසා මට විදවන්නට වේවි යයි ඈ බිය වනු නොඅනුමානය.

රුචිනි ඔහුව කැදවා ගෙන ගියපසු උත්පලා මා දෙස බැලුවාය. ඇගේ මිතුරිය වූ ශලනිද එතැනට ආවාය.

"දසිත්..... මොකෝ දෙයියනේ මේ?"

ශලනි කීවාය.

"අනේ දසිත්........ සමාවෙන්න මට.... මං....."

මම ඇගේ කට වැසුවෙමි.

"වචනයක් වත් කියන්න එපා"

"රිදෙනවද?"

ඈ ඇසුවේ ඉන්පසුවය.
මගේ වේදනාබර මුනුණ දුටු ඈ සැබැවින්ම දුක් වන්නට ඇත.

"පේන්නෙ නැද්ද උත්පලා මෙයා ඉන්න හැටි. තව රිදෙනවද කියලත් අහනවා"

ශලනි කීවාය.

"බලන්න අත නිල් වෙනා. තොල පැලිලා, ලේ එනවා"

උත්පලා අසරණ ලීලාවෙන් ශලනි දෙස බැලුවාය.

"එන්න කැන්ටින් එකට යමු, අයිස් වගේ දේයක් තියන්න වේවි"

මම ඈ දෙස බැලීමි. මගේ දෙතොලට අත තබා බැලූ විටය ඈ කිවූ දෙයෙහි අරුත වැටහුනේ.

*******************

ක්ලාස් එකේ කැන්ටිමය. සවස පහයි තිහ වන්නට ඇත.

"ඇයි දසිත් හැමදේම අපිටම වෙන්නෙ"

"අපිට මොකුත් වෙලා නෑ නෙ"

"ඇයි නැත්තේ"
ඈ කීවාය.
"එකක් ඉවර වෙනකොට එකක්, දැන් ශාලිත"

"ශාලිත මොකද එකපාරම ෆෝම් උනේ??"

මම විමසීමි.
පිළිතුරු දුන්නේ උත්පලා නොව ශලනියි.

"මම දැක්ක අර රුචිනි ඕකත් එක්ක කසු සුසු ගාන්ව. ශුවර් එකට මොනා හරි ගිනිගෙඩියක් පත්තු කරන්න ඇති"

කැන්ටිමේ දොර ඇරුණි. ඇතුලට ආවේ කිහිප දෙනෙකි. මගේ මිතුරන් දෙදෙනා වූ ලකියාත් ප්‍රවීනුත් ඒ අතර වූහ, දෙපස බලා මා සිටි තැන දැකි ඔවුහු එතනට දිව ආහ.


"මොකක්ද යකෝ මේ කරගත්තෙ?"

ලකියා ඇසුවේ කෝපයෙනි.

"උබ අපිට යන්න කියල ඔය කොරගත්තේ"

"උඹලගෙ වැරැද්දක් නෑනෙ ඉතින් කටවහන් හිටපන්. ගුටිකෑවෙ මමනෙ"

"ඒ හින්ද තමා ඉබ්බෝ අපිත් මේ කියන්නෙ"

"අද ඔය ගස් බල්ලව ඉවර කරන්න ඕඅන"
ප්‍රවීන් කීවේය. ශාලිතගේ පුද්ගල්ක හතුරකු බවට ඔහු පත් වූයේ ඔහු පණ මෙන් ඇලුම් කල කෙල්ලටද මොකක්දෝ කුනුහරුපයක් කීමෙන් ඈ අපහසුවට පත් කල නිසාය.
ඔහු එතරම් කේන්ති ගන්නකු නොවූවත් මෙවර නම් ඔහු දැඩි සේ කෝප වී සිටිනු මම දුටුවෙමි. 

"මන් හිතන්නෙ මේක කට්ටියක් ප්ලෑන් කරල කරපු එකක්"
මම කීවෙමි,

"ශාලිත මගෙත් එක්ක අවුලකින් නෙවී හිටියෙ, "

"මම කීවෙ දසිත්, ඔය ඔක්කොම කරන්නෙ රුචිනි"
ශලනි කීවාය.
උත්පලා මේ සෑම දෙයක් දෙසම බලා සිටියාය. 
අනතුරුව හිද උන් තැනින් නැගිට මෙසේ කීවාය.

"කොහොම උනත් එයාට අයිතියක් නෑ දසිත්ට ඒ විදියට ගහන්න. මේ ලමයව බිම පෙරළන් පයින් ගහපු හැටි, මම කවදාවත් දැකල නෑ එහෙම තිරිසනෙක්"

"ඌ තිරිසනෙක් නෙවී, ඊටත් අන්ත ******"
ප්‍රවීන් කීවේය.

"හිටහන්කෝ, ඌ අද තමා දැනගන්නේ මේ මම කව්ද කියල, ආදෙන්කො ඕකා අද ගෙට් ටුගෙදර් එකට."

"මේ ඇත්තටම උගෙ ලොකු ලයින් නම් මටත් අල්ලන් නෑ"

"හරි හරි, ඒවයින් වැඩක් නෑ, දැන් වෙලාව කීයද?"
මම ඇසිමි.

"හයට ලගයි"

"එහෙනම් අපි දැන් යන්න ඕන නේද? හයඉ තිහට අපේ ගෙට් ටුගෙදර් එක පටන් ගන්නවනේ"

"ඔව්මයි"

"යමු යමු අපි එන්නම්"
මම කීවේ උත්පලා දෙස බලාය.

"ආය තනියෙම ඇවිත් ඇනගනින්කෝ කොහේහරි"
ලකියා එසේ කීවත් අපට පසුපසින් එන්නට ඉඩ දී ඔවුහු ඉක්මනින් කැන්ටිමෙන් පිට වී ඇවිද ගියහ.

මම නැවත් ඈසමග තනි වීමි.

"දසිත්"

"හ්ම්ම්ම්"

"ඔයා පව්"

මට සිනහවක් ගියේ නිතැනින්මය. 

"ඒ මොකෝ ඒ?"

"මම ඔයාට දෙන මේ කරදර කොහොමද අප්පා ඉවසන්නේ?"

"ඒක මගෙ වැඩක්නෙ"

"නෑ නෑ"

ඈ කීවේ දුකෙනි.
ගෙට් ටුගෙදර් එක පැවතියේ අප මිතුරකුගේ පියාට අයිති වූ සම්භාශණ ශාලාවකය. එයට යාමට ප්‍රදාන පාර පසුකර මද දුරක් යා යුතුය.
මිතුරන් සැවොම ඒ වනවිටත් ලහි ලහියේ ඇවිද යන්නට ඇත. අප පමනක් ප්‍රමාදය. ඒත් මොකෝ?

සැදෑ කලුවර දැඩිය. අතුරු පාරෙ කිසිවකුත් නැත. වවුලන්ද පියාඹා යන්නට පටන් ගෙන තිබේ. 

"අහ්"

උත්පලා කෑගැසුවාය.

"ඇයි ඇයි මොකෝ?"

මම විගස ඇසීමි.

"වවුලෙක්"

මම සිනහ වීමි.
ඈ මගේ අතෙහි එල්ලුනාය. ශාලිතගේ පහරවල වේදනාව දැනුනත් ඈ නිසා මම ඉවසීමි.
"අහ්"

ඈ නැවත් කෑගැසුවාය. මගේ අතෙහි එල්ලි සිටි බැවින් අතද පසෙකට ඇදුනි. වේදනාව නිසාම මට කෙදිරි ගෑවිණි.

"දසිත්"

"ඕ........."

"ඇයි?"

"ඇත අත මැට්ටියේ"

"අහ්! අනේ සොරි සොරි"

ඈ මගේ අත අතගෑවාය. සමාවන්න අතගෑමකට වඩා එය අතුගෑමකට සමානය.

"ආව් ආව් රිදෙනවා නවත්තන්න ඕක"

"අනේ සමාවෙන්න ද්සිත් මන් හිතල කලේ නෑ"

"මම දන්නවා"

මම කීවෙමි.

උත්සව ශාලාව පෙනෙන මානයේය.
අදුර මකාගෙන විවිද එළි මතු වී පෙනේ.

"දසිත්"

"ම්ම්ම්ම්"

"ශාලිතට මොකෝ කරන්නෙ, එයත් මෙතන ඇති, ආපහු ගහන්න බැරි නෑ ඔයාට"

"ඔව්"

මම කීවෙමි.

"ඉතින්? මොකක්ද ඔයා කරන්නෙ?"

"බලන්නකෝ"

"රන්ඩු කරගන්නෙ එහෙම නෑ ඔන්න"

"පොරොන්දු වෙන්න නම් බෑ!"

"පොරොන්දු වෙන්න ඕන රන්ඩු වෙන්නෙ නෑ කියල නෙවෙයි"

"එහෙනම්?"

"ඔයා පරිස්සම් වෙනව කියල"

මම ඈ දෙස බැලීමි. ඒ දෑස අවංකම සෙනෙහසකින් පිරී ඇත. ඔබ එවැනි දෑසක් දැක ඇතිවාදැයි මම නොදනිමි. එහෙත් මම නම් එසේ දැක්මට වාසනාවන්ත වීමි.

"හ්ම් පොරොන්දු වෙන්නම් මම, මමත් පරිස්සම් වෙන ඔයාවත් පරිස්සම් කරගන්නව කියල"

"මාව ඕන නෑ"

ඈ බිම බලාගෙන කීවාය.

"ඔයා පරිස්සම් උනම ඇති"

මම සිනහ වීමි. මා ගැන මෙසේ කරදර වෙන අයකු පරිස්සම් නොකර කොහොමද?
අසන්නට සිතුනත් මම මොකුත් නොකියාම ඇගේ අතගෙන උත්සව ගොඩනැගිල්ලට ඇතුලු වීමි.


------------------------------------------------------------------------------------------------------------

ඉතිරිය පසුවට.................

------------------------------------------------------------------------------------------------------------

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ගිය මාසේ හොදම හිට් 5

එදා ඉදන් ආපු ගාන

පොස්ට් උස්සලා වැඩ වරද්දගන්න එපා හොදේ.. Powered by Blogger.

E-mail එකට ගෙන්නගන්නවා නම්

Loading...

- Copyright © 2013 එක එක වැඩ The Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -